ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Tuesday, January 1, 2013

මගේ පුංචි පැතුම එයයි... 2013



"අනේ මාමේ ඇයි මෙහෙම කරන්නෙ ?"

දූෂණය කරන්න ඔන්න මෙන්න තියෙද්දි හත් හැවිරිදි දැරියක් තමන්ව දූෂණය කරන්ඩ ගිය කෙනාගෙන් ඇහුවහම මිනිහගේ හිත උණු වෙලා ආපහු ළමයව ගෙදරට යවලා කියලා පුවතක් පහු ගිය කාලෙ මාධ්‍ය හරහා ප්‍රචාරය වෙනවා නොඅහපු, නොදැකපු කෙනෙක් නැතිතරම්...


අපරාධයක්...මොන ගනයේ උනත්..ඒක කරන්න මොහොතකට ඉස්සෙල්ලා හරි..ඇත්ත වශයෙන්ම වෙන්න ඕනි සමාජ විරෝධී දෙයක් කරන්න යම් අදහසක් හිතට ඇතුල්වෙනවත් එක්කම ඒ පිළිබඳව අගතියට පත් වෙන පාර්ශ්වය ගැන සංවේදී හැඟීම් ඇතිවීම වගේම මේ අපරාධය සිදු උනාට පස්සෙ තම්න්ට විඳින්න වෙන පසුගාමී ප්‍රථිඵල මොනවාද කියන එක සිතුවිලි වලට එකතු වෙලා ඒ දෙය කිරීමෙන් වැලැක්වෙන මානසික තත්වයක් ඇති වෙන එක තමයි.


ඉඳලා හිටලා එෆ් එම් නාලිකාවක ප්‍රවෘත්තියක් අහනවා සහ ටීවී එකක ප්‍රවෘත්තියක් බලනවා ඇරුනහම..මගේ වගකීම් වල කොටසක් වෙලා තියෙන්නෙ දවසකට පත්තර හයක් කියවන එක..මොකද අපේ ක්ශේත්‍රයට අදාල ලිපි කියවන්න පුවත් පතේ අහුමුළු සියල්ලම කියවන්න සිදු වීම නිසා මගේ ඇහැට ගැටෙන අපරාධ පිළිබඳ සිද්ධීන් නම් අනන්තයි. සතියට , සති අන්ත පත්තර 7 කුත් එක්කම පත්තර 43ක් තුල තියෙන සහාසික, දරුණු අපරාධ ඇහැ ගැටිලා හිත කීරීගැහිලා යන වාර ගාන සිය දහස් වාරයක්..මේවට ලක් වෙන්නෙ මගේ ඥාතීන් නොවුනත් ඊළඟට ලක් වෙන්න පුළුවන් ඔවුන් නේද කියලා හිතෙන කොට මැරි මැරී ඉපදෙන්නයි වෙන්නෙ... 


අපි අළුත් අවුරුද්දකට ප්‍රාර්ථනා කරන්නෙ කිරියෙන් , පැණියෙන් ඉතිරෙන සෞභාග්‍යමත් වසරකට තමයි හැම අවුරුද්දෙම..ඒ ප්‍රාර්ථනාවන් ඒ විදියටම ඉෂ්ඨ සිද්ධ වෙද්දෙන් කියලා මන් නම් ප්‍රාර්ථනා කරන්නෙ,



සියළුම මිනිසුන්  එකිනෙකා කෙරෙහිත් සමාජය කෙරෙහිත් සංවේදී වන නව වසරක් වේවා !



කියලයි..




ඉතින් හැමෝම වගේ මාත් 2012 වසරේ උනේ මොනවද, එව්වයින් ගත යුත්තේ මොනවද කියලා හැරිලා බලන්නත් අමතක කලේ නම් නෑ..
හැම අවුරුද්දෙම වාගේ අර ලෝක ධර්ම අටටම මූණ දීලා, මෝරලා වැඩෙන ඔළු ගෙඩිය තව තවත් පහලටම අරන් පොළවේ ඉන්න දරපු වසරක්ම තමා මේකත්..එහෙන් මෙහෙන් ටික ටික උඩ යනකොට දන්නෙම නෑ බිමට වැටිලා රිදෙනවා..එතකොට ආයිමත් දඟලන්නෙ බිමම ඉන්ඩ තමා...බිමින් තව කොහේට වැටෙන්නද ? 


බ්ලොග් එක හරහා එක්සිත් වෙච්ච යාළුවො ගොන්න සහ ඒකටම උල් පන්දම් දෙන්න හිටි බුකිය සහ ඒකෙ යාළුවො එක්ක ගෙවුනු අවුරුද්ද නම් සදා අමරණීයයි..


මතකද මන්දා ගිය අවුරුද්දෙ එතකොට මන් බ්ලොග් ලියන්ඩ වෙලා නම් මාස 8ක් විතර ඇති..2012 හිනා වෙන්න උඩ පැන පැන කියලා ලියපු පෝස්ට් එක..ඒකට කමෙන්ට් දාන්න එකතු වෙච්ච කතන්දර, පූසා , පොඩ්ඩි, අභීත වෙදනා, ලොකු ජෝන් , පැණි දොඩම්, මධුරංග, ලොකු පුතා, රාජ් , සාබිත් , නාකියා , බට්ටි, ඊමේල් කවිකාරී, වින්චැට් කිරිල්ලි, අසරණයා, වර්ණා , අපිව හැමෝම අඬවලා අපිව දාලා ගිය ඔබා අයියා , ගීතක , සඳරූ, මකුළුවා , අනික් රාජ් , ක්සැන්ඩර් , ගොඩයා , නිසූපා , ලකී, දුමී, දුකා , සිතුම්, මාරයා , බීටල් අද වෙනකොට අපි කොයිතරම් නම් එකට හිනා උනාද කියලා හිතෙන කොට මට නම් අවුරුද්දක කාලය හරිම සදාදරණීයයි කියලයි හිතෙන්නෙ...

හිමින් ගමනත්..
යන එන අවට බැළුමත්..
නැවතී නිවීමත්..
පසක් කරදෙයි දිවියෙ රහසත්... (මේ මාරයාගේ එදා කමෙන්ට් එකෙන්..)




මේ යාළුවො ගොන්නට අද එකතුවෙලා ඉන්න අළුත් බ්ලොග් යාළුවොත් 

එක්කම මන් කියන්නෙ අපි හිනා වෙමු සහෘදය ඇති වෙනකන් එකට 

2013 වසර පුරාවටම .....
 !


ඔබ ලෑස්තිද  ?


ජනවාරි 27 ගම්පහෙන්ම පටන් ගමු නේද ?



57 comments:

  1. සුබ නව වසරක් වෙනි අයියා !! මිනිසුන්ගේ සිත් සතන් අන්‍යන් කෙරෙහි සංවේදී වෙන වසරක් වේවා !!

    ජන 27 මටනම් එන්න නොලැබේ.. ඊට කලින් නැවත යායුතුව තිබේ... සැමෝටම ප්‍රීතිමත් හමුවක් පතමි !!

    ReplyDelete
    Replies
    1. මම නම් දැන් තියෙන වැඩ ටික එහෙට මෙහෙට කරලා කෝම හරි යන්නයි හිතන් ඉන්නෙ !

      Delete
  2. වෙනි අයියාට මේ අවුරුද්ද වාසනාවන්ත,සුබම සුබ,කිරි ඉතිරෙන වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. කිරි ඉතිරෙනවා අනිවා මල්ලියෙ !

      Delete
  3. 27 වෙනිදට හොම්බ දිග කැරමාවත් ගේනවද

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්..ඒක අරන් එනවා !

      Delete
  4. 2013 වසර 2012ටත් වඩා ප්‍රීතිමත් එකක් වේවා යැයි පතමි. වෙනීට තව, තවත් ලස්ස්න ගෑනු ලමයින්ගේ පින්තූර ගැනීමට ලැබේවා...:D

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්...ඔය අතරෙ පොඩ්ඩිත් ඉඳීවා !

      Delete
  5. සුභ වේවා වෙනි මාවේ ;)

    හොදම හොද පැතුමක්..

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි, ඇයි බන් මෙහෙම අපරාධ ගන අහලම අපේ හිත් පවා කුරුවල් වෙලා !

      Delete
  6. සුබ නව වසරක් වේවා..!

    මුලින් කියූ ගොඩට ඕං මේ සැරේ අපිවත් දාගන්න.

    ReplyDelete
    Replies
    1. හා 2013 දෙසැම්බර් ඒ ගොඩ අප්ඩේට් වෙනවා ඔය ගොල්ලන්ගෙ නම් වලින් !

      Delete
  7. 2013 අවුරුද්ද ඊටත් වඩා සතුටුදායක වේවී ....මගෙන් සුබ පැතුම් ! සුබ අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
    Replies
    1. ඔව් නරක ආරංචි නොලැබෙන වසරක් වේවී කියලයි මත් පතන්නෙ !

      Delete
  8. වෙනි අන්කල් මුලින් කියපු කතාව හා සම්බන්ධව බරපතල විදියට හිත කැළඹිලා තියෙන හින්දා මෙදා පාර නම් පොඩියට හරි සුබ පැතුමක් දාන්න හිත හදාගන්න බැරි උනා මට නම්...

    මේ වගේ සිද්ධි ආයෙමත් අහන්න, දකින්න ලැබෙන්නේ නැති සුබ නව වසරක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා වෙනී අන්කල්ටත්..

    ReplyDelete
    Replies
    1. ඉතින් හිරුවො ඔය වගේ සිද්ධි 20ක් 30 ක් ඇහැ ගැටෙන මන් ඒවා ඇහැ ගැටෙන්න නොලැබේවා කියලා පතනවා ඇරෙන්ඩ වෙන මක් කරන්නද අනේ ?

      Delete
  9. සුභ නව වසරක් වේවා වෙනී අංකල්... (කරන්න දෙයක් නැහැ හිරුවට අංකල්නං අපිටත් අංකල් තමා..අවුලක් තියෙනවනං ඒකි එක්ක බේරගනින් මුලින්ම..අපි නැහැ ඔව්වට..:P )

    මට මතක් උනේ වෙන මොකවත්ම නෙවෙයි... එක පාරක් මට ආව මේල් එකක් ආපු කතාවක්... ඒක දාලා තිබුන එකාගේ පොටෝ එකත් ඒ එක්කම වැටිලා තිබුනා... එහෙං පිටිං කලු සුද්දෙක්.. :D:D:D

    මොනවා උනත් සංතෝසයි කලු සුද්දා අමුම අමු ගොඩයෙක් වීම ගැන...

    ReplyDelete
    Replies
    1. උඹ එදා නම් කලු සුද්දට අමතරව ගං කබරයා කියලත් කීවා .. :-D

      Delete
    2. මී අම්මපල්ලා හිරුවට නම් ටොක්කක් අනින එක අනිනවාමයි හම්බ උන දවසක !
      ඔව් බන් ඒ කාලෙ කොහෙද සිංහල කෙටුවෙ මේ වගේ !
      ආ ඒක මතක් කල එක හොඳා තරුවො ! :-D

      Delete
  10. වෙනී අයියටත් සියලු පැතුම් ඉටුවන වාසනාවන්ත සුබ නව වසරක් වේවා.

    @ කොළම්බු සෙවන් වලින් තව අලුත් අලුත් කෑම ලැබේවා ! :D

    ReplyDelete
    Replies
    1. අද නම් පරණ ජාතියෙ කෑම වත් නෑ ප්‍රසා මල්ලියෙ..උදේ කැවුම් කිරිබත් විතරයි...

      Delete
  11. සියලු පැතුමන් මේ නව වසරේ ඉටුවේවා....

    ReplyDelete
    Replies
    1. නලින් මලයටත් එහෙමම වේවා !

      Delete
  12. සියලු පැතුමන් මේ නව වසරේ ඉටුවේවා....

    ReplyDelete
  13. සුභම සුභ නව වසරක් වේවා!

    ReplyDelete
  14. හිතදෙදරන ආරංචි අසන්නට නොලැබෙන වලට වසරක් තමයි මමත් ප්‍රාර්තනා කරන්නේ. හැමෝටම එහෙම වෙන්න කියලා පතනවා!



    …මම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්

    ReplyDelete
    Replies
    1. ඔව් ඒත් අදත් ඒකම උනා ලොකු ජෝන්...ඉතින් කොහෙද ?

      Delete
  15. සතියක පත්තර 43ක් හපොයි පත්තර මුදලාලිවත් එච්චර කියවන්නෑ මම හිතන්නෙ..

    ඒ කියන්නෙ තාමත් අර ඇස්පරගස් එක කාලා නෑ වගේ...ඒ වාගේ අළුත් කෑම කන්න ලැබෙන සුභ අළුත් අවුරුද්දක් වෙනී..

    ReplyDelete
    Replies
    1. ඒක නම් කෑවා රූ...ඔව් මන් නෙ පත්තර කැපුම් එකතුව කරන්නෙ මෙහෙ..ඒකයි සේරම පත්තර ටික මුල ඉඳලා අගට කියවන්න ඕනි !

      Delete
  16. සුභ 2013ක් වේවා..!!! එහෙනම් 27ම පටන් ගමුකෝ.. :ඩී

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් එදාට හම්බ වෙමු එහෙනම් !

      Delete
  17. තාම දැකලවත් නැති, කට හඬවත් අහලා නැති වෙනියා මට මෙච්චර සමීප වුනේ කොහොමද කියලයි මම මේ හිතන්නෙ.
    උඹේ සීදේවි මූන තමයි හේතුව.
    සුභම සුභ නව වසරක් වේවා මචන්..

    ReplyDelete
    Replies
    1. හිකිස්...ඔව් බන් ගොඩක් අය කියන්නෙ මාව දැක්කහම උන්ගෙ මැරිච්ච මීමුත්තාව මතක් වෙනවා කියලා..ඒ නිසා වෙන්න ඇති හැමෝම මාත් එක්ක මෙච්චර ලෙංගතු !

      Delete
  18. සුබ අනාගතයක්....!!!

    ඒ ගෙට්ටුවේ සුරා මේරය මද පමණටවත් නැතෙයි කියනවානේ....

    ReplyDelete
    Replies
    1. ඔව් මාතලන්..කෝමද ගාල්ලෙ ගෙට්ටුව ?! මෙතන ගාල්ලෙ තරම් වටාපිටාවෙන් එච්චර නිදහසක් නැති වෙයි මයෙ හිතේ...ඒත් සෙට් වෙමු !

      Delete
  19. Wish You Happy New Year Mr. weni.......!!!

    ReplyDelete
    Replies
    1. මිස්ටර් වෙනී ???? යකඩො මේ අර BMICH එකේදි හම්බ වෙච්ච නිශ් මද බන් ?

      Delete
  20. සියලු පැතුම් ඉටුවෙන වාසනාවන්ත සුබ නවවසරක් වේවා

    ReplyDelete
    Replies
    1. එහෙව් එකක්ම වේවා !

      Delete
  21. ලියන්නා අයියටත් මේ 2013 අවුරුද්ද සියළු පැතුම් ඉටුවන යස ඉසුරෙන් පිරුණු නිදුක් නිරෝගී සුව ලැබෙන වාසනාවන්ත සුබ නව වසරක් වේවා !

    ReplyDelete
    Replies
    1. ඔබටත් එහෙම්ම වෙවා DDT !

      Delete
  22. සංවේදී සටහනක් වගේම ඉතාමත් හොඳ ප්‍රාර්ථනාවක් .හැමෝම මේ වගේ හිතනවනම් කොච්චර හොඳද ?
    …ඔබටත් වාසනාවන්ත නව වසරක් ප්‍රාර්ථනා කරනවා .

    ReplyDelete
    Replies
    1. ඔව් ගිම් , මෙව්වා අහලම කලකිරීමේ උපරිමයටම ගිහින් !

      Delete
  23. මේකේ මුල් හරිය කියවලා මගේ හිත උණු වෙලා දෑස් තෙත් වුණා. මගේ දුවටත් අවුරුදු හතක්. අනේ දෙවියනේ .... මට හිතා ගන්න බෑ. ඒ කෙල්ලට එහෙම අහන්නවත් හිතුනා. මගේ කෙල්ල තමවත් සුරංගනා ලෝක වල ඉන්න තරම් මානසිකව පුංචියි.

    ඔව් අපි හිනා වෙමු. ඒත් හදවතින් හිනා වෙන්න පුළුවන් මේ වගේ දේවල් සමාජයෙන් අතු ගෑවුන දවසක.

    ReplyDelete
    Replies
    1. ඔව් සුදීක මේ වගේ සිද්ධි ඇහැ ගැටෙන හැම වෙලාවකම මේ අහිංසකයන්ගෙ මූණු වලින් මට පේන්නෙම මගේම ආදරණීයන් ! අම්මා, තාත්තා, අයියා, අක්කා, නංගි, මල්ලි ඉතින් කොහෙද වාවන්නෙ ?!

      Delete
  24. සුභ නව වසරක් වේවා වෙනි අයියේ...

    ReplyDelete
  25. වෙනි අයියාට සුභ නව වසරක් වේවා!

    ReplyDelete
  26. වෙනී අයියටත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක සුබ නව වසරකට ආසිරි !

    ReplyDelete
  27. සාමය සතුට සෞභාග්‍යයෙන් සපිරුණු සුබ නව වසරක් වේවා!

    ReplyDelete
  28. සුබ නව වසරක් වේවා වෙනී අයියේ. 27 වැඩ අල්ලමු. ජය...!

    ReplyDelete
    Replies
    1. තරු අරුන්දතී, ප්‍රදීප්, මධුරංග, දිනේශ් සහ හරී හැමෝටමත් සුබ පැතුම් !

      Delete
  29. ලැබුවාවූ 2013 අලුත් අවුරුද්ද

    රටට බරක් නැති
    රටට ණයක් නැති
    රටට දැයට වැඩදායී

    යහපත් පුරවැසියෙක් වෙන්න ලැබේවා!


    කොහොම කිව්වත් @කොලොම්බු 7 හිටියත් වෙනී අයියා ගම් කබරයෙක්නේ තාම. ඉතින් තාම ඕන්නම් කිලෝ 50කට 60කට වඩානම් රටට බර නැතුව ඇති.

    ReplyDelete
    Replies
    1. තාම 58යි මල්ලි බර නම් !

      Delete
  30. හද පාරන සිදුවීම් නැති සුබ නව වසරක් වේවා.....!

    27 සෙට් වෙමු, අර කිව්ව වගේ වැඩේ අමධ්‍යපලු ද....?

    ReplyDelete
    Replies
    1. එහෙමලු එහෙමලු සුමිත් ඒත් ඔව්වට සැලෙන්න එපා අනේ !

      Delete
  31. අපොයි වැජඹෙන්න නම් ඕනි නෑ කතන්දර...මේ ඉන්න විදියටම ඉන්නම් නේද ? මොකටද අමුතු කරදර ඇති කර ගන්නෙ ?

    ReplyDelete
  32. සියළුම මිනිසුන් එකිනෙකා කෙරෙහිත් සමාජය කෙරෙහිත් සංවේදී වන සුභ නව වසරක් වේවා අයියන්ඩී . . !

    ReplyDelete