ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Thursday, January 24, 2013

යාන්තමින් බේරා ගත්...

"ඉක්මනට වරෙන් බන් මන් උඹට දවස් කීයකට උඩදිද මේ ගමන ගැන කීවෙ..බලහන් උඹ දැන් මල පෙරේතයා වගෙ උදේට මූණ හෝදලාත් නැද්ද මන්දා ?"

"හරි හරි උඹ කිව්වා තමා දවස් කීපෙකට උඩදි . ඒත් උඹ තියන පොලු වල හැටියට මේක විශ්වාස කරන්න පුළුවන්ද?"


"හරි හරි බන් දැන් ලෑස්ති වෙලා වරෙන්කෝ..උඹව් සිරාවටම උදේට මූණ හෝදලා නේද ඉන්නෙ?"


"මගෙන් මුකුත් අහා ගන්න එපා..අපි උදෙන්ම නැගිටලා මූණ කට සෝදා ගෙන ඉන්නෙ..බලපන් මූනෙ සිරියාව උඹලගෙ වගේද ?"


"හරි හරි බන් ඔය වැලේ තියෙන්නෙ කමිසයක් දාගෙන නැගපන්කො මේකට"


හුටු හුටු ගාන නයින්ටි බයිසිකලේ ස්ටාට් එකේ තියාගෙනම පාලිතයා කෑ ගහනවා..


"යකෝ මේ රෑට ඇඳන් හිටි සරම පිටින්ම..හිටින් මන් කලිසමක් දමන් එන කම්..."


"බෑ බන් වෙලාව මදි වෙයි එතකොට..උඹ කලිසම් පටලවන් එන කොට අරෙහෙ කෝච්චිය ගිහින් තියෙයි..ඕන් ඔය සර්ට් එක දාගෙන වරෙන් බන්"


"මෙහෙම මේ සරම පිටින්.."


"ඔව් ඔව් උඹ ඉස්ටැයිල් එකට ඉඳලා වැඩක් නෑ එතන මන් නෙ ඉන්ඩ ඕනි..බැබලි බැබලි"


මාත් වැලේ තිබ්බ ශර්ට් එක යන්තම් ඇඟට  දා ගෙන දුවලා ගිහින් බයික් එකේ පිටි පස්සෙ සීට් එකෙන් ඉඳ ගත්තා... අද කාලෙ වගේ නෙවෙයි ඒ කාලෙ බඩු අදින්න තිබ්බ ඔය පිටි පස්සෙ සීට් එකේ ඉඳගෙන යනවා කියන්නෙ මහා අමාරු දෙයක්..



ඒ සීට් එක ගැන අයිඩියා එකක් ගන්න මේ ෆොටෝ එක 



බලන්නකෝ..නැත්නම් පස්සෙන් පහු ප්‍රශ්න දාහක් අහන්න වෙයි..


වෙලාවකට මේ මනුස්සයව මැව්වයි කියන මහ බඹා එක්ක මට එන කේන්තියක් අප්පේ...කියලා වැඩක් නෑ..එහෙම මහ බඹෙක් නැත්නම් ස්වභාව ධර්ම නීතියෙන් පරිනාමය වෙන කොට සමහර අංගෝපාංග හැදිච්ච විදිය ගැන මට නම් මහා අප්‍රසාදයක තමා තියෙන්නෙ..ඒත් මක්කා කොරන්නද ඉතින් ඔය හැදිලා තියෙන විදියටම අපිම එල්ලා ගෙන ඉන්න එපාය..


මන් බයික් එකේ ඉඳ ගන්නවත් එක්කම මට යාන්තමට ඇහුනා..


"යන දීපංකරේක පලයන් මේ හදපු කොළ කැඳ එක බීලා.."


ඒ අම්මගේ කටහඬ..


ඔහොම කිව්වට ආයි කීයට ආවත් ඔය කැඳ වීදුරුව ආයිමත් රත් කර කරලා මගේ අතට ලබෙන එක බුදු සුවර්..අපි මේ උදැනැහැක්කෙම කඩි මුඩියේ දුවන්න දඟලන්නෙ පාලිතයා තාම්ත් හිතෙන් විතරක් පෙම් කරන ගෑණු ළමයා වැඩට යන වෙලාවට බස් හෝල්ට් එකට ගිහින් බැලම දමා ගෙන ඉන්න මිසක්කා ආයි රටට ලෝකෙට වැඩක් කරන්න නම් නෙවෙයි..මුල දවස් වල නම් අපි ඉන්න දිහාවෙ බැලුවෙ නැතත්..දැන් නම් ටිකක් බලලා හිනා වෙන ගතියක් තිබ්බ නිසා..අපේ අප්‍රතිහත උත්සාහයේ ප්‍රථිපල නැහැයි කියන්ඩ බෑ..


මේ ළමයා යන බස් හෝල්ට් එක තිබ්බෙ අපේ ගෙවල් වල ඉඳලා කොහොමත් හැතම්මක් එක හමාරක් නිසාත් මාත් එක්ක කතා කර කර ඉන්ඩ වෙලාව ගිය නිසාත් දැන් මේකා පිඹලා යනවා..පාරවල් කිව්වට ඉතින් ඔය ගම් වල පාරවල් කියන්නෙ වල ගොඩැලි කඳු සියල්ලන්ගෙන්ම සපිරි නිසා මමත් උඩ විසි වෙවී එහෙට මෙහෙට වැනි වැනී යනවා පිටිපස්සෙ..


ටික දුරක් යන කොට පාරෙ තිබ්බ ලොකු වලක වැටිලා මාවත් උඩ ගිහින් ආයි අර සීට් එකට වැටෙන කොට මට කෑ ගැස්සුනා..ඇයි යකෝ අඩියක් දෙකක් උඩ ගිහින් ආයි බිමට වැටෙන කොට රිදෙන රිදිල්ල දන්නෙ ඔව්වයෙ පස්සෙ ගිය කෙනෙක්ම තමා.


ඒ එක්කම මට තේරුනා සිදු නොවිය යුතු යමක් සිද්ධ උනා කියලා.


"නවත්තපන් නවත්තපන් බයික් එක"


"ඇයි යකෝ කෑ ගහන්නෙ තව හැතැම්ම භාගයයිනෙ ඔහොම හිටහන් ඉඳගෙන"


"නෑ යකෝ නවත්තපන් පොඩ්ඩක් මගේ ** හිර උනා මේ මල මගුලේ.."


සුටුශ් ගාලා බයික් එක නවත්තපු පාලිතයා


"හෙමින් බැහැපන් හෙමින්"


මොන බැහිල්ලක්ද..එකක් විතරක් යන්ඩ පුළුවන්  පොඩි හිලකින් එකක් පස්සෙ එකක් දෙකක්ම ගිහින් අනිත් පැත්තට සෙට් උනහම ආයි කවර කතාද ?


"බෑ බන් නැගිටින්න බෑ.."


"මල මගුලයි මොකද්ද කරන්නෙ දැන්?"


"බයික් එක අරන් යන් අර දොල ළඟ තියෙන අකුල අස්සට..මොනවාවත් කරන්න බෑ මේ මිනිස්සු යන මහ පාරෙ"


"නැත්නම් අපි ඔහොමම යන්ද අර ටවුම වින්කලේට"


"පිස්සුද යකෝ තොට එතන ටවුමෙන් භාගයක්ම ඉන්නවා ඔය වින්කලේ අස්සෙ"


පාලිතයාගෙ හිනාවට මට මල..


"හා යමන් යමන්  නැත්නම් අපි බස් හෝල්ට් එකට ගිහින් ආපහු එන ගමන් යන්ද බන්..ඉතින් උඹ ඔහොම්මම ඉඳ ගෙන හිටින්..මන් එනකන්..


"පිස්සු කෙලින්ඩ එපා බන් යමන් අර අරඹට.."


ඔය කියන අරඹට යන්න තිබ්බෙ සියාතු මාමගේ වත්ත මැදින් තිබ්බ අඩි පාරකින්..නැත්නම් ටවුන් එකට ගිහින් හෙන වටයක් එන්න වෙනවා ඔය කෙටි පාර නැත්නම්.. ඒත් තමන්ගෙ වත්ත මැදින් පාරක් යනවට අකමැති සියාතු මාමා වැටක් ගහලා තමන් ප්‍රිය මනාප අයට විතරයි ඔය කෙටි පාර පාවිච්චි කරන්න දුන්නෙ..


"යනවනම් පලයල්ලා හැබැයි බයික් එක තල්ලු කර ගෙන. උඹලා ඔය දඬු මොනර වල අස්ප රේස් ගිහින් මගේ වගාව විනාශ කරනවා නෙවෙයි.."


ඔන්න සියාතු මාමගෙ නීති කොන්දේසි..පලිතයා සියාතු මාමව පැත්තකට අරන් ගිහින් කාරනෙ කිව්වහම තමයි මිනිහගේ හිත පොඩ්ඩක් බුරුල් උනේ..


හිනාව තද කරන් හිටියට සියාතු මාමා මන් දිහා බලපු බැල්මට මට ලැජ්ජා නොහිතුනාමත් නොවෙයි. මොනවා කරන්නද ?


එච්චර මිනිස් වාසයක් නැති අකුලක් අස්සට බයිසිකලේ අරන් ගිය පාලිතයා


"දැන් හෙමින් නැගිටපන්.."


"නැගිටින්න බෑ බන් හිර වෙලා..මේක ගලවලා යයි.."


"එහෙනම් කොහොමද කරන්නෙ?"


"හෙමිහිට එකක් අරන් මේ ගිය හිලෙන් ආපහු තල්ලු කරන්න ඕනි..ඊට පස්සෙ අනික"


"ඉතින් එහෙම කරල නැගිටපන්..තාම බස් එක යන්න වෙලාව තියෙනවා."


"යකෝ මට එච්චර නැමෙන්න බෑ මෙහෙම ඉඳ ගෙන..උඹ හෙමිහිට කරහන්"


"ඊඊයා මට නම් බැ.."


"යකෝ...මන් ආවෙ උඹේ වැඩේට..දැන්...."


කියන කොටම සියාතූ මාමා එනවා මේන් බෝතලෙයක් අරන්..
සියාතු මාමා හෙමිහිට අර බෝතලේ තිබ්බ  පොල්තෙල් ටිකක් ගාලා බොහොම සීරු මාරුවෙන් වැඩේ කලා..


ඊට පස්සෙ මේ න් දෙන්නා එක්කම හිනා කනවා..මන් වේදනාවෙන් බිම ඉඳ ගෙන ඉන්නවා ඊට වඩා වෙච්ච නව නිංගිරාව..මොන ජගතාටවත්  මේ සිද්ධිය අනිත් උන් දැන ගන්න එක නවත්තන්න බැයි කියල මතක් වෙනකොට නම්..මට එන කේන්තියක්..


"මන් එන්නෙ නෑ මීට පස්සෙ ඔය වන්ඩියෙ..උඹ පලයන් මන් පයින්ම එන්නම්"


සියතු මාමා තමන්ගෙ පලේ තිබ්බ කොට්ටයක් දාලා සීට් එකේ අනතුරුදායක කම අඩු කල නිසා මන් පයින් ගෙදර ගියේ නෑ..අන්තිමේ පාලිතයා බැන්ඳෙත් ඒ ළමයවම තමයි..බාල කෙලීගෙ වැඩිවිය පත් වෙච්ච මංගල්ලෙට පහු ගිය දිහක  මන් ගිය ගමන් මේ  කතාව මූ සභාව මැද්දෙම ඇදලා ගත්ත නිසා මගෙත් මතක වැලි තලාවෙන් වැහිලා ගිහින් තිබ්බ සිද්ධිය ආයි මතක් උනා..




ප.ලි.
මේක වෙන කෙනෙකුට උනාය..කියලා මන් ඔළුවෙන් හිටං කිව්වත් වැඩක් නොවන බව දන්න නිසාත්..මගේ වර්ශන් එක මෙහෙම ලිව්වා..මෙහෙම කතාවක් අහලා තියෙන වගක් කාට හරි මතක් වේ නම්..ඔව්..මම මේ කතාව මේ වගේ තව කතාවක කමෙන්ට් එකකට ලිවා මතකයි..

78 comments:

  1. හරි පුදුමජනකයි !!!

    ReplyDelete
    Replies
    1. ඒ වගේම හරිම සෝචනීයයි !

      Delete
    2. වෙච්ච එකාට පුදුම නෑ බන් අර ඇනෝ කියන්නැහෙ ශෝචනීයයි තමයි !

      Delete
  2. හි හි.. අද මට හිතාගත්තෑකි මේකට වැටෙන කමෙන්ට් ටික...

    ReplyDelete
    Replies
    1. ඔව් හිරුවො දවස් කීපෙකින් ඔය වැටිලා තියෙන්නෙ සෑහෙන්ඩ !

      Delete
  3. අඩේ මේක ඇත්තටම වුණාද අයියේ...ඇත්තටම අස්සේ ගියේ මොකක්ද හිතෙන එන වෙන්න අමාරුයිනේ...

    ReplyDelete
    Replies
    1. මේ අද ඊයෙ නෙවෙයි උනේ බන්..පොඩි කාලෙ එව්වත් පොඩී එතකොට !

      Delete
  4. මටත් මතක් වෙනවා මේ වගේම සිප් එකට හිරවුණු කතාවල් නම්..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් අපේ කෙහෙල් කොරොට්ටාගෙ එක නේද සිප් එකට අහු උනේ ?

      Delete
  5. අඩේ පට්ට කතාව.... ඇත්තටම ඔයා තාම ජීවත් වෙනවද?? පාරක බැහැල යන්න පුලුවන උනාද?? අනේ අපොයි... කාටවත් මෙවන් අපලයක් නොවේවා........

    ReplyDelete
    Replies
    1. හිර උනාට වෙන අබාධයක් උනේ නෑ නොවැ..හැබැයි ඉතින් හැමෝම දැන ගත් නිසා පාරෙ බැහැල යන්ඩ නම් බැරි උනා තමයි

      Delete
  6. ආ .....ඕකෙන් උන තැල්ම හින්ද නේද කුට්ටම ඔපරේෂන් කරල අරන් දැම්මෙ. ඕව ඇතෙකුට ගජමුතු වගේ, දල තිබ්බට වැඩක් නෑ ගජමුතු නැතුව.D

    ReplyDelete
    Replies
    1. ඒ අර ඇන්ඩා බොලාලව කඩේ යවලා තියෙන්නෙ..ඔපරේශන් කොරලා අයින් කලේ ඕක නෙවේයි වෙන එකක් !

      Delete
  7. ඔය හඩු සරම ඇඳං ගිහිල්ල අර කෙල්ල බැරිවෙලාවත් ළඟට ආවනං එහෙම ඔක්කොම සෙල්ලං ටික ඉවරයි.

    මේ ළඟදි අර ලියන්න කියල කෙනෙක් බ්ලොග් ලියන එක නවත්තනවයි කියල තිබුණලු නේද? මං හිතන්නෙ මේ ඒ ලියන්න නෙමෙයි වෙන්න ඇති. :D

    ReplyDelete
    Replies
    1. ඌ කියලා තිබ්බෙ ලියන්නෙ ඉඳලා හිටලා තමයි මාර්තු මාසෙ ඉවර වෙනකම් කියලා !

      Delete
    2. නෑ බන් ඒ කාලෙ ඉතින් අතේ දුරින් ඉඳන් නෙ මුලින් මුලින් ...

      Delete
  8. මේ වගේ කතාවක් කලින් අහල තියෙනවා තමයි.සමහර විට වෙනි අයියගේ කථාව දන ජන කථාවක් වෙලා ඇති.

    ReplyDelete
    Replies
    1. වෙන්ඩ ඇති රාමා ..ජන කතාවක් වෙලා !

      Delete
  9. මම දැං බොහෝම සංයමයෙන් තමයි හිනාවෙන්නෙ පවා. මේකට වුනාට කමක් නැද්ද කියලා කියහංකො මට හිනාවෙන්න.

    ReplyDelete
    Replies
    1. හා බන් ඕන් ඔහෙ හිනා වෙයන් !

      Delete
  10. හෆොයි වෙනියෝ තව ඩින්ගෙන් මැරෙනවා බොල හිනා වෙලාම . .

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා ඔව්ව වෙලා මට වග කියන්ඩ වේද මන්දා ? ඊලඟ සැරේ හෙමිහිට හිනා වෙයන් බන් මල්ලියෙ..

      Delete
  11. අනෙ අම්බේ...
    සියාතු මාමා නැත්තං අද වෙනි අයියා ** ලස් නේ?????

    ReplyDelete
    Replies
    1. ඔව් නේන්නම් සියාතු මාමා නොවෙන්න ! නිශාන් මලයා කියන්නැහෙ ඇට්ලස් තමයි...

      Delete
  12. ඔය දෙක තාම කරදරයක් නැතිව තියෙනවද? :D
    වෙනියට වෙන්නෙම ඔය වගේ වැඩ ලොල්

    ReplyDelete
    Replies
    1. අපොයි ඔය තියෙන්නෙ කිසිම කරදරයක් නැතුව...

      Delete
  13. අය්යේ උඹේ පුරුෂ **** මොකක්ද එකට මුකුත් උනේ නෑනෙ..!

    හිනාවෙලා පන ගියාබං..!

    ඇයි යකෝ සරම ටිකක් ගුලිකරල අරන් අස්සෙ ගහගෙන වාඩිවෙන්න එපායැ..
    හික්..මටත් උනා බොලේ වැල් පු‍ටුවක ඔහොම කතන්දරයක්...ඒත් කියතෑකිය විලිසංගයක් ඇතිව.

    ReplyDelete
    Replies
    1. වෙන කාට හරි උනා කියල ලියාපන්කෝ. අපි මේ කමෙන්ටුව දැක්කේ නෑ බං. :)

      Delete
    2. එහෙම තමයි ඉඳ ගත්තෙ වලවල් දෙකක වැටිලා බයික් එක ගොඩ එන කොට ඔය ගුලි වෙලා තිබ්බ සේරම දේවල් ඉවරයි බන්...
      ඇත්තටම උනේ මට නෙවෙයි බන් !

      Delete
  14. අනෙ අම්මෝ...කොහොමද ඉවසගෙන හිටියෙ... :O

    ReplyDelete
    Replies
    1. හිකිස් මොනා කරන්නද ඉතින් යාළුවන්ට උදව් කරන්ඩ ගියහම ඔහොම තමයි

      Delete
  15. අනේ අම්මො...උඹට වෙච්ච නවනිංගිරාව ඉවසතැහැකි කියමු, අර සියාතු මාමා බෝතලේ අරං එනකොට උඹට නිකමට වගේවත් හිතුනේ නැත්ද මූ බෝතලෙන් ****ට ගහයි කියල. එහෙම වුනානම් මොන පොල්තෙල්ද උඹ තප්පරෙන් ඕක ගලවයි.

    ReplyDelete
    Replies
    1. ඕක වෙලාත් දැන් අවුරුදු 30 ක් විතර වෙනවා මගේ ඇඟ හිරිවැටෙන කතා කියලා බය කරන්ඩ එපා බන්..ඒම හිතුන නම් ඒ වෙලාවෙ මන් ඉවරයි !

      Delete
    2. කොටසක් මග ඇරිලා බං අයියේ.........

      ඕක වෙලාත් දැන් අවුරුදු 30 ක් විතර වෙනවා මගේ ඇඟ හිරිවැටෙන කතා කියලා බය කරන්ඩ එපා බන්..ඒම හිතුන නම් ඒ වෙලාවෙ මන් ඉවරයි ! ඇත්තටම උනේ මට නෙවෙයි බන් !

      Delete
  16. මේ සිද්ධිය ඇත්තටම උනාද? :D

    ReplyDelete
  17. ඇයි බන් වෙනී මාමෙ ඒ දවස් වල ජොක්කු හිටියෙ නැතුවාද ?

    ReplyDelete
    Replies
    1. හිටියෙ... ඒත් අරූගෙ හදිස්සියට මාත් ඉතින් ගමේ ගොඩේ ඇවිදින්න මොන ජොක්කුද බන් ඊට වඩා ?

      Delete
  18. උඹලට වින්කලේට යන්න තිබ්බෙ.... ග්‍රීස් ගාලා ගන්න තිබ්බා...

    ReplyDelete
    Replies
    1. ...බෝල මිටියෙන් තට්‍ටුවක් දාලා...රබර් පොංචියෙන් එහෙ මෙහෙ කරලා...

      Delete
    2. ටවුන් එක මැද්දෙ තියෙන වින්කලේ හැම වෙලාවෙම 10ක් 15ක් ටැග් ගැහි ගැහී ඉන්න තැන ?!
      හෙන්‍රියා නම් වැඩේ කරන් තියෙන හැඩයි !

      Delete
  19. හපොයි..සියාතු මාමා ඕක ගම පුරා කියපු නැති එක තමා වැඩේ..

    ReplyDelete
    Replies
    1. සියාතු මාම නම් කට හෙල්ලුවෙ නෑ...වැඩේ පත්තු කලේ පාලිතයා !

      Delete
  20. අඩෝ මෙච්චර නං හිනා වෙන්න බෑ බං. බඩත් රිදෙනව හිනා වෙලා :D

    ReplyDelete
    Replies
    1. බොට හිනා ! මටනෙ උනේ ?

      Delete
  21. ආ වෙනී අයියේ, සිවිල් පිටද බයිසිකලේට නැග්ගේ??

    ReplyDelete
    Replies
    1. කොහේද අරූගෙ මදන කුලප්පුවට ඇඳගන්න දීලා නෑනෙ....නැත්නම් අමුඩෙ වැලේ තිබුණලු....

      Delete
    2. ඔව් බන් ඔය අපේ සුමිත් කීව කාරනෙ තමයි !

      Delete
  22. ඕවා ඔහොම තමයි...වැල මැරෙනකොට අල බහිනවා,ඊට පස්සෙ ඉතින් කරදර ගොඩයි...

    ReplyDelete
    Replies
    1. සුමිතෝ මේක උනේ පොඩි කාලෙ බන් අද ඊයෙ නෙවෙයි..අල කතාව අදට නම් හරි තමයි ඉතින් !

      Delete
  23. කියලා වැඩක් නෑ හොඳ වෙලාවට අර පින්තූරේ පෙන්නලා හිටියෙ

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ බයික් වල ඔහොම තමයි පස්සෙ බඩු තියන් යන්ඩ තිබ්බෙ !

      Delete
  24. Replies
    1. අයියෝ සල්ලි තමයි තව පොඩ්ඩෙන් !

      Delete
  25. සියාතු මාම හින්දා යන්තම් බේරා ගෙන.. :D

    ReplyDelete
  26. පරම්පරා කුට්ටම පරිස්සම් කරගෙන ඕන දෙයක් මලේ ...!

    ReplyDelete
    Replies
    1. 40 පැන්නට පස්සෙ නම් මේක වදයක් මිසක් ආයි අයියෙ ?! ඇයි බන් අවුරුද්දකට සැරයක් වත් ප්‍රොස්ටේට් වලට චෙක් කරව ගන්නත් එපැයි !

      Delete
  27. ඔච්චරටම එල්ලෙනවද?

    ReplyDelete
    Replies
    1. ඕන් ඇහුවා එකක් ඉඳල ඉඳලා !

      Delete
  28. Mada saru bawaya..

    ReplyDelete
  29. හ්හ් හ්හ්හ්හ්.........අයියෝ සංසාරේ.......වෙනී අයියත් එහෙනම් යන්තම් බේරිලා තියෙන්නෙ......

    ReplyDelete
  30. ශින්න බෝල ප්‍රොබ්ලම් අය්යා.....

    අපේ ඔබා මාමා ලියපු කතාව මතක් වුනා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔබා අයියා තමයි මේකෙ ඔරිමජිනල් කතාව ලිව්වෙ !

      Delete
  31. හවහට කාටවත් කියල මසාජ් පාරක් දාගත්තෙ නැද්ද වෙනි අයියේ...

    ReplyDelete
    Replies
    1. මොන මසාජ්ද බන් ? වෙච්ච එකට ලැජ්ජාවෙ හිටියා මිසක් !

      Delete
  32. වෙනි මාමේ තව පොඩ්ඩෙන් හිනාවෙලා වැඩි වෙලා තාත්තාගෙන් ගුටි කන්නත් වෙනෝ :D :D :D

    ReplyDelete
    Replies
    1. ගුටි කෑවට මන් වග කියන්නෙ නැතෝ !

      Delete
  33. තව පොඩ්ඩෙන් ඉවරයි

    ReplyDelete
    Replies
    1. තව නූලෙන් නේන්නම් ඉවර වෙන්නෙ !

      Delete
  34. අනේ අම්මෝ වෙනියෝ... තව පොඩ්ඩෙන් උම්බටත් වෙන්නේ...
    ඔන්න කතාවක් මතක් උනා. හෙටම පොස්ට් කරන්නම්.

    ReplyDelete
  35. අඩේ.... වෙලා තියෙන දෙයක්... ලැජ්ජාවේ බෑ....

    ReplyDelete
  36. ඉස්ම යන්න ආතල්.. හෙහ්.. තව ඩිංගෙක් මිනිහට (වෙනියට) මේ සියළු සකලමනාවම තනි ඇ*න් තමා කොරගන්න වෙන්නේ.. හහ්.. එළකිරි වගේ තිබ්බා.. සුපිරියි

    ReplyDelete
  37. උඹල වගේ එව්වො ඉන්නකල් ඉතින් බ්ලොග් හිස් වෙනව බොරු
    -අන්තිම පේලියෙ උකුස්සා-

    ReplyDelete
  38. යකෝ මේක මට මිස් උනේ කොහොමද ?. බලාන ගියාම එක එකා කියන කතාවල ඇත්තක් නැත්තෙමත් නෑ වගේ..හික් :)

    ReplyDelete