ආවට ස්තූතියි
මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!
Friday, December 2, 2011
"මට ලොකු චූවෙක් ඕනි ! "
කට ඇති පුතුත්, රුව ඇති දුවත් සිටින අඹු සැමි යුවළ තරම් වාසනාවන්ත කිසිවෙක් මේ ලොව නැතැයි කියනු ලැබේ.. කට ඇති පුතෙක් සිටින නිසාම පහු ගිය ඉරිදා දිනයේදී අප කොතරම් වසනාවන්ත වූවාදැයි ඔබටම වටහා ගත හැකි වනු නොඅනුමානය.
අතුරු කතා කිහිපයක් මඟින් යා යුතු මග එළි පෙහෙළි කර ගත යුතුමය.. ඉන් පසු, පහු ගිය ඉරිදා වෙත මා ඔබව ගෙන යන්නෙමි. අවුරුදු 5 හමාරක් වන මගේ පුතු ඔහුගේ වයසේ සිටින අනිකුත් දරුවන් මෙන්ම ඉතා විමසිලිවන්තය. එසේම ඔහුට කුතුහලය දනවන ඕනිම දෙයක් එවේලේම සැක හැර දැන ගැනීම ඔහුගේ සාමාන්‍ය පුරුද්දයි. මගේ බිරිඳගේ මව සිටින්නේද අප සමඟම වන අතර වයස නිසාම ඇයගේ කන ඇසීමේ පොඩි ආබාධයක් තිබෙන අතර ඇය සමඟ අප කතා කරන විට තරමක් හඬ නගා කතා කළයුතු අතර ඇයද අප සමඟ හඬ නගා සංවාදයේ යෙදෙයි. මෙම අභාසය ලද මපුතුද අප හෝ අන් අය සමඟ කතා කරන්නේ හඬ නගාය. මෙය අප විසින් කෙතරම් පැහැදිලි කර දුන්නද ඔහු එය විනෝදජනක ක්‍රියාවක් මෙන් කරයි. මෙම තත්වය නිසාම අසල්වැසියන් සමඟ සිටින විට හෝ ප්‍රිය සම්භාෂණ වලට ගිය විට ඔහු නිතැනින්ම අන් අයගේ අවධානය යොමු කර ගන්නා සුරතලා වන්නේය. මගේ බිරිඳ ළමා සංවර්ධන හා මනෝවිද්‍යා පශ්චාත් උපාධිධාරිනියක් නිසාම මෙම තත්වයන් බලෙන් මැඩලීමට හෝ තරවටු කර මෙම පුරුදු මඟ හැරවීමට කිසිදා ඉඩ නොලැබේ.
"Liyaa Darling, theses kind of negative reinforcement will never work nowadays ane... We got to wait and see. One day he will get them all by himself. You also do not know these things. So so let me handle it and do it like i say Darling.."
මේ කැටයම් දමා මොනවා කීවත් මා කුඩා කාලයේ තිබූ නරක පුරුදු සියල්ලම තාත්තාගෙ පේර කෝටුවෙන් අත හැර දැමූ මතකය මට අමතක නොවේ. නමුත් කාලය වෙනස්ය. තාලය වෙනස්ය..
"අම්මා අද කඩේ ගිහින් එද්දි බව්වො දෙන්නෙක් නැට්ට ළඟින් ඇලිලා හිටියා.. තාත්තා ඇහුවට කිව්වෙ නෑ "
"ලියා කියලා දෙන්න ඩාලිං.. තාත්ත ටයර්ඩ්නෙ පුතා ඒ නිසායි ඒ වෙලාවෙ කියලා දෙන්න නැත්තෙ..එන්න පුතූ ඒ බව්ව අම්මෙකුයි බව්ව තාත්තෙකුයි.. අපේ ටොමී ඉන්නෙ එයා බව්ව තාත්තෙක්නෙ.. එහා ගෙදර ලැසී බව්ව අම්මෙක්නෙ..ඒ වගේ දෙන්නෙක් එහෙම ඉඳලා තමයි ටික දවසකින් ෂෝක් බලු පැටව් ටිකක් ඉපදෙයි ඒ බව්වා අම්මට.. තේරුණාද පුතා ?"
"එතකොට තාත්තයි.."
"ආන්න අර පූසා ලේනෙක් අල්ලන්න හදන්නෙ අඹ ගහ ළඟ "
මම හඬ නගා කීවෙමි.පුතු ප්‍රශ්න කිරීම නවතා එළියට දුව ගිය අතර මා බිරිඳ නළල රැළි ගන්වමින් මා දෙස විමසුම් බැල්මක් හෙළුවාය. වචනයක් පිටකර පැය 2-3ක මනෝ විද්‍යා දේශනයකට ගොදුරු වෙනවාද නැත්නම් වත්තට ගොස් පැය 2-3ක් මහන්සි වී දන හිස තෙක් වැවී තිබුණු තණකොළ ටික උදලු ගා දමනවාද යන තේරීම් දෙක මා හමුවේ ඇත.
"මන් යනවා වත්ත ශුද්ධ කරලා දමන්න"
"හා හැබැයි පුතූ අහන ප්‍රශ්න වලට කිසිම දවසක උත්තර නොදී ඉන්න එපා.. දෙන උත්තර උණත් හරිම උත්තරය දෙන්න.. ආයි මන් කියන්නෙ නෑ"
මෙම උත්සාහය නිසා මපුතු තම වයසේ අන් ළමයින්ට වඩා කරුණු කාරණා දන්න අයෙක් වනවාට කිසිම සැකයක් නොමැත. නමුත් මේ ප්‍රශ්න ඇසීම..
"තාත්තෙ ඇයි අර බව්වො දෙන්නෙක් එකට ඇලිලා ඉන්නෙ?"
ඒ මොහොතේ කඩය අසල සිටි සියල්ලන්ම මා දෙස බැලූ ආකාරය සහ සිනහා වුණු ආකාරය තවමත් මා දෙසවන් තුළ දෝංකාර දෙයි.
ඉදිරි සතියක එන පුතුගේ උපන්දිනයට අවශ්‍ය වන බඩු බාහිරාදිය ගෙන ඒමටත් පුතුට අවශ්‍ය වන තෑගි ඔහුට උවමනා ආකාරයටම තෝරා ගැනීමටත් අප තිදෙනා පහු ගිය ඉරිදාවේ ප්‍රසිද්ධ වෙළඳ සංකීර්ණයක් වෙත ගියෙමු. ඉරිදා නිසාම වෙනදාට වඩා සෙනඟක් රැඳුණු අතර.. එහි ගොස් සුළු කාලයකින්ම මපුතු හඬ නගා කතා කරමින් අන් අයගේ අවධානය යොමු කර ගැනීමට සමත් වීය. අපි අමාරුවේ දමන ප්‍රශ්න ඔහුගේ ඔළුවට නොපැමිනේවා යන්න දහස් වරක් මුමුණමින් මා සිටින විට.
"අම්මේ මට චූ බරයි"
මේ බර එම අංශයේ සිටින සියලු දෙනාම දැන් දනී..
"ලියා එක්ක යන්න පුතාව ටොයිලට් එකට මන් යනවා සෙල්ලම් බඩු සෙක්ෂන් එකට දෙන්නම එතනට එන්න"
ටොයිලට් එක තුළදී සියල්ලන්ම සිනහා ගන්වමින් ,
"ඇයි තාත්තේ චූ බර හැදුනහම චූවා ලොකු වෙන්නෙ?"
" පුතා චූ එකතු වෙලා තියෙන්නෙ ඔයාගෙ බඩ පහළ තියෙන බෑග් එකක.. ඒක පිරුණහම තමයි ඔයාට චූ බර හැදෙන්නෙ"
ටොයිලට් එකේ සිටි කොල්ලන් දෙදෙනකු හක හක ගා සිනාසෙන අතර අප දෙදෙනා සෙල්ලම් බඩු අංශය වෙත ආවෙමු.
"පුතා අම්මා එක්ක ඔයා ගෙ බර්ත්ඩේ එකට තෑගි තෝරන්න, මන් මේ ඩස්ටර්ස් ටිකක් බලන්නම්.."
මද විරාමයක් ගැනීමට මා අසල වූ මුළුතැන් ගෙයි උපකරණ අංශයේ නතර වීමි. සියල්ලෝම මා දෙසත් පුතු දෙසත් වරින් වර බලන්නට වූයේ..එකිනෙකාට මොන මොනවදෝ මුමුණමිනි.
"ඔව් ඕව් ඒ තාත්තා තමයි.. අර ඉන්නෙ අම්මා.."
"යන් යන් අපිත් ඒ හරියෙ ඉම්මු ටිකක්"
"පුතුට මොනවද තැගි ඕනි ඔයාම තෝරා ගන්නකෝ.. තෝරා ගෙන මේ ට්‍රොළියට දමන්න"
බිරිඳගේ කටහඬ මට ඇසෙයි.
"මේ සෙල්ලම් බඩු ගොඩාක් එව්වා මට තියෙනවා අම්මි"
සත්‍ය වශයෙන්ම ඔහු මේ වන තෙක් ඉල්ලන ලද සියලුම වර්ගයේ සෙල්ලම් බඩු අප විසින් මිලදී ගෙන ඔහුට ලබා දී තිබුණෙ.. මා බිරිඳගේ මනෝ විද්‍යාත්මක දැනුමට පිං සිද්ධ වෙන්නටය. අපි පොඩි ළමයි ඉල්ලන දේවල් සේරම අරන් දීලා ඒ ඒ වයසේ ඒ ගොල්ලන්ගෙ හිතේ ඇතිවන ආසාවල් ඉෂ්ඨ නොකලොත් පස්සට ප්‍රශ්ණ ඇති වෙනවලු ලියා.. මේ තෑගි අරන් දීම පිළිබඳ මගේ බිරිඳගේ මතයයි..
"හරි පුතා ඔයා මෙහෙම හිතන්නකො ඔයා මෙ වෙලාවෙදි වැඩියෙන්ම ඕනි කරන දේ හිතලා තෝරා ගන්න.."
බොහෝ දෙමව්පියන්, තරුණියන් ..ඇතුළු පිරිසක් මේ වනවිටත් සෙල්ලම් බඩු අංශය වෙත පැමිණෙමින් තිබිණි..
"මරු කතා කියනවා ඒ පොඩි එකා.. "
"මාර කියුට් අනේ.. කටර් එකක් වගේ කට. "
"ඒ අම්මලා තාත්තලාට නිවනක් නැතුව ඇති ප්‍රශ්න වලට උත්තර දීලා.. "
කීප දෙනකුම මා දැක එකිනෙකාට ඇඟිල්ලෙන් අනිමින් තම කතාවල් නවතා ගති.. මා මද සිනා මුසු මුහුණින් හෙමින් සෙල්ලම් බඩු අංශය වෙත පිය මැන්නෙමි. කටේ ඇඟිල්ලක් ගසා ගෙන කල්පනාවක නිමග්න වෙමින් සිටි ඔහු එක්වරම,
"අම්මේ මෙතන තියෙන සේරම ජාති මං ළඟ තියෙනවා..මට ඕනි ලොකු චූවෙක් "
මගේ දෙකංශයෙන් දුම් පිට වෙනවාක් මෙන් දැනිණි. අවට හැම අතින්ම ඇසෙන්නෙ සිනා හඬයි.
"ඇයි පුතේ ඔයාට ලොකු චූවෙක් ඕනි ඔයාට තියෙන්නෙ ඔය "
බිරිඳ අවට සියල්ලන්ම නොතකා පුතුගෙන් විමසයි.
"එතකොට් මට ගොඩාක් වෙලා යනකං චූ නොකර ඉන්න පුළුවන්.. මගේ චූවා පොඩි නිසා මට හැම වෙලාවෙම චූ බර හැදෙනවා"
අහල පහළ අංශ වල සිටින සියල්ලන්මද මෙම අංශයට රොක් වෙනවා සේ මට පෙනිණි.
"අම්මේ මට ඕනි තාත්තාට වගේ ලොකු චූවෙක්"
"ලියා පුතාට කොමඩ් එකේ ලිඩ් එක ඕපන් කරලා හරියටම බිම හලන්නෙ නැතුව චූ කරන හැටි උගන්නන්න.. ඔයා..කියලා දුන්නට එයාට තේරෙන්නෙ නෑ.. ඔයා කරල පෙන්නන්න.."දූ පැටියෙක් ඉන්න කොට මන් ඒ සේරම උගන්වන්නම්.. පුතාගෙ වගකීම තියෙන්නෙ ඔයාට. "
අතීතයේ දිනයක වූ මේ කතා බහ හා ප්‍රායෝගික පාඩම නිසා සැබවින්ම ඔහු තනිවම මෙය කර ගන්නේ කෙසේද යන්න හොඳින් දනී..
මට මේ වනවිට අවට සිදුවන කිසි දෙයක් නොඇසෙයි.. නොදැනෙයි.. තවත් ගැලවෙන්නට රෙදි කොහෙන්ද ?
"පුතා ඔයා ලොකු වෙනකොට ඔයාගෙ චූවත් ලොකු වෙයි. අපි දැන් ඉන්නෙ සෙල්ලම් බඩු සාප්පුවෙනෙ.. චූවා කියන්නෙ සෙල්ලම් බඩුවක් නෙවෙයි. ඔයාගෙ ඇඟේ කොටසක්.. "
"එතකොට අම්මා කියන්නෙ තාත්තගේ චූවත් සෙල්ලම් බඩුවක් නෙවෙයිද?"
"පුතා මෙන්න මේ සෙල්ලම් කෝච්චිය ගන්න. ඔයා ළඟ තියෙන එක කැඩිලනෙ හරි යමු යමු අපි දැන් ගන්න තියෙන බඩු සේරම ගත්තනෙ"
මගේ වාසනාවකට බිරිඳ හෝ පුතු කිසිම විරෝධයක් දැක්වූයේ නැත්තේ අවට සිටින් සියල්ලන්ගේම.. සිනහවෙන් ඉපිලෙන මුහුණු නිසාදැයි මා දන්නේ නැත..
වෙළඳ සංකීර්ණයේම සිටින සියල්ලෝම පාහේ අප තිදෙන දෙස බලා සිටින්නෙ.. අප යුහුසුළුව මුදල් ගෙවන කවුන්ටරය වෙත ආවෙමු.
මුදල් ගෙවන කවුන්ටර් පේළියම සුන්දර යුවතියන් පිරිසක් සිනා මුසු මුහුණින් යුතුව සේවය කරයි. මා මුදල් ගෙවීම පිණිස සියලුම බඩු කවුන්ටර මේසය මත තබද්දී..
"පුතා මොනවද ගත්තෙ ?"
සුන්දර වෙළඳ සහායක යුවතිය මපුතුගේ නිකටින් අල්ලා සෙලවූවාය.
"මට ගන්න ඕනි උණේ නම් තාත්තගෙ වගේ ලොකු චූවෙක්.. ඒ උණාට අරන් දුන්නෙ මේ කෝච්චිය.. ඇන්ටි දන්නවද චූවා කියන්නෙ සෙල්ලම් බඩුවක් නෙවෙයි"
අහෝ අර යුවතියන් රොත්තම මුහුණු රතු කරගනිමින් සිනහව මැඩ පවත්වා ගැනීමට දැරූ වෑයම !
කට ඇති පුතෙක් සහ රුව ඇති දුවෙක් සිටින දෙමාපියන් හරිම වාසනාවන්තලු !
Subscribe to:
Post Comments (Atom)
මගෙ හාමිනේගෙ අක්කත් ඔය උපදේශන කෝස් එකක් කරනව . . මම අහගෙන වතාවක් මගෙ හාමිනේට උපදෙස් දෙනව බබාට අවුරුදු දෙක හමාරක් යනකං කොමොඩ් එක පාවිච්චි කරන්න පුරුදු කරන්න එපා කියනව . . එහෙම කලොත් බබාට ලැජ්ජ බය නැති වෙනවලු . . . හාමිනේ කට තද කරං අවවාදෙ අහගෙන හිටිය . . .
ReplyDeleteචූවො ගැන සයිබර් සමාගම ලියන සංජු ටීචත් ලියල තිබුන නෙව හරි යස අපූරු කතාවක්
මේ මනෝවිද්‍යාව එක වෙලාවකට අවිද්‍යාවක් මෙහෙම දේවල් මම අනුමත කරන්නේ නෑ.ළමයාට ස්වාධීනව හිතලා තේරුම් ගන්න දෙන්න ඕනේ නැත්තම් අපි හදන්නේ අපේ commands වලට වැඩ කරන රොබෝ කෙනෙක්.ඔබ තුමා දැන්වත් තේරුම් ගත්තොත් හොදයි.බටහිර පන්නයට කරන හැම දේම සාර්ථක නෑ.ඔබතුමා හිටිය තැන මම හිටියානම් මගේ පිළිතුර වෙන්නේ මේ පොඩි දරුවෙක් මිසක් යන්තරයක් නෙමෙයි කියන එක.නෝනා ගේ හැදි මිටේ දිග නුවණත් ගෙවිලා වගේ.නෝනා මේක කියවනවනම් හැදෙන්න රට ගොන් වැඩ නොකර
ReplyDeleteDislike
Delete“ලියා,ඩාර්ලින් , අපිට බැරිද ඔය වගේ පුතෙක් කඩෙන් ගන්න “
ReplyDeleteහිනා ගිහින් තාම හක්ක රිදෙනවා......
ReplyDeleteහිනාව නවත්ත ගත්තේ අමාරුවෙන්.. පොඩි එවුන් ඔහොම තමයි අයියේ..
ReplyDeleteසායම දැන් හේදුනාට ඉස්සරහට තව ලස්සනට සායම් වෙයි...! පොඩි එවුන් ඔහොම තමා පුංචි කාලේ, ඔය වගේ අය ලොකු වෙද්දී අනිත් අයට තේරුම් ගන්න බැරි තරම් නුවණක්කාර වෙනවා....
ReplyDeleteලියා.. සෙල්ලම් කර කර ඉඳල නම් හරියන්නෙ නෑ පුතෝ දැන්.. නැත්නම් ඕකා එක්ස්පයර් වෙයි...
ReplyDeleteහිනා වෙලා බඩ රිදෙනවා හිහි.. ෂෝයි පුතෙක් අයියට ඉන්නේ.
ReplyDeleteඅපොයි අපොයි! විලි ලැජ්ජාවේ සංතෝසේ බැරුවා!
ReplyDeleteඋදේට එන්නන් හරියට කියවන්න
ReplyDeleteහපොයි ලියන්නට වෙන වැඩ :D
ReplyDeleteසමනලයාගේ Linux පිටුව එක්ක එකඟ වෙනවා.
මාතෘකාවේ තියෙන්නේ වෙනී අයියාගේ අවශ්‍යතාවයද මන්දා :D
ReplyDeleteකොහොම උනත් එළ කතාව!
අම්මෝ මේකා පුදුම කොලු පැටියෙක් නේ. ඔය ඇලිච්ච බලු කතාව නම් මාත් අපේ අම්මගෙන් අහලා තියෙනවා. අම්මා නම් ගත් කටටම දන්නේ නෑ කියලා කිව්වා මට තාම මතකයි. හික්ස් :)
ReplyDeleteඅපොයි රෙදි නෑ නේද? ඒ වෙලාවේ රෙදි කඩයක වත් හිටිය නම් මොකක් හරි කරගන්න තිබුනා.:D මම නම් අර කියපු එක කපාගෙන මැරෙනවා ඔහොම දෙයක් වුනොත්.
ReplyDeleteහැබැයි ඉතින් ඕන එකටයි එපා එකටයි හැම දේටම මනෝ විද්‍යාව ගාව ගන්න ගියාමත් වැඩ වරදිනවා.
මගේ අම්මෝ.............ලියාගේ රෙදි ගලෝලනෙ....මොනා උනත් ස්මර්ට් කොලු පැටියෙක්...අච්චර හරියක් හිතුවේ ඒකනෙ...
ReplyDeleteමනෝවිද්‍යාව වැරදි පැත්තකින් අල්ලගත්තහම ඔහොමයි. ළමයි අර වගේ මහ සද්දෙන් කතා කරනකොට, අනවශ්‍ය විදිහෙ හැසිරීම් තියෙනකොට ඒවා හදන්න ඕන. එහෙම නැතුව ඉබේ හැදෙනකම් බලන් ඉන්න වල් පැළ නෙවෙයිනෙ ළමයි කියන්නෙ. මනෝ විද්‍යාවත් හෑල්ලුවට ලක් කරනවා ඒක බාගෙට ඉගෙනගෙන. මං හිතන්නෙ නෝනට පොතක් බලාගන්න කියලා, ළමයව හදන වැඩේ ලියන්නා බාර ගත්තොත් හොඳයි. මොකද, ළමයව "හුරතල්" කියලා දෙමවුපියො හිතුවට, අනික් මිනිස්සු හිතන්නෙ ළමයා නරක හැසිරීමක් තියෙන කෙනෙක්, කරදරකාරයෙක් කියලා. එයා සමාජයට නුසුදුසු කෙනෙක් වෙනවා; දැන් ඔහොම වුණාට ඉස්කෝලෙ ගිහාම නිකම්ම කොන් වෙයි. ඒක ළමයට කරන අසාධාරනයක්.
ReplyDeleteනෝනගෙ මොළේ දාන්න ඕනැ ඇලේ..
ReplyDeleteඕව බවලත් උදවිය කවදාවත් කිව්වට තේරුම් ගන්නෙ නෑ. තමන්ගෙ මතය හරි කියල විතරයි හිතන්නෙ. එක්කෝ සද්ද නැතුව ඉවසා වදාරන්න ඕනි, නැත්නම් කණ රත් වෙන්න එකක් දීල හදාගන්න ඕනි.
මොනා නැත්ත විළි ලැජ්ජාවේ සන්තෝසේ බැරුවා නේ
ReplyDelete"එතකොට අම්මා කියන්නේ තාත්තාගේ චූවත් සෙල්ලම් බඩුවක් නෙවෙයිද..?"
ReplyDeleteමේකට උත්තරේ බලදාරියා කපලද කොහෙද..?
පේර කෝටු චින්තනේ තියෙන තාත්තෙක් හිටියත් මේ වගේ හිතන අම්ම කෙනෙක් ලැබුනෙ කොල්ලගෙ වාසනාවට... වෙනිය උඹ කාල් ගාන්නෙ නැතුව හිටපන්... කොල්ල නියම නිදහස්ව හිතන නිර්මානශීලී මිනිහෙක් වෙයි....
ReplyDeleteලියාගෙ පොඩි එකා හදන්නේ ලියාට ඕනේ විදිහටනේ,
ReplyDeleteඒ නිසා ළමයි හදන විදිහ ගැන උපදෙස් දීමට නොයමි.
නමුත් කොහේ හෝ වැරද්දක් ඇති බවනම් නොකියා බැරිය
අපුරු පෝස්ට් එකක්
බඩ රිදෙනවා හිනා වෙලා
තව පොඩ්ඩෙන් හක්කත් පනිනවා....
මට ඇතිවුණු ප්‍රශ්නය නම් ළමා මනෝ විද්‍යා දැනුමත් සමගම සල්ලිත් ලැබෙනවාද යන්නයි.
ReplyDeleteනැත්තං කොහොමද හැඟ සෙල්ලම් බඩුවම ගන්නේ?
ලියන්නාටත් ලබන ආත්මේවත් ලොකු චූවක් ලැබේවා!
මම පොඩි කාලේ ඔහොම පාරෙදි අම්මාත් එක්ක යද්දි බලු පූට්‍ටුවක් දැකලා හයියෙන් කෑගහලා අම්මාට පෙන්නලා.. ආයෙ ගෙදර ගිහින් ඒ සිද්දිය බිත්තියේ ඇඳලාත් තියෙනවා. කාලයක් යනකම් ඒ චිත්‍රය තිබුණා මමම මකන කල්.
ReplyDeleteමූ හෙණ ඇඩ් කීපයක් දාල තියෙන්නෙ මෙතන. හොඳම එක තමා මුගෙ චූව ලොකුයි කියපු එක.
ReplyDeleteහෙහ්...හෙහ්...
ආ... තව පොඩ්ඩෙන් කියන්න අමතක වෙනව, පෝස්ට් එක නියමෙට ලියවිලා තියෙනව, කියවන්න ආස හිතෙන විදියට. පොඩි උදාහරණයක්. 'වචනයක් පිටකර පැය 2-3ක මනෝ විද්‍යා දේශනයකට ගොදුරු වෙනවාද නැත්නම් වත්තට ගොස් පැය 2-3ක් මහන්සි වී දන හිස තෙක් වැවී තිබුණු තණකොළ ටික උදලු ගා දමනවාද යන තේරීම් දෙක මා හමුවේ ඇත'.එතැනදි හිතෙනව හැබැයි ඉංග්‍රීසි පොත් කියවීමෙන් ලැබුන ආභාෂයක් ගෑවිලා තියෙනව කියල. ඒක නරකයි කියල නෙමේ කිව්වෙ,මගෙ නිරීක්ෂණයක් විතරයි.
ReplyDeleteමගෙ පොඩි දුවත් වයස 4- 5 කාලෙ ඔය වගේ වට පිට ඉන්න අයගෙ අවධානය යොමු වෙන කතා කියනව මට මතකයි. මට හිතුනෙ කෙල්ලට 'ඇටෙන්ෂන් සීකින්' අවශ්‍ය තාවක් තිබුන කියල. ටිකක් කාලෙකින් නැතුව ගියා ඒ ගතිය.
අඩෝ උඹත් හීනියට් ඇඩ් එකක් දැම්මා නේද? ( අර ඉන්ග්‍රීසි පොත් )
Deleteඅනේ වාසනාවන්, මෙහෙම කොලු පැටව් රටට / ලෝකෙට ආඩම්බරයක් !!
ReplyDeleteමාතෘකාව දැකල හොඳටම බය උනා. වෙනී අය්යට මොකැ මේ වෙලා තියෙන්නෙ කියල. පස්සෙ කියවන්නම්කො පෝස්ට් එක අද වැඩ ගොඩායි
ReplyDeleteනියම post එක..හිනා කාලා මැරෙනවා... :D :D මොනා වුනත් මම නම් හිතන්නේ පොඩි එකා සිරාම ඩයල් එකක් වෙයි ඉස්සරහදි..අනිත් මිනිස්සු මොනා හිතුවත්, ළමයා හදන්න ඕන අම්මට, තාත්තට ඕන විදියට..මම නම් කවදාවත්, වෙන කාටවත් ඕන විදියට මගේ ළමයෙක් හදන්නේ නෑ..අනිත් දේ තමයි පොඩි කාලේ ඔය විදියට හිටපු හුගක් ළමයි ලොකු වෙද්දි මාරම සංසුන් ළමයි වෙනවා..මම අත්දැකීමෙන් ඒක දැකලා තියනවා.. :)
ReplyDeleteපෝස්ට් එකනං නියමයි.
ReplyDeleteසචිර චින්තන ජයසංඛ කියල තියෙන එකට මාත් එකඟයි.
හිනා කාල මැරෙනව බන් අයියෙ... උඹට පොඩි එකාට කලින් නෝනට උගන්නල ඉන්න වෙයි වගේ... නැත්තන් උඹට බෙල්ලෙ වැල දාගන්න වෙන්නෙ කවදහරි... lol
ReplyDeleteපෙනේද පොඩි එකාගෙ තරම.
ReplyDeleteඊයේ හවස කියවන්න අරගෙන වැඩ හින්ද උදේ කියවන්න තියල ගියා. පට්ටම කතාව,.. ස්තුති ලියන්නෝ උදේම ලේ පිරිසුදු කරලා දුන්නට. හිනා කාල මැරෙනවා
ReplyDeleteඔක්කොටම හෙනේ මේ මනෝවිද්‍යාවද මොකක්ද එක. හික් හික් මරු කොල්ල.
ReplyDeleteතනි ඇහැට ඇඬෙනව...පට්ට පට පට..රෙදි ගලෝන පුතෙක් නෙ!
ReplyDeleteහිනා කාලා මැරෙනවා වෙනි අයියේ. ඒත් එක අතකට පොඩි උන් අහන ප්‍රශ්න වලට උත්තර නොදී මඟ අරින එකත් හරි නෑ. ඒත් ඒ උත්තර උන්ට ඒ වයසෙදි තේරෙනවද කියන එකත් ප්‍රශ්නයක්. කොහොම වුනත් පොඩි උන් අහන ප්‍රශ්න වලට පාරේ ඉන්න උන් කින්ඩියට හිනාවෙනව නම් ඒ උන්ට අමතක වෙලා උන්ටත් එහෙම කාලයක් තිබ්බා කියන එක. ඒත් ඔය වගේ කතා වලට හිනා යන්නේ කින්ඩියට නම් නෙවෙයි. ඒ නිසා වැඩිය ගණන් ගන්න එපා.... පොඩි එකාට සුභ අනාගතයක් !!!!!
ReplyDeleteමම නම් හිතන්නේ අයියගේ තාත්තගේ ක්‍රමේ හරි....පොඩි උන්ව හදන්ඩ ඔන එයාලගේ මට්ටමේ අය වැඩෙන විදිහට...වැඩි පන්ඩිත කම් වලට ගියහම ඒයාල ලොකු උනහම ප්‍රෂ්ණ....මේ මගේ හැඟිම...
ReplyDeleteමාතෘකාව දැක්කාම එන්ටත් බය හිතුනා. පුතා දැක්කාම තමා ඔන්න කියවන්ට පටන් ගත්තේ...හී හී...
ReplyDeleteපුතා අප්පච්චි වගේ වෙන්ටැති නේද?...:D
මගෙ අම්මියෝ! මගෙත් බඩ පපුව හීතල වෙලා ගියා. ලියන්නාට කොහොම තියෙන්න ඇද්ද?
ReplyDeleteඅනේ අම්මේ...පොඩි එකා මරු නෙ.මදැයි ඔයින් ගියා.තව මොනව හරි චූවා ගැන කිව්වානම්....හික්ස්...
ReplyDeleteයකෝ මේක කිවයලා මට විලිලැජ්ජබර හැදුනා.... :D
ReplyDeleteඅනිත් උන් හැම එකටම හිනා වෙන එක මේ අම්මයි තාත්තයි ප්‍රශ්නයක් කර ගන්නේ ඇයිද මන්දා . . .
ReplyDeleteලියන්නා වගෙන් ඔරෝ භාෂාවෙන් කියා ඇත්තේ ලියන්නාගේ චූව ලොකු බවයි.....! හික් හික් හික්....!
ReplyDeleteමෙවුවා බැලුවම බැඳලා ළමයෙක් හදන්නත් පුදුම බයක් නෙව ඇතිවෙන්නේ !
ReplyDeleteසෝයියං කතාව අයියන්ඩි !! මේ බ්ලොග් එකේ කතාවක් වදිනකම් මම මාර ආසාවෙන් බලා ඉන්නේ
සචිර චින්තන ජයසංඛ කියපු කතාවට එකගයි.මමත් දැකලා තියෙනවා එහෙම අය.( මේ කොමෙන්ට් එක ටයිප් කරන එකත් එහෙම එකෙක් ලු)
ReplyDeleteපොඩ්ඩට සුභ අනාගතයක් පතනවා!
(අයියව infotel එකේදි හම්බවෙච්ච එකෙන් පාඩුවක් උනේ නෑ.බ්ලොග් එකට එන්න පාරහරි හොයාගත්තනේ :D)
වාසනාවන්ත කොලු පන්චෙක් මතක්වෙද්දීත් හිනා
ReplyDelete@ඕනයා - තැන්ක්යූ ඒ ලින්ක් එකට..ඒකෙ තව ලස්සන කතා තියෙනවා
ReplyDelete@ සමනලයගෙ ලිනක්ස් - ස්තූතියි ඔබේ කමෙන්ටුවට, මට ඕනි උනෙත් තියරි හැදෙන්නෙ ප්‍රායෝගිකතවය හරහා වුනත් ඒවා සාමාන්‍ය කරනයට ලක් වෙන කොට ඒවා ප්‍රායෝගිකත්වයෙන් කොයි තරම් ඈතද කියන ඒකයි..ඔබේ අදහස ව්‍යාකූලයි නේද ? මුල සහ අග පරස්පරවිරෝධියි !
@ සොසී - හිකිස්.. හොයල බලන්න ඕනි !
@සමීර - ස්තූතියි ඔබේ පැමිණීම සහ කමෙන්ට් එකට
@දිනෙස - අනිවා පොඩි උන්ගෙ ලෝකය එමමයි ..!
@ ප්‍රසන්න - මගේ වැඩිහිටියො කියන්නෙත් ඒකම තමයි..
ReplyDelete@ පැණි දොඩම් - දැනටමත් වෙලාද මන්දා ?
@වර්ණා - ස්තූතියි පැමිණීමට සහ කමෙන්ට් එකට
@සාබිත් - ස්තූතියි සොයුර ඇගයීමට
@ ඔබ්සර්වර් - අයියාගෙ නිරීක්ශනයට ස්තූතියි, ඔව් ඒක ඇත්ත වෙන්න පුලුවන්.. ස්තූතියි ඇගයීමට,
@ නලින් - ස්තූතියි පැමිණීමට සහ කමෙන්ට් එකට
@ පූසා - සමස්ත පිරිමි පරපුරේම අවශ්‍යතාවය නේද ?
ReplyDelete@මධුරංග - ඔව් ඔව් අපිටත් ඒ කාලෙ හරි කුතුහලයක් ඕක ...
@කසුන් - ආයි අහලා රෙදි නෑ.. ඔව් තියරි හොඳ වුනත් ඒකට සෑහෙන්න අපේකම ඔබලා තමයි ක්‍රියාත්මක කරන්න ඕනි
@දිල් - ඔව්, ඔව්, ඒ වගෙයි. ස්තූතියි ඔබේ වචන වලට..
@ ඇනෝ - ස්තූතියි ඔබේ අදහසට, ඒ ඔවදන සෑහෙන්න වටිනවා මට විතරක් නෙවෙයි ගොඩාක් දෙමවිපියන්ට !
@දූපත් වැසියා - හිකිස්, ස්තූතියි ඔබේ අදහසට සහ පැමිණීමට සහ කමෙන්ට් එකට
ReplyDelete@ItaliDilan - නැතුව නැතුව.. ආයි රෙදි නෑ අඳින්න
@බීට්ල් - බලදාරියා කපලා දමපු එකමයි ඔබටත් අහු වුනේ හැබෑටම ආ !
@ සපතේරු - අනිවා .. මන් මේ විදියටම ඉන්නවා..මොකද මාත් හැදෙනවා !
@ලොකුපුතා - ස්තූතියි ඔබේ ඇගයීමට
@ කතන්දර - ස්තූතියි ආයිමත් මන් හරි ගැස්සුවා ඒ වැරැද්ද, මට අහු වුනේ නැහැ එතන තියෙන අඩුව
@විසිතුරු - ඔව් ඇයි හරි පව් වැඩේ අපි දන්නෙ නැති දවස්වල ගල් වලින් ගහන එක !
ReplyDelete@ ඔබ්සර්වර් - ඇඩ් එකක් ?! අයියගෙත් සමහර නිරීක්ශන නම් !!!!
@ චම්මා - ස්තූතියි ඇගයීමට
@ගිම්හානි - බය වෙන්න එපා මගේ පෝස්ට් වල මතෘකා විතරයි නරක..
@ සමීර චින්තන - මගේ වැඩිහිටියො කියන දේවල් සියල්ලම ඔබ ලස්සනට කැටි කරලා තියෙනවා ඔබේ කමෙන්ට් එකෙන් .. ස්තූතියි
@ ප්‍රසන්න - ඔව්, ඔව්, ස්තූතියි
ReplyDelete@ සාතන් - ආයි ඒකෙ දෙකක් නෑ
@ නදී - ඔව් ඔව් .. ස්තූතියි
@ක්සැන්ඩර් - ස්තූතියි ඉතින් හැමදාම ඇවිත් දෙන දිරිමත් කිරීමට
@ අවුට්සයිඩර් - ඉගෙන ගන්න න්‍යායාත්මක ඒවායෙ හරය තමයි හෙනේ.. ඒවා අපිට හරි යන්න හරි ගස්ස ගන්න එක තමයි වැඩේ
@දුලිත - ස්තූතියි ඔබේ පැමිනීමට සහ ඇගයීමට
ReplyDelete@ ගොඩයා - සම්පූර්ණ ඇත්ත , ස්තූතියි ඔබට
@රාජ් - ස්තූතියි , ඔබේ අදහසට
@ පොකූ - එහෙම වෙන්නැති නේද ?
@ බ්ලොග් ගඩොල් - ඔව් ඔව්.. ස්තූතියි ඔබේ ඇගයීමට
@නිසූපා - ඔව් ඔව් අනූනවයෙන් බේරුනා කියලා හිත හදා ගත්තහැකි
@ සෝරෝ - ස්තූතියි .. ආ ඒක අලුත් වචනයක් නේද ? නරකම නෑ..
ReplyDelete@ දුකා - මෙහෙමයි වුනේ.. ඒක පෝස්ට් එකක් ලියන්න තරම් පුම්බලා ගත්ත එක තමයි වුනේ..
@ දුමී - හිකිස්... ඔටෝ ඇඩ් පාරක් ලැබිච්ච එකේ මන් ඔන්න ඔහේ සද්ද නැතුව ඉන්නවා ..
@ සඳරූ - හා හා බය වෙන්න එපා.. සමහර ළමයි ඉන්නවා ටොක්කක් ඇන්නත් හ්ම්ම් නොකියන..එහෙම වුනොත් තමයි දුක වැඩි.. දෙවනියට කිව්ව කාරනෙ අපි හිස් අහස ගැන කියන්න ඕනි කතාවනෙ..
@ රජිත් - ස්තූතියි ඔබේ වචන ටිකට, ඔව් ඔව් බලන්න ප්‍රදර්ශනවල තියෙන වටිනාකම
ReplyDelete@ අසරණයා - ස්තූතියි ඔබේ ඇගයීමට..
කියලා වැඩක් නෑ වෙනි, දැන් ඉන්න ගොඩක් පොඩි උන් ඔහොම තමයි.
ReplyDeleteඑලම කිරි.. හක හක :D පට්ට කතාව :D
ReplyDeleteෆට්ට ආතල් කතාව. මට තනියම හිනා යනකොට ඔපීසියෙ එවුන් බලනව පිස්සුද කියල.කිවුවට තරහවෙන්න එපා උඹට ඉන්නෙ ඇම්ඩන් පැටියෙක්.
ReplyDeleteපට්ට සීන් එක වලක් හාරගෙන හැංගෙන්න තිබුනනම් හොඳයි කියලාත් හිතෙන්න ඇති..
ReplyDeleteඅපොයි මෙහෙම එකෙක් හම්බුනොත් නම් චූවට දෙයියන්ගෙම පිහිටයි... ලියන්නගේ ලිවිල්ල සුපිරියි අහ්
ReplyDeleteප. ලි : මේ උඩින්ම තියෙන්නේ ලියන්නගේ අවශ්‍යතාවයක්ද ?
ඈ බං ඔය කාගෙ දරුවටද දැන් උඹ පියා උනේ..?
ReplyDeleteදැන් වෙනියටත් ගොඩාක් පිරෙනකල් ඉඳලා චූ කොරන්න පුළුවන්ද..?
"ළමා සංවර්ධන හා මනෝවිද්‍යා" හප්පා ඉතිං බං ඒ උපාධිය ගත්ත කෙනා ඇයි ළමයා ඉද්දී තාත්තාව සංවර්ධනය කරන්න උපදෙස් දෙන්නේ ඔය තරමට...
උපදේශන ගැනනං කතා කරන්න එපා...
@ නචියා - ස්තූතියි ඇවිත් කියවල කමෙන්ට් එකක් දැම්මට
ReplyDelete@ අමිත් - ස්තූතියි අමිත්
@ රාජ් - අනිවා ඒක ඇත්ත තමයි
@ cjgayan අර ලොකු බේසමක් ගත්තා ඒකෙන් මූන වහගෙන එන්න හිතුනා
@පිස්සා පලා මල්ල - හික්ස් ඔව් ඔව්.. ආයිමත් ඒ වගෙයි..
@ අවංක පැට්ටා - හුහ් අපි නම් අහු වෙයි ඔව්වට..
ReplyDelete@ මාරයා - i ලියන්නාගෙ ලෝකයෙ බිරිඳට.
ii - ඔව් ඔව් ඒ කාලෙ ඉඳන්ම ඒක පුළුවන්.
iii - ලියන්නාව සංවර්ධනය කර ගන්න එක කර ගත්තොත් එක ගලයි කුරුල්ලො දෙන්නයි කියලා හිතලා වෙන්නැති.
iv - වහ බෝතලයක් බීලා බෙල්ලෙ වැල දමා ගන්නවා ඒක හොඳයි ..
ඇහ්....වෙනි අයියාට මෙච්චර ලොකු චූවෙක්..සොරි..සොරි..පොඩි එකෙක් ඉන්නවා කියල අපි දන්නෙ නැහැනෙ....
ReplyDeleteමොනව වුනත් එළකිරි පොස්ට් එකක්...සෑහෙන දේවල් ඉගෙන ගත්තා..හික්ස්
හප්පේ මීට පස්සෙ එහෙනං වැරදිලාවත් පොල් ගහකට, වල් පඳුරකට සරම උස්සන්න කලිං වටපිට බලන්න වෙනව, නැත්නං මයෙ එකා තව ටිකදොහකින් මගෙත් රෙදි ගලවයි වැරදිලාවත් දැක්කොත්.
ReplyDeleteමං මේ බැළුවෙ චූව සෙල්ලං බඩුවක් නොවෙන්නෙ කොහොමද කියල, ඇයි හද්දෙයිනේ පොඩි එකා ඉඳල නාකිය වෙනකං කොරන සෙල්ලං ඔක්කොම කොරන්නෙ ඕකෙන් නෙව....
@ලකී - වෙනි අයියිඅට නෑ.. ලියන්නාට නම් ඉන්නව..
ReplyDelete@ නවම් - හ්ම්ම් නවම්ගෙ කතාවත් ඇත්තම තමයි..
හප්පේ මරු නේ පුතා...ලොකු වෙනකොට ඕවා මග ඇරෙයි..හැබැයි දැං නං රෙදි ගැලවෙනවා කියන ඒවට...මගේ යාලුවෙක්ගේ පුතෙක් දෙන්නා එකට ඉන්නව දැකලා, ඌ කියලා පුතාට අපි සෙල්ලං කරා කියලා..පුතා එහා ගෙදර ලමයට කෑගහලා එන්න කියලා සෙල්ලම දාන්න....රෙදි බිම.....
ReplyDeleteඈ ලොක්කා, මම හිතා හිටියෙ වෙනියා තනිකඩයෙක් කියලනෙ මේ මොහොත වෙනකල්. ඇයි බං උඹ අර බෝඩිමේ නෙවෙයිද ඉන්නෙ, අර සබං බූත කතාවට සම්බන්ද? එහෙම නැත්නං උඹ රෙඩිමේඩ් පවුලක් අරන් ආවද ගිය මාසෙ?
ReplyDeletehenryblogwalker the dude
ඔබ නොදුටු - හෆ්ෆේ චූවාගෙ කතා නම් මොනාද එහෙනම්..
ReplyDelete@හෙන්රි - තව පෝස්ට් කීයක් ලියන්න වෙයිද මන්දා ලියන්නා සහ වෙනි දෙන්නෙක් බව දැනෙන්න....
ෆට්ට කතාව මට ත්හමත් හිනහව නවත්තගන්න බෑ..සූපර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්..
ReplyDeleteNIYAMA PUTEK ... TATTA LAJJA KARAYEK, AMMA BAYA NATI KELIN MANUSSAYEK ... HODA PAULAK... (badinna issalla habai mewidiya newei wenna ati samahara wita)...
ReplyDeletemonawa unat putek hadanna one hodata mole tiyenna, hama dema danun terun tiyana widiyata ...
ස්තූතියි ඇනෝ ඔබ හරියටම හරි !
Delete"එතකොට අම්මා කියන්නෙ තාත්තගේ චූවත් සෙල්ලම් බඩුවක් නෙවෙයිද?"
ReplyDeleteඅනේ මන්දා.. පුතා කොහොමද දන්නෙ තාත්ත ඒකෙන් සෙ... එක්කො ඕන නෑ...
හුරතල් පුතෙක්...
ඕ මන් දන්නෙ නෑ..පොඩි කාලෙ පොඩ්ඩො අම්මලා තාත්තලා එක්කමනෙ නිදියන්නෙ..
Deleteකට ඇති පුතෙක් යන්නෙන් අදහස් කරේ .. අසදාරණයට අයුක්තියට නිර්භයව ඉදිරිපත්වී කතා කරන දරුවෙක් මිස තැන නොතැන නොබලා බෝක්කු අරින දරුවෙක් නොවේ නේද මචන්
ReplyDeleteදාරක මනෝවිද්‍යාව ගැන පොත් ලියා ඇති මහාචාර්යවරුන් තම දරුවන් අවශ්‍ය තැන දඬුවම් කරමින්
අවශ්‍ය තැන අවවාදයෙන් , ආදරයෙන් හික්මවන තම දරුවන් දැක ඇති මට නම් ඔබ බිරිඳගේ හැඳිමිටේ නුවන ගැන ඇත්තේ බොහෝ කනගාටුවකි. දරුවට නැ බෑ කි කල ඔහුගේ පෞරුෂය අඩාල වෙන බව කියමින් ඉල්ලන සියල්ල ලබා දුන් මා දන්නා අම්මෙක් ට ඌ අවුරුදු 17 දී ගෙදරට බලෙන් කැන්දාගෙන ගෙන ආ විවාහාහක කාන්තාව දුටු විටද කියවුනේ හා පුතේ කියාය..
අනේ අනිච්චන් .. තාම පරක්කු වැඩි නැහැ මචෝ
අපේ පාරම්පරිකව හදා ගෙන ආ ක්‍රම සහ විධි වෙනුවට පොත් පාඩම් කරලා ඒවා අන්ධානුකරනයෙන් කරන්න යන අය ගැන පොඩි හාස්‍යයක් තමයි මන් මේ කතාවෙන් ඉස්මතු කරන්න හැදුවෙ..
Deleteහික්ස් ඔය වගේ වහ කන්න හිතෙන සීන් එකක් මගේ යාලුවෙක්ටත් උනා ළගඳී දාන්න ඉන්නේ
ReplyDeleteහා ලියන්න ලියන්න..
Deleteදෙවියනේ මේක මම අදනේ දැක්කෙ.....! හිනා කාලා මැරෙනවා. පොඩි එකා බිල්ඩිම දෙදරන්න තාත්තගේ වගේ චූවෙක් ඉල්ලද්දි කෝමද මේවවා එක.....
ReplyDeleteඅනිත් හැමෝම කතාව කියවලා හිනා උනා කියලා කමෙන්ට් එකක් දැම්මහම මටත් මාර ත්‍රිල් එකක් ආවත්...බුද්ධි මලයා මේක කියෙව්වා කීවහම මොකද මන්දා බඩ පපුව පිච්චිලා ගියා වගේ දැනුනා..හිකිස්...
ReplyDeleteමං එච්චර දැන උගත් මනුස්සයෙක් නෙමෙයි ,
ReplyDeleteඒත් කොතනක හරි වරදක් තියනවා
pattayi
ReplyDeleteඅනේ මන්දා හිනාවෙලා හක්කත් රිදෙනවා අයියෝ.
ReplyDelete