ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Saturday, August 18, 2012

මා දුටු ලියන්නාගේ - 2

නිවැරදි කිරීම් : -  මෙම ලිපියේ මාතෘකාව මා දුටු ලියන්නා - 2 ලෙස නිවැරදි විය යුතු බව කරුණාවෙන් සලකන්න.


මෙම චිත්‍රය ඇනොනිමයකු විසින් එවා ඇත.


මේ අපේ ජනු නඟා විසින් එවා ඇති සිත්තරයයි..මේ අර ඉන්ටවීව් එකේ වෙච්ච ඇබැද්දිය නේද ?
මේ දිමුතු මාව අපේ ඔෆිස් එකේ මන් දවල් කෑම කන වෙලවෙදි කෑම අක්කලා දෙන්න එක්ක දැකලා.. ඒත් ඇවිත් කතා කලේ නම් නෑ තාම..

මේ අපේ මාල් සොයුරිය (දුවණිය ?! ) එවූ චිත්‍රය



මේ තියෙන්නෙ අපේ මඩිස්සලේ නිශාන් මලයා එවපු චිත්‍රය.. කවුද අප්පේ මේ ලස්සන ගෑණු දරුවෙකුත් ඉන්නෙ..
මේ තියෙන්නෙ අපේ සයිබර්යායේ හැමෝම දන්න සිත්තරාගේ චිත්‍රය තමයි.. දක්ශයාට ටැබ්ලට් මොකටද ..? පැනක් තිබ්බත් මදැයි කියලයි මට නම් හිතුනෙ...

මේක එව්වෙ මාරයා මල්ලි.. එව්වා කිව්වට මූනු පොතේ හැංගිලා තිබිලා එලියට ඇද්දා.. ඊ මේල් එක එව්වෙ නැත්තෙ අපිට ඒ මේල් ඇඩ්ඩස් එක අහුවෙලා ලියුම් එවයි කියලා බයට වෙන්ඩැති..හිටුකො ඕක හොයා ගෙන හැක් කරන්න...


මෙම චිත්‍රයද ඇනොනිමසියකු.. ඇනෝ ස්ත්‍රීලිංග පදය එසේ වෙතැයි සිතමි. මන්ද සිත්තරය සමඟ
අනේ සුදු අයියෙ, මට ඔයාව හරියටම මතක නෑ. මතක් කරගන්න මං ඇස් දෙක පියාගෙන කල්පනා කලා.. එතකොට මට මතක් වෙච්ච ටික තමයි මේ ඇඳලා එව්වෙ..
යනුවෙන් ලියා එවා තිබුනාය.

මෙම චිත්‍රයද එක්තරා ඇනෝ කෙනෙකු විසින් එවා ඇත.


බීටල් විසින් එවනු ලැබූ මෙම සිත්තරය මා අතින් අත්වැරදීමකින් ගිලිහී ගොස් ඇත.. ඔහු මා හට සමාව භාජනයකට දමා දෙනු ඇතැයි උදක්ම බලාපොරොත්තු වෙමි..


72 comments:

  1. මං හිතුවේ ගැල්ළමයින්ට විතරක්ය අර කියපු ඇබෑර්තුව කියලායි.

    ReplyDelete
    Replies
    1. අම්මප කකාට හිතුන දේමනෙ වෙනියො මටත් හිතුනෙ...

      Delete
    2. කශු සහ ස්කයි අපොයි නෑ මේක ඔපන් හැමෝටම..

      Delete
  2. අර ඇනොනිමසිය එවල තියෙන එකේ මැද කලුපාට කොටුවක් ඇඳක් වගේ එකක් පේනව මටනං.

    ඇත්තටම වෙනී අයිය කොළම්බු සෙවන් එකේ ලයිට් කණුවලට හේත්තුවෙලා මොනවද කරන්නෙ.

    ReplyDelete
    Replies
    1. හිතා ගන්න බැයිද ලෙන්ස් එකත් ලයිට් කණුවක් වගේ දික් වෙලා තියෙන කොට.

      Delete
    2. තැන්කූ ඇනෝ අනේ මන් බිසි බව සලකලා අපේ ප්‍රසා මල්ලිට උත්තරයක් දුන්නට ..

      Delete
  3. හි හි..මාර දක්ෂයෝනේ ඉන්නේ :)

    ReplyDelete
    Replies
    1. තවත් සිත්තර එනවා හිරුහිමාවි...

      Delete
  4. අර බුද්දියා ඇඳපු එකේ කොලඹ හතේ ඒවා දැකලා කැමරා එකට මක්කෙයි වෙලා තියෙන්නේ?

    ReplyDelete
    Replies
    1. ඈත තියෙන ඒවා ළඟට ගන්න සූම් වෙලා වගෙයි මල්ලි.. බුද්ධි මලයා හිතලා තියෙන දුර..

      Delete
  5. බොල වෙනියෝ අර කෙහෙල් කොරටුවේ එකාට අනුව උඹේ කැමරා ලෙන්ස් හරි දිගයි නොවැ පිඹුර වගේ.උඹ පොටෝ කාරය වග හොඳට පේනව!

    ReplyDelete
    Replies
    1. ටිකක් දිග උනාට ඔය බුද්ධි මලයා අතිශයෝක්තියත් දාලා වගෙයි ඇනෝ..ඒක 18-270mm ලෙන්ස් එකක්..

      Delete
  6. කොහොමද මගේ චිත්‍රෙ? අර ගෑනු ළමයා තමා අර ටීවී ප්‍රෝග්‍රෑම් එකක් නිසා බදාගත්තයි කිව්වේ :D

    ReplyDelete
    Replies
    1. ලස්සනයි .මට අපි දෙකේ පන්තියේ විතර ඉද්දි චිත්‍ර අන්දපු හැටි මතක් උනා.

      Delete
    2. :D මම නම් තාම අඳින්නේ මොන්ටිසෝරියේ චිත්‍ර ඇන්ද විදියට.

      Delete
    3. හොඳයි ..මොඩන් ආර්ට් වගේ නර්සරි ආර්ට්ස් !අලුත් කලාවක් නේ.

      Delete
    4. ඔබට මගේ හෘදයාංගම ආචාරය ඇනෝ..මඩ කුණුහරුප නැතුව ඔබ ගත යුතු ෆන් එක අරන් තියෙනවා.. නිශාන් මල්ලිගෙ හිත රිදවලත් නෑ.. :-D

      Delete
  7. තාමත් චිත්‍ර එමින් තියෙනවා වගේ නේ.. නියමයි නියමයි..

    මාල් වතාවක් මගෙත් චිත්‍රයක් ඇන්දා අයියව ඇන්ද ඔය දින පොතේම... :)

    ReplyDelete
    Replies
    1. ඇත්තද ? අපොයි අපි මාල්ට චිත්තර පොතක් අරන් දෙමුවත්ද ? හැබැයි දිනපොතේ ඇන්දහම හැමදාම විසි කරන්නෙත් නැති නිසා ඒකත් හොඳ අදහසක්ම තමා..

      Delete
  8. මම සතියේ ප්‍රශ්ණය විතරක් අහන්නද?
    උඩම ඇනෝගේ චිත්‍රයේත් මඩිස්සලේ නිශාන්ගේ චිත්‍රයේත් ඇති සමාන කමක් සොයන්න.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. දෙකේම බල්ලො ඉන්නවා... හරිය ?

      මම හොඳට නිරීක්ශණය කරපු දෙයක් තමයි ඩූඩ් ඉතා ගැබුරින් අධ්‍යනය කරන බව..

      Delete
    2. දෙකේම කනේයියන්ගේ අහවල් කූඩුව තියෙනවා :D

      Delete
    3. කවුද හරි උත්තරෙ දුන්නෙ හෙන්රි ?

      Delete
    4. ඔක්කොම වැරදියි නං. උත්තරෙ ඒ චිත්‍ර දෙකේම ඉන්නවා ආහාර ජීර්ණ පද්ධතිය ලකුණු කර ඇති බල්ලෙක්. නිනිවිද පෙනෙන සුලු හෝ X ray බල්ලෙක් කිව්වත් පිළිගන්නවා.
      විහිලු හොඳේ!
      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

      Delete
    5. මම නම් ඇන්දේ අර කළු පාටයි සුදු පාටයි බල්ලව :D

      Delete
    6. මම දන්නවා නිශාන්, මම විහිලුවට බං කිව්වෙ.:D
      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

      Delete
  9. කිසිවක් නොකියමි!!

    ReplyDelete
    Replies
    1. කියන්ඩ ඕනි සේරම සිත්තරේ තියෙනවා නේද ?ජනු නඟා..

      Delete
  10. තවම වේකන්සිය තියෙනවැයි?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඒ වේකන්සිය පිරවෙන පාටක් නම් නෑ වගෙයි..සේරගෙම කොලිෆිකේශන් වැඩී අෆ්ෆා...

      Delete
  11. සිත්තර ටික නම් මරු !

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මධුරංග මල්ලි..මටත් පට්ට හැපී

      Delete
  12. මේ ඕක තාම තියෙනවද ඈ අපිටත් මොනාහරි එවන්න

    ReplyDelete
    Replies
    1. Ewanna ewanna..meka always open.. Weni

      Delete
    2. වැඩේ නම් අහවරයි.ඇඳපු එක එවන්න කෝ වෙනී අයියේ ඊමේලයක් .සෙවූ නමුදු සොයා ගැනීමට නොහැකි විය

      Delete
  13. ඇනෝනිමසි එවපු එකේ ටිකක් වෙනී අයියට සමාන කමක් තියනවා හොඳට බැළුවොත් පෙනෙයි

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ජිංජි මල්ලි.. එයා ඇස් දෙක වහන් ඉන්නකොට පේන හැටි නොවැ..

      Delete
  14. This comment has been removed by the author.

    ReplyDelete
  15. වෙනි අයියේ දුක්පත් මගෙ කුරුටු බලිය එඩිටර් මල්ලිගෙ කතුරට අහුවෙලා වගේ නේද ? :-)

    ReplyDelete
    Replies
    1. aka eelanga wateata malayaa..honndhama ewwaa anthimatalune..Weni

      Delete
    2. සෙන්නා මල්ලි ඇත්තටම මට තාම මල්ලිගෙ චිත්‍රෙ හොයා ගන්ඩ බැරි උනා නොව.. මන් අතින් පොඩි මිස්ටේක් එකකින් ෆෝන් එකෙන් මෙල් වගයක් ඩිලීට් උනා. ඒ ටික සහමුලින්ම ඩිලීට්වෙලා ඩස්ට්බින් එකේත් නෑ මල්ලි.මට හිතෙන්නෙ මල්ලි එවපු එක එතන වෙන්න ඇති.. අනේ සමාවෙලා ඒක ආයි එවන්නකො මලයා..wenwel@gmail.com

      Delete
  16. මට තාම චිත්‍රෙ එවන්න බැරි උනානේ

    ReplyDelete
    Replies
    1. එවන්න එවන්න මල්ලි... මේක අන්ලිමිටඩ් ඕපන් එකක් වගෙයි...

      Delete
  17. අම්මප මට හිතුනෙ වෙනමම දෙයක් උඩින්ම බලද්දී
    බලපුවාම චිත්‍ර ටිකක්නෙ

    ආශිර්වද වේවා...

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් බමුනා බලන්නකො මගෙ ටයිපින් මිස්ටේක් එකක් වෙලා.. :-D

      Delete
  18. වෙනී, සමාවෙයං මම උඹව සීරියස් ගත්තෙ නෑ බං. ඔන්න මගෙ සිත්තරෙත් එව්වා ඔය ඔහෙ කොහෙන් හරි අමුනන්න.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. හෙන්රි මන් මේලක් දැම්මා.. හික්ස් !
      හා ඊළඟ සෙට් එකටත් ඔන්න දැන් චිත්‍ර තියෙනවා...

      Delete
  19. ලියන්නාට මාර ඉල්ලුමක්නේ තියෙන්නෙ බලාගෙන යනකොට..බලන්නකො ඇවිල්ල තියන චිත්‍ර ගොඩ...!!

    ReplyDelete
    Replies
    1. ඔව් රූ..මටත් පුදුමයි අප්පා..

      Delete
  20. මම තව එකක් එවන්න හිතාන ඉන්නේ.. බැරි වෙයි ද??

    ReplyDelete
    Replies
    1. ඕනි තරම් බාර ගන්නවා.. ඩෙඩ් ලයින් නෑ ක්සැන්ඩර්.. ඇලෙක්සැන්ඩර් කේජ්..ගූගලයා ක්සැන්ඩර් ව කේජ් කරලනෙ !

      Delete
    2. මම තවම ක්සැන්ඩර් ම තමා..

      Delete
  21. සිහ්.. මට තවම එකක් මෙව්වා කරගන්න බැරිවුනානෙ. අදින්න හිතාගෙන ඉන්නේ අර එක දවසක් වෙනී අයියා කොළඹ හතේ අපිට ළණුවක් දීලා ගහක් යටට වෙලා බලාගෙන ඉන්න දර්සනේ. දැන් ඉතිං මවාගන්නකෝ. අදින්න දෙයක් නෑනේ. ජය...!

    ReplyDelete
    Replies
    1. හෆොයි ප්‍රදීප් මල්ලි :-D
      වමටද ? දකුනටද ? ඇත්තටම මන් ඒක හිතලා කලේ නෑ.. සිරාවටම මට වැරදුනා..සෙට් එක නො. 2 ගේට්ටුවෙන් එලියට ඇවිත් අනිත් පැත්තට යනවා දැකලයි මන් ආයි රාජ් මලයට කතා කරලා ඇහුවෙ මන් කීවෙ කොයි පැත්තටද කියලා ?

      Delete
    2. අවුලක් නෑ වෙනී අයියා. ඕක මොකක්ද?

      Delete
  22. මම ඇත්තටම හිතුවේ උඹගේ දෙකේ පොටෝ එකක් අල්ලලා.. මේකේ දාලය කියලා...

    බැලින්නම් පුංචි බබාලගේ චිත්‍ර තරණ්ණ්ගයක්. එකම එක පින්තූරයක් තියෙනවා ලොකු එකෙක් ඇඳපු... හරි පව්

    ReplyDelete
    Replies
    1. ටොපික් එකේ නම් පොඩි මිස්ටේක් එකක්.. බලන්න බබාලා කොයි තරම් නම් දක්ශයිද කියලා..

      Delete
  23. බොලාලා එහෙකුටවත් තේරුනේ නෑනේ මේ චිත්‍ර තරගේ යටි අරමුණ. මේක මූ කරන්නේ තනිකර අයිස් ගහන්න. ඒ විතරක් නම් මදැයි. කෙල්ලන්ගේ ඊ මේලුත් ගන්න ට්‍රයි කොරනවනේ. වයසට කරන වැඩද හැබෑටම?
    (වෙනි අයියේ, ආපු ඒවායින් එක මේල් ඇඩ්රස් 1ක් හරි මටත් දීපංකෝ. නැත්නම් මන් උඹේ අනිත් යටි අරමුණුත් කියලා දානවා)

    ReplyDelete
    Replies
    1. හිකිස්.. එක කතාවක් නම් ඇත්ත..දන්නවනේ මන් අළුත් තැනකට මාරු කියලා.. ඒ කියන්නෙ පදිංචිය.. මේ කාලෙ ලියන්න එච්චර වෙලාවක් එන්නෙ නැති නිසයි මේක සැලසුම් කලේ.. ඉන්න මෙතන සෙට්ල් උනහම.. ආයි ලියනවා..

      Delete
  24. දැන්නේ දැක්කේ කලින් දැක්කනම් එවනවා එකක්

    ReplyDelete
    Replies
    1. රොබින් තව කල් තියෙනවා.. එවන්න..

      Delete
  25. මොනව නැතත් බුරුසු රැවුල නම් හැමෝම ඇඳලා තියෙනවා අඩුපාඩුවක් නැතිව.... අර ස්ත්‍රී ලිංග ඇනෝටත් මුහුණුවර මතක නැතත් රැවුල මතක තිබිලා තියෙන්නෙ.... හික්ස්...

    ReplyDelete
    Replies
    1. කට්ටියටම මතක ඒක විතරයි..ඒත් මදැයි..

      Delete
  26. අපෝ එපා මාගේ දිනපොත මට හොඳයි.චිත්රපොත් තියාගන්න අමාරුයි.

    බොහොම ස්තුතියි මාගේ චිත්‍ර පලකලාට..

    ReplyDelete
    Replies
    1. හා හා එහෙනම් දිනපොතේම අඳින්නකෝ..

      Delete
  27. අපෝ එපා මාගේ දිනපොත මට හොඳයි.චිත්රපොත් තියාගන්න අමාරුයි.

    බොහොම ස්තුතියි මාගේ චිත්‍ර පලකලාට..

    ReplyDelete
  28. දැන් බැලුවාම දෙන්නෙක් හැර මේකේ ඔක්කොම ළදරුවොනේ !!

    ReplyDelete
    Replies
    1. ළදරුවො තරම් මොලොක් සිත් ඇත්තෝ තවත් කොහෙද සරත් අයියෙ.. අනික ළදරුවන්ට කවුද ආදරේ නොකරන්නෙ ?

      Delete
  29. චිත්‍ර ටික නම් මරු. අනික් අය අඳින ඒවා බලල සතුටු වෙනවා. හෙහ් හේ

    ReplyDelete
  30. සිත්තර ටික මරු නේද? බීටලේ රැවුල මැනං ගියාද? හරියට‍ම ඇඳලා තියෙන්නෙ....

    ReplyDelete