"කොච්චර දැනුවත් කලත් වැඩක් නෑ..සර්පයෙක් කෑවහම කාපු සර්පයාව මරාගෙන එන්න ඕනි..එතකොට අපිට කෑවෙ මොකාද කියලා අඳුරා ගන්න පුළුවන්. ඊළඟට ඉන්ජෙක්ශන් දෙන්න ලේසි."
දොස්තර මහතා නුරුස්නා ලීලාවෙන් පවසමින් තමන් ලියූ තුණ්ඩුව හෙදි සොයුරිය අතට දුන් අතර නින්දෙන් අවදිවීම පිළිබඳ තවමත් අපහසුතාවයෙන් සිටි ඇය වහා යම් එන්නතක් ගෙන එය මා හට දුන්නාය. සර්පයා කෑ ස්ථානය තවමත් පිළිස්සෙන සුළු වේදනාවක් ගෙන දෙමින් ඇදුම් කයි
."ලෙඩා ළඟ කවුරුවත් නවතින්න ඔනි නෑ. උදෙන්ම එන්න බලන්න"
හෙදියගේ නියෝග නොතකා අදාල වාට්ටුවේ ඇටෙන්ඩන්වරයකුට යම් ගතමනාවක් ලබා දී මාගේ මිතුරකු මාළඟ නැවතීම මා හට ගෙන දුන්නේ ඉමහත් සහනයකි.
යහළුවකුගේ මල ගෙදරකට ගොස් ආපසු එනවිට කැලෑබද පාරේ සිටි යම් සර්පයකු දෂ්ඨ කිරීම නිසා මා අසල පිහිටි ආණ්ඩුවේ රෝහල වෙත ගෙන ආවේ මධ්‍යම රාත්‍රියද පසු වී මොහොතක් ගත වූ විටය..
"නිදා ගන්ඩ බලහන් මචන්.. තාම රිදෙනවද ?"
මාගේ මිතුරා කකුල අතගාමින් මාගේ ඇඳේ අසලම වාඩි වී සිටී.
"බය වෙන්ඩ එපා.. ඉන්ජෙක්ශන් එක ගහලා තියෙන්නෙ..විස බහී සුටුශ් ගාලා"
ඔහ් මා සනසන්නට කියයි.
"තාම ටිකක් රිදෙනවා මචන්..උඹත් ඔහොමම ඔය පුටු ඉඳන් නිදා ගනින්"
මාද වේදනාව සිතින් සමනය කර ගැනීමට උත්සාහ ගනිමින් කීවෙමි..
මාගේ සිතුවිලි මාගේ ළමා කාලය වෙත පියඹා යයි. ඒ පාසලේ හය වන පන්තියේ ඉගෙන ගන්නා කාලයයි. මගේ සගයා වූයේ අපගේ ඥාති සොයුරකුගෙ පුතෙකි. ඔහු මට වඩා අවුරුදු තුනක් පමණ බාලය. අප දෙදෙනා ඔවුන්ගේ නිවසේ සෙල්ලම් කරමින් සිට..අසල වූ කුඹුරු යායේ නියර මත හිඳ සරුංගල් ඇරීමට පටන් ගත්තා මතකය. නමුත් සරුංගලයඋඩට යැවීමට තරම් සුළඟක් නොතිබූ බැවින් අප දෙදෙනාටම එය එපා වී තිබුනි.
"අපි බතල පුච්චලා කමු"
අදහස මාගෙනි. කුඹුරු යායේ සශ්‍රීක ලියැදි මෙන්ම පාළුවට පුරන් වී තිබූ ලියැදි කීපයක්ම තිබුනි. ඉබේම වැල ගොස් ලියැදි කීපයක්ම වැසී ගොස් තිබුනේ බතල ගාලකිනි. මීට පෙර කීප වතාවක්ම අප මෙම බතල ගාලෙන් සමහර දිනක අපහේ කකුල් තරමේ විශාල බතල අල හාරා ගිණි ගොඩක් දමා පුළුස්සා කා ඇති නිසා අප දෙදෙනාම සරුංගල් පසෙක දමා නතල සෙවීමේ කාර්යයට අවතීර්ණ වීමු.බතල අල කීපයක් හාරා තිබියදීම එක් විටම මාගේ කකුල පිලිස්සී යන තරමේ වේදනාවක් ඇති වූයේ හාම මා කකුල දෙස බැලූයේ කකුල දිගේ සර්පයකු ඇදී එයි. කෑ ගසා ගෙන ඉවතට දිවූ මුත් ඒ වනවිටත් ඌ මාගේ වලලුකර සමීපයට දල පහර කීපයක්ම එල්ල කර ඇත. අපගේ ඥාති සොයුරා මා හනික ගෙදර රැගෙන ගියේ එසැනින් අම්මා බුලත් අතක්ද ගෙන සර්ප වෙද මහතා හමුවන්නට ගියාය. ඔහු ගමේම ප්‍රසිද්ධ සර්ප වෙද මහතාගේ බාල පුතායි.. ඒ වනව්ටත් මා උවමනාවෙන්ම සර්පයා අල්ලා කවා ගෙන ඇති නියායෙන් මා හට බැන වදිමින් සිටි තාත්තා දෙස බැලූ වෙද මහතා
"බැනලා ලෙඩාව කලබල කරලා ගොඩ ගන්න නම් බෑ මාමා යන්ඩ අහකට"
කකුල හොඳින් පරීක්ශා කර බලා,
"හ්ම්ම් සෙනසුරාදා දල එකහමාරක් වැදිලා තියෙන්නෙ.. කාල තියෙන්නෙ පොලොන් තෙලිස්සෙක් පාටයි"
දොඩම් කටුවක් ගෙන මා බෙරිහන් දෙද්දීම සර්පයා දෂ්ඨ කල ස්ථානය කඩා දුම්මලා දුම් අල්ලමින් යම් විශ අදින ගලක් තුවාලය මතින් ගෙන ගියා මතකය. මෙය පැය කීපයක් තිස්සේම කල අතර මාගේ කකුලේ වේදනාව අස්සේම මා හට නින්ද ගියේ දුම්මලා සුවඳත්, වෙද මහතාගේ මිහිරි ස්ත්‍රෝත ගායනයත් මැද්දේය.. අම්මා මා ඇහැරවා යම් බෙහෙත් කොල සහිත මැල්ලුමක් හා හොද්දක් සමඟ කෑම කැව්වා මතකයේ තිබෙන අතර ඒ වනවිටත් වෙද මහතා අප නිවසේ අන් අය සමඟ සුහද කතා බහක යෙදෙමින් සිටියේය. යම් පමණකින් අඩු වූවද කකුලින් නැගෙන වේදනාව නිසා කෑම පිරියක් නොතිබුන නිසා මා කෑවේම නැත.. නැවතත් වෙද මහතා තම කාරිය පටන් ගත් අතර මා හට නින්ද ගියේය. වෙද මහතා රෑ මැදියම් වනතුරුම මෙම විශ ගල මඟින් විශ ඇද්දීම කල බව පසුව මා හට කීවේ අම්මායි. සමහර අසාධ්‍ය ලෙඩුන් ළඟ රැය පුරාවටම මෙසේ ප්‍රතිකාර කරන බව ගම්මුන් පවසන්නේ වෙද මහතා පිළිබඳ ඇති ඉමහත් ගෞරවාදර භක්තියකින් යුක්තවය. දින දෙක තුනක් ඇවෑමෙන් මා හට හොඳින් ඇවිදීමට හැකි වූ අතර.. මා අම්මා සමඟ වෙද මහතා හමු වී බුලත් අතක් දී ඔහුට වැඳ නමස්කාර කලෙමි.
"ආයි එහෙම ඔය බතල ගාල් අස්සෙ රින්ගන්නෙ නෑ"
ඔහු මාගේ හිස අතගාමින් සෙනෙහසින් කී ආකාරය තාමත් මතකය.
අප දුන් බුලත් අත හැරෙන්නට කිසිම පඬුරක් ඔහු පිලි ගත්තේ නැත. ඒ ඔහුගේ හැටිය. ගමේ අයට වෙද මහතකු වූවත් ඔහු කුඹුරු යායක් අස්වද්දන ගැමියකු වූ බැවින් ඔහුට අඩු පාඩු නොවූ බව අපේ වැඩිහිටියන්ගේ කතා බහ තුලින් මා වටහා ගත්තේය. අද ඔහු ජීවතුන් අතර නැත. ඔහුගේ ඊළඟ පරම්පරාව වෙදකම ඉගෙන ගත්තේද නැත..ඔහු මිය යන තුරුම අහල ගම හතේම සර්ප දෂ්ඨනයට ලක්වූ බොහෝ අය ගොඩ දමා තිබුනි.. නමුත් ආණ්ඩුවේ රෝහල් වලට ඉන්ජෙක්ශන් එකක් පැමිණීමත් හාම.. ගම කැලෑ එලි වී සර්ප වාසස්ථාන නැතිවී ගොස් බෙහෙතකටවත් සර්පයකු සොයා ගැනීමට නොහැකි වීමත් සමඟම ඉහවහා ගිය මනුස්සකමින් පරිපූර්ණ මෙවන් වෙද මහතුන් අපගේ මතකයට පමණක් සීමා වීම සිදු වූයේ කාගේ අවාසනාවටදැයි මා හට තාමත් පසක් කර ගත නොහැක..අදද වෙද මහතකු ඇස ගැටුනහොත් හිඳි අසුනෙන් පවා ඉබේම නැගිට්ටවෙන්නේ මෙම සිද්ධීන්ගෙන් පොහොසත් වූ දිවිය නිසා බව නිසැකවම පැවසිය හැක.
පසු දින වනවිට මාගේ කකුලේ වේදනාව පහවී ගොස් තිබුනි.. ඉදිමුම තවමත් පවතී.. තව දින කීපයක් රෝහලේ නැවතී සිටීමට සිදු වන බව පැවසේ.
"ලියන්නා ඩොක්ටගෙන් ලියුමක් අරන් එන්න.. ඉන්සුවරන්ස් ක්ලේම් එක ගත්තහැකි නැවතිලා ඉන්න එක දවසට රු. 1500 ගානෙ ගෙවනවා"
කාර්යාලයෙන් නිවාඩු ඉල්ලීමට ගත් දුරකතන ඇමතුමට නිවාඩු ලිපිකරු මා දැනුවත් කලේය..
කාලය වෙනස්ය..
තාලය වෙනස්ය..
සිතට නිමා නොවන දුකක් දැනෙන්නේ සර්පයා දශ්ඨ කල නිසාම නොවේ..
:) 01
ReplyDeleteනියමයි...
Deleteමේ විදිහට දෂ්ට කල සර්පයා හඳුනා ගැනීම කලේ පණිවිඩය ගෙන එන්නාගේ දුත ලක්ෂණ සහ දෂ්ට කල දවස අනුව කියල මම කියවල තියෙනවා.
ReplyDeleteඔව් ඔව් එහෙම තමයි මමත් අහලා තියෙන්නෙ...
Deleteහ්ම්ම්ම්.. කාලෙ වෙනස්. වෙද මහත්තය කියන නම ඇත්තටම ඇහුනත් හිතට අමුතු හැඟීමක් තියනව.. සමහරු ගාව තියන ඒ කාරුණික බව අපි(මම කියන්නෙ අලුත් පරපුරේ අය) දැකල තියන්නෙ චිත්‍රපටියකින් එහෙමත් නැතිනම් ටෙලි නාට්‍යකින් වෙන්න පුලුවන්. ඒත් සැබෑ ජීවිතයෙත් ඒ අය ඒ වගේම ඉන්න ඇති කියල මට හිතෙනව. හිතට දැනුන ලිපියක් ලියන්න මහත්තයො...
ReplyDeleteඒ වගේ අය ගම් වල තාම ඇති සමහර විට..ඒත් මේ ආර්ථික ප්‍රවාහය එක්ක ඒ අය ගොඩක් පහල තත්වෙක තමයි ඇත්තෙ..නමුත් මනුස්සකම් වලින් ඉහලම තැනක..
Deleteදශ්ට කරපු සර්පයාව හොයාගන්ඩ පුලුවන් දූත ලක්ෂන වලින් !
ReplyDeleteඔව් ඔව් ඒක හරි දක්ශ ක්‍රමයක් නෙ...
Deleteඔය දූත ලක්ෂනේ බලන්නෙ කොහොමද අයියෙ?
ReplyDeleteදන්න කෙනෙක් ලියයි මන් හිතන්නෙ හරි.. අපේ වෙදනා මහත්තයා වත් හිටියනම්..හැබෑටම කෝ මේ අපේ වෙදනා ? බිසි ඇති මයෙ හිතේ...
Deleteඒ කාලෙ දක්ෂ වෙද්දු හිටිය තමයි. නමුත් ඒ අයගෙ අලුත් පරම්පරාව ඒක ඉගෙන නොගත්ත හෝ ඉගැන්නුවෙ නැති හින්ද දැන් ඉන්නෙනං බොහෝ විට පරම්පරාවෙ නම ගහගෙන ඉන්න හොර වෙද්දු. (හැමෝම නෙමෙයි)
ReplyDeleteඒක නෙමෙයි අර ඇඳල ඉන්න චිත්‍රෙ විදියට වෙනී අයිය උපන් ඇඳුමෙන්ද ඒ වෙලාවෙ හිටියෙ.
ඔව් ප්‍රසා මල්ලි, එහෙම තමයි උනේ..
Deleteඒ චිත්‍රයේ ඇඳුම් වගේ සොයුම් දේවල් ඇන්ඳෙ නෑ සම්භාව්‍ය චිත්‍රවල එහෙමයිනෙ..
මටත් කුණකට්ටෙක් දෂ්ඨ කළා දවසක්. එදා "අරවා" පාවිච්චි කරලා වැනි වැනි එනකොට තමයි වැඩේ සිත්ධ වුනේ.එවලෙනම් වැඩි අවුලක් නෑ, පැයක් හමාරක් ගියාම තමයි උඩබිම ඉන්න බැරිවුනෙ, ලතෝනි තිය තියා ඉදලා එහෙම්මම නින්ද ගියා. උදෙට බැලුවම කකුල බරවා හැදුන ගානයි.හැබයි කිසිම වේදනාවක් නෑ. බේතකුත් ඕන නැයි කියලයි හිතුවෙ. ඒත් මාමා කෙනෙක්ට වැඩේ ආරංචිවෙලා මට දෝස්මුරෙ දාලා එයාගෙ කැමැත්තෙන්ම බේත් හේත් කරලා සනීප කළා.(කුණකට්ටා දෂ්ඨ කළාම විෂ ඉවත් නොකළොත් පහුවෙනකොට පෙනීමේ දුර්වලතා ඇතිවෙනවලු)
ReplyDeleteසර්ප දෂ්ඨනය ගණන් නොගත්තට බූස්සෙ සිර කදවුරේ ඉන්න කාලේ සර්ප වෙදකමත් ඉගෙනගත්තා,(ඔය විෂගල හදන හැටිත් දන්නවා)ඔක්කොම විස්තර තිබුණෙ කවි සහ ශ්ලෝක වලින් තමයි.
තවමත් සමහර කවි පාඩම්....
අගහරුවා කූටකයා
දෙදල හමාරකින් කයා
දකුනෙන් කෑ කළ විෂයා
සත්දිනකින් මරු සිටියා....
දැන් ඒ පොත් මට වැඩක් නැති නිසා හිතවත් කෙනෙකුට දුන්නා.
අර චිත්‍රයේ "සර්පයා"නම් දුටුවෙමි.... හැදින්නෙමි.
ඒත් අර ළඝින් ඉන්න නිත්තෑවා වගේ එකානම් අදුනගන්න බෑ...
මඳවිශ සහිත සර්පයන් දෂ්ටයකදී උනත් ප්‍රථිකාර ගැනීම වැදගත්. මොකද සර්පයගෙ දත්වල විශබීජ තියන නිසා. මම දන්න තරමට කුණකට්ටගෙ විශබීජ වැඩියිලු.
Deleteආ සුමිත් මේ තියෙන්නෙ හොඳ විස්තරයක්..
Deleteනිත්තෑවා වගේ එකා ??? :-D
ඔව් රාජ් මාත් ඔය විශබීජ කතාව අහලා තියෙනවා..
සුමිත් කියන ඔය පොත පිටපතක් ලබා ගැනීමට හැකිද ? පුළුවන් නම් ඕනයා හරි ගොඩයා හරි දෙන්නට විස්තර දෙන්න.. මන් කියලා තියන්නම්... ලොකු උදව්වක් !!
Deleteකිරි සප්පයා @ අන්තිමපේළිය
සර්පයෙක් කාපු ලෙඩෙක් ඉන්නවා කියලා, වෙදමහත්තයට පණිවෙඩෙ දෙන්න එන කෙනාට හොඳවයින් කම්මුල් පාරක් දෙන කෙමක් තිබුනලු ඒ කාලේ. කමුමුල් පාරේ වේදනාව වැඩිනම්, විස අඩුවෙනවාලු. ඒ වගේ අද්දැකිමක් නැද්ද ලියන්නාට.....
ReplyDeleteවෙද මහත්තුරු වගේ අයව දැක්කම අපිවත් හිට්ටවෙනවා. හැබැයි අපේ මල්ලිලාව නං හිට්ටවෙන්නෙ නෑ තමා.
බුද්ධියො, බේතක් ගන්නවෙයි වගේ ඒකටනං!
Deleteබලා ඉන්න හොඳ වැඩක් නෙවෙයි. උඹලා තව ජීවිතේ පටංගත්තා විතරනෙ!
henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)
Dude ++++++++++++
Deleteඒ කම්මුලට ගහන එක මාත් ටෙලියක දැක්කා.. ඒත් අපේ අම්මගෙ කනට නම් ගහලා තිබ්බෙ නෑලු..
Deleteහෙන්රි සහ ප්‍රසා දීකිරට බලල්ලුත් සාක්කිලු.. :-D
ප්‍රසා ඩූඩ්,
Deleteඇයි ඕගොල්ලන්ගේ මල්ලිලාව මහත්තුරු දැක්කාමක් හිට්ටවෙනවද? :P
හ්ම්ම්ම්.. කාලය වෙනස්ය..තාලය වෙනස්ය..
ReplyDeleteදුකයි ඒ ගැන...
Deleteදූතයාට කම්මුල් පාර ගහන්නේ දූතයාගේ හිතේ තියෙන බය නැති කරන්ඩ. දූතයා හති දම දමා විස්තරේ කියනකොට කියන දේ වරදින්නත් පුළුවං. ඒ හින්දා තමයි දූතයාව පියවි ලෝකයට ගන්ඩ කම්මුල් පාර දෙන්නේ.
ReplyDeleteකාපු සර්පයා හොයන තව විදියක් තියෙනවා.
කරද ද මී පොතු එක්කර ගන්නේ
ඔළිද කොලත් සහ මුරුවට ගන්නේ
එකට කොටා ඔහුනට දීපන්නේ
පැණිරස නම් නයි විස දැනගන්නේ
කහට රසේ කරවලා කියන්නේ
තිත්ත රසේ තෙලිසා දැන ගන්නේ
........
ආ මේකත් හොඳ විස්තරයක් තමයි ස්තූතියි..
Deleteමාත් අහලා තියෙනවා මේ කම්මුලට ගහන කතාව.ටෙලි නාට්‍යයකත් දැකලා තියෙනවා....
ReplyDeleteනයියා දුටුවෙමි.අර වානරයා නොහැඳින්නෙමි.චිත්‍ර හැකියාව දිනෙන් දින දියුණු වන අයුරක් දුටිමි
හ්ම්ම්ම් ඒ වානරයෙක් නෙවෙයි අප්පා..
Deletehoda hoda wadane liyanna ayyatath wenne.........?
ReplyDeleteඔය පොඩි එව්වා..
Deleteබලංගොඩ පැත්තේ සර්ප විශේෂඥයෙක් තුවාල වෙලා හිටපු නයෙකුට ප්‍රතිකාර කරලා කැලේට නිදහස් කරන්න යද්දී ඒ නයාම දෂ්ට කරලා ඉස්පිරිතාලෙට ගිහින් නයෙක් කෑ බව කිව්වම, සර්පයා මරා නොගෙන ඒමේ වරදට ප්‍රතිකාර ප්‍රමාද කරලා ඒ මනුස්සයා මැරෙන්න ඇරියා.. ඒ වගේම හරියාකාරව ප්‍රතිකාර කරලා බේර ගත්ත අයත් ඕනි තරම් ඉන්නවා වගේම ඒකෙන් පෙන්නේ අනිත් හැමදේටම වගේ අදාළ තැන් වල ඉන්න මිනිස්සු ක්‍රියා කරන විදියෙන් ජීවිත වල පැවැත්ම තීරණය වෙන එක.
ReplyDeleteකොහොමටත් ලංකාවේ විෂ සහිත සර්පයෝ වර්ග ඉන්නේ කිහිපයක්ලු. ඒ කිහිපය අඳුර ගන්න මිනිස්සු පුහුණු කරනවානම් මීට වඩා හොඳට, දෂ්ට කිරීම් වලට ලක් වෙන අය බේරා ගන්නත්, නිර්විෂ සර්පයින් මිනිසුන්ගෙන් බේරා ගන්නත් පුළුවන් නේ.
මෙතන ලංකාවේ විෂ අධිකම සර්පයන් විශේෂ කිහිපය ගැන කියවෙනවා.
මටත් ඔය කතාවම ගැන වෙන්න ඕනි පොඩි මතකයක් තියෙනවා.. ස්තූතියි රාමා ලින්ක් එකට..
Deleteකාලය මැව් වෙනසක අරුමේ..
ReplyDeleteමනුස්සකම් වෙනුවට සල්ලි ආදේශ වෙන අරුමය !
Deleteතාම අපේ පළාතෙනම් සර්ප ව්ෂ වෙදකම නොනැසී තියෙනවා දෙයියන්ගෙ පිහිටෙන්.
ReplyDeleteඅහන්නත් සතුටුයි සිතුවම්..මාත් පත්තර වලින් එහෙම දැකල තියෙනවා ඒ වගේ වෙද පරම්පරාවල් තාමත් සේවය කරන..
Deleteබොරු මොටද අෆ්ෆා මම නම් ඔය සර්පයොන්ට මාර බයයි. කොටින්ම පත්තෑයෙක් දැක්කත් ඇති දුවන්න. (දෙතුන්පාරක් පත්තෑයො නම් දෂ්ඨ කරලත් තියෙනව) අපේ ගෙදරට ඔය සතෙක් හදිසියෙන්වත් ආවොත් ඉතින් තාත්තයි, අයියයි තමයි උන් එලවන්නෙ හරි මරන්නෙ හරි. ක්‍රියාන්විතේ ඉවර වෙනකම් මම කකුල් දෙකත් උඩින් තියන් ඉන්නෙ. :)
ReplyDeleteඅර ඇඳල තියෙන සර්පය නයෙක් වෙන්ටැ. එතකොට අර හිටගෙන ඉන්නෙ මොකාද? එයාටද අර තරු පේන්නෙ.
මාත් සර්පයින්ට තමයි වැඩියෙන්ම බය.. ඒ රෑ කියලා පෙන්නනයි තරු ඇන්දෙ
Deleteඅනේ මචං පෝස්ට් එක කියවන්න කලින් චිත්‍රය දැක්කා. හිතට ඇවිත් විතරක් නතර නොවී, කටෙනුත් පිටට පැනපු වාක්‍යය මේකයි.
ReplyDelete"අම්මට සිරි! ශුක්‍රාණු වැස්සක්!"
ඔන්න යනවා පෝස්ට් එක කියවන්න.
henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)
ඇයි අනේ මේ අහිංසකයට ඔහොම මඩ ගහන්නෙ. මට තාමත් හිනා. :D
Deleteඋඩට එන්න හදන මිනිහගෙ කකුලෙන් අදින්න එපා ඩියුඩ්. ශුක්‍රාණු වැස්සක් වගේ තමයි. ඒත් ඒක ලෝකෙටම කියන්න ඕන නෑනේ.
Deleteඒ ශුක්‍රානු නෙවෙයි බොල.. අර පන් ගස් ජාතියක් තියෙන්නෙ.. කොහෙද මෝල්ඩිව්ස් හිටියට ඕවා දැන් අමතක වෙලා ඇති..
DeleteDDT ඔෆිස් එකේ උනුත් මගේ හිනාවට ෆෝන් එකට එබිලා බැලුවා..
රාජ් මටද මන්දා සප් එක දුන්නෙ..තාම සැකයි..
චිත්තරේ හැටියට බතල ගෙඩියකට ද මේ නයා කොටලා තියෙන්නේ? ඩුඩ්.. ශුක්‍රානු වැස්සක්.. මේ මනුස්සයා එයාගේ එක දැම්මා විතරයි.
ReplyDeleteඔය ඩූඩ් කියන එකා දාන කමෙන්ට් ගනං ගන්න එපල්ලා.
Deleteසර්පයො ගැන මම කියවපු හොඳම, ජොලිම, ඒවගේම ගුණයෙනුත් ඉහලම පෝස්ට් එක මම බැලුවෙ අන්තිම පේලියෙ කිරිසප්පයා ලියපු එක. කිරිසප්පයාත් පට්ට භාණ්ඩයක්.
කියවලා බලන්න වටිනවා. උගෙ අවසර නැතුව මට පෝස්ට් එකේ වත් කමෙන්ට් වල ගිය තොරතුරුවත් උපුටලා දාන්නත් හිත දෙන්නෙනැති හන්දා මෙන්න ගිහිල්ලම බැලුවා නම්.
අපි සර්පයො අල්ලපු හැටි .
අඩේ කිරි සප්පයො. දාපංකො මේකට සර්ප කමෙන්ට් එකක්.
henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)
ඔව් ඉතින් ක්සැන්ඩර්ටත් අරාබියෙ කොහෙද පන් ගස් දකින්න..
Deleteහෙන්රි මටත් ඒ පෝස්ට් එක කියවන්න බැරි වෙලා. තැන්කූ තැන්කූ මෙතන ඒක බෙදා හදා ගත්තට..
වෙනි අයියට චුට්ටක් වැරදිලා ප්‍රතිවිශ එන්නත කිව්වට ඒක ඇඟට එන්නත් කරන්නේ නෑ.. සේලයින් එකට තමා දාන්නේ... අනික මොන සර්පයාව අරන් ආවත් දොස්තර මහත්තයා බෙහෙත් කල යුත්තෙ රෝග ලක්ෂන වලට.. මොකද ඔවැනි සිද්ධී වලදි සෑහෙන පැටලීම් වෙනවා.. හැබැයි සර්පයාව ගෙනාවද කියලා අහනවා... මම දැනට මේ හේතුවෙන් 2පාරක් රොහල් ගත වෙලා තියෙනවා නමුත් ප්‍රතිවිශ ලබාදෙන්න තරම් අමාරු උනේ නෑ.. හැබැයි මන් දැක්ක දේ තමා මේ සම්බන්ධව වෛද්‍යවරුන්ට තිබුන අඩු අත්දැකීම් ස්භාවය.. මොකද මාව බලන්න දොස්තරලා 10කට වඩා වාට්ටුවට හොයාගෙන ආවා.
Deleteප්‍රතිවිශ දීම ගැනත් කියන්න ඕනේ.. කොච්චර සර්පයා කෑවා කිව්වත් (දොස්තර ඉස්සරහදී දෂ්ඨ කලත්)රෝග ලක්ෂන මතුවෙනකම් ප්‍රතිවිශ ලබාදෙන්න වෛද්‍යවරයාට බෑ. රෝග ලක්ෂන මතුවෙලා - මැරෙනවා කියන කාලය ඇතුලත තමයි ප්‍රතිවිශ දෙන්නේ .. අවාසනාවට සමහර අය රෝග ලක්ෂන නොපෙන්වා හා පෙන්වීමෙන් ඉතා අඩු කාලයකට පසු ඉක්මනින් මිය යනවා. ඒ නිසා දැන් ගිය ගමන් රුධිර පරික්ෂාවක් කරනවා.
තව දෙයක් දැන් පොළොන් තෙලිස්සා(පොදුවේ කුණ කටුවා)උගු විශ කාණ්ඩේ දාලා තිබුනත්.. දශ්ඨන සඳහා ප්‍රතිවිශක් ලබා දෙන්නේ නෑ... එතැනදි වෙන්නේ රෝග ලක්ෂන සඳහා ප්‍රතිකාර කිරීමයි...
වෙදකම ගැන දැන් නම් කථා කරන්න අමාරුයි..ගුරු මුෂ්ඨිය නිසාම නැතිවෙලා ගිහින්.. අනික සර්පයෙක් කෑවාම පෙන්වන හුස්ම ගැනීමේ අපහසුව, හෘද ස්පන්ධන වේගය අඩාල වීම වගේ ලක්ෂණ මඟ හැරවීමට උපකරණ ඇත්තේ රොහලේ... ඒ නිසා රෝහල ඉදිරියෙන්...
කමෙන්ටුව දිග වැඩි නම් සමාව !! වෙනි අයියගේ කථාව නම් ලස්සනයි !! ඩූඩ් තමා මේ පිළිබඳ දැනුවත් කලේ ...
කිරි සප්පයා @ අන්තිමපේළිය
තැන්කූ තැන්කූ දැනුවත් කලාට.. මහ රෝහල් වල රෝග ලක්ශන මතු වෙනකන් ඉන්නවා බෙහෙත් කරන්න.. වෙද මහත්තුරු දූතයා දැක්ක ගමන් වෙදකම පටන් ගන්නවා.. මට නම් වෙද මහත්වරු කරන දේ තමා වැඩිය වටින්නෙ.. නමුත් ඒකට අද තැනක් නෑ තමා.. සේරම සල්ලි වලට ගිහින්...
Deleteසර්ප වෙදකම ගැන කතාකිරීමේදී නං ඉස්සර වෙදකමට වඩා ඉස්පිරිතාල වෙදකම හොඳයි කියල කියන්නම ඕන. මට මතකයි මගේ බාලාංශ ඉස්කෝලෙ (මම හිටිය අවුරුදු 6 ඇතුලත) තුන්දෙනෙක් මැරුණ ස්ර්ප දෂ්ටය නිසා. සර්ප දෂ්ටයේදී දෙන ඉන්ජෙක්ෂන් එක හරියටම නොදුන්නොත් ලෙඩා මැරෙන්නත් පුළුවන්. ඒකයි සර්පයා ගේන්න කියන්නෙ. කරුමෙට හැම වෙලාවකම ඒක කරන්න බෑ.
ReplyDeleteලඟදි පත්තරේක දැක්ක මරු සිද්ධියක්. ඉස්පිරිතාලෙකට ගෙනාපු සර්පයෙක් සහිත බෑගයක් කවුදෝ හොරාට ගෙනියල. ඇරල බැලුවම තරු පේන්න ඇති.
ඔව් රාජ් දැන් නම් ඉතින් ලේසියට පහසුවට ඉතින් මහ රෝහල්ම තමයි..පට්ට සීන් එක කාක්කට වෙලා තියෙන්නෙ..අපේ අම්මත් හොස්පිටල් නැවතිලා උන්නු වෙලාවෙ තේ අරන් එන්නම් කියලා ෆ්ලාස්ක් එක් උස්සන් ගිහින් තිබ්බා..
Deleteකතාව හොදයි..
ReplyDeleteසිත්තරේ හොදා.....යි
එලම තමායි එහෙනම් ...
Deleteඅපේ එකෙක්ගේ කකුලත් ඔය වගේ සර්පයෙක් කාලා අපි ඉස්පිරිතාලේ උස්සන් ගියා, බැලින්නං ගැරඬියෙක් කාලා තියෙන්නේ..ඌව පෑගිච්ච නිසා නිකං හූරලා..පස්සේ උගේ කාඩ් එක ඉතින් අහන්න දෙයක් නෑ නේ.."ගැරඬියා"
ReplyDeleteගැරඬි වර්ග කීපයක්ම ඉන්නවා..උන් නම් විස නෑ..ඒ උනාට හරි අප්‍රසන්නයි..
Deleteගැරඬි කාපුහාම අනික් සර්පයෝ කන්නේ නා කියන්නේ ඇත්තද වෙනී අයියේ
ReplyDeleteමාත් ගමේදී ඔය කතාව ඔය විදියටම අහලා තියෙනවා.. ඒත් ඒ කතාව ඇත්ත වෙන්න බෑ නේද ?
Deleteචිත්‍රයේ හැටියට ගහල තියෙන්නෙ තඩි නයෙක්... අර ලොකුවට පයන්නත් තියෙන්නෙ... හී හී හී........
ReplyDeleteහික්ස්.. ඒ ඇන්ඳෙ නම් වෙන සර්පයෙක්ව..ඒත් පයන්න නැතුව ඌ සර්පයෙක් වගේ නෙවෙයි නිසා ප යන්නක් දැම්මා..
Deleteදැන් ඉන්න සමහර ඩොක්ටර්ස්ලා ගාව නම් මනුස්සකම ගෑවිලාවත් නැහැ වගේ හැසිරෙන්නේ.මම ඒක අත්දැකීමෙන් දන්නවා
ReplyDeleteඔව් සමහරක්..ඒත් අනිත් අය හොඳයි ඒත් සල්ලි නිසාම අර අපි කිසිම ලාභ ප්‍රයෝජන නොවිඳපු වෙද මහත්තෙක්ගෙන් ගත්ත සේවෙ වෙනුවෙන් හිතේ නැගෙන ගෞරවය මෙතන ගොඩනැගෙන්නෙ නෑ..
Deleteකාලය මැව් වෙනසක අරුමේ කියල තමයි දැන් කියන්න වෙන්නෙ..
ReplyDeleteඔව් රූ සහතික ඇත්ත..
Deleteලියන්නා, දැකීම සතුටක් :)
ReplyDelete:-D
Deleteසිත්තර ඇදලා බුද්ධියට කෙලවන්ඩද තනන්නේ
ReplyDeleteආයි ඉතින් බුද්ධි කොහෙද මෙච්චර හොඳට චිත්‍ර අඳින්නෙ ?
Deleteඅපේ මල්ලි කෙනෙකුත් සර්පයෙක් කාලා නැති උනා අවු.7කට විතර ඉස්සර. එතකොට එයා 7 වසරේ. හැබැයි ඒ ගමේ ගොඩක් අය කිව්වේ වේද මහත්තයා ගාවට ගියානම් ඔහොම වෙන එකක් නෑ කියලා.
ReplyDeleteමොරහැල ගමකුඹුරේ වෙදමහත්තයා ඔයා දන්නවත් ඇති. එයානම් දෙයියෙක්. අපේ අම්මව සනීප කලෙත් එයා. පස්සේ කාලෙක හෝමාගම **වා ක්ලිනික් කියලා වෙද මුදලාලි කෙනෙක් හම්බ උනා. බුකින් 200යි. මාසෙකට කලින් බුක් කරන්න ඕනි. 2500ට අඩු බිලක් කවදාවත් නෑ. ලොක්කා ජේ.පී.කෙනෙක්. මුදු 15ක් විතරයි චේන් 4 විතරයි දාගෙන. ඒ මදිවට ගෑනිගේ ලොකුකම. ගමේ බයියලට රෙස්පට් තමා.
මන් හොඳට අහලා තියෙනවා මොරහැල වෙද මහත්තයා ගැන..සල්ලි එක්ක ආර්ථිකේට යට වෙච්ච අද ඉන්න බහුතරයක් වෙද මහත්තුරු ඒ වගේ තමයි.. ඒත් මේ කොළඹත් ඉන්න ඕනි ගුණ යහපත් වෙද මහත්තුරු අනිවාර්යෙන්ම..
Deleteමේ පාර මොන අලයක් ගලවන්ට ගොහින්ද දැන් ඕක වුනේ...
ReplyDeleteබතලෙයක් කරපු හදියක් නොවැ මල්ලි..ආ මේ ළඟදි සීන් එක නම් මොන අලයක්වත් ගලවන්න ගියේ නෑ.. පාර අයිනෙ ඉඳලා පෑගිලා ඌ දුන්නා වැඩේ..
Deleteහොඳ ලිවිල්ලක් වෙනී..! හිතටම වැදුනා..!
ReplyDeleteඅපේ වී පොකුරිගෙ සීයා කෙනෙකුත් ඉන්නව විශ වෙදකමට ප්‍රසිද්ධ ඒ පලාතෙ...එත් එතුමගෙ ලමයි ඔක්කොම රජයේ රස්සාකරන්නේ ..වෙදකම දන්නැහැ.
දැන් එතුමා හොඳටම වයසත් එක්ක මතකය අඩුයි..ඒත් තවමත් දුක්වෙනව සාසතරේ කවුරුවත් ඉගෙන ගත්තෙ නැති එකට ...!
ඔව් ඒ වෙදකම වැළලිලා යනවා වගෙයි මතත් තේරෙන්නෙ..අළුත් පරම්පරාව ඉගෙන ගන්නෙත් නෑ.. මන් හිතන්නෙ ඖෂධ පැලෑටි එහෙමත් අඩුයි දැන් ගම වල උනත්...
Deleteසර්ප වෙදකමට ඉස්සර තරම් තැනක් නැද්දෝ කියලත් හිතෙනවා..
ReplyDeleteඒක නෙමේ දැන් කොහේ නැවතිලයි මේ චිත්‍ර ඉගෙන ගන්නේ?
ඔව් දිනේශ් මල්ලි,
Deleteමේ බුද්ධි මලයගෙනුයි හෙන් රි අයිය ගෙනුයි කරදරේ අනේ එහෙ එන්න එහෙ එන්න කියලා.. මන් තාම තීරණය කලේ නෑ කොහෙටද යන්නෙ කියලා නම්..
කතාව අහලා බය හිතුනා. සර්පයෝ මම ආසම නැති සත්තු.
ReplyDeleteහැබැයි චිත්‍රේ ඉන්න එක්කෙනා නම් ලස්සනයි.:)
චිත්‍රයේ ඉන්න එක්කෙනා කීවෙ සර්පයාද පොඩ්ඩි ?
Deleteසර්පයා දුටුවාද කිව්වම මම හිතුවෙ නයෙක් ඇරලා කියලා. දැන් බ්ලොග් අවකාශයේ සිත්තරුන් ගොඩයි නේ..
ReplyDeleteහැබැයි මන් වගේ වෙන කාරුවත් අඳින්නෙ නෑ..
Deleteතරු ටික නම් ඇඳලා තියෙනවා ලෙසටම... :)
ReplyDeleteඒ ටික අඳින්න නේන්නම් වැඩියම වෙලා ගියේ...
Deleteමමත් දන්න කියන තැන් කීපයකම සර්ප වෙදකම සහ බලු වෙදකම් ගැන හුගාක් පරසිද්ධ කස්ටිය හිටියා.. ඒත් එයාලගේ දෙවනි තුන්වෙනි පරම්පරාවල් නං ඒවා ගැන කිසිම උනන්දුවක් දක්වන පාටක් නං පේන්නේ නෑ..
ReplyDeleteඔව් ඒ වෙදකම් දෙකම දවසක නැති වෙලාම යයි..ඒත් ආයුර්වේද වෛද්‍ය ක්‍රම එක්ක ඉස්ස්‍රහට එයි කියලත් හිතෙනවා..
Deleteඅපේ පැත්තේ හිටිය සර්ප වෙදෙක්. විස බන්දනවා මුලින්ම ඊට පස්සේ හොඳටම අමාරු වුනාම හොඳ කරන්නේ. ඒ පුළුවන් වෙන්නෙත් විස බැඳපු කෙනාටම විතරයි.
ReplyDeleteමොනවා කියන්නද මන්දා "කාලය මැව් වෙනසක අරුමේ"....
ReplyDeleteලියන්නා අය්යේ ඔයාගේ චිත්‍ර ඇදීමේ හැකියාව එන්න එන්නම දියුනු වෙනවා වගේ...දැන් බලන්න චිත්‍රේ දැකපු ගමන් තේරුනා ලියන්නා මොකක්ද කියන්න යන්නේ කියල....එහෙම වෙන්න දෙන්න එපා..... අපි චිත්‍රේ බලලා....පෝස්ට් එක කියවලා....චිත්‍රේට දාපු පලිය කියවලා...ශාහ් ඇයි මට මෙහෙම හිතුනේ නැත්තේ කියන සිතුවිල්ල එන්න දෙන්න ඉඩ හරින්න......
ReplyDeleteඒ කාලේ වෙද මහත්තය ලෙඩාව බලල තීරණය කරනවා කාල තියෙන්නේ මොකෙක්ද කොච්චර විෂ ප්‍රමාණයක් ඇඟට ඇතුල් වෙලාද කියල. එත් බටහිර වෛද්‍යවරු ඒවා දන්නේ නැහැනේ. ඒ ය පුරුදු වෙලා තියෙන්නේ කපල කොටලා බෙහෙත් කරන්න. ඒ අතින් බලනකොට වෙද මහත්තය කොච්චර ස්වභාව ධර්මයත් එක්ක බැඳුනු පුද්ගලයෙක්ද.
ReplyDeleteඇත්තට ම සර්පයා දුටුවාද ය යන්න පිළිබඳ ව ගැඹුරින් සිතා බැලිය යුතු කාලය දැන් පැමිණ තිබේ
ReplyDelete