ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Monday, May 27, 2013

මුසාවාදා වේරමණී...




 වෙනදාටත් වඩා ලස්සන යැයි මට සිතේ.

සුදු පැහැ චාම් ටී ෂර්ට් එකක් සමඟ හැඳි සුදු පැහැ දිගු සාය නිසා සංසාරයේ බොහෝ පෙරුම් පිරූ උවැසියකගේ ඡායාවක් මගේ දෑස කොනක දැවටේ.


"
ඔයා සිල් ගන්න ගියේ නැද්ද"


"
හ්හ්මුහ්...නෑ අපිට මොන සිල්දකනවා බොනවා හැම***, බුදියා ගන්නවා ආයි ආයි ඔය රෝදෙම තමයි කැරකෙන්නෙ"


"
හෙමීට... හෙමීට..මේ වෙසක් දවස් ටිකේවත් ඔව්වා ටිකක් හෙමිහිට කියන්ඩකෝබලන්න අහල පහළ ඉන්න මිනිස්සුන්ටත් ඇහෙනවා මේ සෙනඟ අස්සෙ"


ඇගේ සුදුමැලි වත රතු වී ඇතදෙකන් සහ නහය රතු වූ විට  වඩාත් පියකරුය.


"
කන්ඩකෝ ඔය අයිස් ක්‍රීම් එකඔන්න අත දිගේත් බේරෙනවා"


"
ඉහ්...හිහ්...ඉහ්.."


 පොඩි එකකු මෙන් හිනා සලමින් අයිස් ක්‍රීම් කෝන් එකම සෙමින් තම දෙතොල තුළින් මුව තුළ බහා එහි හිම කිරම සූප්පු කරයි.


මට සිනා පහළ වීය..


"
ඇයි හිනා වෙන්නෙ?"


අයිස් ක්‍රීම් කෝණයේ කෙළවරක් සපමින්  විමතියෙන මා දෙස බලන්නීය


"
ඔන්න කට දෙපැත්තෙ බේරෙනවා"


මම ඈගේ ලේන්සුව ගෙන ඈගේ මුව පිස දැම්මෙමි.


"
ඇයි හිනා වුණේ "


තවමත්  දෑස් තුළ විමතියේ ලකුණු..


"
මට මතක් උණා අර කතාව අර සිස්ටර් කෙනෙකුයිගොනෙකුයිබැඳපු ගෑනු කෙනෙකුයි අයිස් ක්‍රීම් කන විදියෙන් කොහොමද බැඳපු කෙනාව අඳුරා ගන්නෙ කියලා ඇම්ඩා අහපු කතාව"


මට උවමනා තරමටම  මුව විළියෙන් රතු වීය..


"
යන්ඩ යන්ඩ මම ඔය කතා ඕනි තරම් අහලා තියෙනවාකී දෙනෙක් නම් ඔයි කතා කියනවද?..හැබැයි ඔයා හරි නරකයි"


"
ඇයි?"


"
මම ඔයිට ඉස්සෙල්ලත් කිව්වා අර වචනෙ අර ගොල්ලන්ට පාවිච්චි කරන්න එපා කියලාඇයි  ගොල්ලො ඒක විකුණන් කෑවයි කියලා මිනිස්සු නෙවෙයිද ?"


 මට පිටුපා ගොස් වැව් බැම්මේ තනා තුබූ තාප්පයට වැළමිටි වාරුව ගෙන ඈත නගන රැළි දෙස බලා සිටින්නීය..


මද සුළඟට ඈගේ කියඹු වැල් සැලෙන්නේ ඈගේ සිතුවිලි කැළඹෙන ආකාරයට යැයි මට සිතුණි..


මට මහත් දුකක් සිතුණි...මා සෑමවිටම මගේ සිත විස්සෝපයට ඇද දමන්නෙ මාගේ පාලනයක් නැති කට නිසාය..


මෙවන් විටෙක ඈට තනිවම සිටීමට ඉඩ දීම වඩා යෝග්‍ය බව මා අත්දැකීමෙන්ම දනිමි...


"
මම අරෙහෙට යනවා තව ෆොටෝ ටිකක් ගන්නමේ ට්‍රයිපොඩ් එක තියා ගන්න"


 ට්‍රයිපොඩය ගෙන තම උකුලට තද කර ගෙන එයට වාරු වී..නිමක් නොපෙනෙන ජල තලයේ ඈත බලා හුන්නාය...


මා මොහොතකට ඈගෙන සමු ගත්තෙමිමද අඳුර වැටී ගෙන එද්දී තැනින් තැන දර්ශනීය ආකාරයෙන් සකසා තිබූ වෙසක් පහන් කූඩු වල එකින් එක වූ විදුලි බුබුළු දැල්වෙන්නට පටන් ගතිඅසල වූ ජල තලය මත විවිධ රටා අදිමින් වෙසක් කලාපය ආරම්භ කරන සංඥාව වූනෙක මල් වෙඩි සතර පැත්තකින් අහසට ඇදී ගොස් විවිධ හඬ නගමින් පුපුරා යන්නට වූයේ සියල්ලන්ගේම දෑස්  දෙසට යොමු කරවාලමිනි.


මා මේ සියල්ලම කැමරා කාචයේ සටහන් කර ගනිමින් ආපසු  වෙත පැමිණෙන විට ඈගේ සියලු අඳුරු මනෝභාවයන් ඈගෙන් ඉවත් වී නැවතත් සුපුරුදු සිනහව මුව අගට ලං කර ගෙන මා දෙස බලා සිටින්නීය


"
ඔය ෆොටෝ ටික සේරම මට සීඩී එකකට ලියලා දෙන්න..හෙමිහිට බලන්නම් නිවාඩු පාඩුවෙ.. මතක් කරන්න අද යන්න ඉස්සර වෙලා අර 
වුරුදු උත්සවේ ෆොටෝ තියෙන සීඩී එක බලලා ඉවරයි මම ඒක දෙන්නම්"

 ළදැරියක් මෙන් මාගේ එක් අතක එල්ලී ගෙන මුළු වෙසක් කලාපයේම වූ සෙනඟ අඩු කූඩූ සහ තොරන් සියල්ලම බැලුවාය.


මට ඡායාරූපයක් ගැනීමට අවශ්‍ය විටෙක නොමසුරුව මා අත වූ අමතර ලෙන්ෂයන් , බැටරි ආදි වූ බෑගය කරේ එල්ලා ගෙන මා දෙස නෙත් යොමා සිටියායමැදියම් රැය පහන් වෙද්දී අප ඈගේ නවාතැන වෙත පැමිණියෙමු.


සියල්ලෝම වෙසක් උත්සවය නිසාම තමන්ගේ ගම්බිම් බලා ගොස්ය..


උණුසුම් දිය දහරකින් ගත දොවා ගෙන සිහින් මධුවිතක් ආමාශ ගත වෙද්දී සන්ධ්‍යා කාලයේදී ගතට දුන් වෙහෙස සියල්ලම ගතින් මෙන්මසිතින්ද පහව ගොසිනි.


දන්සැල් වලින් සහ සෑමතැනම තුබූ ආපනශාලා වලින් විවිධ වූ දෑ කා තිබූ නිසා මද හෝ කුසගින්නක් නොදැනේ..


"
යන්න ඉස්සර මම නූඩ්ලස් එකක් හදලා දෙන්නම්නැත්නම් ගෙදර ගිහින් ඔයා බඩගින්නෙ නිදියයි"


ඈගේ උණුසුම් ඇඟිලි තුඩු මාගේ පපුවේ රෝම අතරේ සක්මන් කරයි..



වෙහෙස නිසාම නින්දක් යාමට ගොස් අසල වූ මාර්ගයේ මහ හඬ නගමින් ගමන් ගත් මෝටර් රථය නිසා මා හිස එසවූයෙමි


"
ඉඳලා උදෙන්ම යන්ඩකෝ..."


 ආයාචනය කරන්නීය..


"
බෑ බබා මට යන්ඩෝනි.."


"
 උණාට ඔයා බීලා ඔය බයික් එකේ යන කොට පොලිසියෙන් ඇල්ලුවොත්"


"
ඔයා දන්නවනේ මගේ යාළුවො ගැන..කෝල් එකක් දීලා ෂේප් වෙන්නම්"


"
මොකද්ද ඔයා ටිකකට ඉස්සෙල්ලා අර අද වෙසක් දවසේ ඇත්තම කියන්නම් කියලා කීවෙ?"


"
මතකද මම ඔයාට කීවා මම මේ තත්වෙට වැටුණෙ කොහොමද කියලා"


"
ඔව් මතකයි ඔයා එක එක සැරේට එක එක කතාවල් කීවා..තාත්තා අතින් උණ නිසා කීවා..අර ඉස්කෝලෙ සර්ගෙ කතාවක් කීවා.හාමුදුරුවො දහම් පාසලෙදි.."


"
ඇති ඇති... බිව්ව වෙලාවට එහෙම කියන්න ඇති"


"
ඉතින් ඇත්තම කතාව මොකද්ද ?"


"
ඔය මොකක්වත් හේතු නෑ අනේ මම මේකට ආසයි"



" ඒකද ඇත්තම කතාව?"

"
ඔව් වෙසක් එකේ ඇයි මම බොරු කියන්නෙ?"


"
හා ලබන ඉරිදා මොකද කරන්නෙ?"


"
ලබන ඉරිදා බෑ සෙනසුරාදා අර බැංකුවෙ මහත්තයා එක්ක නුවර එළි යනවා..එන්නෙ සඳුදා උදේට"


"
මට මොනවද ගේන්නෙ"


ඔයාට ඔයා කැමතිම ස්ට්‍රෝබෙරි ගේන්නම්"


විටින් විට ඇද හැළුණු දුවන වැසි නිසා මදක් තෙමී තිබුණු බයිසිකලය මත හිඳ ගත් මාගේ තුනටිය දිගේ මුළු ශරීරයම හිරි වට්ටන  
සීතලක් මොළය වෙත ඇදෙන්නටවීය..

සීතල වූ හෙල්මටය පැළඟ ගත් මා නැවත  දෙස බැලූයෙමි.


මා දුටු සුන්දරම හදවත සතු කත ඇයයි... 


------------------------------------------------------------------------
ප. ලි. මේක කෙටිකතාවක්  විතරයි කියලා කියන්ඩම ඕනිද ???

Wednesday, May 22, 2013

චින්තනය නිදහස් වේවා ! දේශපාලනික ලිපියක් නොවේ

සෘජු මාවතක ගමන් කිරීමට අපට මඟ පෙන්වනු මැනව.

ශුද්ධ වූ කුරානය .


ඓහලෞකික කරුණු මා විසින් කියන ලද නම්ඔබ විශ්වාස නොකරන්නෙහියමා ද්‍රව්‍යමය කරුණු ගැන කියන කල්හි ඔබ එය කෙසේ විශ්වාස කරන්නෙහිද ?

ශුභාරංචිය : ශාන්ත ජෝන් (111-112)

අසාරේ සාරමතිනො
සාරෙ චා'සාරධස්සිනො...
යම් කෙනෙක් කිසි හරයක් නැති අදහස් වල හරයක් ඇතැයි සිතත්ද,සාරවත් ධර්මයන් නිසරු කොට සලකත් වැරදි අදහස් වලට ගොදුරු වූ ඔවුහු මාර්ගඵල ආදී සාරයක් නොලබත්.


ධම්මපදය : යමක වග්ගය.

ඉහළ උපුටලා දක්වලා තියෙන කරුණු වලටම අදාලා වෙන පහළින් මම කියන්න යන කතාව අහලා නැති කෙනෙක් ඉන්නවා නම් ඒ සුළුතරයක්ම තමයි.ඒත් ගැටලුව තියෙන්නෙ මේ කථාවෙන් කියන්න යන දේ අපේ හිත් වලට කොයිතරම් එක් කරගෙන අපි ජීවිතය අත්දකිනවද කියනඑකයි....

අනිත් අය කියන කරන දේවල් පැත්තකින් තියමු.එහෙම නැත්නම් මේක මහ කුහක කතාවක් වෙනවනෙමම උණත් මේ කියන කතාව තුළින් කියවෙන හර පද්ධතිය තාමත් ජීවිතේට ගොඩක්ම ළඟා කරගෙන නෑ කියලා හිතෙන්නෙ මගේ ක්‍රියාකලාපය මමම විවේචනය කරමින් බලන වෙලාවටයි.

 තමයි කාලාම සූත්‍රය..

 ඒකද ඒක අපි ඕනි තරම් බණට අහලා තියෙනවා..පහුගිය කාල වලදි ඕනි තරම් තොරන් වල පහන් කූඩු වල තේමාව වෙලා දැකලා තියෙනවා කියලා මුලින්ම හිතට එන එක අරුමයක් වෙන්නෙ නෑ..

එහෙම උණත් අපි තැනින් තැන දකින තර්ක විතර්ක, කතා බහ, අඬා දොඩා ගැනීම්, වැලපිලි සියල්ලම දකින කොට හිතෙන්නෙ මේකෙන් කියවෙන ස්වාධීන චින්තනය මොකද්ද කියලා කවුරුවත් හරියට අරගෙන නැහැයි කියලයි..මේ කතාව ඇදුණෙ අපි යාළුවො කට්ටියක් එක්ක ඉන්න වෙලාවක එකෙක්

"
මචන්ලා මූණු පොතේ අරූ මේක ගැන මෙහෙමයි කියන්නෙ ..මම අහලා ඉගෙන ගෙන තියෙන්නෙ මෙහෙමයි..හරි මොකද්ද ?"


"මචන් දැක්කද අරූගෙ බ්ලොග් එකේ ලියලා තිබ්බ ලිපියට අරූ ලියලා තිබ්බ කමෙන්ට් එක ? ඒකට එකෙකුටවත් කට උත්තර නැතුව කුජීතවෙලා තිබ්බාඅපිට් ඉගෙන ගෙන තිබ්බෙ අරූ කිව්ව විදියට උණාට අර කමෙන්ට් එක කියෙව්වහම මටත් හිතුණා ඒක ඇත්ත කියලා"

"
මොකද්ද බන් ඔයිකෙන් හරි ?"


"උඹ නම් අර කතාව හරියටම දන්නවා ඇතිනෙ..අරූ  උඹේ යාළුවනෙ ඒක ඇත්තද බන් ?"

ඔහොම්මම අර කොසොල් රටේ කාලාම ගොත්‍රයේ කට්ටිය වාසය කරපු කේසපුත්ත ගමේ අයත් බුදුන්  ගමට චාරිකාවේ  වැඩියහම ඇහුවලුනෙ..මේ ගමට එක එක ජාතියේ ශ්‍රමණයො එනවා .  ගොල්ලන්ගෙ එක එක වාද කියනවාඅනුන්ගෙ ඒවා ගරහනවාකවුරු බොරු කියනවද කවුරු ඇත්ත කියනවද කියලා අපිට ලොකු සැකයක් එනවා

"
හරි ඔබලට සැකයක් එන්න ඕනි තැනම සැකයක් ඇවිත් තියෙන්නෙඊළඟ දවසෙ එහෙම එකක් ආපුවහම මෙන්න මේ නිර්ණායක වලින් බලන්න ඔබේ තර්කයට ගැලපෙනවා නම්.."


එහෙමයි බුදුන් දේශනා කළේ..

"
මචන් මෙන්න මේ ක්‍රයිටීරියා වලට දමලා බලපල්ලා ඔය කරුණු ටිකමමත් ඔහොම අවුල් වෙච්ච වෙලාවල් වල කරන්න බලන්නෙ ඔහොමයි.." 


මම උණා නම් එහෙම කියයි.

මෙන්න දහය

මේක ගත්තෙ කාලාම සූත්‍රයෙන් ලිව්වෙ මට තේරෙන මගේ භාෂාවෙන්

1.
අනුන් කියන හින්දා පිළි ගන්න එපායමක් තමට ඇසුණයි කියලා තමන්ගෙ සිහිබුද්ධියෙන් විමසලා බලන්ඩ ඕනි කියන එකයි මේ කියන්නෙඕකෙන් කියවෙන්නෙ නෑ අනුන් කී හින්දා ප්‍රතික්ෂේප කරන්නයි කියලා . අනුන් කියන දේක ඇත්ත නැත්ත තෝරා බේරාගන්න අසන්නාට හැකියාව තියෙන්න ඕනිඑච්චරයි.


2. 
පරම්පරාවෙන් ආවයි කියලා පිලි ගන්නත් එපාතමන්ගෙ පැරැන්නෝ ඇත්තයි කියලා එළඹිලා හිටි මතයන් ,අදහස්  හින්දම පිළිගන්නත් එපාමෙතෙන්ටත් සිහි බුද්ධිය යොදන්න.


3. 
යමක් මෙහෙම වෙන්න පුළුවන් කියලා අනුමාන කරලා හිතලා ඒක ඇත්ත හැටියටත් ගන්න එපාමොකද අනුමාන කරන කරුණු සමහරවිට එහෙම වෙන්නත් පුළුවන් එහෙම නොවෙන්නත් පුළුවන්අනුමාන කරපු කරුණු  වෙලාවෙ ඇත්ත උණාට පස්සෙදි ඉඳුරාම වෙනස් වෙන්නත් පුළුවන්බලන්නකෝ ඔය අනුමානෙට ප්‍රසිද්ධ බ්ලොග් ලියන අයගේ ජීවිත අල්ලලා පුදගලික පළි ගැනීම් වලට ලියන බ්ලොග් දිහා...ඔව්වා විශ්වාස කරගෙනම ඉන්න අය කොයිතරම් නම් ඉන්නවද ? ඒවා ලියන්නෙ අනුමාන මත...


4. 
ආගමික පොත් පත්වල තිබ්බයි කියලත් විමර්ශනයට ලක් නොකර නම් පිලි ගන්න එපා.. අපොයි අද පරිචය බලන්නකො ඔය ආගමික ග්‍රන්ථ ඔළුව උඩ තියාගෙන යන කොට්ඨාශයක් ඉන්නෙ...ආන්න  අයට දීපු කම්මුල් පාරක මේක නම්...සයිබර් අවකාශයෙත් ඔහොමමයි ඉතින්..බ්ලොග් එකක තිබ්බයි කියලා පිලි ගන්ඩෙපා..විමර්ශනය කරන්න පුළුවන් තරම්.


5. 
තර්කානූකූල යැයි කියල පිලි ගන්නත් එපාඕනි පට්ට පල් බොරුවක් තර්කානුකූල කරලා රවුම් කරලා බටර් ගාලා ගිල්ලවන්න පුළුවන් අයියලා අද කාලෙ විතර වෙන කිසිම කාලෙක හිටියෙ නෑ.. හින්දා තර්කානුකූලව ඉදිරිපත් කළා කියලා බොරුව ඇත්ත වෙන්නෙ නෑ...ඔව් ඔව් අර බ්ලොග් වල ලියලා තිබ්බ කතා උණත් මොන තර්කානුකූලව ලියලා තිබ්බත් ! ආයිමත් හිතලා බලන්නකො..


6. 
න්‍යායන් වලට අනුකූලයි කියලත් ඒක ඇත්තම තමයි කියලා පිළිගන්ඩෙපා කියලයි මේකෙන් කියවෙන්නෙමොකද න්‍යායක් හැදෙන්නෙ තරකානුකූලව.. තර්කානුකූල ක්‍රමවේදය තුළින් එන්නෙ මහ බොරුවක් නම්...අනේ අදහන කෙනාට සොරි ඩොට්කොම් තමයි නේද ?


7.
බොහොම දක්ෂ කථිකයෙකුටබොහොම දක්ෂ ලේඛකයකුට පුළුවන් යමක් යහපත් දෙයක් කියලා තමන්ගේ තියෙන දක්ෂ කමින් ප්‍රයෝජන අරගෙන පෙන්නන්නඒත්  පෙන්නන දේ සැබවින්ම යහපත්ද කියන එක කරුණු දිගින් දිගටම විග්‍රහ කරලා 
ලාම පිළිගන්ඩයි කියලයි කියන්නෙ.

8. 
තමන් දැනටමත් බැඳිලා ඉන්න දැක්මකින් සහ  දැක්මට ගැලපෙනවයි කියලා යමක් පිළිගන්නත් එපා..මොකද යමක ගැඹුර දකින්න ඒ දැක්ම බාදා වෙනවා වෙන්න පුළුවන්පෙට්ටියෙන් පිට හිතන්න කියන්නෙ ඒකට වෙන්න ඕනියි කියලයි මට නම් හිතෙන්නෙ


9. 
දැන උගත් අයකු කියන දෙය  උගත්කම නිසා ගරු කරලා පිලි ගන්න ඕනි කියලා පිලි ගන්ඩෙපා..දැන උගත් කම නිසා ඔහු
 /ඇයකෙරෙහි අපේ ඇති වෙන භක්තිය නිසාම ඔවුන් කියන දේ විමසීමකින් තොරවම  විදියටම පිලි ගන්න ගියොත් අපේ ස්වාධීනතාවයට ඒක බාධාවක් වෙනවා

10. 
මෙයා අපේ ගුරුවරයා කියලා පිළිගන්නත් එපා..මෙතෙන්දි බෞද්ධයින්ට නම් කීවෙ බෞද්ධ ධර්මය වුණත් විචාරාත්මක විග්‍රහයක් කරලා මිසක් පිළිගන්ඩෙපා කියලයි..


ඔච්චරයි ඔය කරුණු දහයම තියෙන්නෙ කාලාම සූත්‍රයේ...

ඔය කරුණු දහයම එකට අනා ගෙන තමන්ටම කියලා ස්වාධීන චින්තනයක් ඇති කර ගත්තොත් අරයා අරක කිව්වා..මෙයා මේක කිව්වා..අර බ්ලොග් එකේ මට ගැහුවා..එම බ්ලොග් එකේ මට ගැහුවා...අයියෝ මම ඉවරයි කියලා හිත හිතා ඉන්න ඕනිත් නෑ...ඕකව අහු වෙච්ච දවසට අඬු හතරම කඩනවා කිය කියා යන්ඩ ඕනි වෙන්නෙ නෑ.. ...

ඔබේ ආගම මොකක් උණත්,  ඔබට තිබිය යුතු ස්වාධීන චින්තනය ගොඩනැගෙනවා නම් වෙන්න ඕනි එච්චරනෙ.

ඔබේ අරමුණ ජීවිතයේ සත්‍යය සොයා යාම හෝ එදිනෙදා ජීවිතයේ පැන නගින ගැටළුවලට විසඳුම් සොයනවා වෙනවා වෙන්න පුළුවන්...ඔය කොතෙන්දිත් මේ විග්‍රහයන් ප්‍රයෝජනවත් වෙනවා නේද කියලා ඔබලම විග්‍රහ කරලා බලන්නකෝ !




සියලු දෙනාටම වෙසඟේ අසිරිය සිතට දැනේවා..