ඉගෙනීම් කටයුතු කීපයක් ඉවර වුනහම හැමෝම කරන දෙයක් තමයි ජොබ් හොයන එක. දන්න අඳුනන හැම දෙනාටම සීවී දෙනව..පත්තර ගැසට් කියවනව, ඇප්ලිකේශන් දමනව, ජොබ් එක්සෑම් ලියනව, ඉන්ටර්වීව් යනව..එක විකාරයයි, හරි හමන් ජොබ් එකක් අහුවෙනකන්..
මටත් ඔහොම කාලයක් තිබුනා. අවසන් අවුරුද්දෙ රිසර්ච් එක කරන ගමන්ම අගනුවර තිබුනු රිසර්ච් කම්පැනියකට ජොයින් වෙලා සම්තිං එකක් හොයා ගත්ත. හොඳ ජොබක් ෆිට් වෙනකම් එතනම වැඩ කලා.
ඒ අතරෙ තමයි ජොබ් සෙවීමේ මහා සංග්රාමය එළඹුනෙ.. ගොඩාක් ඇප්ලිකේශන් දමන තැන් වලින් ඉන්ටවීව් නම් ආවා.. සමහර ජොබ් මට හරියන්නෙ නැහැ..ගොඩාක් ජොබ් වලට මාව හරියන්නෙ නැහැ..මහා මානසික පීඩන කාල සීමාවක්. මට ඔය එක්කම ආවා ඇස් ගැහීමේ ලෙඩක්. ඒ කියන්නෙ ගෑල්ලමයි දැක්කහම වල් කමට ගහන ඇස් ගැහිල්ල නෙවෙයි. මට කන්ට්රෝල් එකක් නැහැ. එක ඇහැකට නිකම්ම ඒක වෙනව..
ඕකටම තමයි ඇස් මස් නටනවා කියල කියන්නෙත් (Eye Twitching) . මානසික පීඩනය, ඇස් ඕනෑවට වඩා වෙහෙසවීම, වියලි ඇස්, ඇලර්ජික් , කෝපි, මත්පැන් වගේ හේතු නිසා ඔය තත්වය ඇතිවෙනවා කියලයි ඩොක්ටර්ස්ලා කියන්නෙ. මමත් ඩොක්ටර් හම්බ උනහම කිව්වෙ ඔය හේතුවලින් එකක් තමයි. එහෙම කියල පිරිටන් ගන්න කිව්ව ඇලජික් වලට..ඇත්තටම පිරිටන් වැඩේ හරි ගියා ටක් ගාලා. ඇස් ගහන්න පටන් ගත්තහම ටුක් ගාලා පිරිටන් එකක් ගත්තහම හරි ගියා.. ඒ කියන්නෙ මට තිබිලා තියෙන්නෙ ඇලර්ජික් එකක් වෙන්න ඇති.. ඒ උනාට ඇස් ගැහීමේ ලෙඩේ නිට්ඨාවටම සනීප උනේ නම් නැහැ..ඕනිම වෙලාවක එන්න පුලුවන්.. ටික වෙලාවකින් නැතිවෙනවා. නැත්නම් පෙත්ත ගත්ත ගමන් ලෙඩේ ගොඩ !.
ඉතිං මේ කියන දවසෙ දවල් 10 මට සම්මුඛ පරීක්ශණයක් ඇවිත් තිබුනා තරමක් ප්රසිද්ධ කම්පැනියකින්. මමත් බොහෝම බලාපොරොත්තු තියාගෙන හිටිය,ඒ වගේ තැනකට ජොයින් වෙන්න සහ ඒ අය බලාපොරොත්තු වෙච්ච සුදුසුකම් මට තිබුන නිසා.
සම්මුඛ පරීක්ශන පෙර සුදානම ඉවරවෙලා මම 9 ට විතර ගෙදරින් පිටත් උනා. ටවුමෙදි මගෙ ඇහේ ප්රොබ් එක එන සීන් එක දැනෙන්න ගත්ත නිසා ළඟම තිබුනු ෆාර්මසියට ගියා.. ඉල්ලුවා පිරිටන් පෙති ..එතන හිටිය කොල්ල කීයක්ද ඇහුවා..ඒ වෙනකොට මන් ළඟ තිබුනු ස්ටොක් එක ඉවරවෙලා නිසා පහක් විතර දෙන්න කියල ඉල්ලුවා.. කොල්ල ලාවට වගේ හිනා වෙලා බිල දුන්න..බිල ගෙවලා කවුන්ටරේට යනකොට මේකා අර බෙහෙත් පෙති දමන්න තියෙන සුදු කවරෙක දමලා මගේ අතට දුන්න. පෙති ටික අතට ගන්න කොටම තේරුනා.. වෙනදා දෙන ලූස් පෙති නෙවෙයි අද නම් පෙති කාර්ඩ් එකක් තමයි දීල තියෙන්නෙ කියලා. වෙන දවසක උනානම් ඉස්සර ලූස් ගත්ත පෙති දැන් කාර්ඩ් කරලා අපෙන් වැඩිය ගානක් ගන්න එක ගැන කතා කරලම තමයි යන්නෙ.. මේ සම්මුඛ පරීක්ශන ගැන ඔලුව යොදා ගෙන ඉන්න අතරෙ මෙවා කතා කරන්නෙ ඕනි නැහැ කියල හිතලා එහෙම්මම පැකට් එක දමා ගත්තා සාක්කුවෙ ,මන් ගියා පොට් එකට.
එතන ඇවිත් හිටපු සෙට් එක එක්ක ටෝකක් දමාගෙන හිටියා මගේ වෙලාව එනකම්..එතකොට ඔය සම්මුඛ පරීක්ශනයට මුහුන දෙන්න ඕනි ගට නිකම්ම එනවා..ඇයි සෙට් එක එක්කම හිනා වෙලා කතා කරල ගියහම ප්ලේස් එක ටිකක් හුරුපුරුදු ගතියක් තියෙනව දැනෙනවනෙ. ඉතිං මගේ චාන්ස් එකේදි මම සාර්ථකව මූණ දුන්න ඉන්ටර්වීව් බෝර්ඩ් එකත් මගේ කොලොෆිකේශන් ගැන සතුටු බව පෙන්නුවා. 80%ක් ඉවර වෙච්ච ඉන්ටර්වීව් එකේ අන්තිම හරියේදි වගේ මගෙන් අහපු ප්රශ්නෙ උනේ මම දැනටමත් වැඩ කරන තැන ඉඳලා ඇයි අස් වෙලා මෙතනට එන්න හිතන්නෙ ? සහ එතන තියෙන ඉහල යාමේ අවස්ථා එක්ක මේ ජොබ් එක සසඳන්නෙ කොහොමද කියලා.. තරමක උපක්රමශීලි ප්රශ්ණයක් මමත් කල්පනා කර කර බොහෝම සීරුවෙන් උත්තර දෙන අතරේ මට තේරුනා..මගේ ඇහේ වෙනසක් වෙනවා..
චික් ! මේ වෙලාවෙම !?
මම උත්තරේ දීල ඉවර වෙනව එක්කම බෝර්ඩ් එක දැක්ක මගේ වෙනස..
"මිස්ටර් ලියන්න ඕක දිග කාලෙක ඉඳලම තියෙන ප්රශ්ණයක්ද ?"
අමාරුකාර වයසක ගොයියා ඇදලා ගත්තෙ නැද්ද ප්රශ්නෙ
"නැහැ සර් මේක කෙටිකාලීන ප්රශ්නයක් ඇලර්ජික් එකක් නිසා එන්නෙ. පිරිටන් එකක් බීපු ගමන්ම හරි යනවා"
මගේ උත්තරේ සැටිස් නැහැ වගෙ..චික් අර එලියේ කයිය ගහ ගහා ඉන්න වෙලාවෙ මට තිබුනේ පෙත්ත බොන්න.
"ඇත්තටම.. ඉතිං අද බිව්වෙ නැද්ද පිරිටන් පෙත්තක් ?"
හැමවෙලාවෙම සැහැල්ලු ප්රශ්න අහමින් හිටි තරුණ වියේ සිටි කාන්තාව මගෙන් ඇහුවා.
" නැහැ මැඩම් අවශ්ය වෙලාවට විතරයි ගන්නෙ."
"හරි දැන් ඉතිං අවශ්ය වෙලාවනේ"
ආයිමත් මේ අමාරුකාරයා..
" ඉන්න සර් මන් ළන්ග තියෙනවා ටැබ්ලට්ස්."
මේක මහ ලොකු ප්රශ්නයක් නෙවෙයි සහ මගේ පෙර සූදානම ගැන ඔප්පු කරන්න මේක චාන්ස් එකක් කර ගන්න හොඳම වෙලාවඉන්ටර්වීව් බෝඩ් එකේ හිටිය වෙන සර් කෙනෙක් වතුර වීදුරුවක් ළං කලා මම ළඟට.. මම ඉඳගෙන ඉන්න ගමන්ම පොඩ්ඩක් පැත්තකට කකුල උස්සල ඇදල ගත්ත මගෙ එනකොට ගත්ත උණු උණු ටැබ්ලට්ස් පැකට් එක. බෝඩ් එකේ මෙම්බර්ස්ලා සේරම මන් දිහා බලා ඉන්නව ඊළඟ මැජික් ට්රික් එක පෙන්නන කන් මැජික්කාරයා දිහා බලා ඉන්න ළමයි සෙට් එකක් වගේ..මමත් පැකට් එකේ කට පලල් කරලා අනිත් අතේ අල්ලට දමා ගත්තා ටැබ්ලට්ස් කාඩ් එක..
ඈහ්...
මම මගේ අතේ තියෙන පැකට් එක දිහා බලනවා ..
ඉන්ටවීව් මෙම්බර්ස්ලගෙ මූන දිහා බලනවා!
මෙම්බර්ස්ලා මගෙ අතේ තියෙන පැකට් එක දිහා බලනවා ..
මගේ මූණ දිහා බලනව..!
අනිත් අතේ තිබුනු කඩදාසි පැකට් එකෙන් තව පැක් දෙකක් තඩ් ගාලා මේසෙ උඩට වැටුනා.
මට තවමත් මතක නැහැ මේ සිද්ධිය අතරේ මම ඒ මොහොතේම සිහි එලවා ගත්තෙ කොහොමද කියලා.. එතන ඉඳන් මට මතක හරියට ස්ලෝ මෝශන් ෆිල්ම් එකක සීන් ටිකක් වගෙයි. මගේ සර්ටිෆිකේට් තිබුනු ෆයිල් එක බල බලා හිටිය ලේඩි බොස් ඒක මම ගාවට තල්ලු කලා.. අර වයසක අමාරුකාරයා..
"හොඳයි මිස්ටර් ලියන්නා.. අපි ටික දවසකින් දන්වන්නම් .. බොහෝම ස්තූතියි ආවාට..එහා පැත්තෙ කාමරේ අපි පොඩි සංග්රහයක් ලෑස්ති .."
කියලා එතනින් වාක්‍යය නැවැත්තුවා.. ඒ කාමරේ ලස්සන ගෑනු ළමයි දෙන්නෙක් ඉස්සෙල්ල ඉන්ටර්වීව් එක ඉවර කරපු අයට සංග්‍රහ කරනව.
මම මතක නැහැ.. පැක් ටික ආයිමත් කොහොමද මගේ සාක්කුවට ආවෙ කියලා.. මම ගත්තා සහතික ෆයිල් එක.. සාමාන්යයෙන් හැමෝටම ස්තූතියි කියන එක කල යුතුම දෙයක්..ඒක මන් අතින් උනෙ නැහැ..මට ඉන්ටර්වීව් බෝඩ් එකේ කාගේවත් මූණ බලන්න ශක්තියක් තිබුනෙ නැහැ..කමරේ දොර ඇරගෙන පිටත් වෙන්න හදනකොටම මට ඇහුනෙ අර වයසක අමාරුකාරයගෙ කටහඬ හෙමිහිට
"පිස්සුද ඔය වගේ කුපාඩියෙක් මෙතෙන්ට ගන්න.. කොයි තරම් කොලිෆිකේශන් තිබුනත්"
ඒක මට නෙවෙයි කිව්වෙ අනිත් සාමාජිකයින්ට
ඊට ඉස්සෙල්ලා ඉන්ටර්වීව් ඉවර වෙච්ච හැමෝම සංග්‍රහය භුක්ති විඳලා පොඩ්ඩක් වෙලා අනිත් අය එක්ක කතා කරලා ගියත්..මම කෙලින්ම විද්දෙ එලියට.. ඇවිත් ළඟ තියෙන හෝටලයකින් කූල් එකක් බීලා පොඩ්ඩක් ඉඳල කල්පනා කලා මොකද උනේ කියලා.. පැකට් ටික ආයිමත් හොරෙන් වගේ අරන් බැලුවා.. ඔය තියෙන්නෙ ගෙඩි පිටින්ම්ම පහක්.. ජොබ් එක නම් ඉවරෙටම ඉවරයි..මේ ඉන්ටවීව් බෝඩ් එකේ ඉන්න සාමාජිකයෙක් ඉන්න මොනම ඉන්ටර්වීව් එකකින්වත් මන් ගොඩ යනවනම් බොරු ! මේ සේරටම වග කියන්න ඕනි අර පාහර ෆාර්මසියෙ කොල්ල... ඌ පිරිටන් කියල වැරදියට මට මෙව්ව දුන්නා.. සුවර් එකටම මෙව්ව ඉල්ලන්න ඇත්තෙ එතකොටත් එතන කවුන්ටරේ ළඟ හිටපු හයේ හතරෙ පොර වෙන්න ඇති..හුටාහ් ! දැන් එතකොට මිනිහා ගෙනියන්න ඇත්තෙ මගේ පිරිටන් පෙති පහ.. දැන් ආපහු ඇවිත් ෆාර්මසි කොල්ලව මරයි !
මම ආපහු බෝර්ඩිමට එන්න බස් එකෙන් බැස්ස.. ෆාර්මසිය ළඟින්මයි යන්න තියෙන්නෙ..මම ගියා ෆාර්මසිය ඇතුලට.. කවුරුවත්ම නැහැ..කොල්ල ඉන්නවා..
"මල්ලි මේ බලන්න මන් උදේම ඔයාගෙන් පිරිටන් පෙති පහක් ඉල්ලුවා.. බලන්න ඔයා මොනවද මේ දීල තියෙන්නෙ කියල?"
මම තද වෙච්ච මූඩ් එකෙන්ම කිව්වා. මූ මගේ මූන දිහා බැලුවා.. පැකට් එක අතට අරන් ඇතුල බැලුවා.. පොඩ්ඩක් කල්පනා කරලා .. හිනා වෙවී මෙහෙම කියපි
"ඔව් සර් පිරිටං පෙති පහක් ඉල්ලුවා තමයි.. මට මතකයි..ඇයි සර් ඇහැක් ගැහුවෙ ! පිරිටන් හරි, පැනඩෝල් හරි, පැරසිටමෝල් හරි ඉල්ලලා ඇහැක් ගහන්නෙ සර් මෙව්ව ඉල්ලන අයනෙ.. ඉතින් මන් හිතුවෙත්.සර් ඉල්ලන්නෙත් මෙව්ව කියලයි... සර් මේ ටික ආපහු භාර දීල පිරිටං ගන්න ඕනිද? මම මාරුකරල දෙන්නම්"
"දෙනවා මෙන්න මෙහෙ ඔය ටික !"
මම ආයිමත් ඒ ටික සාක්කුවට ඔබා ගත්තා..
මොනාද ඔය දුන්නයි කියන පෙති?
ReplyDeleteලංකාවේ කඩේකට ගිහින් කොන්ඩම් කියන වචනේ කියන්න අපි කොච්චර ලැජ්ජද? අඬන්නද? හිනාවෙන්නද?
ReplyDeleteදෙයියෝ සාක්කි! ලොවෙත් නෑ!
ReplyDeleteහිතවත් ඇනෝ - බලන්න කතන්දරගෙ කමෙන්ට් එක !
ReplyDelete@ කශු - දැන් හිනා වෙමු මේකට ගිය දේ ගියා..එහෙම ගිහින් ඉල්ලුවොත් අපේ සංස්කෘතිය විනාශයි ! හෆ්ෆේ.....
ReplyDelete@ විසිතුරු - ගහේ නම් එක ගෙඩියක් තිබුන ! හිකිස් !
ReplyDeleteඉතින් කෝ මචන් ඒ පහ?
ReplyDeleteදැන් උඹ ඒ පහ අරගෙන ගියේ ඇහේ දැඟළිල්ල නවත්තන්නද..? එහෙමත් නැත්තං..?
ReplyDeleteහප්පෝ විලි ලැජ්ජාවයි.... මේක ඒක නෙමේ මොකටද අරටික ආයෙමත් සාක්කුවට ඔබා ගත්තේ....? ඈ...
ReplyDeleteශික්.. මොකටද පෙති දාගන්න සාක්කුවේ ඔය පැකට් දාගත්තේ ? (ඇත්ත ඒකනේ සහෝදරයා )
ReplyDelete@ම - ඒ ටික බැද්දට විසික්කා කරල දැම්ම ! මොකෝ මරනෙ උඹ නෝන්ඩියට වගේ හිනා වෙන්නෙ ඔය ?
ReplyDelete@ මාරයා - කවුද බන් දන්නෙ මන් පිරිටන් ඉල්ලන වෙලාවෙ ඇහැක් ගැහුනා කියල..අනිත් එක දැන් නම් ඇහැක් ගහලා ඉල්ලන එව්වත් ඒ වෙලාවෙම චෙක් කරල තමයි ගන්නෙ..
ReplyDelete@ ප්‍රසන්න - මට ලැජ්ජයි ලැජ්ජයි වගේ හිතුනා ඒ ටික ආයිමත් මාරු කර ගන්න !
ReplyDelete@ ලංකා - ඒකනෙ ලංකා අපි ඒ කාලෙ කොඹලට ඇවිත් යාන්තම් අවුරුදු හතරයිනෙ..දැන් උනා නම් කතාව එහෙම්මම කියනවා ඉන්ටර්වීව් බෝර්ඩ් එකට..මෙහෙමයි මෙහෙමයි උනේ.. මන් දන්නෙ නැහැ ඇයි ෆාර්මසියෙන් මේ ටික දුන්නෙ කියල ..
ReplyDeleteඉතිං වෙනී . . . ඒ පැකට් ටික පුම්බල උඩ ඇරියද ???? නැත්තං . . . ????
ReplyDelete@ අවංක පැට්ටා - මල්ලිට කියන්න මල්ලි..අක්කලා ඇන්ටිලා කී දෙනෙක් නම් වරදවා තේරුම් ගත්තද මගේ ඇස් ලෙඩේ අතරමගදි සහ බස් එකේදි !
ReplyDelete@ ඕනෙ - පුම්බලා උඩ අරින්න ට්‍රයි කලා..ඒත් ලිස්සනවනෙ බන්z .. බැලුම් බෝල පුම්බන එක ඊට වඩා ලේසි නිසා පුම්බන වැඩේ අත ඇරල දැම්ම !
ReplyDeleteමරු වැඩේ... දැන් අර පහෙන් ප්‍රයෝජනයක් ගත්තැයි.. ලංකාවේ ඔය ප්‍රශ්ණේ තියෙනවා තමයි.. මෙහෙනම් පාරේ මැෂින් හයි කරලා තියෙනවා.. ඔකට සල්ලි දැම්මා ගත්තා..
ReplyDeleteමදැයි ඔයිං ගියා...නිකං හරි අර උඹ ෆාමසියට එද්දි හිත හිත ආපු විදියට 6-4 පොරට පිරිටන් මාරු වෙලා ගිහිං තිබුන නං එහෙම !!! එක්කො ෆාමසියෙ කොල්ල ගුටි කනව, නැත්නං 6-4 පොර ලෙඩක් හරි දරු මල්ලො හරි හදාගන්නව...
ReplyDelete@ දිනේශ් - ප්‍රයෝජනයක් !
ReplyDeleteපුම්බලා උඩ ඇරියා මන්
රෑකල අහස බලන ඔබට පෙනේවි
හිතන්නෙපා බැලුම් කියා ඔබ රැවටේවි...
කියන සින්දුව අහල නැතෙයි ?
ලංකාවෙත් මැශි ආවා..ඒත් දැන් නම් නැහැ..
@ දිනෙත් - ඔව් මමත් බයේ හිටියෙ ඒ ගැන තමයි..ඒකයි ආයිමත් ගිහින් ෆාර්මසියෙ විපරම් කලේ !
ReplyDeleteසෝක් කතාව!!
ReplyDeleteමම මේ කල්පනා කරේ අර 6-4 බුවාට( සහ අදාළ පාර්ශව) වලට මොකද උනේ කියලා ..එදා දවස පිරිටන් බිලා සෑහීමකට පත්උනාද දන්නේ නැහැ නේ
ReplyDeleteහෆෝයි දෙයියනේ! මේ මොකද්ද කොරගෙන තියෙන්නෙ???
ReplyDeleteගම්පහ ඉස්සර අපි වල බැහැල ඉන්න කඩේකට ආව පොරක්, කඩේ කැෂියර් ගෝලයට කිව්ව "(සද්ද ඇතුව) මල්ලි බ්‍රිස්ටල් දෙකක් දෙන්ඩ (සද්ද වහල) ප්‍රීති පැකට් එහෙකුත් දෙන්න"
ReplyDelete@නෙරංජි - ස්තූතියි ඔබේ කමෙන්ටුවට !
ReplyDelete@ චම්මා - මමත් දහ අතේ කල්පනා කලා ඒත් ඒ පොර වෙන මොනව හරි තමයි ඉල්ලන්න ඇත්තෙ.. මොකද මම එහෙම හිතපු එක වැරදී කියල තේරුනෙ ෆාර්මසි කොල්ලගෙ කතාවෙන්නෙ
ReplyDelete@ ගීතක - කෙනෙකුට වරදින්න යන්නෙ තත්පරයයි කියනවනෙ.. ආන්න ඒ තත්පරේ තමයි ඔය !
ReplyDelete@ ඔබ්සර්වර් අයියා - දැන් කියන්නෙ අර 60/= එකක් දෙන්න කියල..
ReplyDeleteහික්ස්!වෙන්න පුලුවන් ලස්සනම වැඩක් තමා වෙලා තියෙන්නේ!
ReplyDeleteඅපේ රටේ වෙනස් වෙන්න ඕන කරුණක් ගැන මේ . මොකද අපේ රටේ “ අද්භූත සභ්‍යත්වය“ නිසා අද අපරාධ කීයක් වෙනවද ? ඇත්ත ? මමත් දැකළ තියෙනව ඔය කොන්ඩම් ඉල්ලන්න දඟලන දැගලිලි, ඇය බය වෙන්නේ , මිනිස්සු ලිංගික එක් වීම් නොවිය යුතු වර්ගයක් නොවෙයිනේ . අනෙක් කොන්ඩම් එකක් පාවිච්චි කරනවා කියන්නෙත් දැන්වත් බවක් පෙන්නනව. නැත්නම්ඉතින් ඕක නැතුවත් පුළුවන්නේ ..ඒ නිසා මේන්න මේ වගේ “අද්භූත සභ්‍යත්වය“ අදට ගැලපෙන්නේ නැති බවය මගේ හැඟීම ...කතාව නම් නියමයි ...
ReplyDeleteඉන්ටවීව් එකෙන් ෆේල් වෙච්ච කේන්තියට උඹට තිබ්බෙ අර පැකට් එකක් දාල ෆාමසියෙ කොල්ලට පු*#න
ReplyDeleteඇත්තටම උඹට එහෙම හිතුනෙවත් නැත්ද??
ReplyDeleteපෙර සුදානම් ඔය වගේ අය තමයි රස්සාවට ගන්න ඕනි. කොහෙ ද ඉතින් ඉන්ටවීව් බෝඩ් එකේ අයට කොහෙද එච්චර මොළයක්....
ReplyDelete@ සබිත් - මැක්සාම සීන් එක ! මටමමයි වෙන්නෙ !අයියෝ සල්ලි !
ReplyDelete@ මහේශ් - කිසිම ප්‍රතිවිරුද්ධ තර්කයක් නැහැ..කතාව සම්පූර්ණ ඇත්ත..ඉස්සර නම් මටත් ඔහොමයි ..නිකං ලැජ්ජයි ලැජ්ජයි වගේ ! ඒත් දන් නම් නැහැ..ළඟදි මන් ෆාර්මසියකින් ගිහින් සාමාන්‍යෙන් පැනඩෝල් ඉල්ලන ගානට කොන්ඩම් පැක් එකක් ඉල්ලුවා ! මම ළඟ හිටපු ලේඩීස් ලා දෙන්න අඩියක් විතර එහාට උනා ඒ එක්කම ! මට හිනා ගියා .. ෆර්මසියෙ අංකල්ටත් හිනා !
ReplyDelete@ uwniran- අපොයි නැහැ බන්z ඒ කාලෙ මට එහෙම හිතුනෙ නම් නැහැ..චික් අපරාදෙ ඒ චාන්ස් එක මගහැරුනානෙ...ඉන්ටවීව් එක මිස් උනාට නම් කේන්ති ගියේ නැහැ..ඒක හොඳයි මන් දැන් ඉන්නෙ මගෙ ඩ්‍රීම් ජොබ් එකේනෙ !
ReplyDelete@සොඳුරුසිත - මගේ හොඳ වෙලාවට තමයි ඒක මිස් උනේ !
ReplyDeleteමුන්ට බෝර්ඩ් වල "ප්‍රීති කුකුළ් මස්" කියල ගහන්න හොඳයි, ඉල්ලන්න ලැජ්ජයි.
ReplyDelete@ ඉන්දික - අපි ලැජ්ජ බය ඇතුව හැදිච්ච ළමායි නොවැ ඒකයි ! හිකීස් ...
ReplyDeleteඅඩේ එහෙමද එතකොට ඉල්ලන්න ඕනේ...
ReplyDeleteහා හා පොඩි එව්වො නරක් වෙනව නෙවෙයි මෙව්ව කියවල ! මල්ලි නමින්ම ඉල්ලන්න මක්කටද ලජ්ජ වෙන්නෙ ?
ReplyDeleteහහ් හහ්.. මාර සීන් එකක්නේ වෙලා තියෙන්නෙ....
ReplyDeleteහැබැයි උඹට කියන්න තිබුණනේ වෙච්ච සීන් එක ඉන්ටවිව් බෝඩ් එකට.
ගොඩ කලකින් නෙට් ආවේ. කතා කිහිපයක්ම මිස් වෙලා දැන් තමයි කියවන්නේ. වෙනි.. මට සංග්‍රාමයට පසු කියන පොතේ ප්‍රකාශන සමාගම හරි ගන්න පුළුවන් තැනක් හරි සඳහන් කරොත් පින්.
ReplyDelete@ අනිත් කොන - මේ පොත සරසවි ප්‍රකාශකයන්ගෙ.. මන් ගත්තෙ නුගේගොඩ සරසවි බුක් ශොප් එකෙන්.. එතන ඔන්ලයින් ගන්නත් පුලුවන්. මන් චෙක් කරල බලන්නම් ඒ පොත තාම ඒ ගොල්ලො ලඟ තියෙනවද කියල..හදිස්සියෙන්වත් හොයා ගන්න බැරි උනොත් මගේ කොපි එක හරි දෙන්නම් !
ReplyDelete@පැණි දොඩම් - පිරිටන් කියල හිතා ගෙන අතට හලා ගත්ත පෙති ටික කොන්ඩම් පැක් තුනක් විදියට ඉන්ටවීව් බෝඩ් එක ඉස්සහරහ ඇද ගෙන වැටුනහම...මන් පත් වෙච්ච තත්වය හිතා ගන්නකො
ReplyDeleteහරි....දැන් මට ප්‍රශ්නයක් තියනව අහන්න. ලියන්න මොකටද ඒ පැකට් ටිකෙන් කලේ...???
ReplyDelete@ රන්ජො - ඒ දවස්වල මගෙ යාලුවෙක් හිටිය ඔය ගම්පහ පැත්තෙ රංජා කියලා ඒ ටික ඉල්ලලා බේරෙන්නම බැරි තැන දීල දැම්ම !
ReplyDeleteඅර මහේශ් කිව්ව කතාව සහතික ඇත්ත. සදාචාරයට දීලා තියෙන මෝඩ අර්ථ කථන නිසා කොච්චර අපරාධ සිද්ධ වෙනවද? හරිනම් ඕව vending machine වලිනුයි විකුනන්න්න ඕනෙ.
ReplyDeleteඒක නෙවෙයි මම දවසක් නුවර ඔරලෝසු කනුව ලඟ ෆාමසියකින් කොන්ඩම් පැකට් දෙකක් ඉල්ලුවම මේ යකා බ්‍රවුන් පේපර් එකක ඔතලා බෝතලයක් දුන්නනෙ.
henryblogwaker the dude
ඉන්ටවිව් කරන්න එන උන්ගෙ වැරැද්ද. උන් මහලොකු පණ්ඩිතයො කියල හිතාගෙන, ඕක බොන්න බල කරපු හින්දනෙ. :( ඒත් කමක් නෑ. දැන් ඉන්නෙ ඩ්‍රීම් ජොබ් එකේ කිව්වනෙ.
ReplyDelete@ඩූඩ් - මොන බෝතලයක්ද ? ඒ කියන්නෙ කොන්ඩම් 50ක් 60ක් තියෙන එකක්ද?
ReplyDelete@ නලිනි චන්දිමා - ඒක ඇත්ත, මන් දැන් ඉන්නෙ ඩ්‍රීම් ජොබ් එකේ. ඔය ඉන්ටවීව් එක හොඳයි. සමහර ඉන්ටවීව් වල අහන සහ කියන එව්ව ඇත්තටම ඒ වෙලාවෙම සහතික මිටියෙන් උන්ගෙ ඔලුවට ගහල එන්න හිතෙනව..
ReplyDeleteඅහෝ ඛේදයකි ඉරකි තිතකි! :D
ReplyDeleteලංකාවේ තවම තියෙන්නේ වික්ටෝරියානු සභ්‍යත්වය බන්.. නැත්තන් මෙහෙ එහෙම කොන්ඩම් කියන්නේ හොඳම ෆාස්ට් මුවින් අයිටම් එකක්,.. ඔන්න අරාබියේ වෙලා තියන සීන් එක. ඕනේ සුපර් මාර්කට් එකක එළිපිට බඩු තියනවා. ඕනෙම හැඩයක ඕනෙම වර්ගයක ඕනෙම විදියක ඕනෙම දෙයක්.
ReplyDeleteමොනා කරන්නද ඉතින්. එතන වැඩ කරන්න චාන්ස් එක තිබිලා නැති කමනේ.
ReplyDeleteවෙනි, ඔය කොන්ඩොම් 5 ක කේස් එකක්නෙ. අන්න තමුන්නාසෙ කොන්ඩම් බන්ඩලයක්ම හලල අන්තිම පේලියෙ හෙන කේස් එකක් ෆයිල් කොරලා. ගිහින් බැලුව නම්..
ReplyDeleteඔච්චර දේවල් වෙලත් තාම ඔය ඇස් ගැහිල්ලවත්, පිරිටන්??? එක ගන්න එකවත් නැවැත්තුවේ නෑනේ...:D:D:D
ReplyDelete@ පූසා - ස්තූතියි ඔබේ කමෙන්ට් එකට !
ReplyDeleteක්සැන්ඩර්- ස්තූතියි .. මේක උනේ අවුරුදු ගනනාවකට උඩදි.. දැන් නම් කොළඹ තත්වය වෙනස් ! ඒත් ඒ මානසිකත්වය නම් වෙනස් වෙන්න තව කාලයක් යයි !
ReplyDelete@ නචියා - ඔව් ඔව්.. ඒත් දුකක් නම් නැහැ..බෙදා හදා ගන්න අත්දැකීම් එකතු උනානෙ
ReplyDelete@ ඩූඩ් - මන් ගිහින් බැලුවා.. මොකද්ද සීන් එක.. තාම මීටර් උනෙ නැහැ.. ලින්ක් එක දෙන්න බැරිද?
ReplyDelete@ පො.කු. - දැන් ඒ ලෙඩේ සනීපයි.. ඒත්.. ඉන්නකො ඊට වඩා වෙනස් සීන් එකක් උනා.. ඒකත් ඉක්මනටම ලියන්නම් !
ReplyDeletehttp://tlr.thelastrow.net/2011/10/05/%E0%B6%BD%E0%B7%90%E0%B6%BA%E0%B7%92%E0%B6%A7%E0%B7%8A-%E0%B7%80%E0%B7%90%E0%B6%A9-%E0%B7%80%E0%B6%BD%E0%B6%A7-%E0%B6%95%E0%B6%B1%E0%B7%90-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1-%E0%B6%B6%E0%B6%A9%E0%B7%94/comment-page-1/#comment-30013
ReplyDeletehafoyi . . .
ReplyDeleteඔන්න ඔහොමයි උනේ දුකා !
Deleteහපොයි.... සිහි එලවා ගත්තෙ කොහොමද මන්ද... හක් හක්... ඉතින් උබ පිරිටන් පහ අරන් ගිහින් මක්ක කලේ ?
ReplyDeleteමතක නෑ පිස්සා මොකද කලේ කියලා !
Deleteමං ස්ත්‍රී පක්ෂයේ කෙනෙක් වුනත් ෆාමසියකට ගිහින් කෙලින්ම වර්ගෙ කියලාම ඉල්ලනවා(ගෑණු ලමයි ඉන්න ඒවගේ) ගානක් නැතුව.ඉන්න එවුනුත් ගානක් නැතුව දීලා දානවා.හැබැයි සනීපාරක්ෂක තුවා දෙන විදිහටම කොලේක ඔතලා තමා දෙන්නෙ.මං හිතන්නෙ දැන් ඉන්න අය ටිකක් හොදයි.
ReplyDeleteවිනාසයි විනාසයි.... අහිංසක කොල්ලෙක්ට වුණු හදියක්. ඊට පස්සේ ඉතින් හොඳ ජොබ් එකක් හම්බුණාද අයියා ???
ReplyDeleteබ්‍රෑන්ඩ් එක කියල ඉල්ලුවනම් කේස් එකක් නෑ.. ටිකක් දන්නෝ දනිති වගේ එව්වා තමා හරියන්නේ.. ඔය ප්‍රීතී වගේද රෆ් රයිඩර්...
ReplyDeleteහත් ඉලව්වේ වෙච්ච වැඩක්. බෙල්ලේ වැල දාගන්න වෙන්නේ.
ReplyDeleteමටත් ඔය වගේ වෙඩක් උනානේ ....
ReplyDelete