ආවට ස්තූතියි
මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!
Friday, July 13, 2012
ඉටි පන්දම ගහන හැටි
ඉටි පන්දම ගහන්නෙ කොහොමද කියලා අහන්න ඉස්සෙල්ලා මං කාලෙකට ඉස්සර ඔය බිත්ති සඟරාවකට ඉදිරිපත් කරපු නිර්මාණයක් හම්බ උනා මගේ පරණ පොත් පෙට්ටියක් අස්සෙ තිබිලා. අපි හැමෝගෙම ජීවිත මේ විදියට තමයි දිනලා තියෙන්නෙ කියන එක හොඳටම සුවර්. ඒ වගේමයි මගෙ මතකයෙ හැටියට මේ පොඩි නිර්මාණය කරන්න මූලික උනේ ඔය අභියෝග ජය ගන්න කියලා තිබ්බ පොත් පිංචක තිබ්බ අදහසකින් ගත්ත එකක්..ඒක පටන් ගන්නෙ මෙහෙමයි..
මට වැරදුනා...
මම අසමත් උනා....
මම ෆේල්....
මට ඉතුරු උනේ ,
දුක
කඳුල
පසුතැවිල්ල විතරයි..
පරාජයන් තව තවත් මගේ හිස මත කඩා වැටෙන්න උනා...
ඒත් දවසක මට තේරුනා..
මන් ඉන්නෙ වැරදි පැත්තෙ කියලා
මන් දුවන් ගියා හරි පැත්තට..
මේ සිත්තරෙන් තේරෙනවා ඇති පරාජයන් අපි මත කඩා වැටෙද්දි අපි කොතනද ඉන්න ඕනි කියලා..
මේ තියෙන්නෙ ඉටිපන්දම ගහන්නෙ කොහොමද කියන ගැටළුව ..
ඔබට ඉටිපන්දමක්, ගිණි කූරු පුරවපු ගිණි පෙට්ටියක් සහ ඩ්‍රෝවින් පින්ස් පැකට් එකක් දීලා ඉටිපන්දම බිත්තියෙ ගහන්න එහෙම නැතිනම් හයි කරන්න කීවොත් ඔබ කොහොමද කරන්නෙ ?
මේකට ඔබ පිළිතුර ලියලා මෙතන පල නොකලත් කමක් නෑ පොඩ්ඩක් ඔය නිවාඩු පාඩුවෙ ඉන්න වෙලාවක හිතලා බලන්න..
මන් මේ හදන්නෙ මගේ ඊළඟ කතාවට හොඳ ප්‍රවේශයක් ගන්නයි ඔබේ ඒ හිතන එක හරහා..
එහෙනම් නැවත ලබන බදාදා දිහාවට හමු වෙමු. සති අන්තයේ බණක් සහ දානයක් තියෙනවානෙ සහභාගි වෙන්න..
Subscribe to:
Post Comments (Atom)
ඇයි බං අර පරාජය නම් ගල අර සීසෝ එකේ අනිත් පැත්තට වැටිච්ච ගමන් උඹ කාටූන් එකක් වගෙ උඩ වීසි වෙලා ගිහින් උඹේ තට්ටෙ අර ජය කියන තරුවෙ උලේ ඇනිලා.......
ReplyDeleteහපෝයි උඹ කරගන්න දේවල්!
දැන් වත් අහකට වෙය.
henryblogwalker the Dude
හැක්..හැක්..
Deleteමෙහෙම කමෙන්ට් කරන එපා ඔෆිස් එකේ මිනිස්සු මා දිහා අමුතු විදියට බලනවා.
Delete:D
Deleteතරුව කරකවල උල පොඩ්ඩක් හරවල තිබ්බනම් මැද වදිනව. එතකොට අවුලක් නෑ.
Deleteහයියූ .... වෙනී අයියත් කරගන්න මඟුල්.
Deleteහෆොයි දැන් තමයි මට වෙන්ඩ යන දේ දැක්කෙ.. ඒත් හෙන්රි මෙහෙමනෙ මේ දවස් වල හොට් ටොපික් එක 3ඩී නේ..3D,3D..ඒ නිසා මේ සිත්තරේ තේරුම් ගන්ඩෝනි 3ඩී විදියට..එතකොට කොල්ලා තරුව උඩ තමයි නවතින්නෙ..
Deleteහරී,අසර් නිශාන්,රාජ් ඩීඩීටී.. බණ ගෙදර මිනිස්සුත් මා දිහා මෞතුවට බැලුවා ෆෝන් එකට මූණ ගහන් හිනා වෙන්නෙ ඇයි කියලා..
චිත්රේ නියමයි හි හි..:)
ReplyDeleteඒකනෙ මන් අදිනවා දිගටම..
Deleteමම ඔය ගිනිපෙට්ටියේ ගිණිකූරැ බාගයක් අයින් කරලා.පෙට්ටියේ ඇතූලේකෑල්ල(කූරැ තියන) එකට අර ඇණ දෙකක් විතර ගහලා දානවා පියන.ඊටපස්සේ ගිනිපෙට්ටි පියන දාලා.ගිණි කූරක් අරගන පත්තු කරලා ,ඉටි පන්දම අවුලවලා.කිරි ටිකක් දාලා. පියන උඩට ගහනවා ඉටිපන්දම
ReplyDeleteනිර්මාණශීලී උත්තරයක්..
Deleteමේක කැමතිනම් පස්සෙ පබ්ලිෂ් කරන්න...මම හිතන්නෙ ඩ්‍රෝවින් පින්ස් වලින් ඒව දාල තියෙන පෙට්ටිය හරි ගිනිපෙට්ටියෙ ලාච්චුව හරි බිත්තියට සවිකරල...ඒකෙ ඉටිපන්දම ගැහුව නම් වැඩේ සෙට්...
ReplyDeleteඅනිවා සපා මේ ක්‍රමෙත් ටොප්..
Deleteමම නම් ඔය ඔක්කොම පැත්තක තියලා විදුලි බල්බයක් පත්තු කරනවා.:)
ReplyDeleteපොඩ්ඩියා කලොත් කරන්නෙ ඕන් ඔහොම වැඩක් තමයි ඉතින් :-D
Deleteටිකක් හිතන්න ඕනේ දෙයක්. මුකුත් නොලියා ඉන්නම්...!
ReplyDeleteඉන්න හැකි ඉක්මනින් ඊළඟ කොටස දමන්නම් !
Deleteඑල එල
ReplyDelete:-D
Deleteමේ සිත්තරේ නම් නියමයි
ReplyDeleteඒකනෙ මන් දිරිමත් වෙනවා චිත්‍ර අඳින්නම ට්‍රයි කරන්නෙම චිත්‍ර කතාවක් අදින්න..
Deleteමොන මඟුලක්ද බං... මට අපේ තාත්තා කියා දීලා තියෙන්නේ අර පිරි මැස්මෙන් වැඩ කරන්න... මං උඹට කියා දෙන්නං වැඩෙත් කරගෙන තව කීයක් හරි හම්බ කර ගන්න විදියකුත්...
ReplyDeleteකැඩුවා ඉටි පන්දම දෙකට... ගැහුවා ගිනි කූරක්..පත්තු කලා එක පැත්තක්... ඒ ගිනි කූරෙන්ම ඉටි පන්දමේ යට පැත්ත රත් කරලා ගැහුවා බිත්තියේ.. ටික වෙලාවක් අල්ලං හිටියම ඕක කිසි අවුලක් නැතිව ඇලවෙනවා.. ඉටි පන්දම දෙකට කඩන්නේ බර අඩු කරන්න... හරි දැන් ඕනනං ඒක නිවුනම අනිත් කෑල්ලත් එහෙමම කලෑකි... එච්චර වෙලා ඕක පත්තු වෙන්න ඕන නැත්තං ඒ බාගෙත් ඉතිරියි... හැබැයි ඕක සුදු හුණු හරි සමර හරි ගාපු බිත්තියකනං අමාරුයි..මොකද හුණු තට්ටුවත් එක්ක ගලෝලා වැටෙයි... තීන්ත ගාපු එහෙක කිසි අවුලක් නැතිව කලෑකි. සුද මැදපු නැති බිත්තියකනං සම්පූර්ණ ඉටිපන්දම උනත් සීරුමාරුවට හයි කොලෑකි...
රයිට් දැන් ආදායං හොයන විදිය... අර ඩ්‍රෝවින් පින් පෙට්ටිය උඹට විකුණනවා උඹ අඳින් චිත්තර වලට හරි එහෙම නැත්තං සපත්තු ගෙවෙනවට අඩියට ගහගන්න හරි කියලා... ඕනනං කූරු දෙකක් විතරක් අහක් කරපු ගිනි පෙට්ටියත් උඹට විකුණනවා අර කලු සුරුට්ටු බොන වැඩේට තියා ගන්න කියලා... තවත් ඉතිං ඉතිරි උනොත් අර ඉටි පන්දං කෑල්ලත් විකුණලා දෑතැකි...
(තව ඕනද උපදෙස්..?)
හුටා..මං මීයෙක් නෙවෙයි තඩි රට හාවෙක් වෙලා නේද..?:D
Deleteඒ විදියට ඉටිපංදබ ගැහැව්වහම ඉටිපන්දමේ එක පැත්තක් විතරයි බං ඉවර වෙන්නෙ.
Deleteඇහ්..මූ කොහේ හරි ලියලා තියේද දෙපැත්තම පත්තු වෙන්න ඕන කියලා...?
Deleteමේ මල්ලි..වැඩේ කෙරෙනවනං පූසා මැටියෙන්ද කියලා හොයන්න එන්න එපා හරිය..?
අපොයි මාරයා මල්ලි රට හාවෙකුත් අරන් ආවද ඒ ගමන් ? ඒ උත්තරෙත් හොඳයිනෙ බන්..
Deleteප්‍රසා මේ ඉටිපන්දමක් නිසා මට අන්තිමේ සියදිවි හානි කරගන්නයි වෙන්නෙ..
ඔච්චර කරදර වෙන්න ඕන නෑ වෙනී අයියෙ බිත්තියක් තියෙනවනං අනිවාර්යෙන්ම බිමකුත් තියෙන්න එපායැ. ඉිටිපංදම බිම ගහන්න. එතකොට ඩ්‍රෝවින් පින්, කූරක් අඩු විච්ච ගිනි පෙට්ටිය ආදී දේවල් වලට කිසිම හානියක් වෙන්නෙ නෑ. ඕනනං මාරය අන්තිමට කියල තියෙන විදියට කරගත්තහැකි.
ReplyDeleteකම්මැලියා ...
Deleteඉටිපන්දම පැත්තෙන් රත්කරලා බිත්තියේ අලවනවා!!!
ReplyDeleteමමත් හිතුවෙ එහෙම තමයි ක්සැන්ඩර්..
Deleteඅනේ හිතන්න කම්මැලියි...ඊලඟ එකේ අයියම කියන්නකො
ReplyDeleteහා ඉක්මනින් කියන්නම්..
Deleteඋඹට කෙල්ලො ගැන රිසර්ච් කරන්න නම් කම්මැලි නෑ නේද පිසාචයා?
Deletehenryblogwalker the Dude
අටර්‍මපහුරයි, සපතේරු උන්නැහේයි කියලා තියෙන විදිහ තමා මටත් හිතුනෙ..:))
ReplyDeleteඔව් නිසුපා හොඳ උත්තා දෙකක් ඒක..
Deleteඅනේ මන්දා අර පින්ස් ටිකෙන් මොනා කරන්නද කියලා හිතාගන්න බැහැ.
ReplyDeleteඒ ටිකෙන් ප්‍රයෝජනයක් තියෙනවා ඉන්නකො..
Deleteමම මීයෙක් නොවෙමි.
ReplyDeleteඅර මාරයා මල්ලි කීවා වගේ හාවෙක්වත් වෙන්ඩකෝ සෙන්නා.. :-D
Deleteටිකක් හිතන්න වෙන ප්‍රශ්නයක් !!
ReplyDeleteඅනිවා ඒක තමයි වෙන්න ඕනි..
Deleteමුලින්ම ඉටිපන්දම පත්තුකරගන්නවා
ReplyDeleteඊට පස්සේ ගිණිපෙට්ටියේ බිත්තියට හිටින පැත්ත ඩ්‍රොවින් පින්ස් වලින් බිත්තියේ ගහනවා.
ඊට පස්සේ ඉටිපන්දම ඇතුලට දානවා.
ලුස් වගේ නම් පින් එකක් දෙපැත්තෙන් හිරකරනවා..
ඔව් නිර්මාණශීලි උත්තරයක් මේකත්..හැබැයි මට හිතුනෙත් නෑ මේ උත්තරේනම්..
Deleteඅර අයියා ලස්සන .... චිත්තර අඳින මෙව්ව එකේ බිත්තියක චිත්තරයක් ඇඳල පරණ පුරුදු විදියට ඒකෙ ගහනව. :)
ReplyDelete:-D
Deleteසේරම හොඳයි..චිත්‍රෙත් හොදයි... මම මේ නිකමට අහන්නේ... උබට සංගීතය පැත්තෙන් ඉස්සරහට යන්න ආසාවක් නැද්ද..?
ReplyDeleteචිත්‍ර අඳින්න එපා කියනවා නෙමෙයි...
Deleteහෆොයි බීටල් ඉන්නකො ඊළඟ කොටසින් මන් කියන්නම් මන් සින්දු කියන්න ගිහින් වෙච්ච දෙයක්.. මේ පඬි ප්‍රකාශ අරයට දකින්න නොලැබේවා..දැක්කනෙ කතාටයි ඕනයටයි වෙච්ච දේ..
Deleteඅයියටත් හිටපු ගමන් හිතෙන්නේ මරු දේවල් නේ.. අට්ටම්පහුර හරි උත්තරේ දීලා මම හිතන්නේ..
ReplyDeleteහරි උත්තර කීපයකින් එකක් දීලා තියෙනවා..
Deleteහිතා ගන්න බැහැ. අටම්පහුර කි විදිහත් හොඳයි. මාරයා කිවූ දේ කලොත් ඉටි ටික ඉක්මනට වැක්කෙරිලා ඉටිපන්දම ඉවර වෙනවා .
ReplyDeleteඔන්න ඕකනේ බින්දි අක්කලත් එක්ක බැරි... මේක මේ පලදායීතාවය ගැන පුරස්නයක්යෑ... එහෙමනං මං මුලින්ම අහනවනේ ඈ බොල වෙනීයෝ අහවල් එහෙකටයෑ ඕක බිත්තියේ අරක මේක අරං ගහන්නේ..කියලා...හෙහ් හෙහ්...
Deleteමේක අහන්නේ අට පට්ටං පුරස්නනං අපි එව්වා දොලොස් පට්ටං කරලා උත්තර දෙන්ට ඕන...
ඔව් නාස්තිකාර උත්තරයක් නේන්නම් මාරයා මල්ලි දීලා තියෙන්නෙ..මන් ඉතින් කීවෙ නෑ..හරි නෑනෙ මූණටම කියන එක..
Deleteදොලොස් පට්ටම් ?! :-D
කෝ බං උඹ? ඉතින් බණ දාන ඉවරනං වරෙංකෝ.
ReplyDeletehenryblogwalker the Dude
Thaama maga dear Henry..
ReplyDeleteWeni
ඕන් දැන් තමයි පොඩ්ඩක් ඔළුව ඉස්සුවෙ හෙන්රි..
Deleteඅර ඇදල තියෙන්නෙ "වනයක් උඩ තරුවක්" නේද ???
ReplyDeleteනෑ බන් ඒ පහල තියෙන්නෙ තන පිටියක් !
Deleteගහ ගනින් ඉටිපන්දම.... මගේ බ්ලොග් එක පැත්තේ නිකම් ඇවිත් අකුරක් ලියනකල්,,
ReplyDeleteඕන් ගැලෙව්වා !
Deleteඅපරාදේ මේක මිස් වෙලානේ... මේකටත් ඩීවිඩි පැක් එකක් දුන්නනද ඈ??
ReplyDelete