ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Wednesday, August 8, 2012

සිත් ගන්නා සුළු පඩියකට...


"පුතේ උඹත් බොරුවට දඟලන්නෙ නැතුව ඔය බුද්ධි ලමයා, හැන් රො ලමයා සඳරූ ලමයා වගේ කා හරි ගනින් පඩියට සිත්තර අන්ඳව ගන්ඩ උඹේ ඔය බොගද මොකද්ද එකට"

ආච්චි මගේ ඔළුව අත ගාමින් ආදරයෙන් පවසන්නීය..

"කවුද ආච්චියෙ ඉතින් මගේ එකට එහෙම චිත්‍ර ඇඳලා දෙන්න එන්නෙ?"

"මන් දන්නෙ නෑ පොඩ්ඩක් කියලා බලහන්කො..නැත්නම් මෙතන උඹ ඕක ගැන චුරු චුරු ගාලා මගේ සංසාර ගමනත් කෙටි කරනවා බන්..මට මේ බණක් භාවනාවක් කර ගන්නත් නෑ උඹලගෙ පුරස්න හින්දා" 

මාගේ ආදරණීය ආච්චිගේ මහාර්ඝ සංකල්පය අනුව සිත මෙහෙයවූ මා හටද පෙනී ගියේ මා සිත්තර ශිල්පියකු සිත් ගන්නා සුළු පඩියකට බඳවා ගත හොත් මාගේ මේ දැවෙන සුළු ප්‍රශ්නයට විසඳුමක් ගෙනෙනු ඇති බවයි. වහාම සහි අන්ත පත්තර ටික ගෙන කියවන්නට වීමි. බොහෝ දැන්වීම් තිබුනේ සිත් ගත් තරුණිය , පෙම්වතා හෝ පෙම්වතිය වශී මඟින් පැය ගනනකින් දෙපතුල ළඟට ගෙන්වා දීමේ වෙළඳ දැන්වීම් තිබූ නමුත් ප්ලෑන් බී සඳහා එම දැන්වීම් කපා වෙනම ෆයිල් එකකට එකතු කර ගතිමි. මුල් ප්‍රයත්නය අසාර්ථක වූවොත් පමණක් වශි වැනි ගුප්ත විද්‍යා වූවද යොදා ගැනීමේ අවස්ථාවන් ඇති බැව් දැන ගැනීම නිසා මාගේ සිතට මහත් අස්වැසිල්ලක් ගෙන දෙන්නට වීය.

මේ අදහස තවත් පිරිපහදු කර ගැනීමේ අටියෙන් යුතුව මා මාගේ මිතුරන් කීප දෙනෙකුට සහ දුරකතනයෙන් අහඹු ලෙස කීප දෙනෙකුටම ඇමතීම් ගන්නා ලදී.

1. "එදා වේල හොයා ගන්ඩ මහන්සි වෙන අතරෙ උඹේ කරදරෙන් බේරෙන්න වගේ බ්ලොග් එක කියවනවා නම් තමයි..ඒත් මචන් මට නම් චිත්‍ර අඳින්න වෙලාවක් නෑ"

"එහෙම කියන්ඩ එපා මශන් ඔය පේන්ට් ප්‍රොග්‍රෑම් එක අරන් මොනා හරි ඉරි දෙක තුනක් හරි ඇඳලා එවපන්.. මේක ගොඩ දාගන්නත් එපාය"

2. "අනේ මන්දා බන් උඹලගෙනුත් තියෙන කරදර හැබෑටම"

3. "මොකද්ද බන් මන් උඹව දැකලත් නෑ.. උඹේ බ්ලොග් එක කියවලත් නෑ.. ඉතින් මන් මොනාද අඳින්නෙ?"

4. "අර උඹ අමනාප වෙයි කියලා මෙච්චර දවසක් මොලෝ රහක් නැති එව්වත් කියවලා කමෙන්ට් එක දැම්මා තමයි.. මේ අද ඉඳන් උඹෙයි මගෙයි තියෙන යාළු කම් ඉවරයි.."

5. !@#$$%^&&%^%$#@#@$^&**^%$ චිත්‍ර නෙවෙයි මන් අඳින්නෙ උඹේ @#$#%^%$# දවසක ඇවිත්

දඩාස් හඬින් දුරකතනය තබන හඬ ඇසිනි.

ඒ මා ඇමතුම් දුන් මිතුරන් කීප දෙනෙකුගේම කටහඬයි..

මා නැවතත් කල්පනාවේ නිමග්න වූයේ මේ ප්‍රශ්නයෙන් ගැලවෙන්නෙ කෙසේදැයි කියාය.. ප්‍රශ්න නැති කාලවලට තමන්ම මෙවන් ප්‍රශ්න සාදා ගෙන අවුල් වියවුල් ගොඩක් සාදා එයට විසඳුම් දීම යනු ජීවිතය නොවේදැයි මට විටෙක සිතේ.

යම් කාලයකට පෙර පාඨකයන්ට චිත්‍ර ඇඳීමට අවස්ථාව ලබා දී ඔවුන්ව කුළුප්පවා, අවුස්සවා උත්තේජනය කර පසුව මසකට වරක් පැමිනෙන පුන්සඳ මෙන් එන අරයාගේ උපක්‍රමය අමු අමුවේම කොප්පයක් නොගසන්නේ මන්දැයි මාගේ අත්දැකීමෙන් පරිනත සිත මාගෙන විමසීය.

සිකේ රෙද්දක් ඇඳගෙන ඔය වැඩේ කරතහැකිද? සිතේ සුදු පැත්ත විමසයි. හරි රෙදි ඇඳගෙනනෙ කරන්න බැරි.. 

කාමරයේ දොර වසා ගත්තෙමි..ජනේලද යම්තම් සුලං එනසේ අඩවල් කලෙමි.. මිදුලේ කිසිවකුත් නොමැති බවද පසක් කලෙමි..

හ්ම්ම්ම්ම්...

--------------------------------------------------------------------------
දැන්වීමයි..
යුගයේ ජනප්‍රිය ,
 ශ්‍රී ලාංකික දේශයේ ජනගහනයෙන් අඩකටත් වඩා කියවන
 ප්‍රසිද්ධ
 බ්ලොග් රචකයකුගේ
 බ්ලොග් පෝස්ට් සඳහා චිත්‍ර ඇඳීමට සුදුසුකම් ඇති ඔබ සඳහා මේ ආරාධනාවයි..
ඔබ සඳහා සිත් ගන්නා සුළු පඩියක් ඔබගේ කැමැත්ත පරිදි තෝරා ගත හැක.
තෝරා ගැනීමේ පරීක්ශනය දැන් පැවැත්වේ.
මූලික වටයේ පරීක්ශන සඳහා ඔබගේ වයස සමඟ මෑතකදී ගත් ඡායාරූපයක් පහත ඊ මේලයට එවන්න.
weniwel@gmail.com
පුරුශ පක්ශයේ අයදුම්කරුවන් ඡායරූප එවීම අනවශ්‍ය බව සලකන්න. 
ඔබ විසින් 
"මා දුටු ලියන්නා" 
යන මාතෘකාව යටතේ ක්ෂනිකව අඳිනු ලැබූ චිත්‍රයක් එවීමට කාරුණික වන්න.

-------------------------------------------------------------------
"ඉතින් මචන් උඹ හිතන්නෙ දැන් කවුරුවත් ඕකට චිත්‍ර එවයි කියලද ? 

මේ පෝස්ට් එක කියවූ මා මිතුරු මාගෙන් විමසයි.. 

"බලහන් කවුරුවත් චිත්‍ර නො එව්වොත් උඹ ආපු එව්වා කියලා මොනාද ඊළඟ පෝස්ට් එකේ උඹ පබ්ලිශ් කරන්නෙ?. මන් නම් කියන්නෙ ඔය උඹ විහින් නෝන්ඩි වෙන වැඩක්"

මා සිතද ගතද  කෝපයෙන් වෙව්ලයි..

"පලයන් බන් යන්ඩ උඹ හැම වෙලාවෙම උදැල්ලම තමයි දාන්නෙ කවුරුවත් නො එව්වොත් ද.. කවුරුවත් නො එව්වොත් මොකද කරන්නෙ කියලනෙ උඹ අහන්නෙ ? චිත්‍ර මම්ම අඳිනවා ඇඳලා ඇනොනිමස් එව්වෙ කියලා  චිත්‍ර 10ක් පාලහක් පබ්ලිස් කොරනවා..එහෙම නොකලොත් මන් ලියන්නා නෙවෙයි ඕන්.. 
මොකද  බන් උඹ හිනා වෙන්න ගත්තෙ ? මන් මොනාද දැන් කිව්වෙ ? 
ඈ කියහන්කො .. 
මට මතක නෑ"


103 comments:

  1. සිත්තරේ ලස්සනට අඳිනවා නම් ආයෙ ඡායාරූපයක් අහවල් එකකටද. ජාත්‍යන්තර කුමන්ත්‍රණ මෙව්වා ඈ..

    ReplyDelete
    Replies
    1. ඕන් ඉතින් උදැල්ලක් උදෙන්ම..කමක් නෑ කමක් නෑ.. එහෙනම් චිත්‍ර එපා ෆොටෝ එකක් වත් එවන්ඩකො..

      Delete
  2. යම් කාලයකට පෙර පාඨකයන්ට චිත්‍ර ඇඳීමට අවස්ථාව ලබා දී ඔවුන්ව කුළුප්පවා, අවුස්සවා උත්තේජනය කර පසුව මසකට වරක් පැමිනෙන පුන්සඳ මෙන් එන අරයාගේ උපක්‍රමය අමු අමුවේම කොප්පයක් නොගසන්නේ මන්දැයි මාගේ අත්දැකීමෙන් පරිනත සිත මාගෙන විමසීය.// මේටික පැහැදිලි මදි!

    මම නං ලියන්නාව කලින් ම ඇන්දා.... මේ ඉන්නෙ සෙට් එක එක්කම

    http://a6.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/s720x720/375638_391621470856410_537088358_n.jpg

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් බුද්ධි මල්ලි.. ඒ චිත්‍රය සලකලා බලන්ඩ පුළුවන් ඒත් ප්‍රවීනයො ගන්න තරම් පඩි නෑ අප්පා..අපිට කොයින්දෑ ඉතින් ව්දෙස් සිත්තරු ???

      පැහැදිලි නෑ කිව්වා... හුරේහ්... එහෙනම් මාත් සම්භාව්‍ය බ්ලොග් පෝස්ට් ලියන්නෙක්..පට්ට හැපී ආ..මන් ටිකක් දුකේ දුකේ හිටියෙ මොකද..හරි හමන් පෝස්ට් එකක් ලියා ගන්ඩ බැරුව අවුරුද්දක්ම ගත වෙච්ච්ච එකට...මන් ලියන ලියන ඒවා කෙසෙල් ගහට කඩුවෙන් කෙටුවාහේ තේරෙනවනෙ..

      Delete
  3. වෙනි අයියේ... මං තාම හිනාවෙනවා.. බලමු.. ඊළග පෝස්ටුව බලලම විස්තරාත්මක කොමෙන්ටුවක් දාන්නම් කෝ...

    ReplyDelete
    Replies
    1. හා ඔහොම හිනා වෙවීම අඳින්න මොනා හරි...

      Delete
  4. කියවද්දි ඉස්සෙල්ලාම හිතුනෙ සිත් ගන්නා පඩි සුළු වෙන්නෙ කොහොමද කියලා...ඒක කම්පනා කරලා කරලා කරලා බලනකොට අඳින්න හිතපු සිත්තරේ අමතක වෙලා..

    ReplyDelete
    Replies
    1. අපරාදෙ එහෙනම් රූ කියවන්නෙ නැතුවම සිත්තරෙයක් අඳින්න නෙ තිබුනෙ...

      Delete
  5. ඇයි බොල හු@$$$ මං තොගේ චිත්‍රයක් ඇන්දා කියලා මතක නැද්ද...? ඒක හොයලා දාපිය මේකේ...

    (මලේ උපරිමයෙන්)

    ReplyDelete
    Replies
    1. ඒ සිත්තරේ කල් ඉකුත් වෙලා මල්ලි..

      Delete
  6. මමනං මේ දැං ඇඳල ඉවර උනා.. ඉන්බොක්ස් බලන්න වෙනී මාමා.. ඇඳපු අයිටම් නම් කලා තේරුනේ නැත්තං කියල...

    ReplyDelete
    Replies
    1. ඒ සිත්තරේ කල් ඉකුත් වෙලා මල්ලි.. පුතේ..

      Delete
  7. ම්ම්ම්..එහෙනම් අඩුම ගානේ එක චිත්‍රයක් වත් ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා ඕන්.. ජය වේවා..

    ReplyDelete
    Replies
    1. එකක් දෙකක් නෙවෙයි සිය ගානක් දස අතින් ගලා එනවා..

      Delete
    2. එහෙනම් ජයෙන් ජයම වේවා.. :D

      Delete
  8. අනේ අපිටනම් චිත්‍ර බැරියෝ..... :)))
    මොනවා ඇදෙයිද දන්නෙ නෑ අදින්න ගියොත්.

    ReplyDelete
    Replies
    1. හෆොයි අර ටෙක්නිකල් ඩ්‍රොවේන් එකක් විදියටවත් ඇඳලා එවන්ඩ එපාය නන්ගියෙ...

      Delete
  9. මහ කම්මැලි වැෙඩ් අප්පා චිත්‍ර අඳින එකනම්..සික් ඉතරක්....

    ReplyDelete
    Replies
    1. ඔය කම්මැලි කමේ නිදි මර්ගාතෙ ඇඳෙන එව්වා තමයි අමිල මල්ලි තාත්විකවම එන්නෙ..

      Delete
  10. වෙනී අයිය තාම ඉන්නෙ රෙදි නැතුවද?

    ReplyDelete
    Replies
    1. නෑ මල්ලි මේ පොස්ට් එක පබිලිස් කොරලා ආයි ඇඳ ගත්තා..

      Delete
  11. හරි හරි චිත්‍ර ටිකත් බලලම කමෙන්ට් කරන්නම්කො..;)

    ReplyDelete
    Replies
    1. හා ඉන්න වෙයි එහෙනම් සතියක් විතර..

      Delete
  12. ගැනුලමයිනේ පරිස්සම් වෙව්..දැන් වෙනියට ෆුඩ් සිටියට යන්ටත් බැරි තත්වයක් නේව තියෙන්නේ හික්ස්

    ReplyDelete
    Replies
    1. හික්ස්.. එහෙම උනොත් අර බුද්ධි ලමයා වගේ පොලේ යනවා..

      Delete
  13. මේක මේ චිත්‍ර ගෙන්නගන්න කල වැඩක් නෙවෙයි.. වෙන එහෙකට.... කෙල්ලනේ අහු වෙන්න එපා. මේ වැඩිහිටියෙක් හැටියටයි කියන්නේ..

    ReplyDelete
    Replies
    1. සික් වැඩිහිටියො උනහම වැඩිහිටියන්ට උදව් පදව් කරන්ඩෝනි..ඒත් මේ වැඩිහිට්ටා.. අනේ මන්දා ?!

      Delete
  14. මොකෑ මේ කෙල්ලන්ගෙන් විතරක් පොටෝ ඉල්ලන්නේ?? මංගල දැන්වීමක් ව්‍යාංගාර්ථයෙන් දාලද මන්දා මෙයා....

    පරිස්සමෙන් ඈ... මේකට බුද්ධි අයියා වගේ කෑල්ලෙන් කෑල්ල අලෙවි කලා නම් හොඳයි නේ??

    ReplyDelete
    Replies
    1. අනේ එහෙම ව්‍යාංගාර්ථයක් මගේ තුන් හිතකවට් තිබ්බෙ නෑ ගැමියා..කොප්ප ගහනවා කියලා ඔහොමත් බුද්ධි මලයාව කොපි කරන්න ඇහැකියැ රෙදි නැතුව උනත්..

      Delete
  15. // ඔබ සඳහා සිත් ගන්නා සුළු පඩියක් //

    ඔය කෑල්ල මැදට කමා එකක් අඩුයිනේ

    ‘ඔබ සඳහා සිත් ගන්නා, සුළු පඩියක්‘

    ReplyDelete
    Replies
    1. නෑ නෑ එතන කොමාවක් නෑමයි කියලා වගකීමකින් කියන්නෙ..

      Delete
  16. "අනේ මන්දා බන් උඹලගෙනුත් තියෙන කරදර හැබෑටම"

    ReplyDelete
  17. අපි නං බැරි වැඩ කරන්ඩ යන්නෙ නෑ ඕං අයියෙ.. පින්තූර එවන්නෙත් නෑ.. චිත්‍ර එවන්නෙත් නෑ!!!

    ReplyDelete
    Replies
    1. එව්වෙ නැත්නම් අහල පහල ඉන්න කෙනෙක්ව කිඩ්නැප් කරනවා.. ඉවරයිනෙ කතාව..

      Delete
  18. මාදුටුලියන්නා නේද අඳින්න ඕනේ
    කවදාට ඉස්සෙල්ලද එවන්න ඕනේ
    හිටපන් එවන්න එකක් :-D

    ReplyDelete
    Replies
    1. ඈ මරනෙයා සිරාවටම අඳිනවද ?අවසන් දිනේ ඉවරයි මල්ලි ඊයෙට තමා තිබ්බෙ.. සොරි ඈ..
      මේ කමෙන්ටුව මරනයාට පමණකි..

      Delete
    2. එපා කිව්වහම මන් හිතුවෙ එවයි මයි කියලයි..

      Delete
  19. //අර උඹ අමනාප වෙයි කියලා මෙච්චර දවසක් මොලෝ රහක් නැති එව්වත් කියවලා කමෙන්ට් එක දැම්මා තමයි.. මේ අද ඉඳන් උඹෙයි මගෙයි තියෙන යාළු කම් ඉවරයි..
    මේක කියන්නත් හිතෙනවා..
    එක්කො නොකියා ඉන්නවා..
    පව්නේ අපේ වෙනී අයියා..

    ReplyDelete
    Replies
    1. හික්ස්..යාළුවො ඉතින් ඔහොමම තමයි..

      Delete
  20. චිත්‍ර කලාවටත් නරක දසාවක් ලබාගෙන එනවද මංදා.. ඒ වුනාට කමක් නෑ අයියා... කෝම හරි චිත්‍රයක් අඳින්න.

    නැත්තං තව ඔප්ෂන් එකක් තියෙනවා. ඒ තමා සත්තු වත්තෙන් චිත්‍ර අඳින්න දන්න අලියෙක්, චිම්පන්සියෙක් වගේ එකෙක් ගන්න එක... පඩියක් දෙනවා කියැලයැ...

    ReplyDelete
    Replies
    1. මාළුවෙක් අල්ලා ගත්ත නම් ඉවරයි.. අදහසට බෝම ඉස්තූතියි මල්ලි..

      Delete
  21. ඔන්න ඉතින් මම නම් මම දැක්ක ලියන්නා ඇඳලා එව්වා ඈ. විනාඩියක් විතර ගියේ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් නිඔයමයි ක්සැන්ඩර් ඒක නම්..

      Delete
    2. ඒකෙ පොඩි අවුලක් නේ.. රැවුල නෑ.. හලේ.. සිග්නේචර් ලයින් එක..

      Delete
    3. ක්සැන්ඩර් අපි ඒකටම රැවුලක් දමමු නේද ?

      Delete
    4. වෙනි අයියම කැමති විදියට දාගන්න කෝ එහෙනම්.. අර ග්‍රැපික් ටැබ්ලට් එකෙන්.

      Delete
  22. ඈ බොලේ මෙච්චර සම්බාව්‍ය චිත්‍ර අඳින වෙනියට වෙන මොන අහවල් දේටද තවත් සිත්තරු?

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ඔව් නිශාන් මල්ලි ඒකනෙ අළුත්ම ට්‍රෙන්ඩ් එක !

      Delete
    3. යකෝ නිශාන්.. කෑගහන්න එපා.. ඒ බලන්නේ අනිත් උනුත් සම්භාව්‍ය එව්වා ම ද අඳින්නේ කියල...

      Delete
  23. අවුරුදු ගාණකට පස්සේ ඔන්න ඇන්දා . මම වෙනි අයියා හැබැහින් දැක්කේ එක පාරයි.. කවුරුවත් චිත්‍ර එවන පාටක් නැති නිසා මම එව්වා. මගේ නම දිහා එහෙම බලන්න එපා...

    ReplyDelete
    Replies
    1. හක්ස්.. ඒකත් නියමයි...ඔව් අපේ අම්මගේ මල ගෙදරදි නෙ හම්බ උනේ..

      Delete
  24. ඇයි බොලේ අර වෙනදට අදින්නෙ හත්තිලව්වට ගහපු කලාබරේ වගේ එව්වා.ඒව හොඳා..

    ReplyDelete
    Replies
    1. අළුත් විදියක් කල්පනා කරලා බැළුවා සිතුවම් !

      Delete
  25. මමත් මේකට අයදුම් කරන්න හදලත් පස්සෙ මතක් වුනා, මම චිත්‍ර ශිල්පියෙක් දාලා චිත්‍ර අන්ද ගන්න බව. තමන් යම් ශාස්ත්‍රයක් දන්නෙ නැත්නම් හොඳම දේ මොකක්ද? ප්‍රොමෝෂන් එකක් ගන්න එකනෙ. ඒකනෙ උගන්නන්න බෑයි කියලා තේරෙනකොට ගුරු උපදේශක වරු, විදුහල්පතිවරු වගේ වෙන්නෙ. උඹ මේක දැනගත්ත එකනෙ වැඩේ පපරට්සියා!

    හරි, මම චිත්‍රයක් නො එව්වත් මට පුලුවන් උපදේශන සේවාව කරන්න. හොඳම දේ මේක මම කරනවානම් කොහොමද කරන්නෙ කියන එකනෙ.

    "මා දු‍ටු ලියන්නා": මම මුලින්ම ලියන්නව දු‍ටුවේ අල්ලපු ගෙදර නංගිලගෙ පෑන්ටීස් තුලින්. එතකොට පෑන්ටියක් ඇඳලා ලියන්නා ඒකෙ සිදුරක් තුලින් පේන විදියට පටන් ගන්න පුලුවන්. අර ජේම්ස්බොන්ඩ්ව පේන්නෙ රයිෆල් බැරල් එකක් ඇතුලෙන්. අන්න ඒවගෙ. ලියන්නගෙ අන්තිම පෝස්ට් දෙකෙන් එකක් අර කුණුහබ්බයක් වගේ තියෙන කනෙයියො ගේනෙ. අපි ඒක ලියන්නගෙ නියමිත තැනට යොදලා ඇන්දොත් adult content වෙන නිසා අපි යොදාගනිමු ඒක නහයට. ඊට යටින් අර සුප්‍රසිද්ධ හො‍ටු බ්‍රේකර්, පත ‍රැවුල. ඒ එක්කම අමතක කරන්න එපා හැම දේම වෙන්න ඕනෙ ශුක්‍රාණු වැස්සක බව. දැන් අගයි මුලයි සම්පූර්නයි. ඊ ලඟට හිස් තැන් පුරවනවා.

    හිස් තැන් වලට අර ඉන්ටර්ව්‍යූ යන කොට අරන්ගිය කොන්ඩම්, සනීපාරක්ෂක තුවා වගෙ වැඩ කිඩ දාන්න පුලුවන්. ඒ එක්කම රස්නෙ නිසා රෙද්දක් ඇඳගෙන නිදාගන්න බෑ කිව්ව නිසා ඇඳුම් ප්‍රශ්නෙකුත් නෑ. එක්කො සබන් භූතයා වගෙ සබන් වලින් කවර් කලෑකි.

    නැතිනම් අර කැමරාව, ෆෑන් එක, ට්‍රයිපොඩ් එක වගේ ඒවා යොදාගතහැකි. මතක තියාගන්න ලියන්නගෙ සම්භාව්‍ය චිතර හුඟ හරියක චරිතවලට කකුල් තුනක් තිබ්බ නිසා ට්‍රයිපොඩ් එක සංකේතාත්මකව එතනට යොදාගන්න පුලුවන් නිමානාත්මක චිත්‍ර ශිල්පියෙකුට.

    මම කියන දේ තේරුන්නැතිනම් අර කා‍ටුන් චරිතය පුංචි සිංඥෝ සාගත මල්ලෙන් විලිවසාගෙන ඉන්න ආකාරයට කැමරාව අඳින්න පුලුවන් විලි වැහෙන්න. නමුත් බලාගෙන බ්ලොග් රෝල් වල තම්නේල් පික් වල adult content වගේ පේන්න පුලුවන් නිසා අර ලෙන්ස් බැරල් එක එතනට අඳින්නෙ බලාගෙන. අපි අර රන්කුඹල් ගේ ඇන්දෙත් නෑනෙ.

    එහෙනම් ජයවේවා තරඟ කරූවන්ට. තව මොකුත් උපදේශයක් තියෙනවනම් අහන්න. අර විදෙස් සිත්තරාගෙනුත් ගරු සේවාවක් වශයෙන් උපදෙස් ටිකක් ලබාගන්න පුලුවන් වෙයි මගෙ හිතේ. නේද??

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. අපි නොදන්න චෙස් !
      ඔය සිත්තර ශිල්පියො සේරම තමන්මයි අඳින්නෙ ඒවා අඳින්නෙ හයර් කරපු සිත්තර ශිල්පියො කියන්නෙ පොශ් එකට මයෙ හිතේ....
      එහෙම නැත්නම් අපි වගේ යාළුවට අඳන්න වෙයි කියලද දන්නෙත් නෑ..
      අනේ අයියෙ උපදේශන සේවෙත් ඇති.. බොලා චිත්‍රයක් අඳින්නම් එපා.. මන් කොහොමෙයි ඒක පබ්ලිස් කොරලා රෙද්දක් ඇඳන් පාර් යන්නෙ ?
      සිකේ ඔය පරන කතන්දර නොදන්න අළුත් පරම්පරාවගේ සිත් දූෂ්‍ය කොරා නේද ? අනේ බෝ පැලයක් වගේ හිටි මන් ?!!

      Delete
    2. එපා කිව්වහම මන් හිතුවෙ එවයි මයි කියලයි..

      Delete
  26. Replies
    1. එවන්න එවන්න.. සාදරයෙන් පිළිගන්නෝඕඕඕඕඕඕ...

      Delete
  27. ayyawa mama kawadawath dakala nane........itin eka nisa pinthurayak adala ewanna widiyak ne..... :)

    ReplyDelete
    Replies
    1. හෆොයි.. ඔය කියවපු පෝස්ට් එකකින් සහ ඔය උපදේශන සේවාවකින් උපදෙස් ටිකක් අරන් අඳින්න..

      Delete
  28. මේකා ඇදුම් නැතුවනේ ඇඩ් එක හදලා තියෙන්නෙ.... චිකේයියා.... ඔය තනතුරට එන එකීට/එකාට දෙයියන්ගේම පිහටයි... හැබැයි අර රසට කන තැනින් කෑමනම් ලැබෙයි නේද වෙනී අයියේ...?

    ReplyDelete
    Replies
    1. කොඹල 7න් නේද ??? ඔව් ඔව් ඔව්..

      Delete
  29. හැම එකාම චිත්‍ර අඳින්න ගියොත් බලන්න එවුන් නැති වෙනවානේ. ඇඳපුවා බලන ටීම් එකට මම ජොයින් වෙනවා :D

    ReplyDelete
    Replies
    1. තන්තිරිමලේ ශෛලියෙන්වත් ඇඳලා ගමු... :)

      Delete
    2. රාමා කියන්නැහෙ අඳිමු හසිත වෙන ඉට්ටැයිල් එකකින්..

      Delete
  30. අනේ බොලව් මේ පාර බොට රැවුලත් නැතිව තමයි යන්න වෙන්නේ. කෙල්ලන්ගේ ෆොටෝ ඉල්ලන්නේ? බස් එකේදී ජැක් ගහන්න ගිහින් එක පාරක් දත් ටිකත් ගලෝගත්තා මතකද?
    (රහසින්, ඇත්තටම වෙනී අයියේ ගෑනු ළමයි පින්තුර එව්වැයි?)

    ReplyDelete
    Replies
    1. ගලෝ ගන්නම ගිහින් බේරුනා..
      රහසින් චික් තාම එකක්වත් නෑ අෆ්ෆා..

      Delete
  31. ඇත්තටම මේක මර ලිවිල්ල

    ReplyDelete
    Replies
    1. කෝ ඉතින් සිත්තරෙයක් ?

      Delete
  32. මූ සිත්තර විකුනලා කසාදයක් කරගන්න යන්න වගේ හදන්නේ...

    ReplyDelete
    Replies
    1. හනී මගේ අව්‍යාජ, නිර්මල, නොකැලැල් ප්‍රයත්නයට ලෝකයා හදන කයි කතන්දර හැබෑටම.. හුහ් කතන්දරයක් ලියලා එවන්න කීවනම් මේ ගොල්ලො පෝලිමට සිත්තර ඇඳලා එවයි..

      Delete
    2. එක ගලෙන් කුරුල්ලො දෙන්නයි..!!

      Delete
  33. ඔන්න අනං මනං ඕන නැහැ මගේ චූටි දුවා ඇන්ද වෙනිවැල් මාමාව ..
    http://dl.dropbox.com/u/13450271/personnal/mina/IMAGE0007.JPG

    ReplyDelete
    Replies
    1. ඔව් චූටි දුවා හම්බ උනානෙ එදා සයිබර් ෆෙස්ටිවල් එකේදි.. තාමත් මගේ ගත්ත හොඳම ෆොටෝ වලින් එකක් ඒක...තැන්කූ දුවාටයි තාත්තටයි දෙන්නටම..

      Delete
  34. මමත් සිත්තර අන්දවගන්නේ කුලී පදනම මත..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් අර අපේ හෙන්රි කියලා තිබ්බනෙ..එක චිත්‍රයක කුලිය කීයද දන්නෙ නෑ..

      Delete
  35. කාලෙත් එක්ක ලංකාවේ චිත්‍ර කලාව ටිකින් ටික වෙනස් උනා. ඉස්සරහට එන කාලේ නම් නරක එකක් වේවි වගේ... :)

    ReplyDelete
    Replies
    1. ආ ඉන්ඩකෝ දිනේශ් මල්ලි අපි චිත්‍ර කලාව පියවරෙන් පියවර ස්ටෙප් බයි ස්ටෙප් නග්ගලා ගන්ඩයි ගන්නෙ...

      Delete
    2. කෙහෙල්කොටුවෙන් චිත්‍ර කලාව නැංවීමට ගත් උත්සාහයන් දෙකක් මෙතැනින් බලාගන්ඩ

      පතිවත චිත්‍ර ප්‍රදර්ශනය
      http://www.cyberyaya.blogspot.com/2012/04/13.html

      නෙක්ටෝ චිත්‍ර තරගය
      http://www.cyberyaya.blogspot.com/2011/08/blog-post_25.html

      Delete
    3. ඉතීඊඊඊඊන් අපි ඔව්වා නේන්නම් කොපි කලේ...

      Delete
  36. ලියන්නා මේ පාර මලවගන්නයි හදන්නේ......
    අහින්සක අ.පේ.

    ReplyDelete
    Replies
    1. බලමු බලමු නේද අහින්සක..

      Delete
  37. ගෑල්ළමයින්ට විතරයි නේද?

    අර අළුතින් බ්ලොග් ලියන්න පටන් ගත්තු රංග ගේ ආච්චිත් චිත්‍රයක් එවයිද මන්දා?

    ReplyDelete
    Replies
    1. නෑ නෑ කතා පිරිමි ළමයි ෆොටෝ නො එව්වට කාරි නෑ කියලයි කීවෙ..
      හැබෑටම රංගගෙ ආච්චි දැනටමත් එව්වද මන්දා.. මට මතකම නැති උනා නොව ඔය කතාව.ඕන් මන් අද බුදුන් වඳිද්දි කතා ඉන්න පැත්තටත් වැන්ඳා මේක මතක් කරලා දුන්නට.. එවපු සිය ගානක ෆොටෝ ෆොටෝ ශොප් වැඩ්ඩෙකුට දුන්නා හදපු එව්වද බලන්න..

      Delete
  38. චිත්‍රයක් ඇඳලා එවන්ට බෑ. ඕනේ නම් ෆොටෝ එකක් එවන්නම්.:D:D:D

    ReplyDelete
    Replies
    1. අන්න බලන්න පොඩ්ඩි විතරයි මේක තාමත් හරියාකාරවම කියවලා තියෙන්නෙ..තැන්කු පොඩ්ඩි..

      Delete
  39. Replies
    1. අපේ චින්තක ගත්ත ෆොටෝ එක.. මන් හිතුවා ඕක ගන්න කොට සුවර් එකටම ඔය ෆොටෝ එක තාප්ප වල බිච්චි වල එහෙම ගහයි කියල..

      Delete
  40. අපොයි මටනම් චිත්තර බැරියෝ :D

    ReplyDelete
    Replies
    1. බෑයි කියලා බෑයි කියලා බෑ ගිම්හානි..

      Delete
  41. ඔන්න එකක් මේල් කරා.....

    ReplyDelete
    Replies
    1. ආවෙ නැද්ද මන්දා ? නැත්නම් අර ප්‍රංශ වගේ ඊ මේල් එකද ?

      Delete
  42. චිත්‍ර අඳින්න මෙන්න වෙනි අයියේ ලේසිම ක්‍රමේ.. ට්‍රයි කරලම බලන්න

    http://sithumpethum.blogspot.com/2012/07/blog-post_15.html

    ReplyDelete
    Replies
    1. තැන්කූ මල්ලි, දැන් සහායිකාවක් බඳවා ගත්තහම මන් මේ ලින්කුව දෙන්නම්..

      Delete
  43. බලහං අයියේ ඕං මමත් එකක් එව්වා ! ලුණු පොල්කට්ට යටිපැත්ත හරවල ඒකට උඩිං තීන්ත ගල්වෙච්ච හැරිස් බුරුසුවක් තියල. හෙහ් හෙහ් බලහංකො හොඳද කියල

    ReplyDelete
    Replies
    1. කෝ බන් ආවෙ නෑනෙ නවමො.. මන් කීප පාරක්ම බැලුවා..

      Delete
  44. චිත්‍ර ඇදලා තරග වලට දානවා නම් කියන්ට,,වෝට් කරන්න එහෙම තියනවා නම් බුඩ්ඩි දන්නවා ඔය චන්ද ගැන හොදට

    ReplyDelete
    Replies
    1. තරඟ නෑ ඩිලා මල්ලි.. මේ පෝස්ට් එකම රෙදි ගලවගෙන කොපියක් ගැහුවෙ එතනින්ම තමයි...

      Delete
  45. හහ් හහ් ආතල් වැඩේ තමයි එකත්.

    ReplyDelete