ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Monday, July 22, 2019

හුළඟක් කළ වින්නැහියක්

අර පහුගිය සතියෙ හවස මහ හුළඟක් ආවනෙ..
මෙන්න මෙහෙමයි මම ඒකට මූණ දුන්නෙ නම්

ඔය හුළඟ යන වෙලාවෙ රාත්‍රී හතට විතර මම අපේ ගෙදර අයිනෙ තියන කෙසෙල් පඳුරට පරිසරයට විනාඩියක් කරන්ඩ ගියා..සරමත් උස්සගෙන වැඩේ කරනකොට කිසිම හුළඟක් තිබ්බෙ නෑ..වැඩේ බාගයක් කරනකොට ආවෙ නැද්ද පිංවතුනේ හුළඟක්..හතර වටේ කැරකෙන හෙන හුළඟක්..ආයි ඉතිං වැඩේ මග නවත්තන්ඩයෑ... සරමෙයි කකුල් දෙකෙයි..හැමතැනම ..කෙසෙල් පඳුරට යූරියා නෑ අද සෑට..ඔන්න හුළඟ..

ඒ පාර එහෙම්මම අලුත් සරමකුයි, ටවල් එකයි අරගෙන ශවර් එකක් දාන්ඩ ගියා..මගේ ශවර් එක ඕපන් ඒරියා එකක තියෙන්නෙ..ගෙවල් අයිතිකාරයගෙ ගෙදර පහුකරගෙන ගිහින් අනිත් වත්තෙ අඩි 8 ක් විතර උස බැම්මට තමයි බට දාලා මගේ ශවර් එක හයි කරලා තියෙන්නෙ..එතනට මම කැමතියි. හොඳට හුලං වැදි වැදී නාන්ඩ කරන්ඩ පුළුවන් නිසා සහ රෑට,එතන කළුවරේ නාන්ඩ ආයි රෙදි අඳින්ඩ ඕනි නෑ..එතන .. .

ටවල් එකයි සරමයි බැම්මෞඩට දාලා මම අනිත් සරමත් හෝදලා ආයි ඇඟත් හෝදා ගත්තා..ශවර් එකෙන් වැටෙන වතුර හුළඟට හතීදීපන්කරේ දුවනවා..මාත් දුව දුවා සෑහෙන වෙලාවක් අරගෙන ඇඟ හෝදා ගත්තා..

ඉවර වෙලා බැලින්නම් හුටා පිංවතුනේ බැම්ම උඩ තිබ්බ සරමයි ටවල් එකයි හුළඟට ගිහින් එහා වත්තට වැටිලා..මේ පැත්තෙන් කොහොමත් ඒක ගන්ඩ බෑ..බැම්ම අඩි අටක් උසයි..අනික කොහොමද මම හෙලිකොට්ටෙන් බැම්ම පනින කොට එහා ගෙදර කෙනෙක් දැක්කොත්..හෙට හිරේ.අල්ලපු ගෙදර ඇන්ටිට අතවර කරන්න හෙලිකොට්ටෙන් ඒ වත්තට පැන්නා කියලා.මොකද මේ හුළඟෙ අරුම බලන්ඩ හැම ගෙදරම මිනිස්සු එලියට බැහැලා ඉන්න වෙලාවෙ...

ගෙවල් අයිතිකාරයගෙ ගේ පහු කරගෙන කොහොමත් මට මම ඉන්න ගෙට එන්ඩ බෑ..
මගේ වෙලාවට ලයිට් ගියා..ලයිට් ගියාට පට්ට කලුවරක් නෑ..එතන තිබ්බ තේක්ක ගහෙන් වැටිච්ච කොළ දෙකක් ඉස්සරහ පැත්තටයි , පස්සෙ පැත්තටයි තියා ගෙන ඔරේ රන් මම ඉන්න කෑල්ලට..එතන දොර,අරින්ඩ ඕනි යතුර අරගෙන යතුර කරකවන කොටම ලයිට් ආවා..

මම ඉන්න ගෙදරට පැත්තක තියන ඉඩමේ අලුතින් ගෙයක් හදනවා..ඒකෙ වැඩ කරන බාසුන්නැහේ කෙනෙක් එයාලගෙ ටොයිලට් එකට යන්නෙ මගේ ගේ පිටිපස්සෙ තියන දොර ළඟ සයිඩ් එකෙන්..

"ආ මොකද මහත්තුරු මේ ?"

කියලා අහපි..
අනේ පිංවතුනේ මට දැන් එලියට බහින්ඩ බැරි තත්වයක් තියෙන්නෙ..

මෙච්චර දිග කතාවක් අර මනුස්සයට පැහැදිලි කරලා දෙන එක ලේසි නෑ..
සුවර් එකටම ඒ මනුස්සයා හිතන්ඩ ඇති..මම කොටුවක් පනින්ඩ ගිහින් මාට්ටු වෙලා සරමත් දාලා දුවන්ඩ ඇති කියලා.
.
නෙද්දකිං නොදෝමකිං..කලබල උනහම කොරොස් කටෙත් අත දා ගන්ඩ බෑයි කියන්නෙ මේවට තමයි...අර හෝදා හෝද හිටපු සරම තාම ශවර් එක යට ඒක ඇඳගෙන නම්බුව බේර ගෙන නාවෙ ඇයි කියල මට දැනුයි වැටහෙන්නෙ...

11 comments:

  1. බාසට ඉතිං ඕක අමුතුවෙන් පැහැදිලි කරන්න ඕන නෑ. බාස විතරක් නෙමෙයි වීර මාවතේ හැමෝම අයිය රෙදි නැතුව හිටියෙ ඇයි කියල දන්නවලු.

    ReplyDelete
  2. අඩේ උඹ ඉන්නවද? මොකද FB එකේ නැත්තෙ?

    ReplyDelete
  3. රෙදි නෑනේ ඉතින්.. :D :D

    සුබ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  4. ඔවා මාතර ඉදල අදෙයි ආවේ අයියේ??

    ReplyDelete
  5. ලියන මහතැන් කාලෙකින්.. තොපිටත් ඉතිං බ්ලොග් කට්ට මතක් වෙන්න ඔය වගේ සන්තැසියක්ම වෙන්න ඕනා නේද ? පරණ බ්ලොග් කාරයො දකිනකොට මාර ගැම්මක් තමා එනවා...

    ReplyDelete
  6. /// අර හෝදා හෝද හිටපු සරම තාම ශවර් එක යට ඒක ඇඳගෙන නම්බුව බේර ගෙන නාවෙ ඇයි කියල මට දැනුයි වැටහෙන්නෙ... ///

    මටත් එක පාරට ඔළුවට ආවේ ඒක...

    ReplyDelete
    Replies
    1. කියල තියෙන කතාව ඇත්ත උනානං ඒක කරන්න තිබ්බ.

      Delete
  7. Replies
    1. අයියැයි සරම වැටේ ටැපලුනා කියල තමයි ආරංචිය.

      Delete
  8. අනේ මන්ද ඉතින්. මෙහෙම කරදර උනාම අහක යන ඒවත් ඔක්කොම එකටම පැටලෙනවා :D

    ReplyDelete
  9. හපොයි.. වත්තට හුලං ඇවිල්ල කරපු හරියක් නේ..
    සෑහෙන කාලෙකින් පෝස්ට් එකක් කියෙව්වේ.. දැන් ලියවෙන බ්ලොග් නැද්ද කොහෙද අප්පා.

    ReplyDelete