ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Wednesday, July 31, 2013

මට ඉන්නට බෑ...


   අද උදේ ...ඔව් ඔව් උදේ කිව්වට ඉතින් 9.45 විතර මම ගෙදරින් පිටවෙලා කාර්‍යාලයට එන්න බස් නැවතුම් පොළට ආවා. ඔය හරිය කිමි 1ක් විතර පයින් එන්න තියෙනවා. ආයි හවසට යනකොට කිමි 2ක් විතර තියෙනවා. කවුරු හරි ඇහුවොත් උදේ යන පාර රෑ වෙනකොට දික් වෙනවද කියලා..නෑ මම ආපහු එන්නෙ වෙනත් පාරකින්.. පාරෙ කිමි 2යි . එතකොට ඔය කිමි 3 ඇවිදින එක තමා මගේ දෛනික ව්‍යායාමය.ඉතින් ඔන්න ඔහොම බස් නැවතුමේ ඉන්න අතරෙ මම බෑග් එකට අත දෑවා..මල හත්තිලව්වේ කණ්නාඩි කුට්ටම ගෙදර ඇඳ උඩ. අනිත් කූට්ටමුත් ඇඳ උඩද මන්දා ..අත ගාලා බලලා සුවර් කරගෙනම..පාරෙ යන තුන් සක රියක් නවත්තාගෙන ආයි ගෙදරට ගිහින් කූට්ටම බෑග් එකට දමා ගත්තා

තුන් සක රියැදුරාට මගේ නොසැලකිල්ලේ දඩය රුපියල්ම හැත්තෑවක් ගෙවලා.. ළඟට එන බස් එකට නැග්ගා. බස් එක යනවා නෙවෙයි වලාමේ හැමනෙනවා..පාරේ යන බයිසිකල් කාරයොත් බස් එක ඕවර්ටේක් කර ගෙන යනවා.. උනාට මෙන්න බස් එකේ පට්ට සින්දු ටිකක් යනවා..කරුණාරත්න දිවුල්ගනේගෙ.. ආයි තවුසන්ඩ් ටයිම්ස් ඇහුවත් එපා වෙන්නෙ නැති ඒවනෙ..


ඕකෙන් ලස්සනම සින්දුවක පද වැල මම කලේ මුණු පොතේ ස්ටේටස් එක විදියට දැම්මා. සින්ග්ලිශ් වලින්..කාලෙකට ඉස්සර පත නයෙක් වෙච්ච ගැලක්සි එස් 2 එකෙන් සින්ග්‍රීසි තමයි කොටන්න වෙලා තිබ්බෙ.ඉතින් මම සින්ග්‍රීසි වලින් කෙටුවෙ

 
"
මට ඉන්නට බෑ කොළොම්තොටට වෙලා.."


කියන පදවැල විතරයි. හැමෝම සින්දුව අහල තියෙනවනෙ..මෙන්න වෙලාවෙ එතන හිටපු මගේ බොක්කවල් ටික කියන කතා සහ කවි..


\\
ඔව් ඉතිං කොස්ගහ යට ගෙදර සෝමයි.. පහල ඇල ගාව සුමනයි.. ඕවිටේ ගෙදර සීලවතියි මතක් වෙද්දි උඹට ඔහොම හිතෙනවා ඇති තමා.. ඔන්න ඔහේ ගමට පලයං අයියා... අරුන්දලට යන කලක් තියෙන්නත් එපෑ.. ගෙහුං පරණ පුරුදු විදියට සුදුවා ටිකක් පෙරාගෙන අග මුල අල්ලගෙන හිටහං...\\


මෙහෙම කීවෙ ඉතින් අපේ මාරස් තුමා තමයි. මම අර කසිප්පු පෙරපු කතාව මේ බ්ලොග් එකේ නොලියන්ඩයි තිබ්බෙ..නැත්නම් ඔය සුදුවා බිස්නස් කරපුවා කොහෙ අල්ලන්නද ? ලිව්ව එක මේ තියෙන්නෙ..කියෙව්වෙ නැති අය කියවලා එන්නකො..


ඊළඟට මගේ අවාසනාවට් දාපු එක දැක්කෙ ඇන්ඩා ලමය..ඔව් ඔව් සිකුරා තමයි..ඕකා ඉතින් දැක්කොත් අබ සරණයි..එසැනින් ඔන්න ලියලා දාපු කවිය.මඩ ගොඩක් උනත් පට්ටයි..නැද්ද මම කියන්නෙ

 
\\
වෙල් එලියේ වෑකන්දේ අතපත ගෑවාලූ
දෙවැට ලගම බිම දාගෙන *ලකුත් කැපුවාලූ
කොයි දේසේ හිටියත් එය මතක් කරල යාලූ
වෙනී අයිය *තේ ගහල වතුර යවනවාලූ \\


මගේ ස්ටේටස් එකටත් වඩා මේ වෙනකොට කයියට ලයික් වැදිලා තියෙන්නෙ..


අද රෑම ගෙදර ගිහුන් හිට..කාමරේ තියෙන වෙන්ටිලේශන් කවුළු ටිකයි..රෑට රෑට රස්නෙයි කියලා හායි ගාලා ඇරලා තියෙන ජනේල් ටිකයි වහලා දාන්න ඕනි..මුන් කනේ බලන් හිටියා වගේ මෙහෙම කයි පද බඳින්නෙ..


බත් මාළු වෑංජනත් කවියෙන් ලියන්න හැකි මාරස් තුමා ගමන් ෆෝම් වෙලා මෙහෙම කයියක් කියනවා

 
//
ගමේ ඉදන් පාත් උනත් හිටි හැටියේ         සිදාදියට..

තාමත් හිත ගමේ උන්නු කාලේ කොරපු කුප්ප වැඩට.. 
සෝමා..සුමනා සීලවතී එක්ක නටපු            යුගේට.. 
හිත යනකොට කොළඹ එපා වෙලා අපේ වෙනි අයියට.. \\
 අපි තරහ වෙයි කියලා හයියෙන් වචනයක් වත් නොදොඩන මනුස්පයෙක් වෙච්ච ලිශාන් මලයා මේන් බොලේ..ඔව් ඒකා නම් ඉතින් ඉඳලා ඉඳලා තමන්ගෙ බ්ලොග් එකේ ලියන නිර්මාණත් කලයක් රස විඳින්න පුළුවන් ඒවනෙ..

//
වෙල් එලියට වෑකන්දට මතකෙට මම ආසයි
එන්න කලින් කොළඹට මම *ලක් කැපුවේ ඒකයි
කොළඹ හතේ කොහෙද සැපක්, මමයි අතයි විතරයි
මම වෙනි වෙමි, අසරණ වෙමි, ගීත දැම්මේ ඒකයි //


අම්මපා මුන්දැලට තියෙන මේ කවි බැඳීමේ හැකියාවෙන් වැඩක නොගන්න හැටි කියලා හිතමින් මම ඇති පදමට හිනා උනා.. ඔයවට ඉතින් හතර වටෙන් පෝර දාන උදවිය සෙට් එකම හිටියා වටවෙලා..මේක බ්ලොග් පෝස්ට් එකකට රිංගවන්න හිතුනෙ..මූණු පොතේ තියෙන නිර්මාණ කාලයේ වැලිතලාවට වැහිලා ගියාට බ්ලොග් එකේ තියෙනවනෙ කියන සිතුවිල්ල එක්කයි.

Friday, July 26, 2013

ඇස් රතු උන විහිළුව..

මම සති පහක්ම ගමේ හිටියා කියලා හැමෝම දන්නවනෙ..මූණු පොතේ නම් විඩින් විඩේ මම දාපු ස්ටේටස් ඇහැ ගැටිච්ච අය දන්නවා.. ඔය අතරින් කීප දෙනෙක්ම දුරකථනයෙන් කතා කළා..සමහරු චැට් කළා. දැන් නම් අසනීප තත්වය හොඳ වෙමින් යනවා..

ගමේ ඉතින් මම හිටියෙ ලොකු අක්කලයෙ දිහා. අභීත,නුවන්, පූසා සහ රාමා සහ තව කීපදෙනෙක්ම එහෙ අම්මලගෙ මල ගෙදර ආපු නිසා තැන දන්නවා.. සුව වෙමින් ඉන්න මම දැන් ආයිමත් කොළඹ .

සති පහ ගෙවුණෙ ලොකු අක්කලයේ දිහා සහ චූටි අක්කලයෙ දිහා.. ගෙවෙන කාලයෙදි ගමේ කත ගොඩක් මතක් උණා


ඒවයෙන් සංවේදීම කතාවක් මම කියන්නම්..මේකෙන් අපිට ගන්න ලොකු පාඩමක් තියෙනවත් එක්ක.. ඔය ගම් වල ඉන්න අය ගොඩක් උගත් අය නම් නෙවෙයි. මැණික් කර්මාන්තය නිසා ඉස්කෝලෙ 8 පංතියට එහා යන්නෙ සීමිත පිරිසක් විතරයි. දැන නම් කාලය තාලය වෙනස් වෙලා.. අම්මලා තාත්තලා ළමයින්ට උගන්වන්න පටන් අරන්..මැනි සම්පත ඉවර වේගෙන යන නිසා..

ඉතින් මේ සිද්ධිය උණේ..90 දශකයේ මැද හරියෙ


අපි මෙයාට සිරිසේන කියමු..කවදාවත්ම ඉස්කෝලෙක ගිහින් නැති අයෙක් තමයි ඔහු. පතල් වල කුලියට වැඩ කරමින් හිටි මනුස්සයා ඒකෙන් තමයි දරු පවුල නඩත්තු කළේ..මෙයාගෙ මෝඩ චරියාව නිසා කඩ මණ්ඩියේ සහ පිරිසක් රැස් වෙන තැන් වලදි මෙයාව විහිළු තහළු වලට ලක් උණා.

හැමෝම හිනා වෙච්ච එක සිද්ධියක් තමයි..මේක වෙලා තියෙන්නෙ 70 අන්තිම හරියෙ.

තමන් වැඩ කරපු පතලෙන් වාසි වෙලා කියන්නෙ මැණික් හම්බු වෙලා මිනිහා ගෙදරට රේඩියො එකක් ගෙනාවලු..ඒක කඩෙන් අල්ලලා දීල තියෙන්නෙ දෙමළ චැනල් එකක්..මිනිහා දන්නෙත් නෑ මේකෙ චැනල් අල්ලන්න. අහල පහළ අය ඒක එච්චර ගණන් ගත්තෙ නෑලු..



"
මේක දෙමළ රේඩියෝවක් මහත්තයො මට සිංහල රේඩියෝවක් දෙන්න"

කියලා අර රේඩියෝව ආපහු ගත්ත කඩේටම දීලා.. එතන හිටි වෙළඳ සේවකයි තව ගාණක් කඩා ගෙන අර රේඩියෝ එකම සිංහල චැනල් එක අල්ලලා දීල මිනිහව ආපු එවලා..ඉතින් ඔන්න ඔහොමයි මිනිහගේ වැඩ.
මෙයාගේ බිරිඳ ආණ්ත්‍රා උණාට අවුරුද්දකට විතර පස්සෙ..දන්නෙ නැද්ද ඉතින් කොල්ලො සෙට් එක මෙයාට තව ගෑනු කෙනෙක් සෙට් කරලා..එක එක ඒවා කියනවලු ගෑනු කෙනා කියන දේවල්. ටෙලිෆෝන් එකෙනුත් කතා කරලා මෙයාත් දැන් හොඳටෝම කැමති වෙලා ඉඳලා තියෙන්නෙ. මාසයක් දෙකක් යනකොට දැන් සිරිසේනට හොඳටෝම උවමනා වෙලා ගෑනු කෙනාව හම්බ වෙන්න. මේ වෙනකොටත් අර ගෑනු කෙනාව සොයාලා දෙන්න උනන්දු වෙච්ච අයට සෑහෙන්න වියදම් කරලත් එක්ක..



"
හරි සිරිසේන අයියෙ ගෑනු කෙනා කැමතී අයියව හමු වෙන්න..ලබන සෙනසුරාදා..හරියටම හවස හතට උඩ මණ්ඩියේ තේ වත්තට එයි..උඹට තියෙන්නෙ ගිහින් කතා කරන්න"

සිරිසේනත් ඉහ වහා ගිය සතුටින් ඉඳලා තියෙන්නෙ..අර සෙට් එකටම හොඳට කන්ඩ බොන්නත් දීලා සතුට වැඩි කමටම..

සෙනසුරාදා වෙද්දි..හොඳට නාලා කරලා සැන් පවුඩර් දාලා දහසක් බලාපොරොත්තු මැද ගිහින් කීව ස්ථානයටම..යනකොට ඉන්නවලු සාරියක් ඇඳ ගත්ත කෙනෙක් අනිත් පැත්ත හැරිලා ඉඳ ගෙන. සිරිසේනත් ළඟටම ගිහින් කථා කරලා..කිසිම ප්‍රතිචාරයක් නැති හින්දා අතින් අල්ලලා තමන්ගෙ පැත්තට හරවලා බැලින්නම් අර යාළුවො සෙට් එකේ හිටිය කොල්ලෙක්මයි සාරියක් පොරව ගෙන ඉඳලා තියෙන්නෙ.. අහල පහළ තේ පඳුරු අස්සෙන් නැගිටපු එකා එකා හූ තිය තියා හිනා වෙනවලු..සිරිසේනට ඉහිලුම් නැතුව ගිහින් මේ කතන්දරේම සෙට් කළේ මුන් නිසා..සහ මෙච්චර කල් කිව්ව කතා සේරම බොරු නිසාත්...ඉනේ ගහ ගෙන හිටි පිහිය ඇදලා ඇරන්..සාරිය පොරවගෙන හිටි එකාගේ බඩ පපුව හරහා 2-3ක් සැරයක්ම ඇදලා..

කට්ටියම ගල් ගැහිලා බලා ඉඳලා වෙච්ච දේ අදහා ගන්න බැරුව..




අන්තිමේ මොනවා කරන්නද රෝහලට ගෙන ගියත් පිහි ඇනුම් කාපු හාදයා මළා..අසරණ උණේ ගොල්ලන්ගෙ බිරිඳටයි ළමයින්ටයි..සිරිසේන සහ තව කෙනෙක් එයා පපුවට අන්තිමට ඇනපු පිහිය ඇදලා ගත්ත එකට..හිරේ...

සිරිසේන අංසබාගෙ හැදිලා තාමත් හිරබත් කනවා.. අනිත් කෙනා නම් හිරෙන් නිදහස් වෙලා..
බලන්නකෝ ඉතින් දුර දිග නොබලා මොහොතේ විනෝදෙට කරපු විහිළුවක් ගිය දුර..


Thursday, July 25, 2013

නැති වෙච්ච ෆෝන් එක...

බොහොම කාලෙකට පස්සෙ හිතයි ගතයි දෙකම ප්‍රබල අකර්න්‍ය වීමකට ලක් වෙලා හිටියා.. මේ කාලෙ තුළ දුරකථනයෙන් හා සයිබර් අවකාශය හරහා මාත් එක්ක පොඩියක් හරි දුක සැප හදා ගත්ත සහෘද කැලට මගේ හදපිරි ස්තූතිය සහ ප්‍රණාමය.. තවමත් කෙටි කතාවක් ගොඩ නගා ගන්න හෝ ඡායාරූප ලිපියක් පළ කරන්න විසිරුණු සිතේ කැබලි එකමුතු කරා මදි මදි වගෙයි...



නමුත් වරෙක මා සතුටින් කුල්මත් කල කෙටි කථා ගොඩනැගීම විවිධ තේමාවල් හරහා අකුරුකරනය කරන්න පටන් ගන්න ඕනි..එයින් ලද තෘප්තිය තරම් වෙනත් දෙයක් නැති තරම්.


මේ සිදුවීම උණේ ඊයෙ උදේ 10.30 විතර..154 කිරිබත්ගොඩ - ගල්කිස්ස බස් රථය තුළදී..


මම හිටියෙ පස්සෙම සීට් එකේ.. සීට් එකේම තව හතර දෙනෙක් හිටිය.. මම සුපුරුදු විදියටම කවුළුවෙන් එහා මාව පහු කරගෙන යන ගොඩනැගිලි දිහා දෙනෙත රඳවා ගෙන සිටියා..මම ළඟ හිටි අවුරුදු 30 විත්‍ර තරුණයා කලබලයෙන් එහාට මෙහාට දඟලනවා..තමන්ගෙ සාක්කු වලට අත දා ගෙන මොනවදෝඅ හොයනව. මගේ ඇඟෙත් හැප්පුණ දෙසැරයක් විතර. දැන් මට තේරෙනවා ඒක ඔවරැක්ටින් වගෙයි කියලා.


"
මගේ ෆෝන් එක උස්සලා.."


දෙතුන් සැරයක් කිව්ව මේකා


"
සර් ළඟ තියෙනවද ෆෝන් එකක් කෝල් එකක් ගන්න"


මගෙන් අහපි. මට මතක් උණා යම් සිදුවීමක් පත්තරේ ගිය..


"
මමලඟ නෑ"


මම උත්තර බැන්දා.

.
"
චෙහ් මම ආවෙ 135 බස් එකේ..ඒකෙ එකෙක් උස්සන්න ඇති"


මාව අත ඇරලා අනිත් පැත්තෙ හිටි කෙනාව අල්ලා ගෙන මිනිහා කියෝනවා.


අනේ අර මනුස්සයා එයාගෙ ෆෝන් එක අරන් මේ යකා කීව නොම්මරේ ඩයල් කරනවා..


මම මේකට හොරෙන් අර මනුස්සයගෙ අවධානය ගන්න


"
ටක් ගාලා බස් එකෙන් බැහැලා ගිහින් අර බස් එකේ බලන්න"


කියලා හයියෙන් කියන ගමන් මාව දිහාට යොමූණු ඇස් වලට කිව්වා අංග චලනයෙන්.. එපා එපා එපා.. කියලා.යන්තම් මිනිහට තේරුණා මම කීව එක.


"
රින්ග්ස් යනවා ගන්නෙ නෑ"


කියලා මා දිහා බලලා හිනා වෙමින් කී කෙනා හෙමිහිට තමන්ගෙ සාක්කුවට තමන්ගෙ දුරකථනය දා ගත්තා..මේ මනුස්සයා කියෝනවා කියෝනවා..තව කෙනෙක්ගෙ ෆෝන් එකක් ගන්න තරමටම..


"
මොකද්ද ෆෝන් එක ?"


එක් කෙනෙක් ඇහුවා..


"
ගලැක්සි නෝට් ත්‍රී එකක්"


මට බකස් ගාලා හිනා ගියා..


අනිත් එක ගැලැක්සි නෝට් 3 කියන්නෙ තාම මාකට් එකටවත් නො ආපු ෆෝන් එකක් ඒක තමයි විහිළුවට කාරණය..


එච්චර ලොකු ෆෝන් එකක් දා ගන්න පූළුවන් සාක්කු තියෙන කලිසමක් නෙවෙයි මිනිහා ඇඳලා හිටියෙ.. ඩෙනිමක් ඇඟට හිර වෙච්ච.. අනික එච්චර හිරට ඇඳන් හිටි කලිසමේ පොකට් එකෙන් අච්ඡර ලොකු ෆෝන් එකක් ඇදලා ගන්නවා නොතේරෙන්න මිනිහට ලාදුරුද මන්දා ?!


මම මගේ සුපුරුදු හන්දියෙන් බහින කොටත් මිනිහා අනිත් අයට කතාව කියෝනවා..


මට මතක් වෙච්ච අතීත සිද්ධිය..


මොකක් හරි හදිස්සියක් කියලා..පාරෙ යන කෙනෙක්ගෙන ෆෝන් එක පොඩ්ඩකට ඉල්ලගෙන , සිග්නල් මදි කියලා..පොඩ්ඩක් එහාට ගිහින් ඔරේ රන් කරපු සීන් එකක් පත්තරේ ගියා..ඒකයි මට මතක් උණේ..මේකත් එහෙම සිද්ධියක් වෙන්න ඕනි..


මනුස්සකම් වලින් ක්ෂණිකව උණු වෙන වෙඬරු වගේ හිත් වලට ගින්දර දාන මුන් වගේ උන් නිසා ඇත්තටම මනුස්සෙක්ටවත් උඩව්වක් නොකරන සමාජයක් බිහි වෙන එක අරුමයක් නෙවෙයි කොහොමත්ම..