ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Thursday, September 29, 2011

මේ වගේ එව්ව නේන්නම් ඔය මිටි මිටි බැඳලා පැත්තක ගොඩ ගහල තිබුනෙ...

අල්ලපු ගෙදර සිරියා නැන්දාගේ පුතා පළමු රැකියාව සඳහා පිටත් වන දිනයේ උදෑසනම
 සිරියා නැන්දා


"ළමයො , ඔය ජොබ් වලට මුලින්ම ගියහම වැඩ පුරුදු වෙන්න කාලයක් යනවා..එතකන් හෙමිහිට තමයි වැඩ කරන්න වෙන්නෙ..එහෙම වෙන කොට ගොඩාක් අය කරන්නෙ වැඩ ගෙදර අරගෙන ඇවිත් කරන එක. උඹ එහෙම ජීවිතේටවත් ඒ වැඩේ  කරන්න ලෑස්ති වෙනව එහෙම නෙවෙයි ඕන්න. මන් ආයි නොකිව්වයි කියන්න එහෙමත් එපා"


කොලුවත් අම්මගේ දේශණාව සහ ගෝරණාඩුව අහල මූණ පුළුටු කරගෙන යනවා..අපේ නැන්දත් මේ කතාව අහගෙන හිටිය..


 මම ඉන්න වැට ගාවින් යනකොට කොච්චර උනත් අල්ලපු ගොදර කොලූනෙ .. (හදිස්සියට කාලක් භාගයක්, සිගරැට්ටුවක් ගෙන්න ගන්න ඉන්න එකානෙ ) ඊටත් වඩා අද හා හාපුරා කියලා වැඩකට යන පළමුවෙනි දවස. මමත් බොහෝම බැරෑරුම් ස්වරූපයක් අරන්..


"පුතේ අම්ම ඔය මොනව කීවත්, පුතා වැඩ අල්ලගන්න හොඳට..මුල කාලේ ඉතින් ගෙදර ගෙනත් කරල හරි පුරුදු වෙන්න..ඒ වගේමයි පුතා ඔයා ළඟට එන, ඔයාගෙ කස්ටමර්ලාට හොඳින් හිනා වෙලා කතා කරලා ඒ අයගෙ හිත සතුටු වෙන විදියට වැඩේ කරල දීල යවන්න..මුල කාලෙ හැමවෙලාවෙම හිනා මූනකින්ම ඉන්න"


කොල්ල මන් දිහා පුදුමෙන් වගේ බලල 


තෑන්ක් යූ අංකල්


කියල පිටත් උනා.
අපේ නැන්දා


"මොකද්ද සිරියා  නංගියේ පොඩි එකා ඉස්සරෝම දවසෙ ජොබ් එකට යන දවසෙ කිව්ව කතාව..වැඩ පුරුදු වෙනකන් ගෙදර අරන් ඇවිල්ල හරි කලාම මක්කැයි වෙන්නෙ?"


"අක්කෙ ඌ ගියේ අර හන්දියෙ මිනී සාප්පු කඩේ මිනී එම්බාම් කරන ජොබ් එකට!"
----------------------------------------------------------------------------------------

බස් රේඩියෝ අහමු නේද කට්ටියම ? 

www.buzzradio.lk


Thanks Abhee.. mistake corrected !




Monday, September 26, 2011

රෙන්ඩ බැරී පොතක් ලිව්වොත් ?

රෙන්ඩ බැරී පොතක් ලිව්වොත් කොහොම වෙයිද?



මේ ප්‍රශ්නෙ මන් ඇහුවා මගේ හිතෙශිවන්තයන් කීප 
දෙනෙක්ගෙන්ම..මෙන්න ලැබුනු පිළිතුරු...


1. මළ බද්ධය ගැනද ලියල තියෙන්නෙ?
2. හේතු, වලක්වා ගන්නෙ කොහොමද කියල ඇති
2. ගස්ලබු, බෙලි, කෙසෙල්  වගෙ දේවල් කන්න කියලත් ඇති.
4. ඔය අමාරුව තියෙන කෙනෙක් කොහේ පොත් ලියන්නද බන්?


මෙකී නොකී අදහස් ගොන්නක් මා ලදද..බහුතරයක් ඇසුවේ ඔය මොන හරුපයක්ද බන් කියාය. 


සැබවින්ම මේ පොත ඇස ගැටෙන් තෙක් මෙවන් ප්‍රස්නයක් මා හටද නොතිබිනි. නමුත් ඊයේ පෙරේදා අවසන්වූ පොත් ප්‍රදර්ශනයෙන් ගන්න ලද පොත් දැන් මගෙ අංශය වෙත පමිනෙමින් පවතී. ඒ පොත් අතරේ වූ පොතක කර්තෘ දුටු විගසම මට මෙම ප්‍රශ්නය මතු විය. 
පුස්තකාල වල සාමාන්‍යෙන් පොතක කර්තෘ හඳුන්වන්නෙ ඔහුගේ අග නම මුලටත් මුල නම අගටත්යවෙනී ලියන්නා යන්න කියවනු ලබන්නේ ලියන්නා, වෙනී ලෙසය. දැන් බලන්න පහත ඇති ජායාරූපය..






මින් පසු යම් පාඨකයෙක් පැමිණ 
"රෙන්ඩ බැරී ගේ පොත් මොනවාද තියෙන්නෙ?"
යන්න ඇසීමට පුලුවන. නැතහොත් යම් විශයක් සොයා පැමිනෙන්නකු හට 
"ආ රෙන්ඩ බැරී ගේ හොඳ පොතක් තියෙනව දෙන්නද ?"
 ලෙස ඇසීමට ද පුලුවන
ක්‍රිකට් ක්‍රීඩක Yanic Caria ගේ සිද්ධියට තරම් දරුනු නොවුනද මෙම පොත මඟින් මට හොඳ ෆන් එකක් ගත හැකි බවනම් පෙනේ

Wednesday, September 21, 2011

ප්‍රථම එක්වීම වේදනාකාරීද ? සුන්දරද ? - First Meeting Wondeful or Painful ?

ඉතින්  බ්ලොග් ලියන කට්ටියක් සෙට් වෙලා පොත් ප්‍රදර්ශනය බලනවා.කියන කසු කුසුව..ටික දවසක ඉඳන්ම තිබුනනෙ. ඊට ඉස්සෙල්ල පොඩි තේ පැන් සාදයක් තියෙනවාය කියල මටත් ඕනය කිව්වා.   සහ ඊට ඉස්සෙල්ලා රෑ ජාමෙක තිබුන තේ පැන් සාදයකට මට සහභාගි වෙන්න කියලත් ඒ වෙලාවෙ ඔෆිස් එකේ සෙට් වෙච්ච වැඩක් නිසා යන්න හම්බ උනෙ නැති නිසාත්..මට මේ වගේ සාදයකට ගිහින් ඇත්තටම මම ආසාවෙන් කියවන බ්ලොග් ලියන කට්ටිය අඳුරා ගැනීමටත් තදබල අවශ්‍යතාවයක්  තිබුනා..

ඊට ඉස්සෙල්ල දවසෙ අභියා සහ ඕනය කතා කරල ඉරිදා දවසෙ මෙහෙම තේ පැන් සංග්‍රහයක් තියෙනවාය.. ඒ නිසා ඒකට එන්න රෙඩි වෙලා ඉන්නය කියල බොහෝම කාරුණිකව මට දන්වල තිබුනා.. මට සෙනසුරාදා හවස යාළුවෙක්ගෙ ගෙදර ගියා කොට්ටාවෙ..රැ එහෙ හිටි නිසා සහ යාළුවගෙ පොඩ්ඩා මගෙ ෆෝන් එකේ තිබුනු ගේම් ගහපු නිසාත් උදේ වෙනකොට ෆෝන් එක බැටරි බැහැලා. චාර්ජරයත් කිරුලපන. මම ගෙදර ඇවිත් ෆෝන් එක චාර්ජ් එකට ගහලා ඕන් කලා විතරයි..මේන්න ඕනයගෙ සුමදුර මිහිරි කටහඬ..මුලින්ම ඇහුවෙ

"මිස්ටර් ලියන්නා ඇයි ඔයා ෆෝන් එක ඕෆ් කරලා තිබුනෙ. අපි කොච්චර කෝල් කරාද?.. බලන්න අපි දැන් මේ තේ පැන් සංග්‍රහය බුක්ති විඳිනව..තව කීප දෙනෙක්ම ඇවිත් ඉන්නව..එනවද? "

එහෙම නැතුව


"මේ හු!@@#$$%^&& මොන ප&^$%$#$ ෆෝන් එක ඕෆ් කලේ? තෝ එනවද පැය භාගයක් ඇතුලත බොරැල්ලට? නැත්නම් අපි ඇවිත් අ!@@#$ පු^%^$%#% කැ#$$% ලියන්නා"

කියල නම් නෙවෙයි..

ඉතින් මෙච්චර ගෞරව සම්ප්‍රයුක්තව කතා කරලත්.. සහ අභීයා උනත් ඊට නොදෙවෙනි විදියට අචාරසම්පන්නව අමතලත් නොයා හොඳ නැති කමට මම යන්න හිතුවා.. මොකද මට මේ සෙට් එක හම්බ වෙලා කතා කරන්න දැඩි උවමනාවක් තිබුනා..ඇඳ පැළඳ ගෙන ත්‍රීවීල් මල්ලිට කිව්ව විනාඩි 10න් මාව ගිහින් දමන්න කියල තැනට.. මල්ලි ආවා පිම්මෙ..මොනාද පාර අයිනෙ හිටපු උදවිය..සෑහෙන ඈතට දුවනවා දැක්කා..ආපු ස්පීඩ් එකට..


පොට් එකට එනකොට අප්පා.. තේ පැන් සාදය ටිකක් දුර ගිහින්.. තේ සමඟ තව කැවිලි පෙවිලි ජාති කීපයක්ම තිබුනා.. මන් බ්ලොග් වල කියවල තියෙන හැටියට මන් හිතා හිටියෙ .. මඩ උනත් එව්වයෙ යම් සත්‍යක් ඇති කියලයි.. මොනවහරි යාන්තමට හරි සැර බීම ඇති කියලත් හිතුව! ඒත් තේ පැන් පමණමයි ! මට ඇති උනේ පුදුමාකාර ගෞරවනීය හැඟීමක් මන් මෙච්චර කල් කියවපු බ්ලොග් වල අයිතිකාරයො කිහිප දෙනෙක් හමුවීම ගැන..අභියායි ඕනයයි ටුක් ගාලා අඳුර ගත්තා.. දෙන්නම අඳුන්වල දුන්න.. අන්තිම පේලියෙ ලියන අවංක පැට්ටා, ලසියා, සහ පසන්ව


එතන ළඟ ටීවී එකේ ක්‍රිකට් මැච් එකක් යනව .

. "අඩේ මුන් ගහන්නෙම හතරෙ එව්ව විතරයි!"
  එහෙම කිව්ව පසන් 
"නෑ බන් ඔය හයිලයිට් මැච් එකේ ලයිව් නෙවෙයි.."

කට්ටියම පසන්ට වෙච්ච වැරැද්ද ගැන කණගාටු උනා මිසක්.. කවුරුවත් ඒ ගැන කෝචොක් එකට හිනා වෙන්න ගියේ නැහැ..ඇත්තටම මට කියන්න ආඩම්බරයි.. මන් අහල තිබුනා ඔය කට්ටිය සෙට් උනහම මඩ ගහ ගැනිලි, හිනා වීම්, නෝන්ඩි කිරීම් අනන්තවත් තියේය කියලා..ඒ අතින් මේ සෙට් එක අති අනගිභවනීය විදියට ආදර්ශමත්ම විදියට හැසිරුන ආකාරය මට නම් දෙකන් අදහා ගන්නත් බැරි උනා..මන් නම් කියන්නෙ අනිවා ඩෙෆා මේ වගෙ අචාරශීලි හැදියාවන් තමයි අපේ අනිත් සෙට් පවා ආදර්ශයට ගන්න ඕනි ! ඉතින් සැර බීම ජාති නැති නිසා මම අකමැත්තෙන් උනත් ඔය තේ පොඩ්ඩක් කෝප්පෙකට දමලා තොල ගාමින් හිටිය.. හැබැයි විඩින් විඩේ මගෙ මේ අකමැත්ත දැකපු අභියා සහ ඕනයා ඇතුළු අනිත් සෙට් එකම ..

"මිස්ටර් ලියන්නා හදිස්සියෙවත් ඩෙංගු වලට කඩා පනින් හමුදාව හරි පී.එච්.අයි. හරි ආවොත් සුවර් එකටම ඔය තේ කෝප්පෙ අත් අඩංගුවට ගන්නව. ඩෙංගු මදුරුවො බෝ කලා කියල!"


 නැත්නම්,

 "ඉන්න මිස්ටර් ලියන්න මන් තේ කෝප්පෙ මකුළු දැල් ටික කඩලා දමන්න."

 කියල ඒ උදව්ව හරියටම කලා.මෙවන් කාරුණික ඇමතීමක් මම ඥාතියෙක්ගෙන්වත් ලබලා නැති එක ගැන මතක් වෙනකොට මගෙ ඇහැට කඳුලක් නොආවා මත් නෙවෙයි !

ඇත්තටම අද තරුණ කොටස් වලට එල්ල වෙලා තියෙන චෝදනා වල එකක් තමයි කට්ටිය සෙට් උනහම කතා කරන්නෙ කුණු හබ්බ වලින්මයි කියන එක. මමත් ඒ වගෙ වැරදි සංජානනයක තමයි හිටියේ මේ වෙනකම්ම..ඒ සිතුවිල්ල ක්ශණයකින් සුනු විසුනු වෙලා ගියේ මේ තරම්ම අචාරසම්පන්න, වාග් ශෛලයක් වෙන කිසිත් තරුණ පිරිසක් භාවිතා කරන්නට නැතුව ඇති යන සිතුවිල්ලත් සම්ඟමයි. අවට තේ පානය කරන පිරිස් පවා අපේ සෙට් එකේ මෙම කතා විලාශයන් පිළිබඳව විමතියක් පල කරමින් බලා සිටින බව පෙනී යාමම මෙය තහවුරු කරන්නක්.. ඔය අතරෙ සංවාදයට නැගුන හර බර , කාලෝචිත මාතෘකා සම්භාරය නම් අති උත්කෘශ්ඨයි. කොටින්ම බොහෝමයක් කරුණු  මට තේරුනේම නැති තරම්. .නැත්නම් මෙතන කොටන්න තිබුනා අනිත් අයගේ පහන් සන්වේගය පිණිසම. ඒ වෙලාවෙ තේරුනත් ඒ සංවාද වල තිබුන ගැඹුර නිසාම මගෙ හිතෙන් එව්ව ගිලිහිලා ගිහින්.ඔය අතරේ අපෙ  අවංක පැට්ටත් එයාලගෙ යාළුවෙකුට ප්‍රිය සම්භාශනයේ යෙදෙන හැටි උගන්නපු කතාවක් කිව්වා. රාජකාරි බහුලත්වය නිසාම බොහෝ වෙහෙසකර වී සිටියත්, අභීගෙ සහ ඕනයගෙ අති විශිශ්ඨ සදාචාරසම්පන්න ඉල්ලීම් උදෑසන හෙලූ කෙලපිඩක් සේ අහක දමන්නට නොහැකිව රංග ද එතනට සපැමිනුනා..සම්පූර්ණ යුරෝපීය  ඇඳුම් කට්ටලයකින් සැරසී සිටි ඔහු දුටු මාද මවිතයට පත් උනා කිවහොත් සත්‍යයක්මයි.. මෙතරම් ලාබාල තරුනයන් ඇඳුම් පැළඳුම් ගැන  මෙතරම් සැලකිල්ලකින් සිටීම සහ ඉරිදා දිනයක් වූවද, ටයි පටියක් හැඳ කබායක් පැළැඳ සිටීම!  වැඩ අධික කම නිසාම අප සමඟ වැඩි වෙලාවක් නොසිට නමුත් තේ පැන් සංග්‍රහය විඳ ඔහු අපෙන් සමු ගත්තා.

ඔය අතරේ ඊ (යා) පරිසරය සංකල්පය මත අප සිටි ස්ථානයට නුදුරින්ම වූ ගස දෙස දුක්බරව බැලූ පසන් කාලෙකින් මේ ගහට වතුර දමල නැහැ සිතමින් අයිස් කැට කිහිපයක්  ජිල් බෝල සමස්ත ලංකා ක්‍රීඩා  කෞශල්‍යය පෙන්නුම් කරමින් ගස වෙතට විසි කලා.. කොතරම් සාර්ථකව මෙම වීසි කිරීම සිදු කලාද කියනවානම්..ඒ සියල්ලම වැටුනේ ඊට එහා මේසයේ සිටි කණ්ඩායම මැදටයි.නමුත් අභීතගේ .  ස්තානෝචිත ප්‍රඥාව නිසාම කිසිම හෝ කලබලකාරී තත්වයක් ඇති වූයේ නැහැ.


තවත් හරබර සංවාද කිහිපයක් සහ ඕනයාගේ පාණ්ඩිත්වය විදහා දැක්වූ ඓතිහාසික විග්‍රහයකින් අනතුරුව "හයියෝ බුක් ෆෙයාර්.. හයියෝ සල්ලි !" යනුවෙන් හරබර ලෙස අභීගේ තේමාවකින් අර්ථගැන්වූ පොත් ප්‍රදර්ශනය වෙත යාමට කතිකා කර ගත්තා..ඒ අතරේ අහිංසකී රන්දිල් (ස්තූතියි වැප් නිවැරදි කිරීමට ) ගේ උපන්දිනයේ කේක් අනුභව කිරීමද පොත් ප්‍රදර්ශන භූමියෙදී යොදා ගෙන තිබුනා. පොත් ප්‍රදර්ශන ස්ථානය වෙත යාමට ප්‍රවාහන  පහසුකම් සපයාගැනීමේදී.. අභී විසින් ඔහුගෙ මනා සංචාරක කළමනාකරන හැකියාවන් මොනවට ප්‍රදර්ශණය කරමින් රු100කට යාහැකිව තිබූ තුන් රෝද රියකට රු200 ක් වැනි ඉතා සුළු මුදලකට සේවය සපයා ගනු ලැබුවා.


තුන් රෝද රිය තුල සිටිමින්ම පසන් පාර අයිනේ වූ බළු බෙටි පවා සුන්දරත්වයෙන් අනූනව ජායාරූපකරනයට ලක් කර ගනු ලැබුවා.. 

පොත් ප්‍රදර්ශනයට විවේක කුටියක් තුල අනිත් බ්ලොග් පිරිස හිඳ ගෙන සිටියා.. මතකයේ හැටියට අහිංසකී, චාපා, වැප්, සිහින, ජේ.ඩී. සෝරෝ , ශිරෝශි , දිල්සරා, ඇතුළු මහා කාණ්ඩයක් හිටිය ! මග හැරිච්ච අය මෙතනට එකතු කරයි කියල හිතෙනවා අපේ ප්‍රවීන බ්ලොග් කරුවො ටික කමෙන්ට් විදියට..

ඔවුන් ගෙනා කේක් ඕනයා කෑමෙන් අනතුරුව  තවත් සොයුරන් කීප දෙනෙක් ගෙනදුන් කෝක් බොමින් සතුටු සාමීචියේ යෙදී සිට.. පොත් ප්‍රදර්ශනය නරඹා සතුටින් විසිර ගියා.


ඉතිං බ්ලොග් ලෝකෙට අළුත් මම බ්ලොග් ලියන අනිත් අයව හම්බ වෙන්න ඕනි ඕනි කියල කියා ඉඳල ඕන්න ඔහොමයි කට්ටියව සුන්දර විදියට හම්බ උනෙ!

Yes It's a Wonderful meeting !

Friday, September 16, 2011

ඇස් පෙනෙන්නෙ නැද්ද ? නැත්නම් වල් කමටද මගෙ අතින් අල්ලන්නෙ ? ඈ !!!!



පහු ගිය 15 වෙනි බ්‍රහස්පතින්දා ඔෆිස් එකෙන් සෙට් කරලා තිබුනා නොමිලේ ඇස් පරීක්ෂා කර මුදලට කණ්නාඩි ලබා දීමේ වැඩසටහනක්..

අයි ක්ලිනික් එක තිබුනෙ අපේ ටීවී රූම් එකේ.  ටීවී එකේ ඇනිමල් ප්ලැනට් ප්‍රෝග්‍රෑම් එකක් යනව.දන්නවනෙ පොඩ්ඩක් බලන්න සෙට් උනොත් නවත්වන්න හිතෙන්නෙ නැහැ..මම තේ එකක් බීලා ඒකෙ යන වැඩසටහන් දිහා බල බලා යනවා..දන්නෙම නැහැ අපේ ස්ටාෆ් එකේම වෙන කෙනෙක්ගෙ ඇඟේ හැප්පුනා
"ලියන්නා ඇස් චෙක් කර ගත්තා නම් හරිනෙ ආයිමත්. එතකොට පාරෙ යන අයවත් පෙනෙයි"

ඒ නිසාම මම තීරනය කලා ඇස් පරීක්ෂා කරව ගන්න

මේ එතනදි සිද්ද වෙච්ච දේවල් ටිකක්..

මෙන්න ඉන්නව පෝලිමේ අගම අපෙ සඳමාලි නඟා..පෝලිම ටිකක් දිගට තිබුන නිසා..කම්මැලිත් එක්ක..නන්ගා ඉන්නව ශොකට් සෝබර් බැහැලා වගේ පැත්තකට බර වෙලා..එක අතක් මේසෙ උඩ තියා ගෙන..මමත් හෙමිහිට ගිහින් මේසෙ උඩ තිබුන අත උඩින් මගෙ අත තිබ්බා.. කරන්ට් එක වැදුනා වගෙ අත අහකට ඇදලා ගත්ත නන්ගා

"මොනවද ලියන්නා කරන්නෙ මගෙ අතින් අල්ලන්නෙ ඇස් පෙනෙන්නෙ නැද්ද? කලොත් කරන්නෙ ඔය වගේ වැඩක්ම තමයි"
 " අනේ ඔව් නගා ඒ නිසයි මම ඇස් චෙක් කර ගන්න ආවෙ."

" කලොත් කරන්නෙ ඔය වගේ වැඩක්ම තමයි."


ඇයි ඔයා ඇස් චෙක් කරන්නෙ පෙනීම අඩුද? "


"ඔව් අයියෙ ඒ වගෙයි. ඉතින් හිතුවා චෙක් කර ගන්න ඕනි කියල.. "


"ඔව් ඔව් සඳමාලි මම අද බස් එකේ දි දැක්ක විදියට නම් ඔයාගෙ ඇස් චෙක් කරව ගන්නම වෙනව. "
ඒ හඬ ඇසෙන්නෙ ශානිකා ලී මෝලෙනි

"ඒ මොකෝශානිකා?"

 "ඇයි ඔයා ළඟම හිටියෙ හැන්ඩි කොල්ලෙක් .. උඹ අහක බලාගෙන ආපු විදියට මන් හිතුවා උඹේ පෙනුම අඩුයි කියල .. "


"නෑ බන් ඒ කොල්ල ළඟ සිගරට් ගඳයි..නැත්නම් මම එහෙම අහක බලා ගෙන එනවද?"



දැන් පෝලිමේ ඉන්න අතරෙ වෙච්ච කතා.

"මේ ඔයාට ළඟ පෙනෙනවද ?"
" ඔව්.."
" එතකොට අප්සට් එක දුර පෙනෙන්නෙ නැති එකද? බස් වල බෝඩ් වගෙ එව්ව.."
" නැහැ දුරත් හොඳට පෙනෙනව."
" එහෙනම් මොකටද මෙතනට ආවෙ ඇස් චෙක් කරන්න?"
" නෑ මට ඔය අතරෙ මැද ටික පෙනෙනවා හොරයි. ඒකයි අනේ.."

-------------------------------------------------------------------------

"මට හැමවෙලාවෙම කළු පාට ඩොට් ඩොට් වගෙ පෙනෙනවා."

"හා මේ ලෙන්ස් දෙක හරි යයිද බලන්න"

"ශා !! දැන් ඒ ඩොට් හොඳට පැහැදිලිව පෙනෙනවා.."

----------------------------------------------------------------------------

"මගේ යසට තිබිච්ච දීගෙ කැඩුනෙ ඇස් දොස්තරෙක් නිසා..මට අයි ක්ලිනික් දකින කොටත් මාළු නටනව!"

" ඇයි මොකෝ උනේ අක්කෙ?"

"ඇයි බන් මගෙ මිනිහ අවුරුදු 20ක් මාත් එක්ක යස අගේට දීග කෑවා.. අර හන්දියෙ ඇස් බලන තැනින් දීපු කන්නාඩි කූට්ටම දමා ගෙන සතියයි හිටියෙ..මාව දමලා  අර හන්දියෙ සක්කර වට්ටම එක්ක පැනල
ගියේ!"

-----------------------------------------------------------------------------------

"ශරීරයෙ අනිත් එව්වට වගේම ඇස් වලටත් ව්‍යායාම අත්‍යාවශ්‍යයි.."

"කොහොමද ඇස් වලට ව්‍යායාම දෙන්නෙ.."

"මෙන්න මෙහෙමයි. පෑනක් අර ගෙන මෙහෙම ඈත ඉඳන් පැනටම ඇහැ ෆෝකස් කරගෙන ඈත ඉඳන් ළඟට අරන් එන්න..ආයිමත් ළඟ ඉඳන් ඈතට අරගෙන යන්න."

"අපොයි ඔය ව්‍යායාමය නම් මෙයා හොඳට කරනවා.. ඒ කොහොමද? ගෑනු ළමයෙක් පාරෙ ගියොත් නොපෙනී යනකම්ම ෆෝකස් කරගෙන බලා ඉන්නෙ ඇහි පිය නොහෙලා තමයි"

 -------------------------------------------------------------------------------------

"මේ මෙතන තියෙන ෆ්‍රේම් එකක් වත් මට අම් අල්ලන්නෙ නැහැ. හරියන එකක්වත් නැහැ."

"ඔය මූනට ගැලපෙන කණ්නාඩි නැහැ. මොකද අළුත් මූනක්වත් ගන්න ට්‍රයි කලොත්."

----------------------------------------------------------------------------------------
"මෙතන වැඩිය හිනා වෙන්න ගන්නව නෙවෙයි ඔය ඇස් චෙක් කරන්න ඉන්න අය..දන්නෙ නැද්ද ඇස් වල ප්‍රෙශර් එක නගිනව කියල"

 එහෙම කිව්වෙ පේලියෙ හිටිය කෙනෙක් මිසක් ඇස් පරීක්ශා කරන අය නෙවෙයි.

--------------------------------------------------------------------------------------
ලියන්නව චෙක් කරල කිව්වෙ දැනට තියෙන කූට්ටම ම තව අවුරුද්දක් විතර පාවිච්චි කරන්න කියලයි.
.

Thursday, September 15, 2011

ඇබ්බැහි උනා පාට පාට ලෝකයට !

ගමෙන් පිටවෙලා කොන්ක්‍රීට් වනන්තරේට පියමන් කරන්න ලං වෙනකොට ගමේ හිටිය ඥාති, මිත්‍ර, වැඩිහිටි, ගුරු, දෙගුරු හැමෝම දීපු අවවාද වල කොටසක් උනේ
"පුතේ කල්පනාවෙන් යාළුවො ආශ්‍රය කරපන්..හෙරොයින්, ගංජා වගෙ නා නා ප්‍රකාර මත් ද්‍රව්‍ය වැහි වැහැලා..පාවිච්චි කරන අයත් ඒමටයි..බැරි වෙලාවත් ටෙස් කරන්නවත් ඔව්ව කටේ තියනවා නෙවෙයි" 
කියන එක..
ඒත් කවුරුවත් කිව්වෙ නැහැ.. 
"පුතේ පොත් කියල ජාතියක් තියෙනවා.සමහර එව්ව කියවන්න ඇබ්බැහි උනොත් උඹ ඉවරයි පුතේ..එක පොතක් කියවලා ඉවර වෙනකොට අනිත් පොත..එක ලියන කෙනෙක්ගෙ පොතක් කියෙව්වොත්..ඊළඟ පොත එනකං හූල්ල හූල්ල ඉන්න වෙනව..ඇඟිලි ගැන ගැන ඉන්න වෙනවා.."
  කියන අවවාදය කවුරුවත් දුන්නෙ නැති නිසා..
The Da Vinci Code 
කියවල ඉවර කරපු මම පිස්සුවෙන් වගේ එයාගෙ අනිත් පොත් හෙව්වා..දෙයියනේ මේ තියෙන්නෙ පොත් ගොන්නක්ම...
ෆොටෝ එක ගන්න පොත් ටික එලියට ගත්ත නිසා දූවිලි මකුලු දැල් ටික කඩලා පිරිසිදු කලා..
Angels and Demons -
The plot follows Harvard symbologist Robert Langdon, as he tries to stop the Illuminati, a legendary secret society, from destroying Vatican City with the newly discovered power of antimatter.

මේකෙත් චිත්‍රපටය ආවා..බැලුවා ඒත් පොත තරම් ...ම්හ්හ්..

Deception Point -
Intelligence Analyst Rachel Sexton is in her mid-thirties, is single, and works for the NRO (National Reconnaissance Office). Her father, Senator Sedgewick Sexton, is a presidential candidate who is more popular than incumbent President of the United States Zachary Herney. The President sends her to the Arctic as part of a team of experts to confirm and authenticate findings made by NASA deep within the Milne Ice Shelf. NASA's new Polar Orbiting Density Scanner (PODS), part of the Earth Observation System (EOS), a collection of satellites monitoring the globe for signs of large-scale change, has found an extremely dense spot in the Milne Ice Shelf. At this spot NASA discovers a very dense meteorite. In it are insect fossils very similar to, but not the same as, species on earth. NASA claims this as proof of extraterrestrial life.

මේකෙ නම් ෆිල්ම් එක හදන්න යන බවක් කියවෙනවා වාගෙම මූවි ට්‍රේලර් එකකුත් යූ ටියුබ් වල තියෙනවා..ඒක ෆේක් කියලත් කියනවා..

Digital Fotress
 When the United States National Security Agency's code-breaking machine (TRANSLTR) encounters a new and complex code—Digital Fortress—that it cannot break, Commander Trevor Strathmore calls in Susan Fletcher, their head cryptographer to crack it. She discovers that it was written by Ensei Tankado, a former NSA employee who became displeased with the NSA's intrusion into people's private lives. Tankado intends to auction the code's algorithm on his website and have his partner, "NDAKOTA", release it for free if he dies. Essentially holding the NSA hostage, the agency is determined to stop Digital Fortress from becoming a threat to national security.
මේ කතාවෙත් පොත විතරයි තවම තියෙන්නෙ..හැබැයි ෆිල්ම් එකක් ඒවි අනිවා..ඩෙෆා !

ඊට පස්සෙ ඊළඟ පොත එනකන් මට හූල්ල හූල්ල , ඇඟිලි ගැන ගැන ඉන්න උනා..2010.01.03 වෙනිදා වෙනකම්.. The Lost Symbol  තමයි ඒ පොත...



මේ පොත තාමත් ඔෆිස් ලාච්චුවෙ තමයි තියෙන්නෙ
Harvard symbologist Robert Langdon is summoned to give a lecture at the United States Capitol, with the invitation apparently from his mentor, a 33rd degree Mason named Peter Solomon, who is the head of the Smithsonian Institution. Solomon has also asked him to bring a small, sealed package which he had entrusted to Langdon years earlier. When Langdon arrives at the Capitol, however, he learns that the invitation he received was not from Solomon, but from Solomon's kidnapper, Mal'akh, who has left Solomon's severed right hand in the middle of the Capitol Rotunda in a recreation of the Hand of Mysteries. Mal'akh then contacts Langdon, charging him with finding both the Mason's Pyramid, which Masons believe is hidden somewhere underground in Washington D.C., and the Lost Word, lest Solomon be executed.
2009 සැප්තැම්බර් 15 අද වගේ දවසක අවුරුදු 2කට ඉස්සෙල්ල..මේ පොත් පිට උනත් ලංකාවට ආවෙ 2010 ජනවාරි තමයි !


අලුත් පොතක් ගැන නම් තාම මුකුත්ම කතාවක් නැති නිසා..මම වෙන වෙන දේවල් එනකං තමයි මේ දවස් වල ඇඟිලි ගනින්නෙ..!
ඕන්න බලන්න ඇබ්බැහි වීම් වල තියෙන ප්‍රතිඵල...


photo courtesy from http://www.danbrown.com

Wednesday, September 14, 2011

පාට පාට ලෝකයක් !


ඔව් මේක අමුතුම ලෝකයකට යන ගමනක්
..හැබැයි පාලනය සම්පූර්නයෙන්ම අපෙ අතේ තමයි තියෙන්නෙ..මේ ගමන යන අතරතුරදි ඕනි නම් අපිට ඕනිම වෙලාවක ආයෙමත් අපේම ලෝකයට එන්න පුළුවන්..බය වෙන්න එපා මේකට ඇබ්බැහි වෙයි කියල නම්..හ්ම්ම්ම්ම්..ඒ අදහස වෙනස් කර ගත්තා..ඇබ්බැහි වෙන්න පුළුවන්..මම ඇබ්බැහි වුනා වගේම..ඒත් ආපහු යාමක් නම් නැහැ..බෙහෙත් නැහැ..වෛද්‍ය උපදේශ නැහැ..



මම
The Da Vinci Code ගැන පත්තර වලින් ඒකට ලියල තිබුනු මතවාද එහෙන් මෙහෙන් කියවල තිබුනත්..එච්චරටම ලොකු අදහසක් අරන් තිබුනෙ නැහැ මේ පොත ගැන..නමුත් සමහර රටවල ඇති වෙච්ච උද්ඝෝශන සහ පසුකාලීනව මේ පොත ආශ්‍රයෙන් ගොඩ නගාපු චිත්‍රපටය අපේ රටේ පවා තහනම් කලාට පස්සෙ..ආ හිටුකො මේක මොකද්ද කියල බලන්න.. කියලා හරියටම 2009.04.16 උදේ 10.30 ට ගල්කිස්ස මහා හෝටලේ තිබුනු පොත් සාප්පුවෙන් මේ පොත අර ගත්තා..ඇත්තටම මට මේ පොත අළුත් අවුරුදු තෑග්ගක් විදියට තෑගි ලැබුනා කිව්වොත් නිවැරදියි.

කර්තෘ තමයි Dan Brown ලියලා තියෙන්නෙ 2003 අවුරුද්දෙ..පොත කියවන්න පටන් ගත්තට පස්සෙ මට ඒක බිමින් තියන්න හිතුනෙම නැහැ..ඒ පොත පසු කවරයෙ ලියල තියෙන මෙන්න මේ වැකිය හරියටම හරි..

Wow... Blockbuster perfection ..An exhilaratingly brainy thriller. Not since the advent of Harry Potter has an author so flagrantly delighted in leading readers on a breathless chase - New York Times

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සත්‍යය කතාවක් ඒක නම්. එක ජේදයක් කියවල ඉවර වෙනකොට ඊළඟ එක කියවන්නම හිතෙනව..සහ අපි ජීවත් වෙන්න පටන් ගන්නව..රොබර්ට් ලැන්ග්ඩන් ගෙ ලෝකයෙ..නැවත නැවතත් කියවන්න හිතෙන පොතක් වෙන්නෙ..තුන් හතර සැරයක් කියවල තිබුනත් පස් වෙනි සැරේ කියවනකොට ඊට ඉස්සෙල්ල කියවද්දි අහු නොවිච්ච සම්බන්ධතා සහ ගැටලු රාශියක් විසඳෙනවා..මේ පොතේ විස්තර කරලා තියෙන ස්ථාන වල තියෙන නිවැරදිතාවය මම අන්තර්ජාලයෙන් එම ස්ථානයෙ සැබෑ පින්තූර සහ අතත්‍ය චාරිකා (Virtual Tours) වලදි සැබෑවටම අත් දැක්කා..නමුත් කතාව මනඃකල්පිත එකක් බවයි ප්‍රකාශ කෙරෙන්නෙ..නමුත් සැබෑව හා මායාව අතර වෙනස නම් සෑහෙන්න සඟවල තියෙන බවක් පෙනෙනවා.. ඒ නිසාම වෙන්න ඇති ක්‍රිස්තියානි ලෝකය කළඹන්න ඇත්තෙ මේ පොත ගැන..

පසුව මම ලංකාවෙ තහනම් කල චිත්‍රපටය ඩීවීඩී පිටපත අරන් බැලුවා.. පොත කියවීමෙන් ලද වින්දනයෙන් 10%ක් පමනයි චිත්‍රපට්ය නැරඹීම තුලින් ලැබුනෙ.. නමුත් මේ පොත නිසාම මගේ හදවතට ලං වෙච්ච ඩෑන් බ්‍රවුන් ව හඹා යෑම නම් මම නැවැත්තුවෙම නැහැ..

කාට හරි හිතුනා නම් මේ පොත කියවන්න ඕනි කියල
.. ඒත් හොයා ගැනීමේ අපහසුතාවයක් තියෙනවානම්..මගෙ කොපිය බෙදා හදා ගැනීමේ අවස්ථාව නම් තියෙනවා..

මේ පොත ගැන තව විස්තර හොයා ගන්න
පුළුවන් www.danbrown.com කියන ලින්ක් එකෙන්

ඔය අතරෙ මන් දැක්ක මේ පොත සම්පූර්නයෙන්ම නොමිලේ බා ගන්න පුලුවන් අන්තර්ජාලයෙන්.. ඒත් මට නම් පොත් පරිගනක තිරයෙන් කියවන එක තාමත් හුරු නැහැ..

ප.ලි -මම මුලින්ම මේක මගේ පොත්පත් පේජ් එකට දමන්නයි ලිව්වෙ..නමුත් පස්සෙ හිතුවා ලියන්නා ලියන්න ඉස්සෙල්ලා කියවන්නෙක් වෙලා හිටිය නිසා.. මේ සයිට් එකේම දමනව කියල

Monday, September 12, 2011

අවලමේ ගිය රුපියල් 500/= සමඟ...

මේ කතා ටික මම කියවපු පොතක, පත්තරේක හරි සඟරාවක හරි තමයි තිබුනෙ..ඒත් මම ලියා ගෙන නැහැ මොකේද තිබ්බෙ කියල..ඒ තිබුනු කතා අනුසාරයෙන් තමයි පහල තියෙන කතා ගොන්න නිර්මානය වුනෙ..

ගොන්නක් කිව්වට ගොන්නක්ම නැහැ.. කතා කෑලි තුනයි. මේවා වෙනත් කතා අනුසාරයෙන් හදලා තියෙන නිසා කියවගෙන යනකොට මතක් උනොත් මේ කතා වෙන කොහේ හරි කියවල තියෙනව කියලා.. ඔබ හරියටම හරි.. මගෙ මතකයෙ හැටියට Readers Digest සඟරාවෙන් තමයි මම මේ කතාවල සැකිල්ල අරන් තියෙන්නෙ..

----------------------------------------------------------------------------------
ඔබා අයියා සහ ඔබී අක්කා කරුමෙට කකුල් පහයි  එකේ ගියා සේම රු.10 , රු 50 සහ රු500 නෝට්ටු තුනක් කාලක්‍රියා කරලා එළොව ගියා. ඉතින් පණ පිටින් ඉඳිද්දි කරපු හොඳ වැඩ , නරක වැඩ අනුව තමයි දිවිය ලෝකෙද අපායද කියල තීරණය..



එතන හිටපු දේව දූතයා පොත පෙරලගෙන දැන් ජජ්මන්ට් එක දෙන්න බලා ඉන්නවා,
රු 10 ගියා ඉස්සරහට..
හ්ම්ම් සෑහෙන්න පන්සල් වල , පල්ලි වල පිං කැට වල ඉඳල තියෙනවා..යන්න උඩට..

රු 50ත් ගියා

හ්ම්ම් ඉඳල හිටලා හරි පන්සල්, පල්ලි පැත්තෙ ගිහින් තියෙනව.. උඩට..


රු 500 ගියා විතරයි..
හුහ් වැරදිලාවත් පන්සලක් පල්ලියක් පැත්තෙ ගිහින් නැහැ.. ඉඳල තියෙන්නෙම බාර් වලයි, ගණිකා මඩම් වලයි, සූදු පොලවල් වලයි විතරයි..පහලට !

----------------------------------------------------------------------------------

සුපිරි වෙළඳ සැලකින් බඩු හොරා ගැනීම සම්බන්ධව එක කාන්තාවක් අධිකරණය හමුව පැමිනවනු ලැබුවා
විත්තියේ නීතිඥ මහතා - ස්වාමීණි මැය සොරකම් කරන ලද්දේ ස්ට්‍රොබෙරි හයක් අඩංගු පෙට්ටියක් සහ


 විනිශ්චය  ආ එසේනම් මම මැයට දින හයක සිර දඬුවමක් නියම කරනවා..එක් ස්ට්‍රෝබෙරි ගෙඩියට එක දිනය බැගින්..ඇය එයින් තමා කල වැරැද්ද තේරුම් ගන්නවා ඇති.
-

ඒ සමඟම සැකකාර කාන්තාව උගුරින් මහා ශබ්දයක් පිට කරමින් සාක්කි කූඩුව තුල ඇද වැටුනාය
.

විත්තියේ නීතිඥ - ස්වාමීණි මැය මුං ඇට ග්‍රෑම් 500 ක පැකට්ටුවක්ද සොරකම් කරල තියෙනවා..

----------------------------------------------------------------------------------
අළුතම බැඳපු ජෝඩුවක් තමන්ගෙම කියල පොඩි ගේ කෑල්ලක් එහෙම හදා ගෙන ගියාලු පදිංචියට.. ගැණු දරුවගෙ ජොබ් එක අනුව හවස 7 විතර වෙනකම් වැඩ කරන්න උනත්.. මහත්තය 4.30 ට ඕෆ් වෙන නිසා මහත්තය ගෙදර ඇවිත් උයන පිහන වැඩ ටික පටන් අරගෙනලු. හරියටම අපේ කතන්දර වගෙ.එහෙම කිව්වට කතන්දර උදේට විතරලු තේ හදලා දෙන්නෙ. බැඳපු අළුත ඉතින් එහෙමනෙ... පහු වෙනකොටනෙ නෝනා කීයට ගෙදර ආවත් ඒ එනකන් අන්තර්ජාලෙ එල්ලිලා ගත කරන මහත්තුරු ඉන්නෙ.. එක දවසක දැන් නෝනා ගෙදර එනකොට මහත්තයා කුස්සියෙ තේ එකක් හදන්න ගිහින්ලු.. නෝනත් බෑග් එක එහෙම තියලා පැත්තකින් තියල හ්ම්ම්ම් උම්මා එකක් දීලාම වොශ් එකක් දමාගෙන ඩිනර් සෙට් කරන්න උදව් වෙනවා.. කියල හිතල කුස්සියට හිස පෙව්ව..

හත් දෙයියනේ !
මහත්තයා කේතලේ ප්ලග් එකට ගහලා.. එතන හිටගෙන ඉඳන් දඩ දඩ ගාලා වෙව්ලනවලු.. ඉණ දිහාවෙ ඉඳන් වයර් එකක් ඇඟේ පැටලිලා තියෙනවත් යාම්තමින් ජායාවෙන් දැක්ක ගමන්.. නෝනාට වැඩේ මීටර්ලු.. ටුක් ගාලා පැනපු ගමන්ම එතන එහා පැත්තෙ තිබුනු පොල්ලක් අර ගෙන අතට ගහල ගහල අත වයර් එකෙන් අයින් කලාලු.. උදව් ඉල්ලමින් කෑගහමින්ම..
අනේ මේ පොලු පහරින් අත කැඩිච්ච මහත්තයා

....
.....

.....
.....
.....
ඒ වෙනකම් ශෝක් එකට අයිපොඩ් එක කනේ ගහගෙන පොප් සින්දුවක අහමින් චූන් එකකින්
තමයි ඉඳල තියෙන්නෙ..



Sunday, September 11, 2011

බාල්දියෙ හිල !

මෙම වීඩියෝව ඇස ගැටුනේ අහම්බකින් වූවද... එය මා අතීතයේ මා ඉංග්‍රීසි ඉගෙනගත් කාලය වෙත පියඹා යාමට මහත් පිටුවහලක් විය.
 එසේම කොරීන් සහ රොනී මෙම ගීතය ගයන අපූරුව, වචන උච්ජාරනයෙහි සිත් ඇද ගන්න සුලු බව සමගින්... හිනා කාලා මැරෙන්න ගියා උදේ පාන්දරම!
ඉතින් මට හිතුනා හැමෝම එක්ක බෙදා හදා ගන්න.

Thursday, September 8, 2011

කෑව නේද හරකා මගෙ කෙසෙල් පැල ටික ????!!!!!!

අයියා අළුතින්ම ගෙනා පිහියේ මුවහත කෙසේවත් ප්‍රමානවත් නොවන බව මට වැටහුනේ එයින් අඹ හහට එල්ල කල කිසිම පහරකින් අඩුම තරමේ ගහේ පොත්තකටවත් හානියක් නොවූ බැවිනිකොස් ගහ ?
ම්හු...දෙල් ගහ ?
 ම්හු... පොල් ?
 පුවක් ?
ම්හු ම්හු ම්හු....
මොන මගුලකට ගෙනාවද මේ පිහිය ? මැරිච්ච මිනිහෙකුගෙ නහය කපන්නවත් බැහැ.. ඒත් මම කවදාවත් මොට්ට පිහියකින් මැරිච්ච මිනිහකුගෙ නහය කපනවා දැක නැත. ඊටත් වඩා මැරිච්ච මිනිහකුගේ නහය කපා ගැනීමෙන් ඇති ප්‍රයෝජනය ගැන දහ අතේ කල්පනා කලද ..කිසිම පල ප්‍රයෝජනයක් සිදු වූයේ නැත. නමුත් අදටත් මොට්ට පිහියක් හෝ පිහිය මොට්ට වූ විට මමද කියන්නෙ මේ පිහියෙන් මැරිච්ච මිනිහෙකුගේ නහයවත් කපන්න බැරි බවයි. චූටි අක්ක කියන්නෙ
 "උඹ ඕනි නැති එව්ව කල්පනා කරල කවද හරි ඔලුව නරක් කර ගනිං"
 නැත්නම්
 "උඹ ඔය ඕනි නැති එව්ව මගෙන් අහල මගෙ ඔලුවත් නරක් කරන්නද හදන්නෙ "
  කියාය. නමුත් මල්ලිලා නොදන්න දේවල් කියා දෙන්න නෙවෙයිද අයියල අක්කල ඉන්නෙ ? මන් නොදන්න දේවල් කියා දෙන්න බැරි අයියෙක් සහ අක්කලා දෙන්නෙක් හැදුවෙ ඇයි කියා අම්මාගෙන් ඇසූ දිනයේ නම් මා හොඳ ගුටියක් නොකා බේරුනේ පූරුවෙ වාසනාවකටය.

තාත්තාගෙ අළුත් කෙසෙල් පාත්තිය..මේ තියෙන්නෙ..



 ඕනිවට එපාවට මෙන් කෙසෙල් පැලයකටත් පිහියෙන් පොඩි තට්ටුවක් දැම්මා..
 ඈහ්...!!!!
මෙන්න කෙසෙල් පැලේ දෙකට මැදින් කැපුනා නියමෙට... අඩේ දැන්නෙ පිහිය මුවහත් වෙලා තියෙන්නෙ.. මන් වගේ වැඩ කාරයෙක්ගෙ අතේ පිහිය ටික වෙලාවක් තිබුනහම තමයි මෙව්ව වෙන්නෙ.. ශාහ්... මට දැනිච්ච ත්‍රිල් එක .. හරියටම එය නිශ්චය කර ගන්නා විට තවල් කෙසෙල් පැල කිහිපයක්ම දෙකට කැපී අවසානය. අතත් රිදෙනවා දැන් නම් මහන්සි නිවා ගන්න ඕනි. එතනම බිම ඉඳගත් මා කෙසෙල් ගසේ මැද පිහිටි පතුරු සහ යන්තම් කහට රහක් ඇති කෙසෙල් බඩය පිළිබඳ මහා පර්යේශනයක් කිරීමට පටන් ගත්තේය.. කෙසෙල් බඩය සමහර තැන් කන්න පූලුවන් තරමටම ලා පැණි රහකි.. දැන් මොකටද අම්ම හරි අක්ක හරි උයල දෙනකම් බලා ඉන්නෙ.. අපරාදෙ සමහර දවස්වල බඩගින්නෙ චුරු චුරු ගගා හිටියෙ..අනිත් එක කෙසෙල් පිති මාර සීතලයි කම්මුලට තියල තද කර ගත්තහම..දැනෙන සනීපය..!

"කෑව නේද හරකා මගෙ කෙසෙල් පැල ටික ????!!!!!!"

ඉහත වදන් පෙලත් සමගම මට දැනුනේ පොළවේ ගුරුත්වාකර්ශනය වෙනස් වී ..මෙතෙක් වේලා මා දරා සිටි දෙපා එයින් නිදහස්වී ශරීරයේම බර කන් කෙටියෙන් දරා සිටින බවත් පෘතුවියේ චුම්බක ක්ශේත්‍රය වෙනස් වී මා වත්ත පහල සිට ගෙදරට ඇදී යන බවත්ය.මොන ගුරුත්වාකර්ශනයක්ද ? මොන චුම්බක ක්ශේත්‍රයක්ද? තාත්තාට මාගේ වීර වික්‍රමාන්විත මෙහෙය අසු වී කනෙන් අල්ලා ඇද ගෙන ගෙදර දෙසට යයි. හොරෙන් සීනි බෝතලේ හකුරු මුල කන කොට මට තියෙන ඇස් දාහ කොහෙද යකෝ තිබ්බෙ? තාත්තා ළඟට එනකම්ම් නොදකින්න.

දැන් ඉතින් දවසෙ ඉතුරු ටික තාත්තගෙ මේසෙ යට තමයි ගත කරන්න වෙන්නෙ



 අවුලක් නැහැ.. හොඳ වෙලාවට කලින්ම රස කෙසෙල් බඩ කෑලි ටිකක් සාක්කුවෙ දමා ගත්තෙ.. මන් කරන මැරෑටි වැඩ වලට.. අයියා කියන්නෙ එහෙමයි..ඒත් ඔය මැරෑටි කරන්න ඇත්තෙ මන් කරපු වැඩමදැයි සැකයක් පහල වීම ස්වාභාවිකය. තාත්තා ගෙන් කීප වාරයක් වේවැල් කසාය බීවද.. වැඩිම වාර ගනනාවක දඩුවම වූයේ..තාත්තාගෙ මේසය යටට වී දවසේ ඉතුරු කාලය ගත කිරීමය. අම්මා සහ තත්තා මේ පිළිබඳ එකඟතාවයක එළඹී තිබුනේ දවස් ගනනාවක දරුනු සාකච්චා කිහිපයකින් පසුවය. පවුලෙ බඩ පිස්සනෙ.
(හිකි හිකි හිකි..මුගෙ බඩ නෙවෙය් මුලු ඇඟම පිස්සනෙ - ඒ ප්‍රචාරය චූටි අක්කනගෙනි..අහු වයකො මට තාත්තා ගෙදර නැති වෙලාවක.)
කියමින් අම්මා ඇඬූ පසු තාත්තා වේවැල විසි කර දමා මා මේසය යටට වී සිටිය යුතු බව තීරනය වූ පසු මා කිසිම දිනක තාත්තාගෙන් ගුටි කෑවේ නැත. නමුත් දවසකට එක් වරක් වත් මා මේසය යට ට නොගියහොත් මටත් වඩා ඒ ගැන සැලකිලිමත් වන්නෙ චූටි අක්කාය.. ඒ පිලිබඳ වන සැලකිලිමත් වීමේ උනන්දුව මත මගෙන් ගුටියක් කන චූටි අක්කා මගෙ ප්‍රියතම දඩුවම් වාරයට උදවු වෙයි.

මා පාසල් යාමටත් ප්‍රථම මට කියවීමේ හැකියාව තිබිනි
. ඒ ටාසන් මෙන් මටත් මේපොත් පත් වල ඉන්න මකුණන් ගැන වූ කුතුහලය නිසාය. මෙයම මා හට තාත්තාගේ දඬුවම ප්‍රියජනක කිරීමට ඉවහල් විය. එසේ වන්නේ.. තාත්තාගේ මේසයේම කෙලවරක චූටි අක්කා පාසල් වැඩ කරන අතර එහි අයිනක වූ චූටි අක්කාගේ කතන්දර පොත් ගොන්නයි.. තාත්තා මාව මේසය යට ඔබා පොඩ්ඩක් එහෙ මෙහෙ බලන විට මා හොරෙන් අත දමා චූටි අක්කාගේ පොතක් ගෙන තාත්තාට පිටුපා කියවන්නට පුරුදු විය.. එවිට සිදුවන්නෙ ලැබූ දඩුවමේ සිත් වේදනාව අමතක වී පොත් වල ඇති සුන්දර ලෝක වල සැරි සැරීමට මට අවස්ථාව ලැබීමය.මේ වැඩේත් චූටි අක්කාට අසුවී කේළම තාත්තාට කියූ පසු දිනම තාත්තා කලේ .. චූටි අක්කාට පාඩම් කිරීමට වෙනම මේසයක් ලබා දී..මගේ කතන්දර පොත් ටික තාත්තාගේ මේසයේ අයිනක තැබීම සහ.. චූටි අක්කාගේ කතන්දර පොත් පමනක් තාත්තාගේ මේසය උඩ තැබීමට චූටි අක්කාට අණ කිරීමය.. හොඳ වැඩේ චූටි අක්කාට කේළම් කියනවට..අනික තාත්තාත් හරිම මෝඩයි..ඒකනෙ මෙහෙම වැඩක් කලේ..ඒ මෝඩ ක්‍රියාව නිසා මට වඩාත් පහසුවෙන් මගේ සහ අක්කාගේ පොත් වලට අත දිගු කිරීමට අවස්ථාව ලැබිනි. මා පිටුපා හොරෙන් පොත් කියවන විට අම්මා සහ තාත්තා හිකි හිකි ගාමින් හිනා වෙන්නේ.. ඔවුන් මට දුන් දඬුවම ගැන සතුටු වී මා හැදෙතැයි සිතා සතුටින් විය යුතුය..නමුත් මට මා කල මැරෑටි වැඩේ කුමක්ද කියාවත් මතක නැත..ඒ වනවිටත් මා එක්කො සිබිල් නැන්දාගේ පුන්චාගේ ලෝකයේය..නැත්නම් මල් මාමා වී හමාරය.. කීවාරයක් නම් ජින්නා වන්නට ඇත්ද?..

මෙසේ පටන් ගත් මගෙ කියවීමේ ලෝකය..මා මෙතනට ගෙනවිත් ඇත.. මගේ හැමදාම තිබූ එක් බලාපොරොත්තුවක් වූයේ.. මා පොත් සමග ම ජීවත් විය යුතු බවය. එය සිදුවෙමින් පවතී..

ඒ අතරම පොත් පිළිබඳ බ්ලොග් අඩවියක් ලිවීමට මා අදහස් කලේ මුල් කාලයේ සිටමය
. එය ආරම්හ කලෙමි. පසු දින වනවිටම ඩූඩ් එහි සටහනක් තබා ගොස්ය.. නමුත් ඒ වනවිටත් මා එහි ලිවීමට අවැසි දෑ සකසා ගෙන නොමැති නිසා..එහි ආරම්භය තරමක් කල් ගියේය.. ස්තූතියි සොයුර ඩූඩ් ! ඔව් ඔබයි පලමුවෙනි කමෙන්ට් කරු. අපේ ආදරණීය සොයුරිය බින්දි එහි පළමුවෙනි සාමාජිකාව වූවාය. ඔබටත් ස්තූතියි සොයුරිය. පුලුවන් වෙලාවකට ගොස් බලන්නැයි මා ඔබ සැමට ආරාධනය කරමි. මෙන්න ලින්ක් එක .
http://weni-pothpath.blogspot.com

Sunday, September 4, 2011

කොහෙද යන්නෙ යකෝ .. අද වහලා...

අද ඒ කියන්නෙ ඉරිදා (සැප්තැම්බර් 4)  පෙ.ව. 10.00 ඉඳන් 01.00 වෙනකං මට පශ්චාත් භාග පරීක්ශණයක් තියෙන්න තිබ්බා..





ඈහ්????!!! පශ්චාත් භාග නෙවෙයි.චික්.. මේ ලඟකදි ඉඳන් කී බෝඩ් එකෙ ඩිලීට් කී එකයි බැක් ස්පේස් කී එකයි දෙකම වැඩ කරන්නෙ නැහැ.. මොනවහරි වැරදියට ටයිප් උනොත් හරි ගස්ස ගන්න ක්‍රමයක් නැහැ. පශ්චාත් කුපාඩි ඩිප්ලෝමා එකක පලවෙනි පරීක්ශනය තමයි අද.. ඊයේ රෑ තිස්සෙ පාඩන් කරල පාඩම් කරල.. තමයි දෙන්නම් ඇටි හැලෙන්න කියල ගියේ..දැන් දැන් කොච්චර පාඩම් කරත්.. දින වකවානු , අවුරුදු.. ටයිම් ලයින් මතක හිටිනව අඩුයි.. කියවන කොට නම් මීටර් වෙනව. ඒත් ආපහු ගන්න ගියහම ම්හ්හ්හ්.. හරියට එන්නෙ නැහැ..මගේ උපන් අවුරුද්ද බලමු මතක් කරල මතක් වෙයිද කියල? ම්ම්ම්ම්ම්ම්ම්ම්.. 2011 ට මට අවුරුදු 20යි නේද? එතකොට 1991 ද මන් ඉපදුනෙ? අම්මේ !!!!!?????කෝ මේ අම්මා ?

අද උදේම කියෙව්ව සොඳුරු සුව අසපුව ලිපිය ඒකෙ තිබ්බ නිතර නිතර අමතක වෙනවනම් බඩු හරි .. මානසික ලෙඩක් තමයි කියල..ඒකවත් හැදී ගෙන එනව වත්ද? ඒත් දින වකවානු විතරක් අමතක වෙන එක ?? ආයිමත් ඒ ලිපිය නිවී හැනහිල්ලෙ කියවන්න ඕනි..හරියටම දැන ගන්න..ඉතින් මන් කරන්නෙ විභාගෙ ඕන්න මෙන්න තියලත් ඔය දින වකවානු ටික කෙටි සටහනකින් බලා ගන්නව.. ඉතින් සේරම කර ගෙන මන් ගියා විභාගෙ තියෙන කැම්පස් එකට.. අපේ හාමුදුරුවො තුංකිඥ්ඥං කතාවෙ ඉන්න හාමුදුරුවො..කෝල් එකක් දුන්නත් මම ආන්සර් කලේ නැහැ මොකද එතකොටත් මම බස් එකෙන් බහින්න ඔන්න මෙන්න.. ඒ අතරෙ දැක්ක ඒ ලඟ පිට්ටනියෙ මහා විශාල පිරිසකට දේශනයක් තියනව..සේරම වගෙ ඉස්කෝලෙ යන වයසෙ තරුන ලමයි රාශියක් තමයි හිටියෙ..අප්පා මේ ලවුඩ්ස්පීකර් සද්දෙ මෙහෙමම තිබුනොත් විභාගෙට බාධා වෙනව නේද කියලත් කල්පනා උනා.. මොකද්ද මේ අද තියෙන රැස්වීම ? සෑහෙන පිරිසක් සහ හමුදාව හිටිය නිසා අනුමාන කලා මොකක් උනත් රාජ්‍ය අනුග්‍රහය ඇතුව පවත්වන එකක් තමයි කියල.. ඔය අතරෙ අපේ කෝස් එකේම සෞම්‍යා නන්ගිත් කෝල කලා..මන් ගත්තෙ නැහැ.. ඉන්න ළමායි මම ලඟම එනව.. කියල කිව්වෙ නැහැ හිතුව විතරයි. ම්ම්ම්ම් බස් එකෙන් බහින තැනට කැම්පස් එකට ඇතුල්වන ගේට්ටුව පෙනෙනව.. වෙනද වගේ නෙවෙයි ඒක අද වහල.. වෙනදට මේ වෙලාවට මෙතනින් ඇතුලට යන සෙනඟ කන්දරාවත් නැහැ.. මට වෙනසක් දැනුනා ගිහින් බලමුකො..ගේට්ටුව ලඟට යනකොටම එතන සිකුරිටි එකේ තරුන හාදයෙක් ගේට්ටුව ලඟට ආවා..

"ඇයි මේ වහල?"
" අද දවසම වහල පේන්නෙ නැද්ද .. ඔය ඔතන බෝඩ් එකක් ගහල තියෙන්නෙ"..
 වහල බව නම් පෙනෙනව..බෝඩ් එක නම් දැක්කෙ නැහැ..එහෙම හිතපු මම බෝඩ් එක බැලුව.. ෆොටෝ කොපි කොලේක ප්‍රින්ට් කරල යන්තන් අලවල තිබුනු බෝඩ් එක උඩ දෙපැත්තෙන්ම ඇකිලිලා.. මම බෝඩ් එක හරි ගස්ස ගෙන කියෙව්ව.. ශ්‍රමදානයක් නිසා අද කැම්පස් එකේ සියළුම පීඨ වසා ඇති බව තමයි දැනුම් දීල තිබුනෙ මගේ පාඨමාලාව කරන්නෙ කැම්පස් එක ඇතුලෙම තියෙන ආයතනයකින් නිසා විභාගෙට ප්‍රශ්නෙයක් නැතුව ඇති..

මම ආයෙමත් ගේට්ටුව ලඟ.. නුරුස්සන බැල්මකින් ආයිමත් සිකුරිටි හාදයා..
"දැන් කිව්වෙ එක සැරයක් ඔය බෝඩ් එකෙත් තියෙන්නෙ වහල කියල"


 මීට අවුරුදු 5-6කට ඉස්සෙල්ල නම් මුලින්ම කරන්නෙ මූට හොඳවයින් දෙකක් කියල තමයි ඊළඟ කතාව අහන්නෙ.. පොඩ්ඩක් ගරු සරුව කතා කරන්න බැරිද.. මම උගෙ තාත්තගෙ වයසෙ වෙන්නත් පුලුවන්නෙ.. මුගෙ ගෙම්බර් බලපල්ලකො.. එහෙම හිතපු මම

"මට විභාගෙ තියෙන්නෙ -- ආයතනයෙ.. විභාගයක් නිසා ..තව කට්ටිය එන්න ඇති නේද?"

 "විභාගෙකට ආපු කට්ටියක් අර ඉස්සරහ ගේට්ටුවෙන් ඇතුලට ගියාලු.. එතනට යන්න .. එතනින් විස්තර අහන්න පුලුවන් . අපිට කියල තියෙන්නෙ මෙතනින් කාවවත් ගන්න එපා කියල "

ටිකක් මැදිවියේ හිටපු අනිත් ආරක්ශක නිලදාරියා මට කිව්ව.. අර තරුන සිකුරිටි හාදය මන් දිහා බලා ඉන්නව කටත් ඇර ගෙන.. මට හිනාත් ගියා බලා ඉන්න විදියට.. ස්තූතියි කියපු මන් ගියා ඉස්සරහ ගේට්ටුවට..එහෙනම් මේ අර පිට්ටනියෙ තිබ්බෙ මීටින් එක මේ ශ්‍රමදානෙට සම්බන්ධ එකක් වෙන්න ඇති..මේ සිකුරිටි අයට නියෝග දීලා ඇති කාවවත් ඇතුලට ගන්න එපාය කියල.. ඒ ගොල්ලන් හරි.. ඒ ගොල්ලන් කරන්නෙ ඒ අයට දීපු නියෝග ක්‍රියාත්මක කරන එකනෙ..ඇත්තටම මගේ මේ ලිපියෙ අරමුන කවුද වැරදි කියල හොයන එක නම් නෙවෙයි.. කවුද වැරදි නැත්තෙ කියල පොඩි විග්‍රහයක් කරන එක තමයි.. අර තරුන සිකුරිටි හාදයාට කියල ඇති එයාගෙ බොස් මොන හේතුවක් වත් නිසා කවුරුවත් ඇතුලට ගන්න එපාය කියල.. මේක කැම්පස් එකක් නිසාත්.. දහස් වාරයක් මේ හාදයො මෙතනින් යන එන අයගෙන දොශාරෝපන අහනවත් ඇති.. පොඩි පඩියකට .. පැය 12 ක විතර වැඩ මුර අදින මේ තරුන හාදයො අද වගේ ඉරිද දවසක යාලුවො සෙට් එක එක්ක ෆන් එකක් ගන්න කැමති ඇති. මෙහෙම එන අය ගොඩාක් ගම් පලාත්වල ළමයි.. පවු ඔය ප්‍රශ්න කන්දරාව අස්සෙ මට ගරු සරුව කතා කරන්න මතක නැති වෙන්න ඇති.. මන් මොනව හරි කිව්වනම් .. තියෙන ප්‍රශ්න මදිවට.. කට පියන් හිටපු එක කොච්චර හොඳද? මන් ගත්තා කෝල් එකක් හාමුදුරුවන්ට..

" ලියන්න මන් ඔයාට කතා කලේ ..අපි මේන් ගේට් එක ලඟ ඉන්නෙ..ඇතුලට යන්න දෙන්නෙ නැහැ මොකද්ද එකක් තියෙනවලු"

"හා මන් දැන් ඔතනට එන්නම්."

 මන් එතනට යන කොට සෙට් එකම එතන..

"අද එක්සෑම් නැති වෙයි වගෙ."

 හැමෝම කතාව

"මෙතනින් ඇතුලට යන්න දෙන්නෙ නැහැ.. කැම්පස් තේරුනු අලුත් ලමයි දමල අද ශ්‍රමදානයක් කරනවලු.. "

කියන කොටම අර පිට්ටනියෙ හිටපු ලමයි කන්දරාව පේලියට අනිත් ගේට්ටුවකින් ඇතුලට ගන්නව.

"ලියන්න අපි ගිහින් ඇහුවා ඔයාත් ගිහින් අහන්නකො"
"හා ඉන්න මමත් අහල එන්නම්"

මම ගියා සිකුරිටි එකට..

"here what is going ooon? we do have a exam here at institute but we did not inform that it would be postponed or anything"
 මන් වැනුව කඩ්ඩෙන්ම..

"yes sir , all the sections even institute has closed today your exam.."

"but how can we sure about this ? can you call the institute and get a confirmation about the postpone of the exam. then we can go home.."

"සර් අර අතන කාර් එක ලඟ ඉන්නව ඒකෙ ගෑනු ලමයි දෙන්නෙක් . ටක් ගාල අහල එන්නකො"

මම එතනට ගියා

"සොරි මිස්ටර් ලියන්නා බලන්නකො අපි හිතුවෙ මේ ප්‍රොග්‍රෑම් එක තිබුනට විභාගෙ තියන්න පුලුවන් වෙයි කියලයි..ඒත් දැන් තියන්න බැහැ. විභාගෙ කල් දමල.. අපිට කල් ඇතුව දැනුම් දෙන්න විදියක්වත් තිබුනෙ නැහැ.."

"ආ ඔය ගොල්ලො මොනව කරන්නද ඒකට"

"අපි ඊළඟට විභාගෙ තියෙන දවස කෝල් කරල කියන්නම්."

"හරි තෑන්ක්ස් එහෙනම්"

ඇත්ත මේ ලමයිගෙ වැරැද්දක් නැහැ..ඒ ගොල්ලො කරන්නෙත් ඒ අයට කියන දේනෙ.. ඊට ඉස්සර උනත් මොනව හරි අපෙ ක්ලාස් වල වෙනසක් තියෙනවනම් අපිට කෝල් කරලම කියනව..ඒක සුවර්..ඒ හොඳ පුරුද්ද නිසා මොනවවත් නරකක් හිතන්න බැහැ.

"අපි එහෙනම් දැන් ගෙදර යමු නේද"

"හ්ම්ම්ම් වෙන මොනව කරන්නද..?"

 පේපර් එක ඉල්ල ගන්න බැරි වෙයිද දන්නෙ නැහැ ගෙදරදි ලියල ආපහු ගෙනත් දෙන්න..

" අපරාදෙ මට අර ගෑනු දරුවන්ගෙන් ඒක අහන්න බැරි උනානෙ.."

 හිනා වෙලා හිත සැහැල්ලු කර ගත්ත අපි විසිරිල ගෙවල් බලා පිටත් උනා..විභාගයක් තියන්නම තිබිලා අපිත් ඒකට හොඳටම සූදානම් වෙලා ගියහම මේ වගෙ උනහම ආයිමත් හොඳි ඕනි නැහැ.. කෑලි විතරක් ඇති.. මේ සිද්ධිය කලින්ම සැලසුම් කරල තිබුන එකක් උනත් අපෙ ආයතනය හිතන්න ඇති.. මේ වැඩසටහන් නිසා විභාගෙට බාධාවක් නොවේවි කියල. නමුත් ඒක අනපේක්ශිත විදියට වෙනස් උනා.. ආයිමත් දින නියමයක් නැතුව විභාගය කල් ගියා.. ආයතනය වැරදිත් නැහැ මේ තීරනයෙදි.. එතකොට කවුද වැරදි ?
මොකක්.. ????!!!
මොනවහරි දෙයක් උනහම කවුද වැරදි කියල හොයන්නම ඕනිද ? නැහැ.. මේ සිද්ධියෙදි කවුරුවත්ම වැරදි නැහැ. අධි විචල්‍යය පරිසරයකදි සැලසුම්කරුවෙක් මුහුන දෙන තත්වයක් තමයි මේක.. අපිට පරිසරයේ තියෙන සියලුම සාධක පාලනය කරන්න බැහැ.. එහෙම බැරි උනහම ඒකට වැරදි කාරයො හොය හොයා කෝප සිතුවිලි ඇති කරගෙන අපේම ලේ කුපිත කර ගන්නෙ ඇයි කියල හිතමින් මම ආයිමත් නෝට් ටික අතට ගත්ත මුල ඉඳන්ම පාඩම් කරනව..ඉස්සෙල්ල සැරේ මග හැරිච්ච කරුනු ටික ආයිමත් අල්ල ගන්න පුලුවන්..

photo coutesy from http://academic.cuesta.edu