ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Thursday, October 31, 2013

අනේ අනිච්චං...

http://www.dailymail.co.uk/news/article-2343198/Is-mean-higher-plane-Buddhist-monks-caught-film-travelling-private-jet-wearing-stylish-aviator-shades-listening-iPods.html
ගිහි ජීවිතය කියන්නේ දුක්ඛ දෝමනස්සයන් ගොඩක්..
ඔව් අටලෝ දහමටම මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන අපේ බහුතරයකගේ ජීවිත අනියත බව ඉදිරියේ අන්තිම තෙල් බිංදුවෙන් දැවෙන පහන් සිලක් වගේ...


අට ලෝ දහම ඉස්සරහදි කැඩිලා බිඳිලා යන සිත වාරු කර ගන්න ඉස්සර කාලෙ අපි දුවල ගියේ පන්සලට..ගිහින් හමු උනේ පන්සලේ හාමුදුරුවො..හාමුදුරුවොත් අපි එනකම් සැදී පැහැදී හිටියා  අපේ දුක් කම්කටොළු බොහොම සාවධානයෙන් අහලා ඒවට බෞද්ධ දර්ශනයේ තිබ්බ මඟ ඔස්සේ යම් යම් කරුණු වලින් අපිව දැනුම්වත් කරලා වාරු නැතුව එහෙට මෙහෙට වැනෙන හිත ආයි එක තැනකක නොසෙල්වෙන විදියට තනන්න උදව් වෙන්න...ඔහොම විඩින් විඩේ තනපු හිතත් එක්ක අපි ඉස්සරහට යන හැටි දැකලා හාමුදුරුවොත් නොහොම නිරාමිස සතුටක් අත්විඳින්න ඇතියි කියලා හිතෙනවා..


ඉගෙන ගෙන හැඩගැහෙන්න ඉගෙන ගෙන හැඩ ගැහෙන්න..මූලාශ්‍රයක් වෙච්ච පහන් ටැඹක් වගේ අපේ හිත ඇතුලේ පන්සලේ හාමුදුරුවො වැඩ උන්නත් එක්කම අපේ හිතේ ඇඳුනු චිත්ත රූපය හරිම ශාන්ත, නිවුනු, සිත පහන් කරවන රූපයක් හිමිව තිබුනා..
ඒත් අද...


බොහොම සංකීර්ණ සමාජ ගැටුම් රාශියකට මූණ දෙන්න වෙලා වගේම අටලෝ දහම බොහොම ප්‍රචණ්ඩ විදියට අපේ ජීවිත වලට බැට දෙන කොට...කැඩෙන , බිඳෙන හිතේ වාර ගණන සිය දහස් ගුණයකින් වැඩි වෙලා... 


අදටත් අපිට හිත හදා ගන්න යන්න තියෙන්නෙ පන්සලට..පන්සලේ හාමුදුරුවන් ළඟට..


"මෙදා පාර කඨිනෙ අපි ඉස්සෙල්ලා සැරේටත් වඩා හොඳට... (තරමක් පහත් කටහඬින් ) අල්ලපු පංසලේ කරාට වඩා හොඳට කරන්න ඕනි.. මහත්තයා ආපු එක හොඳයි පංසල පැත්තෙ. වැඩ රාශියක් කර ගන්ඩ තියෙනවා"


පොඩි උන්නාන්සෙලා කීප නමක් බණ මඩුවේ එකතු වෙලා මොකද්ද පොතක් බල බලා හිනා වෙනවා..තරමක් වැඩිහිටි නමවල් කීපදෙනා තමන් අතේ තිබ්බ ෆෝන් වලට එබී ගෙන මොනවද ලොකු සාකච්ඡාවක්..


පන්සල පුරාම වල්බිහි වෙලා..කාලෙකින් තණකොලයක් ගලවලා නෑ..
"මහත්තයගේ ගෙදර තණකොළ කපන මැසිමක් තිබ්බා නේද මහත්තයා...එහෙනම් මේ සෙනසුරාදා දිහාවට පන්සල පැත්තෙ එමුකො ඒකත් අරගෙනම පන්සල වල්බිහි වෙලා හොඳටෝම"


මම පන්සල් භූමිය දිහා බලා හිටි හැටි දුටු ලොකු හාමුදුරුවො එහෙම වැදෑරුවා...


"මහත්තයෝ කඨින පිංකම ගිය සැරේ වගේම මේ සැරේත් ෆොටෝ ටික ගහලා දෙන්ඩෝනි"


"මහත්තයා අපි මේ දවස් වල අපි අර සමජ සත්කාර වැඩ කීපයකට අත ගහලා තියෙනවා..මේ පොඩි නම කීර්තිරතන..මේ මහත්තයාට පෙන්නන්න අර අපි කොපියුටරෙන් හදපු බෝඩ් ටික හරිද කියලා බලන්න මහත්තයො..තව අඩුපාඩු තියේ නම් ඔයිට වඩා මිනිස්සුන්ට දැනෙන විදියට හරි ගස්සලා ලියලා දෙන්නකො"


පොඩි නම මා දෙස තරමක නොපහන් හැඟීමකින් බලා, සිටි තැනින් නැඟිට පරිගනක අංශයේ වූ පරිගනකයක් ක්‍රියාත්මක කර එහි වූ ගොනු කීපයක් මා හට දක්වා යුහුසුළුව නැවතත් තම සග සඟුන් හා එක් වීය...ජාතීන් අතර සහජීවනය සමීප කරවන්නට අත්‍යාවශ්‍ය කාලයක, දීපයක එය තවදුරටත් දුරස් කරලන්නට තතනන පරිශ්‍රමයක ව්‍යාකරන සදොස් බව සෑදීමට මට සිදුවූයේ මගේම අවාසනාවකටය..
මා දවමින් තිබූ ප්‍රශ්නය උඩට තව තවත් ප්‍රශ්ණ දහසක් පමණ පුරවා ගෙන මා නැවත නිවෙසට පැමිණියෙමි...


පන්සල යනු තවදුරටත් ගිහියන්ගේ ගිහි ජීවිතයේ ගිණි නිවන අමා පැන් බිඳු ඉසින තැනක නම් නොවේ..මෙය බහුතරයක් පන්සල් වලට ආදේශ කල හැකි හැඟීමකි බව මගේ පුද්ගලික මතයයි.. එය නිවැරදිම නොවන්නටත් පුළුවන..හාමුදුරුවහන්සේ නමක් දුටු මනතින්ම අපගේ සිත් සතන් නිවී යන දසුනක් වූයේ එදවසයි..අද නම් බහුතරයක් ස්වාමින් වහන්සේලා දුටු විට සිතෙන්නේ සිවුරක් දරා සිටින අසහනකාරයෙකු වැනි හැඟීමකි..මුහුණේ තිබූ ශාන්ත සුවදායක පෙනුම  පවතින්නේ හදවත පතුලේ පවතින ගැඹුරු නිවීම් හැඟීම් සමුදාය මතයි..බහුතරයක් වහන්සේලා එම  පෙනුම ගැනීමට කෘතීම ආලේපන කරන බව මා මාධ්‍යයන් තුලින් දැක ඇත්තෙමි...එවන් කෘතීම ශාන්තදායක බවක් හැර අන් යමක් සිතට නොයේ..


අප දෙමව්පියන් අපව බෞද්ධාගමික පරිසරයක් වෙත හුරු කිරීමේ අදහසින් ඕනෑම වෙලාවක අන්සල වෙත යාමට ඉඩ ලබා දුනි..
නමුත් අප දරුවකුට එලෙස වැඩිහිටියකු නොමැතිව පන්සල වෙත යැවීමට ඉමහත් සැකයක් පවතී. මන්ද යත් සමහර විටෙක මාධ්‍යය හරහා අප දකින යම් යම් සිද්ධීන් දුටු විට අප සිතද කලබල වන බැවිනි....
කල හැකි දෙයක් නැත..සිත් ඇද ගන්නා සුළු විචිත්‍ර ධර්ම කතිකයානන් වහන්සේලා තරඟයට මාධ්‍යය හරහා දෙසන බණ වලින් සිත සනහා ගෙන සැනසීමට සිදු වී ඇත.. ඒවාට දරුවන්ද යොමු කර හොඳ නරක තේරුම් ගැනීමට අත්වැලක් සැපයීමට ගිහි අපටම සිදු වී ඇත..


උන් වහන්සේලා දෙසන ආකාරයටම ගිහි අප මේ සියල්ලටම වැරදි කාරයෝය..


සමා වන සේක්වා !

Monday, October 28, 2013

නලාව

http://www.wholesaletip.com/image/43/detachable-3-parts-plastic-horn-43462_1.jpg

"අම්මේ නලාවක්.."

"කෑ නුගහ ඉඳින් තව කොයි තරම් දේවල් තියෙනවද ගන්න උඹට ඔය නලාව ලොකු උනාට"


නලා කාරයා ළඟ ඇති විවිධාකාරයේ නලා ගොඩ දෙසට නෙත යොමා සිටින කුඩා
 පිරිමි ලමයෙකි. අම්මා යැයි සිතිය හැකි කාන්තාව තමා අසල වූ කීර ගොඩ මතට බූලියෙන් වතුර ගෙන ඉසින්නට වූවාය. 

"ආ එන්ඩ එන්ඩ එන්ඩ..ලාබයි ලාබයි හොඳම එකෙන්..ගන්න නෝනා තෝරන්න දෙයක් නෑ සේරම හොඳම ඒවා"


"කොල්ලො අර එහාට පලයන් ඔතන පලා ගන්න එන මිනිස්සුන්ට හරස් කරන්නෙ නැතුව.."
පීප්..පීප්..ප්‍රෝක්.


හඬින් නලා කරුවා තම අතවූ එක එක නලාව මුව මත රඳවා මවන නාද රටා වලට වසඟ වූ කොලු ගැටයා නොදැනුවත්වම තම මහපටැඟිල්ල මුව තුලට රුවා ගෙන උරන්නට වීය. පෙර දින රැයේ තම පියා විසින් ඇඟිල්ලේ තවරන ලද කොහොඹ යුෂ වල නියපොතු තුලට උරා ගත් කොටස කටට දැනුනද කිසිම හැඟීමකින් තොරව නලා ගොඩ දෙස බලා සිටින්නට වීය.

මව අසල එක් රොක් වූ සෙනඟ කන්දරාව කීර ගොඩ එහාට මෙහාට පෙරලමින් කීර මිලදී ගනී. කොතරම් හොඳට බිස්නැස් තිබ්බත් තමන්ට නලාවක් ගැනීම නම් සිහිනයක් බව හොඳින්ම දන්නේ කොලු ගැටයා පෙනහැල්ල පතුලේ සිටම උඩට නැගගත් සුසුමක් හෙළුවේය.


මම ලොකු උනහම නලා වෙළෙන්දෙක් වෙනවා කොහොම හරි..යන දැඩි අදිටනින් යුතුව ඔහු එතනින් මෑත් වන්නට තැත් කලේ පලතුරු කඩ පේළිය දෙසට යන්නටයි..මන්ද බොහෝ සෙනඟ රැඳෙන මේ වෙලාව පලතුරු කඩයේ තේරී බේරී අයින් කරන පලතුරු වලින් හොඳ ඒවා තෝරා ගෙන බඩ කට පුරවා ගැනීමට හොඳම වේලාව මෙය බව ඔහු දන්නා බැවිනි.


අනිත් පසට යන්නට හැරෙනවාත් සමඟම ඔහු තමා පසු පස හුන් කෙනෙකුගේ ඇඟේ හැපෙනවා දැනුනු. වැටෙන්නට ගොස් එයින් ගැලවුනේ ඇඟේ හැපුනු මැදිවියේ හුන් තැනැත්තා ඔහුගේ බාහුවෙන් අල්ලා ගත් බැවිනි. 


"බලා ගෙන යන්න පුතා"


උඩ බැලූ ඔහුට පෙනුනේ දින ගනනාවකින් නොකැපූ රැවුලකින් යුත් මැදිවියේ හුන් තැනත්තා තමන්ගේ බාහුවෙන් තවමත් මෘදුව අල්ලා සිටින බවයි..දෑස් මදක් රත් පැහැගෙන තිබුනේ තම පියා සෑම දිනකම වාගේ බීගෙන එන විට තමා දකින ඔහුගේ දෑස් නිසා මෙම තැනත්තාද අරක්කු බී ඇති බව ඔහුට නිසැක වීය.


ගොරෝසු අතින් තම බාහුව මුදවා ගෙන ඔහු පලතුරු කඩ පේළිය දෙසට යන්නට වීය. පොළේ අවසාන කෙළවරේ වූ පළතුරු කඩ පේළිය ට එහා වූයේ එළවළු පලතුරු ආදිය ගෙනවිත් ගිමන් නිවන ලොරි පේළියයි. මහේශාක්‍ය ලීලාවක් ගෙන තිබූ විවිධාකාරයේ චිත්‍ර හා තමන්ට පාසලේදී උගන්වා තිබුනු සමහරක් හඳුනා ගත හැකි අකුරුවලින් මොන මොනවාදේ ලියා ඇති එම ලොරි ඔහුට ගෙනාවේ ගෞරව සම්ප්‍රයුක්ත හැඟීමකි. සමහර ලොරි වල ඩැයිබර් මාමලා ඉදිරි අසුනේම නිදා සිටි අතර..සමහර ඒවා ඔහේ හිස්ව තිබුනි.. මමත් කවදා හරි ලොරියක් අරගෙන ඒකෙ ඩැයිබර් මාමා කෙනෙක් වෙනවා..


 සිතූ ඔහු වැට අයිනට වී එක පෙළට නවතා තිබූ ලොරි සමූහය නරඹන්නට වූයේ තමා අනාගතයේදී මිලදී ගන්නේ කුමන වර්ගයේ ලොරියක්ද යන්න තීරනය කිරීමේ භාරදූර වගකීම අතදැරූවෙක් මෙනි.
බලමු ගන්න  හොඳම ලොරිය මොකද්ද කියලා සිතමින් ඔහු පලතුරු අයින් කරන කූඩය වෙත ගොස් එහි වූ  මල් කෙසෙල් මල් ඇවරි දෙක තුනක් ගෙන එකක් කිහිල්ලේ රුවා ගනිමින් අනිකෙහි වූ හොඳ කෙසෙල් ගෙඩි එකින් එක කඩා ගෙන ලෙලි ගසා කන්නට වීය..ඔහු වඩාත් කමති පාට වූයේ රතුය. ඒ නිසාම රතු පැහැය වැඩියෙන් තිබූ ලොරි කීපය දෙස බලමින් ඔහු වැට අයින දිගේ එහාටත් මෙහාටත් ගමන් කරන්නට වූයේ ලොරි තුනක් අතරින් කුමන එක තෝරා ගන්නේද යන්න පිළිබඳ අවසාන නිගමනයක එළඹී ගත නොහීය.


තමා අත වූ අවසන් කෙසෙල් ගෙඩිය කම්දෝ නොකම්දෝ සිතමින් ලොරි අතර අතරමංවූ සිතින් යුක්තව ඔහු පියවි ලොවට පිවිසියේ තමන් අසල කවුරුන්දෝ ගැවසෙනවා යන්න හඟිමිනි. පසුපස බැලූ ඔහුට පෙනුනේ නලා වෙළෙන්දා අසලදී තමන් ඇඟේ හැපුනු පුද්ගලයා තමන් දෙස බලා නගන සිනහවයි. බුලත් විට වලින් රත්වු දෙතොල මතින් පිපියේ අමුතුම සිනහවකි. තමන්ගේ පියාගේ තරම් වයස වන්නට ඇතැයි ඔහුට සිතුනේ  ඔහුගේ බොත්තම් නොපියවූ කමිසය තුලින් පෙනුනු පපුවේ මවිල් ගස් භාගෙට භාගයක් සුදු පාට වී තුබූ නිසාවෙනි.පසුම්බියකින් බරවූ කමිස සාක්කුවේ උඩ කොටසින් එළිය ඇදී තිබුනේ නලාවක වන් බටයකි..නලාවක්ම තමයි..ගෙදර ඉන්න පුතාට වෙන්න ඇති..


"පුතාට නලාවක් දෙන්නද ?"


ඔහු කඩිනමින් තමා ළඟට විත් නැවතත් තම බාහුව අල්ලා ගත්තේ අර ගොරෝසු හැඩි දැඩි අතෙනි..


අනිත් අතින් සාක්කුවේ වූ නලව තම අතට ගෙන ඔහු වෙත දික් කලේ සෙනහසකිනි. මුවින් නික්මෙන මත්පැන් ගඳ සහ බුලත් විට සුවඳ අතර කොලු ගැටයා තෝන්තු වී ගියාක් මෙනි. 


ගන්නවද නැද්ද ...ගන්නවද නැද්ද ? ගන්නවද නැද්ද ?...තමන්ගේ හදවත දෙමෝලකින් කොටන වංගෙඩියක් මෙන් ගැහෙන්නට වීය..


"ගන්න පුතා මාමනේ දෙන්නෙ..ආ"


ඔහු නලාව තමන්ගේ අතේ රැඳවීය..සති ගානක් තිස්සේ සිහින මව මවා සිටි නලාවේ මිටේ පහස තම මහපටැඟිල්ල සහ දබර ඇඟිල්ල අතරට දැනෙන විට කිව නොහකි තරමේ හැඟීම් සමුදායකින් ඔහු සිත පිරී ගියේය... ඒ සමඟම තම අතවූ කෙසෙල් ගෙඩිය අතින් මිදුනේ අසල වූ කුණු කානුවට පෙරලී ගියේය..

.
"ආ..කෙසෙල් ගෙඩිය වැටුනා නේද කානුවට? ඉන්න පුතා මම ඔයිට වඩා හොඳ කෙසෙල් ඇවරියක්ම පුතාට දෙන්නම්කො..එන්න යන්"


ඔහු තමන්ගේ බාහුව තරයේම අල්ලා ගෙන නැගී සිටියේය..


"කොහෙටද ?"


"අර ලොරියෙ පිටි පස්සෙ තියෙනවා ඉදිච්ච කෙසෙල් ඇවරි ගොඩාක්"


"අර රතු ලොරියද ?"


"ඔව් ඔව්"


ඒ තමන්ගේ ප්‍රියතම ලොරි තුනෙන් එකකි..
බාහුවෙන් අත හැරියද යෑමට කැමැත්තෙන් ඔහු තමන්ගේ නව මිතුරා පසු පස වැටුනි..ලොරියේ පසු පස ලෑල්ල පහතට දමා ඔහුගේ කිහිලි වලට අත දමා ඔසවා නොතැබුවානම් තමන්ට කිසි දිනක මෙම උස තනිවම නැගිය නොහැකි බව ඔහු දනී..


"එන්න පුතේ"


සැබවින්ම ගෝනි ගොඩක් එක තැනක ගොඩ ගසා තිබුනි..අනෙත් පස වූ කෙසෙල් ඇවරියක් ගෙන ඔහු වෙතට දික් කලේය.. එයින් එකක් කඩා ගෙන කන්නට වූ කොලු ගැටයා ලොරිය තුල වූ අනිත් දෑ නරඹන්නට වූයේ..මඳ අඳුරේය..


"එන්න පුතා මෙතනට ඇවිත් ඉඳගෙන කන්න"


ඒ වනවිටත් මාමා ගෝනි ගොඩ මත ඉඳගෙන කෙසෙල් ලෙලි ගසන්නට වීය
කොලු ගැටයාද ඔහු අසලට වූයේ..


"නලාව හොඳද ?"


ඔහු සෙමෙන් කියමින්..කොලු ගැටයාව තමන් දෙසට ඇද ගත්තේය..එක අතක භාගයට කා තිබූ කෙසෙල් ගෙඩියද අතේ මිරිකෙමින් තිබුනේ..ඔහුට මහත් බියක් දැනෙන්නට වීය...


"මම පුතාට තව සෙල්ලම් බඩු අරන් දෙන්නම්"


"කාටවත් කියන්න එපා"


බොහෝ අවස්ථාවලදී තම පියා බීමත්ව පැමින අතොරක් නැතුව තමා සිප ගන්නවාටත් වඩා දැඩිව ඔහු තමන්ව සිප ගන්නේ..මන්දැයි ඔහුට නොතේරේ..තමන්ගේ මුළු ශරීරයම අතගාමින් ඔහු කරන දේ හරියටම තේරුම් ගැනීමට නොහැකිවූවද තමා අසරණ බව ඔහුට දැනුනි..මෙසේ තමා පැමිණීමෙන් කලේ මහත් වැරැද්දක් බව හඟින්නට වූවත්..එයට විරුද්ධ වීමේ පලක් නැති බව ඔහුට තේරුනෙන් ඔහු නිහඬව කිසිම හැඟීමකින් තොරව අඳුරු වූ ලොරියේ වහලයේ වු යකඩ රාමු වල ගැට ගසා ඇති වෛවර්ණ ලණු  කැබලි දෙස බලා සිටියේය.. මෙයට විරුද්ධ වූවොත් තමාට දුන් නලාව ආපසු ගනු ඇතැයි ඔහු බිය වීය...



රත්වූ යවටක් වැනි යමක් තමන්ගේ දෙකකුල් අතරේ චලනය වෙද්දී දහඩිය ගඳ, මත් පැන් බුලත් විට හා සිගරැට් ගඳ එකතු වූ අප්‍රියජනක ගඳකින් තම නහය වසා ගෙන ගියේය..බිම තිබෙන ගෝනි වලට හිර වූ තමන්ගේ කොන්ද රිදුම් දේ..මෙය කොතනින් කෙලවර වේද යන්න නොදැන ඔහු ඔහේ බලා සිටියේය..මොහතකින් නිසොල්මන් වූ මාමා නැගිට පසෙක වැටී තිබූ තම සරම ගෙන ඔහුගේ කලවා හොඳින් පිස දැමූවේය..කොලු ගැටයාට වමනය කිරීමේ තදබල අවශ්‍යතාවයක් තිබුනත්..ඔහු උගුර තද කරගෙන අකම්පිතව සිටියේ ඊළඟට සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳ විමසිල්ලෙනි..


"කාටවත් කියන්ඩෙපා හොඳේ..මම නලාවකුත් අරගෙන දුන්නනෙ"


හිඳ ගෙන සිටින කොලු ගැටයාගේ දෙවුරින් සොලවා ඔහුගේ මූණට එබෙමින් ඔහු කියයි. කොලුවා මාමගේ උක්කුටිය දෙස  බැලූයේ..රත් වූ යවට හුලං ගිය බැලුමක් මෙන් එල්ලෙමින් තිබුනේය..


"දැන් යන්න පුතා..මම ලොරියෙන් බස්සන්නම්"
"ඊළඟ සැරේ පොළටත් එනව නේද පුතා ?"


ලොරියෙන් බිමට බැස්සවීමට පෙර තමන්ගේ මූහුනේ රැවුල් කොට වලින් අනිමින් සිප ගනිමින් ඔහු කොලු ගැටයාගෙන ඇසීය..


"මම බලා ගෙන ඉන්නම් එනකම්"


සිහිනයකින් මෙන් එම ඉසව්වෙන් ඉවත් වූ කොලු ගැටයා සෙමින් තමන් සිටි පියවි සිහිය ලද්දේ...තමන් වෙතින් තවමත් දහඩිය ඔහුගේ දහඩිය මත් සහ බුලත් විට ගඳ වහනය වන බැව් දැනෙන්නට වීය...


ලොකු සුසුමකින් ලය පුරවා ගෙන හිත හිස් කල ඔහු තවමත් තම අත වූ නලාව දෙස බැලුවේය..
අනේ ඒක පුපුරලා..මට තිබ්බේ ලොරියෙදි කලිසම් සාක්කුවෙන් අරගෙන පැත්තකින් තියන්න...


නලාව පිපුරූ තැන ඇඟිලි දෙකින් තද කරගෙන ඔහු එය මුව තුල රඳවා පුරවා ගත් සුලන් පොද වේගයෙන්
 පිට කලේය..

පෲඌඌඌප් හ්...


හඬක් එයින් ඔහුගේ සවන් මත වැටුනි...


පී...පී...


ප්‍රෝක්..


යන සුපුරුදු නලා හඬ මැද්දේ මෙයත් නලා හඬක් යන්න ඔහුට වැටහුනේ..තම දෙතොල් මත සිනා මලක් පිපුනේය..
ඔහු නැවත වරක් හැරී රතු පාට ලොරිය දෙස බැලුවේය...

-----------------------------------------------------------------------------------------
නිමි කියා අවසන් කල නොහැකි තවත් එක කතාවක් බව පමණක් පැවසීමට මට අවසර දෙන්න...



Friday, October 25, 2013

මායි ගෑණියි

එහෙන් මෙහෙන් ඇහැ ගැටුනු පොඩි පොඩි කතන්දර ටිකක මගේම සංස්කරණයක්... ඒ නිසා මේ කතා කොහේ හරි දැකලා තියෙනවා වගේ හිතුනොත්..ඔබ හරි !


------------------------------------------------------------------------------------------

මම බඳින්න ඔන්න මෙන්න කාලෙ වගේ මගේ වෙන්ඩ බිරිය හා ඇගේ යෙහෙළියක් අතරේ වෙච්ච කතා බහක් මගේ සවනට වැටුනේ මෙහෙමයි
මගේ වෙන්ඩ බිරිඳගේ හඬ..


"දන්නවද සුනිලා ලියන්නා හැමතැනම කිය කියා ඇවිදිනවලු එයා බඳින්න යන්නේ ලෝකෙන්ම ලස්සන කෙල්ලයි කියලා "


"නෑහ්...අනේ කෙල්ලෙ අපරාදෙ ඔයා අවුරුදු කීයක් ඔය මනූස්සයව ආශ්‍රය කලාද ? කොහොමටත් වටින්නෙ නෑ  ඔයාට බූට් එක තියන්න නේද ?"


ඒ ඇගේ මිතුරියගේ දුක්බර කටහඬයි...


--------------------------------------------------------------------------------------------------------

එවකට ලෝක ප්‍රසිද්ධව සිටි චිත්‍ර ශිල්පියකු ලවා මගේ බිරිඳගේ රුවක් ඇඳ ගැනීම ඇගේ නොවක් සිහිනයක් වූයෙන් එක් උපන්දිනයක් දා මා ඇයට තිලිණ කලේ එම චිත්‍ර ශිල්පියාවයි..මේ ඔහු හා ඇගේ රුව ඇඳ ගැනීමට පෙර වූ කතා බහෙන් කොටසකි

"මාව අඳින්න ලස්සන දියමන්ති මාලයක්, රත්තරන් වළලු ජෝඩු කීපයක් එක්ක රොලෙක්ස් ඔරලෝසුවක් ඇඬ පැළඳගෙව්න ඉන්න විදියට"


"ඉතින් නෝනට දියමන්ති මාල , රත්තරන් වළලු හරි රොලෙක්ස් ඔරලෝසුවක් හරි නෑනේ"


"නෑ තමයි ඒත් මම හදිසියෙන්වත් මලොත් ලියන්නා සුවර් එකටම තව ගෑණියෙක් ගේනවා..මට ඕනි ඒ ගෑනි ඔය දේවල් හොයලා මේ ගේ දෙක කරලා ලියන්නාව කන්ඩ හදන හැටි බලන්න"

---------------------------------------------------------------------------------------------------------------

මේ මගේ පෙර පෙම්වතියගෙන් ලද ලිපියකි..

මා සදාදරණීය ලියන්නා වෙත සෙනෙහසින් ලියමි...


මා ඔබ හැර දමා සුනිල් සමඟ සම්බන්ධයක් පැවැත්වූවත් ඔබ සිහිවී එදින පටන්  මා හට සැනසිලිදායක නින්දක් ලැබුනේම නෑ..


ඔබ සියල්ල අමතක කර දමා මා හට සමාව දෙනු ඇතැයි සිතන්නේ මා හද ඔබ පිළිබඳව නැගෙන විරහා වේදනා ගිණිජලාවෙන් මා නිරන්තරයෙන්ම පිළිස්සෙන බැවිනි.

මා මෝඩයෙක් වූවත් ඔබගේ තැන ගැනීමට මෙදියත සමත් කිසිවෙකුත් නැත.


මා ඔබේ සදාදරණීය 


කුසුමා


ප.ලි. ඔයාට මහජන සම්පතේ පළමුවෙනි තෑග්ග ඇදිච්ච එකට මට හරි සතුටුයි. මගේ උණුසුම් සුබ පැතුම් !


-----------------------------------------------------------------------------------------------------------------
මා සාලයේ සිටින විට මාගේ බිරිඳට මගේ නැන්දම්මා විසින් දෙන අවවාදයක් මා වවන ගැටුනි...

"දුවේ පිරිමි වැඩිය විශ්වාස කරන්ඩෙපා..හැම මිනිහම එකයි. මම දූගේ තාත්තා ගැන දන්නවනෙ.පොඩ්ඩ ඇත්නම් වෙන ගෑණු පස්සෙ දුවයි"


"අනේ අම්මෙ මම ලියන්නව කොහොමද පරිස්සම් කරගන්නෙ එහෙනම්"


" වියදම් කරහන් උඹම ලියන්නාට වෙන ගෑණුන්ට වියදම් කරන්න සල්ලි නැති වෙන තරමට. එතකොට ඉවරයි"

------------------------------------------------------------------------------------------------------

මගේ බිරිඳ සහ ඈගේ යෙහෙලියක් සතුටු සාමිචියේ යෙදී සිටින්නීය..

"බලන්ඩ අනේ අද වෙච්ච දේ "


"මොකද්ද?"


"මම ටවුන් එකට යන වෙලාවෙ එකපාරටම කටහඬක් ඇහුනා ඔතනින් අඩියක් හොලවන්න එපා කියලා..මම ගල් ගැහිලා බලන් හිටියා"


"ඉතින් ඉතින් ?"


"අර වැඩ කර කර හිටිය බිල්ඩින් එකේ තිබ්බ ලොකු ගලක් මගේ ඉස්සරහටම වැටුනා"


"නෑ"


"ඔව් අනේ..ඊට ටික වෙලාවකට පස්සෙ මම පාර පනින්න හදන කොටම ඒ හඬ ආයිමත් ආවා..මම නැවතිච්ච ඇසිල්ලේම මම ඉස්සරහින් ලොකු ට්‍රක් එකක් බ්‍රේක් නැතුව ගිහින් ඉස්සරහ තිබ්බ කනුවෙ හැපුනා"


"උඹ නූලෙන්නෙ බේරිලා තියෙන්නෙ"


"ඔව්"


"කවුද අර වෝනින් එක දුන්නෙ එතකොට?"


"මම හයියෙන් ඇහුවා කවුද ඔය කියලා එතකොට කියපි..මම ඔයාගේ ආරක්ෂක දේවතාවා කියලා"


අනේ හරි හරි ශෝක්..ඒ දේවතාව තාම ඔයා එක්කද ඉන්නෙ?"


මගේ බිරිඳගේ යෙහෙලිය ඇගේ අත් දෙකම අල්ලා  ගනිමින් උඩ පනී


"නෑ අනේ මගේ කට හින්දා ඒකා යන්ඩ ගියා"


"ඒ මොකෝ?"


"මම ඇහුව"


"මොකද්ද?"


"කොහෙද යකෝ තෝ මගේ වෙඩින් එක දවසේ හිටියෙ කියලා"

----------------------------------------------------------------------------------------------------------

අවසානයේ ගැහැණුන් පිළිබඳ මගේ දාර්ශනික මතය වන්නේ  ගැහැණුන් යනු විවාහයට පෙර මිනිසකු බලාපොරොත්තුවන, විවාහයෙන් පසු ඔහුව සැක කරන , මරණයෙන් පසු ඔහුට ගෞරවාදරය දක්වන අමුතුම සංකීර්ණ සත්වයෙක් බවයි..


මේ මතය දැරීමෙන් ඔබට බිරිඳගෙන් සිදුවන අනතුරු වලට වග නොකොයනු ලැබේ !

Thursday, October 24, 2013

මගේ මල්ලී පිළිබඳ කෙටි රචනාවකි...

මගේ මල්ලියා කුඩා අවදියේ රෝස පාටට හුරුබුහුටියට සිටිය බව මතකය..නමුත් අද වන විට තත්වය නම් තැනින් තැන පල්ලම් ලෙස ඉතුරු වී තිබෙන රෝස පැහැයද අව පැහැ ගත් සුදු පැහයක් මෙන්ම කළු පුල්ලි රාශියකින් ගැවසී ගත් ඔහු එතරම් ආකර්ශනීය බවක් නොපෙන්වයි...කාර්‍යක්ෂමතාවය අතින්ද එන්න එන්නම දුර්වලය..


කුඩා කලදී කිසිම වැඩක් කිරීමට එතරම් උනන්දුවක් නොදැක්වූ ඔහු ඔන්න ඔහේ සිටිනවාට මෙන් වැනි වැනී සිටියා විනා ඉදිරියේදීවත් එතරම් කාර්යශූර අයකු වන කිසිම සළකුනක් නොදැක්වීය.. නමුත් දශකයකට කිට්ටුවන්නට කිට්ටුවන්නට ඔහු අමුතුම ආශ්වාදයකින් වෙලී ගොස් ඔහුගේ දිවියම වෙනත් පැත්තකට ගෙනයාමට තරමේ ප්‍රබල දෙදරීමකට ලක් වීය..


අළුත් අළුත් දෑ නොතනකන ජාතිය ලොව නොනගී යන්න තරයේම හිතට ගත් ඔහු නව නව අත්දැකීම් හමුවේ නැගී සිටියේ ඉන්ද්‍රකීලයක් මෙනි...මෙසේ නැගිටුනු විට ඔහු ආම්බාන් කිරීම හෝ මෙල්ල කිරීම කිසිවකුටත් කිසිවකින්වත් කල නොහැක්කක්ම වීය. එවිට නම් ඔහු කිසිලෙසකින් දුර දිග බලා කටයුතු නොකල කෙනෙක් වීය...


තත්වය දරුණු වන්නට වූයේ තවත් දශකයක් ගෙවී යාමත් සමඟය. එවිට නම් අපගේ වැඩිහිටියන් එකතුවී මල්ලීව පාලනය කිරීමට හැකි කුඩා කුටීරයක් සොයා එය ඔහු සන්තක කලේය.. 


තත්වය යම් කාලසීමාවකට පාලනය විය. ඔහු එම කාලය තුල එම කුටීරය තුලටම වී යම් රාමුවකට කොටුවී සිටි බවක් පෙනී යන්නට වීය..ඒද තවත් දශක දෙක හමාරක පමණ කාලයකට සීමා වීමත් එයින් පසු මල්ලී නැවතත් කුඩා කාලයේ මෙන් පාලනයේ සීමා බිඳ දමමින් වෙනත්, වෙනස්, විවිධ දෑ පසු පස්සේ යන්නට වීය..


"විවා පත් වෙන්න ඔන්න මෙන්න ළමයි ඉන්න මනුස්සෙක් කරන වැඩද මනුස්සයෝ කරන්නෙ ?"


"නාකි විසේ ගෙටත් උඩින් නැගලා තියෙන්නෙ"


"කොහොමද ළමයි පාරෙ බැහැල යන්නෙ ඕවා ආරංචි උනොත්?"


යනාදී වාක්‍යය , වාක්‍යාංශ, ඇනුම් බැනුම් හමුවේ මල්ලීට සිදු වූයේ නැවතත් අර ළමා කාලයේ මෙන් නිහඬ දිවියකට අනුගත වන්නටය.
නමුත් මල්ලිගේ ස්වර්ණමය යුගය වූ දශක තුනක් පමණ කාලයේ කරන කියන ලද දෑ සිහිවී ඒවා යළිත් රඟ දක්වන්නට ගොස් 


"බැරි වැඩ නොකරන් අබරෝ"


යනුවෙන් රොස් පරොස් වදන් අසා විස්සෝප වීම සුලබ කාරණයක් වීය..
ජීවිතය පුරා ජීවිතයක් මෙහෙය වූ මල්ලීට මෙවන් විපතක් වෙනු ඇතැයි කිසිදා නොපැතූවද...


මල්ලිලා සිටින සියල්ලන්ටම මුහුණ පෑමට සිදුවන සර්වකාලීන සර්වතෝභද්‍ර සත්‍යයකට මගේ මල්ලීද මුහුණ දී ඇතැයි සිතා සිත හදා ගැන්ම විනා අඬා දොඩා ලැබෙන සැනසීමක් නොවන බව නම් ඒකාන්තය..

Thursday, October 17, 2013

විසිරුණු කොන්ක්‍රීට් සිහිනය

මෙහි පළමු කොටසට මෙතනින්...


"සර් මට සති දෙකකට නිවාඩුවක් ගන්න ඕනි"

"What ? What are you talking Mr.Liyanna ? සති දෙකක් නිවාඩු අරන් කොහොමද? මේ අවුරුද්ද අන්තිමේ වැඩ වැඩිම කාලෙ..ඕනිම නම් දවස් දෙකක් ගන්නවා"

නැවතත් තම එක අතක වූ ගොනුවත් පරිගණක තිරයත් දෙස නෙත් යොමන්නට විය.

"සර්.."

"WHAT?"

මහා හඬින් ගොනුව මේසයට අත හැර කෝප සහගත දෙනෙතින් මා දෙසට හැරුණේ උපැස් යුවලද ගලවමිනි...

"මේ වැඩ වැඩිම කාලෙ කොහොමද සති දෙකක් නිවාඩු දෙන්නෙ ? ඕනිම නම් දවස් හතරක් ගන්න වීක් එන්ඩ් එක අල්ලලා"

මාගේ සිතටද නොමනාපයක් කාන්දු වන්නට වීය.

"මම මේ අවුරුද්දටම නිවාඩු ගත්තෙ හතරයි. මේ අවුරුද්දෙ දහවෙනි මාසෙ. මට අඩුම තරමේ සතියක්වත් නිවාඩු ඕනි. අපි අනිත් අය වගේ නිවාඩු ගන්නෙ නැති නිසාද සර් ඔහොම කරන්නෙ?"

මේ සරල සත්‍යය හමුවේ ඔහු දුර්මුඛ වීය.

"හා එහෙනම් සතියක් ගන්න. ලැප් ටොප් එක අරගෙන යන්න. ඔන්ලයින් එන බිස්නස් ටික අපි ලියන්නාගේ එකවුන්ට් එකට දාන්නම් එහෙ ඉඳන් ඒ ටික චෙකින්  කරලා ප්‍රොසීඩ් කරන්න"

නොරිස්සුම් සහගතව වූවද එම විකල්පයට එකඟව නිවාඩු ගැනීම හැර වෙනත් අවස්ථාවක් මා හට නොතිබිනි. කොයිතරම් මැරීගෙන කලත් පුද්ගලික සමාගම් වලසේවකයන් පිළිබඳව මානුෂිකව හිතන අවස්ථා අඩුයැයි තර්ක කරන මා යහළුවන්ගේ අදහස කොයිතරම් නිවැරදිද යන්න වැටහෙන්නේ මෙවන් විටෙකදීය.

 පසුගිය වසර දහය තුලම මා උපන් ගම වෙත ගොස් දින කීපයක් මෙසේ නැවතී සිට ඇත්තේ දෙතුන් වතාවක් පමණි. ඒද ඥාතියකුගේ මළ ගෙයක් වැනි කටයුත්තකට පමණි. ගමේ නියම සජීවී අසිරිය විඳ ගැනීමට ඇවිස්සුනු සිතින් මෙලෙස යන්නේ පළමු වෙනි වතාවට වීම විශේෂයකි.
අයියාගේ එළවළු කොටුව..අප පවුලට අයත් කුඹුරු යාය සහ හේන් ගොවිතැන් සාරව කලද දැනට අතහැරී ඇති අක්කර ගනනාවකින් යුක්ත හේන් යාය..මේ සියල්ල මතින් දිවියේ මුල් අවුරුදු 20 ඇදී ගියද කොළඹට වන් ඉතුරු අවුරුදු 20 මතින් සැකසුනු මා දිවියේ අසිරිමත්ම කාලය මුල් කාලයයි...

පසු දින උදෑසනම මහත් උද්දාමයෙන් ගම වෙත පියමැන්නෙමි..කිලෝමීටර් 150කට ආසන්න දුරක් බසයෙන් ගොස් තවත් කිමී 2ක් පමණ පයින් යන කල හමු වන්නේ මාගේ ආදරණීය ගම් පියසයි... කඳු බෑවුම් නගිමින් බසිමින් සෙමින් සෙමින් පිය නඟන කල..මා සිත ඇඳී ගියේ මා කුඩා කල දුටු ගම කොතරම් නම් වෙනස් වී ඇත්ද යන්නයි. එකට යාව යාව ගොඩනැගුනු සුවිසල් නිවෙස්..පිටි කොටන්නාක් මෙන් ඒ නිවෙස් වලින් එකිනෙකා පරයමින් ඇසෙන ශබ්දවාහිනී යන්ත්‍ර වල හඬ..පරයා අතරින් පතර සියොතුන්ගේ විලාපයද මා දෙසවන ගැටෙයි...

තාර දමා සැකසූවද, කඳු පාරක් බැවින් නියමිත් ලෙස නඩත්තු කල හැකි කානු පද්ධතියක් නැති බැවින් වල ගොඩැලි හෑරී ගිය පාර මතින් වේගයෙන් ඇදෙන වාහන පෙලින් නැගෙන දූවිලි වලාවෙන් පීඩා විඳිමින් මා නිවෙස වෙත ඇදුනෙමි.

අක්කා, අයියා සහ පුතන්ඩියා සමඟ ආගිය කතා බස් කරමින් මදක් හිඳි මා..සූදානම් වූයේ වත්ත පහල වූ ළිඳවෙත ගොස් නා කියා ගැනීමටයි.

"ඒ ළිඳට යන්ඩෙපා මල්ලි ඒ හරියෙ ජරා කරනවා අර එහා වත්තෙ සයිමන් මාමලගේ අය"

ඒ අක්කාගේ කටහඬයි..

"ඒ මොකද ඒ ගොල්ලන්ට කක්කුක්සියක් නැද්ද ?"

"අර වත්ත මායිම බෙදා ගන්න නඩුව ඇදි ඇදී යන එකට ඒ ගොල්ලො තරහෙන් ඉන්නෙ..ඒ හරියෙ මොනවාවත් වවන්න වත් බෑ..උන් විනාශ කරනවා..මතකද මම හිටවපු පොල් පැල වලට කළුතෙල් වක්කරලා තිබ්බා"
 ඒ මස්සිනාගේ කටහඬයි.

"අර බාත් රූම් එකෙන් නා ගන්න මල්ලි"

අප කුඩා කාලයේ දුකට සැපට සතුටට එකට හුන් අසල්වැසියන් අද..
මා නාන කාමරය තුලට වැදී නාගෙන වත්ත පහල වූ ළිඳ පිහිටි පෙදෙසට ගියෙමි. තැනින් තැන වල් බිහිවූ සෙයක් ඇති..දියසෙවෙල වලින් ගහන ළිඳ ළිඳක් යැයි සිතීමටවත් නොහැකි තරමට පත්ව ඇත..අසල වූ වල් හබරල ගාල හරහා ළිඳ පිටාර ගලමින් යයි... බොඳවූ සිහිනයක් බඳු වූ..ඒ අතීතය ! පිහියක්ද රැගෙන ඔවුන්ගේ වත්තේ හුන් සයිමන් මාමා දුටු මා ඔහු හා සිනාසුනෙමි..අවතාරයක් දුටු කලෙක මෙන් ඔහු අනිත් පස හැරී නිවෙස බලා වේගයෙන් ගමන් කලෙන් මාද මදක් ඔද්දල් වූ සිතින් නිවෙස වෙත පිය නැගුවෙමි... දහවල භෝජනය ගත් මා..

"මම යනවා අපේ කුඹුරු යාය පැත්තෙ"

"හා...ගියාට වැඩක් නෑ මල්ලි, අවුරුදු ගානකින් ඇරිලා ගිහින් තියෙන්නෙ කුඹුර..අර පහල ලියදි කෑලි දෙක තුනක් සියාතු මාමලා කරනවා එච්චරයි..මහ නියරෙන් යන්ඩෙපා..අර මැද නියරේ තිබ්බ හුඹහේ නයෙක් ඉන්නවලු"

"කුඹුරෙ බහින්ඩෙපා මල්ලි..ගිය සුමානෙ පහල ලියැද්දෙ පතල් වැඩ කරපු සුමනෙගෙ මල්ලි කෙනෙක් මැරුනා මී උණ හැදිලා..අර මගේ බූට්ස් දෙක දා ගෙන යනවකො යනවානම්"

මස්සිනා ඌණපූරනයක් එක් කලේය..

මදක් සිත නොරිස්සුමෙන් වූවද මම කුඹුර වෙත ඇදුනෙමි..කිලෝමීටරයක් එක හමාරක් පසු කලවිට රබර් වතුයායකට මායිම්ව එක යායට ඇති කුඹුරු පෙල දකින විට මා සිත කඩා වැටුනි..පුරන්ව ගොස් ඇති මෙම කුඹුරු යාය වසර 20කට 25කට පෙර කෙතරම් නම් සශ්‍රීකව තිබුනාද යන්න මට මතක අද ඊයේ මෙනි..

කුඹුරු යායේ පහලම කෙළවර වූ ලියැදි කීපයක් නිල්වන් පැහැයෙන් බබලන්නේ සියාතු මාමාගේ පරිශ්‍රමය වන්නට පුළුවන... කුඹුරු යායට වතුර සපයන දොලා පාරට මායිම්ව මහ නියර පිහිටා තිබුනි..නා නා ගස් වලින් වැසී තිබුනු එය පසු කරගෙන කෙසේවත් යා නොහැකිය. එදා කාලයේ නම් අප නිතරම දුව ගියේ මේ මහ නියරෙන් නොවේ.දනක් වතුර පිරී තිබුනු මේ දොල දිගේ දිව යාම තරම් සතුටක් තවත් කොයින්ද ? නයි තුඹස නිසා මම සුපුරුදු ලෙසම දොල දිගේ කුඹුරු යායේ පහල කොටස වෙත යාමට සිතුවෙමි. මහ නියරත් අනිත් පස වූ දොලේ බැම්මේ ඇති කුඩා කුඩා ගස් දෙපසින්ම දොල වෙත නැමී තිබීම නිසා ගමන දුෂ්කර වූවද..ගඳපාන ගස් වලින් අත පය හූරා ගනිමින් මා කෙසේ හෝ අස්වද්දනු ලැබූ ලියැදි වෙත ඇදුනෙමි.

එකට යාව තුබූ ලියැදි කෑලි හතරක් පහක් පමණ අස්වද්දා තිබුනි. කෙටි ගොයම් සහිත වී වැපිරීම පතල් හාරන කුඹුරු වල සාමාන්‍ය කරුණකි. මන්ද සාමාන්‍ය කුඹුරු වලට වඩා ගැඹුරට එරෙන ගතියක් ඇති මෙවන් ලියැදි වල උස් ගොයම් දැමූවිට පීදෙන ගොයම් ගස් ඇද වැටෙන බැවිනි..අප ආර්ථික වශයෙන් බොහොම අගාධයකට ඇද දුන් කාල සීමාවක් වූ සියළුම කුඹුරු විනාශ වූ එක් වසරක මතකය මට මතකය. අප සියල්ලෝම වැස්සට සහ ගං වතුරට හසු වූ වී ගස් වතුර බේරෙන වතුරින් වැසී තිබූ වී එකතු කිරීමට ගත් උත්සාහය...එම උත්සාහයේ නිරර්ථක බවත් සමඟම ඉදිර් කාලයේ විඳි දුෂ්කරතා...සියල්ල මා මනසේ ඇදී මැකී ගියේය.

වී වපිරීම නොව පැල සිටුවීම කර ඇති නිසා ගොයම් පඳුරු වෙන්ව පැහැදිලිව පෙනේ. මෙහි එක වාසියක් වන්නේ ගොයම් ගස් මෙන්ම වූ වල් පඳුරු අතින්ම නෙලා දැමීමට පහසු වීමයි. ලියැදි කීපයකම වල් නෙලා ඇති බවත් ඉතිරිය වල් නෙලීමට ඇත් බවත් පෙනී යයි. ලියැදි කීපය කෙළවරවූ මහ ලියැද්ද අස්වද්දා නොතිබිනි. කලයකට පෙර පතලක් කපා හරි හැටි නොවසා ඇති බවක් පෙනීයන්නේ එම වලෙහි මානෙල් වැවී සරුසාර නිල් මහනෙල් මල් යායක් මගේ ඇස පිනවන නිසාය. සවස් ජාමයේ පන්සල වෙත ගොස් හාමුදුරුවන් හමුවීමේ අභිප්‍රාය වූ නිසා මානෙල් මල් කීපයක් කඩා ගත යුතුයැයි සිතූ මා මහ නියරෙන් කුඩා නියර වෙත පා තැබුවෙමි. එම නියර එතරම් ශක්තිමත් නැත..නියරේ කුඩා කොටසක්ද කැඩී මා පතිත වූයේ ලියැද්දටයි. සිටවා ගොයම් ගස් කීපයක්ද මා අතින් පොඩි වී ඇත. නැවතත් ඒවා සෙමින් සිටුවා මෙවර නියර මතට නොනැඟ ලියැද්ද මැද වතුර හොඳින් බැස යාමට සකසන ලද කුඩා කානුව මතින් පියවර කීපයක් තැබුවා පමණි..

"හා හා පුතේ..ඔය මොකද කරන්නේ ?"

ආපසු නොහැරුනද සියාතු මාමාගේ කටහඬ මට හඳුනා ගත හැක. 
කුඹුරකට ආලය කරන ගැමියකු එම කුඹුරට වෙනත් අයකු නොසැලකිලිමත් ලෙස කරන හානිය ඉදිරියේ කෝපවනාකාරය මට අමුතුවෙන් ඉගැන්විය යුතු දෙයක් නොවේ. සමාව ඉල්ලනාකාරයේ මුහුණක් සමඟ මා සෙමින් පැල නොපෑගෙන සේ ආපසු හැරුනෙමි.

"මාමේ මට මානෙල් මල් කීපයක් කඩා ගන්නයි ඕනි උනේ. නියර දිගේ යන්ඩ ගිහින් ඒකත් පොඩ්ඩක් කැඩුනා. ඒ නිසයි ලියැද්ද මැද්දෙන් යන්ඩ හිතුනෙ..පැල පෑගුනේ නම් නෑ.."

ආ මේ ලියන්නා පුතානෙ. නෑ පුතේ ඔයා නිකම්ම ඔය වතුරට බැහැලා ඉන්න නිසයි මම කෑ ගැහුවෙ. පුතේ ඒ කලෙ වගේ නෙවෙයි දැන් හැමතැනම මී උණ, අපිවත් නිකන් කුඹුරට බහින්නෙ නෑ මේ.."

සියාතු මාමා දෑතින්ම සරම ඔසවා මා වෙත පෑවේය.

දනිස්ස ළඟට වැසෙන සේ ඇඳි බූට්ස් යුවල !

"ඉන්න පුතේ මම මල් ටිකක් කඩලා දෙන්නම් "

මොහොතකින් ඇස සිත නාසය පිනවන නිල් මානෙල් මල් පොකුරක් මා අත..

"පුතාලයේ තාත්තලා හිටි කාලෙ වගේ  යායම අස්වද්දන්න මට නම් හිතේ තියෙනවා ඒත් කොරන්ඩ බෑ අද කාලෙ අත්තමට කවුරුවත් එන්නෙ නෑ..සේරම කර ගන්න වෙලා තියෙන්නෙ කුලියටනෙ. තෙල් බෙහෙත් වලට යන වියදම බලද්දි කඩෙන් කන එක ලාබයි පුතේ.:

සියාතු මාමා විස්සෝපයෙන් පවසයි.

"මම යනවා මාමේ"

මා ඔහුගෙන සමුගෙන තවත් කිලෝමීටරයක් පමන එහා වූ හේන වෙත පිය මැන්නෙමි..

හේනට යාබද වූ ඉඩමේ අයියාගේ නිවෙස පිහිටා ඇත. ලොකු නෑනා මා දුටු විට ඉතා සතුටට පත් වූයේ

"මල්ලි එන බවක් වත් දන්නෙ නෑනෙ. දන්නවා නම් දොදොල් ටිකක් වත් හදලා තියන්න තිබුනා"

ගමේම උත්සව වලට අවශ්‍ය දොදොල් සෑදීම කරන්නේ ඇයයි. ඇය එයට ඉතා දක්ෂ වූවාය. 

"මම ටික දවසක් ඉන්නවා අක්කේ හේම බලන්න ආවා"

"හේනෙ නම් මොනවා බලන්නද මල්ලියෙ..කැලේ විතරයි. අයියටත් කරන්න වෙලාවක් නෑ. සේරම පාලුවෙලා ගිහිල්ලා. අපි ඔය ගෙදරට ඕනි කරන මිරිස් බටු බණ්ඩක්කා ටිකක් වවා ගෙන ඉන්නවා. ඒවටත් දැන් බෙහෙත් ගහන්ඩ වෙලා . මල්ලි ඒ පැත්තෙ ගිහින් එන්න මම තේ ටිකක් වක්කරලා තියන්නම්"

අයියාගේ නිවෙසටම යාබදව වූ අක්කර ගනනාවක ඉඩම අපගේ පැරණි හේන්යායයි. වැට කඩුල්ල අසලම වූ පාත්ති කීපයක පමණක් මිරිස්, වම්බටු, තක්කාලි ගස් කීපයකින් යුත් පාත්ති කීපයක් හැරෙන්නට ඉතුරු යායම ගන කැලෑවකින් වැසී ඇත. නා නා විධ වල් පඳුරු හා වැල් ඈත් මෑත් කරමින් මා යාය මැදට වන්නට තිබූ පැල වෙත සේන්දු වූයෙමි. පාසැල් නිවාඩු කාලයේ උදෑසනින් නිවෙසින් මෙහි පැමිණෙන අප සියල්ලෝම වැඩ කර ආපසු යන්නේ හවසය. අසල වූ වැල් අල යායෙන් හෝ මඤ්ඤොක්කා යායෙන් ගලවා ගත් අල කීපයක් තම්බා පොල් ටිකක් ගා ලුනු ටිකක් ඉස දහවල සරි කර ගන්නා අප විඳි ඒ සතුට ..ගිණි මැලයක් ගසා ඒ යටට දමා පුළුස්සා ගත් බතල කට පිච්චෙමින් කෑ  ආකාරය..වතුර පිපාසය සඳහා පැණි කොමඩු ගෙඩි ගලේ ගසා කමින් ගෙවුනු කාලය මා දෑසට කඳුල උනයි..

වැල් ගාල අතරේ කැලෑවට වැවී තිබූ වට්ටක්කා වැල් වලින් මා හොඳම ගෙඩියක් කඩා ගතිමි. එලෙසම පැණි කොමඩු ගෙඩි කීපයක් හා සීනි කැකිරි ගෙඩි කීපයක්ද රැගෙන මා ආපසු අයියාගේ නිවෙස වෙත පැමිණියෙමි...කැලෑවට වැවී ගියද මේම ප්‍රදේශය ඉතා සරු සාර බව මෙයින්ම කියවෙන්නේ නොවේදැයි මට සිතේ..

"මල්ලි ඕවා යනකොට අරගෙන යන්න"

අක්කා සිනාසෙමින් කීවාය..

"අපි මේ කැලේ සුද්ද කරලා දාලා ආයි වවමු අක්කේ.."

"එහෙනම් මල්ලි ඔය ජොබ් එක දාලා මෙහෙ එන්න"

දෙගිඩියා සිතින් යුතුව මා ඔවුන්ගෙන් සමු ගතිමි..

දවස පුරා ඔද්දල් උනු සිත පෑරෙමින් වේදනා ගෙන දෙයි.. කාලය වෙනස් වෙයි..තාලයද වෙනස් වෙමින් නගන රටා ඉදිරියේ අතීතයේ වූ ශ්‍රී විභූතියක් ඉල්ලා හඬන සිත බොළඳ යැයි සිතුනද..එය මගේ අනන්‍යතාවය නොවේද ?

විවා පත්වී දරු මල්ලන් සමඟ සිටින මාගේ යහළු අසල්වැසියන් හමු වීමට මම එදින රාත්‍රියේ ගියෙමි..

සාලය මැදම මහ හඬ නංවන රූපවාහිනි යන්ත්‍ර වලින් නැගෙන ඝෝෂාව මැද ඔවුන් හා සතුටු සාමීචියේ යෙදීම රූපවාහිනියේ යන වැඩසටහන් වලට ඇදුනු බැඳුනු ඔවුන්ටද මහත් වදයක් බව මම පසක් කලෙමි..

එදින රාත්‍රියේ මා සිහිනයෙන් ඇවිද ගියේ ආදර්ශ ගොවිපල තුලය..ඒ තුල කැඩී බිඳී ගිය අපගේ ගමද මනාව ගොඩනගා තිබුනි..

"මල්ලි දවස් කීපයක් ඉඳලා යනවා නේද කිව්වෙ?"

පසුදා උදෑසනින්ම නැවත කොළඹට යාමට ලෑස්ති වන මා දුටු අක්කා විමසයි..

"ඔව් අක්කෙ ඊ මේල් එකක් එවලා ඔෆිස් එකෙන් හදිසි වැඩ වගයක් හිරවෙලා කියලා. ඒකයි යන්නෙ. පස්සෙ ආපහු දවසක එන්නම්කො"

බසය නැවත අගනගරය දෙසට ඇදෙයි..ගමට පැමිණෙන විට උද්දාමයට පත්ව තිබූ සිත දැන් හැකිලී දුර්මුඛව ඇත..අවට සියල්ල නීරසය..
කාලය මැවූ වෙනසක අරුමය..

නගරය ගමේ සුන්දරත්වය උකහා ගැනීමට උත්සාහ ගනිද්දී...නගරය අළුයම හෙළු කෙල පිඬක් සේ ඉවත් කරන්නට තතනන දෑ වැළඳ ගැනීමට දඟලයි. මෙය කොතැනින් අවසන් වේදැයි මට සිතා ගත නොහැකිය.. ගමක අසිරිය බලන්නට ගමේ සිට නගරය වෙත පිරිස් ඇදී එන විකට ජවනිකාවක් මසිත ඇඳී යයි..

Saturday, October 12, 2013

කොන්ක්‍රීට් සිහිනය

මෙම නිර්මාණය 2012 ජනවාරි මාසයේ මා සයිබර් අවකාශයට මුදා හල එකකි. නැවතත් මෙය මෙසේ ඔබේ දෙනෙත් මානයට ඔබ්බවන්නට මා සිතූයේ මෙහි දිගුවක් නිර්මාණය කිරීමේ දැවෙන අවශ්‍යතාවය නිසාය. දිගුව ආරම්භයේ මුල් කොටසට සම්බන්ධකයක් එක කර මෙය කල හැකි වූවත්, මුල් නිර්මාණයට කරන ලද යම් යම් වෙනස්කම් කීපයක් සහ අවසානයේ පාඨක ප්‍රතිචාරයක් ලබාගැනීමේ අභිමතය නිසා මෙලෙස නැවත ප්‍රචාරය කරන බව කාරුණිකව සලකන්න.

----------------------------------------------------------

ඡායාරූපය ගත්තෙ
http://www.bbc.co.uk/programmes/galleries/p00w47v9


"ලියන්නා එහෙනම් අපේ මුණුබුරායි මිනිබිරීයි දෙන්නවම මේ ආදර්ශ ගොවිපළ බලන්න එක්ක යන්න...ඩ්‍රයිවර් එක්ක විතරක් යැව්වට වැඩක් නෑ..ඔයා ඉතින් ගම් පළාත්වල ඒවා ගැන දන්න නිසා..වැඩිපුර කියලා දෙන්නත් පුළුවන් !"

ගෙදරට - ඒ කියන්නෙ මගේ ඇනෙක්ස් එකට - වෙලා ජොළියෙ ඉන්න හිතන් හිටපු ඉරිදාවක් ඔන්න ඔහොමයි ගෙවෙන්න යන්නෙ.. මගේ ඇනෙක්ස් එකේ අයිතිකාරයාගේ රට ඉන්න පුතාගෙ දුවයි පුතයි එක්ක මට සංචාරයක් සෙට් වුණේ ඔහොමයි. ගෙවල් හිමියකුටත් වඩා ඥාතියකු බඳු ඔහුගේ ඉල්ලීම කෙසේවත් බැහැර කිරීමට නොහැකි නිසා මේ කොන්ක්‍රීට් නගර සීමාවේම අසලක වූ කෘතීමව සකසන ලද ආදර්ශ ගොවිපළ නැරඹීමට සම්පූර්ණ දවසක්ම ගත කිරීමට සිදු විය. ආදර්ශය කෙසේ වෙතත් නියම සජීවී ගොවි ගම්මානයක වසර 20කට නොඅඩු කාලයක් ගත කල මා හට මෙවන් කෘතීමව සකසන ලද ගොවිපළක ඇති අරුමය සිත නැගෙත්ම නිතැතින්ම ඈනුමක් දෙකක් පිට වීම සිදු විය. මෙය එතරම්ම අලස උදාසීන කාර්යයක් විය.

නමුත් කල හැකි දෙයක් නැත. බැඳ ගත් බෙරය ගැසීමටම සිදු වේ. එම ඉරිදා දිනය..උදෑසන ආහාර ගත් සැණින් වාහනයේ රියැදුරු මා සහ දරු දෙදෙනා කැමරා, දහවල් කෑම , වතුර, පලතුරු සහ තවත් කෙටි කෑම බෑගයන් සහිතව ගමන ආරම්භ කළෙමු. මීට පෙර මෙම ආදර්ශ ගොවිපළ පිළිබඳ ලිපි කියවද්දී මා සිත නැගුණු සෝපාහාස සිතුවිල්ල තවම බැහැරව ගොස් නැත. නගරයේ සිටින අය සජීවී ගොවිපළවල් වෙත ගොස් එහි නියම අත්දැකීම් ලබා ගන්නවා විනා මෙවන් කෘතීම පරිසරයන් තුළ කෙසේවත් ප්‍රායෝගිකව ගොවි ජීවිත අත් විඳිය නොහැකිය. මෙය හුදෙක් තවත් එක් මුදල් ගරා ගන්නා ව්‍යාපෘතියක් පමණක් බව මා කිහිප විටෙකම මිතුරන් සම්ඟ තර්ක කළෙමි. ඔවුන් අද මා මෙලෙස මෙම ගොවිපළ වෙත යන බව දන්නේ නම්.. මුවින් පමණක් නොව තවත් ස්ථානයකින් හිනා වෙනු නියතය.දරු දෙදෙනා අතොරක් නොමැතිව නගන ප්‍රශ්න වලට මා සහ රියදුරා පිළිතුරු දී හෙම්බත් වෙද්දී..අප ප්‍රධාන මාර්ගයෙන් හැරුණේ අතුරු මාවතකටය. 

කෙළවරක් නොපෙනෙන තරමේ ඉද්ද ගැසූවක් මෙන් කෙළින් පාරේ දිගටම කොහොඹ ගස් සරුවට දෙපැත්තේම වවා ඇත. 

"අමරේ අයියෙ පොඩ්ඩක් වාහනේ නවත්තන්න"

මාවතේ මැද හරියේදී මාගේ ඉල්ලීමට රියදුරු අවනත විය. වායු සමණ රියේ දොර හැරි සැණින් නාස් පුඩු තුළින් පෙනහලු කරා ගමන් කල හුස්ම පොද මා විස්මයට පත් කරමින් දෙපයේ ඇඟිලි දක්වාත්, දෙ අතේ ඇඟිලි දක්වාත් ගමන් කරනු මා හට හොඳින්ම දැනෙන්නට විය. තවත් හුස්මක් ළය පුරා ගත් මා..හට දැනුණේ..වචනයෙන් කිව නොහැකි තරමේ සැහැල්ලුවකි. ඇඳුම් වලින් ආවරණය නොවූ ශරීරයේ දැවටෙන මුදු, මදක් සිසිල් මදනල..මා අමුතුම ලෝකයකට ගෙන ගියේය..දරුවන් දෙදෙනා සමඟ ඈතට දිවෙන කොහොඹ ගස් සමූහය සහ දෙපසින් ගලා යන සිහින් ඇල දොළ..සමගින් සවන් පිනා යන සිහින් සුළඟේ ශබ්දයට ලතාවකට ගී ගයනා සියොතුන්ගේ ශබ්දය.

"යමු ලියන්නා සර්.. එන්න බේබි... ගොවිපලේ බලන්න ගොඩාක් දේවල් තියෙනවා..ඉක්මනට ගියොත් බලන්න පුළුවන්.. අක්කර විසි ගාණක්ලු "

රියදුරුගේ හඬින් මෙලොවට ආ අප නැවත රියට ගොඩ වූයෙමු. 

"ඒසී ඕෆ් කරන්න අමරෙ අයියා..අපි ග්ලාස් ඇර ගෙන යමු "

කුමක්දෝ දමා යන්නට නොහැකි දුකක සේයාවක් මසිතේ පැලපදියම් වේ. කොහොඹ වැටිය අවසන පාර දෙපැත්තේම සරුවට වැඩුණු සූරියකාන්ත, දහස්පෙති, කූඩලු , හෙන්දිරික්කා , ගැට පිච්ච, ඉද්ද ආදී ගම් වලටම ආවේණික වූ මල් ගොමුව අවසානයේ ගොවි පලේ දොරටුව විය. අවසර පත් ගන්නා ඉසව්වේ පොල් කට්ටක වත් කල කහට සමඟ ලැබුණු කිතුල් හකුරු කෑල්ල...කලකින් ලද අමෘතය මෙන් විය.

අවසර පත් වල තරමක් ඉහළ මිල මා තරමක් මවිතයට සහ සිත තුළ කැකෑරෙන ගිනි පුපුරකට ගිනි ඇවිලෙන්නට විය.මිනිස්සුන්ගේ සල්ලි සූරා කා ලාභ උපයන තවත් එක ව්‍යාපෘතියක් යන්න තහවුරු කිරීමට තවත් සාක්ෂි කුමකටද ? 

මම මුලින්ම සිතූ දෙය නිවැරදි යැයි මොරගාමින් මාගේ සිත යම් නරුම සතුටකින් ඉපිලෙන්නට වූවත්..අප හට ලබා දුන් මාර්ගෝපදේශකයා දුටු සැණින් එය නිවී ගියේය. මහලු වියට ආසන්න සුදු වූ කොණ්ඩය සහ රැවුල සමඟ බුලත් විට කා රත් පැහැ වූ තොල් අතරින් පැන නැගුණු අව්‍යාජ සිනහව අප සැමගේම සිත් ගත් බව නම් නොකිව මනාය. අපේ ගමේ ගොවියකු වූ පියා මෙන්ම ඔහුද බර අඩි තබමින් අපට ඉස්සර වූයේ දරු දෙදෙනා දෙ අතේම එල්ලා ගනිමිනි. 

"හා ළමයි දැන් සේරම ඔය සපත්තු ගලවලා මෙතනට දෙන්න..අපි ඇවිදින්නෙ පයින් සපත්තු නැතුව..ආපහු එනකොට මෙතනින් ගනිමු" 

දරු දෙදෙනා අකමැත්තෙන් වූවද එයට අවනත විය.
මම හඬ අවදි කළෙමි.

"Son you will hurt your feet dear, please don't. We will clean our shoes later.."

සිහින් මදහසක් මුව රඳවා ගත් අපේ මාර්ගෝපදේශකයා, 

"Excuse me Sir, How are you going to feel the real farm life with those shoes ? Just trust me, You will feel better without shoes. A little bruise here and there is nothing serious Sir !"

මදක් බ්‍රිතාන්‍ය ඌරුවට ළංවූ වචන උච්ජාරණය මා අල්ලා පොළවේ ගැසුවාක් මෙන් විය. දුව මා දෙස බලමින් දිව දිගු කර විරිත්තන්නට විය. උද්ධච්ච නාකි මිනිහෙක් ! මෙතන ජොබ් එක කරන්න ඕනි නිසා ජීවිතේ අන්තිම කාලෙ ඉංග්‍රීසි ඉගෙන ගන්න ඇති. මද නොරිස්සුමක් සහ තරහක් මා සිතට මෝදු වූයේ නැවතත් මා අභ්‍යන්තරයේ සිටි නරුමයා සිනා සෙමින් හිස ඔසවමිනි.

නොරිස්සුම් හැඟීමෙන් වූවත් නිහඬ වූ මාද පාවහන් ගලවා ඔවුන් හා එක්වීය. එක යායට පෙනෙන කුඹුරු යායක් අප දෙනෙත් ඉදිරියේ විද්‍යාමාන වන්නට විය. ලා කොළ පැහැ..අඟලක් දෙකක් උසට වැඩුණු කුඩා ලියැදි සහිත කුඹුරු යාය..දෙඇසට සිසිලසක් ගෙන එන්නට සමත් විය. කුඹුරේ නියර මත තරමක් උසට වැඩුණු තණ ගොල්ල මත පා තබනවාත් සමඟම.. කුඩා තණපත් අග බැඳී තිබූ සියුම් පිනි බිඳු යටිපතුල් මත පතිත වෙමින්..පාදයන්ට ගෙන ආවේ සියුම් සිසිලසකි. තණ පත් අග නිරුවත් යටි පතුල මත දැවටෙන විට සියුම්ව දැනෙන කිතිය...මා ගෙන ගියේ වචනයෙන් කිව නොහැකි තරම් සියුම් ආස්වාදයකටයි..මුළු සිරුරේම ඉන්ද්‍රීයයන් අවදිවී මා හට අවට පරිසරයේ සියුම් භාවයන් හා එකාත්මික වන්නට විය..

Come oooon uncle ! What are you waiting there freeze !?

ඔවුන් හා මා අතර පරතරය මා අඩු කළේ දුව ගොස්ය... මා හට සිහි වූයේ කුඩා කාලයේ දිනය පුරාම සරුංගලයක් අතැතිව ගම පුරාම ඇති කුඹුරු නියර දිගේ දිව ගිය කිසිම බරක් පතලක් නැති වගකීමක් නැති ජංගි කොටයක් ඇඳි කොලු ගැටයාය..

"සර් අපි යමු අර බිත්තර වී ගබඩාවට.. එන්න මේ නියරෙන් බැහැලා අපි කුඹුර මැදින් යමු.."

එක පේළියට රටාවට සිටුවා ඇති ගොයම් පැල කට්ටි අතර පොහොර දැමීමට සකසා ඇති කුඩා ඉඩ තීරුව මැදින් මේ තිදෙනා ගමන ආරම්භ කළේය. කී වාරයක් නම් අප මෙසේ ගොස් වල් නෙලා ඇත්දැයි මට සිහියට නගා ගත නොහැක.

"Uncle Why are you silent today ?"

මා වර්තමානයට පැමිණිය යුතුය..නැතහොත් අපේ මාර්ගෝපදේශක සිල්වා අංකල් මා උමතුවෙන්දැයි බලනවා නිසැකය.අඟලක් දෙකක් පමණ වූ මඩ සහිත වතුරේ චක චක හඬින් මහත් සතුටින් අප පිය මැන්නේ කුඹුරු යාය මැද වූ පිදුරු සෙවිලි කර වරිච්චි බිත්ති හා ගොම මැටි ගා පිරියම් කල නිවෙස වෙතටයි. එහි බිත්තර වී සැකසීමේ සිට ඒවා තවාන් කිරීමට බීජ පැල ඇදෙන තත්වයට ගෙන එන තෙක්ම වන ක්‍රියාවලිය එහි සජීවීව දක්වා තිබිණි.

ගමේ අපගේ නිවසේ සාලයේ පසෙක වතුරේ පොඟවන ලද වී ගොඩක් තෙත ගෝනි වලින් හා හබරල කොළ වලින් වසා ඇත. මමත් චූටි අක්කාත් බලා සිටින්නේ එහි කුඩා මුල් මතුවී වී ඇටයේ එක පැත්තකින් කුඩා අංකුර එළියට ඇදෙන තුරුය. මා වඩාත් ආශා කළේ කාටත් හොරෙන් අංකුර ඇදෙන වී ගොඩතුළට අත දමා ගෙන සිටින්නටය..එහි තුළ ඇති මද උණුසුම සමඟ එන සියුම් කිරි සුවඳ විඳ ගැනීමට කාලයෙන් බාධාවක් නැත.. විටින් විට එම වී ඇටයක් කටේ දමා සපා එහි සිහින් කිරි සහ පැණි රස විඳීමට කාගෙන්වත් බාධාවක් නැත.

"එන්න පුතා , එන්න දුව මේ හැදී ගෙන එන පැල අත ගාලා බලන්න"

මමද ඔවුන් හා එකතු වූයෙමි. 

"පුතා හෙමීට ඔය පැළ කැඩෙන්නෙ නැති වෙන්න ඇඟිල්ල දමලා බලන්න ඒ ඇතුළෙ රස්නෙ"

පොඩි උන් දෙදෙනා විමතියට පත් වේ..

"ලියන්නා අංකල් දන්න දේවල්"

ඔවුන් තිදෙනාටම හොරෙන් මා අංකුර ඇදී ගෙන එන වී ඇට කීපයක් අත්ලේ සඟවා ගත්තේ ලද විටෙක රස බැලීමටය.කුඹුරු යායේ ඉහළට වන්නට මදක් මේරූ ගොයම් මෙන්ම අවසන් කෙළවර රන්වන් පැහැයෙන් හිස්බිමට නමා ගත් සරුසාර ලි‍යැදි කීපය..හරහා අප ඇවිද ගියේ මහත් වූ ආනන්දජනක හැඟීමකිනි. 

"බලන්න පුතා වී ඇට පැහෙන කොට මුළු කරලම බිමට නැමෙනවා"

"ආ..."

"අපි මේ කුඹුරු යායම අස්වද්දන්නෙ කිසිම රසායන බෙහෙත් පලිබෝධ නාශක, කෘමි නාශක පාවිච්චි කරලා නෙවෙයි..කොහොඹ වගේ සාම්ප්‍රදායික බෙහෙත් වර්ග කෘමි නාශක , පලිබෝධ නාශක විදියට පාවිච්චි කරලා වගේම කාබනික පොහොර වලින්ම තමයි."

සිල්වා අංකල්ගේ හඬ මා විමතියට පත් කරයි.

"එන්න පුතා දුව ගන්න මේ කූඩ දෙක අපි යන්නෙ ඊළඟට එළවළු කොරටුවට..මන් කියලා දෙන්නම් හොඳ මෝරපු එළවළු කොහොමද තෝරා ගන්නේ කියලා.. ඔයාලා දෙන්නා තෝරල කඩන එළවළු ඔයාලට ගෙදර ගෙනියන්න දෙනවා. මහත්තයාටත් ඕනිද?" 

බුලත් කසට බැඳුණු මුවින් නැගෙන අව්‍යාජ සිනහව මැද ඔහු අසයි.

"එපා අංකල් පොඩි අයට දෙමු. "

මතකයට නගා ගත හැකි සියලුම වර්ගයේ එළවළු එහි වවා තිබුණි. පොඩි උන් දෙදෙනා අත ඇති කූඩා දෙක විවිධාකාර එළවළු වර්ග වලින් පිරී තිබුණි..ඊටත් එහා උන්ගේ හිත් පිරී ඇති බව ඔවුන්ගේ දිලිසෙන දැස් කියාපායි. 

"ඔන්න පුතා දුව ඔය එළවළු ගෙදර ගෙනිහින් සේරම උයා ගෙන කන්න ඕනි. වස විෂ නැහැ ඕවායෙ ඔය සුපර් මාර්කට් වලින් ගන්න ඒවා වගේ"

"කොහොමද සිල්වා අංකල් අර වගේ ටිකට් වලට පොඩි ගණනක් අය කරලා මෙච්චර වියදමක් දරන්නෙ මේක බලන්න එන අය වෙනුවෙන් ?"
මගේ නරුම සිතට පරාජය භාරගැනීම හැර වෙනත් විකල්පයක් නොමැත...
මගේ සිත තුළ කැකෑරෙන ප්‍රශ්නය එළියට පැන්නේය. කට තුළ වූ විට හපය එළියට දමා අසළවූ කුඩා දිය දහරෙන් වතුර දෝතට ගෙන මුව සෝදා ගෙන ,

"මහත්තයා අපි මේ ගොවිපළ කරන සේරම ආණ්ඩුවේ ලොකු ජොබ් කරලා පැන්ෂන් එක අරන් ඉන්න ටීම් එකක්. අපිට ලොකු පඩියක් හම්බ වෙනවා.මේකෙන් පඩි ගන්නෙ නෑ..බලන්න මේ වගාව, ගස් කොළන් එක්ක අපි ආයි ආයි ඉපදිලා ළමා කාලය ගෙවලා තරුණ වෙනවා..ජීවිතේ පිරිලා යන්නෙ ඒ සතුටින්..සල්ලි වලට ගන්න බැරි"

මේ මඩ ගොඩේ දණ බිම ඇන මේ උතුම් පුද්ගලයාට වැඳ නොවැටෙන්නේ මන්දැයි මගේ සිත මුරගායි.

"එන්න සේරම අපි යමු සත්තු ගොවි පළට..අපේ සේරම පොහොර එන්නෙ එතනින් තමයි."

මනාව සකසන ලද සත්ව ගොවිපළ මට සිහි කළේ බටහිර චිත්‍රපට හෝ වාර්තාමය චිත්‍රපට වල දැක ඇති සිද්ධි සමූහයකි. එයද බොහෝ තරුණ හා මැදිවිය ඉක්මවූ බොහෝ පිරිසකට රැකියාව දෙන ස්ථානයක් බවද පෙනී ගියේ..නමුත් රැකියාවක් කරන බහුතරයකගෙන් දිස් වන වෙහෙසකාරී,නොසන්සුන්, පීඩනකාරී පෙනුම වෙනුවට ඔවුන්ගෙන් දිස්වූයේ මනා නින්දක් ලද මේ සැණින් අවදි වූ පිරිසකගේ පෙනුමකි. සියල්ලෝම අව්‍යාජ සිනහවකින් මුව සරසාගෙන වචනයක් දෙකක් දෙඩීමට පසු බට නොවීය.

"මහත්තයා ඕන්න අල බෝග වගාව එක්ක මල් බලන්න විතරයි තව තියෙන්නෙ. එහෙමනම් අපි ඔය ඉස්සරහා ළිඳෙන් නාලා.. දවල් කෑම ගමු"

මාගේ දෑස යොමු වුණේ අතබැඳි ඔරලෝසුව වෙතටයි. පැය තුන හමාරක් ගෙවුණෙ කොහොමද ? ඉදිරියේ වූ එළි මහන් භූමිය මැද විශාල කුඹුක් ගසකි. එහි පාමුල විශාල ළිඳක්ද එයට යාව කුඩා නොගැඹුරු පොකුණක්ද විය. 

"දූ පුතාලා ඔය පොකුණේ නාන්න.. එන්න මහත්තයො"

දරු දෙදෙනාට විධාන අවශ්‍ය නැත..දෙදෙනාම පොකුණ තුළ ජල ක්‍රීඩා පටන් ගති.

"මහත්තයා නාන්න අඳින්න යමක් ගෙනාවෙ නැද්ද ? එන්න මන් සරමක් දෙන්නම්.. "

රහසින් කනට කොඳුරා

"හොඳ කිතුල් රා තියෙනවා..පොඩ්ඩක් බොමුද මහත්තයා?"

ජීවිතයේ පානය කල හොඳම පානය එය විය.

කුඹුක් ගස පාමුලින් ගලා එන දිය දහරෙන් නා ගත් මා හට ඒ වන විට දැනෙමින් තිබූ වෙහෙස අතුරුදන් වූයේ කෙසේදයි මා තවමත් නොදනී.
දිවා ආහාරය වූයේ මඤ්ඤොක්කා,බතල, වැල් අල ආදී අල වර්ග වලින් සමන්විත කැකුළු හාලේ බත් සමඟ එළවළු කිහිපයකි. මස් හෝ මාළු නොමැතිව කෑම දෙසවත් නොබලන දරු දෙදෙනා බඩ පුරා කන ආකාරය මා මවිතයට පත් කළේය. දිවා ආහාරයෙන් පසු මදක් විවේක ගෙන අප මල් වගා භූමිය හරහා අපේ ගමනාන්තයට ළඟා විය. 

නැවත නැවතත් ආවර්ජනය කරමින් අමන්දානන්දයට පත් විය හැකි හෝරා කීපයක් අප ගත කර තිබුණි. මාගේ පසුම්බියේ වූ සියලුම මුදල් ගෙන එය අප මෙම ගොවිපළට ඇතුළුවීමට වැයකළ මුදල මෙන් හතර පස් ගුණයක් වූවත් දෙවරක් නොසිතා කවරයක බහා අපගේ මාර්ගෝපදේශකයා අත තැබීය. 

"මහත්තයලා මේ බෙලි මල් වතුර බොන්න.. මන් ටක්ගාලා එන්නම්"

සිල්වා අංකල් අතුරුදහන් වූයේ කොහාටදැයි සිතා ගත නොහැකිවිය. අප සමු ගැනීමට මොහොතක් තිබියදී ඔහු අප වෙත ආවේ සිනහා මුසු මුහුණකිනි.

"අපි සල්ලි භාර ගන්නෙ නෑ මහත්තයා රිසිට් එකක් නැතුව..මෙන්න රිසිට් එක. අපි මෙතනට එන හැමෝටම මේ තෑගිපාර්සලය දෙනවා..වටිනා පැල ටිකක් ..ඉඩ තියෙන තැනක හිටවලා දමන්න මහත්තය"

"එහෙනම් අපි ගිහින් එන්නම් සිල්වා අංකල්..අපි ආයිමත් එනවා"

ඔහුගේ දෑතම අල්වා ගනිමින් මම ඔහුගෙන් සමු ගත්තත්..දමා යන්නට බැරි දෙයක් අකමැත්තෙන් වූවත් දමා යනවා යන දුක්මුසු, ශෝකී හැඟීමක් මා සිත සමඟ පොරබදන්නට විය...

මීටම නොදෙවෙනි වූ සජීවී ගොවි ගම්මානයක්ම වූ අපේ ගම වෙත යා යුතුමය.. යන අදිටන මා සිත තුළ තැන්පත් වූයේ.. අමරේ අයියා වාහනය පණ ගන්වනවාත් සමඟය.
අපට පිටුපා සුළඟ සමඟ පොරබදන කොහොඹ අතු රිකිලි සහිත යාය වෙතින් අප සමු ගත්දී මා සතුවූ සිත පිළිබඳ මා හටම මහත් ලැජ්ජාවක් ඇති වීය
පසු දින කාර්යාලයට පැමිණි මා අපගේ පාලන අධ්‍යක්ෂ වෙත ගියේ දහසක් බලාපොරොත්තු ඇතුවය. තමා අසල වූ පරිගණක තිරයත් මේසය මත වූ ගොනු කිහිපයත් දෙස වරින් වර බලමින් ඔහු මා දෙස බැලුවේ නොරිස්සුම් ස්වරූපයක් මුහුණට ආරූඨ කර ගනිමිනි.

"සර් මට සති දෙකකට නිවාඩුවක් ගන්න ඕනි"

"What ? What are you talking Mr.Liyanna ? සති දෙකක් නිවාඩු අරන් කොහොමද? මේ අවුරුද්ද අන්තිමේ වැඩ වැඩිම කාලෙ..ඕනිම නම් දවස් දෙකක් ගන්නවා"

නැවතත් තම එක අතක වූ ගොනුවත් පරිගණක තිරයත් දෙස නෙත් යොමන්නට විය.

"සර්.."

"WHAT?"

මහා හඬින් ගොනුව මේසයට අත හැර කෝප සහගත දෙනෙතින් මා දෙසට හැරුණේ උපැස් යුවලද ගලවමිනි...

මතු සම්බන්ධයි...

-----------------------------------------------------------------

ඊළඟ කොටසින්,

"මේන් මහත්තයා"

කියමින් සියාතු මාමා දෑතින්ම සරම ඔසවා මා වෙත පෑවේය...

සියාතු මාමා ලියන්නාට සරම ඔසවා පෙන්වන්නට ඇත්තේ කුමක්ද ? 

නිවැරදිව අනුමාන කර වටිනා තෑගි පාර්සලයක් දිනා ගන්න !