ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Wednesday, September 12, 2012

මැණික් සොයා...... පළමුවෙනි කොටස


"නිදා ගනිල්ලා බන් උඹලයෙ කච බචේ නවත්තලා. හෙට ආයි වැඩ කරන්නෙ නැද්ද ?

ගුණපාල අයියගෙ  ගොරහැඩි කටහඬ ආයිමත් අල්ලපු පතල් වාඩියෙන් ඇහුනා. එක ළඟ ළඟ ම පිහිටලා තිබ්බ පතල් දෙකේ වාඩි දෙක තිබ්බෙ අත පොව්වන මානයෙන්මයි. 

"මොකද්ද ගුනේ අයියෙ මුර කරන්ඩ එන දවසටවත් ඇහැරලා ඉඳලා මුර කරහන්කො. එහෙනම් උඹට ගෙදර ගිහින්ම බුදියා ගන්ඩ තිබ්බනෙ"

"උඹ මගෙන් කුණුහරුප අහගන්න එපා මල්ලි. යකෝ ඉල්ලම් තියෙන කාලෙක නම් මේක මුර කොරන්ඩ ඕනි තමයි. මේ දවසක හොරු ඇරන් යන්නෙ උඹෙ අහවල් එකද ?"

 ගුනපාල අයියව අවුස්සා ගත්තොත් රෑ එලිවෙනකම්ම නිදි මරන එක නම් එච්චර අමාරු වෙන්නෙ නැති උනත්..ගිණිපුක් කාරයෙක් වගේ හොම්බ ළඟින් මැස්සෙක් ගියත් හොඳටම තද වෙන මනුස්සෙක් නිසා අපි ආයි මිනිහා එක්ක කතාවට ගියේ නෑ. පහු ගිය දොහක මිනිහට මොකද්ද මන්දා කඩප්පුලි කතාවක් කියලා උදළු පාරක් කන ළඟින් ගිහින් අනූ නමෙන් බේරිලා තිබ්බා කියලා සමන් කිව්ව කතාව නිසාම අපි ගුණපාල මාමා එක්ක වැඩිය විහිළු කරන්න නම් ගියේ නෑ

සමන් ගේ පතල් වාඩියෙ මුරේ තියෙන දවසට අපේ සෙට් එකේ 2-3න් දෙනෙක්ම මිනිහගේ ආරක්ෂාවට වාඩියෙ හිටියා.  ආරක්ෂා කරන්ඩ මිනිහගෙ යමක් නොතිබ්බත් එදාට කොහෙන් හරි වාඩියට එන අඩු වැඩිය සප්පායම් වෙන්ඩයි අපේ සෙට් එක ඔතනට ටැග් ගැහෙන්නෙ.  . පතලේ වැඩ කරන අය දවස් බෙදා ගෙන පතලේ තියෙන උපකරණ ගෙනාපු බඩු වගේ දේවල් ආරක්ශා කර ගන්ඩයි, ඉල්ලන් ඒ කියන්නෙ මැණික් තියෙන පස් ගොඩ තමයි මෙහෙම මුර කරන්නෙ..මේ මුර කිරිල්ල වැඩ කරන කට්ටිය අතරේ ශිෆ්ට් ක්‍රමය බෙදිලා ගිහින් තිබ්බා..

රෑ නවය හමාර විතර වෙන්න ඇති.  අපිත් ගෙනාපුවා කාලා බීලා තේ එකකුත් හදා ගෙන අල්ලපු වාඩියෙ හිටි ගුනපාල මාමටත් දීලා ආයි පැලට ආවෙ කයිය ගහන එක තව දිග් ගස්සා ගන්ඩයි. 


"අඩෝ දැනුනද ගුණපාල මාමා මහ රෑ පවුඩරුත් දාලාද මන්දා මාර සුවඳයි"

"කෑ නොගහා හිටහන් බන් මෙතන හෙමිහිට කියන එකත් ඇහෙනවා. අපි ගියේ නෑ උඹ වගේ ඉව අල්ලන්න "


වෙලාවක් කලාවක් දන්නෙ නෑ..කතා කර කර ඉඳලා අහල පහල ගෙවල් තිබ්බ අය නම් ගෙවල් බලා ගියා. මමයි සමනුයි රූපෙයි තුන් දෙනා වාඩියෙ නිදා ගන්ඩ ලෑස්ති උනා. 

උණ පටි ගහලා හදපු  ඉඳ ගන්ඩ, නිදා ගන්ඩ හදපු මැස්සෙ පැදුරක් දමා ගත්තා කට්ටියම එක දිගට නිදි..

ලංකාව මැණික් වලට ප්‍රසිද්ධ උනේ අද ඊයෙක නෙවෙයිනෙ.. එදා රත්නද්වීපය කියන නම වැටුනෙත් මැණික් නිසා කියනවනෙ.ඉතිහාසෙ ගැන ලියවිලා තියෙන ගොඩාක් මූලාශ්‍ර වල මේ කාරනේ සඳහන් වෙනවා..  මැණික් සල්ලි වලින් ජීවිතය ගොඩ නොගියත් ඉගෙන ගෙන මේ කොලොම්පුරේට ආපු මට අපේ ගම් පොඩි කලෙ ඉඳලම ඇහැ  ගැටිච්ච මුහු වෙච්ච මැණික් පරිසරයෙන්  බිඳක් ලියන්ඩයි මන් මේ කල්පනා කලේ. ඇපේම දිස්ත්‍රික්කයේ ඉඳන් මගේ බ්ලොග් එක කියවන අපේ මල්ලිලාට නම් මේක අමුතු දෙයක් නෙවී වගේම තව අඩු වැඩියකුත් එකතු කරන්ඩ නම් පුළුවන් වෙයි. 

අද වාගේ ඩෙංගු මාරාන්තික ව පැතිරිච්ච නැති කාලයක් වෙච්ච ඒ කාලෙ උනත් මදුරු කරදරයෙන් නම් අඩුවක් තිබ්බෙ  නෑ. ඒ නිසාමයි ඇවිලෙන ගිණි ගොඩට කජු පොතු කීපයක්ම සැරින් සැරේ ලං කරන්නෙ.  ඒකෙ සැරට මදුරුවො පැත්ත පලාතෙ ඉන්නෙ නෑ. 

මැණික් වලට හොඳටම ප්‍රසිද්ධ රත්නපුරෙ වැඩියෙන්ම මැණික් හම්බ වෙන ප්‍රදේශ විදියට සැලකෙන්නේ නම් රත්නපුර, කුරුවිට, පැල්මඩුල්ල, රක්වාන, නිවිතිගල, කලවාන, රඹුක, ඇහැළියගොඩ, කිරිඇල්ල, අයගම , බළංගොඩ තමයි. සාමාන්‍යෙන් අනිත් ප්‍රදේශ වලත් මැණික් හම්බ උනත් වටිනම මැණික් හම්බ වෙන ප්‍රදේශ තමයි ඒ. ඒ.  මැණික් තියෙන මාලාව කියන පස් තට්ටුව තියෙන්නෙ සාමාන්‍යෙන් පොළව මතුපිට ඉඳන් අඩි සීයක් විතර යට..එහෙමනම් මැණික්හොයන්න හොඳ වලක් බහින්ඩම වෙනවා. ඒ වල තමයි පතලය කියන්නෙ. ගොඩ ඉඩම් වල පතල් කපන කොට ගොඩ පතල් වගේම දෝනා පතල් තියෙනවා. ඉඩමේ හැටි හැටියට පතලයක් එක්කො හතර රියන් 4X4  නැත්නම් අට රියන් 8X8 වෙනවා.  පොළව ගොඩක්ම තදයි නම් තමයි ඔය කියන හතර රියන් පතල් හාරන්නෙ. ගොඩාක් වෙලාවට වෙන්නේ නම් මේ අට රියන් පතල් තමයි. පතලේ බිත්ති හයි කරන්නෙ රබර් ලී සහ පුවක් පටි. ඔය රබර් ලී හරස් කඩ අඟල් 6X6 ඒවා වගේම පුවක් පටි අඟල් 2ක් පළල ඒවා තමයි ගන්නෙ.  ඔය පතල් වල බැහැලා හරස් අතට දෝනා යනවා.. එහෙම ගිහින් තමයි ඉල්ලම් ගොඩට ගේන්නෙ. ඔච්චර යට ඉඳන් ඉල්ලම් උඩට ගේන්න දබරය කියන කරකවන උපකරණය පාවිච්චි කරනවා.    ඉල්ලන් ඒ කියන්නෙ මැණික් තියෙන පාශාණය තියෙන පස් ගොඩක් එකතු කරලා ලොකු වේවැල් කූඩා වලින් ගරන එක තමයි අන්තිම කාරණෙ.   මැනික් බර නිසා ඒ ගල් වට්ටියෙ යටටම ගිහින් තැන්පත් වෙනවා. අදට නම් මැෂින් වලින් මහා පරිමාණයෙන් මැණික් ගරන තැනුත් තියෙනවා.

ඒ වගේමයි මැණික් කර්මාන්තය ආශ්‍රිතවම හැදිච්ච වචන සෙට් එකක්ම තියෙනවා..ඒ ව්‍යවහාරික භාෂාව..

ෆොටෝ ටික ගත්තෙ නම් මේ බ්ලොග් එකෙන් තමයි. ඒකෙ කඩ්ඩෙන් තියෙනවා මැණික් කර්මාන්තෙ ගැන විස්තර ගොඩාක්..

http://yukotravels.blog.com/gem-minig/













නිත් මැනික් හොයන ක්‍රමේ තමයි ඇදුම් පතල් කියන්නෙ.  ඇදුම් පතලක පාවිච්චියට ගන්නෙ ඇදුම් උදැල්ල තමයි. ඒක තලය අඩි 2 නැත්නම් 2 ½ දිග අඩි 1ක් පළල උදැල්ලක්.  ඒකෙ මිට නම් අඩි 15ක් නැත්නම් 20 විතර වෙනවා. මේකෙදි  කෙරෙන්නෙ ගඟේ ගලා ගෙන යන වතුර ඇදුම් වළ ළඟින් යන විදියට හරහට අතු වැටි ගහලා හදා ගන්නවා. ඊට පස්සෙ  අර උදළු වලින් එතන ඇදුම් වලට දාන පස් ගඟේ වතුර පාරට සෝදා ගෙන යනවා .   මැණික් ගල් බර නිසා ඒවා අඩියෙම ඉතුරු වෙලා අනිත් පස් ටික හෝදා ගෙන යන්නෙ ගඟේ වතුරෙන්මයි.

මැණික් ගලක වටිනාකම තීරණය වෙන්න ගල් වල   තියෙන බර වගේම සවිමත් කම නිසාමයි. 

ඒ ලෙවල් කරලා කැම්පස් යන්ඩ අවුරුදු තුනක් විතර කාලයක් තිබ්බ නිසා මාත් මාස හයක ගල් කපන කෝස් එකක් කරන්ඩ ගිය නිසා සාමාන්‍යෙන් අපිට පතලයක හම්බ වෙන මැණික් ජාති වලට වඩා හැම ජාතියෙම ගල් අත ගාලා බලලා කපන්න චාන්ස් එකක් ලැබුනා..ඒ කෝස් එකෙන් ආර්ථික වාසි නොතිබ්බත් එහෙම චාන්ස් එකක් ආයි එයියැ. ඒ කෝස් එකේ නියම නම ගල් කපන  කෝස්  එක නෙවෙයි ලැපිඩරි කෝස් එක කියලයි කීවෙ..

ඔහොම හම්බ වෙන මැණික් ජාති මොනවද? , වටිනාකම තීරණය් කෙරෙන්නේ කොහොමද ? රත්නපුරෙන් දැනට හම්බ වෙච්ච ප්‍රසිද්ධම ගල් මොනවාද සහ අපි රත්නපුරේ පැත්තෙ සංචාරය කරනවානම් මැණික් සම්බන්ධයෙන් කොහෙද බලන්න ඕනි කියලත් ඊළඟ කොටසින් කියන්ඩයි යන්නෙ..

ඉතින් එදා පතල් වාඩියෙ කාලා බීලා අපි තුන් දෙනා නිදා ගත්තා.. මට මහ රෑ ජාමේ ඇහැරුනේ තද චූ බරක් එක්කයි. ඇයි බීපු ජාති වැඩි නිසා වෙන්න ඇති. අනිත් උන් දෙන්නා හොඳටම ගොරෝ ගොරෝ නිදි.. තාම මහ රෑ ජමේ බව තේරුනේ ඇඟට දැනෙන සීතල වගේම කුරුල්ලෙක්ගෙවත් කිසිම සද්දයක් නැති පාළු නිහඬ බව නිසාමයි.

ගිණි ගොඩට තව රබර් කොටයක් කිට්ටු කරලා, කජු පොතු ටිකකුත් ඒකට දැම්මා..මොකද එතකොටත් මදුරු සේනාවක් ටික ටික අපි නිදා හිටි මැස්සට අරක් ගෙන හිටි බව පෙනුනෙ සමන් සැරි සැරේ නින්දෙන්ම චටාස් ගාලා ගහලා ටිකක් කහලා අනිත් පැත්ත හැරෙනවා දුටුවමයි.  මමත් පොඩ්ඩක් අපේ වාඩියෙන් එහා පැත්තේ තියෙන කෙසෙල් පඳුර ගාවට ගියේ බර සැහැල්ලු කර ගන්න. ගුණපාල මාමා හිටි වාඩියේ ලන්තෑරුමත් නිවිලා..  මිනිහට හොඳට නින්ද ගිහින් වෙන්න ඇති.. අපි හිටි වාඩියෙ තිබ්බ ලන්තෑරුමෙන් පෙරිලා එන යාන්තම් කහපාට ආලෝකය හින්දා අහල පහල තිබ්බ උපකරණ වල නොහැපී කෙසෙල් පඳුර ළඟට ගියා. වැඩේ කර ගෙන ආපහු එන්නත් හදලා මොකද ගුණපාල මාමගේ වාඩියේ ලන්තෑරුම නිවිලා තියෙන්නෙ බලන්න හැරුනා විතරයි..මගේ පැත්තකින් කෙසෙල් පඳුර අතරින් කෙසෙල් පරඬැල් පෑගෙන සද්දයක් එක්කම..

මට නොපෙනෙන පැත්තෙන් ආපු කවුරු හරි මාව බදා ගන්නවා දැනුනා… 





මතු සම්බන්ධයි…

37 comments:

  1. onna ara gon depaye drama ekak wage naggala thiyala natharakarala

    ReplyDelete
  2. බදා ගත්තා කිව්වා..... :O

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
  3. අර ඇහැ තියල බලපුවහම ඉරක් පේන ගලට මම හරිම ආසයි.

    ReplyDelete
  4. පොට්ට චෑන්ස් එකක් වදින්නද යන්නේ..? :)

    ReplyDelete
  5. ගල් කපන කෝස් එක කරපු එකෙක් වෙන්ටෑ..

    ReplyDelete
    Replies
    1. හ්ම් ... හ්ම් ... ඌත් දැනගෙන ඉන්න ඇති වෙනී අයියා ගල් කපන කෝස් එක කරල ඉන්නෙ කියල.

      Delete
  6. "මට නොපෙනෙන පැත්තෙන් ආපු කවුරු හරි මාව බදා ගන්නවා දැනුනා… "
    ගල් කපන එකෙක්ද?

    ReplyDelete
  7. අන්තිමපෙලියේ වත් ලිවුවා නම් ලියන්න තිබුන කවුද මොකටද කියලා.

    ReplyDelete
  8. uwiniran ගේ කමෙන්ටුව තාවකාලිකව ස්පෑම් කර ඇත..ඕකනෙ බොලා එතන බලා ඉඳලා..ඔහොම කියනවද ප්‍රසිද්ධියේම මෙතන ? :-D

    ReplyDelete
  9. වැඩේ කර ගෙන ආපහු එන්නත් හදලා මොකද ගුණපාල මාමගේ වාඩියේ ලන්තෑරුම නිවිලා තියෙන්නෙ බලන්න හැරුනා විතරයි..මගේ පැත්තකින් කෙසෙල් පඳුර අතරින් කෙසෙල් පරඬැල් පෑගෙන සද්දයක් එක්කම..

    මෙතන හිතා මතා අග මුල මාරු කරලා තියෙන්නේ. වැඩේ කර ගත්තේ බදා ගැනීම වුනාට පස්සෙනේ...

    පතල් කෙරුවාවට සම්බන්ධ අයගේ නම් මොන තරම් කථා ඇතිද ? ඒ මිනිස්සුන්ගේ දුක, සතුට, ජීවිත අවදානම විතරක් නෙවෙයි,, ඔය ධනවත්, අති ධනවත් මැණික් ව්‍යාපාරිකයෝ ගැනත් මොන තරම් කථා තියෙනවද ..

    කොහොම වුනත් අනිත් හැම දේටම වගේ ජීවිතේ පරදුවටට තියල වැඩ කරන අයට ගොඩක් වෙලාවට ඒකට හරි හමං වටිනාකමක් ලැබෙන්නේ නැහැ . අනිත් අතට සමහර වෙලාවට වලේදීම චීන ක්‍රමේට එහෙම ගල් පන්නා ගන්නේ නැතිව නෙවෙයි.

    මිනිස්සු ගොඩාක් වාසනාව ගැන බලාපොරොත්තු තියා ගන්නවා වගේම ගොඩක් වෙලාවට ඒ බලාපොරොත්තු අත ඇර ගන්න වෙනවා.

    අතට සල්ලි යහමෙන් ලැබෙන සමහර අය( සමහර විට තායි බලපෑමුත් සමග ) අතර වෙනම දුරාචාර උප සංස්කෘතියක් නැතිවා නෙවෙයි. හරි මග යන ධනවතා දිගටම ධනවත් වෙනවා, අනිත් අය ඉතින් අනිත් පැත්තට. කොටින්ම මම අහල තියෙන විධියට ලංකාවේ පලවෙනි ඒඩ්ස් රෝගියා වාර්තා වෙලා තියෙන්නෙත් මේ පැත්තෙන්.

    පතල්/මැණික් කරුමාන්තෙට සම්බන්ධ නොවුනට මගේ ළඟ දබරයක් තියෙනවා. තියෙන තැනේ හැටියට පැහැදිලි ෆොටෝවක් ගන්න අමාරුයි.

    ReplyDelete
  10. "අපිට පතලයක හම්බ වෙන මැණික් ජාති වලට වඩා හැම ජාතියෙම ගල් අත ගාලා බලලා කපන්න චාන්ස් එකක් ලැබුනා"
    පොඩ්ඩක් විස්තර කලොත් ...:P

    ReplyDelete
  11. @ shanaka kumara කියන එකට මටත් උත්තරයක් ඕනි

    ReplyDelete
  12. මං හිතුවා උඹ පහුගිය පෝස්ට් එකේ දාපු පින්තූරෙ හැටියට මේ පාර ඔය වගෙ කේස් බලාපොරොත්තු වෙන්න පුලුවන් කියලා. හරිනෙ. ඕය ක්ලල තියෙන්නෙ තාප්පෙටම!
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
  13. බදා ගත්තෙත් ගල් කපන කෝස් එක කරපු එකෙක්ද දන්නෑ නේද අයියේ???????

    ReplyDelete
  14. මොකද, ආයෙ අපිව මීයො කරන්නද කම්පනාව.

    ReplyDelete
    Replies
    1. ඕක ඉතින් හැමදාම වෙන එකනේ බං..

      Delete
  15. මාත් ලඟදි රත්නපුරේ ගිහින්..කිරිඇල්ල පැත්තෙ දවස් දෙක තුනක් නැවතිලත් හිටිය.ඒ යාළුවගෙ තාත්තත් මැණික් බිස්නස් කරන්නේ.මොනව මොනවද ගල් වගයක් පෙන්නල නම් වගයක් කිව්ව...මට නම් මතක් හිටියෙත් නෑ...
    හැබැයි රත්නපුරේ මැණික් වගේ ලස්සන කෙල්ලොත් ඉන්නව..මං මගේ දෑහින්ම දැක්ක ඕන්....

    ReplyDelete
  16. අයිය දැන් ගල් කාරයා වෙලාද....

    ReplyDelete
  17. හඳට ඇගිල්ල දික් කළාම හඳ දිහා නොබලා ඇගිල්ල දිහා බැලීම බ්ලොග් පාඨකයෝ නිතරම කරන වරදක්.(සුහද චෝදනාවකි)

    සමහර කමෙන්ට් වලින් පෙනෙන්නෙ පෝස්ට් එක වටින්නෙ නැති බවයි, අනවශ්‍ය ජෝක් කෑලි එකතු කරලා වෙනියත් ඊට අනුබල දීලා. ඒ සම්බන්ධයෙන් මගේ විරෝධය.

    කතාව ඇතුලෙන් නැතුව මැණික් කර්මාන්තය ගැන ලියවෙන කොටස පාද සටහනක් විදියට දැම්මා නම් වඩා හොඳයි.එතකොට කතාව රස විඳින අයට කතාවත්....මැණික් කර්මාන්තය ගැන තොරතුරු දැනගන්න කැමති අයට ඒවාත්, අවුලක් නැතුව කියවන්නත් ප්‍රතිචාර දක්වන්නත් ප්‍රළුවන්. එතකොට මා ඉහත බ්ලොග් පාඨකයින් සම්බන්ධයෙන් නගා ඇති චෝදනාවත් නිශේදනය වෙනවා.

    ReplyDelete
    Replies
    1. රහතන් වහන්සේ වැඩලා.සාදු, සාදු

      Delete
    2. දැන් බොට ඕන විදියටද, වෙනිය ලියන්න ඕනේ.....
      කිව්වයි කියල හිතා ගන්..

      Delete
    3. සුමිත් මහත්තයා හිතෙන දේ කෙලින්ම කියල තියෙනවා මිසක් වෙනි මහත්තයට නියෝග දීලා නැහැනේ.. වෙනි උත්තර දෙන්න ඕනි එකට බොලා කහින්නේ මක්කටෙයි. උඹලගේ බ්ලොග් වල 'කොපි කිරීමටම උපන්නෙමි' කියල ලැජ්ජා නැතිව ගහගෙන ඉන්න ගමන් නිකන් අලි ටෝක් දෙන්නේ ... අනේ යකෝ ප්‍රහාරය බ්ලොග් එකට ගිහින් උඹලගේ එව්වත් එක්ක සසඳලා බලාපල්ලා...

      Delete
    4. හා හා ළමයිනෙ ඕන් ඔව්වා අමතක කරලා දාන්න..මෙතන සුමිත් කීව දේ ගැන මගේ පුද්ගලික අදහස නම් සුමිත් වේවා කවුරු හෝ වේවා තමන්ට ඒ ගැන තමන් අදහන මතයක් දරන්න සහ මෙතන ලියන්න තියෙන අයිතියට මන් ඉඩ දෙනවා. පිළි ගත්තා හෝ නැතුවා ඒ අයගේ මතයට මන් ගරු කරනවා. මේ මන් ලියන විදිය..මැණික් කර්මාන්තය ගැන දැනුමක් දෙන්න මට ඕනි නෑ..එහෙම කවුරු හරි කීවොත් මන් හොඳ පොත් ටිකක් හොයලා දෙන්නම්..මට ඕනි මේ විදියට ලියන්නයි. එච්චරයි..ජෝක් එක අවශ්‍යද අනවශ්‍යද කියන එක මමම තීරණය කරන්නම්..කියවන්න එනවද නැද්ද කියන එක මගේ ආදරණීය පාඨකයන් තීරණය කරන්න.. කියවන්න ආවෙ නෑ කියලා ඕන් මන් නම් තරහ වෙන්නෙ නෑ. මඟදි හම්බ වෙලා හිනා උනොත් අනිවා හිනා වෙලා කතා කරනවා.. එච්චරයි ළමයිනෙ මේ වාදය මෙතනින් නවත්තමු නේද ?

      Delete
    5. අයියට මල් මිටක්

      Delete
    6. අයියෝ
      //එච්චරයි ළමයිනෙ මේ වාදය මෙතනින් නවත්තමු නේද//

      අනේ සොරි බං

      Delete
    7. වෙනි කියනවානම් නවත්තන්නම්. හැබැයි මේ අළුතින් එන සුටි බටිල්ලෝ හිතාන ඉන්නේ උන් හරි පොරවල් කියල. වැඩ වලින් යකුනේ පොරවල් වෙන්නේ ...

      Delete
    8. පුහ්,,,

      Delete
    9. සුමිත් මහත්මයගෙන් සමාව ඉල්ලනනවා, මගේ කමන්ට් එක ගැන.
      ඇනෝගෙත් හිත රිදුනනම් සමාවෙන්න.

      Delete
  18. මට වෙනී අයියගේ පොස්ට් එක දැකපු ගමන් මතක් උනේ ඔබා මාමගේ රත්තරන් ගැන දාපු පොස්ට් එක.
    අපේ පැත්තේ ගොඩ ඉල්ලම් තියෙන්නේ. මේ පැත්තට සාපේක්ෂව ගත්තොත් මැණික් කියන්නෙ වෙස් වලාගෙන ආපු විනාශයක්. ගොඩ ඉල්ලම නිසා පොලොව මතුපිට තිබුන සාරවත් පස් තට්ටුව හෝදලා දෙන තියෙන්නේ තිරුවානා ගල් ගොඩගහපු කබොක් පොළොවක්. පස් ටික ගඟට හෝදලා ගඟ ගොඩවෙලා. උල්පත් ඉවරයි. ගඟේ නාන්න බෑ බොරයි. etc....
    මේ පතල් කර්මාන්තයත් විනාශ උනේ අනිත් හැම දේකටම වගේ අතරමැදියෝ කඩා පාත් උන නිසයි.

    ReplyDelete
  19. නියම මාතෘකාවක් වගේම මගෙත් ආසම මාතෘකාවක් තමයි වෙනී අයිය ඔය. ලියමු බලන්න තව විස්තර ටිකක්.

    කපපු ගල් වර්ග ගැනනං විස්තර කරන්න ඕන නෑ මෙතන.

    ReplyDelete
  20. ගුණපාල මාමා වෙන්න ඇති.පව්ඩර් දාලත් ලු නේ හිටියේ.

    ReplyDelete
  21. දැන් නම් වැඩි හරියක් පතල් කරන්නේ මැෂින් දාල. වැස්ස නැති කාලෙට කාගේත් ජොබ් එක පතල් තමා.. ලියමු කෝ ඉතුරු ටිකත්..

    ReplyDelete
  22. ගල් කපන කෝස් එකක් කරන්ඩ ගිය නිසා

    මං ආයේ මේ පැත්තේ එන්නැ ප්‍රසන්නයෝ උඹත් -- දෙක බේරගෙන දුහපං

    ReplyDelete
  23. ඔය පතල් වලට බහින කම්කරුවන්ට ඇතුලෙදිම වටිනා මැණික් හම්බෙන්නෙ නැද්ද ? කම්කරුවන් විසින් හම්බෙන මැණික් පතල අයිති කරුට නොදී යටිමඩි ගහගන්න සිද්ධි මම නාට්‍ය වල දැකලා තියනවා. ඇත්තටම එහෙම වෙනවද ? ඒවා වලක්වන්ඩ මොකක් හරි ක්‍රමයක් තියනවද ?

    "මැණික් නදිය ගලා බසී" පොතේ සහ නාට්‍යයේ මැණික් කරුමාන්තය ගැන හොඳ විස්තරයක් තිබුනා මතකයි.

    ඔය කියන විදිහට ඔය පතල් සහ දෝනා ඇතුලට බහින එක හරිම අවදානම් කියලයි මට හිතෙන්නෙ.. රබර් ලීයි, පුවක් පටියි කියන්නෙ.. මේ ලෝකෙ තියන හයියම දේවල් නෙමේනෙ..

    ReplyDelete