ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Thursday, May 31, 2012

සින්දුව...






මේ තියෙන්නෙ මේකෙ ඔරිජිනල් සයිට් එක..ඒකෙ තව ෆන් වීඩියො ගොඩක් තියෙනවා..
 
http://www.wilbur.asia/


යූ ටියුබ් ලින්ක් එක..



http://youtu.be/nyeJ2dhtvjQ



මේ වීඩියෝ එක බ්ලොග් සෝන්ග් එක විදියට අපේ සෙට් එක මේ දවස් වල මගේ පිටේ ගහලා යවනවා මූනු පොතේ සහ ගූගල්බස් සංගමේ..මමත් ඉස්සෙල්ලම මේක බැලුවෙ මන් හිතන්නෙ මරනෙ ශෙයාර් කරපු එකෙන්ම තමයි..


මේ සුපර්ස්ටාර් එයාගෙ බ්ලොග් එක බලන්න කියලා ඒක හාස්‍යයට ලක් කරන්න හදපු වීඩියෝ එකක්..වගේමයි ඒකෙ නියමෙට හාස්‍ය තියෙනවා ඒ ඩාන්ස් එකත් එක්ක..



මන් හිතන්නෙ මාව මූනු පොතෙ දැකලා තියෙන අය සහ හම්බ වෙලා කතා කරපු අය හැමෝම දන්නවා මට තියෙන්නෙ දකුණු ඉන්දීය පෙනුමක් කියලා..ඒක මමත් පිලි ගන්නවා. අපේ අම්මා ටිකක් සුදු උනාට තාත්තා මන් වගේම කළුයි..හැමෝම කියන්නෙ අම්මගෙ මූනුවර සහ තාත්තගෙ කළු මට ඇවිත් කියලයි..ඒ මදිවට උඩු රැවුල නිසා හැමෝම රැවටෙනවා මන් ද්‍රවිඩ ජාතිකයෙක් කියලා..
බස් එකේ යද්දි ඕනි වැඩියෙන්ම මාත් එක්ක හිනා වෙන්නෙ කතා කරන්නෙ ද්‍රවිඩ  සහෝදර සහෝදරියො තමයි.


හැබැයි ඒක නරක තිබ්බ කාලයක් තිබ්බෙ පහු ගිය ත්‍රස්තවාදී කලබල කාලෙ තමයි.. මට හැඳුනුම් පත ගෙනියන්න බැරි උනු අවස්ථාවලදි අනත්තවත් හමුදාවෙ සහ පොලීසියෙ දැඩි සැකයට භාජනය වෙච්ච අවස්ථා ගනනාවක්ම තියෙනවා..ඒ නිසාම මන් හැම වෙලාවෙම මගේ අයිඩෙන්ටි කාඩ් එක ළඟම තියා ගත්තා.. 



මොනවා කරන්නද දැන් ඒ අවාසනාවන්ත කාලෙ ඉවරයි..ඒත් මගේ පෙනුම එහෙමමයි..මන් අසතුටක් නෑ එහෙම පෙනුම ගැන..හැබැයි ගොඩක් සින්හල අය අතරමගදි උනත් මාත් එක්ක කතා කරන්නෙ නෑ මේ පෙනුම නිසා..ඒක ඉතින් හැමතැනම අඩු වැඩියෙන් තියෙන සින්හල දෙමල අය අතර තියෙන පරතරයනෙ..ඒක හරි යන්න තව කොයිතරම් කාලයක් යයිද මන්දා..

හැබැයි වැල්ලවත්ත පැත්තෙ ගියා නම් මන් හිනා උනොත් හැමෝම ලෙංගතු විදියට හිනා වෙනවා..කතා කරන්න ගියොත් අහුවෙන නිසා සද්ද නොකර ඉන්නවා..

වැල්ලවත්තෙ තියෙන වීඩ්යො ශොප් එකකින් තමයි මන් ඩීවීඩී ගන්නෙ. රු. 75යි එකක්. ඒ ගානට මාර ලාභයි. මැජෙස්ටික් සිටි හරි ලිබටි ප්ලාසා හරි නම් 200 ක් වෙනවා.. ඒ දවස් වල මට රු. 75ට දුන්නට අනිත් සින්හල අයට දුන්නෙ රු. 80ට තමයි. එතන ඉන්න අය මන් ද්‍රවිඩ කියලා හිතන් රු. 75ට දුන්නා. පස්සෙ දවසක කතා කරලා මොනාට හරි මාට්ටු..දැන් රු. 80 යි.. 


අපේ ඔෆිස් එකට හරියට එනවා උතුරු නැගෙනහිර ඉඳන් කට්ටිය ඒ ගොල්ලන්ගෙ ට්‍රේනිං ව්ලට.. ඒ අයගෙන වැඩි හරියක්ම මාත් එක්ක හොඳටම මිතුරු වෙලයි යන්නෙ..මොකද ඒ අය මුලින් හිතනවා මන් එහෙමයි කියලා..ඊට පස්සෙ මන් සින්හල කියලා දැන ගත්තත් එක්කම ඒ වැරදීම එක්ක මාව හොඳට මතක් හිටිනවා..ආයි ආවහම් උනත් කියන්නෙ..

"ආ මන් මුලින් රැවටුනානෙ"

කියලයි..


එහෙම එච්චර රටක්ම රැවටෙන එකේ මගේ යාලු සෙට් එක මන් මේ වීඩියෝ එකේ ඉන්න සුපර් ස්ටාර්ගෙ පෙනුම තියෙනවා කීවට මන් පුදුම වෙන්නෙ නෑ.. හැබැයි එයාගෙ හැකියාව අතින් නම් මට එයා ළඟට වත් කිට්ටු කරන්න බෑ..

සෙල්ලන් නෑ..මාත් එහෙනම් සුපර් ස්ටාර් කෙනෙක් වගෙයි...

ඒත් මදැයි...





Wednesday, May 30, 2012

ඉල්ලා ගන්න අඹ වල රහ..


"අඩේ මචන් චූටි , ලස්සන ලේන් පැට්ටෙක් හම්බ උනා බොලව්"


ඔහොම කියන කොට පුංචි අපිත් අපේ යාළුවා රනේ ලඟට දුවන් යන්නෙ..හුරතලේට ඇති කරන්න පූසො , බල්ලො හිටියත් ලේසියෙන් අල්ල ගෙන ඇති කරන්න බැරි ලේනෙක් ගැන අපිත් හීන මව මවා ඉන්න නිසාම වෙන්න ඇති..


"කෝ කෝ?"


අපි දැන් රවුමට රනේ වටේ ඉන්නවා.
රනේ තමන්ගෙ කොට කලිසමේ එක සාක්කුවක් පිටින් අතින් වහගෙන ලේනා ඉන්නෙ සාක්කුවෙ බව පෙන්නනවා..


"අඩේ මන් අර අඹ ගහට පොල්ලක් ගහද්දිමයි මේ ලේන් පැට්ටා බිම වැටුනෙ.."


"අයියෝ උඹේ පොලු පාර වදින්න ඇත්තෙ එහෙනම් ලේනට වෙන්න ඇති.."


රනේ කරන්නෙ හෙමිහිට වහ ගෙන ඉන්න සාක්කුව හිමින් සීරුවෙ අතඇරලා..අනිත් අත සීරු මාරුවට සාක්කුව ඇතුලට දමනවා..


"ඕක අත හපයි බන් පරිස්සමෙන්"


අපි අනතුරු ඇඟවීම් නොකරනවාමත් නෙවෙයි.


"හා හා හිටින් ද්ඟලන්නෙ නැතුව"


"මචන් මේකා එලියටම ගන්න බෑ..අත හපලා පැනලා දුවයි..මන් පොඩ්ඩ්ක් අරන් පෙන්නන්නම්..අහම ගිහින් අර පරන කූඩුවක් තියෙනවා ඒක සුද්ද කරලා දමන්න ඕනි"
කියන ගමන්ම රනේ කරන්නෙ අර සාක්කුවට දමපු අත හෙමිහිට සාක්කුවෙන් පොඩ්ඩක් එලියට අරන් පෙන්නනවා..


"මේ තියෙන්නෙ ලේනගෙ ඔළුව"


හැමෝටම එක සැරේ බලන්න බැරි නිසා අපි පෝලිමෙ ගිහින් බලලා එන්නෙ ලේනගෙ ඔළුව..ලේනගෙ ඔළුව බලපු අපිට හිනා වෙනවද නැද්ද කියන ප්‍රශ්නෙ තමයි එන්නෙ..මොකද මුගේ ඔය කලිසම් සාක්කුවෙ තඩි හිලක්..


අපේ ගමේම ඉන්න කොල්ලො කෙල්ලො සෙට් එක විතරක් නෙවෙයි රනේ වයසක අන්කල්ලටත් මේ ලේනවා පෙන්නලා තිබ්බා.. හැබැයි එක සැරයයි..ඊට පස්සෙ අහු වෙන්නෙ නෑ..
මේ ලේනා පෙන්නිල්ල නැවැත්තුවෙත් අපිමයි..මොකද අපි සෙට් එක කතා කරගත්තා දවසක් ..
හොයා ගත්තා ඇබුල් නාරං, ජම්බු සහ ජම්බෝල ගෙඩි කීපයක්ම..කෑලි වලට කපා  ගත්තා. එදා හවස සෙල්ලම් කරලා දැන් කට්ටිය ආපහු එනවා..කට්ටියම රනේව වට කර ගත්තා. 


"මචන් රනේ අපි කාලෙකින් උඹේ ලේනාව දැක්කෙ නෑ නේද ?"


මේකට දැනුනා මොකක් හරි වෙන්නයි යන්නෙ කියලා.. ඒත් දහ පාලොස් දෙනෙක්ගෙන් කොහෙ ගැලවිලා යන්නද ? බලෙන්ම ගැලෙව්වා රනේගෙ කලිසම..


"හෆෝ බලපන් මුගෙ කෙට්ටු..උඹ කන්ඩ දීලා නෑ මුකුත්ම "


කිය කියා  එක එකා පෝලිමෙ ගිහින් අර ගෙනාපු පලතුරු ලේනගෙ ඔළුවෙ ඇතුල්ලුවා කාපන්...කාපන් කියලා...
රනා බෙරිහන් දීපු හැටි අදටත් මට මතකයි...රනේට ටික කාලයක් යනකම්ම අපේ සෙට් එක එක්ක සෙල්ලම් කරන්න ගෙදරින් එන්න දුන්නෙ නෑ..සෝමෙ මාමා රනේගෙ තාත්තා..දවසක් එනවා කසියා ගහලා වැනි වැනී..අපිත් සෙල්ලම් කරලා ගෙදර එනවා..


"යකුනෙ සෙල්ලම් කරපල්ලා  ඕනි මගුලක් එක්ක ඔය අංගජාතෙ එක්ක සෙල්ලම් කරලා ජීවිතේම කාලකන්නි කරන්නෙ නැතුව.. "


අපේ උන් කට පියන් ඉන්ඩ බැරුව හූ කිව්වා..තද වෙච්ච සෝමෙ මාමා,


"අතුල්ලපියව් තොපි දෙහි මේකෙ " 


කියලා සරමත් උස්සගෙන අපි දිහාවට ආවෙ ගහන්න.. අපි දිව්වා දිවිල්ලක්...


ගම් වල තුන් ඉරි අප්පු කියන සාමාන්‍ය ලේන්නු සහ දඬු ලේන්නු හරි හරියට හිටියා.. අපේ කීප දෙනෙකුටම  ඇති කරන්න පොඩි ලේන්නු කීපදෙනෙක්ම හිටියා.. ඒ නිසාම හැමෝගෙම තිබ්බෙ දඬු ලේනෙක් අයිති කර ගැනීමෙ ආසාවම තමයි. පුංචි ලේන්නු අල්ල ගන්න පුළුවන් උනත් දඬු ලේන්නු අල්ල ගන්න බෑ.. ඒකට අපි කලේ..
ඔය දඬු ලේන්නු සාමාන්‍යයෙන් ගහකින් ගහක්ට පනිනවා සෑහෙන ඈත දුරකට උන්ට පනින්න පුළුවන්.. අපේ සාමාන්‍ය අඩි 10යෙ පාරත් ගම හරහා තිබ්බෙ..ඔය පාරෙ අපේ වත්තෙ තියෙන පොල් ගස් වල ඉඳන් පාර එහා පැත්තෙ තියෙන පොල් ගස් වලට දඬු ලේන්නු පනිනවා..අපි දැකලා තිබ්බා..අපි කලේ හරියටම එහෙම පනින වෙලාවක් බලලා..පිම්මෙ හරි මැද වෙනකොට යටි ගිරියෙන් කෑ ගහනවා.. කලබල වෙන දඬුලේනට පිම්ම වරදිනවා..ඔහොම කරලා අපි අල්ලා ගත්තා බිමට වැටිච්ච  එක දඬු ලේන් පැට්ටෙක්ව..දැන් ඉතින් කාගෙත් සුරතලා ඌ තමයි..හැබැයි ඌට වැඩි කල් ජීවත් වෙන්න ආයුස තිබ්බෙ නෑ.මොකද,.අපේ එකෙක් කවපු කෙසෙල් ගෙඩි කෑල්ලක් හිර වෙලා ඌ මලා...


ලේන්නු ගැන තියෙන ඊළඟ සිද්දි වලින් හොඳම එක තමා..මන් එක දවසක් අපේ ගමේ කෙලවර තිබ්බ රබර් වත්තෙ ඔට්ටපාලු ගලව ගලවා ඉන්න කොට එතන තිබුනු පඳුරක තිබ්බ ලේන් කූඩුවක් කපුටො කඩලා..ඒකෙ හිටිය ලේන් පැටව් තුන්දෙනාට කපුටො කොටනවා.. සේරම වැඩ නවත්තලා මන් කලේ ලේන් පැටව් දෙන්නෙක් ගත්තා අත් දෙකට..උන් ඇස් ඇරපු ටිකක් ලොකු උන්..බයේ දඟලනවා..අනිත් එකා දමා ගත්තා කලිසම් සාක්කුවට..ටික දුරයි එන්න පුළුවන් උනේ කකුලෙ උඩ හරියෙ විදුලි කොටනවා වගේ වේදනාවක් ආවෙ..අනිත් පැට්ටො දෙන්නා අත ඇරපු මන් බැලුවෙ කලිසන් සාක්කුවෙ හිටපු එකා මගෙ කකුල කාලා..ලේ වැක්කෙරෙනවා.. තුන් දෙනාවම එතනම දමලා ගෙදර දුවපු මන් ඔය තුවාලෙට බෙහෙත් දැම්මා සතියක් විතරම.. දැන් වගේ නෙවෙයි බල්ලො අරුනහම වෙන සත්තු කෑවට ජලභීතිකා එන්නත් ගහන සීන් එකක් ඒ කාලෙ තිබ්බෙ නෑ.. තාමත් කකුලෙ තියෙන තුවාල කැලල දකින කොට ආයිනම් ලේන්නු අල්ලන්නෙ නෑ කියලයි තාමත් ඔළුවට එන්නෙ...අදටත් කකුලෙ ඔතන තියෙන තුවාලෙ දකින් හැම කෙනාම අහන්නෙ ,


"කවුද බන් ඔතන හපා කෑවේ ?"


කියලයි. ඇත්ත කීවට කවුරුවත් විශ්වාස කරන්නෙ නම් නෑ..


ඔය ලේන් කතා සේරම මතක් උනේ..පහු ගිය ඉරිදා නිවාඩු පාඩුවෙ ඉන්නකොට අපේ මිදුලෙ තියෙන අඹ ගහේ තියෙන ගෙඩියක් කනවා ලේනෙක්..මාත් කැමරාව අරගෙන ගහ ගත්තා ෆොටෝ ටිකක්.. ඔය තියෙන්නෙ ඒවයින් ටිකක්..






ලේනා අඹ ගෙඩිය රහ කර කර කන කොට පොඩි පහේ ඉරිසියාවක් ආවෙ නැත්තෙත් නෑ..







ඔය කෙලිය ඔහොම යන අතරෙ අපේ ලැසියා දැක්කා මන් මොනාට හරි ඔට්ටු අල්ලනවා කියලා.. මේකා ඇවිත් බැලුවා දැක්කා අඹ ගෙඩිය කන ලේන..ට්‍රිබල්, බේස් හයි දමපු ලැසී බුහ් බුහ් ගාපි.. අනේ කලබල වෙච්ච ලේනා අනිත් පැත්ත හැරුනා..අඹ ගෙඩියටම උගේ බර ආවා වෙන්න ඇති.. මෙන්න අඹේ බිම..






ඒ අඹ කෝට්ටෙට උන දේ තමයි මේ..




කෘතීමව නෙවෙයි ස්වාභාවිකවම ඉදිච්ච අඹයක රස..කියන්න ආයි වචන නෑ..


අපි පොඩි කාලෙ අඹ ගස් යට තිබිච්ච අඹ කෝට්ට..ඒ කීවෙ සත්තු කාලා බිම වැටිච්ච අඹ බාග ඕනි තරම් කාලා ඇති..දැන් නම් කියන්නෙ සත්තු කට ගහපු අඹ කන්න එපා..ලෙඩ වෙයි කියලා..ඒ කාලෙ නොහැදිච්ච ලෙඩ අද කොහෙ හැදෙන්නද ?


අඹ ගහේම පැහිලා ඉදිච්ච මේ වගේ අඹ ගෙඩියක් කන්න වාසනා කරලා තියෙන්න ඕනි..කියලා හිත හිතාම මන් මන් ඔය කෑලි ටික කෑවෙ..

Tuesday, May 29, 2012

එන්න , හැකිනම් නිරුවතින්...

හා හා සුදු කොඩිය දැකපු ගමන්ම කලබල වෙන්නෙපා..කියවලා බලන්නකො...





















මෙතන නිරුවතින් එන්න කියන එකෙන් මන් අදහස් කලේ ඔය සංස්කෘතිය, සදාචාරය, හැදියාව වගේ එව්වයෙන් වැහිලා තියෙන සළු පට ගලවලා මේක දිහා බලන්න කියන එකයි..


ඉපදෙන හැම එකාටම උරුම එකම දෙය මරණය නම්..අපි ඕකට බය වෙන්න හරි කලබල වෙන්න හරි ඕනිද ? දුක් උනාට නම් කමක් නෑ..මක් වෙනවද ඒකට..


මීට කාලෙකට ඉස්සර අපෙ තිස්ස දමපු පෝස්ට් එකක් සහ ඒක දැකලා කට්ටියගෙන් අහ ගත්ත ලුනු ඇඹුල් කතා ටික තාම කනේ කීං ගානවා..
http://hadageepotha.blogspot.com/2010/03/blog-post_10.html




ඒ අස්සෙ මන් හිතුවෙ ඇත්තටම මන් කොයිවෙලාවක හරි මලොත් යළුවො නොයාළුවො සහ ලෝකයා මොනා කියයිද කියලා දැන ගන්ඩ තියේනම් කොහොමද කියලයි. ගුන වර්නනා කරන ඒවා එහෙම මලාට පස්සෙ කලාට මැරිච්ච මට ඇහෙන එකක්යැ..හැබැයි ඒ ටික දැම්ම කලොත් මන් දන්නවා සේරම ටික..ඉතින් ඒකනෙ වටින්නෙ..හා ළමයි එහෙනම් ඔය කඳුළු පිහි දමලා හිතට එන දේවල් සේරම ටික ඔන්න පහලින් කියලා යන්න..




ෆොටෝ ශොප් වලින් මැරෙන එකත් පණ යන වැඩක්ම තමයි..හොඳ වෙලාවට අපේ තිස්ස අයියා ෆොටෝ ශොප්වලින් මලේ කලින්ම..ඒකෙන් වැඩේ ටිකක් පහසු උනා..


මීට අවුරුදු ගනනාවකට උඩදි 1994 අවුරුද්දෙ..විශ්ව විද්‍යාල ජීවිතයෙ දෙවෙනි අවුරුද්ද..මට තිබ්බ පොත් කියවීමෙ පිස්සුව සනීප කර ගන්න කැම්පස් පුස්තකාලෙට අමතරව ගියා මහජන පුස්තකාලෙට. ඕක දැන ගත්ත අපේ සෙට් එක මට ගැහැව්වා මරන දැන්වීමක්..මතකයෙ හැටියට ඒකෙ තිබ්බෙ "කොට්ලර්"ගේ මාකටිං පොතක් උඩ මියගිය මගේ අවසන් කටයුතු මහජන පුස්තකාලෙ තියෙනවා කියලයි.

ඒක එක ලෙක්චර් එකකදි නෝටිස් එකක් විදියට හෝල් එක පුරාම ගියා..මතකයි..ඒක දැකපු මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් නම් මල ගෙදරකදි වගේ හඬා වැලපිලා තුන් වෙනි අවුරුද්දෙදි අන්තිම අවුරුද්දෙ අයියා කෙනෙක් යාලු කර ගත්තෙ මාව දමලා ගිහින්..ඕන් ඔහොමයි උනෙ..




ඉතින් ඔය මැරෙන දවස , හැටි  කාටවත් කියන්න පුළුවනියැ..ඒක මාරයාට ඕනි දවසක් කර ගත්තාවෙ..


වැඩිය බර දමලා ගුණ කථන එහෙම කරන්න එපා ඕන්..මට ලැජ්ජාවෙ පණ යයි අප්පා...




Saturday, May 26, 2012

නිරුවතද මේ ?


"මොනවද මේ නර්ස්  අලවන , හයි කරන කෑලි වලින් වෙන්නෙ?"


"ඔය වයර් සේරම සම්බන්ධවෙන්නෙ මේ Lie detector  කියන මැසින් එකට..ඔයා මොනවා හරි බොරුවක් කීවොත් ඒක මේ මෙශින් එකෙන් දෙන ප්‍රින්ට් අවුට් එකෙන් හොයා ගන්න පුළුවන්"






"මන් බොරු නොකීවොත්?"


"ඒකත් හොයා ගන්න පුළුවන්"


"ඒ කියන්නෙ මන් කියන දේවල් විශ්වාස නෑ.?"


"විශ්වාසද නැද්ද කියන එක මට ජජ් කරන්න බෑ ඒ නිසයි මේ වගේ යාන්ත්‍රික ක්‍රමයක් යොදා ගන්නෙ"


"ආ හරි මන් රෙඩි"


"මන් අහන ප්‍රශ්න වලට ඔව් නෑ වගේ කෙටි පිළිතුරු දෙන්න..ඔන්න මන් පටන් ගන්නවා.."


"ඔබේ නම !@@#$%^&& ?"
"ඔව්."


ඔබේ වයස 41යි ?
"ඔව්"


"ඔබේ ගම *******?"
"ඔව්"


"ඔබ දැන් පදිංචිය  ******?"
"ඔව්."


"ඔබ සත්තු මරලා තියෙනවද ? "
....කැරපොත්තො, කූඹි, කඩි, වේයො, මීයො, සර්පයො රාශියක් හිතට එයි
"ඔව්."


"ඔබ හොරකම් කරලා තියෙනවද ?"
"ඔව්."


"ඔබ කාමයෙ වරදවා හැසිරිලා තියෙනවද ?"
...සිතට නැගුනු සිතුවිලි සියල්ලම කොටු කොටු දමා වසා ගතිමි....
"ඔව්"


"ඔබ බොරු කියලා තියෙනවද ?"
"ඔව්"


"ඔබ සුරාපානය කරලා තියෙනවද ?"
"ඔව්."


"ටෙස්ට් එකේ පලවෙනි කොටස එක ඉවරයි. "



විනාඩි 15කින් පමන පසුව..


"ඩොක්ටර් මගෙ ටෙස්ට් එකේ රිසල්ට් කොහොමද ?"


"ඔබ 80% ඇත්ත කීවත් 20% බොරු කියලා තියෙන්නෙ..."


Thursday, May 24, 2012

මිතුරුකම්...


"මචන් මන් කාර් ඒ ගත්තට පස්සෙ මාත්එක්ක හිටි යාළුවො මට ඉරිසියා කරනවද කොහෙද ?"


"ඈ කවුද බන් ඒ ? කවුරු ඉරිසියා කරනවා කියලද උඹ හිතන්නෙ ?"


පහුගිය කාලෙ මෝටර් රථයක් ගනිපු මගේ හොඳම යාළුවෙක් වෙන කපිල මාත් එහෙම කීවෙ අපි දෙන්න එක්කම අවිස්සාවේල්ලෙ යන අතරතුරේදි.


"කවුරු ඉරිසියා කරනවයි කියල්ද උඹ හිතන්නෙ මචන් ?"


මන් ආයිමත් ඇහුවෙ ඒ ප්‍රශ්නෙට මට උත්තරයක් නොලැබුන නිසාමයි. කපිල කියන්නෙ මගේ හොඳම බොක්කෙ යාළුවෙක් කැම්පස්යන කාලෙ ඉඳන්ම බයික් එක්ක තිබ්බ මම තමයි උගේ ගමන් සගයා ඒ කාලෙ ඉඳන්ම..ඒ කාලෙ ඉඳන්ම මන් කිය කියා හිටියෙ,


"දුර ගමන් ගියහම පස්ස රිදෙනවා බන් මේ බයික් එකේ ගන්කො රෝද හතරක්."


ඒ කතාවටම නොඋනත් මිනිහා පහු කාලෙක ගත්තා මෝටර් රථයක්..තාමත් කාරයාලයේ නිවාඩු ලද මොහොතක ගමනක් යන්න සෙට් උනොත් මම අනිවාර්යෙන්ම ඒ සෙට් එකේ ඇති.. ඒ වගේම තමයි අපි දෙන්නා අතරෙ පුද්ගලිකත්වයටම සීමා උනු දේවල් සීමිතයක් ඇර දෙන්නට දෙන්නා හොඳින්ම දන්නවා සහ ප්‍රශ්න , අදහස්, ගැටළු බෙදා හදා ගන්න පුරුද්දක් තිබ්බා.කපිලගේ මොනා හරි වෙන්සක් දැක්කොත් බිරිඳ පවා


"මොනාද වෙනී කපිලට මේ දවස් වල වෙලා තියෙන්නෙ ?"


කියලා අදටත් අහනවා..හැමෝම දන්නවා අපි දෙන්නගෙ රහස් සේරම අපි දෙන්නම දන්නවා කියලා..


"අර පියල් බන්"


"කොහොමද එහෙම කියන්නෙ ..උඹ උගේ හිත කියෙව්වද ?"


"නෑ බන් ඉස්සර හොඳට හිනා වෙලා කතා කරන එකා දැන් එච්චර හිනා වෙලා කතා කරන්නෙ නෑ.."


"පිස්සු නොහිතා හිටින් බන් ඌට වෙන ප්‍රශ්න ඇති හිතන්න වැඩේමයි මේ කබල් කාර් එකට ඉරිසියා කර කර ඉන්ඩ.."


විහිළුවකින් කතාව මගහැරියට මේ කතාව මගේ හිතෙත් ටිකක් හොල්මන් කර කර තිබ්බා..ඇත්තටම කපිල ගත්ත කාර් එක තරමක් සුඛෝපභෝගී එකක් නිසා කෙනෙකුට ඉරිසියා කරන්න උනත් පුළුවන්..ඒත් මේක පොඩ්ඩක් හොයලා බලන්න ඕනි දෙයක් කියන හැඟීම මගේ හිත ඇතුලට කිඳා බහිද්දී..මට කල්පනා උනේ මේ මෙහෙම එකට ඉන්න යාළුවො අතරේ එක යාළුවෙක්ගෙ දෙයක් ගැන තව යාළුවෙකුට ඉරිසියාව වගේ හැඟීමක් ඇති වෙන්න පුළුවන්ද ? එහෙම උනොත් ඒ ගොල්ලො ළඟ තවදුරටත් යාළු කම තියා ගෙන අන්න පුළුවන්ද වගේ මහා අප්‍රභංශ ප්‍රශ්න රාශියක්. 


දැනුම් නොතේරුම් කාලෙ පන්තියේ සුවඳම මකනෙ , ලස්සනම පැන්සල, පොත තියෙන අය දිහා බලලා හූල්ලලා ඒ එක්කම හූල්ලනවට වඩා හොඳා මේකා එක්ක යාළුවෙලා මට ගන්න බැරි දෙයක් උනත් පොඩ්ඩක් ටැස් කරලා බලන්න පුළුවන් කියලා දෙහි ගෙඩියක් තරම් තිබ්බ මොලේට පත්තු උනාට පස්සෙ කලේ නම් අනන්ත අප්‍රමාන යාළුවො හදා ගන්න එකයි. පුංචිම පුංචි කාලෙ යාළුවො හම්බ කර ගත්තෙ ඒකට උනත් කාලෙත් එක්ක යාළුවො කියන්නෙ ජීවිතයේ ලොකුම කොටසක් කියලා තේරෙද්දි පොඩි කාලෙ කරපු ඒ දේට ලැජ්ජ නොහිතෙනවමත් නෙවෙයි..


පහුගිය  රැයක මට චාන්ස් එක ආවා පියල් එක්ක සෙට් වෙන්න..රටේ ලෝකෙ තියෙන වල්පල් කතා කර කර ඉන්න අතරේ අළු යට තිබ්බ ගිණි පුපුරක් වගේ ආවා මගේ අර අදහස..


"ආ බන් කපිලයා කාර් එක ගත්තට පස්සෙ වෙනස් වෙලාලු නේද ?"


"අඩෝ කැ* කතා කියන්න එපා ඌ උඹේ බොක්ක නේද ? ඇයි දැන් උඹව හලලද ? "


"නෑ බන් කොයි මිනිහද ඉතින් ඒ වගේ කාර් එකක්  එකක් ගත්තහම වෙනස් නොවෙන්නෙ ?"


මමත් ටික ටික මීයට කුරුමානම් අල්ලන පූස් තඩියෙක් වගේ නොදැනෙන්න ලං කලා..


"අනේ මචන් මම නම් මාර සතුටුයි ඌ කාර් එක ගත්ත එක ගැන."


"උඹ මොකටද සතුටු වෙන්නෙ ? පලයන් බන් බොරු නොකියා"


"මචන් උඹ දන්නෙ නෑ..ඒ දවස් වල ඌ බයික් එක තියෙන කාලෙ මට කීප සැරයක්ම මහ රෑ හදිසි අසනීප උනු අවස්ථා දෙක තුනකම වෙලාව බලන්නෙ නැතුව ඇවිත් උදව් කලා"


"නෑ ?!"


"නෑ නෙවෙයි බන් ඔව්.ඉතින් හිතපන් බයික් එක තියෙන කාලෙත් එහෙම මිනිහා දැන් කාරෙක තියෙන කාලෙ..වෙනස් වෙන්නෙ නෑ. වෙනවට කියනවා නෙවෙයි බන් මට දැන් වාහනයක් නෑනෙ..මට ඕනි රෑක මොනා හරි හදිසියක් උනොත් මට කපිලයට කතා කරන්න පුළුවන් බන්..උඹ හිතන්නෙ ඌ නෑවිත් ඉඳී කියලද ? නෑ බන් ඌ හිත හොඳ එකා..ඌ කවදාවත් එහෙම කරන්නෙ නෑ. ඒ නිසයි බන් මට සතුටු ඌ වාහනයක් ගත්ත එකට."


සියල්ල පැහැදිලිය..කපිල වරදවා තේරුම් ගෙන ඇත..


අපට කිසි දින කිසිවකුගේ සිතුවිලි කියවිය නොහැකිය. එසේම යහළුවන් යහළුවන් අතර මෙවන් අවර ගනයේ සිතුවිලි හට නොගන්නා බව විශ්වාසය. 


කපිල සිතට නැගෙන අස්ථාන සැකයකින් පෙලෙන බැවින් එය නිවැරදි කල යුතු බව මට හැඟී ගියේය..


එදිනෙදා වන සරල සාමාන්‍ය සිදුවීමක් වූ මෙය මා යමක් තේරුම් ගත් පමණින් මෙය කියවන්නාගේ කාලය කා දැම්මාදැයි සැකයක් මසිත නැගේ..

Wednesday, May 23, 2012

විකල්පය ?


"යන්තම් ඇති ඇඟට දැනෙන්න ආයිමත් වඩියක් බොන්න පුළුවන්"
"ඒ මොකෝ ?"


"ආන් විලියොන් අයියා හිරෙන් නිදහස් වෙලා ඇවිත්"


"අවුරුදු තුනකට නේද ගියේ? තාම අවුරුද්දක් උනෙත් නෑනෙ"


"ඔව් කල්කිරියාව හොඳයි කියලා එලියට දමලයි කියන්නෙ"


"එහෙනම් හෙට අනිද්දා පැත්තෙ යන් ඒ පැත්තෙ ආයි පෙරන්න පටන් ගනී"






මා සෙමින් සෙමින් දෙවැට දිගේ පිය මනින විට මා පසු කරගෙන ගිය ජේමිස් මාමාගේත් සුබේ මාමාගේත් කතාවෙන් මා සවන වැකුන කොටස මෙය විය..


මගේ මතක ජීවිත කාලයේ අවුරුදු විස්සක පමණම විලියොං මාමා කලේ කසිප්පු පෙරීමයි. අවුරුදු දෙක තුනකට සැරයක්ම පොලීසියට කොටු වී දඩ මුදල් ගෙවීමට නොහැකිව හිරේ ගොස් කල්ක්‍රියාව හොඳ නිසා නිදහස ලබන මාමා නැවතත් වසර කීපයකින් පසු හිරේට නියම වන්නේ එකම වරදටය. දරු තිදෙනෙක් සිටියත් ඔවුන් තිදෙනාම ගමෙන් පිටව ගොස් ඇත්තේද සිමියොන් මාමාගේ විමලෙ නැන්දා ඔහු හැර දමා ගොස් ඇත්තේද මෙය නිසාමය. ඔහුත් ඔහුගේ ගෝල බාලයනුත් එක්ව කසිප්පු පෙරීම කරගෙන යන අතර සිමියොන් මාමා නැති අතරතුරේ ඔහුගෙ ගෝලයන් මෙම ව්‍යාපාරයට පන පොවයි.ඔහුගේ කසිප්පු පෙරීම හැර වෙනත් කිසිම දුර්ගුණයක් ඔහු සතු නොවීය. එසේ කීමෙන් මා මොහුගේ සමාජ විරෝධී ක්‍රියාව සාධාරනීකරනය කිරීමට පෙලඹෙන්නේද නැත. 


"සීල් බොන්න සල්ලි තියේ නම් ඔය ජරාව බොන්න යනවද පුතේ ?"


දවස තිස්සේම තේවතු, රබර් වතු වල සහ පතල් වල කය වෙහෙසා, වෙහෙස නිවා ගැනීමට කසිප්පු වඩියකට රොක් වෙන බොහෝ අයගේ තර්කය වන්නේ එයයි.  කෙසේ වෙතත් සිමියොන් මාමා පෙරන කසිප්පු ඉතා ප්‍රසිද්ධය..කුමක් හෝ හේතුවක් නිසා ඔහුගේ ගෝලයන් හට එම කීර්තිනාමය හම්බ කරගන්නට කිසිදා නොහැකි වීය. ජේමිස් මාමා හා සුබේ මාමා මෙන්ම අනිත් කසිප්පු පරිභෝගිකයන් සියල්ලගේම අදහස එක සමාන විය.ගමේ සිටින බිරින්දන් සහ මව්වරුන් තම ස්වාමීපුරුශයන් හා පුතුන් කසිප්පු බීමට ඇබ්බැහි කිරීම ගැන සිමියොන් මාමාට හෙන ඉල්ලූ වාර ගනන් නම් අනන්තය..


"මන් පෙරන්නෙ බොන්න එන උන් ඉන්න නිසා..උඹලයෙ මිනිහයි පුතයි හදා ගනින් උන්..එන්නෙ නැත්නම් මන් බලෙන් ඇවිත් කුදලා ගෙන යනවයැ?"


සෑමවිටම ඔහුගේ පිළිතුර වූයේ එයයි.


"ඈ සිමියොන් මාමේ උඹ හිරේ ඉන්න කොට මොනවැයි කලේ ? මොනාවත් අතේ පයේ රස්සාවක් පුරුදු පුහුණු උනේ නැත්ද ?"


මා පහුගිය දිනක ඔහුගෙන් ඇසූ විට,


"නැත්තෙ මොකෝ  මහත්තයො ඔය යන හැම සැරේම මොනව මොනවා හරි ඉගෙන ගන්නවා..වඩු වැඩ, මේසන් වැඩ, වගේ එව්වා.."


"ඉතින් මාමේ ඔය කසිප්පු පෙරන වැඩේ නවත්තලා ඒවගේ එකක් පටන් ගනින්කො"


"පිස්සුද බන් මන් වගේ හොඳට පෙරන්න පුළුවන් එකෙක් මේ අහල ගම් හතකවත් ඉන්නවද ? මන් හොඳටම දන්න බඩ රස්සාව මේක. අතේ පයේ වලංගු නැති කාලෙක පන රැක ගන්න තියෙන්නෙ මේකෙන් හම්බ කර ගන්න ටික තමයි. ඒක පුළුවන් කාලෙ කරනවා "


මට කට උත්තර නැති විය..


එක් පැත්තකින් විග්‍රහ කලහොත් සමාජ විරෝධී කසිප්පු කාරයෙකු වන ඔහුගේ මෙම ව්‍යාපාරය.. ඔහු වෙත පැමිනෙන දුප්පත් කුලී කාරයන්ගේ පැත්තෙන් බැලූ විට දිනය පුරාම වෙහෙසෙන ගත ඇදුම් කන වේදනාව නිවා සනහා ගැනීමට අඩු මුදලකින් ගතහැකි එකම විකල්පය ට උර දීමකි.. අවන්හල් වලට ගොස් බලයලත් මත් පැන් ගැනීමට කරන වියදම හා මෙම විකල්පය අතර වෙනස යෙදවෙන්නෙ ඔවුන්ගේ කුටුම්භ පරිභෝජනයටයි. මත්පැන් මෙන්ම කසිප්පු බොන්නන්ද ඇදෙන්නේ වලපල්ලට වූවත්..බීම සඳහා විකල්පයක් නැති සන්දර්භයක් තුල සියල්ලෝම අසරනයෝ වෙති.


"අපිත් ආසයි බන් උඹලා වගේ බණක් දහමක් අහ කියා ගෙන අදහා ගෙන ඉන්න..ඒත් දවසම නැහිලා නැහිලා ඇඟ පත රිදෙන කොට ඔය කොයි බණත් කැලේ..ආයි හෙට නැගිටලා ඔය සුමේ කරන්න යන්න මතක් වෙන කොට අමෘතයා තමයි කසියා වඩිය..බිව්වා කෑවා නිදියා ගත්තා.."


මගේ සම වයසේම වූ මිත්‍රයකුගේ වචන මතින් මට නැවතත් කට උත්තර නැති වීය..

Monday, May 21, 2012

කෙටිම කෙටි කතාවක්.....


අල්ලපු ගෙදර කුසුමා අක්කා උදෑසනම වැලපෙමින් බෙරිහන් දෙන්නට ගත්තාය..


"ඇයි අක්කෙ මේ උදේ පාන්දරම සිරිපාල අයියා ආයිමත් උඹට ගහනවා කියලා බය කරලා සල්ලි ඉල්ලගෙන සූදුවෙ ගියාද ?"


"ඒක හැමදාම උනු එකනෙ මල්ලියෙ"


ඈ ඉකි ගැසුම් අතරින් පවසන්නීය..කුඩා දරුවන් හය දෙනාද තුස්නිම්භූතව බලා සිටින්නේය..


"ඉතින් මොකද වෙලා තියෙන්නෙ ?"


"පහුගිය දවසක රෑ සූදුවෙ ගිහින් අපි හය දෙනාට සන්තකේ තිබ්බ මේ ගේ පරදුවට තියලා ඔට්ටු අල්ලලා මල්ලියේ"


ඈගේ හැඬුම තවත් දැඩි වේ..


"ඉතින් අක්කෙ මේක අක්කට අම්මලා තාත්තලගෙන් හම්බ උනු එක නේද?"


"අනේ ඔව් මල්ලියෙ..ඒක විකුනලා හන්දියෙ කඩේ මුදලාලිට නොවටිනා ගානකට..දැන් අපිට එලියට බහින්නයි වෙන්නෙ"


"කෝ දැන් සිරිපාල අයියා?"


"ඔය සූදු කෙලලා පැරැදිච්ච එක අපේ කනට වැටුනා කියලා දැන ගත්තම ආන් උදේම තිබ්බ රෙදි පෙරෙදි ටිකත් මල්ලට දමා ගෙන ගෙයින් බැහැලා ගියා මල්ලියෙ.ආයි එන්නෙ නෑ කීවා.මන් දැන් කොහොමද බලහන් අනාගතේට මූන දෙන්නෙ?"


මෙයට මටද උත්තරයක් නැත...


නිමි.

Sunday, May 13, 2012

ජීවිතේ එහෙම තමයි...ඒත් කොහොමද ,මෙහෙම දමලා යන්නෙ ???! සහෘදය ඔබට නිවන් සුව !


ජීවිතය අනියතයි..අපිට කොයි වෙලාවෙ යන්න වෙනවද කියලා දන්නෙ නෑ..ඔය පොදු ධර්මතාවය හැම වෙලාවෙම අදහැව්වත් උදේම මූනුපොතෙන් ආපු මේ ආරංචියට ඇහේ කඳුලක් නැගෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ..


එහෙම කොහොමද මේ ආදරණීය මනුස්සයා අපිව දමලා යන්නෙ ? එහෙම අයිතියක් තියෙන්නෙ කොහෙද ? තව කී සැරයක් නම් හම්බ වෙන්නද හිටියෙ ? 


සයිබර් අවුරුදු උළෙලේ කොයි තරම් නම් සතුටින්ද අපි හිටියෙ ? මොන තරම් දේවල් කතා කලාද ? හිනා කමින්...ඒ සේරම.. ඒ සේරම..උඹ අපිව දමලා ගිහින්


අපේ ආදරණීය සනත් අයියා.. 


මන් කීවෙ උඹට 


"සනත් අයියා කීවහම දුර වැඩී බන්..ඔබා අයියා කීවහම හරිම සමීප හිතවත් බවක් දැනෙනවා"


ඔබා අයියට නිවන් සැප ලැබේවා..


මන් ගියේ මගේ කැමරා කාචයේ රැඳිලා උන් උඹ දිහාවට..
මේ ෆොටෝ එකින් එකට කමෙන්ට් කරන්න බෑ..අද මට..


මගේ දෑස් බොඳ වෙලා..උඹව පෙනෙන්නෙ බොඳ වෙච්ච සිතුවමක් විදියටමයි..


ඒ බොඳ වෙච්ච සිතුවම හැමදාම හදවතේ රැඳිලා තියේවි.. හැමදාම...


ප.ලි - 

දුක වැඩි කමට මන් මේ පෝස්ට් එක ආයි කරලා තිබ්බත්..
2012/05/14 - 21.25






























නිවනින් නිවෙනා තුරු ඔබ අප සමඟ මෙවන් සොයුරු, මිතුරු සබඳතාවයකින් බැඳේවා !

Saturday, May 12, 2012

රස්නෙ රෑට !! රෙද්දක් ඇඳන් නිදා ගන්න පුළුවනියැ ? ජායාරූප සහිතයි...


අෆ්ෆා මේ දවස් වල දවල්ට තියෙන රස්නෙ..ඊටත් වඩා හරිම ඌෂ්ණයි..තොල් පැලෙනවා , කටේ ගිණියම් බිබිලි එනවා... උදේට චූ කරන්න ගියහම සංසාරෙ එපා වෙනවා..

නානවා ඇඟ හෝදනවා කියලත් කී සැරයක්ද මන්දා දවසකට...
පර්ස් එකේ තියෙන සල්ලි ටික ඉවරයි තැඹිලි වලට යෝගට් වලට, ජෙලි වලට....ඒ මදිවට කතුරු මුරුංගා කොල කිරිහොදි කන්නයි..සව් හදලා කන්න සහ තව තව එක එක්කෙනා ඇඟ නිවෙන්න හොඳයි කියන සේරම ජාති කන්න බොන්න ගියහම තව ජොබ් එකක් කරන්න වෙයි මේ කාලෙ ඉවර වෙනකන් වත්...ඔය මුකුත් නෑ..හොඳට වතුර බෝතල් පහ හයක් බොනව නම් දවසකට...

එහෙම උපදෙස් දෙන යාළුවොත් ඉන්නව. ඔය වතුර බොන වැඩේ නම් සෑහෙන දුරට හරි.. ඒත් දවල්ට වගේම මේ දවස් වල රෑට තියෙන රස්නෙ දරා ගෙන නිදා ගන්න බැරි එක තමයි හොඳම සීන් එක..ෆෑන් එක දමන්නෙ නැතුව නිදා ගන්නව නම් බොරු ආයි..ඒත් ෆෑන් එක දමා ගෙන නිදා ඉඳලා උදේට නැගිටින කොට දැනෙන සනීපෙ මතක් වෙනකොට නිදා ගන්න හිතෙන්නෙම ෆෑන් ඒක් නැතුවම තමයි.වායු සමීකකරනයක් වත් සින්හලෙන් කීවොත් ඒසී එකක් වත් තිබුන නම් ගොඩම තමයි... ඒත් එන ලයිට් බිල මතක් වෙනකොට ඇඟ සීතල වෙනවා ඒසී නැතුවම..

ඒත් එක්කම ෆෑන් එක දමා ගෙන උනත් රෙද්දක් ඇඳන් නිදියන්ඩ ඇහැකියැ මේ දවස්වල..අපි ගම් වල ලැජ්ජා බයට හැදිච්ච කොල්ලො නිසා මන් කරන්නෙ ලයිට් එක නිවලා........(ලැජ්ජාවෙන් ඇඹරෙමින්...) තමයි නිදා ගන්නෙ..එහෙම නිදා ගන්නකොට ෆොටෝ කෑල්ලක් ගහලා දමනව කියලා හිතුවත් ඕන්..ඒකට ප්‍රායෝගික ගැටළු කිහිපයක්ම පැන නැග්ග නිසා..නිකන් ඉන්නවා..
අනික මන් සාමාන්‍යයෙන් උදේ හය වෙනකොට ඇහැරෙන් කෙනා..නැගිටින්නෙ නවයට උනාට..එක දවසක් ඇහැරුනෙ පොඩ්ඩක් පරක්කු වෙලා..එදාත් ගෙදර අයිතිකාරයා මට ගුඩ් මෝනිං කියන්න ජනේලෙන් ඔළුව දමලා..හෆොයි..

"ඔහොම නිදා ගන්නවනම් ලමයො ජනේලෙ වහන් නිදා ගන්න"

කියලා අනතුරු දැන්වීමක් කරලා ගියේ පහු වෙනිදා..


ඒක ගැන කල්පනා කර කර ඉන්න කොට නම් රෑට රස්නෙ වගේම එන හිතේ අමාරුවටත් කොහොමත් නින්ද යන්නෙම නෑ ඉතින් ඔහොම දැහැමෙන් සෙමෙන් කාලය ගත කරන් යනකොට පහු ගිය දවසක මගේ ෆෑන් රාජයාට කෙල උනේ නැද්ද කෙලවිල්ලක්.. ආයි හදනවා නම් බොරු..ඒක ගොඩක් පරන එකක්  නිසාමත් මන් හිතුවා අළුත් ෆෑන් එකක් ගන්න යන වියදමින් භාගයක් විතර පරන එක හදන්න යන නිසාත් ඔන්න ඔහේ ගන්නවා අළුත්ම එකක් කියලා..ඔය පහු ගිය කාලෙ ගිය ප්‍රදර්ශන වල තිබ්බා ෆෑන් එකක් ඒකෙ බේස් එකේ තියෙන ටෑන්ක් එකට වතුර දැම්මහම ෆෑන් එකෙන් මීදුම එනව..Mist Fan එකක් ඒක.. ඔව්ව ගන්න කොහෙ තියෙන සල්ලිද කියලා ඒ අදහස හද සොහොනේ භූමදාන කරලා අන්තිම පස් පිඩැල්ලත් දමලා මන් ගියා ෆෑන් එකක් බලන්න මොනාද තියෙන්නෙ කියලා..

ඒකෙ හිටිය සුරූපී වෙළඳ සහායිකාව පෙන්නුවා තියෙන ෆෑන් සහ ඒවායේ මිල ගනන්.. බුදු සන්තෝ..මන් අවුරුදු 8කට විතර ඉස්සෙල්ලා රු තුන් දාස් ගනනකට ගත්ත මගේ කැඩිච්ච ෆෑන් රාජයා සයිස් එකේ එව්වා දැන් රුපියල් 11,500ක්ම වෙනවා.. උගුර කට වේලීලා තව පොඩ්ඩෙන් කලන්තෙත් දමලා අර ළමයගෙ ඇඟ උඩට වැටෙන්න ගිය මම.. යන්තම් සිහිය එලවා ගත්තෙ..ටිකක් හරි අඩුවට ගන්න පුළුවන් ෆෑන් එකක් දුටුව නිසාමයි..

'ඔය ජාතියෙන් තියෙන්නෙ තව තුනයි ඉතුරු වෙලා"

එහෙම කීව නිසාම මම සුටුශ් ගාලා අර ෆෝන් එක අරන්... ගියා ඉන්ටනෙට් එකට..ගිහින් පොඩ්ඩක් බැලුවා මේ ෆෑන් එක ගැන විස්තර..කොහොමද ෆෑන් එක වැඩ කරන්නෙ..මොකද්ද මේක හදලා තියෙන තාක්ශනෙ..සාමාන්‍යයෙන් මන් ගෙවන්න යන මිල වටිනවද කියලා.. හ්ම්ම්ම්ම් ඔව් ඔව් ෆෑන් එක ගැනම තමයි ඉන්ටර්නෙට් එකෙන් එච්චර විස්තර හෙව්වේ...

hmmm It's really worth the money....

කියලා කඩ්ඩෙන්ම හිතපු මම පොඩි ඩිමෝ එකකුත් බලලම ගත්තා ෆෑන් එක..ආවා ගෙදර..මේන් දැන් බබා මගේ මේසෙ උඩ...ඔය තියෙන්නෙ කිරි ටොයිස් එකට...



ජනේලයේ යන්තම් ඇරී තිබුනු පළුව අතරින් ඔළුව දැමූ නයා පෙනය

 දෙපැත්තට වනා තමාට යා හැකි තරමට ජනේල් පියන් පත හැර 

ගත්තේය..ජනේලය අසලම වූ පරිගනක මේසය මතට වන් හේ නෙත් 

හෙළුවේ මේසය දෙසටයි..කෙමෙන් කෙමෙන් නාගයාගේ දෑස් 

මවිතයෙන් විසල් වන්නට විය..

යකඩෝ මෙච්චර දවසක් මේ මේසෙ උඩ තිබ්බ බඩු ගොඩට මොකද 

උනේ ? මන් උන්නෙ ඔය මේසෙ උඩ DSLR කැමරාවක්, 4G i phone 

එකක්..i-7 laptop එකක් ඇතිය...ඒ ළඟින්ම ඇදිලා යන්නනෙ..



ඒත් මේ මොකද්ද මේ තියෙන අට මගලෙ යකෝ..නයි අල්ලන මැසිමක් වත් මේ යකා ගෙනත් හයි කොරල වත්ද ? 
කියලා හිතපු නයි තෙමේ..අර පෙනේ ගහලා ඇරපු ජනේලෙන්ම ආපහු හැරිලා ගියා...



එහෙම හිතන්න තරම් මොකද්ද නයා දැක්ක අට මගලෙ ?
ඔය තියෙන්නෙ පින්තූරවලින්ම බලා ගන්නකෝ...






නයා වගේ එහෙම හිතලා ආපහු යන යාළුවො නෙවෙයිනෙ අපිට ඉන්නෙ..


"මොකද්ද බන් මේ උඹේ අර පිටි හලන පෙනේරේ දැල ගලවලා ප්ලාස්ටික් බටයකට හයි කරලා ඇයි මේ මේසෙ උඩ තියන් ඉන්නෙ?"

"පලයන් බන් මෝඩ කතා නොකියා උඹල ඉන්නෙ මේ ශතවර්සෙ නෙවෙයිද ? ඔය මගේ අළුත්ම ෆෑන් එක තමයි"


කිව්වට විශ්වාස නොකරපු නිසාම මට සිද්ධ උනේ ඒක ඕන් කරලා වැඩ කරන හැටි කියලා දෙන්න වීරයා වගේ..

ඔන්න මන් අඩු මිලට ගත්ත ෆෑන් එක..මේක Blade-less fan එකක්..කරකෙන  පෙති නෑ .. හැබැයි ඔය බේස් එකේ තමයි තියෙන්නෙ පොඩි ෆෑන් එකක් වගේ පෙති ටිකක්..බලන්නකෝ මේ ෆෑන් එකේ පෙට්ටියෙ තිබ්බ පින්තූර වලින් පැහැදිලි වෙයි මේක වැඩ කරන හැටි.




මේකෙ තියෙන වඩාත්ම පහසුව තමයි..සම්පූර්න යුනිට් එකම කිලෝ 2ක් විතර බර ඇති..අනිත් ෆෑන් වගේ ඇඟේ දහිරිය දමන්න ඕනි වෙන්නෙ නෑ උස්සන් යන්න..







සාමාන්‍ය ෆෑන් වගේ හුලං කැඩි කැඩී එන්නෙත් නෑ..ඔය පින්තූරෙ තියෙන්නැහෙ..එනවා හුලන්...





මේක ඔන්/ඔෆ් කරන ස්විච් එකට අමතරව පොඩි නොබ් එකක් තියෙනවා හුළඟේ වේගය අඩු වැඩි කරන්න..සහ අනිත් ස්විච් එක අංශක 90 කට ෆෑන් එකේ හෙඩ් එක කරකැවෙන එක ඔන්/ඔෆ් කරන්න..


මේකෙ  ෆෑන් හෙඩ් එක උඩට පහලට හෝ අපි ඉන්න දිශාවට හරවගන්න පුළුවන් වීම තවත් විශේෂත්වයක්...



ලොකුම පහසුව තමයි ෆෑන් බ්ලේඩ් නැති නිසා ආරක්ශාව අතින් උපරිමයි..සුද්ධ කරන්න අන්තිම ලේසියි..ගත්තා පරන රෙදි කෑල්ලක් පිහ දැම්ම..තත්පර පහයි..


මේ තියෙන්නෙ අනිත් ෆෑන් එක්ක බැලුවහම තියෙන වාසි ...

හරි හරි ඉතින් කට්ටිය දැන් ගෙදර තියෙන ෆෑන් ටික බැද්දට විසික්ක කරලා මේ ෆෑන් ගන්න දුවන්නෙපා..මේක සාමාන්‍යයෙන් පොඩි කාමරයකට තමයි හොඳම..සාමාන්‍ය ස්ටෑන්ඩ් ෆෑන් එකක් තරම්ම නම් හුළඟ නෑ වගෙයි කියලයි මට දැනෙන්නෙ..
ඒ වගේම මේකෙන් එන හ්ම්ම්ම්ම්ම් සද්දෙට තාම කන හුරු නෑ.. මේකෙ ගාන නම් රු. 5700/= තාමත්.. 


බලමු මේ ෆෑන් එකවත් දමා ගෙන රෙද්දක් ඇඳන් නිදා ගන්ඩ පුළුවන් වේද කියලා...

එහෙම කොරන්න බැරි උනොත් ජන මත විචාරනයක් වත් තියන්න වේද මන්දා මේ රස්නෙ අස්සෙ රෑට රෑට නිදා ගන්නෙ කොහොමද කියල...


Wednesday, May 9, 2012

වෙසඟ තුලින් දුටු උත්පාද ථිති භංග..

පොඩි එකා සංදියේ අවුරුද්දෙ කැට ගහලා සහ නෑදෑ ගෙවල් වල ගිහින් බුලත් කොලේක ඔතලා දෙන සල්ලි ටික එකතු කර ගෙන අම්මගෙන් සහ තාත්තගෙන් අඬලා අඬලා තව කීයක් හරි එකතු කර ගෙන..ගන්නවා පාට පාට සව් කොල ගන්න පුළුවන් තරම්..අහල තියෙන රබර් වත්තෙ මුර මාමා කසියා ගහලා තුන් කුදුරන් වෙන්න බුදියන් ඉන්න වෙලාව ටක්කෙටම දැන ගෙන..රබර් වත්තට පැනලා ඔට්ටපාලු කිලෝ 2-3ක්ම ගලෝ ගෙන වත්ත පහල තියෙන බට පඳුරත් තලා ගෙන වෙසක් කූඩු හදන්න ලෑස්ති වෙන්නෙ වෙසක් එකට සති කීපෙකට ඉස්සෙල්ලා ඉඳලමයි.


දන්න සේරම කැටයම් දමලා හදන්නෙ පැටව් කූඩුවක්ම තමයි..අට පට්ටම් පැටව් කූඩුව හදනවා ආයි ලෙසටම..ඔහොම හදලා ඒ මම හයේ පන්තියෙ මගේ මතකය හරි නම්..මහ අට පට්ටමයි..ලොකු පැටව් හතරයි..ඒ ලොකු පැටවුන්ට තව පොඩිම පොඩි පැටව් හතර ගනනෙ....සේරම කූඩු 21 ක්..කොහොම හරි අයීයලා අක්කලගේ උදව් අරන් කූඩුව එල්ලුවා වත්තෙ තිබ්බ අඹ ගහේ උඩ අත්තක..ඒ කාලෙ ගමට ලයිට් තිබ්බෙ නෑ..ලොකු කූඩුවට හයි කලේ අපි පතල් ඉටි පන්දම් ( ඒවා පාවිච්චි කලේ මැණික් පතල් වල දෝනා වල වැඩ කරන කොට ) 2ක්..සහ අනිත් කූඩු වලට පොඩි ඉටි පන්දම්..

සර සර සද්දෙට කූඩු වල රැලි හුළඟට සැලෙන සද්දෙ එක්ක හිතට එන්නෙ ලොකු ආඩම්බරයක්..පන්සලේ රෑ වෙසක් නාට්‍යය බලන්න ඕනි නිසා කූඩුව පත්තු කරලා පොඩ්ඩක් නිදා ගත්තා..කෑ ගහන සද්දෙ එක්ක නැගිටින කොට දැක්කෙ..මහ කූඩුවට ගිණි ඇවිලිලා අනිත් පැටව් කූඩුත් කඩා ගෙන වැටිලා බිම තැන තැන ඇවිලෙනවා..චූටි අක්කා කෑ ගහ ගහ අඬනවා..මාත් ඇඬුවා හිතේ හැටියට..


"පුතේ ඔහොම තමයි හැම දේම..අපි ආසාවෙන් , ලස්සනට හදනවා තමයි..ඒවා හරිම අස්ථීරයි..කූඩු මොනාද පුතේ මෙච්චර ලස්සන මිනිස් ජීවිතත් අකාලෙ නැති වෙලා යන්නෙ. ඒකනෙ හැමදේකම තියෙන ස්වභාවය.. ඒක තේරුම් ගන්න බලන්න ඔය අඬන ගමන්ම"


ඔළුව අත ගගා පන්සලේ හිටිය මාමා එහෙම කීවම පොඩියක් තේරුම් ගිය ඇත්ත සත්‍යය පස්සෙන් පහු කාල වලදි කොයි තරම් නම් අපි ආසා කරන දේවල් අපිව දමලා යද්දි හිත සනහා ගන්න ප්‍රයෝජන් උනාද කියලා කියන්න හිටි මාමත් අපිව දමලා ගිහින්..


ආන්න ඒ වගේ තමයි..පහු ගිය ටිකේම මම වින්ද වෙසක් අසිරිය ලස්සන කැටයම් නිර්මාන, ලස්සන ලස්සන කූඩු...ඒවා සමහරක් සුන්බුන් විදියට හෙට කුණු ලොරියට එකතු වෙයි..හරියටම අපි මේ ලස්සනට ඇඳුම් ආයිත්තම් වලින් සරසන් ඉන්න ශරීරය..කොයිතරම් සැන්ට් පව්ඩර් ගාල ලස්සනට සුවඳට හිටියත් ...දවසක ඒ වගේ ජරාජීර්ණ වෙලා කුනු වෙලා පස් වලට එකතු වෙයි..කියන කතන්දරේ වගේම..


ඔහොම හිත හිතා පහු ගිය දවස් දෙකේ මන් ගියේ බෞද්ධාලෝක මාවතේ වෙසක් බලන්න.. මේ තියෙන්නෙ ඒ වෙසක් අසිරිය තමයි ඕන්..




මේ තියෙන්නෙ බෞද්ධාලෝක මාවතට ඇතුළු වෙන තැන තමයි...
මෙන්න කූඩු ...




බොදු බැති ගී ගයන කණ්ඩායම්..








 මේ තියෙන්නෙ තොරණ..




තොරණ බලන්න හිටි සෙනඟින් ටිකක්


මේ බෞද්ධ මන්දිරයේ මේ බුදු පිළිමය නම් දවසින් දවස වෙනස් කලා..



ආයිමත් කූඩු..




මේ කූඩුවෙ මුචලින්ද නාග දරනය කියලා ගහලා තිබ්බට...අනේ මන්දා මට නම් ගැරඬි දඟරයක්වත් පෙනුනෙ නෑ..





හැබැයි, අර මුචලින්ද නාග දරනය බෝඩ් එක එන්ඩෝනි මෙතෙන්ට තමයි කියලයි මන් හිතන්නෙ..








 මේ බෞද්ධ මන්දිරයේ තියෙන චෛත්‍යය..




 බණ්ඩාරනායක අනුස්මරන සම්මන්ත්‍රන ශාලාව ( BMICH)   බලන්න වෙසක් වලට සැරසිලා ඉන්න අපූරුව..












 කූඩු සහ තවත් සැරසිලි..








ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා... උත්පාද ඨිති, භංග...ඕක ලෝකස්වභාවය තමයි..අපිත් පැවතිලා ඉන්න වෙලාවෙ පැවතිලා තියෙන වෙසක් අසිරිය බැලුවයි කියලා වැරැද්දක් හිතෙන්නෙ නෑ මට නම්...