ආවට ස්තූතියි
මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!
Wednesday, January 16, 2013
එසේනම් දුක් වන්නෙ කුමකටද ?
සමුගනිමි...
සයිබර් අවකාශයෙන්
සදහටම නොවෙන මුත්..
යම් නිශ්චිත කාලයකට..
මා වෙනුවෙන්..
මගේ නිර්මාණයන් වෙනුවෙන්..
ඔබ තැබූ එකම එක් සටහනක් වූවත්
එයම ඊළඟ නිමැවුමට ශක්තියක් වූ බව
කෘතඥපූර්වකව හදවත පතුලේ තබා ගනිමින්..
ආයිමත් එන්නම් දවසක..
මීටත් වඩා සිතුවිලි ගොන්නක්
හදවත පතුලේ කැකෑරෙන
කෙටි කතාවක් ලෙසින්
සයිබර් අවකාශයට මුදා හරින්නට
ඇහැ නොගැටෙන විට කමෙන්ටුවක්
හෝ එයට පිළිතුරක්
සත්තයි ඔබට මා අමතක වන බව..
ඊටත් වඩා සත්තයි
මා නැවත පැමිණෙන විට
ආදරයෙන් වැළඳ ගන්නා බව..
එසේනම් දුක් වන්නේ කුමකටද ?
Subscribe to:
Post Comments (Atom)
ඇයි දන්නෙ නැහැ යන්නෙ....නේ බදිනවා වත්ද?
ReplyDelete
ReplyDeleteආයේ එන්නෙම නැතුව යනවා නම්
කමෙන්ටුවක් හෝ දමනවාද සමු දී මට ?
ඇයි බං?
ReplyDeleteඒ පාර මෙයත් බිසී වෙලා වගේ.... හයියෝ.........
ReplyDeleteමම නම් කවදාවත් බලාපොරොත්තු උනේ නැහැ සිංහල බ්ලොග් අවකාසෙට මෙච්චර ලොකු සේවයක් වෙනී කරයි කියලා.
ReplyDeleteසුභ ගමන්!!!!!
වෙනී මගේ බ්ලොග් රෝලේ ඉන්නවා....ඒ කියන්නේ දැන් ඒක අයින් කරන්න වෙනවද?
ReplyDeleteවෙනි අයියා මොකද කාර්ය බහුලවත් ද විදෙස් ගත වීමක්ද ස්ථාන මාරුවක් ද
ReplyDeleteසයිබර් අවුරුදු උළෙල 2013 වෙනකොට මෙන්න කොල්ලා ආයිත් ඇවිත් ඇති...ඒ හින්දා ඔය ගියාට සතුටු වෙන අයගේ සතුට තාවකාලිකයි හොඳද ?
ReplyDeleteවෙනී
කොල්ලා ???? :O
Deleteමේක නම් පරණ කමෙන්ට් එකක් දිනේ මාරු වෙලා පබ්ලිශ් වෙලාද කොහෙද
බ්ලොග් ලියන හොබී එකත් ඒකට ම ඇලිලා කරන එක ඇති පොඩි නිවාඩුවක් අරගෙන ඉඳලා බලන්න ඕන කියලා හිතෙන දවස් එනවා. . .
ReplyDeleteමේ වෙනීට එහෙම හිතුනු අවස්ථාවක් . .
එහෙනම් එතකම් ආයුබෝවන් . . .
ඔබට සුබ ගමන් මිත්‍රයා..
ReplyDeleteගියොත් ආ හැකිය. නොගියොත් එන්නට වෙන්නේ නැත. ඉක්මනින් ගියොත් ඉක්මනින් ආ හැකිය. ඒ නිසා යන එක හොදය. ජය...!
ඇයි හදිස්සියේම???
ReplyDeleteටටා වෙනී අයියා... එන දවසට කලින් කියහං තොරණ ගහන්න... :D
ReplyDeleteමොකද මලේ මේ ...?
ReplyDeleteසියලු දේම අනියත වන ලෝකයක
ReplyDeleteදුක් වන්නේ කුමට යලි හමුවෙයි දිනෙක
වෙනි අයියා මක්කෙයි කාරණය...
ReplyDeleteසුභ ගමන්....
ඕන මංගල්ලයක් වේවා, සුභ මංගලම් කියන්නම්.
ReplyDeleteමාරයත් කොහෙද යනවලු, මෙන්න මෙයත් කොහෙද යනවලු... මුන් දෙන්නා කොහෙද මේ යනවා ඇත්තේතේතේඒඒඒ......!!!??????
ReplyDeleteගිහිල්ල වරෙල්ලකො එහෙනම්... සුබ ගමන් !!!
ඉක්මනට ආපහු එන්න සුභ පැතුම්..
ReplyDeleteමාරයියත් එක්ක කොහෙ හරි යනවද? කොහොම වුනත් බුකියෙන් නම් යන්න එපා රත්තරං අයියේ....උඹ නැතුව බුකිය බිකිනියක් වගේ...
ReplyDeleteමූ නැත්නම් බුකිය බිකිනියක් වගේ නම් මූ නැති එකමනේ බන් එහෙනම් හොඳ . . හික්z
Deleteමේ මොකද මේ?
ReplyDeleteවැඩ කටයුතු සාර්ථක කරගෙන ඉක්මනින්ම නැවත එන්නකෝ.
අර කෙහෙල් කොටුවේ ගොයියත් ගියා. කියවන්ඩ කියලා තිබ්ච්ච එව්වා එක එක අඩු වෙනවා.
ReplyDeleteඅන්තිමට අපිට ඉතුරු වෙන්නේ අර යකාගේ මැරබැහපු ලබ්බ විතරද
ගිහින් එන්ට. ඉක්මනට ගියොත් ඉක්මනින් ආපහු එන්ට හැකිලුනේ.
ReplyDeleteසුබ ගමන්!!!
යෑම් ඊම් තමයි ඉතින් මේ ලොකේ තියෙන්නේ.... උබ කොලඹ 7 ඉදන් 6 ටවත් යනවද ??
ReplyDeleteගොහින් වරෙන්කො එහෙනම්....
බොරු කියන්න එප වෙනියෝ... කල්පෙකින්වත් මගෙ වැරහැල්ලේ උඹ සටහනක් නොකලාට මං නොවරදවා මේකට ආවේ කොහොමද ? හොල්මන් නැතුව මොකක් හරි ලියාපන් මල්ලී.
ReplyDeleteගිහින් එන්ටකෝ... එහෙනං
ReplyDeleteහැබැයි පුතෝ මූනුපොත පැත්තේ ඇවිල්ල සද්ද දාල යනවා හෙම නෙමෙයි අරිද??? ජය වේවා.. අළුත් වෙලා එනකොට තව දේවල් හුගක් තියේවී. බ්ලොගේ ට නාවත් ඒවා අනිවා ලියා තබන්න.. පසුව අපිට දෙන්න බලන්න
ReplyDeleteඉක්මනට ම ආපසු වරෙන් අය්යා..!
ReplyDeleteමෙහෙම සිතුවිල්ලක් පහළවෙන්නෙ අනිවාර්යෙං අද සෙවන් වලිං කන්න හම්බවෙලා නෑ.
ReplyDeleteඅමතක කරන්න එපා වෙනී අයිය මග නවත්තපු කතා තුන හතරක් තියෙන වග.
maraya ha weni yanawa aththe ara rahas pareekshaka kathawe teliya hadanata wenta athi..eth kawda kella?????????
ReplyDeleteමාත් ඔහොම හිතාගෙන ඉන්නවා.. ඒ උනාට මේකට ඇඩික්ට් වෙලා ඉන්නේ දැන්...
ReplyDeleteඑහෙනම් ගිහින් එන්න !
ReplyDeleteමොනවා බං? උඹ කොහේ යන්නද? මෙන්නෙ මෙහෙට වෙලා හිටිං පිස්සු නටන්නෙ නැතුව.
ReplyDeletehenryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
වෙනී අයියා බෝඩිම මාරු කලාම ටිකක් බිසී උණා. දැන් තවත් දුරකට ගියාවත්ද? ඉඳලා ඉඳලා සතියකට, දෙකකටවත් සැරයක් පොස්ට් වැටිච්ච බ්ලොග් එක පාලුවට යවන්න දුක නැද්ද? අඩුම ගානේ අපි ගැනවත්?
ReplyDeleteහරි හරි.... බොරුවට ගණන් උස්සන්න එපා හලෝ. අපි හැමදාම ඔයා ළඟ ඉන්නවා. පිස්සු නැතුව ආයිත් පුරුදු විදියටම ලියන්න.
මේක ලිව්වේ සීරියස්ම නම්....
ඔයාගේ මේ දවස්වල බ්ලොග් එකත් අත ඇරලා දාලා කරන්න යන සියලු වැඩ කටයුතු සාර්ථක වේවා! කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නැවත හමු වීමත් ඉතා ඉක්මනින්ම වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.
(ඔය කිව්වට අපිව දාලා යන්න ගටක් වෙනී අයියට නෑ කියලා මන් දන්නවා..)
යන ගමන යහතින් ගිහින් තවත් ජිවිත අත්දැකීම් ගොඩකුත් එක්ක ආයෙමත් එන්න.
ReplyDeleteලියන්නට ලියන එක නවත්තන්න පුලුවන්ද
ReplyDeleteඑහෙනම් ගිහින් එන්නකෝ....
ReplyDeleteඅහෝ ඛේදයක් නොවැ.. මාත් මේ අදමයි මේ පැත්තේ ආවෙ.. මම එනකොටම වෙනී අයියත් යනව.... ඉක්මනට ගොහිං එන්නෝ...
ReplyDelete