මා දුටු ලියන්නා මාතෘකාව යටතේ තවමත් සිත්තර ලැබෙමින් පවතින බැවින් එම සිත්තර සියල්ලම සති අන්තයේ පල කිරීමට තීරණය කලෙමි.
තැනකින් තවත් තැනකට යනවා කියන එක හැමවිටම තරමක් අමාරු කාර්‍යයක්. මෙතනදි තමන්ගෙ වැඩ කරන කාර්යාලය වෙන්න පුළුවන් නැත්නම් තමන්ගෙ පදිංචි වෙලා ඉන්න ස්ථානය වෙන්න පුළුවන්. මං තුමා මේ දවස්වල මූණ දීලා ඉන්නෙ ඒ අමාරුතම කාර්යයට තමයි. අවුරුදු 5ක් විතර එකම තැන රැඳිලා හිටි ඇනෙක්ස් එක ආයිමත් නිවාස හිමියට ඕනි කියලා කිව්වහම මන් දන්න කියන හැමදෙනාටම කීවා තැනක් තියේ නම් කියන්න කියලා..පණිවිඩේ දුටු විගසම දුරකතනයෙන් කතා කරලා තමන් දන්න තැන් කීව අය සහ හොඳ තැනක් සොයලා දෙන්න උනන්දු වෙච්ච අය බොහෝයි. ඒ අය වෙනුවෙන් කෘතඥතා පූර්වක හැඟීමක් හිත ඇතුලෙ තියෙනවා ඕන්..ඉතින් එහෙම පණිවිඩ ආපු කීප තැනක්ම බලන්ඩත් ගියා.
ඒ අතරින් මන් කාලෙකට ඉස්සර ආර්ථික අතින් උනත් දැනට වඩා අමාරුකම් තීබ්බ කාලෙක අවුරුදු තුනක් විතරම නැවතිලා හිටි තැනට එන්නයි කියලා මගේ මිතුරෙක් කීවා. ඇත්තටම මට ඒ ප්‍රදේශය හරියට ගම වගෙයි. ඇත්තටම ගමක අසිරිය තාමත් රැඳිලා තියෙනවා.ඒ වගේමයි නෑදෑයෙක් ඥාතියෙක් නොවන යාළුවෙක් වෙච්ච ඒ පවුලෙන් මට ලැබිච්ච සැලකිල්ල..අද වගේ මතකයි. ඒ කාලෙ වෙන කොටත් මගේ තාත්තා නැති වෙලා නමුත් අම්මා හිටියත් මන් මේ යාළුවගේ අම්මටයි තාත්තටයි කතා කලේ අම්මෙ , තාත්තෙ කියලයි.. පුදුම ආදරණීය බැඳීමක් තිබුනා..ඒ සහෝදර සහෝදරියොත් ඇත්තටම මාව සැලකුවෙ ඒ අයගෙම සොයුරෙක් විදියටම තමයි. ඒ කල්දිමත් මන් හිතුවෙ සංසාරෙ කොයියම්ම කාලෙක හරි මන් අපි හැමෝම එක පවුලක ඉන්න ඇති. නැතිනම් එහෙම වෙන්නෙ කොහොමද ? ඉතින් ඒ වගේ තැනකට ආයි යන්න ලැබුනහම හිත හිතා ඉන්නෙ කවුද ?.
නමුත් අපිට තැනකින් තැනකට යන කොට මේ දැනෙන හිතේ අමාරුව මොකද්ද ? ඒ තමයි ඉන්න තැන ගැන අපේ හිතේ තියෙන මිහිරි මතකයන්..මාව බලන්න තමන්ගෙ පවුලට එකතු කර ගත් අළුත් සාමාජිකයාත් එක්ක ආපු මගේ යාළුවො දෙන්නට කීවෙත්
"මට මෙතන දාලා යන්න දුක නෑ.. ඒත් මේ ලැසී, කුකී , බ්‍රවුනි බල්ලො ටික දාලා යන්ඩ වෙන එක තමයි දුක"
කියලයි. ඊට අමතරව මේ අවට ඉන්න යාළුවො යෙහෙලියො.. මගේ බ්ලොග් පෝස්ට් වලට අමුද්‍රව්‍ය සපයපු මේ සියල්ලන්ගෙන්ම මන් ටිකක් ඈතකට යනවා කියලා හිතෙන කොට හ්ම්ම්ම්ම්ම්ම්ම්ම් ලොකු හුස්මක් පපුවට ඇදෙන්නෙ නොදැනුවත්වමයි.. ඒත් කවදා හරි මෙහෙම යන්ඩ වෙනවාමයි.. ටික කලයක් එතන ඉන්නකොට ඒ පරිසරයට මාව දියවෙලා පත්තියම් වෙයි.. ආයිමත්.. මේ පරිසරයේ ඉඳන් ලීවා වගේම සිය දහස් ගානක් ලිපි වලට අමුද්‍රව්‍ය ඒ පරිසරයේ තියේවි..
පහු ගිය දවස් ටිකේම බඩු අස් පස් කරන කොට තමයි මට තේරුනෙ ඇත්තටම මන් කොයිතරම් දේවල් නම් අනවශ්‍ය විදියට ගොඩ ගහන් ඉන්නවද කියලා.. ඇත්තටම ඒ පොඩි පොඩි දේවල් ඒ වෙලාවෙ යම් තැනකට එකතු කරන කොට ඒ වෙලාවෙ ඒ පොඩි දේට ලොකු වටිනාකමක් තිබ්බා.. අද මේ වෙලාවෙ ඒක කුණු ලොරියට පටවන්න සූජානම් කොරලා තිබ්බට.. හොඳම නිදසුන තමයි මගේ මේ සීඩී ගොඩ..
පරන ෆිල්ම්, සොෆ්ට්වෙයාර්..ආදී දේවල්.. ( අනේ වැල නෑ...) ඒවයෙ ඒ කාලෙ ලොකු වටිනාකමක් තිබ්බ නිසා එකතු කර ගත්තා.. නමුත් කලෙක්ශන් එක අප්ඩේට් කර ගෙන නම් නෑ.. ඒත් මේ තෑගි ඔතපු කොල, කැඩිච්ච රිමෝට් කන්ට්‍රෝල්.. කම්පියුටර් කෑලි නම්.. අනේ මන්දා ?
කොහොම හරි සෑහෙන්න කප්පාදුවක් දමලා තමයි ඉතුරු වෙන බඩු ටික අරන් යන්නෙ..දැනටමත් විසි කරන්න ගොඩ ගහපු දේවල් ටිකක් මේ..
තව පැක් කරන්න දේවලුත් ගොඩක් තියෙනවා.. ටිකින් ටික එකින් එක හෙමිහිට කරනවා. යාළුවො දෙතුන් දෙනෙක්ම උදව්වට එන්න ඇහැව්වත් මට යන්න තව දින කීපයක් තියෙන නිසාමත්.. මට හෙමිහිට මේ තියෙන දේවල් වලින් ඕනිම දේවල් විතරක් නිවීහැනහිල්ලෙ තෝරා ගන්න ඕනි නිසාමත් මම ම වැඩේ කර ගෙන යනවා...
ඔය අතරේ ඊයේ රෑ නිවෙස් හිමියා තමන්ගෙ තීරනෙ වෙනස් කරලා මට ආයි තව මාස 6කට ඉන්න කියනවා.. අයියෝ සොරි ඩොට් කොම් තමයි...දැන් නම්... මන් දැන් යාළුවට එනවා කීව නිසාත් මන් දැනටමත් පුරුදු වෙන්න මානසිකව ඒ පරිසරයේ සැරි සරන නිසාත් මන් ස්තූතිපූර්වකව ඒ යෝජනාව ප්‍රතික්ශේප කලා.
"කමක් නෑ ඔයාගෙ කැමැත්තක්. අපි මෙතන වෙන කාටවත් දෙන්නෙ නෑ. ආයි එනව නම් එන්න"
කියපු ගෙවල් අයිතිකාරයා ගැන මට හිතුනෙ අපරාදෙ මට යන්ඩ කියන්ඩ ඉස්සෙල්ලා ඒ ගොල්ලොම තව දුර දිග කල්පනා කලා නම් මොකද වෙන්නෙ.. දැන් පරක්කු වැඩී.. හැබැයි ඒ කතාවෙන් මට තේරෙන්නෙ මන් කොයිතරම් මෙතන හොඳට හිටියද කියලයි. කිසිම ගැටුමක් නැතුව අවුරුදු පහක් එක තැන ඉන්නවා කියන්නෙ..මහ ලොකු දෙයක් නෙවී වෙන්න ඇති..ඒත් මන් දන්නවා ගෙවල් හිමියන් සහ කුලී හිමියන් අතරෙ වෙන ගැටුම්. නමුත් මෙතන ඒ අය මට සැලකුවෙ පවුලෙ අයෙක් වගේමයි. ඒ නිසාම මමත් කිසිම දෙයක අඩුපාඩු හොයන්න ගියේ නෑ, මගේ පාඩුවෙ හිටියා.
අළුත් තැනට.. අළුත් තැන කීවට මට කාලෙකට ඉස්සෙල්ලා හොඳටම හුරු පුරුදු තැන..ගිහින් ටික කාලයක් යනකන් මෙතන ගැන හීන පෙනෙන එක නවත්තන්න බැරි වේවි.. ලැසියා , කුකියා සහ බ්‍රවුනියා.. රූබියා සහ ස්ට්‍රෙන්ජර්.. බලන්න එනවා නිතරම.. එහෙම හිතා ගත්තා..
ඒත් හිත රිදුම් දෙනවා.. තුවාල වෙලා නම් නෙවෙයි..
දැනටමත් ලැසීට තේරිලා මන් යනවා කියලා. මන් බඩු පැක් කරන කොට උළුවස්ස උඩට ඔළුව තියා ගෙන මන් දිහා දුකින් වගේ බලා ඉන්නවා..
මෙහෙම තමයි ජීවිතේ.. එනවා...ඉන්නවා... යනවා... ඉපදෙනවා...ජීවත් වෙනවා... යන්න යනවා.. හැමදේකම තියෙන පොදු ස්වභාවය..ඔය අතරේ දුක් විඳිනවා..සැප විඳිනවා..ඒවත් අතිවිඳිමින් ජීවත් වෙනවා...
කියවල එන්නම් කමෙන්ට් කරන්න.
ReplyDeleteඔහොම තමයි වෙනී අයියා, දුකයි තමා හිටපු තැන, පුරුදු තැන දාල යනකොට. සැලෙන්න එපා. අළුත් ජීවිතේ අලුතෙන් පටන් ගන්න.
Deleteශුවර්ද අතන වැල නෑ කියල. ඔය කිව්වට මට නම් සැකයි. :)
අපොයි එතන ඒවා නෑ.. ඒව ඇයි විසික් කරන්නෙ ?
Deleteකවද හරි හැමදේම දාල යන්න වෙනවනේ...ඒ හින්ද ඒකට පුරුදු වෙලා තියන එක කෝකටත් හොඳයි.
ReplyDeleteනිතර නිතර තැන් වෙනස් කලා නම් මේකට පුරුදු වෙයි වගේ...
Deleteඔව්වානං මොනවද වෙනී අයියා... අපිත් ඔය බෝට්ටුවේ තමා.. මුලින්ම ගෙදරින් පිට හිටියේ පොලිසියේ රස්සාවට..එයිටත් පහු කුරුළු හමුදාවේ රස්සාවට.. අන්තිමට ගෙදරින් යන්නම ගියා..
ReplyDeleteපන්සලේ හිටියා..එතනිනුත් යන්න ගියා... ඊට පස්සේ හිටියා බෝඩිමක... එයින් පස්සෙ ගෙවල් කුලියට අරං ඉන්න ගත්තා.. මේ ඉන්නේ එහෙම ගත්ත තුන්වෙනි ගෙදර... මමත් හිටිය එක තැනකවත් අයිතිකාරයෝ තරහ කරං නැහැ... එකම දේ වෙලාවට ගෙවල් කුලී ගෙවන එකයි. අයිතිකාරයෝ ගැන අරක මේක හොයන්න නොයා ඉන්න එකයි.. එච්චරයි...
අපිට තියෙන ලොකුම අවුල මේ බඩු එහෙ මෙහෙ අදින එක තමා... ඔය හින්දමයි මං පුළුවන් තරං දේවල් අඩුවෙන් ගන්නේ...
(උඹ කිව්වා හරි අතන වැල නැහැ තමා..මොකද ඔය තියෙන්නේ විසි කරන ගොඩනේ... උඹ ගෙනියන්න ගත්ත ගොඩේ බඩු ඇති පරවේසමට..)
ඔව් මාත් එක කාලයක් තිබ්බා.. බැග් දෙක තුනකින් ශේප්.. දැන් ලොරියකට බඩු..
Deleteමමත් මේ ළඟදි අවුරුදු හතරක් හිටිය කාමරේ මාරු කළා.. මේවයෙ ඉන්නෙ අද එන හෙට යන නේවාසිකයො හින්දා මගේ එතන හිටපු කා එක්කවත් සැළකිය යුතු ඇයි හොඳයියක් තිබුනෙ නෑ.. ඒත්.... මට එතන් දාලා එද්දි වෙනි අයියා කියන අපහසු තාවය දැනුනා.. මිනිස්සු වෙච්ච අපි හිස් බිත්ති එක්ක උනත් බැදීම් ඇති කර ගන්නවා...
ReplyDeleteමම හිතුවා ලැසිය, කුකියා..... කට්ටිය වෙනි අයියගෙ කියලා.. උන් අයිති කාරයගෙද ?
සුබ ගමන් !
ඒ බල්ලො ටික මගේ නෙවෙයි .. අයිතිකාරයින්ගෙ.. මන් ගමේ ගෙදර ඉන්න කාලෙ ඇරුනහම ඊට පස්සෙ බල්ලො හදලම නෑ...
Deleteහ්ම්ම්ම්... යනවා එනවා.. ජීවිතේ හැටි තමා..
ReplyDeleteහ්ම්ම් හ්ම්ම් ඕවා ඕම තමයි..
Deleteමමත් 2007 ඉදලා ඉන්නෙ තැන් තැන්වල. පවුලක් විදියටත් කුලී ගෙවල් වල හිටපු කාලයක් තිබුනා. ඇත්තටම ටිකක් අමාරුයි තමයි ඉන්න තැන දාලා යන්න. ඒත් වෙනි අයියේ “ගියොත් ආ හැකිය. නොගියොත් එන්නට වෙන්නේ නැත. එන එක හොදය. ඒ නිසා යන එක හොදය“ග ජය...!
ReplyDeleteයන එක හොඳය.. නියම කියමන..
Deleteඅර හාඩ් ඩිස්ක් එක ගත්තා නේද..? :) සුභ ගමන් ලියන්නා...
ReplyDeleteලොවෙත් නෑ....
Deleteඒක මුලින්ම පැක් කරගත්තා.. ස්ස්ස්ස්ස් කට කට.. ඕවා ප්‍රසිද්ධියෙ අනහවද මල්ලි හැබෑටම.. මේ බුද්ධි මල්ලිලත් ඉන්න අව් අස්සෙ..
Deleteබලන්න බලන්න මොනවත් එහෙම අමතක වෙලාද කියලා
ReplyDeleteතාම පැක් කරනවා ඩිලා මල්ලි මාසෙ 26 වෙනකන් යන්ඩ පුළුවන්.ඒත් ඊට දවසකට දෙකකට කලින් යන්නයි ඉන්නෙ..
Deleteඔව්ව ඔහොම තමා මචෝ මේ පන්චස්කන්දෙම දවසක දාල යනවා නම් බෝඩිම මොන කජ්ජක්ද ?
ReplyDeleteඔව් අප්පා ඒ උනාට අපි තාම පෘතග්ජනයො නෙ.. ටිකක් දුක් වෙන්නත් කැමතී.
Deleteහැම දේකින්ම ඈත් වෙලා යන්නම වෙනවනේ ඉතින්..
ReplyDeleteඑදාට නම් දුක් වෙන්නෙ අහල පහල ඉන්න අය තමයි..
Deleteඅපි කොහොමත් ඉන්න ආවෙ නෑනේ. එනවා යනවා .... ඕක තමයි හැටි
ReplyDeleteඑනවා යනවා ටික කාලයක් දුක් වෙනවා..
Deleteඅඩේ වෙනී අයියා අර L.C.D ටීවී එකත් විසික්කා කොරනවැයි?????
ReplyDeleteඇඩෙනවා..
ඒ හිස් පෙට්ටිය විතරයි.. ඒ මගේ මොනිටරයෙ පෙට්ටිය. මොනිටර් එක ඒක ඇතුලට දාන්න බෑ .. පෙට්ටිය කැඩිලා...
Deleteවෙනී අයිය කියපු බඩු ලිස්ට් එකේ ෆොටො අඩුයි වගේනේ...
ReplyDeleteපැක් කරපුවා ෆොටො දැම්මෙ නෑ.. තාම ඒවා ගොඩ ගහලා තියෙන්නෙ..
Deleteදැන් ඉතින් වෙනදාටත් වඩා ලස්සන පෝස්ට් ලියවෙයි අලුත් අත්දැකීම් එක්ක.
ReplyDeleteමට මතක් උනේ, 'ඉක්මණින් ගියොත් ඉක්මණින් ආපහු එන්ට පුලුවන් වෙයි' කියන කියමන. :)
ඔව් ඔව් ඒ ගමක පරිසරය ලියන්න හොඳ උත්තේජනයක් වෙයි අනිවා..
Deleteඅහිකුණ්ඨක සංසාරේ කිව්වලු
ReplyDeleteහරියට හරි..
Deleteමේ වෙනකොට මම හතලිස් තැනක ඉඳලා තියෙනවා. උඹට වගේම මගේ හිතේ ලොකු දුකක් තියෙනවා එකතැනක දාල ආපු කුක්කා ගැන.. මන් එනකොට ඌ අඬපු විදිහ මගේ හිතේ තාම මැකිලා නැහැ..
ReplyDeleteඔව් අයියෙ.. ඒ තැන් වල ඉන්න මිනිස්සු ගැන එච්චර පැහැදීමක් නැතත්.. ඒ වගේ තිරිසන් සත්තු ගැන තමයි දුක..
Deleteඋඹේ ලමා සමාජෙම තමා වෙනි අයියේ තාම මමත් ඉන්නේ හැබැ ඉක්මනට බලකොටුවක් අටවගන්ඩ තමා කල්පනාව..පරන නමුත් නැවතත් නැවුම් වන අලුත් නවාතැනට සුබාසිරි ලැබේවා
ReplyDeleteඔව් ඔව් අහල පහලටනෙ එන්නෙ..
Deleteකවදාහරි අපට මේ පංචස්කන්ධය කියන බෝඩිමත් දාලා යන්ඩ වෙනවා. ඊට කලින් ගන්න තියෙන දේවල් ටික අස් කරගෙන තියාගන්ඩ ඕනා...
ReplyDeleteඅර සීඩී ගොඩේ වැල සීඩි ටික කෝ ?? ඒවා ගෙනියන මල්ලට දාගත්තද !
ඒ ටික ඒ කාලෙම විසි කරා..
Deleteඋඹට සුබ ගමන් වෙනී මස්සිනා. කුණුගොඩා ආයෙම බලපං. යන තැනත් දන්න කියන තැනක් වෙච්ච එක ලොකු දෙයක්. එතන ඉන්ටනෙට් පහසුකම් ඇති නේ?
ReplyDeleteඅපි ගෙයක් යන්තම් අටවගෙනත් තවම කුලියට ඉන්නවුන් බං. ඒකෙ ජීවත් වෙන්න වාසනාවක් කවදා ලැබෙයිද දන්නෙ නෑ.
උඹ අර නුවනක්කාර වැඩ තුනම කරලා නෑ නේ?
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
ඔව් ඔව් ඩොන්ගලේ වැඩ සිග්නල් හොඳයි..වැඩ තුන ?
Deleteතව ටික දවසක් තියෙනවා ඇත්තටම මාරු වෙන්න..
1.කසාදයක් බඳින එක
Delete2.කබල් වාහනයක් ගන්න එක
3.ගෙයක් හදන්න පටන් ගන්න එක
:) henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
@හෙන්රි,
Deleteතමන් අමාරුවේ වැටුනා මදිවට මේ අහිංසක වෙනීත් අමාරුවේ දාන්නද හදන්නෙ?
එක කෙසේ වෙතත් දෙක තුන නම් කොටි වලිගෙ අල්ලගත්තා වගේ තමයි..
@වෙනී,
බලාගෙන පරිස්සමෙන්..
@හෙන්රි,
Deleteතමන් අමාරුවේ වැටුනා මදිවට මේ අහිංසක වෙනීත් අමාරුවේ දාන්නද හදන්නෙ?
එක කෙසේ වෙතත් දෙක තුන නම් කොටි වලිගෙ අල්ලගත්තා වගේ තමයි..
@වෙනී,
බලාගෙන පරිස්සමෙන්..
මමනම් වැඩිම වුනොත් එක බෝඩිමක ඉදලා තියෙන්නෙ අවුරුද්දක වගේ කාලයකකේ නිසා කිසිම තැනකින් වැඩි දුකක් නැතුව ආවා.ඒත් ඔච්චර ෆිට් එකේ ඉන්න සත්තු දාලා එන්නනම් දුක හිතෙයි මටත්.
ReplyDeleteඈහ් අයියේ අර මොනිටරෙත් විසි කරන්නද...:P
ඒ මොනිටරේ පෙට්ටිය විතරයි නංගි..යන තැන බල්ලො බලල්ලු නෑ.. පාරෙ යන එකෙක්වත් යාළු කරගන්ඩ ඕනි
Deleteවෙනී අයියගෙ බම්බු කැමරාවයි, ලැප් එකයි, ඇන්ඩ්‍රොයිඩ් එකයි ඔක්කොම දාල යනවලු මෙතන.
ReplyDeleteහැබැයි වැල සීඩී ටිකනං ඉස්සෙල්ලම පැක් කරගත්තලු.
ඔය කී එකේ අනිත් පැත්ත තමයි උනේ ප්‍රසා..
Deleteමොනව උනත් නිතරම ඉන්න තැන් මාරු කලා නම් අනවශ්‍ය දේවල් එකතු වීම නැති වෙනවා:)
ReplyDeleteඔව් ඒ කතාව නම් හරියට හරි.. අපිට් කොහෙන්ද බූල් බල්ලො..අහුවෙච්ච තැන ඉන්ඩ පුළුවන් කාලෙයක් ඉන්නවා...
Deleteමමත් කොච්චර තැන් ගොඩක ඉඳලා තියෙනවද? මට ගොඩක් ම දුක හිතුනෙ කුරුලු හමුදාවේ අපේ නිවස්නයෙන් පිටවෙන මොහොතේ.
ReplyDeleteවෙන තැන් වලට නැවත ගිහිල්ලා බැලුවත්, එ මොහොතේ පිටවුනාට පස්සෙ සිවිල් පුරවැසියෙක් හැටියට ආය මට කවදාවත් ඒ තැන දකින්න ලැබෙන්නෙ නෑ කියලා දැනෙද්දි මාර දුකක් ඇති වුනා.
ඒත් මක් කරන්නද? අර උඩින් ඇනෝ කිව්වා වගේ අපිට අයිති කිසිවක් නෑ නොවැ.
ඔව් බුද්ධි මල්ලි, සමහර තැන් දාලා යන්ඩ වැඩියෙන්ම දුකයි තමයි..
Deleteයන්නෙ පරණ තැනකට නම් ඔව්ව මොනාද වෙනී අයියා...
ReplyDeleteඔව් ඒත් අළුත් තැනත් හොඳට හිටි නිසා..
Deleteදුක් නොවී ඉන්න වෙනි අයියා අලුත් තැනට ගිහින් ටික දවසක් යද්දී ඔය දුක අඩු වෙනවා.බැරිද බල්ලෝ ටිකත් අරන් යන්න?
ReplyDeleteමොනා වුනත් දුක කියන දෙ ටික දවසකින් අමතක වෙනවා බල්ලන්ටත් ටික දවසක් යද්දී ඔයා නැති එක ගානක් නැතුව යයි.
අනිවා මල්ලි කාලය තමයි දුක දිය කරන එකම බෙහෙත..
Deleteමොනව කරන්නද වෙනි අයියේ. බලමු එතෙන්ටත් ගිහිල්ල. අලුත් බ්ලොග්පෝස්ටු වලට හොඳ මාතෘකා තියේවි.
ReplyDeleteඑතරම් ප්‍රයෝජනයට ගන්නෙ නැති දේවල් උනත් අයින් කරනඑක අමාරු වැඩක් තමයි. ඒත් අවුරුද්දකට දෙකකට වරක් මාත් කරනව ඔය වැඩේ. නැත්තං අනවශ්‍ය දේවල් ගොඩගැහෙනව.
මන් මාසයකට සැරයක් වත් කරනවා ඒත්.. සමහර දේවල් විසි කරන්න හිත දෙන්නෙ නෑ..අන්න එහෙම එකතු වෙච්ච දේවල් තමා මේ..
Deleteඅපිත් අවුරුදු 3 හිටපු ගෙදර දාලා යද්දී දුක හිතුනා. අපිට බෝඩිමේ අංකල් යන්න කිවුවනේ.
ReplyDeleteමටත් මෙතන උනේ එමමයි.. පස්සෙ එයාලගේ තීරනෙ වෙනස් කලත්..
Deleteයම් ඊම් විතරක් ඇති ලෝකේ නැවතීමක් නෑ. හොඳ දෙයක්ම වේවා කියල පතනවා..
ReplyDeleteස්තූතියි ඔබේ පැතුමට !
Deleteහොඳ හුස්මක් අරන් සැහැල්ලු වෙලා අලුත් විදියට පරණ පෝස්ට් කෙරුවාව පටන් ගන්න..!
ReplyDeleteඔව් ඔව් ... ලොකු උවමනාවක් තියෙනවා ඒ කාලෙ වගේ කෙටිකතා කීපයක්ම ලියන්න..
Deleteමටත් බැරිම තැනකින් තැනකට යන්න. ලංකාවේ ඉඳලා මෙහෙ එද්දී වගේම මෙහෙ ඉඳලා යද්දිත් මට ඒ ගතිය තිබ්බා..
ReplyDeleteඔව් ඒත් සමහර අයට නම් ඒක ගේමක් නෑ..
Deleteඔබට සුභ ගමන් හ්ම්ම් :)
ReplyDelete
ReplyDeleteමං මේ නොදන්නකොමට අහන්නෙ
ඔය අනේ වැල නෑ කියන්නෙ... ඇයි ඒ සී ඩී ගොඩ අස්සෙ වැවිල තිබුණු වැලට මොකද වුණේ අයියෙ??
ඔය යන තැන ජාල පහසුකම් තිබේවා!!!
බ්ලොග් එකක් තාබුණා දැයි අමතක වී යන ආකාරයේ භූමි දෝෂ නොතිබේවා!!!!
සුබ ගමනක් වේවා!!!
හික්ස්.. ඔය ෆොටෝ එක මූනු පොතේ දමලා මන් ඔළුවෙන් හිටන් කීවත් ඔය කතාව පිලිගත්තෙම නෑ .. ඒකයි.
Deleteස්තූතියි
අළුත් නවාතැනේ දුක්කරදර නැතිව සතුටින් සමාදානයෙන් ඉන්න පුළුවන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..
ReplyDeleteමේ හිටියා වගේ යාළුවො ගොඩක් අළුත් තැනේදිත් හම්බ වෙලා අපිට ඒ ගැන කියවන්නත් හැකියාව ලැබෙන්න කියලා ඕන්න මම පඬුරක් දැම්මා තැපැල් පෙට්ටියට..(ළග පාත වෙන පිං පෙට්ටියක් තිවුනේ නෑ අෆ්ෆා)..