සයිබරය හරහා සමීප උනු දහසක් මිතුරු දම් ආයිමත් අළුත් කර ගන්න... හමු නොවෙච්ච දවස් ටිකේ සිද්ධ වෙච්ච දේවල් ගැන හෝරාවක් දෙකක් වදනක් දොඩන්න..වගේම සයිබරය හරහා විතරක් සමීප උනු තමන්ගේ බ්ලොග් එකේ ආදරණීය පාඨකයන වගේම තමන් ප්‍රිය කරන බ්ලොග් එක ලියන අය හමුවන්න ඔන්න ආයෙමත් සයිබරයේ ගෙට්ටුවක් තියන්නයි යන්නෙ..
http://cyberfestival.blogspot.com/2013/11/set.html
වැඩි විස්තර ගන්න යන්නකෝ මේ ලින්කුවෙන් අදාල බ්ලොග් අවකාශයේ මිතුරෝ අඩවියට..
මේ තියෙන්නෙ මූණු පොතේ ඔය ගැන තියෙන විස්තර..මම මේ ටික මෙතනට කොපි කරලා දැම්මේ අපේ සහෘදයක් කීප දෙනෙක්ම ඉන්නවනෙ මූණු පොතේ නැති..ඒ අයට දැන ගන්නයි..
ආදරණිය බ්ලොග් සහෘදයන් එකට එකතුවෙන තවත් දවසක් ඔන්න ආයෙමත් ඇවිත්.. කාලෙකට පස්සෙ ආයෙමත් ගෙට්ටුවක් පවත්වන්න සියලුම කටයුතු මේ වන විටත් ලහි ලහියේ සූදානම් වෙනවා.. මෙවර බ්ලොග් ගෙට්ටුව අනික් හැම පාරකටම වඩා ලොකු විශේෂත්වයක් තියනවා. ඒ තමයි මෙවර තියෙන්නෙ Beach Party එකක්.. බ්ලොග් කරුවන් අතර සහෝදරත්වය , එකමුතුකම වර්ධනය කරන්න , මිත්‍රත්වය අලුත් කරගන්න , නොදුටු මිතුරන් මුණ ගැහෙන්න මේ සාදය හරි අපූරු තෝතැන්නක් වනවාට කිසිම සැකයක් නෑ.. ඉතින් ලංකාව පුරා විසිරි ඉන්න බ්ලොග් අවකාශයේ මිතුරන් විතරක් නෙමෙයි ලොකය පුරාම බ්ලොග් අවකාශය වටා එකතුවෙලා සිටින ආදරණිය ශ්‍රී ලාංකීය මිතුරන් හැමෝම එදාට එකතුවෙනවා..
*දිනය - 2013.12.21 වෙනි සෙනසුරාදා
*ස්ථානය - ගල්කිස්ස ජෝ ජෝ'ස් ප්ලේස් ( Jo Jo's Place in Mount Lavinia )
*වෙලාව - උදෑසන 10.00 සිට හවස 4.00
*ජෝ ජෝ'ස් ප්ලේස් වෙත පිවිසිම සඳහා ගමන් මාර්ගය සිතියම සහිතව බලා ගැනීමට පහත සබැදිය(link) භාවිතා කරන්න
http://goo.gl/maps/MdRGp
වෙරල ක්‍රිඩා සහ විනෝදාත්මක අංග රැසක් සමඟින් විනෝද වෙන්න , සතුටු සමීචියෙ යෙදෙන්න එදාට බ්ලොග් ලියන , කියවන අපි හැමොම එකතුවෙන්න දැන්ම ඉදලම සූදානම් වෙමු..
*දුර බැහැර අපේ හිතවතුන්ට හවස 4ට නික්ම යා හැකි අතර එදින මුළු රාත්‍රිය පුරා අපිත් එක්ක රැදෙන්නට කැමති හිතවතුන්ට හිතවතියන්ට මුහදු සුලඟ විඳිමින් ගිනිමැලයක් අසබඩ රාත්‍රිය ගත කිරීමේ චමත්කාර අත්දැකීම ලබාගන්නත් පුළුවන්..
*ආහාර පාන සඳහා වන වියදම් , ස්ථානය සඳහා වන වියදම් සහ අනිකුත් වියදම් සලකා බලලා එක් අයකුගේ ප්‍රවේශ පත්‍රයක් සඳහා රු.350ක මීලක් නියමව තිබෙනවා ..
*වැඩි විස්තර දැනගැනිම සඳහා සංවිධායක මණ්ඩලයේ පහත සාමජිකයින් සම්බන්ද කරගන්න
නලීන් දිල් රුක්ෂ - 0777 210 068
දුලිප් සිකුරාජපති - 0777 043 804 / 0717 606 166
රසික නානායක්කාර - 0718 252 735
අසංක සෙනෙවිරත්න - 0779 060 830
මුදියා නොහොත් සමියා - 0714 108 681
මෙන්න මෙතනින් පැමිණීම තහවුරු කරන්න පුළුවන්.
https://docs.google.com/
වැඩි විස්තර සදහා බ්ලොග් අවකාශයේ මිතුරෝ බ්ලොග් අඩවියට පහත සබැදීය ඔස්සේ පිවිසෙන්න
http://
--------------------------
ඔබගේ බ්ලොග් සඳහා විජට් -
<a href='http://
<script language="JavaScript">
TargetDate = "12/21/2013 8:00 AM";
BackColor = "none";
ForeColor = "white";
CountActive = true;
CountStepper = -1;
LeadingZero = true;
DisplayFormat = " %%D%% %%H%% %%M%% %%S%% ";
FinishMessage = "ගෙවී අවසන් ය!";
</script>
<script language="JavaScript" src="http://
</div></a>
මම මූණු පොතේ මේ සැරේ ගෙනියන්නෙ නෙගටිවෙ ඇඩ්වටයිසින් පාරක්..අද අළුතෙන් ඉන්න පරම්පරාව කරන්නෙම මොනා හරි එපා කිව්වොත් ඒ දේම හින්දා..මම හිතුවා එහෙම වැඩක් කරන්න..
මොකද පහුගිය අවුරුද්දක ගාල්ලෙ තිබ්බ ගෙට්ටුවෙ ෆොටෝ ගොන්න අතරේ සැරි සරන කොට දුටුව සමහර ෆොටෝත් එක්ක මට ආපු අදහස් එක්ක "මඩ" ෆොටෝ ටිකක් හදන්න තමයි මට ඕනි උනේ..
තර්ජන ගර්ජන ගොඩක් ආවත් අපි නම් යන්නෙ නෑ ව්‍යාපාරය නැගලා යනවා..එහෙම ෆන් එකකුත් තියෙන්න එපාය ඉතින්...
හැබැයිමට මෙදාපාර කැමරාව එලියට ගන්නවත් දෙයිද මන්දා සමහරු නම් ...
එහෙනම් ඉතින් එදාට අපි හමුවෙමු !