ලොකු චූවෙක් ඉල්ලලා අපේ රෙදි ගලවපු පොඩ්ඩා ඔබ මතක ඇතැයි සිතමි.. කාලයාගේ ඇවෑමත් සමඟම ඔහු ඔහුගේ කටකාර කම අඩුකර ගනු ඇතැයි සිතුවත්..ඔහු නැවත නැවතත් අපව අපහසුතාවයන්ට පත් කරන ප්‍රශ්ණ ගොන්නක් අප හමුවේ තැබු බව මට මතක් කර දෙන්නේ මාගේ පරණ දිනපොත් සමූහයයි.. මේ එම දිනපොත් වල තිබූ සටහන් වලින් උකහා ගත් කරුණු කීපයකි..
බිරිඳ තම මනෝවිද්‍යා උපාධිය හරි හරියට එදිනෙදා දහසක් වූ කාර්‍යයන් සඳහා යොදාගත්තද මා නම් ඒ ඒ වෙලාවට ඒ ඒ ආකාරයට සිටියා මිස එතරම් නොදන්නා මනෝවිද්‍යාත්මක රීතී අතර සිරවෙන්නට නොතැනුවෙමි.
"ලියන්නා ඩාලිං අපි පුතාට රියැලිටි එකම තමයි පොඩි කාලෙ ඉඳන්ම උගන්වන්න ඕනි.. නත්නම් එයා එක එක ෆැන්ටසි වල හිරවෙලා අනාගතේම අවුල් කර ගනී"
"ඔව් ඔව් අපි එහෙම කරමු..අපි ඉතින් දැනටමත් එහෙමනෙ කරන්නෙ"
අනගතය පමණක් නොව වර්තමානයද අනාගත නොහැකි බැවින් මා සැමවිටම ආරක්ශිත ලෙස පසු පාදය තබා පන්දුව නිදැල්ලේ යන්නට හැරියෙමි.සාමාන්‍යයෙන් මා යම්තම් හෝ පිත්ත ඉස්සුවානම් අහක යන්නට තිබෙන පන්දුව පිත්තේ දැවටී කඩුල්ල මතට පතිත වන බව මා අත්දැකීමෙන්ම දන්නා බැවිනි.
"ඩාලිං දැන් පුතාට අවුරුදු 10-12 වෙනකොට එයාගේ හිතට සෙක්සුවල් මැටර්ස් ගැන හරියට අදහස් එයි..එයාගේ කුතුහලය නැති කරන්න අපෙන් අහන සේරම ප්‍රශ්ණ වලට අපිට උත්තර දෙන්න වෙන්නෙ ඇත්තම කරුණු කියලා තමයි.. හොඳේ"
"හා ඔන්න මගෙන් එහෙම මොනා හරි ඇහුවොත් මන් ඔයාගෙන් අහන්න කියන්නම්කො.. එතකොට හරිනෙ"
"හාහ්.. පුතාට ඒවා කියලා දෙන්න ඕනි ඔයා.. මම නෙවෙයිනෙ"
ඈ හිඳ සිටි පුටුවෙන් නැගිට්ටේ මා කට වරද්දා ගත්තා දැයි ක්ෂණිකව කී දෙය නැවත ආවර්ජනය කර බැලුවෙමි.
"මන් සේරම දේවල් කියලා දෙන්නම් දුවෙක් ඉන්න කාලෙක. පුතාගෙ වගකීම ඔයාට"
ඈ කියවමින් සිටි මනෝ විද්‍යා සඟරාව කනප්පුව මතත දැමුවාය..
"ඉතින් දුවෙක් හදන්න කාලෙ "
"මොකක් කතා කරන්න එපා..මන් මේ ඩිග්‍රිය ඉවර කරනකන් ඒ ගැන නම් හිතන්නවත් එපා ඕන්"
ඈ පරාජය පිලිගෙන කුස්සිය දෙසට පසු බැස්සාය.
අප සිතුවා සේම අප පුතන්ඩියාද විවාහය පිළිබඳව ප්‍රශ්ණ රාශියක් ගෙන මා හමුවට පැමිණියේ අපගේ ඥාතියකුගේ විවාහ උත්සවයකට ගොස් පැමිණි පසුදාය.
බොරු සුරංගනා කතා කියලා ළමයගෙ ඔළුව එහෙම නරක් කරනවා නෙවෙයි ඕන්..යන්න මුළු ගතින්ම කියු මා ආදරණීය බිරිඳ ගොළුවතින් පරිගණකය වෙත පියමැන්නේ ඈගේ වසර අවසාන නිබන්ධනයට අවශ්‍ය කරුණු සෙවීමටයි.
"ඩඩා බඳින කොට කොයි කෙනාව බඳිනවද කියලා හරියටම දැන ගන්නෙ කොහොමද "
මා බෙල්ල මුලටම හිර කරන ප්‍රශ්ණ වැලකට මා මූණ දිය යුතු බව මා හට ඉදිරිය දක්නා ඥානයට දැනෙන්නට වීය.. මාද සටන අත නොහැරියෙමි.
"හා පුතාම කියන්න දන්නවනම් ඒ කොහොමද කියලා?"
මදක් කල්පනා කල ඔහු,
"දෙන්නම එකම දේවල් වලට කැමති වෙන්ඩ ඕනි.. හරියට ඩැඩා ක්‍රිකට් වලට කැමති නම් මමාත් ක්‍රිකට් වලට කැමති වෙන්ඩ ඕනි වගේ"
"හ්ම්ම් හරියට හරි"
තවත් මදක් කල්පනා කල ඔහු,
"නෑ දෙයියො තමයි බඳින කෙනාව තෝරලා දෙන්නෙ.කොහොමත් පස්සෙන් පහු දෙන්නටම ජීවිත කාලෙම හිර වෙලා ඉන්ඩ වෙන්නෙ එකම ගෙදරනේ...එහා ගෙදර අක්කා කීවෙ එහෙමයි ඩඩා"
හ්ම්ම් අසල්වාසී කතෝලික ආගමික පවුලේ සිටින දැරියගේ අදහසද ඔහු ඔළුවට ගෙන ඇති බව පෙනේ..
මා නැවතත් අතැති පත්තරය වෙත නෙත් යොමු කලෙමි.
"බඳින්න හොඳම වයස මොකද්ද ඩඩා?"
"පුතා හිතන්නෙ කීය කියලද ?"
"මොන වයසකවත් බඳින්න හොඳ නෑ...ඒක මෝඩ වැඩක් මන් හිතන්නෙ"
මා නිවස තුලට එබී බැලුවේ පුතාගෙ පිළිතුර බිරිඳගේ කන වැකුනිද යන්න සැක හැර දැන ගැනීමටයි. මා මදක් විස්සෝප වූයේ මේ නුවණ ඒ කාලයේ මට නොතිබ්බේ මන්ද යන්න පිළිබඳවයි.
"ඩඩා දෙන්නෙක් බැඳලා කියලා දැන ගන්නෙ කොහොමද ?"
"පුතා කොහොමද හිතන්නෙ?"
"දෙන්නම එකම එක පොඩි එකෙක් පස්සෙම එලෝ එලෝ නිකන් ඉන්න දෙන්නෙ නැතුව අරක කරන්ඩ.. මේක කරන්ඩ... අරක කරන්ඩ එපා.. මේක කරන්ඩ එපා.. කිය කියා ඒ පොඩි එකාටම වද දෙනව නම් ඒ දෙන්න බැඳලා ඉන්නෙ කියන්ඩ පුළුවන්.."
හ්ම්ම්ම් හ්ම්ම්ම්ම්
යනුවෙන් මා පවසා නිහඬ වූයෙමි.
බඳින එකද වැඩිය හොඳ නැත්නම් බඳින්නෙ නැතුව ඉන්න එකද ?
හ්ම්ම්ම්ම් හ්ම්ම්ම්ම් මා නැවතත් මේසය මත වූ වෙනත් පුවත් පතක් අතට ගත්තෙමි.
"ආ ඩඩා මමමද දැන් ඒ ප්‍රශ්නෙටත් උත්තර දෙන්න ඕනි ඈ?"
පොඩි එකා ටිකක් ඇඬුම්බර මුහුණකින් විමසයි.
"නෑ පුතා ඔය ප්‍රශ්ණ ටික ඔහොම්මම ගිහින් අම්මගෙන් අහන්න. හැබැයි මන් ඇහුවා කියන්න එපා. ඒ වෙනුවට කියන්ඩ තාත්තගෙ උත්තර දන්නවා ඒත් අම්මගෙ පැත්තෙනුත් දැන ගන්ඩයි ඕනි කියලා.. තේරුනානෙ ?"
ප.ලි. 30 වෙනිදායින් ආරම්භ වන ක්‍රිකට් තරඟාවලියක් සඳහා නුවර එළිය බලා යාමට සිදුවන බැවින්ද මෙම තරඟාවලිය දින තුනක් පුරා පැවැත්වෙන බැවින්ද එම දින කිහිපයේ සයිබර් අවකාශයේ සැරිසැරීමට ලැබෙන කාලය සීමිත වනු ඇතැයි මට සිතේ..
අම්මෝ .... ලියන්නයිය දැලි පිහියෙන් කිරි කාලනේ.
ReplyDeleteලියන්නිගෙන් ගුටිකාල ඉස්පිරිතාලෙ යන හින්දා නෙමෙයි කියලා ශුවර්ද?
ReplyDelete-හරී-
අනේ හරි සෝයි කතාවක් නේ....මරු මරු..ඒත් පොඩියකා දැන් දෙක වසරෙවත් වෙන්න ඕනි වගේ...
ReplyDeleteඅනේ අමොබෝ පොඩි උංනං....
ReplyDeleteඇති යන්තං ඔහොම ඒව අහල බේරුනා.. එයිට එහා දේවල් ඇහුවනං එහෙම....
ReplyDelete//"දෙන්නම එකම එක පොඩි එකෙක් පස්සෙම එලෝ එලෝ නිකන් ඉන්න දෙන්නෙ නැතුව අරක කරන්ඩ.. මේක කරන්ඩ... අරක කරන්ඩ එපා.. මේක කරන්ඩ එපා.. කිය කියා ඒ පොඩි එකාටම වද දෙනව නම් ඒ දෙන්න බැඳලා ඉන්නෙ කියන්ඩ පුළුවන්.."//
ReplyDeleteහපොයි දෙයියනේ..මේවා කාට කියන්නද?
ලියන්නාගේ ලිවීමේ හැකියාව නම් උපරිමයි..
පොඩ්ඩා වැඩේ කෙලවයි වගේ...
ReplyDeleteමේ ලියන්නයි, වෙනියි කියන්නෙ දෙන්නෙක්ද ? එක්කෙනෙක්ද ? මට දැන් හොඳටම ටැපලිලා තියෙන්නෙ..
ReplyDelete"මන් සේරම දේවල් කියලා දෙන්නම් දුවෙක් ඉන්න කාලෙක. පුතාගෙ වගකීම ඔයාට"
ReplyDeleteකලින් කතාව මේ ලඟදිත් මම කියෙව්ව. දැං නං දුවෙකුට කාලෙ හරි වෙනියෝ.
යස පොඩි එකා.. අර උඩින් දාල තියන ලින්ක් එක කියවපු දවසේ නම් බඩ අල්ලගෙන හිනා උනා :)
ReplyDeleteමේකෙ තව කොටසක් ලිව්වනං තමයි අපූරු...
ReplyDeleteමේකත් හොඳයි...
අම්මෝ ඉස්සරහට මොනවා කොරයිද දන්නැ
ReplyDeleteබැඳපු හැමෝම මොක දෑ පසුතැවෙන්නේ....
ReplyDeleteහැමෝම ?
Deleteලියන්නත් මග ඇරපු එකේ අපි මොකට හොට ඇන ගන්නවද?
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
හික් හික් හික්... හලි සෝක්
ReplyDeleteමං මේ සුදාගේ සිතුවිල්ලක් ලහින්
අනේ අපේ ලියන්නටත් වෙන දේවල්... ජය...!
ReplyDelete"එතකොට ඩඩා ඇයි ලොකු අයම කසාද බඳින්නේ? මට එහා ගෙදර නංගිව බැඳලා ළමයි හදන්න බැරිද?"
ReplyDelete"පුතා මොකද ඒ ගැන හිතන්නේ?"
"පොඩි ළමයින්ට කසාද බඳින්න බැරි, අල්ලපු ගෙදර නංගිගේ කුක්කු තාම පොඩියි. එතකොට මගේ..." එක්කෝ ඕනි නෑ....
"මොන වයසකවත් බඳින්න හොඳ නෑ...ඒක මෝඩ වැඩක් මන් හිතන්නෙ"
ReplyDeleteපොඩි උන් විතරයි ඇත්ත කතා කරන්නේ..
හි හි.... පොඩි එකාට තාත්තට වඩා මොලේ තියෙනවද කෙහෙද....
ReplyDeleteවෙනී අයිය ක්‍රිකට් ගහනවද?
ReplyDeleteනැත්තං ඔය දවසෙ විකට්ටුව ඔලුව මත පතිත උනාද?
පොඩි එවුන් නම් මරු. ඉස්සර වගේ නෑ නෙ දැන් පොඩි වුන්.
ReplyDeleteමේකනං වෙනම ඉස්ටයිල් එකේ කිරිකොට් ගැහිල්ලක් වෙන්ට ඔන හික්ස් හැබැ වැඩේ කියන්නේ වෙනි අයියා වයස යන්ට යන්ට නුවනක්කාරකොම හින වෙලා යනව නේව
ReplyDeleteමං කිව්වේ පිරිමි උන්දැලගේ
Deleteවෙනි අයියා හොදින් ඇති කියලා හිතනවා.. අර ප.ලි කෑල්ල ලිවුවේ හොස්පිටල් එකේ ඉන්න ගමන්දැයි සැකයි වගේ...
ReplyDeleteනුවරඑළියේදී දෙකක් දාලම කතාකරමු. කොහෙද වෙනියෝ මැච් එක තියෙන්නෙ, එන්ඩද හු කියන්ඩ ?
ReplyDeleteදැන් පොඩි එක් ඔහොමනම්, අවු 20ක් විතර වෙනකොට ලියන්නගෙන් මොනවා අහයිද මන්ද...?
ReplyDeleteපොඩි තමා.යස පොඩි.කොහෙද පොඩි..
ReplyDeleteමේකෙ මුල් කොටසට මම රැවටුනේ ඇත්තම කතාවක් කියලා.ඒ නෝනට බැන බැන මම කොමෙන්ට් කරපු හැටි මතක් වෙනකොට හිනාත් යනවා.වෙනි අයියගෙ ලිවීම උපරිමයි කියන්නේ නිකංයැ...
ReplyDeleteවෙනි අයියා මේ කතාව ආයෙ ඇදලා ගත්තේ දුවෙක් හදන්න කාලේ හොඳයිද කියලා දැනගන්න වෙන්නැති.මම ඇත්තවශයෙන්ම එකඟයි කාලෙ නම් හරි අවුට් පුට් එක ආයෙත් කොල්ලෙක් වුනොත් නම් බඩුම තමා...
කෝ මගේ කමෙන්ට් එක?
ReplyDeleteස්පෑම් නැත.. මොකද උනේ මන්දා ? මන් තව බලන්නම් මල්ලි, දැන් තමා ටුවර් එකෙන් පස්සෙ යන්තම් ෆ්‍රී උනේ...
Deleteඅඩේ ඒ කාලේ මේ වගේ නුවනක් තිබ්බ නම් අපිව දැන් හොයන්නවත් නැහැ. හික් හික්
ReplyDelete