ආවට ස්තූතියි
මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!
Tuesday, January 22, 2013
එන්ඩ වෙන්නෙ නැති ගෙට්ටුව...
http://cyberfestival.blogspot.com/
අද වගේ මතකයි, එදා ගාල්ලේ ගෙට්ටුව.. ඊට පස්සෙ සිහින අවුරුදු උළෙල..
මොනවා අමතක උනත් සදහටම මතක මානයෙන් අයින් වෙන්නෙම නැති අවස්ථාවන් දෙකක්..
මේ වෙනකම්ම උපරිම උත්සාහ කලේ 27 වෙනිදට එන්නම තමයි.. මොකද අපි ආයි ආයි එක්කහු වෙන්න දඟලන්නෙ අපි සතුටින්ම ගත කරපු හෝරා කීපයන් නැවතත් එළඹෙන නිසානෙ..
ඒත් කරපු උපරිම උත්සාහයත් මේ විදියට වතුර වීදුරුවකට දාපු ඩිස්ප්‍රීන් පෙත්තක් වගේ දිය වෙලා යද්දි,
අන්තිම තීරනේ දුකින් උනත් ගැනෙනවා.. අනේ මට 27 ගම්පහ ගෙට්ටුවට යන්න වෙන්නෙ නෑනෙ..කියලා හිතලා දුක් වෙනවා ඇරෙන්න වෙන මොනා කරන්නද?
ඒත් ගෙට්ටුවට සෙට් වෙන අයගේ සියළු රසමුසු තැන් ෆොටෝ එක්කම කියවද්දි යන්ඩ බැරි වෙන අපිත් එතන හිටියා වගේ දැනේවි අනිවාර්‍යෙන්ම..
එහෙනම් පතන්නම් සතුටුම සතුටු ෆන් පිරිච්ච හෝරා කීපයකට ගම්පහදි..
හැබැයි කවුරු කීවත්, මොන රාජකාරිය යෙදිලා තිබ්බත් අප්‍රේල් සිහින අවුරුදු උළෙල නම් මග හැර ගන්නෙ නෑ...
Subscribe to:
Post Comments (Atom)
ඩිස්ප්‍රින් පෙත්ත දියවුනාට ඒ වතුර බීවාම හිසරදේ දැනෙන්නේ නෑ නේද? දැං මොන අමාරුවටද ඔය ඩිස්ප්‍රින් බොන්නේ?
ReplyDeleteරාජකාරි අමාරුවක් තියෙන්නෙ කතන්දර..එහෙ මෙහෙ කර ගන්න දැඟලුවා උපරිමයෙන්..අන්තිමේ ඩිස්ප්‍රීන් පෙත්ත නොදැකම වතුර එක බොන්න වෙනවා..
Deleteඔන්න ඔහේ ලෙඩ නිවාඩුවක් හරි දාලා පලයන් අයියේ . .එහෙම කලා කියලා මොකෝ උඹව ඔතනින් අයින් කරයි කියල බයවෙන්ට කියලෑ . .
ReplyDeleteමල්ලිලාත් එන අවුරුදු උත්සවේටම එනවා බන්.. නෑ අයින් කරන එකක් නම් නෑ..ඒකම තමයි තියෙන බැඳීම..අයින් කරනවා වගේ ගේමට හිටිය නම්..දමලා ගහලා එන්නත් තිබ්බා..
Deleteමටත් වෙලා තියෙන්නේ ඔය සෙතේම තමයි.
ReplyDeleteදුක තමයි කෝරලේ !
Deleteමමත් මේ වෙනකම්ම ගේට්ටුවට එනවාමයිම කියලා තමයි හිටියේ.. ඒත් එන නොඑන එක දැන්මම කියන්න බැරි තත්වයක් තමයි දැන් තියෙන්නේ.. :(
ReplyDeleteදුක තමයි බණ්ඩා !
Deleteපිස්සුනම් කෙලින්න එපා වෙනි අයියේ...
ReplyDeleteකවුද එතකොට අපේ පොටෝ කැලි ගහන්නෙ?
ඔව් සෑමා එන්ඩ වෙන්නෙ නෑ බන් දුකයි..හැමෝම ගාව වගේ කැමරා තියෙන නිසා..ෆොටෝ නම් එයි ඕසෙට මන් නැතුවට
Deleteඇත්තටම වෙනී අයියේ එදාට ඔයාව අදුනගන්න හරිම ආසාවෙන් හිටියේ..
ReplyDeleteඔව් මල්ලි මල්ලිට මිස් වෙන්නෙ මාව විතරයි...මට සිය ගානක් බලන්න, කතා කරන්න බැරි වෙනවා.. අවුරුදු උත්සවේ තියෙන නිසා...
Deleteඔය කීවාට වෙනි මාමා... නැ නැ අය්යා උදේ පාන්දරම කැමරාවත් අරගෙන මල් වත්තේ ඉදිවී.... අනික ඉතින් ෆොට නම් ෆොටෝ වෙනි අයියාගේ ෆොටෝ නේ..
ReplyDeleteඅනේ නෑ මලේ එන්ඩ වෙන්නෙ නෑ..එදා අපේ ඔෆිස් එකේ හම්බ වුනාට පස්සෙ දැක්කෙවත් නෑ ඔය ගොල්ලන්ව !
Deleteමොනාද බං වෙනී. කැචයි හොඤේ? වෙන කවුරු නොගියත් උඹ නොගියාම කොහොමද?
ReplyDeleteමේ ක්‍රියාව තරයේ හෙලා දකිමි.
මටත් අන්ත විදියට හෙලා දකින්න ඕනි ඒත්..හොබ්සන් චොයිස් තමා හෙන්රි
DeleteHobson Had a choice.
DeleteHobson's choice was Mrs Hobson.
Didn't you know that? :D
අපිට කොයින්ද පූසො මාළු
Deleteඅපි යනවද මූදු ? :-D
එතකොට මෙදා පාර හොම්බ දිග කැමරාව නැද්ද ගේට්ටුවට වෙනි අන්කල්.. හරි අපරාදයක්නේ...
ReplyDeleteමං මේ බලං හිටියේ අර ගිය පාර වගේ බඩ පෝස්ට් එකක් බලා ගන්න...
මායි මගේ හොම්බ දිග කැමරාවයි ඇරුනහම මඩ පෝස්ට් නම් තියෙයි හිරූ ඕනි තරම්..
Deleteරාජකාරීනං කවදා කරන්න බැරිද?
ReplyDeleteඔන්න ඔහෙ එන්න අප්පා..
නෑ තරියා රාජකාරියට වඩා මේ පිට්පස්සෙ තියෙන වගකීම බරපතලයි..
Deleteඅයියෝ මාත් මේ තකහනියක්ම යන්නේ අයියලව දැකගන්න.කට්ටිය අඩු වුනාම ගතියක් නැහැනේ.
ReplyDeleteමන් හිතන්නෙ මන් ඇර...අනිත් හැමෝම එනවනෙ නිශාන් මලයා..අපි අවුරුදු උත්සවේදි හමු වෙමුකො !
Deleteඔයා හලිම නාකයි...
ReplyDeleteඒත් සිරා මල්ලි මන් එන්ඩ පුළුවන් උපරිම උත්සාහය දැරුවා !
Deleteඑහෙම කියන්න එපා වෙනී අයියේ.. ඔන්න ඔහේ ගිහින් එන්න.. අපි මේ රට ඉදාලා එන්න බැරි අවුලෙන් ඉන්නවා..
ReplyDeleteඑහෙම යන්ඩ තිබ්බා නම් හොඳා දිනේශ් මල්ලි ඒත්...
Deleteඅපරාදේ අර ලස්සන ගෑනු ලමයි ටික...:(
ReplyDeleteඔයාට එයාලගේ ෆොටෝ ගන්ට වෙන්නේ නෑ...:D
ඔව් පොඩ්ඩියෙ ඒකත් දුකට කාරනයක් තමයි..ඒත් ඒ ගෑණු ලමෝ අවුරුදු උත්සවේට ඔයිට වඩා ලස්සනට එයිනේ... එහෙම හිතලා සතුටු වෙමු !
Deleteඔන්න වෙනියෝ ජොබ අතෑරලවත් පලකෝ...කනගාටුයි තමා. ඒත් අටම නං සතුටු වේවි ඇයි උගේ වීදුරුවට වැඩියෙන් වැටෙන හින්දා.. හැක්..
ReplyDeleteජොබ් එක අතාරින්නෙ කොහොමද මල්ලි...මන් හිතන්නෙ නම් අටමා දුක් වෙයි අපි එක් කෙනෙක් හරි නො එනවා නම්...
Deleteමේ ළඟදි අර අලුත් ලෙන්ස් එකක් එහෙම ගත්තෙ මල්වත්තෙ සමනලයො ෆොටෝ අල්ලන්න නෙමෙයිද එතකොට?
ReplyDeleteඒක නම් ගන්න හිතන් හිටි එකක් කාලයක් තිස්සෙ ප්‍රසා..
Deleteමෙන්න මෙහෙ එන්න අය්යේ නිවාඩුවක් දාලා ...
ReplyDeleteනිවාඩුවක් දැම්මත් මේ වගකීම මටම දරන්නෙ වෙන්නෙ මල්ලි ඒකයි...මන් ඉන්නම ඕනි මේ වැඩේට !
Deleteඔන්න ඔහෙ එන්න වෙනි අය්යෙ ජොබ් එක දාල. ගම්පහ මල් වත්තෙ වවුල් ජෝඩුයි,කොවුල් ජෝඩුයි එකපාර පොටෝ ගහගන්න තියන චෑන්ස් එක මිස් කරගන්න එපා.
ReplyDeleteමටත් දුක ඒ චෑන්ස් එක මිස් වෙන හින්දමත් එක්ක දැකපු, නොදැකපු ගොඩක් අය එක්ක හිනා වෙලා වචනයක් කතා කරන්න නොලැබෙන එක හිතෙන කොටයි..
Deleteමටත් ඔය හෙනේම තමා. එන්න වෙන්නේ නෑ නෙව.
ReplyDeleteදුක තමයි මධුරංග මල්ලි !
Deleteනෙදකින්...නිසූගෙ නංගියව බලන්නවත් වර...
Deleteවෘත්තීය ජායාරූප ශිල්පියා නැතුව කොහොමද ගෙට්ටු තියන්නේ..!!
ReplyDeleteනැහැ රූ..හැමෝම ළඟ වගේ හොඳ කැමරා තියෙන නිසා ඒ අඩුව නම් වෙන්නෙ නෑ..
Deleteමට ඉතින් මේකත් නෑ.. අප්‍රේල් එකත් නෑ... දුක තමයි...
ReplyDeleteමන් නම් අවුරුදු උත්සවේට එනවා අනිවා
Deleteඔන්න මේ වෙනි අයියගේ දුක තුනී වෙන්නත් එක්ක ගෙට්ටුව දවසෙ හවසට කට්ටියම වෙනිය් අයියගේ ප්ලේස් එකට සැට් වෙන්න
ReplyDeleteහොරෙන් බ්ලොග් ලියන මට මොන ගෙට්ටුද .. අනේ ඒත් ආසයි මට කොමෙන්ට් කරන මම කොමෙන්ට් කරන අයියලා, අක්කලා, නංගිලා, මල්ලිලා, ආන්ටිලා, අන්කල්ලා, සීයලා, ආච්චිලව බලා ගන්න :(
ReplyDeleteමාත් උඹේ බෝට්‍ටුවෙ වෙනියෝ..
ReplyDelete