මෙහි ආරම්භක කතාවට මෙතනින්
"ආ එන්න ඊළඟට ඉන්න කෙනා. ඔය අම්මා නේද ?
ඔය අම්මට එන්න ඉඩ දෙන්න ඔතනින්"
"ඉඳ ගන්න අම්මේ . මොකද්ද අම්මට තියෙන ප්‍රශ්නෙ ? "
"අනේ බුදු මහත්තයෝ මගේ දරුවො මට සලකන්නෙ නෑ"
"කෝ අම්මගෙ දරුවො ඇවිත් ඉන්නවද මෙතනට ?"
"හිටියා මහත්තයෝ ආන් අරෙහෙ අර අඹ ගහ මුල ඉඳ ගෙන හිටියෙ"
"මේ කවුද ? ඔය ළමයා දරුවත් එක්ක ඉඳ ගන්න මේ පුටුවෙන්. ඔය අම්මගෙ මල්ල අයින් කරන මේ ළමයට ඉඳ ගන්න"
"පෙලට ඉඳ ගන්ඩෝනි නෑ සර් , මේ මගේ නැන්දම්මා , අපි පුළුවන් විදියට නැන්දම්මාට සලකනවා තමයි.. ඒත් එයාට කොයි තරම් කලත් මදි. අපිත් එක්ක රණ්ඩු වෙන්නමයි එන්නෙ"
"උඹ කට වහ ගනින් . උඹට මෙතන කතාවක් නෑ. උඹ පිට එකී..රොඩී හැත්ත ඉනා කවලා අපේ කොල්ලව රවට්ටා ගත්තා මදිවට මෙතන.."
"මොනවද අම්මෙ කුටු කුටු ගාන්නෙ ? කෝ අම්මගේ පුතා. "
මොකද්ද නම ?
සාජන් ගිහින් එන්න කියනවා"
"මාන්නක්කාර මුදියන්සෙලාගේ ලියන්නා මහත්තයෝ"
"තමුන්ද මාන්නක්කාර් මුදියන්සෙලාගේ ලියන්නා කියන්නේ ?"
දිසාපති - අමන්ත වීරසිංහ යනුවෙන් කළු පැහැ විසල් බෝඩ් එකක සුදු පැහැයෙන් දිලෙන අකුරු දෙස නෙත් යොමු කර ගත් වනම මා සිටියේ දරා ගත නොහැකි කෝපයකිනි. මේ කාළකන්නි ගෑනි ගෙදර ඉඳන් අපිට දෙන වද මදිවට දැන් මේ කොහෙවත් ඉන්න පිට මිනිස්සු ඉස්සරහත් අපිව කන්ඩයි හදන්නෙ යන සිතුවිල්ලත් සමඟ නගින කෝපය දරා ගත නොහැක.
"තමුන්ද මාන්නක්කාර මුදියන්සෙලාගේ ලියන්නා කියන්නෙ?"
නැවතත් ඒ ගාම්බීර හඬ..
"මාන්නක්කාර මුදියන්සෙලාගේ කියලා කෑල්ලක් නෑ. ලියන්නා තමයි නම"
"මොකද ඔච්චර සද්ද ? ආ ..? සර්ට ගරු සරුවට කථා කරන්න ඉගෙන ගන්නවා"
ඒ අසල සිටි පොලිස් රාළහාමිය.
"මේ ගෑනිට අපි කන්න දෙනවා, බොන්න දෙනව, ඇඳුම් පැළඳුම් ටික අරන් දෙනවා. ලෙඩට දුකට බේත් හේත් ටික අරන් දීලා මගේ ගෑනි තමයි රෑ නිදි මරා ගෙන සේරම සුමේ කරන්නෙ. ඒ මදි වෙලා අපිත් එක්ක හැමවෙලාවෙම හරි අල්ලනවා . මගේ ගෑනිවයි ළමයවයි කන්ඩ හදනවා මන් නැති වෙලාවට "
"මොකක් ???? මොකක් ?? කාටද තමුන් ඔය ගෑනි ගෑනි කියලා කතා කරන්නෙ ? තමුන් හදපු වඩපු අම්මට නේද ?"
දිසාපති ගුගුරයි...
විමලා තම අත වූ දරුවා අනිත් අතට ගෙන මාගේ කකුල කොනිත්තයි..
"මන් කිව්වෙ බුදු මහත්තයෝ..ඔහොමම තමා මේ වසවර්තියා. මේ සේර්ම මේ රොදිච්චිව බැඳ ගත්තට පස්සෙ තමයි. අපේ එකාව රවට්ටා ගෙන"
නාකිච්චිගේ එළියට ඉල්පුනු උගුරු ඇටය බරස් යන හඬින් කඩා දැමීමට ඇත්නම්...
"කවුද අම්මේ රොඩිච්චි කියන්නෙ ? ඔය ලමයගේ නම මොකද්ද ?"
"විමලා සර්...මන් මෙයැයිට කීවා මේ කුලමල ප්‍රශ්න එන නිසා අපි බඳින්නෙ නැතුව ඉම්මු කියලා"
ඈ කන් කෙඳිරි ගායි..
යක්ෂයා මගේ ඔළුවට ආරූඨ වීය.
"මෙන්න මේ ගෑනිගෙයි , අර මැරිච්ච මහ මිනිහගෙයි මාන්නක්කාරකම තමයි..කොහෙද රොඩී ඉන්නෙ ? ඉපදෙන කොට එව්වා අච්චු වෙලා එනවද ? මන් බැන්ඳෙ මට ඕනි කෙනා..මේ ගෑණිට අපි දෙන දෙයක් කාලා ඉන්ඩ බැයි නම් යන දීපංකරේක තොලොංජි උනට අපිට කමක් නෑ. අපිට ඉන්ඩ ඇරලා අපේ පාඩුවෙ. නැත්නම් උඹත් පල අර මහ එකා ගිය පාරේම "
හිත තුල කැකෑරෙමින් තිබූ සියල්ලම මාගේ මුවින් පිට වෙමින් තිබුනි..ඊළඟ මොහොතෙ මාගේ මුහුණ වෙත ආවේ අසල උන පොලිස් නිළධාරියාගේ මිටි කර ගත් හස්තයයි..සමබරතාවය ගිලිහුනු මා එතැනම බිම වැටුනද ඔළුව ගිණි ගත් කෝපය තවත් දැඩි වන්නට වීය.
"සර් මූ දැනටමත් කසිප්පු බීලා ඉන්නෙ. දාමු සර් සති දෙක තුනකට ලකප් එකට"
හකු පාඩා හිරි වැටී, තොල් පැලී ලේ ගලා එයි..
"ගහන්න එපා ඔය මනුස්සයට"
"නෑ සර් තමුන්ගෙ අම්මට මෙහෙම කතා කරන තිරිසනෙකුට වෙන මොනවා කරන්නද සර් කියන්නෙ ?"
"අනේ බුදු මහත්තයෝ මේ ගෑනි ගෙනාපු දවසෙ ඉඳන් ඔහොමමයි මේ යකා. තාත්තා එක්කත් හරි අල්ලලා අල්ලලා ඒ මිනිහව මරා ගත්තා. දොස්තරලා නම් කීවෙ පපුවෙ අමාරුවෙන් මලේ කියලා. ඒත් ඒ මිනිහට ගහන්ඩ එලවං ගියා ඇඳ පොල්ලකින් ඊට පස්සෙ තමා මැරිලා වැටුනේ..මට බයයි කවදා හරි මාවත් මරා ගනී කියලා මේ රොඩිච්චි එක්ක එකතු වෙලා"
"කවදක හරි නෙවෙයි තෝ ඔය රොඩී කතාව කිව්වොත් මගෙන් මැරුම් කන්ඩ වැඩි දවසක්...."
මා කී වාක්‍යය අවසන් කිරීමට මත්තෙන් පොලිස් සපත්තු පහර මුව වෙත පැමිණි නිසා එය වලක්වා ගැනීමට මා හට සිදු වීය...
"දානවා සාජන් මේ මිනිහව කූඩුවට...තමන්ගෙ දෙමව්පියන්ට සලකන්නෙ නැති අයට නීතියෙන් දඬුවම් තියෙනවා අද. මට්ටු වෙලා එනවකෝ හිරේ වැටිලා"
"ඔව් ඔය මහ එකා කියන එකා ගමේ එවුන් එක්ක එකතු වෙලා කාලෙකට උඩදි අපේ ගමේ හිටපු පවුලක හතර දෙනෙක්ම මරලා දැම්මා.රොඩී කියලා.එතකොට ඔය නිලදාරීයි බලදාරීයි නැට්ට පුකේ ගහ ගෙන හිටියෙ..සල්ලි වලට බලපුලුවන්කාරකම් වලට පන්සලේ මහ ගනයගේ කටට බයේ ඒවා ගැන හෙව්වෙ නෑ..තාමත් ඒ අහිංසකයො හතර දෙනාගේ ඇටකටු අර පාතාල උමඟෙ ඇති.මහ ලොකුව තානාන්තරේ බෝඩ් එකේ ගහ ගෙන ඔය දුන්කල නැට්ට බෙල්ලෙ හිර කරගෙන හිටියට වැඩක් නෑ මහත්තයලාත් අහිංසකෙක් ගන්ජා පැලයක් හිටෙව්වොත්, කසිප්පු බූලියක් පෙරුවොත්, හාවෙක් මීමින්නෙක් මැරුවොත් නම් රෙද්ද උස්සගෙන ගිහින් උන්ව දඬුකඳේ ගහයි, පොලිසිය කඩන්නෙත් අපේ ඇට තමයි, අපිව නම් හිරේ දාන්ඩ දත කයි"
"සාජන් රාලහාමි මේ මනුස්සයව අරන් යනවා එළියට"
"අනේ සර් මනුස්සයට නුහුගුණේ වගේ තියෙනවා..කාලෙන් කාලෙට බෙහෙත් බොනවා..අනේ බුදු සර් පොලිසි දාන්න එපා.."
විමලා ඉකි ගසයි..පොලිස් මරුමුස්සා මගේ බෙල්ල හිර කරගෙන අසල වූ බංකුවට ඔබා ගෙන සිටී.
"මොකද්ද අර හතර දෙනෙක් මරපු කතාවක් කීවෙ ?"
විනාඩි කීපයක නිහඬතාවයක්...
"මොකද්ද අම්මේ ඒ කතාව ?"
"ඕක ඔය ළමයා ඉගෙන ගන්න කාලෙ අපේ ගමේ හිටියා රොඩී පවුලක්..ඔය පිට ගමකින් ආපු එවුන් ටිකක්ද කොහෙද ඒ පවුලම මරලා අර පතුලක් පේන්නෙ නැති උමඟට දාලා තිබ්බා..ඒ ගොල්ලන්ගෙ මුළු ගේම පුච්චලා තිබ්බා. ඔය සිද්ධියෙන් පස්සෙ තමා ඔය ළමයගේ නුහුගුණේ ආවෙ"
"කොහෙද ඕක උනේ ?"
"අපි මෙහෙ මගේ මහගෙදර වලව්වට එන්ඩ ඉස්සරවෙලා පදිංචි වෙලා හිටි හතර මහ ලියැද්දෙ මහත්තයෝ..ඒ හිටපු සාගරයක් වගේ තිබ්බ වලව්වම ගිණිබත් කොලා මේ වසවර්තියා නුහුගුණේ වැඩි වෙලා"
"පිට ගමකින් ආපු උන් නෙවෙයි මහ එකා තමයි ගමේ හිටිය අනිත් අය එක්ක ඒ පවුල මැරෙව්වෙ?..ඔව් මන් ඒ මහ උද්දච්ච වලව්ව ගිනිබත් කොරා තමයි..අර අහින්සකයින්ට දැනිච්ච දේ තොපිට දැනෙන්නයි එහෙම කලේ "
මා සත්‍ය පැවසූවද එය ඔවුන්ට ඇසුනාදැයි මතක නැත..
"ඉතින් මිනීමැරුම් හොයා ගත්තෙ නැද්ද ?
"නෑ අර චේ ගුවේරා කලබල ආවනෙ ඔය එක්කම "
"අම්මේ, අම්මත් ඔය කුල මල ගැන කියවන්නෙ නැතුව ළමයිත් එක්ක සමඟියෙන් ඉන්න බලන්න..ඇයි අම්මට වෙන ළමයි නැද්ද ?"
"රට ඉන්නවා ලොකු එකා මුගේ වැඩ හින්දා එන්නෙම නෑ..තියෙන ඉඩ කඩම් වලින් එන සේරම ගොඩ ගහ ගන්නෙ මේන්න මේකි තමා"
"නෑ සර් අපි වත්තෙන් එන ආදායමෙන් තමයි කාලා ඇඳලා අම්මටත් සලකාගෙන ඉන්නෙ"
"එහෙනම් ඔය ගොල්ලො යන්ඩ දැන් ලියන්නාව පොලීසියට ගෙනිහින් කට උත්තරයක් ලියා ගෙන එවයි. අම්මට කරදර නම් ඕනිම බදාදා දවසක ඇවිත් මාව හම්බ වෙන්න. විමලත් බොහොම ඉවසීමෙන් වැඩ කරන්න වැඩිහිටියො වෙනකොට ඒ අය පොඩි ලමයි වගේ..ලියන්නාගෙ බීම නවත්තා ගන්න කියන්ඩ. ඔය පොඩි ළමයගේ අනාගතයටත් ඒක හොඳ නෑනෙ"
කට උත්තරය ගැනීමට පොලිසියට රැගෙන ගිය මා..
"මූ අපේ සර්ට පාට් එක දැම්මා .. හොඳට සලකලා යවහන්"
ඒ අණ පොලිස් පොඩ්ඩන් නිසියාකාරව ඉටු කරන ලදී..
පොලිසියේ කට උත්තරය ගත් දිනයේ සිට සතියක් පමණ වන විට මා හට යන්තම් පොළවේ පය ගසා ඇවිදීමට හැකි වූ අතර මැහැළියද තම හඬ වඩාත් පණ පොවා ගැනීමට මෙය කාරණයක් කර ගත්තේය.
"අනේ ඔයා සද්ද නොකර ඉවසීමෙන් ඉන්න"
විමලා මන්තරයක් මෙන් මා දෙසවනට කෙඳිරූවද...ඈට රොදිච්චී යනුවෙන් ඇමතීම තරම් මා කෝප කල කිසි දෙයක් නොවිනි.
අනිවාරතයෙන්ම දිනයක මෑ මා අතින් මිය යනු ඇතැයි මා හට සිතුනු වාර අනන්තය.
ඊට පෙර මේ කාලකන්නි නිවසින් අප තිදෙනාම ඉවත් විය යුතුය..
අපට අයත්ව තිබූ අක්කර දෙකක පමණ දවට ගහ ලියැද්ද ඉඩම මෙයට සුදුසුය.. පොඩියට හෝ පැල් කොටයක් තනා එයට පදිංචි වීම පිළිබඳ මා විමලා සමඟ කතා කල විට,
"අනේ ඔයාගෙ අම්මා කන්ඩ බොන්ඩවත් නැතුව මැරිලා යයි මේ පාළු වලව්වෙ අපි එහාට ගියහම"
"එහෙනම් උඹලා තුන් දෙනා හිටපල්ලා..මගේ මේ කැඩිච්ච කකුල හරි ගිය ගමන්ම මන් යනවා පැල් කොටයක් හදා ගෙන"
පසුදා උදෑසන පාළුවට ගොස් තිබූ වත්තම මහත් කලබලයකට පත් කරන ලද්දේ මහත් හඬ නගමින් නැවැත්වූ වාහනයක සද්දයෙනි.
"ඔයා හැංගෙන්න, ඔයා හැන්ගෙන්න... දිසාපති වාහනේ..ආයි පොලෝසි ගෙනිහින් ඔයාව මරලා දායි...යන්න අනේ යන්න"
කකුල අද්දවමින් මා ඇද ගෙන ගොස් දර මඩුව පසෙකට කල විමලා පිලිකන්න දෙසින් මිදුල දෙසට වන්නීය.
"කෝ ලියන්නා ?"
ඒ ගොර බිරම් දිසාපතියාගේ හඬ...
"අනේ බුදු සර් ගෙදර නෑ. අර පහල ගෙදරකට ගියා..පොලෝසියෙන් කඩපු කකුල යාන්තම් හොඳ උනා විතරයි සර්. ඒ අහිංසකයව ආයි පොලීසි යවන්න එපා සර්"
"පොලීසියෙන් කකුලක් කැඩුවා ? මන් දන්නෙ නෑ එහෙම කතාවක් ?"
අනේ මූ මෙතන ඔක්ක බබා වෙන්ඩ හදනවා..ඔව්වො සේරම එකයි. මොකටද මන් බය වෙන්නෙ.. දැන් ගිය සැරේ කඩන්න තියෙන සේරම ඇට ටික කැඩුවනෙ. හිටපියකෝ මන්ම කියන්ඩ හොඳවයින් දෙකක් උන්දැට.. දර මඩුවේ පසෙක සඟවා තිබූ කසිප්පු භාගය කටේ හලා ගත් මා ගත කෝපයෙන් දැවෙන්නට වීය.
"ඇයි මහත්තයෝ ආයි මාව කොල නැති ගහේ යවන්නද ? අර නාකිච්චි ආයි ඔහේට ගතු කිව්වද ?සලකන්නෙ නෑ කියලා?"
"ආ මේ ඉන්නෙ ලියන්නා..මට ලියන්නට කතා කරන්න ඕනි. ඒකයි මන් ආවෙ"
"කියන්ඩ කියන්ඩ මහත්තයා එදා කියපු පාර මේ තියෙන්නෙ ..දැන් කටේ දත් හතරක්ම අඩුයි. කකුල දැන් තමයි යන්තම් පොලවේ පය ගහලා ඇවිදින්න පුළුවන්..සතියක් යනකන් කන්ඩ බොන්ඩත් බෑ..ආයි කියන්ඩ මහත්තයා..තව කඩන්න ඇට ඉතුරු වෙලා තියෙනවා..මේ ශරීර පංජරේ ඕන්"
"මන් පොලීසියෙන් මේ ගැන හොයලා බලන්නම් ලියන්නා...මන් දන්නෙ නෑ මෙහෙම ගහපු බවක්.."
"සේරෝම බබ්බු මහත්තයෝ බබ්බු...අහිංසක අපි ඉන්නවනේ ඉතින් ඔව්වා පිටින් යවන්න"
"යන් අපි අර කජු ගහ යට බංකුවට"
දිසාපතියා මගේ උරහිසින් අල්ලා ගනී..
"අතාරින්ඩ මහත්තයා ඔය ශ්‍රී හස්තෙ අපේ කුණු ශරීරයේ ගාවා ගන්න එපා"
"පුදුම වෛරයක් නේ තියෙන්නෙ!.. මොකද්ද අර එදා කීව අර ගමේ හිටිය රොඩී පවුලක් මරපු කතාව? ඇයි ලියන්නාගේ අම්මා තමුන්ගේ බිරිඳට රොඩී කියලා බනින්නෙ ?"
මගේ යක්ශයා ඔළුවට වඩම්මා ගෙන එයි...
"මේ මන් බුදුන් වඳින්නෙ නෑ..දෙයියන් පුදන්නෙ නෑ. බුදුන් දෙයියන් සේරම ඉන්නෙ මිනිස්සුන්ගෙ හිත් වල. ඒත් මන් මගේ මේ දෑතින් කාටවත් කිසිම වැරැද්දක් කරලා නෑ. මගේ ගෑනි විමලා ඒ ගෑණි නැත්නම් මෙලහකට මන් මැරිච්ච තැන්වල ගසුත් පැලවෙලා . ඔව් ඒකි ඔය පහත් කුලේ කියන රොඩී තමයි..ඒත් ඒකි රත්තරන් කඳක් මහත්තයෝ..මගේ දරුවා පල්ලා..මන් ඒකිව බැන්ඳෙ අපේ මහ එකාගෙයි මහ ගෑනිගෙයි තියෙන උද්දච්චකම නැති කරන්ඩයි...පස්සෙ තේරුනෙ මන් බැඳ ගත්තෙ දේවින්නාන්සෙ කෙනෙක් කියලා..මගේ දරුවාපල්ලා මහත්තයෝ..මොකා හරී මොකී හරි මට ලොකු නෑ ඔය වචනෙ ඒකිට හරි ලමයට හරි කීවොත් කඩනවා බෙල්ල දෙකට..කඩලා මන් යනවා කොල නැති ගහේ."
"හරි හරි අපි යන් අර බංකුවට ගිහින් කතා කරමුකො"
දිසාපති මහත්තයාගේ සපත්තු කූට්ටම හිරු එළියට දිලිසෙයි...මා මදක් එදෙස බලා සිටියෙමි..
" ඒ ගමේ හිටිය කුලවන්තයො කියන ඔය අපේ මහ එකීයි වලකජ්ජ ගහපු මහ එකයි එක්ක හිටපු ඒ ජාතියෙම බල්ලන්ට වඩා උසස් ගතිගුණ තිබ්බ පවුලක් හිටියා මහත්තයෝ..අමිත් කියන්නෙ මගේ හොඳම යාළුවා එයැයි එයාගේ නංගියි අම්මයි තාත්තයි...මීට අවුරුදු විස්සකට උඩදි..ඒ ගමේ මිනිස්සු එකතු වෙලා මරලා දැම්මා"
"ඒ මොකෝ? මොකද්ද ඒ අය කරපු වැරැද්ද ?"
"අමිත් ඒ අවුරුද්දෙ හොඳටම ඕලෙවල් පාස් උනා...ඒ ප්‍රථිපලේ තාමත් ගමේ ඉකෝලෙ තියෙන හොඳම ප්‍රථිපලේ..ඒක මේ ඉන්න උන්ට දරා ගන්න බැරි උනා..අපේ මහ මිනිහා තමයි අනේ අර අහිංසක පවුල මරන්න මුල් උනේ"
මාගේ කම්මුල් හරහා උණුසුම් දිය දහරාවක් ගලා යයි..
"ඉන්ඩ මහත්තයෝ මන් කක්කුස්සියට ගිහින් එන්නම්"
මා කුස්සියට යනවිට විමලා විමතියෙන් බලා මා දෙස බැලුවාය..
"මන් තේ එකක් හදන්ඩද මහත්තයට ?"
"එපා අර නාකිච්චි එදා කියෙව්ව කුල මල කතා හින්දා ඒ ගොල්ලො අපෙන් තේ බොන එකක් නෑ..පස්සෙ තැඹිලි ගෙඩියක් කපලා දෙමු, කෝ අර ඇඳ යට තිබ්බ භාගෙ?"
"ආන් අර අටුවෙ වී බිස්ස එහා පැත්තෙ තිබ්බා...ඔව්වා බොන්ඩ එපා මනුස්සයෝ...කෝ කිව්වට කන පාරෙ යන එකක්යෑ?"
දුක්බර අතීතයක මතක සටහන් වලින් බිඳී යාමට තතනන සිත් කසිප්පු වඩියෙන් නැවතත් සවිමත් වෙයි...
මා ආපසු යන විට දිසාපති මා දෙස හොඳින් බලනු ඈත සිටම දුටුවෙමි..
නිල් පැහැ ටයි එක මත අලංකාර රටාවකින් යුත් වියමනක් තිබුනි...
"ඉතින් අර අමිත්ලගේ මිනී හම්බ උනාද පුච්චපු ගෙදර තිබිලා?"
"මොන මහත්තයෝ ? ඒක අහු වෙයි කියලා මිනී මරුවො මේ හතර දෙනාව මරලා අර පාතාල උමඟට දාලා..ඕකට එබුවහම ආයි කාටවත් හොයන්න බැරි බව දන්නවනෙ..අනේ ගෙදර හිටිය බල්ලා මේසෙ කකුලට ගැට ගහලා හිටි විදියටම පිච්චිලා මැරිලා හිටියා. අමිත් හරි නංගි හරි ජීවත් උනා නම් බල්ලව බේරා ගෙන තමයි යන්නෙ..පවු අහිංසකයො නිදි පැදුරේම මරන්න ඇති."
"ඉතින් ඇයි ලියන්නා තමන්ගෙ තාත්තව ඕකට සැක කරන්නෙ ?"
"මට ඔය මහ එකයි, ගෑණියි දවසක් රෑ ඕක ගැන කියනවනවා ඇහුනා මහත්තයෝ"
"මැරුවා කියලද ?"
"ගේ පුච්චන්න ඔය මහ මිනිහත් ගිහින් තියෙනවා..ඔය ගිය කට්ටියමනෙ මිනී මරන්නත් ඇත්තෙ"
"ඉතින් ඇයි ලියන්නා ඉගෙන ගත්තෙ නැත්තෙ ? ලියන්නත් ඕ ලෙවල් පාස් උනා කීවා නේද ?"
"කවුද කීවෙ මහත්තයට ? මන් ගියා ටවුන් එකේ ඉස්කෝලෙට...ඒත් හැමදාම මහ රෑට මට හීනෙන් පේන්ඩ ගත්තා අමිත්වයි නංගිවයි...අර පාතාල ගුහාවෙ ඇතුලෙ ඉඳන් ඒ අය මගේ උදව් ඉල්ලනවා , කතා කරනවා... පවු දෙයියනේ මුළු ගමෙන්ම කොන් වෙලා හිටියත් මට පුදුම ලෙංගතු කමක තිබ්බෙ..මගේ ඔළුව තෝන්තු උනා මහත්තයෝ..එහෙ ඉස්කෝලෙන් මාව ඉස්පිරිතාලෙට යවලා එහෙන් පිස්සන් කොටුවට යැව්වා..ඔයින් මගේ ඉගෙනීම කැලේ.. මේ කසිප්පු ටික නැත්නම් මගේ ඔළුව ආයිමත් තෝන්තු වෙනවා මහත්තයෝ...නැත්නම් අර රත්තරන් ගෑනිගෙ බහට මන් අවනත වෙලා මේ ජරා බීම නවත්තනවා.."
එක් වරම උණුසුම් අතක් මගේ කලවා මත පතිත වීය..
"එපා මහත්තයෝ..මේ ජරා වෙච්ච කඩමාලු සරමෙ තියෙන කුණු මහත්තයගේ අතේ ගෑවෙයි.."
"ලියන්නා මම අමිත්"
බිඳෙන කට හඬක්.. මා නැවත අර ටයි පටියේ වූ රටා දෙස බලා දිලිසෙන සපත්තු කූට්ටම දෙස බැලීමි..
"මේ මහත්තයෝ...අපි නූගත් තමයි..මහත්තයා වගේ මහ ලොකු දිසාපති විභාග පාස් කරලා නැතුවත් තමයි.ටයි, කෝට්, බෝට් නෙවෙයි මේ සරම් කඩමාල්ල තමයි අඳින්නෙ ඒත්....ඒත් මහත්තයා හිතන තරම් මොන්ගල් මෝඩ ඩයල් එකක් නෙවෙයි මේ ලියන්නා..ඔව් මට කාලයක් පිස්සු හැදිලා හිටියා තමයි..ඒ අච්චර ලෙංගතු කමින් හිටි අමිත් ගෙ මරණෙ හින්දයි , ඒකට මුල් උනේ මන් පීතු පාදං කියලා වැඳපු මගේම මහ එකයි හින්දයි.. අමන්ත වීරසිංහ මහත්තයෝ මට දැන් ඒ පිස්සුව සනීපයි..ඒක මතක තියා ගන්ඩ"
මගේ කෝපය බුර බුරා නැගෙන ගින්නක් මෙන් වීය..
"ඔය මොකද්ද යකෝ කරන්නෙ මොකද මගේ සරම උස්සන්නෙ ?"
මා කෑ ගසමින් ඉවතට පැන්නෙමි..
"දනිස්ස..දකුණු කකුලෙ දනිස්ස මට පෙන්නහන්"
එය නැවතත් ගාම්භීර අණකි..මා සරමේ පැත්තක් ඔසවා දනිස්ස පෙන්නුවෙමි.. හරියටම දනිස්ස මත වූ රවුම් තුවාල කැලල..
"බලහන් ලියන්නා මගේ මූණ දිහා..උඹ මෙච්චර වෙලා කතා කලාට මගේ ඇස් දෙක දිහා බැලුවෙ නෑ.. බලපන් යකෝ"
දෙනෙත් කෙවෙනි තුලට ගොනු වූ කඳුළු බිඳු දෙකක් සහිත ඒ කාරුණික දෙ ඇස දෙස මා මෙපමණ වෙලාවක් නොබැලූවේ මන්දැයි නොදනිමි..
වම් ඇසේ කළු ඉංගිරියාවට දකුණු පසින් වූ මදක් රත් පැහැ වූ ඒ ලපය...
"බලපන් මගේ දනිස්ස දිහා.. මොකද්ද මේ තුවාල කැලල..මොකද්ද ?"
කලිසම දනිස්ස දෙසට නවා ගෙන මා හට පාන එම කකුලේ දනිස්ස දෙස මා දෑස ගියේ නිමේශයෙනි...
"පැනපං පොල්ල උඩට දුව ගෙන ඇවිත්"
අමිත් කෑ ගසයි..
මාද දුවගෙන ගොස් අමිත් උස්සාගෙන සිටින අත අස්සෙන් පොල්ල උඩට පැන්නෙමි..
ඉලක්කය තරමක් හරි ගියද මාගේ තට්ටම්
දෙක හරියටම පොල්ල උඩ නොරැඳීම නිසාත් මාගේ සමබරතාවය බිඳී ගොස් එහාට මෙහාට
වැනෙන්නට වීය..මට පොල්ල උඩට පනින්නට උස්සාගත් අත අමිත්
ආපසු තැබුවේ බයිසිකලයේ හැඬලයේ නොව මාගේ කොන්ද මතයි..තරමක වේගයෙන් ඉදිරියට
ඇදී යන බයිසිකලය අසල තුබූ වැටක වැදී වැලි පාර අයිනේ වූ කානුව මතට රූටා ගියේ
අප දෙදෙනාද සමඟිනි.......
අමිත්ගේත් මගේත් දෙදෙනාගේම දනිස්ස මතවූ මේ රුපියල් දෙකක කාසියක හැඩයෙන් යුත් වූ තුවාල කැලල පිළිබඳ අප කී දවසක් නම් හිනා වන්නට ඇද්ද ?
මා නැවතත් එම දෙනෙත දෙස බැලීමි..විශාල කඳුළු කැට දෙකක් රූරා බසින රන්වන් පැහැ මුහුණ මත උදෑසන ලා හිරු කිරණ පතිතව තවත් රන්වන් පැහැයෙන් බබලයි...
වර්තමානය, අනාගතය හෝ අතීතය නොමැති කාලාවකාශයකට මා පියඹා යන්නාක් මෙන් මට දැනෙන්නට වීය..
අමන්ත වීරසිංහ දිසාපති මහත්තයා දෙ අත විහිදුවා මා දෙසට පැමිණෙයි..
මා අඩියක් පසු පසට ගොස් බිමට නැමුණු කජු ගසේ අත්ත අල්ලා ගත් සැනින් වම් අත තුලින් පටන් ගත් අකුණක් ගැසූවාක් මෙන් වේදනාවක් පපු කුහරය තුලට හාරා ගෙන යන්නට වීය..
---------------------------------------------------------------------------
සජීවී සටහනක් අවසානයි...... නිමි...... ඉවරයි..... කියා අවසන් කරන්නේ කෙසේදැයි අසරණ මා හට නොතේරේ...එබැවින් මෙම කතාව අවසානයි නොව..මේ තවත් ආරම්භයක් බව පවසමින් මා සමු ගනිමි...
ඉතිං ඔය යකාට සතුටටම මැරෙන්න උනාද...
ReplyDeleteඇයි බං වෙනි අන්කල් උඹට මේක සතුටුදායක අවසානයක් කරන්න බැරි උනේ... දැන් දවස් දෙක තුනකට මට නින්දක් නැති වෙනවා.... මම ලියනවා මේකට විකල්ප අවසානයක්.. නැත්තම් හිතට නිදහසක් නෑ...
බොට වැස්ස හින්ද මොලේ අවුල්ද? මේකේ මීට වඩා සතුටුදායක අවසානයක් කොහිද???
Deleteමේක තමා මේ කතාවට ගැලපෙන නියම අවසානය... හිරුට මේකේ කොතනද අවුලක් තියෙන්නේ..?
Delete//කජු ගසේ අත්ත අල්ලා ගත් සැනින් වම් අත තුලින් පටන් ගත් අකුණක් ගැසූවාක් මෙන් වේදනාවක් පපු කුහරය තුලට හාරා ගෙන යන්නට වීය..//
Deleteඔන්න ඕක තමයි මාරයියේ මට අවුල තියෙන තැන...
ඔව් ඩොක්ටර් කෙනෙක් කියයි..ඔය හාර්ට් ඇටෑක් එකක් එන පළමු ලක්ෂනය කියලා...
Deleteහිරූ ලියන්න ඔයාට සහනයක් දෙන ඕනිම හොඳ අවසානයක් කමක් නෑ..මන් ඉන්නවා ඒ කතාව මුලින්ම කියවන්න..
ඒක තමා.. අනිත් එක මෙයා කසිප්පු බොන හැටියට ...
Deleteපිස්සු කියෝනවා වෙනි අන්කල්.. මට පුළුවන් මෙච්චර හරියක් කරන්න...? හි හි... මම නිකම් කිව්වේ... අනිත් එක කතාව තාම ඉවරත් නෑ නේ...
ඇත්තටම මමත් හිතුවේ මේකේ ඔබේ පරිකල්පන වැඩියෙන් එකතු වෙච්චි එකක් කියලයි.. නමුත් සත්‍ය අත්දැකීමක් බව මට හිතෙනවා. ඇත්තටම වෙනියෝ මේ කතා මෙච්චර දවසක් කොහේද හැංගිල තිබුනේ.. පොඩි විත්‍රපටියක් වගේ..
ReplyDeleteක්ෂිතිජයේ ඉම සොයා ගෙන යන මන් අස්සෙම තමා ඔය කතාවත් හැංගිලා තිබ්බෙ...
Deleteඉවරයි කිව්වට මේක ඉවරම නෑ නේද?
ReplyDeleteමොනව කියන්නද කියල හිතාගන්න බෑ වෙනී අයියෙ.
නෑ ප්‍රසා මල්ලි ඉවර නෑ..
Deleteඅපූරුයි.. අග හරිය හදිසි කලා වගෙත් පෙනෙනවා.
ReplyDeleteඔව් සරත් අයියෙ, නැත්නම් මහ පත දිග කතාවක් වෙන්න තිබ්බා..නව ආරම්භයකට ඉඩ තියලා නැවැත්තුවා..
Deleteකොහෙන්ද බන් මේ ආතරයිටිස් හැදිච්ච කකුලෙ පින්තුරෙ හොයාගත්තෙ ?
Deleteවෙනි අයියා යතාර්ථ වාදි කතාවක් හුඟ කාලේකින් හොඳ එකක් ජය
ReplyDeleteඔව් මල්ලි, ගොඩක් කාලෙකින් තමයි..
Deleteඇත්ත කතාවක්නම් ෆුල් අප්ෂට්. මොකෝ උඹ වගේ එකෙක් මොන ප්‍රශ්ණ තිබුනත් අම්මට ඔහොම කතා කරනවයි කියා හිතන්න අමාරුයි....
ReplyDeleteපුදුමයි මාතලන් මට ඇත්තටම පුදුමයි..උඹ ඔහොම කී එකට..අපේ පොඩි එකෙක් කීවා නම් ඉවසන්න තිබ්බා..තමන්ගෙ අම්මලාට තාත්තලට ගහලා මරන සිද්ධීන් මේ වෙනකොට කීයක් නම් වෙලා අහවරද ඇත්තටම මේ වෙනකොට..ඔව් උඹ කීවෙ ලියන්නා ගන තමා..සමාවෙයන් මට හිතිච්ච දේ එහෙම්මම කීවා ඕන්..
Deleteකෝ දැන් නංගිලා මල්ලිලා අයියලා අක්කිලා එක්ක බලන්න මේ චීස් කෑල්ලෙන් ටික ටික කාලා යන්න... මහන්සිත් නැතෑ මූගේ අළුත්ම පරීක්ෂණේට මුණ දීලා... :D:D:D
ReplyDelete----------------
යංතං ඇති පරණ ලියන්නා ඇවිත්...
තව පොඩ්ඩක් අග හරිය ඔබ මට්ටං උනානං කියලත් හිතෙනවා... අමිත් මතු වීම හරහා කතාව ඉවරයි තමා.. ඒත් ගේ ගිනි තියපු වෙලාවේ අමිත් විතරක්ද බේරුනේ.. නැත්තං එයිට කලින් කට්ටියම පැනලා ගිහින්ද... ඒ කාරණා ටිකත් කිය උනානං හොඳයි වගේ... ඒක වාක්‍ය රචනයක්ම වෙන්න ඕන නැහැ... අමිත් ලව්වම කියෙව්වනං කෙටියෙන්... සාමාන්‍යෙයන් ඔය වගේ සිදුවීමකදී කෙටි වාක්‍ය කිහිපයකින් හරි වෙච්ච දේ කියවෙන එක සාමාන්‍යයි...
තමන්ගේ දරුවන්ට පණ ඇරලා කොලත්.. කුලයක් හෝ වෙන මොනවා හරි නමුත් හේතුවක් මත අනුන්ගේ දරුවන්ට වල කපන්න පුළුවන්නං ඒ අම්මට තමන්ගේ දරුවන් අතින්ම දඩුවම් ලැබීම මම වරදක් විදියට දකින්නේ නැහැ... සාමාන්‍ය වශයෙන්ම ඔය වගේ සමාජයේ ඉන්න කාලකණ්නි මිනිස්සුන්ට උත්තර හම්බ වෙන්නේ තමුන්ගේම දරුවන් අතින් තමයි. ඒක ලෝක ධර්මතාවයක්... ලියන්නාව මෙතනදී දෙමවුපියන්ට ගහන බනින තත්වෙට දාලා ලිවීම හරහා ලියන්නා කියන චරිතය කලු චරිතයක් කලා උනත් ඒක ලියන්නාගේ වරදක් නෙවෙයි... ඒ වරද සීයට සීයක්ම දෙමාපියන් සතුයි... ඔය ගහන්නේ ලියන්නා නෙවෙයි දෙමාපියන්ගේම වැරදි දෙමාපියන්ට ගැසීමක්... කතාවේ අවසානය අර කිව්වා වගේ තව ටිකක් පැහැදිලි උනානං ඇර..අනිත් සෑම අතින්ම මේක සාර්ථක කතාවක්...
වාක්‍යයක් දෙකකින් නෙවෙයි මල්ලි, සම්පූර්ණ පෝස්ට් එකකින්ම අමිත්ගෙ කතාව එනවා ඒ නිසාම මෙය අවසානයක් නොව ආරම්භයක්ය කියලා නැවැත්තුවෙ..ඇත්තටම මුලින් ලිව්වෙ අමිත්ගෙ කතාව පස්සෙ මෙහෙම පටන් ගත්තා නම් හොඳා කියලා හිතුනා..
Deleteතවම සිතමි
ReplyDeleteකතාවක් කිව්වට අර කිව්වත් වගේ කෙටි චිත්‍රපටියක් වගේය
ඔව් මල්ලි, චිත්‍රපටියක ගතියක් තියෙනවා තමා...
Deleteකරකවලා අතෑරියා වගේ. මාත් මුලදි හිතුවා යකෝ මූ අම්මට කතාකරන හැටි කියලා. මාරයා කියන කතාව හරි.
ReplyDeletehenryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
එතන මට කියවන කෙනාගෙ හදවත කම්පනය කරන්න ඕනි උනේ ලියන්නා ගැන කේන්තියකින් සහ පිලිකුලකින් තමා හෙන්රි..ඒක උනා නම් හොඳා..මාර්ස් මල්ලිගෙ කමෙන්ට් කියවන්නෙ පස්සෙන් පහුනෙ..
Deleteඅපූරු කතාවක්! ටෙලිනාට්‍යයක් බැලුවා වගේ. ඩූඩ් කියලා තියනවා වගේ කරකලා අත් ඇරියා වගේ නේ.:)
ReplyDeleteකොටස් දෙකකට දැම්මා නම් හොඳයි. අපිට තව කියවන්ට තිබුනා.
ඊළඟ කොටසක් එයි පොඩ්ඩියෙ අමිත්ගේ මානයෙන් මේ සිද්ධිය...සහ පසුවදනක් එක්ක..
Deleteවෙනියෝ පොඩ්ඩක් හිටහන් අඬලා ඉවර වෙලාම ඇවිත් කොමෙන්ටුවක් දාන්නම් . . ..
ReplyDeleteමචන් වෙනී අයියේ . . .
ReplyDeleteඇත්තෙන්ම මට හිතෙනවා මේක එක් සත්‍ය කතාවක් කියලා . .
උඹේ සම්බන්ධයක් නැතුව වෙන්න පුලුවන් තියෙනවා වෙන්න පුලුවන් . .
එත් මේක බොහෝ දුරට සත්‍ය කතාවක් වෙන්න පුලුවන්.
කුල මාන්නෙන් ඔලුව උදුම්මවා ගත්තු නමට බෞද්ධ මදිවට පන්සලේ ප්‍රධාන දායකයා අග්‍ර දායිකාව වෙච්චි ගෑනු මිනිස්සු මමත් දැකලා තියෙනවා.
කුල මල ජාති ආගම් ප්‍රශ්න වලදී උන්ට බුදු බනත් අමතකයි . .
සැඩොල් සෝපාකලත් ශාක්‍ය රාහුලලත් බුදු සසුනේ එක සමාන සැලකුම් ලබපු බව කොටින්ම අපේ බුදුන් සමානාත්මතාවය ඉහලින්ම අගය කරපු බව සහ බුදු දහමේ එහෙම කරන්න කියලා උගන්වලා තියෙන බව ඒ බෞද්ධ බෝඩ් එක නලලේ ගහගත්තු තුච්ච නින්දිත බෞද්ධ යැයි කියා ගන්න උන්ට තේරෙන්නේ නෑ . .. .
එහෙම උන්ට තමන්ගෙම දරුවන්ගෙන් පීචන් වෙන බව දිඨ්ඨ දම්ම වෙදනීය කරුපම පලදෙන බව (හැබෑ ලොකේ උනා නොවුනා පරිකල්පන ලෝකෙදිවත් අඩු ගානේ . . ) පෙන්නලා දෙන්න උඹ කරපු මේ නිර්මානේ පට්ටම අපූරුයි අයියේ . . .
උඹේ පන්හිදට ජය . . .!
මම මේ නිර්මාණය කරලා ඉවර වෙලා...ඔළුවෙන් සියල්ලම ඉවත් කරලා පාඨකයෙක්ගෙ මානයේ ඉඳන් කියවන කොට මට දැනිච්ච කම්පනය..උගුරේ මොනාද මන්දා දෙයක් හිර වෙලා ලොකු කඳුළු කැට දෙකක් ඇහැට උනපු අවස්ථා 2-3 මන් හිතුවෙ සතියක් විතර මන් මේ චරිත වලට ආරූඨ වෙලා ඒ චරිත වල ඉඳන් වචනෙන් වචනෙ සිද්ධියෙන් සිද්ධිය ගොඩ නගපු බලපෑම නිසා කියලයි මන් හිතුවෙ..ඒක එහෙම නෙවෙයි කියලා දැනෙන්නෙ දුකා ගෙ වචන හරහා..සහ මේ වෙනකම් කමෙන්ට් කරපු අනිත් කමෙන්ට් කියවන කොට තමයි..
Deleteඕං බොරු කියනවා වෙනියා. සොටයක් දමල... මම මේ නිර්මාණය කරලා ඉවර වෙලා.. අයේ සොටයක් දමලා....ඔළුවෙන් සියල්ලම ඉවත් කරලා පාඨකයෙක්ගෙ මානයේ ඉඳන් කියවන කොට මට දැනිච්ච කම්පනය..ආයේ සොටයක් දාලා තිත්ත ආවම උගුරේ මොනාද මන්දා දෙයක් හිර වෙලා ලොකු කඳුළු කැට දෙකක් ඇහැට උනපු අවස්ථා 2-3 මන් හිතුවෙ සතියක් විතර මන් මේ චරිත වලට ආරූඨ වෙලා ඒ චරිත වල ඉඳන් වචනෙන් වචනෙ සිද්ධියෙන් සිද්ධිය ගොඩ නගපු බලපෑම නිසා කියලයි මන් හිතුවෙ. කම්බස්. දොයි..
Deleteඔය විදියට නෙව කතාව ගලායන්නේ නේද වෙනියෝ... හැක් හැක්.. තමන්ගේ ලියපු දේ ගැන සංවේදි වෙන්ට එපා කියල යෝජනා කරනවා..මොකද ඒක කියවන අයට අසාධාරණයක්.. තමන්ගේ මානයකින් බලන්න
ම්ම්ම් මන් ලියන දේ මට විඳින්න බැරි නම් තව පාඨකයෙක් වින්දනයක් ලබයිද කියන සැකය මට තියෙනවා !ශොටයක් නම් දැමුවේම නැත
Delete//මා අඩියක් පසු පසට ගොස් බිමට නැමුණු කජු ගසේ අත්ත අල්ලා ගත් සැනින් වම් අත තුලින් පටන් ගත් අකුණක් ගැසූවාක් මෙන් වේදනාවක් පපු කුහරය තුලට හාරා ගෙන යන්නට වීය//..
ReplyDeleteමේ කොටස කියෙව්වහම නම් හිරුට වගේ මටත් හිතුන ලියන්නා හාර්ට් ඇටෑක් එකක් හැදිල දොයි කියලා..
තව කොටසක් තියෙන නිසා හරියටම විස්තර දැනගන්න ලැබෙයිනේ.. එක හුස්මට කියවගෙන යන්න පුලුවන් විදිහට ලියලා තියෙනවා..
ජය..
ඔව් බණ්ඩා අමිත්ගෙ පැත්තෙන් කතාව නොකීවොත්..ඒක අඩුවක් නිසා තව කොටසක් එනවා...
Deleteඋපරිමයි.. බන් අයියේ... නියමයි.. අන්තිමට ඇඬුනා.. හැබැයි මම නම් කැමති නෑ අමිත්ගේ පුනරාගමනයට.. ඒකෙන් නිකන් පොඩි හින්දි ෆිල්ම් ගතියක් ආවා වගේ තමා මට හිතුනෙ..
ReplyDeleteඔව් හින්දි ෆිල්ම් එකක් වගේ තමා..මටත් එහෙමම දැනුනා... තව විකල්ප කීපයක් තිබ්බත් මම වැඩි මනාපයක් දැක්කුවේ මේකට...ඒකයි උනේ...
Deleteමේක පිළිගන්යිද කියලා නම් දන්නෑ ලියන්නෝ..
ReplyDelete""එක් වරම උණුසුම් අතක් මගේ කලවා මත පතිත වීය..
"එපා මහත්තයෝ..මේ ජරා වෙච්ච කඩමාලු සරමෙ තියෙන කුණු මහත්තයගේ අතේ ගෑවෙයි.."
"ලියන්නා මම අමිත්" ""
මේ ටික කියවන කොට මගේ ඇග හිරි වැටිලා ගියා..
නිර්මාණයක් උනත් බොක්කෙන්ම හිතට වදිනවා.. අනිත් එක මටත් ඔය වගේම යාළුවෙක් ඉන්නවා..
කථාවේ අම්ත් බේරිච්ච හැටි කිවුව නම් මම ආසයි..
ඔව් එතන තමයි කතාවෙම උච්චතම අවස්ථාව..එය විය යුතුයි..ඒත් මා තවමත් වදන් හරඹයේ දුගියෙක් ! ඊළඟ කොටසකින් අමිත් කොහොමද ගැලවුනේ කියලා කියවමු !
Deleteම්..අපූරු නිර්මාණයක් වෙනී..
ReplyDeleteලියන්නා සුපුරුදු හිත් කීරි ගැහෙන ලිවීමේ ශෛලියට ආපුහු ඇවිත් කියලා දැන ගන්න ලැබීමටත් සතුටක්..
ඔව් රූ..බීජ ගොඩාක් තියෙනවා..පැල කරන්න ඕනි හෙමි හෙමින්..එතකොට මේ වගේ කතා ටිකක් ලියන්ඩ පුළුවන් වෙයි...
Deleteවැඩි හරියක් ගොතපු කෑලි. මුල් දවසේ ෂොක් එක ගියා.
ReplyDeleteවැඩි හරියක් නෙවෙයි කතන්දර සම්පූර්ණයෙන්ම ගොතපු එකක් මේක..පළමුවෙනි එකේ ඔබ තුමාට ශොක් එක ආවෙත් හොතපු එකෙන්ම නේන්නම් !
Deleteබැලූ බැල්මට මේක අභව්‍ය කතාවක් වගේ තමයි.ඒත් ඕ ලෙවල් වලදි ඩී අටක් ගත්තෙ ගමෙන්ම කොන් වෙච්ච රොඩි කොල්ලෙක්, කොල්ලා ඒ ජයග්‍රහණය ලබන තුරු තමයි. උන්ගෙ දෙමව්පියෝ ඇගිලි ගැන්නෙ....
ReplyDeleteඉන් එහාට කළයුතු දේ තේරුම් ගන්න තරම් විශාල පොත් ප්‍රමාණයක් කියවපු සැබෑ ජීවිතයේ දී හොදින් තැලිච්ච පොඩ්වෙච්ච එකෙක් වුන අමිත් පරිණතයි.ඒ වගේම අමිත් ගෙ අම්මත් කියලා තිබුණනෙ, එතනට එනකල් තමයි ඔය ගමේ ඉන්නෙ කියන එක.....
ඉතින් කාලයක් ගතවුනාට පසු අමන්ත වීරසිංහ දිසාපතිතුමා තමන්ගෙ මිත්‍රයා හොයගෙන එන එක අරුමයක් නෙවෙයි.
පළවෙනි කොටස කියෙව්වම මම හිතුවෙ ගෙට ගිණි තිබ්බෙත් අමිත්ලමයි කියලයි...ඒත් බල්ලත් පිච්චිලා තිබුණ නිසා ඒ අදහස පොඩ්ඩක් අවුල් වුනා.
"ලියන්නා" මේ කතාවේ චරිතයක්...ලියන්නා යනු වෙනියමයි කියලා අමුවට හිතාගෙන ඉන්නා දුප්පත් පාඨකයො ගැන හිතුවම නම් වෙනියගේ උත්සාහය ගැන දුකත් හිතෙනවා.
මමත් කාලයක් ඔය පටලැවිල්ල ( ලියන්නා - වෙනී ) ලිහා ගන්න බැරුව දුක් වින්දා.. දැන්නම් එහෙම නෑ.. ඒ සමඟම අපි අමතක කොරන්න නාකයි අපි මෙතනදි මීයො වෙන වග..
Deleteඔව් සුමිත් පාඨකයන්ගෙ තියෙන මේ විවිධත්වයම තමයි අපිවත් තව තවත් ධෛර්‍යය කරන්නෙ විවිධ රස තියෙන කතා ගොතන්න උත්සාහ කරවන්න....කෙනෙක් ලියන්නා කියන චරිතය හරියට තේරුම් ගන්න කොට..තව කෙනෙක් කැමතී මූ නම් වෙනියමයි කියලා හිතන්න , කියන්න..
Deleteමට ඒක සතුටක් !
සුමිත් වගේ කියවන කෙනෙකුට ලියන්න දේවල් අනන්තයක් ඇති..නොලිව්වට..අත්දැකීමෙන් මට හිතෙනවා..
ඔව් සෙන්නා මමම ඕක පටලෙව්ව කාලයක් තිබ්බා නේ !
මීයො ?! කෝ මේ මාරයා..? :-D
දිසාපති - අමන්ත කියල දකින කොටම මට හිතුන ඒ පුංචි කාලෙ යාළුව වෙන්න පුළුවන් කියල. අර ටීවී එකේ ටෙලිනාට්‍යයක් විදියටත් ගිහිපු සුමිත්‍රා රාහුබද්ධගෙ ඉටි පහන් නවකතාවෙත් එහෙම සීන් එකක් තිබුණ. (එතනදි නම් අඩු කුලේ නෙවි, ගෙදරක වැඩකාරකම් කරන කෙනෙක්ගෙ දරුවෙක්) නිකන්ම රොඩී කොල්ල දිසාපති හාමුදුරුවො වීම වැඩවසම් සමාජ ක්‍රමයකට දෙන්න පුළුවන් ලොකුම කනේ පාර කියල මම හිතනව. ඒ නිසා වෙන්න ඕන හුඟක් අය ඒක සංකේතාත්මකව යොදා ගන්නව ඇත්තෙ. අපි බලමු, දිසාපතිගෙ අතීතාවර්ජනය.
ReplyDeleteඔව් ඔය කාලෙ තිබ්බ ටෙලි, නවකතා, කෙටි කතා වල අභාෂය තමයි මගේ කතාවලින් එලියට එන්නෙ..
Deleteඒ කතාව දාන්නම් පොඩි කාලෙකින් පස්සෙ..මේ කතාවට ගොතපු ටික නිසා ඒ කතාවෙ සමහර තැන් වල තිබ්බ සම්බන්ධෙ ආයි වෙනස් කරන්න උනා..
කෑවා! කෑවා! කතන්දර කිව්වා වගේ එදා තිබ්බ ෂොක් එක මෙදා කතාව පටං ගන්නකොටම නැති කරලා දැම්මා! අඩුම තරමේ ඒ ෂොක් එක කතාව ඉවර කරනකංවත් අරං ගන්න තිබ්බා. හැබැයි මම නම් කැමති අර එකපාරක් ලිව්වේ පොඩි එකෙක් එක්ක ගමක් වගේ හදපු ප්ලේස් එකට යන කතාව වගේ ඉවර කළානම්. ඒ කිව්වේ කියවලා ඉවර උනාමත් හිතා ගන්න බෑ මේක ඇත්තක්මද බොරුවක්ද කියලා. මේක සිරාම කතාවක් වෙන්න තිබ්බා, මේක වෙනී අයියාට ඇත්තටම වෙච්චි දෙයක්මද කියන කුතුහලය පාඨකයාට ඉතිරි කළානම්! අඩුම තරමේ වෙනී අයියාට කලින් පෝස්ට් එකේ කතන්දරගේ කමෙන්ට් එක දැක්කාමවත් එහෙම අවසානයක් ගැන හිතෙන්න තිබ්බා!
ReplyDeleteගණං ගන්න එපා කතාවේ මුලම ෂොක් එක නැතිවෙලා ගිය දුකට ලියවුනේ! :D
පූසෙක් මෙච්චර දුක් වෙනවා දැක්කමයි..
Deleteඒ කොන්ක්‍රීට් වනන්තරේ කතාවෙ වර්තමානය ලියන්න කාලෙ හරි..
ඔව් මහා අසාධාරනයකට ලක් වෙච්ච පඨකයො පිරිසක් ඉන්නවා මගේ මේ කතාවෙ මේ අවසානෙන්..ඒත් මේ කතාවෙ අවසානෙ මෙහෙමයි වෙන්නෙ කියලා මුලින්ම තීරනය කරලා තිබ්බ නිසා..සහ අනේ බන් තාම මන් එහෙමට ලස්සනට කතන්දරයක් ගොඩ නගා ගන්න දක්ෂ නෑ..තාම එක්පෙරිමන්ට්නෙ බන්..ඉවසා වදාරන් හිටින්කෝ...
"අනේ බන් තාම මන් එහෙමට ලස්සනට කතන්දරයක් ගොඩ නගා ගන්න දක්ෂ නෑ"
Deleteබොරු කාරයා! එතකොට මේකේ පළවෙනි කොටස ලිව්වේ වෙන කවුරු හරිද? :D
වෙනි අයියේ මැත කාලයේ කියවන්න ලැබුණු සුපිරිම කෙටි කතාව මේක කිව්වොත් කිසිම වැරැද්දක් නෑ..ගත් හුස්ම පහළට නොහෙලා කියවාගන යන්න හැකියි.ඒ තරම් රසවත් මානුෂීය මෙන්ම සමාජ රටාව ඇගට දැනෙනේන ලියා තියනවා.
ReplyDeleteමන් මේ ලියන්න පුළුවන්ද කියලා බලනවා මල්ලි..තාම එහෙමට සාර්ථකයි කියලා මට සතුටු වෙන්න පුළුවන් කතාවක් ලියවුනේ නෑ මල්ලි..ඇගයීම ගැන නම් සතුටුයි..මගේ නිර්මාණය ගැන නම් මන් තෘප්තිමත් නෑ.. ඊළඟ එක වත් හොඳට ලියන්න ඕනි !
Deleteමුලින්ම හිතුවේ ගමේ අසුන්දර කම පෙන්වන තවත් කතාවක් කියලා. ටිකකින් තමයි තේරුනේ කලින් එකේ පාර්ට් ටූ කියලා.ඊ ලඟට ලියන්නා ගැන මල පැනලා, අම්මා ගැන දුක හිතිලා, ගෑනි ගැන අනුකම්පා හිතුනා. ආයේ ලියන්නා ගැන අනුකම්පා හිතුණා.
ReplyDeleteඅමිත් එනකොට කට ඇරිලා මඥන් උනා. ආයේ සතුටක් ඇති උණා.
...........................................
ලියන්නා ආයෙත් ඇවිත්. අන්න මන් කලින් පොස්ට් එකේ ඉල්ලපු ලියන්නා. අමිත්ගේ කතාව කලින්ම ලිව්වයි කිව්වනේ. හෙටම දාන්නකෝ එහෙනම්...
ඊයේ රෑ බලපු එක ආයිත් බැලුවා.
Deleteසුපිරියි.
ස්තුතියි!
ඔව් අකමා අමිත්ගේ අතීතාවර්ජනය තමයි මුලින් ලිව්වෙ..පස්සෙ වෙනසකට ලිව්ව මේ කතාවෙ සමහර අවස්ථාසම්බන්ධයට ඒ කතාව ගලපන කොට වෙනස් කරන්න තැන් කීපයක් තියෙනවා..ඒ නිසා සමාවෙයන් හෙට නම් දාන්ඩ වෙන්නෙ නෑ..පොඩි කාලයක් යයි..ඊට ඉස්සෙල්ලා දාන්න තියෙන කතාවක් නිසා..මාව දිවා රෑ පිච්චෙනවා ඒ කතාව දානකම් !
Deleteකැත වැඩක්................... මේ විදියට කතාව ඉවර කල එක දැඩි ලෙස හෙලා දකිමි.
ReplyDeleteකෝරලේ වලව්ව
නියමයි.. ඉතුරු කොටසත් ඉක්මනින් දැයි කියලා හිතනවා..
ReplyDeleteකුජීතයි වෙනී අයියේ
ReplyDeleteනියමයි ලියන්නා... උඹේ පන්හිඳ සදාකල් දිනේවා...
ReplyDeleteමට ඕනේ අවසානයනං පොඩ්ඩක් වෙනස්... අමිත් රොඩී නමත් වෙනස් කරගෙන ඉද්දී අහම්බෙන් හමුවෙලා ලියන්නට අඳුනගන්න ලැබුනත් අමිත් ලියන්නව අඳුනන්නෑ වගේ හැසිරෙනවා... ලියන්නා එහෙනම් ඒ වෙනකෙනෙක් වෙන්න ඇති කියලා හිත හදාගන්නවා...
අම්මො ෆිල්ම් එකක් බැලුව වගේ...යස අපූරු කතාව
ReplyDeleteඅපෝ ලියන්නව මරන්නනම් එපා! අමිත් ඉක්මනට ජීප් එකේ දාගෙන රෝහලට ගෙනයයි....
Ane manda ban.. ctrl+c ctrl+v ela ela..hemontama dana comment eka umbatath denna :) jaya wewa..
ReplyDeleteහිතට හොදට දැනෙන කතාවක්. එතකොට දැන් අමිතුයි,නංගියි දෙන්නම ඉන්නවද?
ReplyDeleteහ්ම්ම්.. මේ කතාව කියවද්දී නිකං තෝන්තුව වගේ මග නතර කොළාම.. දැන් ටිකක් දවසක් වුනත් කෝ ඉතුරු ටික??
ReplyDelete