"පැනපං පොල්ල උඩට දුව ගෙන ඇවිත්"
අමිත් කෑ ගසයි..
මාද දුවගෙන ගොස් අමිත් උස්සාගෙන සිටින අත අස්සෙන් පොල්ල උඩට පැන්නෙමි..
ඉලක්කය තරමක් හරි ගියද මාගේ තට්ටම් දෙක හරියටම පොල්ල උඩ නොරැඳීම නිසාත් මාගේ සමබරතාවය බිඳී ගොස් එහාට මෙහාට වැනෙන්නට වීය..මට පොල්ල උඩට පනින්නට උස්සාගත් අත අමිත් ආපසු තැබුවේ බයිසිකලයේ හැඬලයේ නොව මාගේ කොන්ද මතයි..තරමක වේගයෙන් ඉදිරියට ඇදී යන බයිසිකලය අසල තුබූ වැටක වැදී වැලි පාර අයිනේ වූ කානුව මතට රූටා ගියේ අප දෙදෙනාද සමඟිනි.
ඒ වෙලාවෙ ඇඬුවාද සිනාසුනාද යන්න මතක නැති මුත් වැලමිටි, මැණික් කටු දනිස් සහ විළුඹ ලෙලි ගැසී තිබූ බව නම් මතකය. පහල කොරටුවේ සිටි ජේමිස් මාමා මට බනිමින් මා වඩා ගෙන ගෙදරට බාර දුන් පසු නම් මා ඇඬුවා මතකය.. ඒ ,
"ඔය රොඩීත් එක්ක ආශ්‍රය නවත්තන්න කියලා කොයිතරම් නම් කියලා තියෙනවද ? අහන්නෙ නැති එකා අතපය නෙවෙයි මුළු සරුවාංගෙම කඩා බිඳගෙන ආවත් මන් නම් බලන්නෙ නෑ"
අම්මාගේ ගෝරනාඩුව මැද තාත්තාගේ වේවැල් පාර හත අට..බයිසිකලෙන් වැටී තුවාල සිදු වූ වේදනාවතත් වඩා දැඩි වීය.
ජේමිස් මාමා කටේ දමා හප කරන ලද කෝපි දළු වලට සියළු තුවාල පසු කලක සනීප වූවත්..
මාගේ සහ අමිත්ගේ මිතුරුකම කිසිදා නිමා නොවීය..
"මොකද්ද රොඩී කියන්නෙ ? ඒ මිනිස්සුන්ගෙ ඇඟේ ගහලා තියෙනවද ඕක?" අර බුදු හාමුදුරුවො නජජ්ජා වසලෝ හෝති කියල දේශණා කලේ මොකද්ද ? පන්සලේ මහා දායකයා වෙච්ච තාත්තාත් ඔව්වා පිලි ගන්නවනම් ඉතින් අනික් ම්නිස්සු මොකද ?"
කර දඬු උස් මහත් වනවිට වේවැලට අවනත නොවන වයසේ මා ප්‍රතිතර්ක ගෙනාවද වැඩිහිටියන් කිසිදා තම මතය වෙනස් කලේ නැත..
ගමේ කෙළවරක වූ කටු මැටි ගෙයක ජීවත් වූ අමිත්, ඔහුගේ නංගී අම්මා සහ තාත්තා ගමේ සියල්ලන්ම සැලකුවේ පහත් කුලයට අයත් පවුලක් ලෙසය. උසස් යැයි සම්මත මුළු ගමටම වඩා උසස් ගතිගුණ රාශියක් ඔවුන් සතු වූ බව මා දන්නේ මා එම නිවසට නිතර යන එය අයකු වීම නිසාය. අමිත්ද මාගේ පන්තියේම වූවත් ඔහු පන්තියෙන්ද කොන් කර තිබිනි. එක් කකුලක් කැඩුනු මේසයක් සහ කබල් පුටුවක් ඔහුට සැමදා වෙන්වී තිබුනි.
නමුත් ඉගෙනීමේ අති දක්ශයකු වූ අමිත් පන්තියේ සිටින විසි දෙනාගෙන් පහලොස් වෙනියාගෙන් මෙහාට කිසිදා පැමිණියේ නැත. එයට හේතුව පාසලේ අපට ඉගැන්වීමට සිටි මාන්නක්කාර ගුරුවරු සහ ගුරුවරියන් නිසාය.
ඔවුන් කිසිදා අමිත්ට හෝ ඔහුගේ නැගනියට පාසලේ විශයන්ට ඔවුන්ට හිමි ළකුණු දුන්නේ නැත.
එය වඩාත් පැහැදිලි වූයේ පාසැල් විභාග වලදී වැරදුණු ගනන් සහ වැරදියට මා සපයා තිබූ උත්තර සහ අමිත්ගේ හරි උත්තර සැසඳුවද ඔහුගේ ලකුනු ප්‍රමාණය මට වඩා අඩු වීම නිසාය.
"එන්න එපා රොඩියා අපි එක්ක සෙල්ලමට"
මූණටම කියන්න තරම් දරුණු වූ අප පාසලේ අනිත් ළමයින් සියල්ල මටද අප්‍රසන්න වුවත්..මා සහ අමිත්ගේ දැඩි මිතුරු කම එක් අතකින් මුළු ගමටද මුළු පාසලටමද තරමක රහසක් වීය..
"එපා ඔයා මාත් එක්ක කතා කරන්න අනික් අය ඉද්දී...ඔයාත් කොන් වෙයි ඒ ගොල්ලන්ගෙන්.. අපිට නම් මේවා පුරුදුයි"
"පිස්සුනෙ උන්ට අමිත් මන් ලෑස්ති නෑ ඔය ගමේ එකාලා කියන කියන විදියට ඉන්ඩ..මට ඕනි විදියට මන් ඉන්නෙ"
"එහෙනම් අපේ යාළු කමත් මෙතනින්ම ඉවර වෙයි ඕන්"
"මේ පුංචි මහත්තයා අපේ කොල්ලා එක්ක තියෙන පයුරු පාසානම නවත්තන්න. ඔය ගොල්ලන්ගෙ ලොකු මහත්තයා ලොකු නෝනා එහෙම දැන ගත්තොත් අපිට ගමෙත් ඉන්න හම්බ වෙන්නෙ නෑ..යාන්තම් මේ අගුවෙ වැටිලා ඉඳලා මේ පොඩි උන් දෙන්නට අකුරු ශාස්තරේ උගන්නා ගෙන අපිත් මෙහෙන් යනවා පොඩි මහත්තයො"
අමිත් සහ ඔහුගේ මව ගේ මේ අදහස් නිසාම මාද තව දුරටත් ඔවුන් හා ආශ්‍රය රහසක් ලෙසම පවත්වා ගෙන ගියෙමි.
"ඔව් අපි රොඩී තමයි යකෝ ඔය කුලවන්තයින්ට තියෙන එව්වාමයි අපිටත් තියෙන්නෙ මේන් බලපියව්"
එක දිනක හවසක හොඳටම බී ගත් සොයි මාමා අමිත්ගේ පියා නිරුවතින්ම ගම හරහා ගොස් තිබුනේ යම් කටයුත්තකට පන්සලේ සහාය ලබා ගැනීමට ගොස් එහි හාමුදුරුවන් වහන්සේ ඇතුළු දායක සභාව ඔහුගේ ඉල්ලීම සපුරාම ප්‍රතික්ශේප කර තිබූ බැවිනි.
"ආ මේ කුලවන්ත පොඩි මහත්තයා වඩින්ඩ ඔබතුමාගේ ගෙදරට.... මෙහෙ මේ රොඩී ගේ අස්සෙ රිංගන්ඩ එපා ආයි "
කිසිදා නොවූ ආකාරයට මාද සෝපාහාසයට ලක් වූයේ දායක සභාවේ මුලසුන දැරුවේ මා පියා නිසාය..
නැවතත් දින කීපයකින්ම ඔහු මාගේ දර්ශණය එතරම් ගනන් ගත්තේ නැත...පෙරදා මෙන්ම අමිත් සහ ඔහුගේ නැගණිය මාගේ සොයුරන් හා සොයුරියන් වූවෝය.
"ආ බන් මොකද්ද ඇත්තටම රොඩී කියන්නෙ බලහන්කො උඹටයි මායි තියෙන්නෙ එකම ජාතියෙ ඒවම තමයි..අර උඹලගේ තාත්තා කීව කතාව හරි තමා"
ගෙදරට හොරෙන් ගම පහල ගලා යන අතු ගංගාවේ කලිසන් කොට දෙක අසල අත්තක රඳවා දියබුන් ගසමින් පිහිනමින් සිටි මා අමිත්ට කීවෙ ඔහු කොක් හඬලා සිනා සෙන්නට වීය.
"ඔය සේරම මිනිස්සුන්ගෙ මනස්ගාත බන්. කවදා හරි ඕවා වෙනස් වෙනවා එදාට ඔය සේරම මිනිස්සු දුක් වෙයි කවදාක හරි තමන් වගේම මිනිස්සු ටිකක් පහත් කරලා සලකපු එක ගැන"
මුළු ගමෙන්ම කොන් වී සිටි අමිත් සහ නැගනිය අන් අය හා සෙල්ලම් කරන මුළු කාලයම ගත කලේ පොත් කියවීමටය. මා දන්නා පරිදි පොත් 2000ක් පමණ වූ සම්පූර්ණ පුස්තකාලයම ඔහු කියවා තිබිනි. එනිසා අමිත් එවකටත් එම වයසේ සිටින අපට වඩා මහා දැනමුත්තෙක් වීය..නමුත් විටෙක මා හැර ගමේ කිසිවෙක් ඔහුගේ එම දැනමුතුකමින් ප්‍රයෝජන ගත්තේ නැත.
විටෙක සාහිත්‍ය මාසය වෙනුවෙන් පවත්වන සාහිත්‍ය රචනා තරඟයට මාගේ නමින් මා ඉදිරිපත් කලේ අමිත්ගේ නිර්මාණයයි. ඒ මූලිකව අමිත් ඉදිරිපත් කරන නිර්මාණය මුලින්ම කුණු කූඩයට යන නිසාය.
එය අන්තර්පාසැල් තරඟවලින් ප්‍රථමස්ථානය ලද අතර එයම ඉදිරිපත් කල දිස්ත්‍රීක් තරඟවලින්ද ජය ගත්තේය. නමුත් අන්තර් දිස්ත්‍රීක්ක තරඟය එම වෙලාවේම දුන් මාතෘකාවක් අරඹයා ලිවිය යුතු එකක් වූ අතර මාගේ නිර්මාණය මුල් නිර්මාණ 25 අතරේවත් නොතිබුනි.
"උඹ මොකද අර රොඩින්ගෙ ගේ අස්සෙ රිංගනවා කියන්නෙ ?"
"කවුද කීවෙ ?"
"අර සොපි අක්කා දැක්කා කිව්වෙ හවස උන් එක්ක කනවා බොනවා ලැජ්ජා නැද්ද යකෝ තොට ඔවුන්ගෙ කන්න බොන්න ? අපි උඹලට මෙතන කන බොන එව්වා අඩුවක් කරලා තියෙනවද කවදාවත්"
"ඔය සොපි ආච්චිගෙ බොරු. මන් කෑවේ බිව්වෙ නෑ. අමිත්ගෙන් පොත් කීපයක් ඉල්ලා ගන්ඩ ගෙදරට නම් ගියා"
ඇත්තම තත්වය නම් අමිත්ගේ අම්මා උයන පිහින තරම් රසට ඉවීමට අපේ අම්මාට කිසිදා නොහැකි වීමය. ගමේ ගොඩේ වැවෙන අල, පලා කොල සියල්ලම පුදුම රහට ඉවීමට ඈට මනා හැකියාවක් තිබිනි. තාත්තා පොලට ගොස් රැගෙන එන අල, බෝංචි, පරිප්පු කා ඇති වී තිබූ මට අමිත්ගේ ගෙදර බත් මාලු දිව බොජුන් පැරැදවීය. ඔවුන්ද ඉතා කැමැත්තෙන් මාගේ පංගුව වෙනම තබා තිබිනි..
කාලය මෙසේ ගත වෙද්දී අප පාසැලේ සාමාන්‍ය පෙල විභාගයට සූදානම් වෙමින් සීටියෙමු. මාගේ අයියාද මේ වන විට උසස් පෙල හැදෑරීමට කොළඹ පාසලකට ගොස් තිබූ නිසාම අප පවුලේ සියල්ලෝම මට අවශ්‍ය සියළු පහසුකම් ලබා දුන්නේ විභාගය ඉතා ඉහලින් සමත් වෙතැයි බලාපොරොත්තුවෙනි.
අමිත්ගේ බලකිරීම් සහ උදව් නොවන්නට මා කිසි දිනක විභාගයකට පොතක් අත තබන්නේවත් නැත..
දෙසැම්බරයේ තිබූ විභාගයේ ප්‍රථිපල පැමිණියේ අප්‍රේල් මාසයේ මුල සතියේය. යාන්තම් කලා විශයන් කිරීමට පමණක් සමත් වී තිබූ මා වඩාත් සතුටු වූයේ අමිත්ට අවසානයේ සාධාරනය ඉෂ්ඨ වී තිබූ බැවිනි. විෂයන් අටටම ඩී සාමාර්ථ ලබා ගනිමින්..ඒ කාලයේ සාමාන්‍ය පෙල විෂයන් අටක් වූ අතර ලබා ගත හැකි උසස්ම සාමාර්ථය වූයේ ඩී ය. උසස් ලෙසින් සාමාන්‍ය පෙල සමත් වී තිබිනි.එය පාසලේම මේ වෙනතෙක් තිබූ උසස්ම ප්‍රථිපලය වීය.
සැබැවින්ම සතුටු විය යුතු තැනක මාන්නක්කාරයන් විසින් සතුටු වූයේ මූනිච්ඡාවට පමණි..
අමිත්ගේ පවුලම සතුටින්ම ගත කලා දින කීපය එම දින කීපය වීය..
"මන් කොහොම හරි කොල්ලව කොළඹ ඉස්කෝලෙකට දානවා. මෙච්චර ගින්දර කෑවෙ මන් මේ ටිකට නේන්නම්"
මාමා සතුටු කඳුළු වගුරුවයි..
"මන් නම් එහා ටවුන් එකේ ඉස්කෝලෙට තමා ඒ ලෙවල් කරන්න යන්නෙ"
"තව සැරයක් කරහන් බන් උඹට මන් පොත් ටික සේරම දෙන්නම්"
"පිස්සුද බන් ආයි පාඩම කරන්න බෑ"
කොවුල් කූජනයෙන් මුළු ගමම ඇළලී යද්දී සැවොම සිංහල අළුත් අවුරුද්දට සැරසෙන්නට වීය.
ඒ අප්‍රේල් 11 වෙනිදාය..යාන්තම් බිම් කරුවල පහ වෙද්දී සොපි ආච්චී කෑ ගසමින් අප නිවසට දිව ආවේය.
"අරුන් ඉවරයි අරුන් ඉවරයි"
ඈ හති හලයි.. මාද ඇස් වල කබ කඩමින් ඇඳෙන් බිම බැස්සෙමි.
"කවුද බන් අරුන් කියන්නෙ "
මදක් නැවතී හුස්ම අල්ලා ගත් ඈ ,
"රොඩියලගේ ගේ පුච්චලා ඊයෙ රෑ..බිමටම සමතලා වෙලා"
සැතපුම් භාගයක දුරක් මා දිව ආවේ කෙසේදැයි මා හට මතක නැත. ගමේ උන් කීප දෙනෙක් බිමට සමතලා වූ ගේ අසල රොක් වෙමින් සිටී. අයෙක් තවමත් පිළිස්සෙමින් තිබූ වහලේ රීප්ප අවුස්සමින් ඒවා පිරික්සයි...
මාගේ සියොළඟම ගිණි ඇවිලෙන්නට වීය.
අනේ මොවුන් හතර දෙනා මේක යට ඉන්න නම් එපා ...දෙයියනේ..ඒක නම් වෙන්න එපා..මගේ සියළුම ඉන්ද්‍රීයන් කෑ මොර දෙන්නේ එකම ප්‍රාර්ථනාවකිනි...
"කවුද බන් මේ තිරිසන් වැඩේ කලේ ?"
"කවුද බන් දන්නෙ ? උඹ නොකර සද්ද හිටින්.... අපිටත් ඕවට වග උත්තර බඳින්න වෙයි..හැබැයි මහ රොඩියා හිටියෙ උගෙ පුතන්ඩියා ඉස්සර කරගෙන මහ ඒජන්ත වෙන්නනෙ"
ගිණි ගෙන දැවෙන මාගේ පඤ්චෙන්ද්‍රීයන් හා ගැටෙන්නේ අසල වූ කාගේ කටහඬඳැයි නිච්චි නැත..
අනේ මේ ගින්නට මේ හතර දෙනා අහුවෙලා තියෙන්න නම් එපා...මා සිත මුමුණයි..
අප සිටි පැත්තට විරුද්ධ පැත්තේ සිට තවමත් පිලිස්සෙමින් අඟුරු වෙමින් පවතින සුන් බුන් අවුස්සමින් සිටි පිරිස,
"අයියෝ...."
හඬ නගන්නට වූයේ මා සියොළඟම හිරිවට්ටමිනි...
මතු සම්බන්ධයි...
මොනවා?
ReplyDeleteමේ ඔබේ කාලයේ වුනු දෙයක් යැයි සිතා ගන්නවත් බෑ!
මාතෘකාව තේරුණේ දැනුයි!
/* අමිත්ද මාගේ පන්තියේම වූවත් ඔහු පන්තියෙන්ද කොන් කර තිබිනි. එක් කකුලක් කැඩුනු මේසයක් සහ කබල් පුටුවක් ඔහුට සැමදා වෙන්වී තිබුනි. */
Deleteපුදුමෙනුත් පුදුමයි.
මං හිතුවේ මේවා වුනේ අපේ තාත්තලාගේ කාලේ කියලයි.
යකෝ ලියන්නාට ඒ තරම් වයසද? නැත්නම් මේක ප්‍රබන්ධයක්ද?
http://liyanna-liyanna.blogspot.com/2012/03/blog-post_16.html
Deletehttp://liyanna-liyanna.blogspot.com/2012/03/creator-vs-creation.html
ඔය ප්‍රශ්නෙට මේ පෝස්ට් දෙකෙන් උත්තරයල් ලැබෙයිද මන්දා ?
අතීත කාල නිර්මාණයක් කරන්න ඒ අතීතය අත් විඳි අයෙක්ම විය යුතුයි කියලා කතන්දර හිතනවද ?
Delete//අමිත්ද මාගේ පන්තියේම වූවත් ඔහු පන්තියෙන්ද කොන් කර තිබිනි. එක් කකුලක් කැඩුනු මේසයක් සහ කබල් පුටුවක් ඔහුට සැමදා වෙන්වී තිබුනි.//
ReplyDeleteමෙය නම් අදහාගන්ටත් බැරි දෙයක්.
ඔය වගේ අපරාධයක් සිදු කලාම එයට විරුද්ධව එන්ට ඔය ගම්වල කවුරුත් ඇත්තෙම නැද්ද?
මේ ඇත්ත කතාවක්ද වෙනී???
This comment has been removed by a blog administrator.
Deleteමෙහෙව් දේවල් උනා පොඩ්ඩි ඇත්තටම අපේ රටේ එක කාලෙක..අදටත් ගම් වල සිදු නොවෙනවා කියන්ඩ බෑ..
Deleteවෙනිවැල් අයියේ කියවන්ඩ පටං ගන්න කොට ඇරිච්ච කට වැහුනේ කමෙන්ට් එක දාද්දි.
ReplyDeleteඅනේ අනිත් ටික ඉක්මනට දාහංකෝ
ඔව් මල්ලි දානවා හැකි ඉක්මනට ! තව පොඩ්ඩක් පොලිශ් කරන්න තියෙනවා...
Deleteමේකට දාන කොමෙන්ටුවත් ඊ ලග එකටම දානවා... ආයේ නැත්තං රෑ පුරා හිත හිත ඉන්න වෙයිනේ...
ReplyDeleteඇත්තමයි...
Deleteදෙයියන්ගේ පිහිටයි.. අපේ පැත්තෙම හිටියේ පිටගංකාරයෝ... වෙන්දේසි වතු නේ....
එහෙනම් මාරයා මල්ලියි හිරු (දුව...හුහ් ! ) දෙන්නම බලන් ඉන්න අනිත් කොටස සිකුරාදා වෙන කොට එනවා..
Deleteඔය කුල භේදය තාමත් යන්තමට තියෙනවා.
ReplyDeleteඅපේ සීයා ඒ කාලේ මගුල් ගෙදරකත් යකා නටල තිබ්බලු. අඩු කුලේ එක්කෙනකේ ටේබල් එකට ආව කියලා :ඩී
සීයා අපේ වුනාට ඌ බුද්ධ දේශනාව නොදන්න හැටි :)
සුභ පතමි නව වසරට..
ඒ කාලෙ වගේ හැම වෙලාවෙම ඒක සැලකුවෙ නැතත් තාමත් තියෙනවා..බලන්න මංගල දැන්වීම් දිහා..
Deleteමාත් ඔය කුල බේදෙට සෑහෙන්න විරුද්ධයි වෙනී අයියෙ. ඒත් සල්ලි තියෙනවනං ඕව ඔක්කොම කැලේ.
ReplyDeleteඊගාව කොටසත් ඉක්මනට දාන්න.
ප්‍රසා මල්ලිට මතක ඇති කහවත්ත කිට්ටුව තියෙන ගම...මතකද ඒ හරිය රොඩී කුප්පායම කියලයි කිව්වෙ.. !
Deleteසිකුරාදා වෙනකන් ඉවසාන හිටින් මල්ලි !
මේ වගේ දේවල් දැන් සිද්ධ වෙන්නෙ අඩුවෙන් වුනත් මඟුල් තුලාවකදි බලන්න ඕන ඔය කියන කුලවන්ත කම් ඉස්මතු වෙන හැටි..
ReplyDeleteඔව් රූ මඟුල් ගෙවල් වල තමයි දැන් හරියට මේක සලකන්නෙ..මන් ජොලියට මංගල දැන්වීම් කියවනවා..
Deleteජොලියට??!!
Deleteගමේ නෙමේ බන් නගරෙත් ඔහොම තමයි ... අදත්.. කොහොම හෝ හැපි එන්ඩින් එකක් වේවායි පතනවා... ඔහොම මිනිස්සු තමයි අද ගොඩක් ලොකු පුටුවල ඉන්නේ.. ඒ තැන්වලට ආවම ඔවුනුත් සමාජයෙන් පලි ගන්නවා. ඒකයි මේ ප්‍රශ්ණ සියල්ලම..
ReplyDeleteසහතික ඇත්ත මාතලන් කතාව නම්...
Deleteඇත්ත කතාවක් නෙවේ නේද? කුල භේදය නං ප්‍රථික්ෂේප කලයුතුයි.
ReplyDeleteප්‍රතික්ශේප කල යුතු කාලයක ඒක බදා ගෙනම හිටියා අපේ වැඩිහිට්ටො රාජ්...
Deleteකාලකන්නි හැත්ත අම්මපා අදකාලේ කවුද අනේ කුල භේද ගණන්ගන්නේ. මේ ඇත්ත කතාවක් නෙවෙයි නේද?
ReplyDeleteකෝරලේ වලව්ව
කතාව ඇත්ත උනත් නැතත්...මට අවුලවන්න ඕනි හැඟීම ඕක තමයි මගේ නිර්මාණයෙන් !
Deleteතවමත් පවතින සත්‍යයක්. අඩු වැඩි නැතිව තියෙනවා. ලියන්නාට සුභ Happy new yearයක් වේවා! . මේ වසරේවත් අපි බලන්නට ඒමට ගට ලැබේවායි පතමි.
ReplyDeleteගම්පහදි හම්බ වෙයි කියලා හිතනවා !
Deleteපිත්තුද අනේ. ගම්පහ එන්න මට අපේ ඔබාමා අයියට වගේ ජෙට් එකක් තියෙනව නං හරි වෙනියෝ.. එහෙම ඕන නෑ ඔන්න ඇවිල්ල යන්න
Deleteමේක ප්‍රබන්ධයක් විය හැකියි.ඒත් මේවා ඇත්තටම සිදුනොවුනා නෙවෙයි. අඩුම ගණනෙ ඔවුන්ව අසීමාන්තික අසාධාරණයට ලක්වුනා.
ReplyDeleteමල්වල ඔවැනි රොඩී පවුලක් හිටියා. එයාලාට දෙනවක් ගගේ ගල් වලක් ගොඩදාලා හොද මැණික් ගලක් හම්බවෙලා, ඒක ඒ පැත්තෙම බයර් කෙනෙකුට පෙන්නලා,ම්නිහා ගල අතට ගත් ගමන්ම ඒක නියම ගලක් බව තේරිලා;"පුක පූනක්කම...අන්නරෙහෙට්ට විසිකුරාපිය ..." කියලා ළග තිබුණ කෙසෙල් පදුරක් යටට ගල වීසි කරලා ...ඕන් ඔක තියා ගනින් කියලා රු.50/=ක් දුන්නලු...පස්සෙ රෑ ඇවිත් ගල අරගෙන ගිහින් විකුණලා සුපිරි මැණික් මදලාලි කෙනෙක් වෙලා....
අර මිනිස්සු රොඩී නොවුනානම් සිදුවීම සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා.
ඔව් සුමිත් ඔය වගේ කෙනෙහෙලි කම් මාත් අනන්තවත් දැකලා තියෙනවා..හැබැයි අපේ මිනිස්සුන්ට වඩා ඒ මිනිස්සු මනුස්සකම් අතින් හරි ඉහලයි !
Deleteආන්න වෙනි අයියාගෙත් කුල බේදය මතුවුනා.. "අපේ මිනිස්සු"සහ "ඒ මිනිස්සු". වරදක් කියන්න බෑ.. මොකද ඔය විෂබීජ අපේ යටි හිත්වලටම කාවද්දලා තියෙන්නෙ.. "ඒ මිනිස්සුත්" "අපේ මිනිස්සු"වුන දාට තමා ඔය බේදය සම්පූර්ණයෙන්ම නැතිවුනා කියලා හිතන්ඩ පුළුවන්..
Deleteඔව් වෙනී කියන්නෙ සර්ව සම්පූර්ණ , සුදු, බෝසත් චරිතයක් කියලද සෙන්නා හිතා ඉන්නෙ ? අපොයි නෑ.. මමත් මේ සමාජයේම තවත් එකෙක් විතරයි...මන් ළඟත් ඔය "කළු" චරිත ගුණාංග සියල්ලම පාහේ තියෙනවා සෙන්නා..ඒ ගැන නම් සැකයක් තියා ගන්ඩ එපා !
Deleteඇයි සෙන්නාට තවමත් සැකද..? සැකනං බලන්න මං ලියපු පෝස්ට් එකක් තියේ..දෙන්නද ලින්කුව..:D:D:D
Deleteකොහෙත්ම එහෙම හිතුවෙ නෑ වෙනි අයියා...
Delete" වරදක් කියන්න බෑ.. මොකද ඔය විෂබීජ අපේ යටි හිත්වලටම කාවද්දලා තියෙන්නෙ.. " මේ ටික දැක්කෙ නැතෙයි.. ? ඔය අපේ කියන ගොඩේ සෙන්නත් ඉන්නවා..
මොකක් කියන්නද කියල හිතා ගන්න බෑ වෙනි අයියා.. ඊලග කොටසින්ම කියන්නම්.. සුභ '13ක් වේවා!!!
ReplyDeleteහා මල්ලි එහෙනම් කතාවෙන් පස්සෙම කියන්නකෝ...
Deleteමේ කුල බේදය දැන් වෙනත් ආකාරයකින් සමාජයේ පැතිරෙනවා. ඒ කාලයේ කුලවන්තයෝ 'රොඩී' ගෙදරකින් බත් කටක් කෑවේ නැහැ. වතුර පොදක් බිව්වේ නැහැ.
ReplyDeleteවර්තමානයේ 'කුලවන්තයන්' කියන්නේ 'හලාල් කෑම' නම් අපිට එපා කියලායි. මොනවාද මේ "හලාල් කෑම?" - මුස්ලිම් මිනිස්සු කන දේවල්. මේ ව්‍යංගයෙන් කියන්නේ මේ 'කුලවන්තයින්' මුස්ලිම් ගෙදරකින් කෑම කටක් වත් නොකන බවද?
*කෝ...මුස්ලිම් ගෙදරකින් කෑම කන එකයි, මුස්ලිම් එවුන්ට ඕන විදියට අපි කෑම කන එකයි වෙනස්, 9% වෙන හම්බයො 91% වෙන ඉතිරි ජාතීන්ට උන්ගෙ හලාල් *කවල් කවන්න හදන එකයි වැරැද්ද? [ඉදිරියට ඒක වෙනස් වෙයි]
Deleteදැන් ඉතින් මගේ කමන්ට් එක පබ්ලිස් කරන එකක් නැහැ මේක ජාතිවාදි කමන්ට් එකක් කියලා. අපේ පුරාන රජදරුවො ජාතිවාදී නොවුනනම් මෙලහකටත් අපි සුලු ජාතියක් ලියන්නො, ඒක තමයි ඇත්ත.
එදා - රොඩියෝ
Deleteඅද - හම්බයෝ
එකම සැලකීම තමයි. මේ කියන්නේ මේ අය අපෙන් වෙනස් පිරිසක්. කිට්ටුවට ගන්න එපා කියලා. මේ වගේ බේද තියාගෙන අපට කවදාවත් ඉස්සරහට යන්න ලැබෙන එකක නැහැ. එක බේදයක් අඩු වෙනකොට තවත් එකක්.
ඔය කුල භේදය කියන එකත් ඇති කළේ අපේ පුරාතන රජ දරුවො (හා ඒ ඒ යුගවල ඉහළ කුල වල ප්‍රධානීන්) තමයි. පුරාතන රජ දරුවො කළ පමණින් හැම දෙයක්ම නිවැරදි නැහැ.
Deleteමේ තරම් දරුනු විදිහට කුල භේදය ලංකාවෙත් ඉස්සර කාලෙ තිබුනා..දැන් නම් සල්ලි වලට ඔක්කොම යටයි..ඉන්දියාවෙ නම් තාමත් එහෙමයි..
ReplyDeleteහප්පේ සරත් අයියා දැක්ක කල්.. ඔව් ඉන්දියාවෙ එහෙමයි..මෙහෙ යාපනේත් එහෙමලු..
Deleteමේක කිසිසේත්ම අද සමාජයේ වෙන්න බැරි දෙයක් නෙමෙයි, අනුරාධපුරයේ මෙයිට සමාන සිදුවීමක් සිදුවුනේ මීට වසර කීපයකට උඩදියි. විස්තර හමු වුනොත් ලින්කුවක් දමන්නම්.
ReplyDeleteඔව් තිසර ඒ ලින්කුව දාන්න.. අපි හැමෝටම කියවතෑකි එතකොට...
Deleteයකෝ ඇස් දෙකෙන් කඳුලු පැන්නා . . . මැරුම් නොකා කියපන් අමිත්ගේ පවුලේ කිසි කෙනෙක්ට කරදරයක් උනේ නෑ කියලා . . .
ReplyDeleteවෙන්ඩ තියෙන දේ උනා දුකා..කතාව ලියලා ඉවරයි...දැන් වෙනස් කරන්නෙ කොහොමද ?
Deleteමේක මනඃකල්පිතයක්ද . . ඒ කිව්වේ මේ ප්‍රභන්ධය්ක්ද නැතිනම් හැබෑවක්ද?
Deleteඊළඟ කොටස කියවලා උඹ මාව මරනවා ඒකාන්තයි දුකා !
Deleteමෑත කාලයේ සිද්ද වුන දෙයක් කියලා හිතා ගන්නත් අමාරුයි.. ඇත්ත සිද්දියක් නෙමෙයි වෙන්න ඇති..
ReplyDeleteළගදි ඉදන් කුල බේදය ගැන බ්ලොග් ලෝකයේ පොඩි රාවයක් යනවා වගේ දැනෙනවා!!
සුභ නව වසරක් වේවා!!..
ආගම්වාදය නම් හරියට බුකියෙ යනවා..අපොයි මේක නිර්මාණයක් විතරයි බණ්ඩා..
Deleteකුලබේදය ඉවත දැමිය යුතුම ය.
ReplyDeleteසුබ නව වසරක් වේවා වෙනිවැල් අයියෙ
කතාවෙන් දෙන්න හදන්නෙත් ඒකමයි..අද මේ තරම්ම නම් කුලය සලකන්නෙ නෑ...
Deleteලංකාවට දියුණු වෙන්න බැරි ඔය මල හත්තිලවූ භේද නිසා තමා......
ReplyDeleteඔව් දසුන් ඔය භේද නිසා තමයි..ඒ කාලෙත් තිබ්බා..වෙන වෙන විදියට අදත් තියෙනවා...
Deleteකුල බේදය... ලංකාව දැන් බොහෝ දුරට ඔය කඩ ඉම පැනලා කියලයි මට නම් හිතෙන්නෙ..
ReplyDeleteකතාවක් වශයෙන් ඉස්තරම්.. ලියන්නගෙ ලිවිල්ලනෙ ඉතින්..
ඔව් මඟුල් තුලා වලදි තාමත් හරියට කුලය හොයනවා සෙන්නා !
Deleteදැනුම හා හැකියාව .....කුලවාදය කර පින්නා ගත් අයට මාරාන්තිකය
ReplyDeleteනියමෙට සාරාංශ කරලා මයියා ! නියමෙට ...
Delete+++++++
Deleteමේක ඇත්ත කතාවක් හෝ ප්‍රබන්ධයක් හෝ විය හැකි වුනාට දශක කිහිපයකට කලින් ඇත්තටම මේවගේ සිද්ධි ලංකාවෙත් උනා කියල මම අහල තියෙනව. මේ අද කාලෙ පවා සමහර දේවල්වලදි ඔය කුලමල හොයන එක මිනිස්සුන්ගෙ සිරිතක්. වැඩිය ඕන නෑ, මිනිස්සු තමන්ගෙ වටිනා ඡන්දෙ දෙන්නෙත් සුදුස්සෙක් බලල නෙවි කුලේ බලල, නරකම දේ ඒ ඒ පක්‍ෂ වලිනුත් අදාල තැන්වලට අපේක්‍ෂකයො පත්කරන්නෙත් වැඩිපුර ගහනයක් තියෙන කුලේ එකෙක්ව බලල. අනේ මන්දා, මෙහෙම පිස්සුවක්.
ReplyDeleteකොහොම උනත් මේව මහ සහගහන අපරාධ. මිනිස්සු මොන හිතකින් මේව කරනවද මන්ද.
ඔව් DDT මට ඕන උනේ ඔන්න ඔය කියන සිතුවිලි ටික පාඨකයගෙ හිතේ අවුලුවන්න තමයි..ඔබ හොඳ රස විඳින්නෙක් නොවැ හැමදාමත් !
Deleteදැම්ම අඬන්න හොඳ නෑ... ඊළඟ එකත් බලමු...
ReplyDeleteඅඩුම තරමින් සිකුරාදා වෙනකන් වත් ඉන්න වෙයි බීටල්
Delete@වෙනී -
ReplyDeleteකකාට දාපු රිප්ලයි එක නැත්නම් නන්නත්තාර වෙනවා. ඒත් මේ වගේ සිද්ධි අනන්තවත් සැබෑ ලෝකෙ වෙනවා. ඔතනට කුල බේදය නොදා අවංක කෙලින් නිවැරදිව රාජකාරිය කරන මිනිහයි අවට සමාජයයි ආදේශ කලත් ඔය උත්තරේම තමයි එලියට එන්නේ.
@ලියන්නා -
ඊළඟ කොටසේ අනිවාර්යයෙන්ම අමිත් මැරිලා නෑ. අපි නොදන්න ලියන්නා. හූ... හූ...
හැම කතාවක්ම සුඛාන්තයෙන්ම කෙලවර කරන ලියන්නා පුලුවන්නම් අපිව අතරමන් කරලා මංඥන් වෙන්න කතාවකුත් දාහන්කෝ....
ඔව් අකමා හරියට හරි..
Deleteඔව් අමිත් මැරෙන්නෙ නෑ..ඒම නම් මතු සම්බන්ධ කතාවට ගැලපීමක් නෑනෙ..කතාව ලියලා ඉවරයි...මඤ්ඤංද නම් මන්දා ?
වෙනි නම් ලියන්නා මය
Deleteඊලග එක බලන්නම වෙනවා
ReplyDeleteඔව් ඩිලා කම්මැලි නැතුව එන්ඩ සිකුරාදා දිහාට...
Deleteවෙනි අයියේ ඇහැ අහකට ගන්නැතිව කියවගෙන ගියා මේ ලිපිය නම්..මේ තමා ගැම් ගඳ...බොහොම අඩුයි ඒ ගැන ලියැවෙනවා.
ReplyDeleteමම සමකය වටේ ලියන නලීන්
ඔව් මල්ලි මගේ ඉස්සරහ නිර්මාණ ගොඩක් එයි මේ තීම් එකේ...
Deleteමේකෙ කියලා තියෙන දේවල් ඇත්තටම සිද්ධ වුනාද කියලා විශ්වාස කරන්නත් බෑ....
ReplyDeleteඔව් සිරා යම් කිසි කාලයක මේ වගේ දේවලුත් උනා..ඔව්...
Deleteමම දන්නා තරමින් මෙවනි සිදුවීම් අපේ රටේ තිබුනේ 1970 දශකයට පෙර. මීට සමාන සිදුවීම් මමත් අහලා තියනවා කුඩා කාලයේදී. ඉන්දියාව මෙවැනි සිදුවීම් වලට අදත් ප්‍රසිද්ධයි. අපේ රටේ ජනතාවගේ සාක්ෂරතාව වර්ධනයවීමේ ප්‍රතිඵලයක් ලෙස අද මෙවැනි කාලකන්නි වැඩ සිදු නොවෙන තරම්.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
ඔව් විචාරක ඒ කාලෙ එහෙම උනා...මාත් 80 දශකයේ මුල ගමක හිටි නිසා මේ වගේ කතා අහලා තිබ්බා...මේ මන් නිර්මාණයක් කරන එක් විදියක්..ලියන්නා මතින් විවිධ සමාජ හැඩ තල එළියට ගන්න පුළුවන්ද බැලීම !
Deleteඉස්සර කාලේ රෙදි නැන්දාට (ඩෝබිට) ඉඳ ගන්න මිටි පුටුවක් ගෙවල් වල තිබුනා නේද වෙනී?
ReplyDeletehenryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
ඔව්, අපි පොඩි කාලෙ අපිටත් මතකයි රෙද්ද හැට්ටෙ අඳින වයසක ආච්චි කෙනෙක් එනව ගෙදරට. අපේ අම්මලගෙ ආච්චිල සීයලගෙ කාලෙ නම් එහෙම පොඩි පුටුවක් තිබුණළු එයාලට වාඩි වෙන්න දෙන්න, මට මතක කාලෙදිත් නම් ඒ මනුස්සය කුස්සිය පැත්තෙ බංකුවක තමා වාඩි වුනේ. කොහොම උනත් ඒ ගොඩක් ඉස්සර, දැන් ඒ ආච්චිගෙ දූල පුතාල දොස්තරල ඉන්ජිනේරුවො. දැන් ඒ මනුස්සය හොඳට ඔසරිය ඇඳල වැදගත් විදියට එළියට බහින්නෙත්. මිනිස්සුන්ගෙ මෝඩකම්වලට මට නම් ඉතිං අනිත් පැත්තෙනුත් හිනා. එකම විදියට ඉපදෙන මිනිස්සුන්ට කොහෙද උස් පහත් භේදයක්.
Deleteඇයි වෙනම පිඟන්, කෝප්ප පවා තිබුනා !
Deleteමුල් ටික කියෙව්වේ ඔපීසියෙදි අන්තිම ටික කියෙව්වේ මහ රැ ... අයීයො @#!$%^!& ....
ReplyDeleteඊ ළඟ කොටස ඕන් එක වෙලාවක කියවන්ඩ හොඳේ !
Deleteමේ කතාව ඇත්තක්ද බන් අයියේ
ReplyDeleteමගෙත් ඔය කුලහීන කියන අය ගොඩක් හිටියා යාළුවෝ ඉස්සර.ජාතිය එකනම් ඇඟේ දුවන්නෙත් රතු ලේ නම් අනේ මන්දා බන්
එකම රතු ලේ දුවන මිනිස්සු අතරෙ කොයි තරම් නම් භේද තියෙනවද මල්ලියෙ ? ඔය කුල භේදය එකක් විතරයි ..
Deleteතු: නොදකින්...උඹට නෙමේ, ඒ ජරා අතීතෙට..
ReplyDeleteඅපේ ගමේ අපි පුංචිම කාලේ යංතං තිබ්බා කියල මතකයි.