ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Saturday, April 25, 2015

නුවර එළි සංචාරේ...අතරමඟ කලබැගෑනි.. Tour to Nuwa Eliya - Troubles on the way

අප්‍රේල් මාසෙ ඉතින් යනවා නම් යන්ඩ ඕනි නුවර එළියෙම තමයි කියලා හැමෝම කියන නිසාම මමත් පෙරුම් පුරලා පෙරුම් පුරලා තමයි මේ ගමන යන්න සේරම සැලසුම් හැදුවෙ...

මේ වගේ සංචාරෙකට පස් මහ බැලුම් ම බලන්ඩ වෙන නිසා...ඒ කිව්වෙ ඔෆිස් එකෙන් නිවාඩු ගන්ඩ ඕනි..වැඩ බලන්ඩ කෙනෙක් දමන්න ඕනි..අප්‍රේල් මාසෙ හැමෝම නිවාඩු වැඩියෙන්ම ගන්න මාසෙ හින්දම..මේක හරි අමාරුයි..නුවර එළියෙ නවාතැන් අප්‍රේල් මාසෙ හොයන එක ට වඩා ලේසියි ඉබ්බන්ගෙන් පිහාටු හොයන එක..අවුරුදු පස්සෙ දින 3ම මම වැඩ කරන්නම් කියලා ඔෆිස් එකේ අනිත් අයව යොමු කළා මම නිවාඩු ගන්න දවස් දෙකට.. ඒක හරි

දැන් නවාතැන් ?

අපේ ඔෆිස් එකේ නවාතැන උණත් ඉතින් බොහොම බරපතල විදියට පාවිච්චි වෙන්නෙ අප්‍රේල් මාසෙ..හැමෝම වෙන් කරගන්න දඟලන මාසෙනෙ...වාසනාවකට වගේ ආයතනය තීරණය කරලා තිබුණා නවාතැන වෙන් කිරීමේදී ආයතනයේ අයට ප්‍රමුඛතාවය දෙන්න. ඒ නිසාම මට අවශ්‍ය දින දෙක අප්‍රේල් 18 සහ 19 දෙක මම මුලින්ම වෙන් කර ගත්තා. දැන් ගමන යන්න ඉන්න අනිත් අය ගැන බලන්නත් ඕනිනෙ..අක්කයි ඒ අයගේ පවුලයි, මල්ලියි ඒ අයගෙ පවුලයි..සේරම 8 දෙනෙක්.. ඒ අයගෙත් නිවාඩු සේරම සැලසුම් කරගෙන...ඒ අය නම් පිටත් වෙන්නෙ ඉස්සෙල්ලා බණ්ඩාරවෙල, බදුල්ල අනිත් ඥාතින්වත් බලලා කරලා එන්නයි ලෑස්තිය දැන්..මම හිටියෙ සෙනසුරාදා මෙහෙන් පිටත් වෙලා ඒ අයට එකතු වෙන්න..

ඒත් අන්තිම මොහොතේ වෙච්ච එක සිදුවීමක් නිසා අපිට සිද්ධ උණා අපේ සංචාරය තව දවසක් එහාට තල්ලු කරන්න. ඒ කියන්නෙ 19 සහ 20.. ඒකත් අමාරුවෙන් හරි එහෙ මෙහෙ කර ගත්තා කියමුකො...

මට යන්න වෙන්නෙ එක්කො බස් එකේ නැතිනම් ට්‍රේන් එකේ..

කෝච්චි කාල සටහන් බලද්දි මුල්ම එක 5.55 ට පටන් ගත්තහම උදේ වරුවෙ 7 කුත් ගානට සහ 8 කුත් ගානට තව දෙකක් තිබුණා. යනවා නම් 5.55 එක නැතිනම් බෑ කියලා හිතුණ නිසා බස් එකේ යන්න තීරණය කළේ ඔච්චර උදෙන් නැගිටින්ඩ පුළුවන් කාටද කියන නොරිස්සුම් සිතුව්ල්ලත් එක්කම තමයි..

ඉස්සර වෙලා වාහනේක ගිය අක්කලා නිසා මගේ මගේ ගෙනියන්ඩ තිබුණු ඇඳුම් කැඩුම් බොහොමයක් වාහනේම පටවලා ඇරපු නිසා මට ගෙනියන්ඩ තිබුණෙ කැමරා බෑග් එකයි තව පොඩි පොඩි කළමනා කීපයකුයි විතරයි... රෑ නිදියනකොට උණත් හිතුවෙ බස් එකේ තමයි යන්නෙ කියලා..මගදි කන්නයි බොන්නයි කියලා බිස්කට් පැකට් එකකුයි අර ශක්ති ජනක පානය කෑන් දෙකකුයි දමා ගත්තා. බස් එකේ යන නිසා උදෙන්ම නැගිටින්ඩ ඕනි නැහැනෙ එලාම් එක තිබ්බා උදේ හයට..

පාන්දර ඇහැරුණා...හය වෙන්ඩ ඇති කියලා හිතුවත් හත් වලාමයි පාන්දර හතරයි..අනිත් පැත්ත හැරිලා නිදියන්න හිතුවත්..ම්ම්හ්හ්හ් නින්ද නම් පැත්ත පළාතකටවත් එන්නෙ නැහැ..හතර හමාරට නැගිටලා මූණ කට සෝද ගෙන ලෑස්ති උණා..4.45 යි. පාරට බැස්සා..හයිලෙවල් පාරට එනකොටම බස් එකක් තිබුණා. කොටුව ස්ටේෂන් එකට එනකොට 5.30 යි...එතකොට මතක් උණා කෝච්චිය තියෙන්නෙ 5.55 ට කියලා. වෙනස් කළා තීරණය මෙන්න කොල්ලා කෝච්චියෙ දෙවැනි පංතියෙ..

අසුන් බොහොමයක ජනේලෙ ළඟ අසුන පිරිලා තිබුණත් අනිත් අසුන හිස්...මමත් හොයලා හොයලා එක අසුනක ඉඳ ගත්තා එතන ජනේලෙ ළඟ අසුනෙ හිටිය තරුණයා නුවරින් බහිනවා කිව්ව නිසා මට එතනට යන්න පුළුවන් කියන සිතුවිල්ලත් තිබුණා..ඒත්...

කෝච්චිය අදින්න ඔන්න මෙන්න තියා මෙන්න හාමුදුරු නමක් වඩිනවා බොහොම වේගයෙන් සීට් හොය හොයා...අනේ සුපිංවතුණි මගේ ළඟ හිටිය හාදයගේ බුද්ධාලම්බන ප්‍රීතිය ඔද වැඩිලා දුන්නා කියහංකො අර සීට් එක හාමුදුරුවන්ට..දුන්නා නෙවෙයි පූජා කළා ...

මට එසැනින්ම මතක් උණේ දුමියගෙ කට කහන කතාව..හෆොයි පස්ස උස්සලා බෙල්ල අනිත් පැත්තට කරකවලා බැලුවා පිටිපස්සෙ සීට් එකක් වත් හිස් නෑ..මගේම වෙලාව.. ඕ.පු කියලා හිත ශ්‍රද්ධාවෙන් පුරවා ගෙන මමත් ආයිමත් මගේ ආසනේ වැඩ හිටියා..වැඩ හිටියා නෙවෙයි ඉන්ද උණා...

මහත්තයා වඩින්නෙ කොහාටද ?

මම නානු ඔයට හාමුදුරුවො යන්නෙ ?

මම නම් නුවරට

හම්මේ ආයිමත් හිත නිවුණා...ඕනි එකක් නුවර විතරයිනෙ කියලා හිත හදා ගත්ත මම.. කොයිකටත් කියලා දන්න ධර්ම කරුණු සියල්ලම මතකෙට ගත්තෙ..එන ඕනිම ප්‍රශ්නෙකට නොබියව මුහුණ දෙනවා කියලා..කරුමෙයක් තියේ නම් ගෙවෙන්නම එපාය...

ඔය අතරේ තමයි මගේ අහෝසි කර්මය පල දෙන්න ගත්තෙ...

අර හාමුදුරුවන්ට සීට් එක දීපු...දීපු නෙවෙයි පූජා කරපු හාදයා එක්ක හාමුදුරුවො අල්ලාප සල්ලාපයක් පටන් ගත්තා. අර හාදයා මම ළඟ හිට ගෙන මගේ උරහිස්සට හේත්තු වෙලා,  ..හාමුදුරුවො මගේ අනිත් උරහිස්සට හේත්තු වෙලා.හේත්තු වෙලා නෙවෙයි සැතපිලා  .....ගිරේට අහු වෙච්ච පුවකෙ වගෙ..හාමුදුරුවො රට රට වල් වල ගිය - ගිය නෙවෙයි වැඩපු - විස්තර අර තරුණයට කියනවා. ඒ හාදයත් නිකන් ඉඳලා නෑ. රට වටේ වැඩපු , වැඩපු නෙවෙයි ගිය විස්තර කියවනවා..නරකමත් නෑ..මමත් සමහර සමහර කරුණු හිතේ ධාරණය කර ගනිමින් හිටියා...

අතරමඟදි බිස්කට්, කෑම බීම වගේ දේවලුත් හුවමාරු උණා. මම පුරුද්දක් විදියටම යන ගමන් බිමන් වලදි අනුන් දෙන කෑම නොකන නිසා ස්තූති පූර්වකවම ඒවා ප්‍රතික්ෂේප කළා...

කොහොමින් කොහොමින් හරි අට හමාර වෙනකොට කෝච්චිය නුවරට වැඩියා. වැඩියා නෙවෙයි ගියා. හාමුදුරුවො එළියට  ගියාද වැඩියද ? අනේ මන්දා !. මට අයිනෙ අසුන හිමි උණා. ..මම ළඟ කවුරු හරි ඉඳ ගන්නවා දැනුනත් මම හොඳ නින්දක් ගහන්ඩ හිතා ගෙන ..

මේ මහත්තයා අර අතෙන්ට යන්ඩ බැරිද ?

නිකන් අණ දෙන ස්වරූපයකින් ආපු කටහඬ එක්කම මගේ අත අල්ලපු නිසයි මම ඇහැරලා බැලුවෙ..මම ළඟ හිඳ ගත්ත හාදයා මට කියනවා..කියනවට වඩා ඒක අණ දීමේ ස්වරූපයක් තිබ්බෙ. මිනිහගෙ පෙම්වතිය විය හැකි තරුණියක් ඉස්සරහ අසුනෙ ජනේලෙ ට මෑතින් තිබුණු අසුනෙ ඉඳන් මට ඔරවනවා..

සොරි

එහෙම කිව්ව මම ආයිමත් ඇහැ කන පියා ගෙන මගේ අසුනෙ හොඳට හරි බරි ගැහුණා...

මම සාමාන්‍යෙන් එහෙම කරන කෙනෙක් නොවුණත් ඒ තරුණයගෙ කට හඬේ තිබ්බ අකාරුණික බව නිසාමයි මම එහෙම කළේ..

පැයක් දෙකක් යන කොට මිනිහා බූරු ඇඳ දිගෑරියා වගේ කකුල් දෙක ඈත් කර ගෙන නිදි. එක කකුලක් මගේ සීට් එකේ සීමාවෙන් පැනලා මගේ කකුල උඩ..මම දෙසැරයක් මගේ කකුල අයින් කර ගත්තත්...වෙනසක් නෑ..කියනවද නැද්ද ... මේ හලෝ ඔය බූරු ඇඳ අකුල ගන්නවද මගේ සීට් එකෙන්...

ඕනි නෑ..තව වැඩිම උණොත් පැය දෙකයි...කියලා හිතා ගත්තු මම... බිස්කට් එකක් කාලා අතට ගත්තා අර මගේ ශක්තිජනක පානය..වෙන මොකක් වත් නෙවෙයි බන් රෙඩ් බුල් කෑන් එකක්...අම්මපා මගේ පාඨකයො හිතන්නෙම හරහට නෙ...

කෝච්චියෙ සෙලවි සෙලවි ඇවිල්ලද කොහෙද..මේක විවෘත කරන්න ගිහින් සූස්..ගාලා හැළුණා කලිසමෙ...අර තරුණයත් ඇහැරලා බලනවා මම දුටුවා ඇස් කොනින්...

මම ලේන්සුව අරගෙන ඒක පිහිදලා අනිත් ටික බීලා...වේගයෙන් පහු කර ගෙන යන කඳු, නිම්න මිටියාවත් දිහා බලාගෙන උන්නා. පට්ටිපොළ ට ඉස්සෙල්ලා හරියෙ ස්ටේෂන් එකක කෝච්චිය තරමක වැඩි වෙලාවක් නවත්තලා ඉන්නවා. ඔය අතරේ මම දකිනවා ගේ කුරුල්ලො ජෝඩුවක් එතන බැම්ම උඩ ඉඳන් දාන සෙල්ලම්...බැම්මත් එකම පාට..කුරුල්ලත් එකම පාට..

උකුළෙ තිබ්බ කැමරා බෑග් එකෙන් කැමරාව ගත්තා..සැකසුම් ටික හදා ගෙන අවශ්‍ය ඡායාරූප 2-3ක්ම ගත්තා. අරගෙන පස්සෙ පොඩ්ඩක් බලන් කොට..



කැමරාව මොකද්ද කැනන් ?

අර හාදයා..

බලාගෙන යද්දි මෙයා කුරුණෑගල පැත්තෙ මඟුල් ඡායාරූප ශිල්පියෙක් වෘත්තිය ඒක..එහා පැත්තෙ අසුනෙ ඉඳලා තියෙන්නෙ බිරිඳ..
මම නම් පොඩ්ඩක් ඡායාරූප ශිල්පය ඉගෙන ගත්ත..වෘත්තිය වෙන ක්ෂේත්‍රයක් වෙන විනෝදාංශය ඡායාරූප ගැනීම වෙන අයකු කීවට පස්සෙයි මිනිහා තමන්ගෙ වෙඩිං ෆොටෝ ගැන කියන එක නැවැත්තුවෙ...

නානු ඔයෙන් බැහැලා පරිසරයට විනාඩියක් කරලා එන්ඩ ගිය හින්දම නුවර එළියට යන්න තියෙන බස් එක මිස් උණා මගේ වාසනාවකට..
තුන් සක රියක් කුලියට ගත්ත මම..මෙන්න නුවර එළියට ඔන්න මෙන්න කියලා වහලා තියෙන පාරක් ඉස්සරහ හෝරාවක් විතර ටැග් ගැහෙන්ඩ සිද්ධ උණා. මෝටර් රේස් තරඟ නිසා බොහොමයක් පාරවල් වහලා. විඩින් විඩේ තමයි පාරවල් විවෘත කරලා වාහන වලට යන්න ඉඩ දෙන්නෙ . පැය බාගෙන් එන්න තියෙන ගමනට පැය එක හමාරක් වැය කරලා...තුන් සක රිය හිමියගෙ ඈඬියාව නවත්තන්න තව රු. 200කුත් වැඩියෙන් ගෙවලා..මම බැස්සා මගේ නවාතැනින්..එතන මොන තරම් සුන්දරද ? ඔය තියෙන්නෙ සාක්කි..

නවාතැනේ මිදුලෙ සිට පිටත දර්ශනය...ඉස්සරහ තියෙන්නෙ ග්‍රෙගරි වැව






අදට ඔය මදැයි..ඊළඟ කොටසින් බලමුකො මහ රෑ...නුවර එළිය ටවුන් එකේ බඩු හොයපු...පොලීසිය කන ළඟින් ගියපු තවත් රස බර විස්තර ටිකක්...

53 comments:

  1. ඇයි බොල කලින් කිව්වා නම් නුවරඑළියේ ආමි කෑම්ප් එකෙන් අම්බානක කාලා එන්න සැට් කොරන්න තිබුනා. අම්මපා ඕනේ ජාතියකින් කෑම බඩකට පුරා.

    ReplyDelete
    Replies
    1. ඉන්ඩ අයියෙ ඊළඟ ලිපියෙන් කියන්නම් පොලිසියෙන් කන්ඩ ගිය හැටි .. මගෙ අම්මෝ තව ආමි එකෙනුත් කන්ඩ හම්බ උනා නම් එහෙම ...

      Delete
    2. හොඳ වෙලාවට නුවරඑළියෙ ප්‍රිසන් එකක් නැත්තෙ.

      Delete
    3. මට මැවිලා පේනවා නුවර එළියෙ ආමි කෑම්ප් එකට ගිහින් විචාරකයියගෙ නම කිව්ව ගමන් හතර වටෙන් ඇවිත් ආමි සෙට් එක ඇවිල්ලා මට කෑම දෙන හැටි..මතක් වෙනකොටත් උණ හැදෙන්ඩ හැදෙන්ඩ වගෙයි ප්‍රසා මලයා...

      Delete
    4. නුවරඑළිය ලස්සන වුනාට පරිසර විනාශය බොහොම ඉහලයි. මම නුවරඑළිය දන්නේ 1984 විතර ඉඳලා. ඒ කාලේ ග්‍රෙගරි වැවේ හිටියා ට්‍රවුට් කියලා මාළු ජාතියක්. http://en.wikipedia.org/wiki/Trout උන්ව කෑමට ගන්න පුළුවන්. විදේශික සංචාරකයන් පවා ඒ කාලේ ලංකාවට ආවේ ග්‍රෙගරි වැවේ ට්‍රවුට් මාළු අල්ලන්නත් බලාගෙනයි. හරියට සැමන් වගේ. උන් සම්පූර්ණයෙන් වඳ වුණේ එළවලු වගාවන් සඳහා ගහන කෘෂි රසායන නිසා.

      නුවරඑළිය නගරයේ අනවසර ඉඩම් අත්පත්කරගැනීම ඉතා ඉහලයි. අගනා නොඉඳුල් වනය කපා, ගෙවල් හැදීමට සහ එළවලු වගාවට යොදාගැනීමෙන්, පරිසරයේ අලංකාරය වැනසී යාම, පාංශු ඛාදනය වැඩිවීම, රසායනික විෂ ජල මූලාශ්‍ර වලට එක්වීම, වැනි ප්‍රශ්න ගොඩක් තියනවා.

      බ්‍රිතාන්‍ය පාලන සමයේ නුවරඑළිය නගරයේ සැළැස්ම සහිත විශාල පින්තූරයක් නුවරඑළිය හමුදා කඳවුරේ තිබෙනවා. ඒ සැළැස්ම බැලුවම අද තිබෙන විනාශයේ තරම තේරුම් ගන්න පුළුවන්. තව විස්තර ඉදිරියේදී කියන්නම්.

      Delete
    5. බොහොම ස්තූතියි විචාරකයියට.. මම මේ විස්තරෙන්ම පටන් ගන්නම් ඊළඟ ලිපිය...ට්‍රවුට් ගැන අහලා තිබ්බට සංචාරයෙදි නම් මාළු ගන නාමයක් සිහියට ආවෙ නෑ...

      Delete
  2. සේරමත් හරි. ෆොටෝ ගන්න ගියාම හරහට ඇදෙන ලයිට් වයර් ටික කපාගෙන කපාගෙන යන්න හිතෙනවා..........

    තරහ කාරයො දෙන්නෙක් යාලු කරන්න පුළුවන් ක්‍රමයක් තමයි කැමරා ගැන කතා කරවන එක. ( දෙන්නම ෆොටෝ ගන්න ආසා නම්)

    ReplyDelete
    Replies
    1. මෙතන නම් තරහ උනෙත් නෑ සිඳූ... ඒත් අර කිව්ව නොරිස්සුම නම් නැති උනා.

      Delete
  3. හානේ නුවර එලිය.................

    ReplyDelete
    Replies
    1. මැලේ ගෙ ගම් පළාතද ???

      Delete
    2. අපෝ නෑ.......... හනිමුන් ගිය දිහාව .........

      Delete
    3. එහෙනම් මම මුකුත්ම අහන්නෙ නෑ ඔන්න වෙන විස්තර...

      Delete
    4. ඈ බොල මැලයො ඔය කී වෙනි කසාදෙ හනිමූන් එකද?

      Delete
    5. ඔන්න මම අහන්ඩ අදි මදි කර කර හිටිය ප්‍රශ්නෙ ...
      දැන් දියන්කො මැලේ උත්තර... ;-D

      Delete
  4. මේක කියවල උඹ මං එක්ක අමනාප වෙන එකක් නෑ මයෙ හිතේ.

    ReplyDelete
    Replies
    1. තවත් එක් පුද්ගලයකුගේ සිත ඇතුලෙ ඇතිවන අදහසක් වචන වලට පෙරලලා ලියපු ලිපියක් කියවලා ලියපු පුද්ගලයා එක්ක තරහ වෙන්ඩ තරම් ලද බොළඳ නැති බව සුදීක දන්නවනෙ. ඔබ අත්දකින දේ අනුවනෙ ඔබේ සංජානනය ගොඩ නැගෙන්නෙ. ස්තූතියි ලින්ක් එකට මට අත හැරී ගිය ලිපියක් කියවන්න අවස්ථාව ලැබුනා.

      Delete
    2. සුදීකත් කන්න තමයි හදන්නෙ ඔය වෙනී අයියගෙන්.

      Delete
    3. හැක් හැක්.. බටොන් එක රෙඩි..

      Delete
  5. අයියෝ වෙනී තුමා 19 උදේ මට මැසේජ් එකක් දැම්ම නම් එනවනේ එනවනේ ඔය පැත්තේ. මමත් ඔකේ ගියා නාවලපිටියට එදා.

    ReplyDelete
    Replies
    1. කවුද බන් දන්නෙ ??? එහෙනම් උඹ හම්බ වෙලා මට වෙච්ච කරදර ටිකත් මේකෙම ලියන්ඩත් තිබ්බා .. අපරාදෙ !

      Delete
    2. //එහෙනම් උඹ හම්බ වෙලා මට වෙච්ච කරදර ටිකත් මේකෙම ලියන්ඩත් තිබ්බා .. // :D :D

      Delete
    3. ඒකනේ.. එහෙනම් මාත් අද ප්‍රසිද්ධ පොරක්..!

      Delete
  6. ඔය රෙඩ් බුල් කියල ගහගෙන ගියාට අපි දන්නවනෙ ඕවයෙ අැතුලෙ තියෙන කොළපාට දියරෙ මොනවද කියල. හොඳ වෙලාවට අර කැමරාමන්ට ඒක තේරිලා නැත්තෙ.
    කොහොම උනත් මට පේන හැටියට පොලෝසියෙනුත් කාල වගෙයි ඇවිල්ල ඉන්නෙ ගෑනු ළමයින්ට කැමරා මානන්න ගිහිල්ල.
    මේකෙ ඉතුරු කෑල්ලටත් අර පතලෙට වෙච්ච එක නොවේවා !

    ReplyDelete
    Replies
    1. නැ නෑ රෙඩ් බුල්ම තමයි...
      මේ ප්‍රසා ව පතලෙකට තල්ලු කොරන්ඩ මට නිවාඩුවක් නැති හැටි ... :-D

      Delete
  7. සුධිකයිය කියපු ජාතියේ පොරක් එහෙම නෙවේනෙ වෙනි අයියෙ

    ReplyDelete
    Replies
    1. අපි හිතමු කො මම එගෙම පොරක්ම තමයි කියලා .. මොකද්ද සහෝ වෙනස ? මම මේ ලිපි ටීකේ අවසානෙදි ලියන්න දැනටමත් ඩ්‍රාෆ්ට් කලේ ඊළඟට දවස් 2 ක නිවාඩුවක් ලදොත් මම නවතින්නෙ නුවර එළියෙම තමයි. ඒ නිසා ඉදිරියෙදි ඒ පැත්ත ගැන තව ගොඩක් දේවල් ලියන්නම් සහ ෆොටෝ දාන්නම් කියලා ...

      Delete
  8. කැත නුවර එලිය උනත් මූ ලස්සනට අරන් තීන ලස්සන.. දැන් එතකොට වැවේ යන සී ප්ලේන් නය එන්නෙ කවද්ද?

    ReplyDelete
    Replies
    1. නුවර එළිය කොහොමත්ම ලස්සනයි මල්ලි...
      ඉන්ඩකො ඉන්දික මල්ලි, සී ප්ලේන්නයා ඇත්තම කතාව එනකොට තමයි ඒ නයාගෙ තරම තේරෙන්නෙ ඕන්...

      Delete
  9. අප්‍රියෙල් මාසෙක මමත් ගියා බං නුවරඑළි...නවාතැන් වලට නොවටිනා ගනන් දෙන්න වෙන්නෙ...ඒ හැමදේම එකතු කරලා මටත් ලිපියක් ලියන්න හිතුනා...

    ReplyDelete
    Replies
    1. ආයතනයෙ නවාතැන නොලැබුනා නම් සහ දන්න අඳුනන කෙනෙකුගෙ නවාතැනක් හරි කර ගන්න බැරි උනොත් අපි කොහෙද සිරා මල්ලි අප්‍රේල් මාසෙ ඔහෙ නවතින්නෙ ????

      Delete
    2. වෙනී අයියා මොකද බං උඹ අපිව අමතකම කරලා දාලා දැන්...

      Delete
    3. මේක ලියන්ඩත් වෙලාව හරි අමාරුවෙන් එකතු කරගන්නෙ..මල්ලිගෙ ලිපි සේරම කියෙව්වා..කමෙන්ට් කරන්න පීසී එකකින්ම ලොග් වෙන්න එපාය..

      Delete
  10. වෙනියෝ, සුපිරි ට්‍රිප් එකක් ගිහින් වගෙයි..

    ෆොටෝ නම් මදි වගේ නේ...

    ReplyDelete
    Replies
    1. මේ විස්තරයට අදාල ෆොටෝ ටික තමයි මේ ලිපියට එකතු කලේ..ඉදිරි ලිපි වලදි අනිත් ෆොටෝ දමන්නම්...හෝටන් තැන්නෙ තමයි වැඩිම ෆොටෝ ගොන්නක් තියෙන්නෙ...

      Delete
  11. ෆොටෝ නම් මදි තමා. ලස්සන විස්තරයක්! :)

    ReplyDelete
    Replies
    1. ඉන්න පොඩ්ඩියෙ තව ෆොටෝ එනවා ඉස්සරහ විස්තරයෙදි..

      Delete
  12. ආහ්, මගේ උපන් ගමටනෙ ගිහින් තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. ඕන් ඒ උනාට තිසරව මතක් උනේ නෑ නොවැ...ඊළඟ සැරේ ගියහම මතක් කරන්නම්..

      Delete
  13. 1976 ඉදන් 1984 විතර වෙනකම් මගෙ ළමා කාලය ගෙවුන පලාත හින්ද තාමත් මට මාස දෙක තුනකට සැරයක් නුවරඑළියට යන්න ඕනෙ. හැබැයි 1984 පස්සෙ නුවරින් එහාට කෝච්චියේ යන්න බැරිඋනා.
    මම සුධීකගෙ පොස්ට් එකේ දැම්ම තැනක් සදතැන්න කියල, ඒ පැත්තෙ ගියේ නැද්ද? තව ෆොටෝ කෑලි ටිකක් දැම්මනම් ටොප්.

    ReplyDelete
    Replies
    1. එහෙමද ? එහෙනම් ඉතින් නුවර එළියෙ වරුණ මල්ලිට එච්චර දෙයක් නොවෙයි වගෙ..මමත් ඔය කෝච්චියෙන් නානු ඔයට ගියා මයි නුවර එළියට යන්න..ඊළඟ විස්තරයට අදාල ෆොටෝ තමයි ගොඩක් තියෙන්නෙ මල්ලි..

      Delete
    2. කොච්චර ගියත්, බැලුවත් ඇති නොවන තැනක් තමයි නුවරඑළිය. නානුඔය ස්ටේශන් එකට උඩින් තියන 'එඩින්බරෝ' වත්තෙ ඉහලම තිබ්බ 'හෙවන්' කියන ගෙදර තමයි අපි හිටියෙ දැන් තමයි ඇයි ඒකට හෙවන් කියන නම දීල තිබුනෙ ඇයි කියල තේරෙන්නෙ.
      අපේ මිදුල තමයි ලෝකෙ හරි මැද කියල අපේ අයිය මට කියල දීල තිබ්බ. මටත් අවිශ්වාස කරන්න තරම් දෙයක් තිබුනෙ නෑ එතෙන්ට අංශක 360 පේනව.

      Delete
  14. නොදන්නා තැන් නං කොයිතරම් කියලද.... අදයි ආවේ මෙතනට... එකහුස්මට කියෙව්වා... ජයවේවා....

    ReplyDelete
    Replies
    1. ආ මේ එදා සම්මාන උළෙලදි හම්බ උන මලයනෙ...

      Delete
  15. බොට කොහේ ගියත් ගේ කුරුල්ලෝ හමුවෙන එක නේ වැඩේ.. හැක්..

    ඒක නෙමෙයි මරුවට ලියල තියෙනවා හොදේ. දැං වඩිනවද යනවද කියල මටත් සුවර් නෑ..

    ReplyDelete
    Replies
    1. ලස්සන ගේ කුරුල්ලො දැක්කහම ඉතින් අපි ෆොටෝ ගන්නවා..ඒකෙ වැරැදිද ආයිබොවන්ඩ ? :-D

      Delete
  16. This comment has been removed by the author.

    ReplyDelete
  17. එතකොට කතාවේ අන්තිම ඡේදය හරියෙදියි මට call කරලා තියෙන්නේ.... ඒ කොටස ඉවත් කිරීම මම පිලිකුලෙන් යුතුව හෙලා දකිනවා..... :D ඒ වගේම ගිරිගෝරිස් වැව අසබඩ සැණකෙලියේ විස්තරත් ඇතුලුව තවත් පින්තූර ඉදිරිපත් කරාවි කියලා හිතෙනවා. මොකෝ දැං මට පොටෝ ගන්න හම්බෙන්නේ එහෙමත් වෙලාවක්... යන හෑම තැනම කිලෝ 13.5 කරේ තියාගෙන යන්න එපැයි....

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි, මේ දවසෙ අන්තිම හරියෙදි තමයි මම කතා කලේ....සැණකෙලියෙ ෆොටෝ ගන්ඩ හිතාගෙන හිටියට....ඉන්ඩකො ඊළඟ කොටස එනකම්..බඩු ගන්ඩ ගිහින් වෙච්ච ඇබැද්දියෙන් ...

      Delete
  18. යකෝ අපි ඇරෙන්න හැමෝම නුවර එළි ගිහින්නේ බලං යනකොට. මගේ හොඳම යාලුවත් ඔන්න ඔය පැත්තේ කරක් ගහලා ෆෝටෝස් අප්ලෝඩ් කරලා තිබ්බා එෆ්බී එකේ. ඊට හරි ඊ ගාව කොටසට ලෑස්තියි.

    ReplyDelete
  19. පතලෙ ගැන හරි ලියහංකො.

    ReplyDelete
  20. ආ වැනී අයියා.. නෑ මේ නිකං බලල යන්න අාවෙ මිනිහ පතල් වලකවත් වැටිලද කියල. හැක්..

    ReplyDelete