ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Friday, August 10, 2012

මා දුටු ලියන්නා


මා දුටු ලියන්නා සිතුවමට ඇඳ එවූ සියල්ලන්ටම මාගේ හද පිරි සතුට පිරි නමන අතර.. තවමත් මෙම ඇබෑර්තුව විවෘතව ඇති බව මා හද පිරි ප්‍රීතියෙන් යුතුව මෙයින් ප්‍රකාශ කර සිටිමි..






La flaneur විසින් එවනු ලැබු  මෙම චිත්‍රය.. මා තවමත් ඇය\ඔහු කවුදැයි නොදනී.. මා යැවූ මේලයටද තවම පිළිතුරක් නැත..නමුත් චිත්‍රය නම් කදිමය..
\\i

I just saw my little piece of art in your post today. Thanks for publishing it .

Nope, am not any of your friends. But a huge fan of your blog. I love your writing (and your art too ). Keep it up dude, all the best!\\

මීට වඩා සතුටක් තවත් කොයින්ද ?



මේ අපේ මාධව ජයරත්න මලයා විසින් එවනු ලද්දකි..ඔහු බයිසිකලයේ සිට මා ඈතින් දැක ඇති අයුරු මනාවට සිතුවමට නගා ඇත..





අපේ කල්හාර මල්ලිගේ දු විසින් අඳින ලද්දකි. පොඩ්ඩි මාව දැක්කෙ සයිබර් උලෙලෙදි තමා පලමුවෙනි සැරේට..


මේ අපේ රාමා විසින් අඳින අද සහ නිර්මානය කරන ලද සිත්තර දෙකයි...මේ ෆොටෝ එක නම් ගත්තෙ චින්තක එදා BMICH එකේ Hitel Show 2012 දී..රාමත් අපේ අම්මගේ මල ගෙදර ආපු නිසා රැවුල ඇඳලා තියේ..


මෙය සමීර අළුත්ගෙදර මලයා විසින් එවන ලදී..මන් හෙළුවැල්ලෙන් අර ඉස්සෙල්ලා කොප්පෙ ගහපූ එකද මන්දා ඇඳලා තියෙන්නෙ.. කොටු කොටු ටිකක් දමනවද කියලා හිතලත් පස්සෙ ඒක නෙවෙයිම කියලා සහතික උන නිසා චිත්‍රෙ එහෙම්මම තියෙන්නෙ ඇරියා..



මේ වඩා පහසුව සඳහා බොහෝ කොටස්  නම් කොට චිත්‍රය ඇන්ඳේ අපේ සිහින මලයායි..මගේ යාළුවොයි මායි මේකට හිනා වෙච්ච තරමක්..



මෙම චිත්‍රය ක්සැන්ඩර් එවා තිබුනි..හැබැයි ක්සැන්ඩර්ට සිත්තරේ එව්වට පස්සෙ තමයි රැවුල මතක් වෙලා තිබ්බෙ.. ඕන් කකුල කඩන් හරි සයිබර් ෆෙස්ටිවල් එකට ආවනම් මතක හිටී රැවුල..

මෙම චිත්‍රය ඇනොනිමස් චිත්‍රයකි..මට හිතෙන්නෙ මේ පෑන්ටීස් වැලක් යට  හෙ**ද මන්දා ඉන්නෙ ???



මා වෙත ලද සිය දහස් ගනනාවක් අතරින් මෙම චිත්‍ර පමණක් තෝරා පබ්ලිස් කර ඇති බව කරුණාවෙන් සලකන්න.

මීට අමතරව ඔබ නොදුටු ලොවක් සහ නවම් මාවත සිත්තර එවා ඇති බවට පැවසූවත් ඒවා මා වෙත නොලද බැව් ඇඬූ කඳුලින් දහ අතේ දිවුරමින් ප්‍රකාශ කර සිටිමි.

ප.ලි 
"අඩෝ බොරු කියන්ඩෙපා සිය දහස් ගනනක්...ඔච්චරමයිනෙ ආවෙ ඒ මදිවට අර ඇනෝ..

"කට කට කට.. කෑ නොගහ හිටු ..ඒක මමයි උඹයි විතරයිනෙ දන්නෙ. මේක බලන්ඩ එන අය දන්නෙ නෑනෙ"


61 comments:

  1. Replies
    1. ඇනෝ කෙනෙක් 1 උනාමද මන්දා ? මටත් සතුටුයි ඒක ගැන..

      Delete
  2. අඩේ මේකත් නැගලා යන වැඩක් නේද..? මාත් පටන් ගන්ඩ ඕනා චිත්තර තරගයක්... ( හොඳවෙලාවට ඇනෝ සංකල්පය තියෙන්නෙ )

    ReplyDelete
    Replies
    1. ඔව් සෙන්නා පටන් ගන්න මාත් අනිවා එකක් එවනවා.. හැබැයි නමින්මයි..

      Delete
  3. ඉන්ට බලන්න මාත් සිත්තරයක් එවන්න..
    දැකලා නැති නිසා මනඃකල්පිත එකක් එවන්නං ඈ..

    ReplyDelete
    Replies
    1. ඇයි මූනු පොතේ ඉන්නෙ.. එවන්න එවන්න.. මනක්කල්පිත එව්වා හොඳ වෙයි වගේ..

      Delete
  4. සිකේ මට මිස් උනානේ කලින්

    ReplyDelete
    Replies
    1. තාම පරක්කු නෑ අවතාර්..ඕනි වෙලාවක එවන්න..

      Delete
  5. අර චිත්‍ර වලට 2/50 ලකුණු ගත්ත මට පිහිට වුනු ගුරුතුමා නිසා සා/පෙළට කලින් අන්තිමට ඇඳපු චිත්‍රය හොඳම චිත්‍රය හැටියට ඉස්කෝලේ දැන්වීම් පුවරුවක පළ වුනා. මේ ඊට පස්සේ මගේ චිත්‍රයක් (ඇඳපු හා) ප්‍රසිද්ධ ස්ථානයක පල වුනාමයි.

    තැන්කු...

    රාමා

    ReplyDelete
    Replies
    1. එවපු චිත්‍රෙ නම් ටොප් රාමා.

      Delete
  6. ඔන්න පොරොන්දු වුණා වගේම අපි චිත්‍ර බලන්න ආවා :D

    ReplyDelete
  7. ෂහ්!!!!!

    නි


    යි

    ඈ...

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  8. මම ඇන්දා නම් මේ චිත්‍ර කැලේට විසික්කා කරන්න වෙන්නේ,,ඒක නිසා මම ඇන්දේ නෑ,,අනික මට හොදට මතකයි ඔය මූණ ඇන්දා නම් ඉතින් අප්පේ,වෙලාවක් තිබුනෙ නෑ නේ අදින්න,,ඊලග සැරේ අදින්නම්

    ReplyDelete
    Replies
    1. තව කල් තියේ ඩිලා මල්ලි අඳින්න අඳින්න...

      Delete
  9. ඔය ඇවිල්ලා තියෙන්නේ සිරාම චිත්‍ර ටිකක්..අර අන්තිම ඇනෝ චිත්‍රේ ගැන සැකයි වගේ ඉතින්... :)

    ReplyDelete
    Replies
    1. මටත් සැකාආආආආයි වගේ...

      Delete
  10. මේ චිත්‍ර වැඩේ නම් නියමයි.......:)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් මන් සේරම ටික ප්‍රින්ට් කරලා බිත්තියෙ එල්ලනවා..

      Delete
  11. මරුනෙ අප්ප. මාත් එකක් අඳින්න බලන්න ඕන.

    ReplyDelete
    Replies
    1. අඳින්න බලන්න නෙවෙයි ප්‍රසා මල්ලි ඇඳලා එවන්න..

      Delete
  12. මමත් ජීවිතේට චිත්තරයක් ඇන්දමයි...

    ඒක දැම්මට,
    ටැංකූ වෙනී!!!

    ReplyDelete
    Replies
    1. ඒ උනාට නියමයි චිත්තරෙ..

      Delete
  13. සැහ් මගෙ ච්ත්තරෙත් පැල වෙලා නේද.. තැන්කූ වෙනී මාමා....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් හ්ම්ම් ඒ චිත්තරේ විස්තර වැඩිද මන්දා..?

      Delete
  14. සංවිධායක තුමා,
    උඹේ secret admirer La flaneur ගෙ චිත්‍රයේ පටන් අන්තිම සැක කටයුතු ඇනෝගෙ චිත්‍රය දක්වා එකකට එකක් නොදෙවෙනි පංකාදු චිත්‍ර ටිකක් දාලා තියෙන්නෙ. ඇත්තෙන්ම ලැබුනු සිය දයස් ගාන අතරින් හොඳම ටික ‍තෝරන්න සෑහෙන කට්ටක් කන්න ඇති නේ?

    අර පන්සල්ගෙ දෝනිගෙ චිත්‍රයෙ උඹ කොච්චර කඩවසම්ද කියලා බලපං.

    සිහින අර කොටස් නම්කරපු චිත්‍ර අඳින්න ඉගෙනගන්න ඇත්තෙ ඉස්කෝලෙදි විද්‍යාව පාඩමේදි වෙන්න බෑ. සමහරවිට උඹේ චිත්‍ර වලට ආපු විවේචන දැකලම වෙන්න පුලුවන්. නමුත් දැනුම් සම්භාරයක් ඒ ඉඩ ඇතුලට ඔබ්බලා නම් තියෙනවා ලෙසටම.

    අර ඇනෝගෙ වැඩකටයුතු ගැන නම් මට සාධාරණ සැකයක් තියෙනවා. අර වෙ** වෙනුවට හෙ** දාපු එක නම් මට සෑහෙන සැකයි.

    බ්ලොග් ලෝකෙ මිනිස්සුන්ට ට්‍රයිපොඩ් කකුල් අඳින අනන්‍යතාවය කාගෙද?
    සූර්ය දිව්‍ය රාජෝත්තමයා විදුලි පංකාවක් වගේ අඳින අනන්‍යතාවය කාගෙද?
    අර හෙ**ට ගහපු මඩ තණකොල වලටයි පරිසරයටයි අහසටයි හැමතැනටම ඉහිලා තියෙන්නෙ දිට්ඨ ධම්ම වේදනීය කම්ම නිසාදෝ කියල හිතෙන් නැද්ද ?
    අර පෑන්ටිස් නම් හෝදපුවා නෙවෙයි වගේ. නැත්නම් මොකෝ අච්චර පැල්ලං? ඒක වෙන්නැති අර චිත්‍රෙ එකාට නහය මිසිං. මේ දෑස් මක්කටෙයි කියලා ඌට ඇස් දෙකකුත් නෑනෙ බොලේ! සමහර විට රෙදි වැල දිහා බලාගෙන ඉඳලම වෙන්න ඇති ! :D

    ඉතින් මේ අනන්‍යතාවය ගැන මට සැකයි. මොකද ඇඳපු චිත්‍රයක් ගැන දවසක් සාකච්ඡා කරන්න දේවල් තියෙන්නෙ කාගෙ චිත්‍ර වලද?

    මොනවා කලත් බුරුසු ‍රැවුල නම් සාක්කියක් හැටියට ඉතුරුවලා තියෙන්නෙ!! දිට්ථ ධම්ම වේදනීය කම්ම වත්ද?

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. ඇත්තටම සෑහෙන කට්ටක් කෑවා.
      ලොකු අය වගේ නෙවෙයි පොඩි අය ඇත්තම කියනවා කියලා අහලා නැද්දෝ..
      සිහිනගේ සිත්තරේ විස්තර වැඩී අෆ්ෆා..
      ඒ ඇනෝගෙ චිත්‍රය හෙන් රි කීව දේවල් සේරම දන්න කෙනෙක්ගෙ වෙන්න බැරිද ?

      Delete
    2. හෙන්රි +++++++

      Delete
  15. හැකියාව තිබුනා නම් ඇඳලා එවන්න තිබුනා!

    ReplyDelete
    Replies
    1. ඉරි කෑලි දෙකතුනක් ඇඳලා එව්න්න සාබිත් ..

      Delete
  16. මගෙ සිත්තරයක් දාලනෙ. තැන්කු වෙනි අය්යා .........

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව එවපා තිබ්බ සේරම තමයි ඔය.. දෙවන වටේට ආයි කීපයක් තියෙනවා..

      Delete
  17. හෙහ් හෙහ් හෙහ් .... මේකනම් ජොලි.

    ReplyDelete
    Replies
    1. මට ඊට වඩා ජොලි..මේක මන් බුද්ධිගෙන් කොපි කලේ..

      Delete
  18. අන්න මගේ සිත්තරයක් බ්ලොග් එකක යනවා.. අඩේ අප්පා..

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව..මේ සේරම මන් ප්‍රින්ට් කරලා ප්‍රදර්ශනයක් තියෙනවා..

      Delete
  19. වෙනි මොකද කියන්නේ මේ චිත්‍ර ගැන..
    ලාංකීය ච්‍ත්‍ර කලාවේ වත්මන් ගමන් මග කියලා අපි චිත්‍ර ප්‍රදර්ශනයක් තියමුද?

    ReplyDelete
    Replies
    1. හිකිස්.. ඒකත් හොඳ අදහස තමයි..

      Delete
  20. අර සිහින මලයගෙ කොටස් නම් කරපු චිත්‍රෙ වෙනියගෙ දකුණු අතෙන් පෙන්නගෙන ඉන්නෙ මොකක්ද? එතනට අදාල කොටස උලුවස්සෙ කියලා ව්‍යංගයෙන් කියනවා වත්ද?
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. හෙන්රි කීවහමයි මාත් ඒක දැක්කෙ.. උළුවස්සෙ එක නම් දැක්කා.. අර ඇඟිලි ටික.. සිකේ...

      Delete
  21. එළ පිංතූර ටිකක් නේ....

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් කෝ ඔබගෙ සිත්තරේ ?

      Delete
  22. හිටු මාත් එකක් එවඥ්ඥම්

    ReplyDelete
    Replies
    1. හම්බ උනා හම්බ උනා.. දෙවෙනි වටේට..

      Delete
  23. අලේ මට සිත්තර අදින්න බෑ වෙනි අයියෙ... සොරි ඈ...

    ReplyDelete
    Replies
    1. ඔය බෑ කියන අය අඳින ඒවා තමා හොඳම..

      Delete
  24. මටත් හිතුනා පොඩ්ඩක් වැඩ වැඩි වුනා නේ..

    ReplyDelete
    Replies
    1. කමක් නෑ දෙවෙනි වටේට එවන්න අසර්..

      Delete
    2. තව වටයක් තියේද?

      Delete
    3. ඔව් ඔව් අසර්.. ලබන සති අන්තෙට දානවා ආපු ඉතුරු ටික..

      Delete
  25. මරේ මරු අප්පා.. ජය වේවා.. හිතුනොත් මම එකක් එවන්නම් ඈ..

    ReplyDelete
    Replies
    1. හිත හිතා ඉන්න එපා.. ඇඳලා එවන්න..

      Delete
  26. මේ ඉරු දින උදෑසනින්ම මාගේ මෙන්ම පෙම්බරයාගෙත් ලේ පයින්ට් ගණනක් පිරිසිදු කර දුන් පිනෙන් වෙනී අයියාගේ රැවුල කොස්සක් සේ වැවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඉතින් දෙන්න එක්කම සිත්තරෙයක් ඇඳලා එව්වා නම් හොඳා..

      Delete
  27. රාමා ඇඳපු එක ලස්සනයි නේ. මගේ එකකුත් අන්දවාගන්ට බැරි වෙයිද දන්නේ නෑ.:)

    මටත් හිතයි වෙනීව අඳින්ට.

    ReplyDelete
    Replies
    1. අයියෝ පොඩ්ඩි හිත හිතා ඉන්නෙ ඇඳලා එවන්ඩකෝ.. සෙනසුරාද වෙනකන් ඉන්නෙ ඉතුරු ටික පබ්ලිශ් කරන්න...

      Delete
  28. මම සිත්තම් අඳින එක නැවැත්තුවේ ඒවායේ කැත මමම දැකල. ඒ හින්ද එවන්න හිතෙන්නේ නැහැ. :D

    ReplyDelete
    Replies
    1. හෆොයි..මගේ උපන් කැත යවන්න බෑ .. ඒ හින්දා ඔන්න ඔහෙ එකක් ඇඳලා එවන්න..

      Delete
  29. හී හී සතියෙ මැද්දෙ පුලුවන් වුනොත් මාත් එකක් ඇදලා එවන්නම්කො ඈ.... :))

    ReplyDelete
    Replies
    1. එවන්න එවන්න.. සාදරයෙන් පිලි ගන්නවා !

      Delete