ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Friday, August 24, 2012

ගැලරිද ? ඕඩීසී ද ?

Photo courtesy : http://www.inmagine.com/phins094/phins094178-photo


අද මේ කාලෙ නම් හෝම් තියටර් සිස්ටම් ඩීවීඩී සහ බ්ලූරේ තැටි වගේම අඟල් 60 විතර මහ තඩි ටීවී සෙට් තිබුනට ඒ කාලෙ හෝල් එකකටම යන්න ඕනි හිතෙ හැටියට ෆිල්ම් එකක් ඒ විදියට සවුන්ඩ් එක්ක බලන්න. මේ තාක්ශනය ගෙදරටම ආපු නිසා වෙන්න ඇති අද ෆිල්ම් බලන්න යන පිරිස අඩු වෙලා තියෙන්නෙ. 

හේතුව නම් මොකද්ද මන්දා මට අපේ කාලෙ ෆිල්ම් බලන්න ගිහින් වෙච්ච සිද්ධි කීපයක්ම මතක් උනා..

80 ගනන් වල මන් මුලින්ම බලපු ෆිල්ම් එක තමයි මුවන්පැලැස්ස ඒත් අම්මා අක්කා සහ ගෙදර කට්ටිය එක්ක ගියේ කහවත්ත ඔය තොරන් ගහන ග්‍රවුන්ඩ් එක සහ හොස්පිටල් එක ළඟ තියෙන ෆිල්ම් හෝල් එකට..දැන් නම් ඒක තියෙනවද මන්දා ? ඊට පස්සෙ අයියා  එක්ක ඒකෙම ෆිල්ම් ගනනාවක් බලන්න ගියා. ඒත් අයියා බැන්දට පස්සෙ නම් අක්කා එක්ක ගියා මිසක් මාව එක්කන් ගියේ නෑ. ඕලෙවල් කරලා ඒ ලෙවල් කරන්න පටන් ගත්තට පස්සෙ නම් ටියුශන් පංති යන්න අහල පහල තියෙන ටවුන් වලට ගියාට පස්සෙ ඒ ටවුන් වල වල බැහලා ෆිල්ම් බලන්න සෙට් උන වාර නම් අනන්තයි. ඔය කාලෙ හොඳ  ෆිල්ම් හත අටක් යන කොට වැඩිහිටියන්ට පමණයි ෆිල්ම් එකක් විතර දුවනවා ඕවයෙ. අපිත් ඉතින් ගෙදරට ක්ලාස් යනවා කියලා ගිහින් සෙට් එක එක්කම හොරෙන් පනිනවා ඔය ෆිල්ම් බලන්නත්. ටිකට් කවුන්ටරේ එකාට වැඳලා වගේ ටිකට් ගන්නෙ මොකද එතකොට යාන්තම් 18 ලැබුවට 18ක් කියලා පෙනෙන්නෙ නැහැනෙ. ඊටත් වඩා හෝල් එකට ගියාට පස්සෙ ගමේ කාට හරි අහු උනොත් ගෙදරට ආරංචි වෙයි කියන බයත් තිබුනා. 

ඔහොම එක සෙනසුරාදාවක හෝල් එකේ ලයිට් නිවුවටත් පස්සෙ අපි රිංගා ගත්තා හෝල් එකට. ඒක වැඩිහිට්යන්ට පමණයි ගහපු දෙමල චිත්‍රපටියක්. චිත්‍රපටිය පුරාවටම තිබ්බෙ කිතු දහමට අනුව මිනිසා සහ ගැහැණිය බිහි වෙච්ච හැටි සහ ආදම් සහ ඒව අර සර්පයගේ පලතුර කාලා සාමාන්‍ය මිනිස්සු වෙන විදිය වෙනකම්. ඒකෙ මොකද්ද වැඩිහිටියන්ට පමණයි වෙන්නෙ. ඔය චිත්‍රපටිය පුරාවටම ආදම් ඇඳ ගෙන හිටියෙ ගහකින් කඩපු ලොකු කොළයක් සහ ඒව නම් ලොකු කොළ තුනක් ඇඳ ගෙන හිටියා. ෆිල්ම් එකේ ඉන්ටවල් එකේදි අපි සෙට් එක හොරෙන්ම එහා පැත්තට වෙලා හිටියා කාටත් නොපෙනෙන්න. ඉන්ටවල් එකෙන් පස්සෙ ෆිල්ම් එක ටිකක් වෙලා යනකොට අපේ එකෙක් හයියෙන් කියාපි ,

"යකෝ මේ ෆිල්ම් එක ෆෙබරවාරි පෙන්නුවනම් ඉවරයිනෙ"

කියලා.

කවුද ඇහුවා .

"ඇයි බන් ?"

"ඇයි අහන්නෙ ෆෙබරවාරි කොළ හැලෙන කාලෙනෙ..ඒ කාලෙ උනා නම් අර කොළ තුනත් හැලෙනවනෙ බන් අපරාදෙ අපේ සල්ලි"

ඔය කතාවට සෙට් එකම බක ගාලා හිනා වෙන්න ගත්ත හින්දම හෝල් එකේ අනිත් උනුත් අපි දිහා බලන්න ගත්තා. කවූරු හරි එකෙක් අපේ සෙට් එක මැදට ආවා අපේ හිටිය එකෙකුට සට පට ගාලා කනට ගහනවා.

"මොකාද යකො කිශාන්තට ගහන්නෙ ?"

කියලා අපිත් ඌට නෙලන්න සෙට් උනා විතරයි.

ක්‍රිශාන්තයා කෙඳිරි ගගා වගේ අපිට කියනවා ඇහුනෙ,

"මචන් අපේ අයියා"

කියනවාෆිල්ම් එකේ එතනින් එහාට උනේ මොනාද කියලා අපි දන්නෙ නෑ.. අපිම කියලා නොදැන හිටියත් ගෙවල් වලින් අපිවත් සැක කලා එතන අපිත් යන්න ඇති කියලා. 

ක්‍රිශාන්තලගේ තාත්තා ක්‍රිශාට විතරක්ම නෙවෙයි තලලා තිබුනෙ.. අයියටත් පයින් එකක් ගහලා..ඇයි ඌත් ගිහින් තියෙන්නෙ ඒ ෆිල්ම් එක බලන්නමනෙ.. 

ටික කාලයක් යනකම් ක්‍රිශා හරි උගේ අයියව හරි අපේ සෙට් එකට ආවෙ නෑ.

අපි කැම්පස් පළවෙනි අවුරුද්දෙ ඉන්න කාලෙම තමයි මී හරකා ෆිල්ම් එක ආවෙ. නුගේගොඩ අපි බැලුවට පස්සෙ අපි එක්ක ඉන්න කෙල්ලො සෙට් එකටත් ඕක බලන්න යන්න ඕනි උනා. අපිට මොකෝ අපිත් උන්ගෙ ආධාර වලින් ආයි ගියා බලන්න..ඔය ෆිල්ම් එක බලන්න එන අනිත් උන් අපි කොල්ලො තුන්දෙනයි කෙල්ලො පස් දෙනයි දිහා බැලුවෙ නිකන් අමුතු විදියට... අද කාලෙ නෙවෙයි ඔය 93 අවුරුද්දෙ... අර සුමිත් කියන්නා වගේ කාලෙට සාපේක්ශව බලන්ඩලකො...ඒකෙත් ෆිල්ම් එකේ අන්තිම බාගේ යද්දි අපේ පේළියට පිටි පස්සෙ හිටපු අයියලා දෙන්නා අපේ කෙල්ලො දෙන්නෙක්ගෙ පස්සට කකුලෙ ඇඟිලි වලින් මසාජ් එකක් දෙන්න ගිහින්..මොකද ෆිල්ම් එකේ මුල හරියෙ පොඩ්ඩක් ටච් එකක් දැම්මා කියලා උන් කීව හින්ද අපි කිව්වා..අපි බලා ගන්නම් කියලා. එහෙම කියලා එකෙක් හරි ආයි ටච් එකක් දැම්මොත් අපිට දන්වන්න කියලා අපි කීවා..එහෙම කරලා අපි තුන්දෙනා අපේ පස් දෙනා අතරින් එකෙක් ඇර එකෙක් විදියට ඉඳ ගත්තා. අපි සෙට් එකම මුකුත් නොදන්න තාලෙන් හිටියෙ.. මන් ළඟ හිටි සුනීතා මට කකුලෙන් ඇන්නා..මන් දන්නවා වැඩේ හරි කියලා. මන් හෙමිහිට සුනීතගේ පුටුව පස්සෙන් අත දැම්මා.මූ මුළු කකුලම සුනීතගේ පස්සෙ තියන්..හෙමිහිට කකුල අතගෑවා..මූ තව ටිකක් කකුල දුන්නා.. කකුලෙ අහුවෙන මයිල් පදාසයක් ගලවා ගත්තා.. මූ කෙඳිරි ගානවා ඇහුනත් එක්කම නැගිටලා යන්ඩ ගියා.. අනිකත් එතනින් එලිය ගියා. අපේ සුනිල් උගේ බාටා එක ගලවගෙන..

ඕක ගැන අපි හිනා වෙච්ච තරමක් ඉතුරු අවුරුදු තුනේම..

අපි ලව් කරන කාලෙ අද වගේ නෙවෙයි.. මාස ගාණක් බිත්තර තම්බලා තම්බලා.. වදෙන් පොරෙන් අහලා ලව් එකත් මාස හත අටක් ගියාට පස්සෙ තමයි උලත් එකයි පිලත් කේයි කියලා හිතලා ෆිල්ම් එකක් බලන්ඩ යන්ද කියලා අහන්නෙ.. 

ඒකට අද නම් අද ඇහුවා හෙට රෙස්ට් හවුස් එකක කාමරේට ගියා හෙට සේරම වැඩ ඉවරයි දෙන්නා වෙන දෙන්නෙක් සෙට් කරන්.. නැත්නම් කොල්ලා බැඳපු එකෙක්.. කෙල්ල කඳුළු බිබී සාප කර කර ඉන්නවා. 

ඉතින් මන් මෙතන කියන්නෙ නෑ.. අඩේ අපේ කාලෙ පට්ට, නියමයි, සදාචාරේ රැකුනා.. අපි ඔව්වා කලේ නෑ..අපි හරී හොඳයි කියල නම්..ඒ වෙනුවට කියන්නෙ උඹලට හොඳ නම් ඕනි මඟුලක් කර ගනියව්.. ඉතින් අපිට පාන්ද ? හැබැයි නංගිලා... දූලා.. වැඩේ කොරවා ගෙන බොරුවට අපි බබ්බු කියලා ඔය බලෙන් ඇද ගෙන ගිහින් කොරා කියලා පොලෝසි පොත් පුරවන්නයි, පත්තර, එෆෙම් නාලිකා පුරවන්නයි ඉස්සර කල්පනා කොරහල්ලා.. එච්චරයි. කොල්ලන්ටත් කියන්නෙ නිකන් විරහා ඔළුවෙන් ඩ්‍රග්ස් වලට ඇබ්බැහි වෙන්න හරි නැත්නම් අරකි මරලා තමන්ගෙ ජීවිතෙත් විනාශ කර ගන්නෙ හරි නැතුව කොරන මඟුලක් කර ගත්තට අපිට මොකෝ ඕන්.. 

අන්තිමේ අපිටයි මල කරදරේ ඔව්වා මීඩියා වලින් යනකොටයි නැත්නම් අනේ මන් බබා මට මේ සේරම කෙලි උනේ ලව් කොරන්ඩ ගිහින්ය කියලා කඳුළු පෙර පෙරා අපේ කාලෙත් කන්ඩ එනකොටයි උන්ගෙන් අහන්නෙ වෙන්නෙ යකෝ අපිට කියලද ඔව්වා කොරේ කියලා තමයි..මල පයින්නෙ කෙල උනහම චරු චුරු ගාන්ඩ එනකොට තමයි..

මහ පඳුරක් නොවැ තැළුවෙ.. කෝ කතාව ?

ඉතින් ඔහොම බොහොම අමාරුවෙන් කැමති කරවා ගෙන හෝල් එකකට එක්කන් ගිය ළමයව තමන්ගෙ අම්මටයි තාත්තටයි අතටම අහු උනහම කොහොමද තියෙන සනීපෙ ? හැබැයි ඒ අම්මයි තාත්තගෙයි මෝඩ කමට ඕක ගමේම ලීක් වෙලා ආයි ඒ කෙල්ලට තව කොල්ලෙක්ව හොයා ගන්න බැරි උනාට නම් පෙම්වතා වග කියන්ඩ ඕනියැ ? ඒ සිද්දිය උනේ මගේ හොඳම යාළුවෙකුට.. අන්තිමේ අර ගර්ල් රට ගියා ගියාමයි..ගමට ආවෙවත් නෑ. ගම්පහ පැත්තෙන් බැඳලා ඉන්නවා කියලා තමයි මේ ළඟදි මන් ඒ ගොල්ලන්ගෙ ගෙදර ගියහම කිව්වෙ. අර මගේ යාළුවා ටවුන් එකේම හොඳ බිස්නස් කාරයෙක්. ඒ මහ දෙන්නා අදටත් පසු තැවිලි වෙනවා ඒ දෙන්නා කරපු නාඩගමට. මොකද අපිත් ඒ කාලෙ හැදුවෙ ඒ සිද්ධිය ලීක් නොවී ගොඩින් බේරන්ඩයි. ඒ අම්මගේ යාළුවෙක්ගෙ පණ්ඩිත කමට මේ ළමයව ඩොක්ටර් කෙනෙක් ළඟට එක්කන් ගිහින් කන්‍යා පටලය තියේද කියලා චෙක් කරලා. අර උපදෙස් දීපු යාළුවම පස්සෙ ඕක ප්‍රචාරය කරලා ගමේ. ප්‍රශ්ණයක් වෙලා නෑ..කියලා..

ෆිල්ම් හෝල් වල වෙච්ච කිව හැකි වගේම කිව නොහැකි කතාත් ගොන්නක් මතකෙට ඇදී ගෙන ආවත් තව කොටසකින් ඒ ටික කියන්නම්...

59 comments:

  1. හික්ස්! ඒ කාලෙ හින්ද උජාරුවෙන් කියන්න අති මයෙ හිතේ...
    අපරාදෙ!!

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා ? හැම වෙලාවෙම ඒ කාලෙ එක්ක සසඳද්දි මොනා හරි අවුලක්දෝ කියලා නම් හිතෙනවා..

      Delete
  2. පරණ කාලේ මතක් උනා අපි යාළුවො සෙට් එකත් නුගේගොඩ තියෙන හැම හෝල් එකකම කරක් ගහල ඇති ඕනේ තරම්.

    ReplyDelete
    Replies
    1. ඒත් දැන් නම් හෝල් එකකට ෆිල්ම් එකක් බලන්න යන්නවත් හිතෙන්නෙ නෑ.. මොකද මන්දා ? ගානත් එක හේතුවක් තමා..ඔය 3D ටිකක් වත් බලන්න යන්ඩෝනි

      Delete
  3. වෙනි අය්ය කහවත්තෙද. බ්ලොග් එකට ආවට දන්නේ අදනේ. දැන් නම් කහවත්තේ හෝල් එක නෑ මට මතක හැටියට. අපිත් ඒ කාලෙ උදේ 10.30 බලලා ආයේ හවස 2.30 ත් බලනවා.

    …පරණ කතා.. ආතල් කතා :)

    ReplyDelete
    Replies
    1. උපන් ගම කහවත්ත කිට්ටුව චන්දන මල්ලි, දැන් නම් ඉතින් මේ සිදාදියෙ හිරවෙලා නොවැ..ඒ කාලෙ තොරණ් බලන්න යන්නෙ කහවත්තට ම තමයි..

      Delete
  4. කතන්දර කීපයක් මතක් වුනා .. :)

    පන්ති කට් කරලා ෆිල්ම් බලන්න ගියේ එකම එක පාරයි. හැබැයි ඉතින් කාලයක් තිබුනා පන්ති 2ක් අතර පැය කිහිපයක් පරතරයක් තිබුනා. ඉතින් ඒ වෙලාවට නිතරම වගේ හෝල් එකකට යැවුනා..

    දවසක් පරක්කු වෙලා 18+ එකක් බලන්න ගිය මම ගිහින් කළුවරේම වාඩි වුනේ කාගෙදෝ උකුලක. ඊට පස්සේ සොරි වෙලා ඊ ළඟ පුටුවෙන් වාඩි වුනා.කළුවරට ඇස් හුරු වෙලා බලන කොට අපේ ඉස්කෝලේ සර් කෙනෙක්ගේ උකුලේ තමයි වාඩි වෙලා තිබුනේ.. කළුවරේම තැන මාරු කරලා ඉවර වෙන කොටම එළියට පැන ගත්තා.

    තවත් දවසක් ඉතාම කලාත්මක 18+ විකට චිත්‍ර පටයක් (The Natural .....) බලන්න ගිය මම එලියට එද්දී පාරේ අනිත් පැත්තේ අල්ලපු ගෙදර හත් මුතු පරම්පරාවම ඉන්නවා. මම මම නොවී එතනින් මාරු වුනා. ඒ අය මාව පාවා දුන්නේ නැහැ.

    තව දවසක් අපි ඇතුලේ ඉඳං එලියට එන කොට අපේ එකෙක්ගේ පිය තුමා බැල්කනියේ ඉඳල ඇවිත් මුණට හම්බ වුනා. දෙන්නම නොදැක්ක වගේ මාරු වුනා.. හැබැයි ඉතින් එතුම කියල තිබ්බේ "ඉගෙන ගෙන ඉවර වෙලා ඕන එකක් කර ගන් .." කියල විතරයි.

    ReplyDelete
    Replies
    1. රාමගෙ කාලේ හිටිය ද මන්ද "ද බේබි ඉන් ද බියුටිෆුල් රෙස්ට්" කියන නික් නේම් එක තිබුණ ඉංග්‍රීසි උගන්නපු සර් කෙනෙක්.

      එතුමයි පුතයි දෙන්න ඉම්පීරියල් එකේ "ඇඩස් ඔම්ලි" එකක් බලලා දෙන්නට දෙන්නා අතේ මාට්ටුවෙලා. හැබැයි කිසි අවුලක් වෙලා නෑ.සර් ටිකක් එක විදිහක්....ඔය නික් නේම් එක වැටිල තියෙන්නෙත් ගෑල්ලමයෙක් හිටපු ඉරියව්වක් දිහා බලලා කළ ශෘංගාරාත්මක ප්‍රකාශයක් හින්දා...

      Delete
    2. ඔව් රාමා ඇත්තටම එහෙම හොරෙන් බලන්න යන එකෙත් වෙනම ජොලියක් තිබ්බා.. 18-20 උනාට පස්සෙ ඉතින් ඕනෙ වෙලාවක යන්ඩ පුළුවන් නිසාදෝ මන්දා එච්චරම ගියේ නෑ..
      එහෙම රිලේශන්ශිප් තියෙන තාත්තලා පුත්තු ඉන්නෙ කලාතුරකින් ඒ කාලෙ.. සුමිත්

      Delete
    3. @සුමිත් අයියා : එහෙම නමක් අහලනම් නැහැ. සමහර විට මම ගිය කාලේ (92-2000) ඒ සර් ඉන්න නැතිව ඇති. නැතිනම් නික් නේම් එක අභාවයට ගිහින් තියෙන්න ඇති. කදිරා , ඩවුන් විලේජ් දෙන්නගේ තමා නම් මතක.. මම වාඩි වුනේ ටොම්බගේ උකුලේ..

      උඩහින් මම කියල තියෙන සිද්ධි වලින් 2ක් ම වුනේ ඉම්පීරියල් එකේ.

      Delete
  5. තාම නම් ගොසින් නැත..යන්නට සිතා සිටින්නෙමි.. එල කතාව හොඳා
    මං මේ සුදාගේ සිතුවිල්ලක් ලහින්

    ReplyDelete
    Replies
    1. යන්ඩ යන්ඩ කියලා නම් උපදෙස් දෙන්නෙ නෑ.. ඒත් නොගිහින් මක්කටැයි ?

      Delete
  6. මම නම් ලංකාවේ බලලා තියෙන්නේ අතේ ඇඟිලි ගාණට ෆිල්ම් කිහිපයක්. ඒත් අසූ ගණන්වල. අපේ අක්කලා හෝ කා එක්ක හරි ගිහින්. මතකද ටවුන් එකේ තිබ්බ ඉම්පීරියල් ඒකයි ජේ එෆ් එකයි තමයි. මට අදටත් මතක වසන්තියි රවීන්ඩ්‍රයි රඟපෑව ධවල පුශ්පය එහෙම බලපු එකක්.
    ඊට පස්සේ ඔය ප්‍රිමියර් එකකට වගේ ගිහින් තියෙනවා මිසක් ලංකාවේ ෆිල්ම් බලලම නෑ වගේ. ඒත් මේ පසුගිය දවස්වල ගෙදර ඉන්න ගමන් සිංහල ෆිල්ම් හොයන් බලන්න ගත්තා. ඇත්තටම එවෙලේ මට පුදුම හිතුනා. අර ඉස්සර කාලේ මතක තිබ්බ ෆිල්ම් එක තරම්වත් ලස්සන එකම ෆිල්ම් එකක්වත් තිබ්බේ නෑ. අන්තිමට මගේ සිංහල ෆිල්ම් බැලීමේ ආශාව සඳහටම නැති වුනා.
    අනික අර ඔයා කීව ගැජමැටික් තිබ්බා කියලා නෑ ෆිල්ම් බලන්න ආසා මිනිස්සු කොහොමත් ෆිල්ම් එක එනකම් ඉඳලා හෝල් එකට ගිහින් බලාගන්නවා. ඒක තව මාසයකින් පේ ටී වී වලට ආවත් මාස හතරකින් පබ්ලික් ටී වී පෙන්නුවත් එහෙම තමයි. විශෙශයෙන්ම පිට රය වල සිනමාව රැදෙන්නේ එක හින්දා කියලායි මම හිතන්නේ. මෙහේ පොඩි එකාගේ ඉඳන් හැමෝම සිනමාව එක්ක ලොකු බැඳීමක් තියෙනවා. පාඩු වෙවී ෆිල්ම් දුවන්නේ නෑ කියලා හිතෙන්නේ කොයි වෙලේ ගියත් ෆිල්ම් දහයක් පහලොවක් පෙන්වන හෝල් වල උනත් හැම වෙලේම සෙනග පිරිලා ඉන්න හින්දා.

    ReplyDelete
  7. ඔප්ස් මම ෆිල්ම් ගැන කියෙව්වට වෙනීගේ පෝස්ට් එක වෙන කතාවක්නේ බලාගෙන ගියාම.
    ඒක ගැන කතා කරනකොට නම් මට ඔහොම හිතෙන්නේ නෑ. අවැසි නිදහස දුන්න නම් ඔය දේවල් ඔයිට වඩා වෙනස් වෙයි. අපි හැමෝම හැමෝටම බ්ලේම් කරගන්න, අනිකාගේ නිදහසට ගරු නොකරන සමාජයක් පවතිනකම් මේ දේවල් වෙනස් වෙන එකක් නෑ කියලායි මගේ අදහස නම්,

    ReplyDelete
    Replies
    1. ඔව් බූරු බබා ඒත් මෙහෙ සිනමාවට ප්‍රේක්ශකයි අද්දවා ගන්න බැරි හේතුවක් විදියට ලොකුවට ඔය කාරනෙ කියවෙනවා.. පිටරටවල් වල තත්වය නම් වෙනස් තමයි. දෙවෙනි කාරනෙ සම්බන්ධව නම් ඔබගේ මතයට මමත් එකඟයි සහ එහෙම වෙනව නම් ප්‍රශ්න අඩුවෙයි කියලත් හිතනවා..

      Delete
  8. අපිත් ගුටි කාගෙන, ටී ෂර්ට් එහෙම අරගෙන ඉස්කෝලෙන් පැනලා ඇඩම්ස් ඔන්ලි බලන්නේ, එක දවසක් එමැනුවෙල්ද කොහෙද බලන්න හිය වෙලාවේ. මම එකෙක්ට කතා කලා චූ පාරක් දාන්න යන්න. මොකක්ද දන්නවද ඌ කිව්වේ, උඹ මගුලක් කතා කරනවා දැන් අත තියපු ගමන් බඩු යනවා. තොපිට ඕන නම් පලයන් කියලා.

    ReplyDelete
    Replies
    1. අපිත් ඒ කාලෙ රත්නපුරේදි බැලුවා ඩෝටර් ඔෆ් එමෑනුවෙල් කියන ෆිල්ම් එක..ෆිල්ම් එක ඉවර වෙලාත් සමහරක් ඉඳ ගෙන ඉන්නවා.. ටික වෙලාවක් යනකම්.. විශේශයෑන් සරම් කාරයො.. සරම් කාරයොනෙ එහෙ වැඩියෙන්ම ඉන්නෙ..

      Delete
  9. වෙනියා තරමක ආවේගයෙන්නෙ මේක ලියලා තියෙන්නෙ.:)

    //මන් හෙමිහිට සුනීතගේ පුටුව පස්සෙන් අත දැම්මා.මූ මුළු කකුලම සුනීතගේ පස්සෙ තියන්..හෙමිහිට කකුල අතගෑවා..මූ තව ටිකක් කකුල දුන්නා.. කකුලෙ අහුවෙන මයිල් පදාසයක් ගලවා ගත්තා.. මූ කෙඳිරි ගානවා ඇහුනත් එක්කම නැගිටලා යන්ඩ ගියා..//

    මෙන්න මෙතන පොඩි අවුල් ගතියක් නැත්ද මචං?
    උඹ ආපහු අත ගත්ත කතාවක් මෙතන නෑනෙ!!! :O

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්.. කාගෙන් බේරුනත් ඩූඩ්ගෙන් බේරිලි බොරු වෙනි අයියේ.. දැන් ඊට පස්ස් වෙච්ච ටිකත් කිව්වනම්.. :-)

      Delete
    2. අන්න ඒක තමයි මමත් හිතුවේ.. අත කොහොමටත් තිබිලතින්නේ එතන වෙන්ඩ ඇති අරුගේ කකුල අපේක්ෂාවෙන්..

      Delete
    3. Excellent observation dude..
      ඇත්ත කථාවනම් පොර වෙනියගෙම කොන්ත්‍රාත් එකක් කලා කියන එකයි..
      First aid injury එක script එකේ තිබිල නෑ
      ඒකට පොඩි ගාණක් පස්සේ ගෙවන්න වුණාලු variations වලට දාල :-D

      Delete
    4. :D මම කමෙන්ට් එකක් ටයිප් කරලා ඩිලීට් කලෙමි...

      Delete
    5. අනේ ඒක දාපං බීටලේ. මෙතන නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ ක්ෂේම භූමියක්!ඔය පේන්නැද්ද උඩ? :D
      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

      Delete
    6. ++++++++ හි හි හී

      Delete
    7. ආවේගශීලී වෙන්න හේතුව නම් ජොබ් එකේ ඩියුටියක් විදියටම දවසට පත්තර හතක් කියවන කොට ඇහැ ගැටෙන දේවල් නිසා ඇති වෙච්ච ආවේගයක් තමයි හෙන් රි..
      අත ගත්තා ඒ සැනින්ම... සික් බොලාගේ වල් හිත !
      හුහ් ඔය ඉන්නෙ දී කිරට සාක්කි කියන්ඩ බළල්ලු රැළක්ම..
      බීටලේ ඕන් ඔහෙ ඩිලීට් කරපු එක දමන්ඩලා අනේ..

      Delete
  10. මොකටද බොරු ඇදබාන්නේ..
    මාත් ගියානේ කෙල්ලත් එක්ක පිල්ම් එකක් බලන්න..
    හැබැයි ඒ පිල්ම් බලන්න විතරයි ඈ.. වෙන වැඩ වලට නෙමේ..
    හික්ස්..

    ReplyDelete
    Replies
    1. මන් ඒකයි එතන බහුතරයක් කියන වචනේ පාවිච්චි කලේ මල්ලි, ඔයා අහුවෙන්නෙ අනිත් සුළුතරයට තමයි...

      Delete
  11. මට මතක් උනේ අපේ අයියා ෆිල්ම් බලන්න ගිහින් තාත්තට මාට්ටු උන එක... :)

    ReplyDelete
    Replies
    1. අපොයි මල්ලිගෙ මොලේ අයියට තිබෙන්ඩ නෑ එහෙනම් තාත්තට හොරෙන් ෆිල්ම් බලන්ඩ යන්න .. නේද මල්ලි ?

      Delete
  12. ඔය වෙනී අයිය කියන්නෙ කහවත්තෙ රෝයල් හෝල් එක වෙන්න ඇති. ඒකෙ ෆිල්ම් පෙන්නන්නෙ තොරණ තියෙන කාලෙට විතරයිද කොහෙද. මම එක පාරක් ගියා ඒකෙ ප්‍රොජෙක්ටර් රූම් එකට. එතන රීල් එකට දෙන වද ටික දැක්කම එපා වෙනව.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මල්ලි රෝයල් තමයි..එක ළඟ දෙකක් තිබ්බා.. අර පිට්ටනියට යාවම තිබ්බ එක තමයි අපි මුලින්ම මුවන්පැලැස්ස බලන්ඩ ගියේ..

      Delete
  13. ඔය කියන හෝල් එක මම දන්නවා,නියම ටකරං මඩුව මේ මෑතක් වෙනකල් තිබුණා දැන් කොහොමද දන්නෑ.

    ගතයුතු දේ එමට තියෙන පෝස්ට් එකක්.....

    ReplyDelete
    Replies
    1. ඔව් සුමිත් මමත් අවුරුදු 10කින් විතර කහවත්ත ටවුන් එකට ගිහින් නෑ..ඒක ටකරන් තමයි.. වහින වෙලාවට ෆිල්ම් එකේ දෙබස් ඇහෙන්නෙත් නැති ගානයි..

      Delete
  14. 93 ද "මී හරක" ආවෙ ?
    ඊට අවුරුදු 20ට වගේ කලින් නෙවෙයිද....???????

    ReplyDelete
    Replies
    1. කතෘගෙ ෆේස්බුක් එකේ බැලුවොත් හරියටම බලාගත්තෑකි පිසාචයා. කැත වැඩේ ආ!
      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

      Delete
    2. සික් විතරක් පිසාචයා ! ඒක ආවෙ 93 අග හරි 94 මුල හරි
      හිටින් හෙන්රි මන් මේකව මූනු පොතෙන් unfriend කරලා එනකම් !

      Delete
  15. ගොඩක් දෙමාපියෝ කරන මෝඩ වැඩ වලින් අන්තිමට දුක්විඳින්නේ දරුවෝ. මේ ළඟදිත් කේස් එකක් වෙලා තිබුනේ.. අනේ ඉතින් දැන් ඒ අම්ම අප්පා වුනත් කොහොම පාරේ යනවද දන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව් දරුවො නිසාද මන්දා දෙමව්පියො ඒ වගේ වෙලාවට දුර දිග හිතන්නෙ නෑ.. නමුත් දුරදිග සිතිය යුත්තේම ඒ වෙලාවෙදි තමයි. මොකද දරුවන්ගෙ ජීවිත ගෙවෙන්න බොහොමයක් තියෙන නිසා !

      Delete
  16. මෙතන කතා දෙක තුනක් නේ, සේරම එකට දාපු එක හින්දා සමූහයේ ජවය අඩුවෙලා!

    ReplyDelete
    Replies
    1. ඔව් කතන්දර.. පොස්ට් ටිකක් දමන්න බැරි උන නිසාත්..කතා කීපයක්ම එකට එකතු කලා..

      Delete
  17. ෆිල්ම් හෝල් අත්දැකීම් අපිට නෑ අෆ්ෆා ....

    තකහනියම මේ වගේ කතා ටිකක් ලියන්න හිතුනෙ ඇයි කියල මට නම් තාමත් මීටර් වුනේ නෑ.

    ReplyDelete
    Replies
    1. විශේශ හේතුවක් නම් නෑ.. මතකෙට ආපු නිසා ලිව්වා අප්පා !

      Delete
  18. අප්පට සිරි..දැන් ඉතින් ඔවයේ නොකීව ඇත්ත කතා ටික කො ? අර වෙනී අයියා කතා නයකයා වෙච්ච් එව්වා

    ReplyDelete
    Replies
    1. හිකිස්.. ඉන්ඩලාකෝ පැන්ඩා ළමයා.. ආයි දොහක කියන්නම් !

      Delete
  19. මට නම් ඔය අතීශයින්ම වැඩිහිටියන්ට පමණයි කියන චිත්‍රපටියක් මතක් වෙච්ච ගමන් ඊලඟට මතක් වෙන්නෙම පේරාදෙණිය හන්දියේ තියෙන තුසිතය කියන කෝල් එක !!!

    ReplyDelete
    Replies
    1. කෝල් = හෝල්
      විය යුතු ය.

      Delete
    2. ඔව් ඔව්.. ඔතන හැමදාම එහෙමම නේ.

      Delete
    3. කෑගල්ලෙත් අර එක ළඟ තියෙන හෝල් දෙකෙන් එකක් එහෙම නේද ...

      Delete
    4. අඩේ මොකක්ද බොල ඒ හෝල් එකේ විශේෂත්වය? අපිටත් දැනගන්න එක්ක කියන්ඩලා.

      Delete
    5. ඒකෙ පෙන්නනේම වැඩිහිට්ටන්ට එව්වා විතරමද මල්ලි ?

      Delete
  20. මාත් 9 වසරෙදි ක්ලාස් යනවා කියලා ගිහින් ටයිටැනික් බැලුවා. ෆිල්ම් එක මැදදී තමයි දන්නෙ අරවා (හි හි) තියෙනවා කියලා. පවුල් පිටින් බලන්න ආපු ඔක්කොම කොර.

    ReplyDelete
    Replies
    1. එහෙම සීන් නම් අනන්තවත් වෙනෝ..අම්මලා තාත්තලා දැන ගන්ඩ එපාය ෆිල්ම් එක ගැන පොඩියක්.. ළමයි බමයි එක්කන් එන්න ඉස්සර වෙලා..

      Delete
  21. මෙයත් ඒ කාලේ හරි වැඩ කරලා තියෙන්නේ...:)
    කෝ දැන් සුනීතා?

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ වෙන වැඩ පොඩ්ඩි.. සුනීතා දැන් කොහෙ ඉන්නවද මන්දා ? අන්තිමට හම්බ උනේ 97 උපාධි ප්‍රදානෝත්සවයෙදිම තමයි..

      Delete
  22. ඒ කාලේ නම් මරු එකට තියෙන්න ඇති. දැන් ඉතින් ඔක්කොම කනපිටනේ.

    ReplyDelete
    Replies
    1. දැන් ටිකක් වෙනස් ම තමයි.. මීඩියා වලින් පුම්බනවත් වැඩිද මන්දා ?

      Delete
  23. තුසිත සිනමා ගැන කියල වැඩක් නෑ.... ඒක තමයි පොඩිහිටියන්ව වැඩිහිටියන් වෙන්න කියාපු තැන.ලියන්නා කියන්නා වගේ ඒ කාලෙ හොදේ... කටුගස්තොටත් තාම නරකම නෑ...

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ හොඳා කියනවට වඩා ඒ කාලෙ අදට වඩා වෙනස් කියන්න තමයි මන් කැමති..

      Delete