ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Saturday, August 4, 2012

මගේ අහවල් එක...



මෙන්න ඔබ පුල පුලා බලා සිටි අරක...


ආ මන් පහු ගිය කාලෙම කිය කියා හිටියනෙ අරක ගැන විස්තරයක් දානවා කියලා. ඔන්න අද තමයි ඒක කෙරෙන් දවස.


මන් ඉතින් අරකෙ ෆොටෝ එකක් අරන් අප්ලෝඩ් කලා බ්ලොග් එකට.. ඔය තියෙන්නෙ පහල ඒක.








ඈහ් මේ මොකද්ද මේ අප්ලෝඩ් වෙලා තියෙන්නෙ???.. ඒකෙ ෆොටෝ එකක් නෙවෙයිනෙ. මේ තියෙන්නෙ අපේ  අබලන් වෙච්ච මහගෙදර උළුවස්සෙ තීයෙන කනෙයි කියන මැස්සන්ගෙ ගුලක්.  මන් කීප වතාවක්ම මේකෙ ෆොටෝ නම් මූණු පොතේ බෙදා හදා ගෙන ලෝකයාගෙන් කයි කතන්දර ඇහුවා තමයි..ඒත් ඕන් මේකම බ්ලොග් එකෙත් දමා ගෙන බෙදා හදා ගන්න හිතුවා..






ඔබ විශ්වාස කරන්නෙ නැති වෙයි මේ ගුලට අවුරුදි 30ත් 32ක් විතර වෙනවා. මන් පොඩිම කාලෙ මේ  ගෙදර  හැදුවෙ.
මට මතක ඇති කාලෙ ඉඳලම බොහොම පොඩියට ඔය කනෙයි මැස්සො  ගුල  තිබ්බා. දැන් තමයි උන් මේ ශේප් එකට හදන් තියෙන්නෙ. ඉස්ස   ඔතන තිබ්බෙ බොහොම පුන්චියට හදපු එකක්.මුන්ට stingless  bees  කියලාත් කියනවා අමු සින්හලෙන්. උන් විදින්නෙ නම් නෑ. වැරදිලාවත් එකෙක් හරි ඇඟේ ගෑවුනොත් උන් හරි ගඳයි..උන් ඒ ගඳ පිට කලහම හෙන ගොඩක් මැස්සො එනවා එතනට. ඌ විදින්නෙ නම් නෑ ඒත් එකා එකා ඇවිත් ඇඟේ ඇලෙන කොට හරි අප්‍රසන්නයි.


මේ කනෙයි වදයක් කොහේ හරි අපේ ඔෆිස් එකේ බැම්මෙත් තියෙනවා කියලා මන් ඔෆිස් ආපු මුල්ම කාලෙ තමයි නෝට් කලේ. කොහෙද කියලා හොයා ගන්න බෑ ඒත් සමහර වෙලාවට ඇවිස්සිච්ච මැස්සො රංචුවක් පියඹ පියඹා ඉන්නවා දකිනවා නම් තමයි...




ඉතින් මුලින්ම මන් අරක ගැන කියනවයි කියලා කියන්ඩ පටන් ගත්තෙ මගේ ග්‍රැෆික් ටැබ්ලට් එක. ඇත්තටම මට කවි නිසදැස් ලියන්න බෑ වගේම තමයි චිත්‍ර අඳින්නත් බෑ. ඒක සහජයෙන් එන්න ඕනි දෙයක්ලුනෙ.. ඒ උනාට අඳින්න ට්‍රයි නොකර ඉන්න ඒක කාරණයක් නෙවෙයිනෙ. මමත් කලේ ඉතින් ඇයි මට අඳින්න බැරි කියලා.. ඔය ඩ්‍රෝවින් පොත් කීපයක් එක්කම දියසායම්, පැස්ටල් සහ පාට පැන්සල් පෙට්ටි කීපයක් සහ පින්සල් කීපයක් මුල්නිම ගත්තා. ඕක උනේ අවුරුදි ගානකට කලින් උනත් ඒ ගත්ත බඩු ටික තාම තියෙනවා බැබලි බැබලි..


බොරු නෙවෙයි ඕන් තියෙන්නෙ ඒ ටික..




ඔය බෝල තුන්හුලස් හතරැස් ටිකක් ඇඳලා පාට කරන්නත් මට චිත්‍ර අඳින්න බෑ කියලා තෙරුම් කරලා දෙන්නත් ඔය ටික උදව් උනා නමුත්..
ඔය දිය සායම් වලින් වෙච්ච අනිත් සෙතේ තමයි මේ ඉන්න අපේ ලැසීයගෙ ඔය සුදු පාට පැචස් ටික එක එක පාටින් පාට කරපු එක.. ඒ දවස් වල ගෙදර අයිතිකාරයො හිතුවෙ මේක කරන්නෙ අල්ලපු ගෙවල් වල ලැසී එක්ක සෙල්ලම් කරන පොඩි උන් වෙන්න ඇතියි කියලයි. අදටත් හිතන්නෙ එහෙමමයි මයෙ හිතේ..






ඒත් ඔය කාලෙම ලැසීගෙ ලොම් යන්න ගත්තා.. මට ඇහුනා මෙහෙම..


"මේ ලැසීගෙ ඇඟේ සායම් ගාන අයට කියන්න ඕනි එපාය කියලා ඒවයෙ විසට තමයි එහෙම වෙන්නෙ" 


කියලා ගෙදර අය කතා වෙනවා.. ඒකත් එක හේතුවක් වෙන්න ඇති තමා.. මන් කලේ මගේ මේ මගෝඩි වැඩේ නැවැත්තුවා එසැනින්ම.. මොකද මටත් දුක හිතුනා ලැසී ඊටත් වඩා ලෙඩ වෙයි කියලත්..


ආයි තව ටිකක් කල් යනකොට මටම අමතකයි මට චිත්‍ර අඳින්න බෑයි කියලා.. හිතෙන්නෙම ආයි ඇඳලා පුරුදු වෙන්නමයි..
මේ සැරේ ගත්තෙ ග්‍රැෆික් ටැබ්ලට් එකක්. මේ තියෙන්නෙ ඒක..







මේක එක්ක සොෆ්ට්වෙයාර් ලොට් එකකුත් හම්බ උනා නම් තමයි. ඒත් තාම එව්වා එක්ක සෙල්ලම් කර කර ඉන්නවා ඇරෙන්න හරි හමන් සිත්තරයක් ඇඳ ගන්ඩ නම් බැරි උනා. මේ තියෙන්නෙ කියන Ink-Squared Delux සොෆ්ට්වෙයාර් එකෙන් මගේ බ්ලොග් එක ගැන මගේම කිරි කිරි අකුරින් කරපු සෙල්ලමක් තමා



ඊට අමතරව ෆ්‍රීවට දෙන මෙන්න මේ ටිකත් ගොඩ ගහන් ඉන්නවා ..


Photoscape
MyPaint
InkScape


මේවයින් අඳින්න ග්‍රැෆික් ටැබ්ලට් එකක් ඕනි නෑ.. මවුස්ගෙන් උනත් අඳින්න පුළුවන්..


මොක තිබ්බත් මට නම් තාම හරි හමන් සිත්ටරයක් ඇඬ ගන්ඩ බැරි උනා වගේමයි මන් පොඩි කාලෙ ඉඳලම බැරි වැඩක් උනත් කරන්න දඟලලා දඟලලා තමයි ඕන් බෑයි කියලා අතාරින්නෙ.. තාමත් ඒ වගේමද මන්දා තාම ඉඩ් වලින් එහාට යන්ඩ බැරි උන ගානයි ඕන්...




"බැරි වැඩ නොකරන් අබරෝ කියලා තියෙන්නෙ කට කහනවට නෙවෙයිනෙ අපේ පැරැන්නො"


කියලා මාමා හිටිය නම් කියයි.



"ඉතින් ඔබේ චිත්‍ර ඇඳීම ගැන තියෙන අනාගත බලපොරොත්තු මොනාද ?"


කියලා කෙනෙක් අහන්න පුළුවන්


"ඔව් මන් තාමත් චිත්‍ර අඳින්න ඉගෙන ගන්න එක අතෑරියේ නෑ.. මන් දන්න බ්ලොග් සිත්තර ශිල්පීන් කීපදෙනෙක්ම ඉන්නවානෙ.. එක්කො වෙන්නප්පු යනවා නැත්නම් මෝල්ඩිව්ස් යනවා.. මාසයක් දෙකක් නැවතිලා ඉන්න කොට චිත්‍ර ඉගෙන ගන්න පුළුවන්..බැරිම උනත් හොඳට කාලා බීලා ඇඟ හදා ගෙන එන්න හරි බැරියැ.."

96 comments:

  1. අර ෆොටෝ එක මොකක්ද අෆ්ෆා. වරදවා වටහා ගැනීම් ඇති වෙනව නෙව.

    ReplyDelete
    Replies
    1. හා හා වරදවා තේරුම් ගන්ඩෙපා... ඒක කනෙයි මැස්සන්ගෙ කූඩුවක්.. ස්වභාවධර්මයේ අපූරු නිර්මාණයක්..

      Delete
    2. ෂික් ! මහ වල් මැස්සො වගයක්. උන්ට වෙන හැඩයක් තිබ්බෙම නැත්ද මන්ද. මට පේන්නෙ ඔය මැස්සො මැස්සො කිව්වට උන් ගේ කුරුල්ලොද කොහෙද. :)

      Delete
    3. මටත් ඔහොමම හිතුනා අප්පා..

      Delete
  2. සික්...මූ මේක මෙතනත් දාලා.(බම්බුව)

    ReplyDelete
    Replies
    1. ලකී මල්ලිට හෙම නම් මේක අර හමදාම දකින කුකුලගේ කරමලේ වගේ ඇති මොකෝ මන් මේක මූනුපොතේ දැම්මනෙ කීප සැරයක්ම !

      Delete
    2. මොකක් කිව්වා,...කුකුල් කරමලේ..උඹලගෙ පැත්තෙ කුකුලන්ගෙ කරමලත් මේ වගේද..කුකුල්ලු කවුද කියල මට හිතාගන්න පුලුවන්...:D

      හැබැයි මාත් එක්ක මල පනින්න කාරි නැහැ...මේවගේ එව්ව දැම්මම හිට් වැඩි වෙනවා කියල කවුරු හරි කිව්වනං ඒක දිරච්ච ලනුවක් බව මතක තියාගනින් වෙනි අයියේ.(එහෙම කරන එවුන් ඉන්නවා.ඒත් උන් ලියන දේවල් මෙලෝ රහක් නැහැ)..උඹ ලියන දේවල් වලම ඊට වඩා ලොකු රසයක් තියනවා...

      Delete
    3. හිට් ගැන කීව කතාව නම් ඇත්ත.. අනේ මේ නාකි මට මොන හිට්ද මල්ලි ? දෙතුන් දෙනෙක් කියෙව්වොත් ඇති අප්පා.. මගේ එක පෝස්ට් එකකට වැටෙන හිට් ගාන 100ත් 150ත් අතර තමයි.. 10ක් 15ක් එයි කියලා හිතාන ඉන්න මට ඒක ලොකු ගානක්නෙ මල්ලි..

      Delete
    4. කොහෙද යන්නෙ මල්ලෙ පොල්....

      ඕන වෙඩිමක්...

      Delete
  3. හික්ස්... කමක් නෑ කවදා හරි මොකක් හරි ඇඳගන්න පුළුවන් වෙයි නේ..

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙම ලොකු අනාගත්ත බලාපොරොත්තුවක් තියෙනවා... ආ අල්තයන්නක් වැඩි වෙලා නේද ?

      Delete
  4. අරකත් නරක නෑ..... :D

    මටනම් ටැබ්ලට් නෑ. මොනවහරි ලෑටි ගාන්නෙ මවුස් එකෙන්ම තමයි...

    ReplyDelete
    Replies
    1. සුමිත් අයියා ලියන දේවල් බලපු ගමන්ම තේරෙනවා ටැබ්ලට් ගන්නෙ නැති කෙනෙක් කියලා :D

      Delete
    2. තිබ්බයිත් කියලා සුමිත් බලන්ඩකෝ මම කරපු ලබ්බක් නෑ..
      ලකී +++++++++++++++++++++++++++

      Delete
  5. මොන බම්බුවක් පාවිච්චි කරල හරි කමක්නෑ හොඳ චිත්‍ර ටිකක් අඳිමු වෙනී අයියෙ. නැත්තං අර කෙහෙල් කොටුව එහෙම පවුනෙ.

    ReplyDelete
    Replies
    1. හොඳ චිත්‍ර කියලා අඳිනවා නම් තමයි ඒවා මෙලෝ රහක් නෑ මල්ලි.. චිත්තරේට යටින් විස්තරෙයක් එල්ලන්න ත් වෙලා..

      Delete
  6. අතාරින්න නම් එපා අයියේ... ඕක හරියට පුරුදු වුනාම ජංගා වගේ තමා...

    ReplyDelete
    Replies
    1. නෑ මලේ අතාරින්නෙ නම් නෑ.. වෙලාව තියෙන තියෙන හැටියට අඳිනවා...

      Delete
  7. ට්‍රයි ඇන්ඩ් ට්‍රයි ඇන්ඩ් ට්‍රයි කියනවනේ... වන් ඩේ යූ විල් ඩයි... වෙනී අයියා සිත්තරෙක් වුන දාට ලියන්නා බ්ලොග් එකත් සයිබර් යායක් වෙයිද මන්දා... ජය...!

    ReplyDelete
    Replies
    1. මේ සෙට් එක සහ ටැබ්ලට් එකත් අරන් දැන් සෑහෙන කල්.. එහෙමම වෙන එකක් නෑ..මල්ලි..සයිබර් යායට ඉරිසියා කර කර ඉන්ඩ නම් වෙයි...

      Delete
  8. සැලෙන්න එපා වෙනි අයියේ.
    කවදාහරි පුලුවන් වේවිනෙ :D

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. බලමු බලමු..නෑ අඳිමු අඳිමු කියලා කියමු නේ...

      Delete
  9. ඊයා..... වෙනීඊ අයියාගේ අහවල් එකේ මැස්සෝ වහලා නේ? ඒක නෙමෙයි අහවල් එක ඔච්චර කාලයක් තියෙන්නේ උළුවැස්සේ හයි කොරං අහවල් එකක් කරනවදැ?

    මේ මේහෙම ඇහැව්වට මුකුත් හිතන්න එපා වෙනී අයියේ... ඔය දෙවෙනි පොටෝ එකේ ඉන්න පොසිෂන් එකෙං ඉන්න ලැසීට ඉගැන්නුවේ වෙනී අයියාද?

    දැං වෙනී අයියා ගාව ගැපික් ටැබ්ලට් පාට පෙට්ටි වෝටර් කලර්ස් සේරෝම තියෙනවා..... තාම චිත්‍රයක් තමයි නැත්තේ? :D :D

    ReplyDelete
    Replies
    1. ඒ කනෙයි මැස්සො තමයි ඉන්නේ
      බොහොම කලාතුරකින් තමා ඔය ප්ලේ ඩෙඩ් පොසිශන් එකෙන් ඉන්නෙ..එහෙම වෙලාවක් අල්ලලා මන් හොරෙන් ෆොටෝ ගත්තා..
      මන් හිතුවා ඔය සේරම තියෙනකොට චිත්‍ර නිකම්ම නිකම් ඇඳෙනවා ඇති කියලා මොන ?

      Delete
  10. අඩේ කීයක් උනාද ටැබ්ලට් එක?????

    ReplyDelete
    Replies
    1. දා හතර හමාරක් උනා.. මාස 6කට විතර උඩදි.. දැන් ගනන් අඩු ඇති මයෙ හිතේ...

      Delete
  11. අර බල්ලා නියම

    ReplyDelete
    Replies
    1. ඌ මගේ කතන්දර ගොඩක ඉන්නවා අටම්...

      Delete
  12. නියමයි වෙනී අයියේ.. ට්‍රයි ඇන්ඩ් ට්‍රයි කිවුවලු.. බුද්ධි අයියා ඉන්නේ ඔය උපදෙස් ගන්න... :)

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. ඒත් අඳින හැකියාව ඇඟෙන්මයි එන්න ඕනි.. ටෙක්නික් ටික නම් අහ ගන්න පුළුවන් බුද්ධි මලයගෙන්..

      Delete
  13. මොකක් හරි එකක් ඇඳලා දැම්මනං තමා වෙනී අයියේ ගති
    හා කමක් නෑ අපි බලමු ඉස්සරහට වෙනියගේ වැඩ

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා සම්භාව්‍ය චිත්‍ර ටිකක් අඳී මයෙ හිතේ..

      Delete
  14. මේක මම මුනුපොතෙත් බෙදා ගත්තා.. මෙතනත් දාන්නම්, වෙනි අයියගේ එකේ අග තියෙන ගාඩ් එක...

    https://fbcdn-sphotos-g-a.akamaihd.net/hphotos-ak-ash4/s480x480/403136_3131228013772_2135128332_n.jpg

    මම ඉස්කෝලෙදි ඉගෙන ගත්තේ චිත්‍ර.. ලියන කොටසට 50න් 40ගාණක්. අඳින එකට හැමදාම 50න් 4ක් 5ක් තමා ලැබුනේ..මම ගැන අනුකම්පා කරපු අපේ චිත්‍ර ගුරුතුමා, බොහොම පුද්ගලිකව ගුරුවරුන්ගේ දරුවන්ට විතරක් කරපු චිත්‍ර පන්තියකට කතා කරලා මව පුළුවන් තරමින් ගොඩ ගත්තා. ඒත් ඉතින් මම හොඳට අල්ලාගත්තේ එකම එක ශෛලියක් විතරයි. ඒකෙන් සා/පෙ චිත්‍ර ගොඩ දා ගත්තේ..
    (සංගීත, නැටුම් වලට වඩා චිත්‍ර වලට මම දක්ෂ වුන නිසා දිගටම චිත්‍ර ඉගෙන ගත්තේ.. :))

    ReplyDelete
    Replies
    1. අපි ඉස්කෝලෙ කලේ කෘෂිකර්මය.. චිත්‍ර ඇන්ඳෙ 9 ශ්‍රේණියට එනකන් විතරයි..

      Delete
    2. මම නම් චිත්‍ර පන්තියෙ හිටපු හොඳටම චිත්‍ර ඇඳපු පිරිමි ළමය. අනෙක් ළමය ගැහැණු ළමයෙක්. අර සමතා, හපනා පත්තරවල ගියපු ලිපිවලට ඉස්සර චිත්‍ර ඇන්දෙ අපේ බාප්ප කෙනෙක්. එයා ගුරු උපදේශකවරයෙක්. එයා මට චිත්‍ර කියල දුන්න ඒ දවස්වල. හැබැයි මම වැඩි දවසක් චිත්‍ර කළේ නෑ. ගියා සංගීතය කරන්න. මම ඕලෙවල්වලට සෞන්දර්ය විෂයට කළේ පෙරදිග සංගීතය. ඒකත් මම පහසුවෙන්ම ගොඩදාගත්තා. දැනටත් නිදහස් වෙලාවට මම චිත්‍ර අඳිනව. මම කැමතිම වැඩවලින් එකක් ඒක. ඒත් මට වෙනී අයියට වගේ ග්‍රැෆික් මෙව්ව එකක් නෑ. දැනටනම් මට කොරල් ඩ්‍රෝවලින් ඔය මොනවහරි ගේමක් නැතුව ගොඩදා ගන්න පුළුවන්. ඒක කීයක් විතර වෙනවද ලකාවෙ මාකට් එකේ. හොඳ බ්‍රෑන්ඩ් අරව මේව මොනවහරි විස්තරයක් තියෙනවද ගන්න කෙනෙක්ට වැදගත්.

      Delete
    3. මේක නම් 14.5 ක් උනා. දැන් ගනන් අඩු ඇති. මේක සයිස් එකෙන් පොඩිම එක. මේ බ්‍රෑන්ඩ් එක තමයි මන් ශොප් කීපෙකම දැක්කෙ.. මෙහෙ.. ඒත් මීට වඩා ප්‍රොෆෙසනල් ඒවා ඇති.. සාමාන්‍ය චිත්‍ර අඳින්න මේක ඇති මයෙ හිතේ..

      Delete
    4. මේ DDT සහ තරියා අබේට.

      මේක ඇඩ් එකක් වත් නයෙක්වත් නෙවෙයි.
      උඹලා දෙන්නම ග්‍රැ‍ෆික් ටැබ්ලට් එක ගැන අහලා තිබ්බ නිසයි මේ. මම නම් ගත්තේ Manhattan ග්‍රැ‍ෆික් ටැබ්ලට් එකක්. ඒක ගත්තෙ ගිය පාර නිවාඩුවට ආවම BMICH එකේ තිබ්බ Infortel ප්‍රදර්ශනයෙන්. ඒක රු. 8100 කියලා ගහලා තිබ්බා විශේෂ මිලකට කියලා. දෙපාරක් හිතුවෙ නෑ පැන්න ගමන් ගත්තා. කිසි අවුලක් නෑ.

      ස්ටෝල් එකේ නම නම් මතක නෑ කොල්ලනේ. ඕනෙම නම් රිසිට් එක හොයලා කියන්නම්.

      ඒකෙම තිබිලා ඉමේෂන් මෙමරි කාඩ් ගත්තා සීයට පනහකටත් වඩා අඩුයි.
      henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)

      Delete
    5. තෑන්ක්ස් ඩූඩ් අයියා. ගන්න හිතන් හිටියට එකපාර හිතුනු ගමන් ගන්න වත්කමක් නෑ. පොඩ්ඩක් හොයල බලන්න ඕන. එච්චර අඩුවට ගන්න පුළුවන් නම් බලමු පොඩ්ඩක් හොයල. ඒ නිසා තමයි මම වෙනී අයියගෙනුත් ඇහැව්වෙ ඔව්වයෙ බ්‍රෑන්ඩ් එක අනුව වෙනස්කම් තියෙද කියල. ගත්ත කෙනෙක්ගෙන් අහල දැනගන්න එක කෝකටත් හොඳයි නේ.

      Delete
    6. අනේ බං DDT මාත් එහෙම සල්ලි කාරයෙක් නෙවෙයි. මාස හයකට කලින් තිබ්බ මගෙ මගෙ බර්ත්ඩේ එකට මගෙ පවුලේ අය මම කැමති දෙයක් ගන්න කියලා දීලා තිබ්බ මුදල් ත්‍යාගයෙන් කරපු එක දෙයක් ඕක. උඹත් මේ දැන් පටන් ගත්තොත් නොවැම්බර් දෙසැම්බර් වෙනකොට මේ අවුරුද්දෙත් තියෙන ඔය ප්‍රදර්ශනෙන්ම ඕක ගොඩදාගන්න පුලුවං. ජයවේවා!
      henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)

      Delete
    7. අප්පද බොල එහෙම අර්ථයකුත් තියෙනව නෙව. අනේ අයියා මම එහෙම හිතල කිව්ව නෙවි, මම කිව්වෙ ඕක ගැන විස්තර ඇහැව්වට ඉතින් අද හෙට ගන්න වෙන්නෙ නෑ කියන එක.
      නොවැම්බර් දෙසැම්බර් වල පුළුවන් වෙයිද මන්දා, ලබන මාසෙ බුක් ෆෙයාර් එකටත් යන්න හිතන් ඉන්නව පොත් ටිකක් ගන්න. වැඩිපුර වියදම් එකපිට මාසවල ආවම හොම්බෙන් තමා යන්න වෙන්නෙ. :)

      Delete
    8. Henri මමත් ඒ එක්සිබිශන් එකෙන් මෙමරි කාඩ් වගයක් ගත්තා.. ඒත් ඒ කාලෙ මේ ග්‍රැෆික් ටැබ්ලට් එක ඔළුවට ගහලා තිබ්බෙ නෑ..
      DDT බලන්න යුනිටි ප්ලාසා, ලිබර්ටි ප්ලාසා සහ මැජෙස්ටික් සිටි ඊට පස්සෙ අනිත් ශොප් වලත් බලන්න..

      Delete
  15. මම නං කියන්නෙ වෙනී ලමයො, ඔය කෙහෙල් කොරොට්ටා, අසරණයගෙ තිළිණි නඟා, එතකොට අර හෙන්රිබ්ලොග්වෝකරයා වගේ උං අඳින චිත්‍රවල වැදගැම්මක්නෑ. මොකද ඒවා දැකපු ගමන් පොඩි ලමයෙකුට පවා තේරෙනවා එක පාරටම මොකක්ද මේ ඇඳලා තියෙන්නෙ කියන එක. කිසි ගැඹුරක් නෑ. ඒ කියන්නෙ සරල වින්දනය. සම්භාව්‍ය ගතියක් නෑ. ඉතින් කතිකාවක් සංවාදයක් ගොඩ නැගෙන්නෙ නෑ.

    උඹ එහෙම නෙවෙයි වෙනී මස්සිනා. උඹ චිත්‍රයක් ඇන්දාම ඒක සම්භාව්‍යයයි. එකෙක් තේරුම් ගන්න එක නෙවෙයි අනිකා තේරුම් ගන්නෙ. ඉතින් සංවාදයක් ගොඩනැගෙනවා. අන්තිමට සිය දෙනෙක් අදහස් දැක්වුවොත් සිය දෙනාට තේරිලා තියෙන්නෙ සිය විදියකට. නමුත් අන්තිමේදි බැලුවාම උඹ ඇඳලා තියෙන්නෙ අර සිය දෙනා තුන් හිතකින්වත් නොහොතපු දෙයක්.

    උඹ ටෙනිස් බෝලයක් වගෙ සරලදෙයක් ඇන්දත් කාටවත් එකපාරටම තේරෙන්නෙ නෑ ඒක ටෙනිස් බෝලයක් කියලා. අන්න ඒ සම්භාව්‍ය ගතිය නිසයි මම උඹේ අංක එකේ රසිකයෙක් වෙලා ඉන්නෙ. :)

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. අර දිය සායම් පෙට්ටි වල තියෙන ටික දියකරන් බීලා මන් දිවි නහගන්නවා ..සිකේ...
      හැබැයි පට්ට කමෙන්ට් එක..

      Delete
    2. හෙහ් හෙහ් හෙහ් ...... පස්ටයි ඩූඩ් අයියා.

      දිය සායම් දියකරන් බොන්න එපා වෙනී අයියා. අර බල්ලගෙ වගේ ලෝම හැළුනොත්. මරණෙත් කැතට හිටී.

      Delete
    3. මේ කමෙන්ට් එක කියෙව්වම මට මතක් වුනා පුරාණ සිංහල කවි පදයක්..
      “අමුතු බත් දීම අත ඇල්ලුමෙන් දැනේ..“
      :)

      Delete
    4. මමත් තිළිණි නගාට කියන්න ඕනේ වෙනි අයියාගෙන් ඉගන ගන්න කියල. ඒත් කිට්ටුවටනම් එවන්නේ නැහැ.

      Delete
    5. DDT මන් හිතුවෙ එහෙම මලාම ඊළඟ ආත්මෙදිවත් හොඳට චිත්‍ර අඳින්න පුළුවන් වෙයි කියලයි..
      රූ හෙන්රි දන්නෙ නෑ මන් ගැන.. අතින් ඇල්ලුවත් නැතත් නිකන් කන බොන ටයිම් එකක් නම් ඉඳලා කාලා බීලා මිසක් මම නම් යයි..
      අසර් ට කවුරු හරි මන් ගැන කේලම් කියලා හැඩයි..නැත්නම් මන් වගේ බෝපැලයක්...

      Delete
    6. අන්න අසරණයට තේරුනා.

      "Prevention is better than cure"

      "Better safe than sorry"

      එහෙම කියන්නෙ කට කහනවටයැ!

      දැක්කනෙ උඩම පින්තූරෙ. කෝඳුරුවොත් වහනවා බං.

      henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)

      Delete
    7. @DDT,
      හැලෙන්න . . ??? ලොං හිටෝල තමයි හලන්න වෙන්නෙ

      Delete
    8. මම ආයේ මුකුත් කියන්නේ නෑ.. කියන්න තියන ඔක්කොම මෙතනම කියලා නේ.. මදැයි කොලා.. සම්භාව්‍ය කියන්නේ ආයේ වෙනියටවත් මතක නැතිවෙන්න ඇති මොකක්ද ඇන්දේ කියලා.. එහෙව් සම්භාව්‍ය චිත්‍ර..

      Delete
    9. කාට කියන්නද මේ අවනඩුව ක්සැන්ඩර් ? :-D

      Delete
    10. උඩ ඩුඩ් අයිය කියලා තියෙන කතාව නම් සහතික ඇත්ත....අර "නිශාචර ඡායාරූප සහ යතාර්තය....ආච්චිගේ රෙද්ද..." පෝස්ට් එකට ඇදපු පින්තූරේ පලිය දැම්මේ නැත්නම් මම කවදාවත් හිතන්නේ නෑ(තාමත් හිතා ගන්නත් බෑ...දැනුත් ගිහින් බැලුවා...) ඒක වාහනයක ලයිට් එලියක් සහ ජංගම දුරකතනයක එලියක් කියලා....

      Delete
  16. ඔන්න වෙනී, උඹට යාලුවො අඳුනා ගන්න වෙලාව.
    ඔය දාලා තියෙන කමෙන්ට් වලින් පුලුවන් ඒක කරන්න.
    කමෙන්ට් ජාති දෙකක් තියෙනවනෙ. කන්ස්ට්‍රක්ටිව් කමෙන්ට්ස් සහ කඩාකප්පල්කාරී කමෙන්ට්ස් කියලා.

    ඔන්න බලහං.

    Red Riding Hood: හික්ස්... කමක් නෑ කවදා හරි මොකක් හරි ඇඳගන්න පුළුවන් වෙයි නේ..

    Pradeep Gunarathna:ට්‍රයි ඇන්ඩ් ට්‍රයි ඇන්ඩ් ට්‍රයි කියනවනේ... වන් ඩේ යූ විල් ඩයි... වෙනී අයියා සිත්තරෙක් වුන දාට ලියන්නා බ්ලොග් එකත් සයිබර් යායක් වෙයිද මන්දා... ජය...!

    Pramudi:සැලෙන්න එපා වෙනි අයියේ.
    කවදාහරි පුලුවන් වේවිනෙ

    පූසා: තාම චිත්‍රයක් තමයි නැත්තේ? :D :D

    ඔන්න ඔය රෙඩ් රයිඩිං හුඩ්, ප්‍රදීප්, ප්‍රමුදි සහ පූසා කියන මිත්‍රයො කියන්නෙ උඹට චිත්‍ර අඳින්න බෑ කියලා නෙවෙයිද? හොඳට බලහං. තව ලං වෙලා බලහං. ඔන්න කඩාකප්පල්කාරයො!! උඹ සැලෙන්න එපා වෙනී.


    ඔන්න ඔය ඉංග්‍රීසි සිංහල දෙමල ප්‍රසන්නයායි අනිත් කැරට් අසූහයේ රන්මාලු ප්‍රසන්නයයි ඇත්තටම ප්‍රසන්න කමෙන්ට් ලියලා තියෙන්නෙ, ඒ කියන්නෙ කන්ස්ට්‍රක්ටිව් අහවල් එක.
    හොඳට බලහං.

    Praසන්ன: මොන බම්බුවක් පාවිච්චි කරල හරි කමක්නෑ හොඳ චිත්‍ර ටිකක් අඳිමු වෙනී අයියෙ.

    prasanna86k:අතාරින්න නම් එපා අයියේ... ඕක හරියට පුරුදු වුනාම ජංගා වගේ තමා...

    උඹ සැලෙන්න එපා වෙනී.

    එතකොට අර.... මටහිතෙන හැටි කියලා කමෙන්ට් එක දාපු එකා ගැන මොකද? මට පේන්නෙ ඌ නම් මේ දෙකටම නැති මහා කඩප්පුලි කමෙන්ට් එකක් දාලා තියෙන්නෙ. උගෙන් පරිස්සං වෙයං. උම සැලෙන්න එපා වෙනී.

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. මුලින් මන් හිතා හිටියෙ වෙන්නප්පු යනවා කියලයි.. ඒ අදහස අත ඇරියා.. දැන් ප්ලෑන් B
      :-D

      Delete
    2. ඔන්න බලපංකෝ වෙනී අයියේ.. ඕකට තමයි කියන්නේ යාළුවෝ කොටවනවා කියලා. සික්....!

      Delete
    3. ඒයි මාලුවො අපි දෙන්න ඉවරයිද කොහෙද බං.

      Delete
    4. ප්‍රදීප් අපි අහුවෙන්න නරකයි..ලෑස්ති වෙන්න මෝල්ඩිව්ස් යන්න..ඇකමඩේශන් ෆ්‍රී.. ටිකට් එකට යන ගාන විතරයි යන්නෙ..
      ප්‍රසා සහ මාලුවා දෙන්නම ඉවරෙටම ඉවර කරලා නේන්නම් !

      Delete
    5. වෙනියා,
      ඩූඩ් ලොක්කගෙ ගෙදර යන්න යන වියදමෙං උඹට ආටිස්ට් කෙනෙක් පඩි ගෙවල ගතෑකි

      Delete
    6. ටිකට් එක එච්චර ගනන්ද බන් ?

      Delete
  17. උඩම පින්තූරේ නිකන් බලු බෙට්ටක් වගේ :-)))

    එල එල... බලමුකෝ ඉස්සරහට එන චිත්‍ර

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. එහෙම හැඩයක් තියෙනවා කියලා තේරුනේ රජා කීවහම තමයි..

      Delete
  18. ඔන්න ඔය චිත්‍ර කෙරුවාව තමයි මට ගැමියා කියන නම රෙජිස්ටර් වෙන්න මුල්ම හේතුව වුනේ...

    චිත්‍ර ටිකක් ඇඳලා දාන්න ආසාවක් තිබ්බට ඒ චිත්‍ර ඉවර කරන්න කලින් තව තව ඒවා අඳින්න හිතෙනවා අන්තිමට ඇඳපු චිත්‍රයකුත් නෑ ඇති බම්බුවකුත් නෑ වගේ වැඩක් තමා වෙන්නේ....

    මේ බම්බුව නම් පට්ට ඈ මම මේ මෙව්වා එකක් දැක්කමයි ගැජට් වෙනි අයියේ...

    ReplyDelete
    Replies
    1. ගැමියගේ චිත්‍ර නම් නියමයි ඈ..අපි කීපයක් දැක්කනෙ බ්ලොග් එකේ...

      Delete
  19. අරක නම් පට්ට පින්තූරේ !!!

    ReplyDelete
  20. මගේ වරදක් වෙන්න ඇති... ඒත් උඹේ බ්ලොගේ බලන්න එන්නෙ මීට වඩා දෙයක් බලාපොරොත්තුවෙන් වෙනී අයියෙ...

    වැටත් නියරත් ගොයම් කා නම්......

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න ඔබ පැමිනි බලාපොරොත්තුව බිඳුනට.. මේක අච්චාරුවක්. ඒකෙ තියෙන බෝංචි සහ කැරට් කෑලි වලට මාත් කැමති නෑ. ඒත් කන්න කැමති අය ඉන්න නිසා ඉස්සරහටත් මේක අච්චාරුවක්ම වේවි..

      Delete
  21. වෙනීගේ උත්සාහය අගය කරනවා..
    (මේක කන්ස්ට්‍රක්ටිව් කොමෙන්ටුවක් ඈ..!!)

    ඒත් වෙනී බැරි දේ බෑයි කියලා පිළිගන්නත් සෑහෙන ධෛර්යක් ඕනෑ කරනවා...ඉතින්(තව කීයක් හරි වියදම් වෙන්න කලියෙන්) ඒ ධෛර්යය වෙනීට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
    (මේකත් කන්ස්ට්‍රක්ටිව් කොමෙන්ටුවක් ඈ..!!)

    මීට වඩා අර පොටෝ කෙරුවාවෙ දියුණුව නම් අගය කරන්න ඕන..නරකද ඒ ගැන වැඩියෙන් හිත යෙදෙව්වොත්..

    ReplyDelete
    Replies
    1. ඔව් චිත්‍රත් අඬින්න ඕනි.. ෆොටෝ ගැනම තමයි මගේ හිතේ තියෙන්නෙත්..

      Delete
  22. සැලෙන්න එපා කවදා හරි තේරුම යයි ඇත්තටම බැහැ කියල එතකන් නොනවත්තාව අඳින්න..

    ReplyDelete
    Replies
    1. ඇයි වැරදිලා වගේ හොඳ එකක් ඇඳුනොත් එහෙම...

      Delete
  23. කනෙයියෝ මාර නිර්මාණ ශීලියිනේ උන් වෙනියගේ දිහා බලන්ද දන්නේ නැහැ ඕක හදලා තියෙන්නේ :)

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා මල්ලි මන් පොඩි කාලෙ ඉඳන්ම ඒ ගෙදර තමා හිටියෙ.. පහු ගිය අවුරුදු 20 ඇරෙන්න..

      Delete
    2. නිශාන්,
      එහෙනං ඔය කූඩුව පල්ලෙ ලොකු ලබු ගෙඩි දෙකක් විතර ඉස්ටෝරුවකුත් හදනව උං

      Delete
    3. සික් මෝල්ඩිව්ස් වල ඉන්න සහ හිටපු සේරම එකයි !

      Delete
  24. චිත්‍ර ඉගෙන ගන්න මාලදිවයිනට ගියාට කමක් නෑ වෙන්නප්පුවට එහෙම යනවා නෙමේ ඔන්න,ඔහෙ ඉන්නේ කනෙයියන්ටත් හපං උන්,, හයියෝ මේ කනෙයියංගේ සින්කොන් එක ඇදුනු තරමක්

    ReplyDelete
    Replies
    1. ඔව් ඩිලා මල්ලි ඕන් ඔහෙ මෝල්ඩිව්ස් ම තමා යන්න ඉන්නෙ..
      දැනමුතුකමට සිතූතියි ඕන්...

      Delete
  25. වෙනියා,
    මම උඹ ගැන දන්න නිසා කියන්නෙ, උඹට ගන්න තිබුනෙ බැම්බූ ටැබ්ලට් එකක් නෙමේ. ලිතියම් කාබොනේට් ටැබ්ලට් එකක් (300mg එක උඹට අයිඩියල්)

    ReplyDelete
    Replies
    1. ඒ ටැබ්ලට් එක ගත්තහම හොඳට චිත්‍ර ඇඳෙයිද මල්ලි ?

      Delete
  26. කෝ චිත්‍රයක් නෑ නෙ බලන්න. මං හිතුවා අදත් ඇති කියලා එකක්

    ReplyDelete
    Replies
    1. චිත්‍රයක් ඇන්ඳෙ නෑ චිත්‍ර අඳින එක ගැන නෙ විස්තරේ..

      Delete
  27. මහ වල් මැස්සෝ ජාතියක් නේ..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් හ්ම්ම්ම් ඒ වගේ..නැත්නම් වෙන හැඩ තිබ්බෙ නැද්ද ගුල හදන්න...

      Delete
  28. අයියෝ අපරාදෙ චිත්තර ටික...

    ReplyDelete
  29. ඔය ඇලට ඉරක් දෙකක් ගාලා තීන්ත දිය කරලා ඉහලා ගන්න ඒවට නේ අනේ දැන් මාකට්! මාස්ටර් පීස් දැන් ඒවා! හැබැයි පොඩි විස්තරයක් අපි හදාගන්න ඕන.නාර ඉරෙන් ගම්‍ය වෙන්නේ අරකය මේ කොටුවෙන් මේකය අරකද මේකද කියලා!එතකොටයි තව මාකට්!

    ReplyDelete
    Replies
    1. ඔව් සාබිත් එහෙම කරලා බලන්න ඕනි තමයි.. එතකොට මාව සම්භාව්‍ය ගනයට වැටෙයි නේද අපේ හෙන්රි කියන්නැහෙ..

      Delete
  30. This comment has been removed by the author.

    ReplyDelete
  31. චකේ චකේ.. මං දාපු කොමෙන්ටුව කෝ.. කනෙය්ය මැස්සො කෑව වත් ද ? :(

    ReplyDelete
    Replies
    1. මන් ස්පෑම් වලත් චෙක් කලා චන්දන.. ඔයාගෙ කමෙන්ට් එකක් නෑනෙ.. මොකද උනේ හැබෑටම ?

      Delete
    2. නෙට්වර්ක් අවුලක් ගිහින් හරියට වැටෙන්න නැතුව ඇති වෙනි අය්යේ. කමක් නෑ.. ඔය පස්සේ දාපු එක තියනවනේ..

      Delete
  32. කනෙයි පැණි නම් මාරම රසයි. මී පැණි වලට හැරෙන්නවත් බැහැ ඒක එක්ක.

    ReplyDelete
    Replies
    1. කනෙයි පැණි වල තියන්නේ ගොඩක් උකු ගතියක් නේද යාලු.. අපිත් පොඩි කාලේ කොල්ලො එකතු උනාම කඩල කනව. මැස්සො විද්ද කියල බය වෙන්න දෙකුත් නෑනෙ.

      Delete