ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Friday, August 17, 2012

උඹ පොන්නයෙක් !


පින්තූරය ගත්තේ...
http://www.featurepics.com



"උඹ නපුංසකයෙක්"

දිනා ගත නොහැකි වාදයක සුදත් තම අනිතිම තුරුම්පුව විය හැක්ක මා වෙත දමා ගැසුවේය.

මාගේ ශරීරය පුරා ලේ ගමන වැඩිවී කන් රතු වෙනවාත් සමඟම හිඳි අසුනෙන් නැගිට්ටුනේය..

අප සාකච්ඡා කරමින් සිටියේ දේශපාලනය පිළිබඳවයි. රටේ පැවති, පවතින සහ පැවතිය යුතු දේශපාලනය පිළිබඳ අප කීප දෙනා පැය ගනනාවක් සාකච්ඡා කරමින් සිටි අතර වාරයේ බියර් බඳුන් කීපයක්ද බෝතලයක්ද හිස් වෙමින් තිබුනි. 

සුදත් ගේ වදන් හමුවේ අන් සියල්ලෝම වහා නිහඬ වූයේත්..මුවඟට මද සිනා නගා ගත්තේත් ඊළඟ නිමේශයේ කුමක් වේදැයි යන්න පිළිබඳව සිතා ගත නොහීය. 

"උඹ පොන්නයෙක්"

මන් නපුංසකයෙක් නෙවෙයි පොන්නයෙක් නෙවෙයි  කියලා පෙන්නන්න නම් මෙතනම එක්කෝ කලිසම ගලවලා පෙන්වන්න ඕනි. නැත්නම් මූට මෙතනම .... ඕනි එහෙම උනොත් මෙතන කොළු කාරයෙක් වෙනවා.. නැත්නම් මුගේ ගෑනිට මහ වැඩේ කරලා පෙන්නන්න ඕනි. නැත්නම් ඒක එහෙම නෙවෙයි කියලා කොහොමද ඔප්පු කරන්නෙ?

මේ වෙනතෙක් අප කතා කරමින් සිටි මාතෘකාව ගැන මගේ  සාමාන්‍ය ප්‍රතිපදාව වූ නිහඬත්වය රකිමින් ඔවුන්ගේ ගැටෙන, බිඳෙන , ගොඩනැගෙන සහ යලි බිඳෙන තර්ක විතර්ක සියල්ල අසමින් ඒ ගැන සිතමින් නමුත් කිසිම විනිශ්චයකට නො එළඹෙමින් මේ සම්පූර්ණ කාලයම ගත කලෙමි. ඉඳහිට ඔවුන් පවසන අතීත සිදුවීමක නියම වර්ෂය හෝ පුද්ගලයකුගේ නියම නාමයක් මතක් කර දීමක් හැර මාගෙන් මෙම සාකච්ඡාවට එකතු වූ යමක් නොවීය. 

අතීතයේ දිනයක නම් මාත් මෙවන් සාකච්ඡා වලට ප්‍රබලවම සම්බන්ධ වූවත් පසුගිය වර්ශ කීපයේ සිටම මාගේ පුද්ගලික හේතුවක් නිසා දේශපාලනය යන මාතෘකාව මාගේ නිතර හිතන , පතන කථා කරන ජීවිතයෙන් බොහෝ දුරින් දුරස් වූයේ එම කාලය තුල මා වෙතින් විවිධ දේශපාලන මති මතාන්තර දරන සහෘදයන් තව තවත් මා ජීවිතයට ලං කරවමිනි. සජීවී ඇහුම්කන් දීම හැර මගේ කියා දේශපාලන මතයක් නොමැතිව සිටීම මා වඩාත් ප්‍රිය කලේ අතීතයේ මෙන් මාගෙන් දුරස් වන බොහෝ යහළුවන් වෙනුවට එම තත්වයේ හාත්පසින්ම වෙනස් වූ ප්‍රියජනක මිතුරු සමාගමයකට මා ඇද දැමීමට එය මහත් රුකුලක් වන නිසාය. ගොවියකු වූ මා පියාද සැමවිටම කියා සිටියේ කුමන දේශපාලන මතය දැරුවත් අපි මහන්සි වී අපේ ජීවිකාව සකසා ගතයුතු බවය. සමහර විට කුඩා කල සිටම එම හුරුව වෙනස් වෙමින් වෙනස් වෙමින් අද සිටින මෙම තත්වයට බලපාන්නට ඇත. 

එම නිසාම මෙම මගේ මිතුරු කල්ලිය මේ දක්වා කථා කල කොල , රතු නිල් , දම් දේශපාලනය පිළිබඳ මා හට ප්‍රකාශ කිරීමට කිසිම ස්ථාපිත මතයක් නැත.  උඹ මහ පොන්නයෙක් යනුවෙන් සුදත් හඬ නගා කියූවේ ඔහු නැගූ ප්‍රශ්නයකට මා දුන් අතර මැදි පිළිතුර නිසාය. සමහර විට ඔහු ඔහුගේ මතය සාධාරනීකරනය කරන පිළිතුරක් බලාපොරොත්තු වන්නට ඇත.

පොන්නයා හෝ නපුංසකයා යන්නෙන් හඳුන්වන්නේ ස්තී හෝ පුරුෂ නොවන එයට අතරමැදි තත්වයක සිටින කෙනෙකි. ඔහු ස්ත්‍රී හෝ පුරුශ කියා වෙන් කල නොහැකිය.

මද පමණින් මත් වූවද මා සිතට නැගුනේ සුදත් කී දෙය සම්පූර්ණ සත්‍යයක් නොවන්නේද යන්නයි. සැබවින්ම මා ගතින් එලෙස නොවූවත් දේශපාලන මතිමතාන්තර පිළිබඳව පොන්නයෙකි. පැහැදිලිව මේ යැයි කීමට යමක් නැත. සංකල්පීය වශයෙන් මෙතැනට මීට වඩා හොඳ වචනයක් නොමැත්තාසේය.

මේ සියළුම සිතුවිලි සිතට නැගුනේ ඇසි පිය හෙලන නිමේශයෙනි. මා දෙපැත්තේ හුන් දෙදෙනා මා නැගී සිටි හාම ඔවුන්ද යම් පහසු ඉරියව්වකට පැමිණියේ මා සුදත්ට පහර දේවියැයි සිතා වන්නට පුළුවන. මාගේ මුවඟට සිනාවක් නැගුනා මතකය. 

"මචන් ඔය බයිට් එක දීපන් මෙහාට.. ඕකෙ සේරම කජු ටික උඹලා කෑවද?"

බයිට් පිඟාන අතට ගනිමින් සිනාමුසු මුහුණින් මා සුදත් දෙසට හැරුනෙමි.

"මචන් සුදත් උඹ හරි මන් පොන්නයෙක් තමයි. ඇයි බන් මට කිසිම දේශපාලන අදහසක් නෑ ඒක එක පැත්තකින් පොන්න කමක් නේන්නම්"

සියල්ලන්ගේම සිනා හඬත් සුදත්ගේ විමතිය දනවන මුහුණත් මා අබියස තවමත් මැවේ.. මෙයම මීට වසර දහයකට උඩදී වූවානම් මෙම මිතුරු හමුව මෙතනින් අවසන් වන්නට ඉඩ තිබුනි. 

මා ගැන මටම පුදුමය. 

77 comments:

  1. ඕකට කියනවා පරිනත වීම කියලා!

    ReplyDelete
    Replies
    1. කශූ නාකි වෙනවයි කියන්නෙත් ඕකටම නම් මන් කැමතී නාකි වෙනවා කියන එකට..

      Delete
    2. කකා මම එකඅඅඅ කියන්නේ නැද්ද? :)

      Delete
    3. මල්ලි දන්නෙ නෑ කතන්දර තමයි මගේ බ්ලොග් එකේම මුල්ම කමෙන්ට් එක තිබ්බෙ :-D

      Delete
    4. මම ඒක දන්නෝ අයියගේ පෝස්ටුවකම තිබ්බේ

      Delete
  2. ඕක කාලයත් එක්ක වෙන් දෙයක් වෙන්න ඇති වෙනී අයියා. (මම කිව්වෙ වයස ගැන :)) මම නම් කවුරු හරි චැලේන්ජ් කරාම එළෝ එලෝ පස්සෙන් යනව. දැන් නම් මටත් හිතී ගෙන එන්නෙ ඒක මහ ගොන් කමක් කියල. (කකාගෙ පහුගිය පොස්ට් එකෙන් පස්සෙ කමෙන්ට්වලදිත් එහෙම කරන්නෝනි කියල මම හිතන් ඉන්නෙ දැන් නම්) හිනාවෙල කියපු එකා බලාපොරොත්තු වෙන්නෙ නැති උත්තරයක් දුන්නනම් වැඩේ එතනින්ම අහවරයි.

    ReplyDelete
    Replies
    1. එහෙම කරන එකෙන් කාටවත් අවාසියක් වෙන්නෙ නෑ නේද ?

      Delete
  3. "පොන්නයා" කියන වචනය කෙලින්ම යෙදෙන්නෙ ලිංගිකාර්ථයෙන්. ඒ වගේම පොන්නයා කියන්නෙ කුණුහර්පයක් නෙවේ. නපුංසකයා කියන්නෙ පොන්නයට කියන ඊට වඩා ශිෂ්ටසම්පන්න වචනයක්. මට මතකයි එකවරක් නන්දා මාලනීගෙ සින්දු "ගැහැණු හඬින්" ගායනාකල ගායකයෙකුව සුනිල් ආරියරත්න පොන්නය කියල ප්‍රසිද්ධ මාධයක හැඳින්වුවා.

    දේශපාලනිකව නම් මේකට වෙනත් වචනයක් පාවිච්චි කරන්න ඕන. මධ්‍යස්ථ මතධාරියා හරි ඒවගේ වචනයක් හරි දාන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ඔව් රාජ් ඒත් ඔය වගේ බර වචන පාවිච්චි වෙන්නෙ නෑනෙ මේ වගේ මිතුරු හමු වලදී..

      Delete
    2. 'උඹ මහ මධ්‍යස්ථ මතධාරියෙක්...'

      'මචන් ඔය බයිට් එක දීපන් මෙහාට...'

      :-)

      Delete
    3. මතධාරියකුගේ මධ්‍යස්ථ බව වැටෙහෙන්නෙත් ඒ ගැන අවබෝධයක් තියෙන කෙනෙකුට නේද තිසා.. මේ සෙට් එක ටිකක් අන්තගාමී අය..එහෙම කියලා ආශ්‍රය නොකර ඉන්ඩයෑ ආයි ?

      Delete
  4. එහෙමනම් ඉතිං තව කොච්චර ඉන්නවද ඒ වගේ... එහෙම බලාගෙන ගියොත් අයියේ ඕනේ විෂයක අපිට වැඩිය දන්න එකෙක් ගාව අපි පොන්නයෝ වෙනවනේ... මං එකඟ නෑ ඒ කතාවට....

    ReplyDelete
    Replies
    1. ඔව් ඔබට විරුද්ධ වෙන්න පුළුවන් මල්ලි. ඒත් මට වැඩියෙන්ම සතුටු ඔය වචනෙ එල්ලිලා මන් ඊයේ රෑ පාටිය විනාශ කොකරපු එක ගැන. සුදත් එහෙම කීවා කියලා මන් ඇත්තටම පොන්නෙක් උනා නම් තමයි මන් කලබල විය යුත්තේ..අනික් සෙට් එක ඌට උදේ බැනලා මට කෝල් කරලා සොරි කිව්වා බන් ඒකා.. පවු..කොහොමත් උගේ කටට බ්‍රේක් නෑ.. :-D

      Delete
    2. මං කිව්වේ අයියගේ තර්කේ ගැන විතරයි.

      Delete
  5. මෙහෙමයි වෙනී අයියෙ... එදා ඔයා ඒ අවස්ථාවෙ ඒක මැදහත් සිතින් ඉවසා වදාරල හිටිය නිසා අදත් ඒ මිත්‍ර කම තියෙනව ඇති.. ඒක ඔයාගෙ හිත හොද කම....
    හැබැයි ඒ මිත්‍රයා ඒ වෙලාවෙදි අයියව ආමන්ත්‍රණය කරන්ඩ පාවිච්චි කරපු වචනය හරියි කියල නං මමත් හිතන්නෙ නෑ.. අයිය ඒ වෙලාවෙදිත් මෛත්‍රිය පතුරවපු එකේ මම දැන් ඒව කතා කරල ඇයි එක අතකට අයියගෙ හිත දූෂ්‍ය කරන්ඩ වචනයක් හරි කියන්නෙ.. ඒ හන්ද මගෙ හිතේ ඇති වෙච්ච ගොඩක් දේවල් එහෙමම තිබුණ දෙං...

    ReplyDelete
    Replies
    1. ඊයේ රෑ උනේ නංගි, එතන උනේ ඇත්තටම මන් හිතන්නෙ සුදත් කීව දේ මන් හරියටම තේරුම් ගත්ත එක කියලයි මන් හිතන්නෙ. කවුරු හරි එහෙම කීවහම අපි හිතන්න ගන්නෙ අපේ ඔළුවෙ දැනටමත් තියෙන ෆ්‍රේම් එකක් අස්සෙන්. ඒ ව්නුවට කොයි තරම් දුශ්කර උනත් ඒ වෙලාවෙ ඒ සිද්ධිය ඇතුලෙන් බලන්න පුළුවන් නම් ගැටුම් අඩු වෙයි මීට වඩා මන් හිතන්නෙ. මේ වෙනකොටත් සුදත් කනගාටු වෙනවා එහෙම කී එක ගැන. මන් ගැටුමක් ඇති කර ගත්තා නම් ඒක මිනිහට තමන් කීව එක සාධාරනීකරන කර ගන්න හේතුවක් කර ගන්නත් තිබ්බා..

      Delete
    2. ඒ කතාවට නං එකගයි අයියෙ.. මං ඔහොම කිව්වට මට අම්බානක මල පනින දේවල් වුණාම මමත් කාටවත් හිතාගන්ඩ බැරි තරම් සාමාන්‍ය විදියට හැසිරිලා තියෙනව.. ඒකෙන් අපිත් චිත්ත විරේකයක් කරගන්නව මං හිතන්නෙ...

      Delete
    3. ඕං වචන - චිත්ත විරේක - !!!

      ලය විරේකත් තියන එකේ චිත්ත විරේක බැරි මොටද :-)

      Delete
    4. ඔව් මටත් ආස හිතුනා ඒ වචනෙට තිසා..

      Delete
  6. මොහොකටවත් නැති කුප්ප වැඩක් කරපු එහෙකුට බනින්න ගිහින් මට කියවුනා "පොන්න වැඩ කරන්න එපා ඕයි" කියල.. තේ කඩයක් කරන් ඉන්න, මටත් වැඩියෙ අවුරුදු කීපයක් වැඩිමල් බුවා කඩේට ගිහින් කට්ටිය ඉන්න තැනම අම්මට කියලා "___ මට පොන්නය කියල බැන්න" කියල..

    මම කියපු දේ ඌට තේරුම් ගන්න බැරි වුනා. හිතේ තිබුණු කේන්තියට ඌට තේරෙන විදියට මට ඒක කියන්න බැරි වුනා. දුකයි.. ඒක මට හොඳ පාඩමක් වුනා.

    ----------

    දේශපාලන මතයක් නොතිබීම පොන්න කමක් කියන අර්ථ දැක්වීමට මමත් එකඟ නැහැ.

    ReplyDelete
    Replies
    1. අපි සාමාන්‍ය පාවිච්චියේ තියෙන වචන සෙට් එක එහෙම්මම පාවිච්චි වෙන්නෙ නෑ මල්ලි ඔය කන බොන ඔය අගේ හොට් ටොපික් කතා කරන වෙලාවට..අපි එක එක්කෙනා දකින විධියේ වෙනස තමයි ලෝක චමත්කාරෙ වෙලා තියෙන්නෙ...ඒ වගේමයි දේශපාලන මතයක් නැති වීම අර්ථදක්වන්න සුදත් පාවිච්චි කලේ පොන්න කියන වචනය අපේ රාජ් කියනවා මධ්‍යථ මතධාරී කියන වචනය..ඒ වගේ එක එක වෙලාවලට ඒ ඒ කලාවලට ඔය මොන වචනෙත් දාන්න පුළුවන් කියලයි මන් හිතන්නෙ..හැබැයි දේශපාලන මතයක් නොදරන එකට පොදු අර්ථකතනය පොන්න කියලා නම් කියවෙන්නෙ නෑ..

      Delete
  7. වයසට යනකොට ඔහොම වෙනව වෙනී අයිය... ඉස්සර වගේ මටත් අතපය විසිකරන්න හිතෙන්නෙ නෑ දැන්... හැබැයි උඹ තරම් නම් නාකි නෑ අයියෙ :)

    ReplyDelete
    Replies
    1. නාකි වෙන එක හිතුව තරම් නරක දෙයක් නෙවෙයි කියලයි මට නම් වැටහෙන්නෙ..

      Delete
  8. පරිනත බව එහෙමත් නැතිනම් මම දකින විදියට සොඳුරු පලිගැනීමක් කියන්නේ ඔය වගේ දේකට. සමහරු විවේචන වලදී කලබල වෙන හැටියි භාවිතයේ යෙදෙන විදියයි දැක්කම සමහර විට දුක හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. අඃ කියන්න අමතක වුනා.. වයසත් එක්ක සමහරු පරිනත වෙද්දී සමහරු වයසට කලින් පරිනත වෙනවා. සමහරු පරිනත වෙන්නෙම නැති තරම්.

      Delete
    2. අනේ මන්දා මමත් ඉන්නෙ ඔය පරිනත වෙන්නෙම නැති ගොඩේ තමයි සුවර් එකටම..

      Delete
    3. මගෙ කමෙන්ට් එක වැඩියෙන්ම ගැලපෙන්නෙ මෙතනට කියල හිතුනා. මේක පාපෝච්චාරනයක්ද කියලත් හිතෙනවා.
      මායි මගෙ මචං කාරයයි ගනිමුකො. අවුරුදු 10-12 දි පවා මගෙ මචං කාරයා හරිම නිවිච්ච පොර. වලි බේරනවා. ඉවසනවා.
      ඒකට මම ඒකෙ අනිත් පැත්ත.

      ටීනේජ් කාලෙදිත් මචං කාරයා අරවගෙ. හරිම නිවිච්ච, කල්පනාකාරී බුද්ධිමත් පොර . මම මෙහෙම කලොත් මොනවගෙ ප්‍රතිඵලයක් ඇතිවෙයිද කියලා හිතනවා.

      මම කුලු හරකා වගෙ. වලි හොයාගෙන යනවා. අනුන්ගෙ ඒවටත් ගිහින් හොම්බ දානවා. පාරෙ යනකොට සෙට් එකක් පාරෙ කොනේ ඉන්නවා වගෙ දැක්කොත් දැන්නම් පොඩ්ඩක් මගෑරලානෙ යන්නෙ. ඒ දවස් වල එතනින්මයි යන්නෙ, යන ගමනුත් අරුන් දිහා රවාගෙන යන්නෙ. එතකොට බොහෝවිට අරුන් අහනවා,
      " මොනාද ඩෝ බලන්නෙ?"
      "උඹේ ලස්සන බැලුවෙ, ඇයි මොකෝ?"
      ඔන්න ඔය වගෙ ගොං හරකා මම.

      පස්සෙ පවුල්කාරයො උනාම. මචං කාරයා එදා වගේමයි. කලින් තිබ්බ නිවිච්ච ගති වලට අමතරව පංසලුත් යනවා.
      මම ඉස්සරට වැඩිය හොඳයි. වලි හොයාගෙන යන එක සම්පූර්ණයෙන් නැවැත්තුවා.ඇඟට ආවොත් විතරක් අරින්නෙ නෑ.

      මුහුකුරා ගිය වැඩිහිටියෙක් වුනා කියමුකො. මචං කාරයා ජීවිතයම වැයකරලා තියෙන්නෙ අනුන් වෙනුවෙන්. අන්තිම ධාර්මික සත්පුරුශයා. මටත් බණ දහම් ගැන කියන්න ට්‍රයි කරනවා.

      මම තැන්පත්වෙන්න උත්සාහ කරනවා. සෑහෙන දුරට හරි. මෙහෙ උගන්නලා දැන් කුණුහරපයක් කිව්වත් ඉස්සරවගෙ ප්‍රතික්‍රියා දක්වන්නෙ නෑ. අනිත් උනුත් කියනවා මම හරි කූල් ගයි කියලා. මමත් සමහර වෙලාවට අනිත් උන්ට ඉවසීම ගැන දේශනා පවත්තන්නත් යනවා අමතක වෙලා. නමුත් හිටපු ගමන් නොහිතපු වෙලාවට අර නිදා කොටියා ඇහැරෙනවා. හොඳම දේ මේ ලඟදි සුපර් මාකට් එකකදි කැෂියර් කෙල්ල මට උත්තර දීපු රූඩ් විදියට මම මුදල් නෝට්‍ටු දෙකෙන් දමා ගැහුවා කවුන්ටර් එක දිහාට. මගෙ පුතා ඇහුව පසෙ ගෙදර එන ගමන් " ඇයි තාත්තෙ ඔයාට ඒකට ඔච්චර කේන්ති ගියේ කියලා." මට ඇත්තෙන්ම ලැජ්ජත් හිතුනා බං.
      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

      Delete
    4. ලොකු වෙනසක් නෑ මගෙත් මහ හරක් විදියට කේන්ති ගිහින් නා ගත්ත ඒවා මතක් වෙනකොට නම් විලි ලැජ්ජාවෙ හතර හන්දි පන නැති වෙනවා හෙන් රි. ඒ අත්දැකීම් නිසාම වෙන්න ඕනි දැන් නම් අපි නොදැනුවත්වම වාගේ ක්ශනිකව හිතට එන ආවේගශීලී හැඟීම් ආවත් ප්‍රතිචාර දක්වද්දි තරමක් වෙනස් වෙන්නෙ..ඔෆිස් එකේදි මට කේන්ති ආවහම කරන්නෙ එක්ස්කියුස් කරලා බාත් රූම් එකට යනවා .. ගිහින් එද්දි වෙන විදියකට හිතලා..කේන්තිය වෙනස් වෙලා...

      Delete
  9. නිහඬව ඉවසලා නිසි අයුරින් පිළිතුරු සැපයීම තරම් ප්‍රශ්ණ විසදන්න හොඳ ක්‍රමයක් මම තවමත් දන්නේ නෑ...

    පාසැල් කාලයේ වහා කිපෙන සුළු මට ගෙදර සිදු වූ සිද්ධියක් නිසා ජීවිත කාලයටම කෝපය පාලනය කරගන්න සිද්ධ වුනා....

    අපරාදේ ඒ කාලේ ගිය කේන්ති ටික.... දැන් හිතෙන්නේ එහෙමයි....

    ReplyDelete
    Replies
    1. ඔව් අභියො මටත් අතීතෙ ගැන කල්පනා කරද්දි එහෙම හිතෙනවා..

      Delete
  10. කතන්දරගේ ගිය පාර පෝස්ට් එකේ ඔය වචනය නැවත, නැවත සඳහන් වෙලා තියෙන කොට තේරුම මොකක්ද කියලා හිතාගන්ට බැරි උනා.

    මිනිස්සු කියන ජාතියට එක අතකට පිස්සු නේද? නම් කියන්ට නම් හැමෝම හරි දක්ෂයි. කවුරු මොනවා කලාම කාටවත් මොකෝ? මට හිතෙන්නේ නම් එහෙමයි.

    ගොඩක් වෙලාවට නිවිච්ච අයට මේ වචනේ පාවිච්චි කරනවා ඇති කියලත් හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. කතන්දරගෙ ගොඩක් කමෙන්ට් අයින් කරලා තියෙනවා දැක්කා.. මන් හිතුවෙ මොකක් හරි කුනුහබ්බයක් කියලා තමයි. එක එක අන්ත වල ඉන්න අයට ඒ අන්ත වල නැති අය දකිද්දි එහෙමද මන්දා පේන්නෙ ? මාර දැක්මක්නෙ..

      Delete
  11. ගොඩක් වෙලාවට මමත් ඔය වගේ මද්‍යස්ථ ක්‍රමයක් පාවිච්චි කරනවා.

    මොකෙක් හරි එකෙක් මට හරි මම දන්න කියන එකක්ට හරි වෙන කාට හරි අසාධාරණයක් කලාම ඌට වෛර නොකර ඉන්න "නෑ ඌට එහෙම කරන්න උගේ පැත්තෙනුත් සාධාරන හේතු තියෙනවා" කියලා තරාදිය බැලන්ස් කරනවා. . .

    ඒත් එහෙම කරන්න ම බැරි උනු වෙලාවක පොඩ්ඩක් හරි මගෙ පැත්තෙනුත් කරන්න පුලුවන් දෙයක් කරලා සමාජයේ මිනිහෙක් විදිහට තව කෙනෙක්ට සුලුවෙන් හරි යමක් කලානේ කියලා හිත හදා ගන්නවා.

    (අසාධාරණයට එරෙහිව මරාගෙන මැරෙන කම් සටන් නොකර ඇඟ බේර ගන්නවා වගේ කියලාත් හිතෙනවා . . ඒත් . . )

    ReplyDelete
    Replies
    1. එකිනෙකාගෙ ඔය විවිධත්වය නිසා ම තර්ක විතර්ක වලට නොගියත් ගොඩක් අය ආශ්‍රය කරන්න කැමති හේතුවත් ඒකයි..

      Delete
  12. ඕකම වක්‍රාකාරයෙන් බ්ලොග් වලත් දකින්න තියෙනවා නේද? ඒ කිව්වේ කිසියම් මාතෘකාවක් ඔස්සේ වාද කරගෙන යන්න හදනකොට කියාගන්න දෙයක් නැතිකමත් එක්කම ඇති වෙන කේන්තියට වෙන්න ඇති වාද කරන මාතෘකාව පැත්තකින් තියලා වාද කරන පුද්ගලයාට අපහාස කරනවා. ඔහුගේ පවුල් ජීවිතේ ගැන ප්‍රශ්න කරනවා.
    හැබැයි ඉතිං ගහන්න ගහන්න වඳින පුරුද්දක්නං මට තාම නෑ. සමහරවිට වෙනී අයියාගේ වයසට එනකොට හරියයි! :D

    ReplyDelete
    Replies
    1. ඔව් බ්ලොග් කියන්නෙත් සමාජයෙ පැතිකඩක්නෙ..
      මගේ වයසට එන්න තව වැඩි කාලයක් නෑ නොවෙද මල්ලියෙ ?

      Delete
    2. හැබෑව එච්චර කාලයක් නෑ... තව අවුරුදු 40ක් විතර තමා තියෙන්නේ! :D

      Delete
    3. මල්ලි මාස 4 කියන එකට ඔන්න වරද්දලා දමලා.. අනේ මන්දා රෑට පූසන්ට හොඳට ඇස් පෙනෙනවළු.. ඒත් මේ පූසට ! :-D

      Delete
  13. ඕක තමා පිරිමියෙක් තත්පරයක් හරි නිහඩ කරවන්න පුළුවන් වචනය.. බල්ලෝ බුරති සඳ බැබලෙති කියල හිතුවම ඉවරයි..
    වෙලාවක් තියේනම් ඇවිත් යන්න එන්න. http://sudagesithuwillak.blogspot.com/ (සුද මල්ලිගේ හිඟා කෑම)

    ReplyDelete
    Replies
    1. තැන්කූ ලින්ක් එක දැම්මට.. අනිවා කියවන්න එන්නම් !

      Delete
  14. අපොයි වෙනියෝ බොලා හින්දා අපිටත් ඔය නාමේ වැටෙයි ඈ :D
    මටත් දේශ පාලන මතයක් නැහැ.හෙට යූ.ඇන්.පි ආණ්ඩුවක් ආවත් අද වගේම ආණ්ඩුවට බැන බැන ඉන්න වෙන්නේ අපේ රටේ උන්ට මොකද ඔක්කොම එකයි,පාටයි සලකුණයි විතරයි වෙනස්.

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි ඉන්න කෙටි කාලෙ දිනන්න බැරි දේශපාලනෙ වගේ දෙයක් ඔළුවෙ බර කරගෙන ඉන්න බෑ අෆ්ෆා..

      Delete
  15. "තොගෙ අම්මට හුකෝනවා"

    ඕක කොහොමද..? ඔය තමා මං දන්න තරමින් මිනිහෙක්ව කෝප කරවන්න පුළුවන් හොඳම වාක්‍යය සිංහල තේරෙන උන් අතර.. වෙන වෙන භාෂාවලින් උනත් ඕකම ඒ ඒ අයට කිව්වොත් මං හිතන්නේ ඕක ජාත්‍යන්තර සුපිරි වාක්‍යයක් වෙන්න ඕන...

    ඒත් ඕකට කේන්ති නොයන තරමට මට ඉවසියෑකි.එහෙම පුරුදු උනේ පන්සලේ හිටිය අවුරුදු පහේදිද.. නැහැ... හමුදාවට ගිය මුල්ම මාස හයේ... ඔය කෑල්ලට කේන්ති ගත්තනං සීයක් හමාරක් මරගෙන අපිටත් මැරෙන්න තමා වෙන්නේ... ඒ තරමට සාමාන්‍ය යෙදුමක්. එහෙම පුරුදු උනාට පස්සේ මොකා බැන්නත් කේන්ති නොගෙන ඉන්න මට්ටමටම සාමාන්‍ය තත්වයක් ඇති වෙනවා..ඒත්...

    ඉවසිය යුතු කෙනෙක් වෙනුවෙන් මිස ඉවසිය යුතු නැති කිසිම කෙනෙක් වෙනුවෙන් ඉවසන්න මට නං උවමනාවක් නැත. ඉවසිය යුතු කියලා කියන්නේ ඒ පුද්ගලයත් අනිත් අය වෙනුවෙන් ඉවසනවනං වරදකදී අතැර දැම්මැකි... හැබැයි අනිත් පැත්තෙන් ඔහොම කියන කෙනා නිතරම ඒ ජාතියේනං කිසිම අවුලක් නැතිව ඒ වචනය උගේ කරපිටම යන විදියට සරලව පැහැදිලි කරලා දෙනවා එච්චරයි.

    "පොන්නයා" කියන වචනය කෙනෙකුට ලොකු ප්‍රහාරයක් වෙන්න පුළුවන්..සමහර විටක කුමන හෝ අන්දමේ ශාරීරික දුබලතාවයක් ඇති හෝ උපතින්ම රැගෙන ආ වෙනස්කමක් නිසා. නමුත් ඕක ගර්හාවට පාත්‍රවිය යුතු දෙයක් නෙවෙයි.අපිට ඇස් දෙකක් තියෙනවා වගේම තනි ඇහැකි ති‍යෙන අයත් ඉන්නවා. ඇස් නැති අයත් ඉන්නවා ඒක අපහාසයට කාරණාවක් නෙවෙයි.

    කාලයක් බොහෝම තදින් කේන්ති ගත්ත මං දැනට ටික කාලෙකට කලින් උපරිම ඉවසන්න පුරුදු උනා.. ඒත් දැන් අවුරුද්දක දෙකක ඉඳන් මම ඒ ඉවසීම ටිකක් පාලනය කරන්න ගත්තා.. මෙතනදී ඉවසීම පාලනය කරන්න ගත්තා කියන්නේ උපරිම ඉවසන්න බලනවා කියන එක නෙවෙයි... ඉවසන්න පුළුවන් තරමට නොයා ටිකක් කේන්ති ගන්න උත්සහ කරනවා.. දැන් වෙනකොට ඒක ටිකක් සාර්ථකයි. මොකද උවමනාවට වඩා ඉවසීම හරහාත් මට නැති කරදර එන්න ගත්ත හින්දා. දැන් මං ඉවසීම අඩු කරලා ආයෙමත් අර ඉස්සර තරමටම නැතත් යම් තරමකට කේන්ති ගන්නවා. එහෙම නැතිව අපේ උදවිය එක්ක ඉන්න අමාරුයි.. මුං ඇවිල්ලා පෙනේ නොකලොත් නයාගෙන් දරමිටි බඳින උන් හින්දා...

    ඒත් පොන්නයා සහ අම්මට හුකෝනවා කියන වාක්‍ය වලට කරන්න පුළුවන් දෙයක්නං නැහැ...

    ----------------------------

    මධ්‍යස්ථ වීම පොන්න කමක්ද..? මධ්‍යස්ථ වීමට "පොන්න" කියන වචනය කිසි සේත්ම අදාල නැත.

    මධ්‍යස්ථ යැයි කියමින් පක්ෂග්‍රාහීව කටයුතු කරන උදවියටත්.. ස්වාර්ථය පිණිස මධ්‍යස්ථ වන අයටත්... ඔය වගේ වචනයක් යොදා ගැනීම තේරුමක් නැති දෙයක්. ඒකට ඔයිට වඩා ගැලපෙන වචනයක් සෙවිය යුතුයි.

    ඔය අහු අස්සේ මට මතක් උනා තව යෙදුමක්.. ඒක මේකට අදාල නැහැ ඒ තමා "සෙවලයා".. ඉස්සර බන්ඩාරනායක උන්නැහේටත් කට්ටියක් කියලා තියෙනවානේ "සෙවල බණ්ඩා" කියලා...

    ReplyDelete
    Replies
    1. මල්ලි කියන කතන්දරේ හරි..පක්ශග්‍රාහීව හරි ස්වාර්ථය පිණිස හරි මධ්‍යස්ථව ඉන්න අයට කියන්න වෙන මොනා හරි වචනයක් හොයා ගන්න වෙයි . එහෙම නොවී ඉන්න අයට තියෙන ලොකු ප්‍රශ්ණෙයක් තමා ඒ ගොල්ලො නොවන අයගේ නිහඬ කම ! තැන්කූ දිග කමෙන්ට් එකට.. කියවන අයට ගන්න ගොඩක් දේවල් තියෙනවා කමෙන්ට් එකේ. අපිට කොයි හමුදා පුහුණු ඉතින් ?

      Delete
  16. වෙනී අයියා පර්ණත වෙලා...
    ඒකනේ..

    ReplyDelete
    Replies
    1. කට්ටිය කියන්නෙ නම් නාකි වෙලා කියලයි..

      Delete
  17. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න ඇනෝ ඔබ ඔය නම් දෙක සඳහන් නොකලානම් ඔබ කී දේ යම් සත්‍යයක් තියෙනවා..

      Delete
  18. එය වචනය ඉස්සෙල්ලම බ්ලොග් වල ලියුවේ මමයි සුමිත් නිරිඇල්ලයිද

    ReplyDelete
    Replies
    1. මල්ලි මන් දුටුවෙ නෑ ඒ කමෙන්ට් එක මීට ඉස්සෙල්ලා..සමාවෙන්න දුටුව නම් මීට කලින් මකනවා.. මගේ බ්ලොග් එක කාටවත් රණ්ඩු වෙන තැනක් නෙවෙයි මලයො..

      Delete
    2. මම රංඩුවට ආවා නෙමෙයි අයියා ,මේ දවස් ටිකේ වෙච්ච දේවල් ඔයා දකින්න ඇති මයේ හිතේ,මම කූම්භ ලග්නේ හින්දද මන්දා දුහන පුරැද්දක් නැ.

      වරදක් උනානං සමාවෙන්න ,ඔබතූමා මහත්මයෙක් බව මම දන්නවා

      Delete
    3. මල්ලි රණ්ඩු වෙන තැනක් නෙවෙයි කීවෙ මල්ලිට නෙවෙයි මගේ ආදරණීය ඇනෝට.. මේ දවස් ටික තරමක් බිසි උනත් මන් දුටුවා ඒ සිද්ධිය..

      Delete
  19. ඕවා සීරීයස් ගන්න නරකයි. ඇමරිකන් කාරයෝ කතා කරන්නෙම "මදර් ෆකර්" දාලමයි. අපේ රටෙත් මුඩුක්කු වල ඕකේ සිංහල එක සාමාන්‍ය ව්‍යවහාරයෙත් තියෙනවා. තැනේ හැටියට ඇනේ ගහන එක තමා කතා කියනවා වගේ පරිනත වීම කියන්නේ. අනික ඔය වචන පාවිච්චි කරන උන් බොහෝ වෙලාවට ඒ කියන දේ නියෝජනය කරනවා.

    ReplyDelete
    Replies
    1. එකත් ඇත්තයි.. මාතලන්ගෙ නැවත පැමිණීම අපිට හරි සතුටක් ! ආයි ගෙට් එකක් වත් තිබ්බොත් බොන්ඩ සෙට් වෙන්ඩ..!

      Delete
  20. ගනන් ගන්න එපා ඕවා

    ආශිර්වාද වේවා

    ReplyDelete
    Replies
    1. ඔබටත් ශාන්තියක්ම වේවා බමුණානෙනි...

      Delete
  21. පතෝලයා, සීතලයා, ගල් ආඳා, ලඟින් යන වචන නේද?

    මේ වෙනීගේ හැබෑ ස්වරූපයනම් Hats off Boss!!!

    ReplyDelete
    Replies
    1. හා ඔය තියෙන්නෙ සමාන පද..
      මේ සේරම දර්ශනේ පොඩ්ඩක් බීවහම තමයි තිසා..හැබැයි මෙහෙම එකක් නම් තියේ..මොනවා කලත් මට ආයි වෙලාවක් තියෙනවා ආපහු කල්පනා කරන්න.. ආවර්ජනය කරන්න.. ඒක ඔළුවෙ තියෙන නිසා.. කරන කියන දේවල් හෙමීට.. මොකද පස්සෙන් පහු මන්ම එපාය ඔව්වා ගැන හිත හිතා විඳවන්න..දැන් නම් බෙදා හදා ගන්න බ්ලොග් එකකුත් තියේ..තත්වෙ ඊට වඩා භයානකයිනෙ..

      Delete
    2. පොඩ්ඩක් පටලැවුණද මන්ද මම කියාපු දේ වෙනී...

      මම කීවේ උඹ මෙහෙම නිසොල්මනේ හිතන්න පුලුවන් කෙනෙක් නම් ඒකට මගේ ආචාරය කියල... - අර නාම විශේෂණ අදාල නෑ ඒ කොටසට... සොරි මචං... මම භාගෙට ලියල තියෙන්නේ

      Delete
    3. නෑ තිසා මන් ඒක හරියටම තේරුම් ගත්තා..

      Delete
  22. හොද ඉවසීමක් තිබිලා තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. වයසට යනකොට එහෙමලු දිනේශ් මල්ලි..

      Delete
  23. බ්ලොග් එකකදි ඔය වචනය පාවිච්චිකළේ මමයි අටම්පහුරයි කියන එක තමා නිල පිලිගැනීම. ඒත් ඊට කලින් "උදුල් ප්‍රේමරත්න පකයා සහ එස්. බී. දිසානායක පකයා" යනුවෙන් මාතෘකාව යෙදූ පෝස්ට් එකක් ටැබූ ලියලා තිබුණම ඒක කුණුහරුපයක් වුනේ නෑ. මොකද ඒක ලිව්වෙ ටැබූනේ.....අපේ අතින් සාදාරණ හේතුවකට මේ වගේ වචනයක් ලියවුනොත් තමයි ඒක කුණුහරුපයක් වෙන්නෙ....මොකද අපි ටැබූලා වගේ සිරා පොරවල් නෙවෙයිනෙ, අපි නිකන් හාල් කෑලි....

    මගේන් ඔය වචනය දෙවරකදි ලියවුනේ මෙතනදි ඒ වෙලාවෙදි ඊට වඩා නරක වචනයක් මගේ හිතට ආවෙ නෑ. නිකමට හිතන්න බලන්න මම එතනදී කෝප වීම සාධාරණ ද නැද්ද කියලා....

    ReplyDelete
    Replies
    1. එතන සිද්ධිය කියෙව්වා.. ඔය ඇනෝලා එක්ක මන් නම් පැටලෙන්න යන්නෙ නෑ සුමිත්..නමුත් යම් සත්‍යයක් තියෙනවා තර්කානුකූල යමක් තියේ නම් සහ ගත යුත්තක් තියේ නම් ඇනෝලගෙන ගන්නවා අනිවා. මගේ සිද්ධියේ දි ඒ සෙට් එක කවුද කියන එක එච්චරම වැදගත් නෑ. නමුත් ඒ අය බ්ලොග් කියවන්නෙ නම් නෑ. උන් දන්නවා මන් ළඟ කම්පියුටර් තියෙනවා කියලා එච්චරයි. ඒ නිසා මට වෙච්ච මේ සිද්ධිය සහ ඒ සිද්ධිය අතරෙ සම්බන්ධයක් නැති නිසාවෙන්ම මන් අර අටම් මල්ලි උත්තර දීපු ඇනෝගෙ කමෙන්ට් එකත් මැකුවා..යමක සාධාරනත්වයේ විනිශ්චය පුද්ගලබද්ධ කාරනයක් නිසා ඔබ ඇසූ ප්‍රශ්ණයට මට හරි පිළිතුරක් නම් නෑ සුමිත්.

      Delete
    2. මට ඒක තේරෙනවා....මේක ලිව්වා නෙවෙයි ලියවුනා...

      I'm sorry.....!

      Delete
    3. ඒක ගානක් නෑ සුමිත් අදහස් තියෙන්නෙ ලියන්න , හුවමාරු කර ගන්න... නේන්නම්..

      Delete
  24. අපිට රිද්දන්න හදන එවුන්ට දෙන්න පුලුවන් හොඳම දේ තමයි මල්ලි දීලා තියෙන්නේ ... පසුතැවිල්ල ...!

    ReplyDelete
    Replies
    1. ඒ වෙලාවෙ එහෙම හිතලා නොකෙරුනාට එහෙමම තමයි වෙලා තියෙන්නෙ ගාමිණි අයියෙ..

      Delete
  25. ලේසියෙන් කේන්ති නොයන මට ඊයේ කේන්ති ගිහින් හැසුරුණු විදිහ හින්ද පසුතැවීමෙන් ඉද්දි දැක්ක මේ පොස්ට් එක මටම ලිවුවද මන්ද.

    ReplyDelete
    Replies
    1. මහා ලොකු දෙයක් නූනට මේ එදිනෙදා මූන පාන්ඩ වෙන දේවල්ම තමයි මල්ලි..

      Delete
  26. යංතං බයිට් එක හින්ද බේරිල තියෙනව.

    ReplyDelete
    Replies
    1. බයිට් එකේ තිබ්බ කජු.Cashew nuts . කට්ටිය දන්නවා ඔය ටිකට හැමෝම පොර කනවා කියලා.. කොතනත් එමමයි..

      Delete
  27. මමත් ඉතිං වෙනි අයියා වගේ ඔවට කිසිදෙයක් නොකියා ඉන්නවා
    මම නම් වැඩ්හරියක් කරන්නේ උන් මරා ගන්න හැටි බැනගන්න හැටි දිහා බලා ගෙන හිනා වෙනවා
    උන් ඒ වෙලාවට පිස්සුවෙන් වගේ බැන ගන්න කොට කියන එවට බඩ අල්ලන් හිනා වෙන්න පුළුවන්

    ReplyDelete
    Replies
    1. ඔව් ජිංජි මල්ලි ඒක ඇත්ත.. මගෙත් ෆේවරි එක ඒකම තමයි. ඒත් මේ වගේ එහෙන් මෙහෙන් ගෑවිලා යන වෙලාවල් නැතුවාමත් නෙවෙයි..

      Delete
  28. තමුන්ගේ මතේට එරෙහි මත නොතිබිය යුතු බවත් දෙපැත්තටම නැති උන් මෙලොව වාසය නොකළයුතු බවත් බොහොම තරුණ කාලේ මාත් ඇදහුවා. ඒ උනාට පුත්තලම් බුරුවො දහදෙනෙකුගේ විතර වයස උනුත් එහෙම හිතනවානේ..

    ReplyDelete
  29. කල දේ හරි. නිකන් තේරුමක් නැති දෙයක් හින්දා යාලුවෝ නැති කර ගන්න ඕන නැහැනේ.

    ReplyDelete