ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Monday, July 30, 2012

සංනිවේදනය..

අද දවස (සෙනසුරාදා 29 ) ඇතුලත මේ වෙනකොට මට ෆෝන් කෝල් 21 ආවා. සාමාන්‍යයෙන් සිකුරාදාට වෙනදට වඩා ෆෝන් කෝල් එනව නම් තමා..ඒ ඉතින් ඔය පොඩි පහේ පාටි වගේ එව්වටම තමයි. ඒත් මේ කෝල් එන්න ගත්තෙ උදේ 8 විතර ඉඳන්.
මේ හැම කෝල් එකකම අඩංගු වෙලා තිබ්බෙ මෙන්න මේ වගේ අන්තර්ගතයක්ම තමයි.


"මචන් මොකද උනේ බන් උඹට තුවාලද ? හොඳටම අමාරුද ?"


"ඇයි බන් මන් මේ ඉන්නෙ හොඳට .. කිසිම තුවාලයක් නෑ. ඇයි එහෙම ඇහුවෙ?"


"මචන්  සංකයා කීවනේ උඹ වැටිලා හොඳටම තුවාලයි.. අද ඔෆිස් යන්නෙත් නැති වෙයි කියලා. මන් මේ ගත්තෙ උඹට කොහොමද අහන්න"


"ඌට පිස්සු වෙන්න ඇති. ගිය සතියෙ සිකුරාදයින් පස්සෙ මට ඌව හම්බ උනෙත් නෑ"


"ඇයි බන් ඌ එහෙම නම් එහෙම කියන්නෙ ? අද අප්‍රේල් පළවෙනිදාත් නොවෙච්චි කොට"


"මන් දන්නෙ නෑ බන්ස් උඹලව අන්දවන්න වෙන්න ඇති."


ඔය වගේ මට තුවාලද කියලා සැප සනීප බලන්න කෝල් දෙක තුනක්ම එනකොට මන් සංකයට ගත්තා කෝල් එකක් ඇයි එහෙම කීවෙ අහලා බලන්න වැඩක් නෑ ෆෝන් එකෙන් කිසිම චාරයක් නොමැත කියලා තමයි ආන්සර් එක එන්නෙ.. ඊළඟ කෝල් දෙක ආපුවහම මන් හොඳටම ස්ථීර කර ගත්තා මේ ලණුව දීලා තියෙන්නෙ සංකයගෙන්ම තමා කියලා. SMS දෙක තුනක් දැම්මත් ඒවා නම් ඩිලිවරි උනාට මට කෝල් කරන්න බෑ.. චාරයක් නොමැත තමයි !අපි සැරින් සැරේ ඔය වගේ ලණු දීලා අතල් ගන්න සෙට් එකේ නිසා මන් ඔය කාරනෙ පස්සෙන් පහු එලෙව්වෙ නෑ.. ආයි සෙට් වෙච්ච දවසක අහ ගන්න බැරියැ කියලයි හිටියෙ..


"මොකද්ද හු** අර මන් ගැන කීව අවලම් කතාව ඊයෙ කීදෙනෙක් නම් කතා කරාද ? හරියටම 21 දෙනෙක් කතා කලා. ඒ මදිවට උඹ ඊයෙ දවසෙම ෆෝන් එකත් ඔෆ් කරන් හිටියෙ. කොලොත් කොරන්නෙ ඔය වගෙ හු** වැඩක්ම තමයි."


මන් අද උදේ නවයට විතර නැගිට්ට ගමන්ම රින්ග්ස් යන සංකයගේ  ෆෝන් එක උස්සපු ගමන්ම බැන බැන ගෙන ගියේ ඊයෙ වෙච්ච සිද්ධියෙ නෝන්ඩියටත් එක්කම වගේ ඊට ඉස්සෙල්ලා මන් කරපු මගෝඩි වැඩේට මූ මටත් බැන්නෙ ඔය තාලෙන්ම වෙච්ච නිසාමයි.තව විනාඩි භාගයක් විතර ගියා..


ඊළඟට ඇහිච්ච සද්දෙන් තාම ඇඳෙන්වත් බැහැලා හිටියෙ නැති මහා චූ බරකුත් තියන් හිටි මට ඇඳේම චූ නොගියා විතරයි. මන් බාත් රූම් එකට නොගිහින් ටිකක් වෙලා හිටියෙත් ඉතින් ඔය උදේ පාන්දරම සියළුම පිරිමින්ට තියෙන ප්‍රශ්ණ පොඩ්ඩක් බැහැලා යනකන්.. සේරම බැස්සා හුටුශ් ගාලා ෆෝන් එක දිගේ ආපු කටහඬ එක්කම.


"අනේ ලියන්නා පුතා නේද ? පුතේ මේ අපේ සංක පුතා ෆෝන් එක දාලා ගිහින් පුතාවත් දන්නවද ගියේ කොහෙද කියලා"


ඒ සංකගේ ආච්චිගෙ කටහඬ..හත් දෙයියනේ මන් කොහොමද ආයි ඒ අවුරුදු අසූවක් විතර වෙච්ච මනුස්සයගේ මූන වත් බලන්නෙ. අමාරුම වෙලාවකදි ඉස්සරහට එන නුවන ආවෙ ඔය වෙලාවෙ තමයි.


"නෑ ලියන්නා නෙවෙයි. සොරි , රෝන්ග් නම්බර්"


මන් ටුක් ගාලා ෆෝන් එක තිබ්බා.
ඊළඟ තත්පරේ ආයි එනවා කෝල් එක සංකගෙන්..ඒ සැරේ නම් ඌම තමයි.


"සොරි රෝන්ග් නම්බර්"


කිය කියා මූ හින කනවා. මුගෙ ආච්චිගේ හිනාවයි, අම්මා ගෙයි නංගිගෙයි හිනාවයි බෑක්ග්‍රවුන්ඩ් එකෙන් ඇහෙනවා


"මොකද්ද බන් කරන්නෙ ? දැන් උඹලගෙ ආච්චි ඉස්සෙල්ලා ගත්තෙ..අඩෝ මාව අඳුරා ගත්තද මන්දා"


"ආයි මෙතන් උඹ කොවුලා වගේ කුනුහබ්බ කියන්නෙ එහෙම නෑ ඕන්.. මන් ස්පීකර් ෆෝන් දාලයි තියෙන්නෙ"


"එතකොට ඉස්සෙල්ලා ආච්චිමද ෆෝන් කෝල් එක ගත්තෙ. විලි ලැජ්ජාවයි යකෝ"


"නෑ උඹ කුනුහබ්බ කියනකොට මන් අහන් ඉඳලා ආන්සර් කරන්න ආච්චිට දුන්නෙ"


"මට ඇහුනා මට ඇහුනා "


බෑක්ග්‍රවුන්ඩ් එකේ සංකයගෙ නංගි බෙරිහන් දෙනවා.


"උඹ ෆෝන් එක අරන් ඔතනින් එලියට වරෙන්කො.. මන් නැත්නම් තියනවා කෝල් එක"


"මොකද්ද බන් උඹ ඊයෙ කල කුජීත වැඩේ"


"ආයි කියපන් කුනුහරුප ටිකක්.. දැන් මට විතරයි ඇහෙන්නෙ"


"හම්බ උනහම කියන්ඩ ඉතුරු කරගන්නම්"


"මතකද උඹයි මමයි එදා කමියුනිකේශන් ගැන තර්ක කරද්දි උඹ කිව්වා"


"මට මතක නෑ බන්"


"උඹ තර්ක කලේ පණිඩිඩයක් අහන් ඉන්න එකා හරියට අහන් ඉන්නවා.. ඊට පස්සෙ ඌට ඕනි විදියට ඒක ඩිෆයින් කර ගන්නෙ කියලා"


"ඔව් ඔව්  ඒක තමයි ඇත්ත"



"මගේ තර්කෙ උනේ කියන පණිවීඩේ හරියට අහන්නෙම නෑ කියලනෙ"


"ඔව්"


"හරි මන් යාළුවො 25කට කතා කරලා කීවා ඊයෙ උදේම මෙන්න මෙහෙම..මචන් ලියන්නා මාලලලලල වැටිලා අතපය හොඳටම තුවාල වෙලා දන්නෙ නැද්ද කියලා"


"මාලලලල මොකද්ද බන් ඒ වචනෙ හරියට පැහැදිලි නෑනෙ සිග්නල් අඩුද කොහෙද ?"


"නෑ මන් කෝමත් කීවෙ ඒ වචනෙ පොඩ්ඩක් බ්ලර්ඩ් කරලා..කිව්ව එවුන්ගෙන් හතර දෙනයි මොකද්ද ඒ වචනෙ කියලා ආයි හරියටම ඇහුවෙ අනිත් 21 දෙනාම හරි මචන් මන් එහෙනම් කෝල් එකක් දමලා විස්තර අහන්නම් කියලා ෆෝන් එක තිබ්බා.. "


"ඉතින් මොකද්ද හුන්න්සගිරියො ඒ පැහැදිලිව කිව්වෙ නැති වචනෙ"


"ඒකෙන් කියන්නෙ මගේ තර්කෙ හරි. අපි සන්නිවේදනයෙදි පණිවිඩයක් දෙනකොට ඒක හරියටම අහන් ඉන්නෙ නෑ කියන එක"


"මොකද්ද අර වචනෙ?"


"මන් කීවෙ ලියන්නා මානසිකව වැටිලා අත පය හොඳටම තුවාල වෙලා කියලයි"


"!@@@@#$%%$^&*(*^%$#"

66 comments:

  1. ඔය ක්‍රියාකාරකම හරියට හරි වෙනි අයියේ....නියම පනිවිඩයක්

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ උනාට සංකයා ඔහොම කුජීත විදියට මාව තර්කෙන් පරද්දපු එකයි වැරදි

      Delete
  2. කියන්නා කෙසේ කිව්වත් ලියන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය ☺ ලියන්නා නෙමේ අසන්නා ඈ
    දැන් කොහොමයි සංකලාගේ ගෙදරට යන්නේ රෙද්දක් ඇඳගෙන シ

    ReplyDelete
    Replies
    1. @ අවතාර්

      අලුත්ම වර්ෂන් එක තමා "අසන්නා කෙසේ ඇසුවත් කියන්නාද සිහි බුද්ධියෙන් එය කිවයුතුය" :D

      Delete
    2. ලියන්නා කෙසේ ලීවත් කියවන්නා සිහිබුද්ධියෙන් කියවිය යුතුය.

      Delete
    3. අවතාර් සංකයම තමා කුනුහබ්බ ටික අහන් ඉඳලා ආන්සර් කරන්න කියලා ආච්චිට දීලා තියෙන්නෙ..ආච්චිට මුකුත් ඇහිලා නෑ.. ආච්චිත් වෙලාවකට කියනවා කතා.. ඔයටික ඇහුන නම් එයා කියයි පුතෙ උඹ ඔච්චරද දන්නෙ කියලා.. ඒ ජාතියෙ..

      හසිතයි ක්සැන්ඩරුයි අළුත්වා හදනවා අප්පා මෙතන...

      Delete
  3. නියම යාලුවෝ සෙට් එකක් නේ ඉන්නේ. පර්යේෂක යාලුවෝ සෙට් එකක් :D

    ReplyDelete
    Replies
    1. එකට ඉගෙන ගත්ත යාළුවො සෙට් එකක්.. තාමත් අපි ඒවා ගැන ප්‍රායෝගිකව එන ප්‍රශ්න කතා කරලා විසඳා ගන්නවා..

      Delete
  4. අවුලක් නැහැ අයියේ.

    අසංක සහ පිරිස, කුණුහරුප ටික පෙරලා, අයියා සන්නිවේදනය කරන්න හදපු අදහස හරියට ගන්න ඇති...

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව් අසංකයි එයාගෙ පවුලෙ අයයි සන්නිවේදනය අතින් මට වඩා ගොඩක් ඉදිරීයෙන් ඉන්නෙ ..

      Delete
  5. වටිනා කියන යාළුවෝ ගොඩාක් ඉන්නවා නේ.. :D

    ReplyDelete
    Replies
    1. එකට ඉගෙන ගත්ත යාළුවො තමයි ඔය..

      Delete
  6. අයියා වගේම යාළුවෝ ටිකක්....!!!!

    ReplyDelete
    Replies
    1. අපෝ මල්ලි ඔය සෙට් එක කරන වැඩවලින් මෙහෙම එකක් විතරයි ලියන්න පුළුවන්..ඉන්නකො තව කතා ටිකක් තියෙනවා ලියන්නම් !

      Delete
  7. සංකගෙ ගෙදර කට්ටියත් වෙනී අයිය කියපු දේවල් සිහි බුද්ධියෙන් තේරුම් ගන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ඔව් ප්‍රසා මල්ලි..ඒ අයගේ සිහි බුද්ධිය බැලුවහම මන් ඉන්නෙ තාම මන්දබුද්ධික අවදියෙ !

      Delete
  8. අයියගේ හැටියට නොවැ යාළුවොත් ඒක මරැ

    ReplyDelete
    Replies
    1. ඔය සෙට් එකෙන් කීප දෙනෙක්ම එකට ඉගෙන ගත්ත අය.. අනිත් අය අපේ සෙට් වලදි යාළුවන්ගෙ යාළුවො සෙට් වෙච්ච අය..

      Delete
  9. මොනා උනත් හොයලා බලන යාලුවො සෙට් එකක් නම් ඉන්නවා නේ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක නම් ඇත්ත.. අපිට ඉස්සර වගේ නිතර හම්බ වෙලා කතා කරන්න බැරි නිසාමදෝ කොහෙද.. මොනා හරි ආරංචියක් ආවොත් ෆෝන් කෝල් එකක් දෙනවාම තමයි.. ඒක පුරුද්දක් වෙලා..

      Delete
  10. කථාවේ ආදර්ශය කෝල් එක ආන්සර් කල ගමන් කුණුහබ්බ නොකීව යුතුය
    මුලින්ම මුට්ටිය දමා බැලිය යුතුය

    ReplyDelete
    Replies
    1. ඕක කියන වෙලාවට කියන්න පුළුවන් උනාට මල්ලි.. කෙරෙන් වෙලාවට මගේ නම් කට හොඳ නෑ.. කියලා ඉවරවෙලාම තමයි හිතන්නෙ..

      Delete
  11. මිනිස්සුන්ට ඇහෙන්නෙ උන්ට අහන්න ඕන දේවල් විතරයි කියලා කියනවනේ!

    ReplyDelete
    Replies
    1. ඔව් සාබිත් ඒකත් ඔය අස්සෙ තියෙන වටිනා සංකල්පයක් තමයි..

      Delete
  12. ලියන්නාගේ යාළුවෙක වෙන්නත් සෑහෙන්න සුදුසුකම් තියෙන්න ඕන වගේ..
    හ්ම්..

    ReplyDelete
    Replies
    1. අනේ නෑ රූ එහෙම එකක් නෑ..හැමෝම වගේ යාළුවො ගොඩක් ඉන්නවට මමත් කැමතී..

      Delete
  13. ඕක හැයටික් වෙන්න ඇති මයේ හිතේ. අර කායලක් ෆේස් බුක් එකේ ෂෙයාර් උනේ අපි කියවන කොටත් කියන්වනේ මුල් සහ අතින්ම අකුරු දෙකෙන්ය කියලා!

    ReplyDelete
    Replies
    1. හරියට හරි මල්ලි, ඒ ඩොක් එක ටුශ් ගාලා කියවන්න පුළුවන්නෙ.. ඒ උනාට මැද අකුරු වැරදී.. ඒක තමයි වෙන්නෙ අහන කොටත්..

      Delete
  14. හපූයි...මෙහෙමත් යාලුවෝ....!

    ReplyDelete
    Replies
    1. ඔව්..හැබැයි පට්ට යාළුවො ටිකක් !

      Delete
  15. අපරාදේ සීන් එක සිරා කියලා අත පය පොඩ්ඩක් ඔතාගෙන ගෙදරට වෙලා ඉන්න තිබ්බනේ.දවස් දෙක තුනක් නිවාඩුත් ගන්න තිබ්බා :)

    ReplyDelete
    Replies
    1. අපොයි එහෙම උනා නම් හොඳා.. ඔෆිස් එකෙන් පිලි ගන්නෙ නෑනෙ මල්ලි..

      Delete
  16. ඔය කමියුනිකේශන් ප්‍රශ්නේ හින්දනෙ අහස කඩා වැටෙනව කියල කැලේ සත්තු සෙට් එකම දිව්වේ.

    ReplyDelete
    Replies
    1. ඔව් අපි පොඩිම කාලෙ අහල තිබ්බෙ ඔය කතාව ඇතුලෙ තියෙන හරය ඒ කාලෙට වඩා තේරෙන්නෙ නම් දැන් තමයි..

      Delete
  17. මේක කියවලා මාත් මානසිකව වැටුනා,.... ;)

    කොහොම වුනත් ආදර්ශමත් කතාවක්.

    ReplyDelete
    Replies
    1. :-D
      ඔව් සුමිත් මාව තමයි තර්කෙන් පැරදුනෙ...

      Delete
  18. අර අන්තිමට තියන සන්ටබරාන්ස් ටික දැක්කම මට නම් බුදු ශුවර් දැන්නම් ලියන්නා මානසිකව වැටිලා ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. හික්ස් ඔව් සෙන්නා සංක කරපු දේට ඔය කීව ටික මදිද මන්දා ?

      Delete
  19. welawata ayya kiyapu tika achchita ahune natte,nattam achchi manasikawa watei. :):)

    ReplyDelete
    Replies
    1. ඔව් හැබැයි මාව රත් උනා ඒ වෙලාවෙ !

      Delete
  20. //ටිකක් වෙලා හිටියෙත් ඉතින් ඔය උදේ පාන්දරම සියළුම පිරිමින්ට තියෙන ප්‍රශ්ණ පොඩ්ඩක් බැහැලා යනකන්..,// :o

    අඩේ උඹ අපේ රහස් පිට දෙනවා නේද වෙනිලීක්ස්!! :(

    henryblogwalker the anxious Dude

    ReplyDelete
    Replies
    1. ඕහ් හෙන්රි මට ඒක තේරුනෙ නැති හැටි .. දැන් මොනා කරන්නද .. ගිය නුවන..
      අර එක මහත්තෙක් මීයන්ගෙ කතාවක් කියලා ඒක රෙජිස්ටර් වෙලා තියෙද්දි.. බොලා තව කතාවක් රෙජිස්ටර් කරන්නද හදන්නෙ ?
      සෙන්නා මමත් පට්ට ලයික්.. කට වරද්දා ගත්තට ..

      Delete
  21. අපේ ගැමි ජනවහරෙ එන කපුටු පිහාටුව කපුටො හත් දෙනා වෙච්ච හැටි මතක් උනා....

    ReplyDelete
    Replies
    1. ඔව් සපා ඒ අනික.. පඩේ බෝම්බෙ කරනවා කියලා පහුගිය බෝම්බ කාලෙ කිව්වෙත් ඒකම තමා..

      Delete
  22. විකුර්ති කථනය සහ ප්‍රකුර්ති කථනය.. නියමයි කතාව..ආසාවෙන් කියෙව්වා..:)

    ReplyDelete
    Replies
    1. ඔව් හිරු ඒ කාලෙ ඉගෙන ගන්න කොටත් වඩා අදටයි ඒවයෙ ප්‍රායෝගිකතාවය පෙනෙන්නෙ..

      Delete
  23. හා කියමු බලන්ට මෙතැනදි රට මීයා වුනේ කවුද කියල.

    ReplyDelete
    Replies
    1. මේකෙ නම් මන් වහන්සේම තමයි රට හාවා 1

      Delete
  24. ඇත්ත තමා. හරියට කපුටෝ හත් දෙනා වමනේ කලා වගේ තමා කතාව යන්නේ. එල එල මටත් ඒක අත්හදා බලන්න හිතුන....:D

    ReplyDelete
    Replies
    1. ඔව් ට්‍රයි කරලා බලන්න ඔය පසන්ට කට්ටිය කරලා තියෙන්නෙ මේකෙන් අරන්ද මන්දා ?

      Delete
  25. මාත් ඊයෙ රෑ හැප්පිලා අයි සී යු හිටියලු.. මං දන්නෙත් අද වැඩට ගිහින් ගෙදර ආවට පස්සේ...

    ReplyDelete
    Replies
    1. මාත් අහු උනා පසා..

      Delete
  26. සික්..අද නං ශුවර් එකටම අපි මීයො වුනා..

    ReplyDelete
    Replies
    1. මීයො හරි හාවො හරි ආවා කියලා තිතක් හරි තියලා යන්ඩලා.. නැත්නම් මන් හිතන්නෙ පැත්ත පලාතෙ ආවෙ නෑ කියලයි ඕන් !

      Delete
    2. මාර කෙළියක්නෙ...මෙතන ඇවිත් අපි මීයෝ වෙනව මදිවට තව තිත් තියන්නත් ඕන..:D

      Delete
  27. Replies
    1. ඔව් ඔව්.. ස්තූතියි..

      Delete
  28. :) ආයෙත් මීයෙක් කරන්න හදන්නේ...!!!

    ReplyDelete
    Replies
    1. අනේ නෑ ක්සැන්ඩර් !

      Delete
  29. පැහැදිලිවම අපි මීයො තමා..... මොනා උනත් වෙනි අයියේ කතාවක් විදියට දෙන මේ පණිවිඩේ නම් ඇත්තටම ඇත්ත තමයි....

    ඔය පෝං එක උස්සපු ගමන් කුණුහරුප කියන කේස් එක මම දැන් නවත්තං ඉන්නේ.... ඒ විතරක් නෙමෙයි කෙල්ලට කෝල් කලත් කෙල්ල හෙලෝ කියනකන් මුකුත් කියන්නෑ... මීට කලින් කෙල්ලගේ අම්මා පෝං එක ඉස්සුවාම ආදරබර වදන් වැලක් කියවලා වස නෝන්ඩියක් වෙලා ඉන්නේ....

    නියම කතාව වෙනි අයියේ.. මෙව්වා ලියනකොට මීයො නෙමෙයි ඌරු මීයො වුනත් කමක්නෑ

    ReplyDelete
    Replies
    1. ඇඩෙනවා තනි ඇහැට...

      Delete
    2. ඔව් ගැමියා මාත් ඒක ඔයාගෙ බ්ලොග් එකේ කියෙව්වා ..

      Delete
  30. එලදායි සන්නීවේදනය... වෙනී අයියටමනේ වෙන්නේ...

    ReplyDelete
  31. වෙනි අයියා ඇත්තටම මානසිකව වැටෙන්න ඇති ආච්චිගේ කටහඬ ඇහෙනකොට..:D

    ReplyDelete
  32. තන්තෝස වෙයන් ඔය වගේ වටින යාලුවෝ ඉන්න එක ගැන . . .

    ReplyDelete