ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Sunday, July 22, 2012

අවංකයා.... ?!


මෙම ලිපිය මගේ පෙර ලිපිය "අවංකයා හැමදා දුකේ" ලිපිය කියවූ සහ කමෙන්ට් දැමූ සියල්ලම වෙනුවෙක් පුදමි...




http://www.zerohedge.com/news/guest-post-supreme-court-and-natural-law


ප්‍රබන්ධයක් නොවේය කියලා පටන් ගත්ත මගේ ඉස්සෙල්ලා පෝස්ට් එක.. හ්ම්ම්ම්ම් සමහර සොයුරු සොයුරියො කොහොම කීවත් පිළි අරන් තිබ්බෙ නෑ ඒක ඇත්තම කතාවක්ය කියලා.  ඒක ඇත්තම කතාව සිද්ධ උනු. මොනා හරි බොරුවක් කීව නම් ඒ ගැන තව තව අහන කොට තව තව බොරු ගොතලා කියන්න තිබුන. ඒත් හත්දෙයියනේ ඇත්ත කීවහම එතනින් එහාට තව මොනා කියන්නද ? ස්තූතියි එතන අදහස් දක්වපු ඔබ සැමටම. ඒ සිද්ධිය ගැන ඔබ ඒ කිවූ විදියටම කියන්න ඔබට සම්පූර්ණ අයිතියක් තියෙනවා.. 


හරි දේ නොකලත් බහුතරයක් වගේම මමත් කියන්නෙ ඒ මුදල මම හම්බ කර නොගත් දෙයක් නිසා මට ආපහු දෙන්න තිබුනා. කෙටි කාලසීමවක් තුල දෙතුන් සැරයක් ඇහ ගැටිච්ච සහ වචන දෙක තුනක් සවනෙ වැට්ච්ච පමණින් මට ඒ කොන්දොස්තර මල්ලි අහින්සකද නැත්නම් නැද්ද කියලා නම් තීරණයකට එන්න බැරි උනා. සාමාන්‍ය කෙනෙක්..කාටවත් අකාරුණිකව කතා කරනවා ඇහුනෙ නම් නෑ..


ඔබ 141 බස් එකක යනව නම් එක කොන්දෙක් ඉන්නවා.. ඔහුට කොන්දා කිවට කමක් නෑ.. 


"සල්ලි ගන්ඩ" 


"ටිකට් ගන්ඩ"


 "දැන් බහින්ඩ"


වගේ ඒවා කිසිම කාරුණික කමක් නැතුව අණ දෙන එකෙක්. මූණෙ ලේ පොදක් නෑ.. හිනා කඳුලක් නෑ.. 
ඊට සාපේක්ශව නම් මේ මල්ලි හොඳයි...
මට තාමත් හිතා ගන්න බෑ මන් ඇයි ඒ සල්ලි ආපහු නොදුන්නෙ කියලනම්..කරපු වැඩේ වැරදී තමයි ඒක සාධාරණීකරනය කරලා සුදු හුනු ගාන්න මන්ම ලේස්ති නෑ.. සමහර විට මන් දවස් 4ම මහන්සි වෙලා ඉඳලා තෙහෙට්ටුවට මගේ නියම සිතුවිලි වැඩ කරන්න නෑ ඒ වෙලාවෙ.. ඕන්නම් මේ සිද්ධිය පස්සෙන් පහු මගේ හිතට වද දෙනවනම් මන් ළඟ ඒ බස් ටිකට් එක තාමත් ඇති පර්ස් එකේ..හොයලා දෙන්න බැරියැ..මිනිහා ඒක ශේප් කරගන්න ඇති.. 


මේ වගේ දේවල් වලට මන් මූණපානවා හරි අඩුයි..


ඒ නිසාම අමනුස්සයෙක් වේගෙන එනවද මන්දා ? 


සුදුම සුදු රෙද්දක පොඩියට හරි මඩ තිතක් වැදුනොත් ඒක මාර විදියට හයිලයිට් වෙනවා.. ඒ උනාට තරමක් කිළුටු රෙද්දක මඩ ටිකක් ගෑවුනාට එච්චර පේන්නෙ නෑ...නිතර දෙවේලෙ නොඋනත් ඉඳහිට පස් පව් කැඩෙන අළු චරිතයක් වෙච්ච මන් ගැන පට්ට හොඳයි..පට්ට සාධාරනයි කියලනම් ජජ්මන්ට් තියන් ඉන්න එපා කවුරුවත්..ඒකට මන් බයයි..


ගිය අවුරුද්දෙ වෙසක් දවස් ටිකේ ඒ කාලෙ මගේ මේ තඩි කැමරාව නොතිබ්බ නිසාදෝ කොහෙද මීට වඩා නිදහසේ වෙසක් බලා කියා ගෙන ආවා.. දැන් වෙන්නෙ මේකෙන් ෆොටෝ ගන්න කොට කීදෙනෙක් නම් අහනවද 


"කොයි පත්තරෙන්ද මහත්තයා ? කවදා විතර පත්තරේ ෆොටෝ ටික යයිද ?"


මට පට්ට අපහසුවක් දැනෙන්නෙ.. ඒ අයටත් වඩා ගම් බයියෙක් වෙච්ච මට ඒ ගොල්ලො මහත්තයා කියන කොට සහ ඒ මිනිස්සුන්ගෙ  මූනෙ පත්තුවෙන අහිංසක ආසාව දැක්කහම..


කොහෙද දැන් කියන්න ආපු කතාව ? 


කොටුවෙන් රෑ දහයට දහයමාරට විතර මන් නාරාහේන්පිටට එන්න බස් එකට නැග්ගා. ඒ අර වෙසක් දින රෑ මහ හුළඟක් ඇවිත් කොළඹ තොරන් කීපයක්ම බිමට වැටිච්ච දවසට ඉස්සෙල්ලා දවසෙ.. බස් එකේ මැද හරියෙ සීට් එකේ ඉඳගන්නකොටම මොකක් හරි පුකේ ඇනුනා.. මන් ආයි පස්ස උස්සලා බැලින්නම් මේන් කළුපාට පර්ස් එකක්..පිම්බිලා තිබ්බ නිසා මන් පොඩ්ඩක් ඇරලා බැලුවා..


 අප්පා රුපියල් දාහෙ කොල කීපයක්ම තිබුනා.. මේක බස් එකේ කොන්දොස්තර සහ ඩ්‍රයිවර්ට දුන්න නම් ආපහු නොලැබේවි කියලා හිතපු මන් හොඳ අවධානෙන් හිටියෙ කවුරු හරි ඇවිත් හොයයිද කියලා..ම්හ්හ්හ් ඔහෙ නෑ. මන් නාරාහේන්පිට ඉඳන් පයින්ම ගෙදර ආවා.පර්ස් එකේ රුපියල් අට දාස් ගානක් තිබ්බා. ඉතින් මෙතෙන්දි මන් අහන්නෙ නෑ මොකක් කලා හියලද හිතන්නෙ කියල නම්..  ඒකේ තිබ්බ ටෙලිෆෝන් නම්බර්ස් කීපයෙන් එකකට කතා කරනකොට අයිතිකාරයා හොයා ගන්න පුළුවන් උනා. ගෑණු ලමෙක්ගෙ පර්ස් එකක්. පහුවෙන්දා බොරැල්ල නෝලිමිට් එක ළඟට එන්න කියලා මන් ගියා හම්බ වෙන්න. ගෑනු ළමයි දෙන්නෙක් ඇවිත් හිටියෙ.. මන් පර්ස් එක හරියටම එයාලගෙද කියලා සැක හැර දැන ගෙන ඒ දෙන්නට දුන්නා. මාව දැක්ක වෙලාවෙ ඉඳලම දෙන්නා නිකම් බය වෙලා වගේ හිටියෙ .. පර්ස් එක දුන්නට පස්සෙ අඩුම තරමෙ "තෑන්ක්ස්" කියලා වචනයක්වත් නොකියා දෙන්නම මන් දිහා බලන් ඉන්නවා. 


"පර්ස් එකේ තිබ්බ සේරම ටික හරියටම තියෙනවා නේද "


මන් ඇහුවා නිස්සද්දතාවය බිඳින්න... ඔව් කියලා කනට ඇහෙන නෑහෙන ගානට කීවේට පස්සෙ මන් හැරිලා ආපහු ආවා.සාමාන්‍යයෙන් අපි මේ වගේ දෙයක් කරන්නෙ මොනාවත් ආපහු බලාපොරොත්තුවෙන් නොඋනට.. මන් හිතුවා අඩුම තරමින් " ස්තූතියි අයියෙ" කියලවත් කියයි කියලා.. ඒ රුපියල් අට දාහ අරන් පර්ස් එක විසි කරලා දමන්න මට ඕනි තරම් චාන්ස් එක තියෙද්දිත් මන් ඒක ආපහු දෙන්න කට්ටක් කෑවෙ කැම්පස් ඉවර වෙච්ච ගමන්ම රුපියල් 6000\= පඩියකට පලමු වෙනි ජොබ් එක කරන කාලෙ මන් කාපු කට්ට මතක් වෙලා. ඒ කාලෙ හැම රුපියලම කොයි තරම් නම් වටිනවද ?.. ණය වෙලා ගත්ත රුපියල් 10,000 සෝනි එරික්සන් ටී 100 ෆෝන් එක බස් එකේදි නැති උනහම මන් කොයිතරම් නම් අප්සෙට් එකේ හිටියද ? ඒක ගත්ත එකා පොහොසත් උනෙත් නෑ.. මන් හිඟමනට වැටුනෙත් නෑ තමයි. ..


ඒ රුපියල් 300න් මන් කොත්තු කාලා ඩීවීඩී ගත්ත බව හැබෑව. ඒත් අදටත් මගෙ පර්ස් එකේ ඒ වැඩිපුර ආපු සල්ලි තියෙනවා..ඒ කොලම නෙවෙයි උනත්.. මන් ළඟ තියෙන බස් ටිකට් එකෙන් ඒ බස් එක හොයා ගන්න පුළුවන්. ආයි රත්නපුර ගිය දවසක මට මතකයි ඒ කොන්දොස්තර මල්ලි.. දෙන්නෙ නෑ කියලා හිතන් හිටපු ඒක මන් ආපහු දෙනවා කියලා හිතා ගත්තා.. උඹලා බැනපු ඒව නම් ඉවසන් ඉන්න තිබ්බා.. ඒත් මගේ අවංකව කම ගැන කියලා පසසලා තිබ්බ කමෙන්ට් දකිද්දි මොකාටද ඉවසන් ඉන්න පුළුවන් ඔහොම..


ඒත් මන් පට්ට සුදු චරිතයක් නම් නෙවෙයි.


....මිය දෙන්න දෙන්න උණුසුමේ ඔබේ..
මා හදවතින්ම උමතුවී තියේ..


කියලා කවීශ කවිරාජ්ගෙ සින්දුව අහන් හිටපු එෆ් එම් මීටරෙ යනකොට තව පොඩ්ඩෙන් මාවත් උමතු වී ගෙනයනවා.. හොඳ වෙලාවට වැරදිලා රිමෝට් කන්ට්‍රෝල් එකේ අත වැදිලා ඊළඟ චැනල් එකට මාරු උනා. 


නෙලා ගන්න බැරි හින්දයි ඔබ ඔය තරමට ලස්සන
නෙලා ගෙනා කිසිම මලක් නෑ ඔය තරම ලස්සන ..


කියලා නන්දා මාලනී ගයද්දි මන් ආයිමත් මේ ලෝකෙට ආවා..
ලොකු සුසුමක් එක්ක සේරම අමතක කරලා මේ සින්දු දෙක ගැන හිතන්න ගත්තා..

76 comments:

  1. ඔය වගේ උන් නම් අනන්තවත් ඉන්නවා. අච්චර මැරීගෙන උදව්වක් කලාම අඩුම තරමේ ස්තුතියි කියලවත් කියන් නෑ.. මොකටද ඉතින් ඒ හරිය !!!

    ReplyDelete
    Replies
    1. ඒ ඇයි කියල නම් මටත් තේරෙන්නෙ නෑ මධුරංග..

      Delete
  2. "පලවෙනි පඩියෙන් ගත්ත නොකියා 3220 ෆෝන් එක බස් එකේදි නැති උනහම මන් කොයිතරම් නම් අප්සෙට් එකේ හිටියද ? ඒක ගත්ත එකා පොහොසත් උනෙත් නෑ.. මන් හිඟමනට වැටුනෙත් නෑ තමයි. .."

    මට එහෙම දෙයක් වුනා. ඇත්ත කියන්න මමනම් ඔය වැටිලා තියෙන ඒවා අහුලන්න බයයි.ඒ එක වතාවක් රත්නපුර තැපැල් කන්තෝරුවේ පඩි පෙලේ වැටිලා තිබුණු මුදල කිසිවක් නොතිබුණු (පික් පොකටඩ්)පර්ස් එකක් අහුලලා එතන වැඩ කරන කෙනෙකුට දුන්නම මගෙන් "සල්ලි කීයක්වත් තිබුනෙම නැද්ද?" කියලා ඇහැව්වට පස්සේ..

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙම වෙනවා.. අර පර්ස් එකේ සල්ලි තුබුනු නිසයි මන් පන්නා ගෙන ගිහින් දෙන්න හිතුවෙ..නැත්නම් මේ පික්පොකට් වැහි වැහැලා ඉන්න කොළඹ ඕවා අනන්තයක් වෙනවා..

      Delete
  3. වෙනී අයිය ඕවට හිත කරදර කරගන්න එපා. ඒක දුන්නෙ නෑ කියල හිත දොස් කියනව වගේ නම් මම ඒ සල්ලි දෙනව කියල අධිෂ්ඨාන කරගත්තම හිත සැහැල්ලු වෙනව. හරි, ආයිත් යන වෙලාවක ඒ මනුස්සය හොයල ඕක දෙන්න, දැන් ප්‍රහ්නයක් නෑනේ. ඉතිං පොඩ්ඩක් හිනාවෙල ඉන්නකෝ .... ප්‍රශ්නෙකට මූන පාන කෙනා විතරයි ඒකෙ අමාරුව දන්නෙ, ඒ නිසා මම උපදෙස් දෙනව නෙවි ඕං.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක ඇත්ත, අපි වැඩිහිටියො වෙනකොට අර පොඩි කාලෙ තිබ්බ අපි ගැනම සංවේදීත්වය අපෙන් ගිලිහිලා යනවා ගල් වෙනවා..හරි ගස්ස ගන්න වෙනවා..ඇයි මොකද කෙනෙක් නොදකින පැත්තක් ඔබ දකිනව නම් අවවාද දෙන්න පුළුවන් !

      Delete
  4. ඔය වගේ එකපාරට ගන්න වෙන ක්ෂණික තීරණවලදි (කොන්දොස්තරගෙන් වැඩිපුර සල්ලි එකපාරටම ලැබුණු ගමන් දෙනවද නැද්ද වගේ...) අපි මොනවද කරන්නේ කියලා අපිටම හිතාගන්න බෑ. මමත් කීප සැරයක්ම කොන්දොස්තර වැඩිපුර දීපුවාම අරං කට පියං ඉඳලා තියෙනවා. ඔච්චර ලොකු ගණං නං නෙමෙයි. රුපියක් 20ක ඉතුරුවලට 50ක ඉතුරු වගේ දුන්නු වෙලාවල් වල. හැබැයි ඒ සිද්ධියි වෙනී අයියාගේ සිද්ධියෙයි කිසිම වෙනසක් නෑ!
    ඒ වගේම කීප සැරයක්ම "මල්ලි ඉතුරු පස්සේ දෙන්නම්" කිව්වාම ඉතුරු ගන්න අමතක වෙලා තියෙනවා. අන්තිම වතාවේ ඉතුරු රුපියල් අසූගානක්ම ඉල්ල ගන්න අමතක උනා. හැබැයි ඒ කොන්දලා පස්සේ දවසක ආ මල්ලි ඔයා එදා ඉතුරු ගත්තේ නෑනේ කියලා ආපහු දීලනං නෑ!
    වෙනී අයියාගේ කතාව වෙනී අයියා බ්ලොග් එකේ නොලිව්වනං වෙනී අයියා කවදාවත් ඔය සල්ලි ආපහු දෙන්න හිතන්නේ නෑ. වෙනී අයියාට අදාල ඉතුරු මුදල වැඩිපුර තියා කොහොමවත් ඉල්ල ගන්න අමතක උනානං කොන්දොස්තර පස්සේ දවසක වෙනී අයියාට ඉතුරු ගෙනත් දෙන්නෙත් නෑ.
    ජීවත් වෙනකොට ඔහොම සිද්ධි අනන්තවත් සිද්ධ වෙනවා. ඕවා හෙන සාමාන්‍ය සිද්ධි. වැඩිය හිතුවාම තමයි මහා ලොකු සිද්ධි වගේ හිතිලා අනේ මං පට්ට වැරදිකාරයෙක් කියලා හිතෙන්නේ. ඇත්තටම ගත්තාම ඔය සිද්ධියෙන් වෙනී අයියගේ හොඳ නරකවත් කොන්දස්තරගේ හොඳ නරකවත් කිසිම දෙයක් මනින්න බැරි නිකං පුස්සක් විතරයි. වෙනී අයියා තනියම ඉදං ඕනෑවට වඩා හිතලා මොළේ විකර වෙලා කියලා තමයි මට හිතෙන්නේ! :D

    (අයියේ උඹ සල්ලි ආපහු දෙනවට තරහා ගිහිං වගේ මං උඹට ආයේ බණින්නද? :D)

    ReplyDelete
    Replies
    1. මල්ලි කියන පැත්තත් හරි ඒත් මෙහෙම ඔළුව විකාර වෙන්න හරි හිතන්නෙ නැති කම නිසා බලන්න කො අද සමාජයේ වෙන අප්‍රසන්න සිදුවීම්..මිනිස්සු ගල් වෙලා..ඕනි දෙයක් කරනවා..කිසිම හැඟීමක් දැනීමක් නෑ නේද ? කරන, කරපු සහ කරන්න ඉන්න දේ ගැන පිස්සුවෙන් වගේ හිතන්න මන් කැමතී...
      ( හා බැනහං මල්ලියෙ :-D )

      Delete
    2. වෙනී අයියෙ, මේ උත්තරේට මං කැමතියි... කලින් කතාවට පරක්කුවොල ඇවිත් පතරංග ජාතකයක් ලියල උඹේ හිත රිද්දුව නං සමා වෙයං.. ඒත් ඒ ටික නොකිය බැරි වුණා ඒ වෙලාවෙ...

      Delete
    3. ඒ පතරංගෙන් කතාවට තව ටිකක් එකතු උනා..ඒකට ස්තූතියි !

      Delete
  5. සංවේදී මිනිස්සු අතින් වැරදිමකින් හරි වරදක් වුනොත් ඒක ගැන ගොඩක් පසුතැවෙනවා. සමහර වෙලාවට ඒ වැරැද්දට භාජනය වුනු කෙනා දන්නෙත් නෑ මෙයා අතින් මට වැරැද්දක් වුනා කියලා. ලියන්නා අවංකයි වගේම සංවේදී මිනිහෙක් නිසා ඕක තදට දැනෙනවා ඇති. මමත් මුලදි විශ්වාස කලේ නෑ. කමක් නෑ අයියේ. ගිය දේ ගියා. එච්චරයි...!

    ReplyDelete
    Replies
    1. වෙයි කියලා හිතන්නත් අමාරු සමාජයේ සිදුවිය යුතු සංවේදීබවේ ප්‍රමණයක් තිබිය යුතුයි ප්‍රදීප් මල්ලි, එහෙම තමන් කරන දේ ගැන තමන් සංවේදී නම් බොහෝ අය අතින් මෙහෙම වැරදි වෙයිද ?

      Delete
  6. වෙනී අයිය අවුල් ගන්න එපා....තමන් දිහා අනුන්ගෙ ඇස් වලින් බලන්න පුරුදු වෙච්ච් දවසෙ ඉදන් මාත් ගොඩක් දේවල් ඉගෙන ගත්ත......

    ReplyDelete
    Replies
    1. \\තමන් දිහා අනුන්ගෙ ඇස් වලින් බලන්න\\ හරිම අමාරු උනත්.. පට්ටයි මල්ලි ඒක !

      Delete
  7. උඹ ඒක අනිවාර්යෙන් දෙනවාමයි . .. මොකද අර මනුතාපයේ කාසියක් කකුලෙන් පාගගෙන ඉඳලා ඒ මනුස්සයා කොයි තරම් කාලයක් ඒක ගැන හිත හිතා විඳෙව්වාද කියලා උඹ දන්න නිසා . . හෙ හෙ හේ . ..

    ReplyDelete
    Replies
    1. මනුතාපය කට පාඩම් කලේ ඕලෙවල් වලට...හැබැයි ජීවිතේ පුරාවටම ඒ කතාව කියවනවා..

      Delete
  8. අත්තානං උපමං කත්වා කියලා එදාම කිව්වේ ඒක නිසා තමා :)

    ReplyDelete
    Replies
    1. ඔව් හසිත , ඒක හරියටම කිව්වා..

      Delete
  9. /* සමහර විට මන් දවස් 4ම මහන්සි වෙලා ඉඳලා තෙහෙට්ටුවට මගේ නියම සිතුවිලි වැඩ කරන්න නෑ ඒ වෙලාවෙ. */
    මම නම් හිතන්නෙ ඔය වෙලාවට තමා නියම සිතුවිලි වැඩ කරන්නෙ...

    උඹ මට වඩා වැඩිමල් දැනුම් තේරුම් තියෙන මිනිහෙක්... උඹට උපදෙස් දෙන්න මං පොඩි වැඩී... ඒත් ඕක ගැන වැඩිය හිතන්න යන්න එපා බන් අයියෙ... ඕක එක සිදුවීමක් විතරයි... වැරදි හදාගන්න එක වෙනම දෙයක්... හැබැයි ඕනවට වඩා දඩුවම් විදින්න ට්‍රයි කරන්න එපා... එහෙම වුනොත් නම් කලින් එකේ ටයිටල් එක තමා කියන්න වෙන්නෙ... "අවංකයා හැමදාම දුකේ :)"

    ReplyDelete
    Replies
    1. භාගෙට භාගයක් නිදිය ගෙන ආපු නිසයි මන් එහෙම හිතුවෙ..හරි එහෙනම් අපි යටපත් කරන් ඉන්න තිරිසනා එළියට එන වෙලාව ඒක තමයි..
      වයස, දැනුම අරක මේක ප්‍රශ්ණයක් නෑ යමක් කියලා දෙන්න..ඒක අපක්ශපාතීව පිලිගන්න කෙනෙක් නම් ඒක පිලි ගනී මල්ලි..

      Delete
  10. මම එදා නෝ කමෙන්ට් කිව්වෙත් මෙක නියම අතේ රෝලක් කියලා හිතලා. ඒත් ඔබ කරලා තියන්නේ හොද පර්යේෂණයක්. මිනිස් සංථානය ගැන ඉඳ හිට හරි මේ වගේ පර්යේෂණ කරන්න හැකියාවක් ඇත්තේ ඇත්තෙන්ම ඔබ වගේ අවංක අයෙක්ට තමයි. මම ඔබ දැක නැති වුවටහ් බොහෝ දෙනෙක් ( බ්ලොග් ලෝකෙ ) කියන විදියට මගේ හිතේ ඔබ ගැන ඇදිලා තියන්නේ අවංකයෙක්ගේ ප්‍රතිරූපයක්. මේකෙන් ඒක තවත් වැඩි වුනා. ජය!!

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ මෙදා පාරත් අපි මීයෝ වෙලාද?

      Delete
    2. මෙතන වෙන්නෙ වෙද මහත්තයා කාලෙකට ඉස්සර ගමේ ඉද්දි මන් ළඟ තිබ්බ මමම අගයපු නමුත් මේ කොන්ක්‍රීට් වනන්තරෙදි නැතිවෙලා ගියපු දේවල් ආපහු එකතු කර ගන්න වෑයමක එක පියවරක්..මේ සංවේදීබව රැක ගන්න අමාරු උනත් කරන්න ඉන්න දෙයක්. ..
      හරී ඒකෙන් මට උනේ සෙතක්..

      Delete
  11. උඹ පහුගිය පෝස්ට් එකේ කමෙන්ට් වලට උත්තර දෙන්න වෙනවට අටවපු පෝස්ට් එකක්ද කොහෙද මේක. අවංකයා සැමදා දුකේ.
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඔව් හෙන්රි ..ඒ එකින් එක නම් උත්තර දුන්නෙ නෑ නේන්නම්..

      Delete
    2. ඉතින් එහෙම මග අරින්නෙ ඇයි? දේශපාලුවෙක් වෙන්නවත් අදහසක් තියෙනවද?

      Delete
  12. හික්ස් අපි නම් ඔන්න මුකුත් කිව්වේ නැහැ

    ReplyDelete
    Replies
    1. මොනා හරි කියන්න ඊළඟ සැරේ..

      Delete
  13. මෙහෙමයි.., මිනිස්සු ඉන්නවා,
    *උදව්වක් කල විට එය එය පසසා නැවත උදව්වකින් හෝ ස්තූතියකින් නැවත පෙරළා පිළිවදන් දෙන අය,
    තවත් අය ඉන්නවා,
    *එවැනි උදව්වකට පසුව ස්තූතියි කියා කීමට වත් කට දිව සොලවන්නට බැරි අය,
    මම හිතන්නේ ඔය දෙවැනි කැටගරියට වෙන්න ඇති අර කතාවේ ගෑණු චරිත දෙක අයිති වෙන්නේ..,
    social issues..!

    පලි: කවුද දන්නේ පර්ස් එකේ අයිති කාරයාද කියලා ඇවිල්ලා හිටියේ ගන්න කියලා, ඇතුලේ සල්ලි ටික දැක්ක ගමන් තක්බීර් වෙලා ලියන්න දිහා බලා හිටියා වෙන්නත් බැරි නෑ..! ;))

    #උපකල්පනයක්පමණි ;)

    ReplyDelete
    Replies
    1. ඒක ද, මෙකාගෙ තඩි රැවුලට බයවුනාද කවුද දන්නෙ.... :D

      Delete
    2. ඔව් ලිශාන් මෙක සමාජ ගැටළුවක් තමා...ඒත් මන් ඇහුවා පර්ස් එකේ තිබ්බෙ මොනාද කියලා..හරියට සල්ලි ගාන කීවා..තව තිබ්බ කාර්ඩ් වගයක් ගැන කීවා..
      සුමිත්..හිනා ගියත් මට ඒක ගැනත් හිතුනා.. ද්‍රවිඩ අයෙක් කියලා හිතුවද මන්දා ?

      Delete
  14. අනේ පිං සිද්ධවෙයි වෙනි අයියේ අවංක වෙන්න නම් එපා..

    උඹ අවංක වෙනවා කියන්නෙ ඊළඟට මෙතන ඉදල හිටලවත් බොරුවක් ලියන එකක් නැහැ..සේරමත් හරි ඔය එදිනෙදා උඹ කරන කියන දේවල් ඒ හැටියෙන්ම මෙතන ලියන්න ගියහම....

    හපෝයි ..මහ විනාසයක් වෙන්න යන්නෙ :D:D

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ජිවිතේ අවංක උනාමත් ප්‍රශ්න වැඩියි!

      Delete
    2. ඔව් ලකී එතකොට අර කැමරාව ගැන උනත් ඇත්තම කතාව කියවෙයි නේද ? :-D
      ඔව් හිරු ඒක ඇත්ත..

      Delete
  15. "නිතර දෙවේලෙ නොඋනත් ඉඳහිට පස් පව් කැඩෙන අළු චරිතයක් වෙච්ච මන් ගැන පට්ට හොඳයි..පට්ට සාධාරනයි කියලනම් ජජ්මන්ට් තියන් ඉන්න එපා කවුරුවත්..ඒකට මන් බයයි.."
    මේ සමාජයේ ජීවත් වෙන අපි කවුරුවත් ලඟ නියම සුදු නෑ. ඒත් උඹ කල වැඩේ ගැන පසුතැවීමක් තියනවද? බස් ටිකට්එක පවා ලඟ තියෙන්නෙ ඒකද?. ඊට පස්සෙ සඳහන් කරල තියන(කලින් වෙච්ච) සිද්ධියෙදි ස්තුති කිරීමක්වත් නැතිවීම මේ සිද්ධියට බලපෑමක් කලාද?

    මම මීට මාස අටකට විතර කලින් අක්කලගෙ ගෙදර යන්න කොළඹ ආව වෙලාවෙ පර්ස් එකක් පාරෙ තිබිල ඇහිඳගත්ත‍. සල්ලි රුපියල් දෙදාහක් විතර තිබුන. අයිඩී එක ඩ්‍රයිවින් ලයිසන්එක එහෙමත් තිබුන. මට එකසැරේටම මතක් උනේ ලයිසන් එක ගැන. ඒක නැතිවුනොත් ආයෙත් හදාගන්න කන්න සිදුවෙන කට්ට ගැන. ඒ සමහර විට මම ඒ ගැන දන්න නිසා වෙන්නැති. මම අන්තිමට අයිතිකාරයට පර්ස්එක භාරදුන්න. ඒක තමුං අතින් නැතිවෙලා කියල ඒ වෙනකොටත් එයා දන්නෙ නෑ. මෑන් ඒක ගත්ත ගමං ආපස්සට හැරිල යන්න ගියා. ඒ වෙලාවෙ උඹට ඇතිවුන හැඟීමම තමයි මටත් ඇතිවුනේ. ඒත් තත්පර දෙකතුනකදී ආපසු හැරිල ඇවිල්ල මට ස්තුති කලා. ඒ වෙලාවෙ එයි හැසිරුනේ ටිකක් කලබලයෙන් වගේ. ඒකයි එකපාරටම වික්ෂිප්ත වෙලා ආයෙත් පියවි සිහියට ආවම ආපහු හැරුනෙ.
    කොහොම උනත් මම විශ්වාස කරන එක දෙයක් තියනව. ඒ තමයි "හොඳ දෙයක් කලාම ඒකෙ සතුට ජීවිත කාලෙම රැඳිල තියන බව". ඕකෙ අනිත් පැත්තත් එහෙමයි.

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙම සිද්ධීන් ජාලයන්ගෙ බලපෑම් ඇති තමයි..ඕ ඕ එහෙම එකපාරටම වික්ශිප්ත උනාද දන්නෙ නෑ.. අර \\"හොඳ දෙයක් කලාම ඒකෙ සතුට ජීවිත කාලෙම රැඳිල තියන බව". ඕකෙ අනිත් පැත්තත් එහෙමයි.\\ බහුතරයක්වත් හිතනවනම්...

      Delete
  16. මම සාමාන්‍යයෙන් ඔය වගේ වැඩ කරන්නෙත් නෑ.. හැබයි වැරදිලා හරි කළොත් ඒ ගැන පසු තැවෙන්නෙත් නෑ.. මට හරි ඉක්මනට ඕන දෙයක් අමතක කරල දමතෑකි..

    තව කොත්තුවක් කාලා ප්ලේන්ටියක් බීලා නිදාගනින් බන් අයියේ.. ආයේ යන දවසක ඒ කොන්දා මල්ලිට සල්ලි ටික ගිහින් දීපන්.. ඌ ඇස් දෙක ලොකු කරලා බලන් හිටියොත් බය වෙන්ඩත් එපා..

    ReplyDelete
    Replies
    1. මට මේ කාලෙ ආයෙ හිතන්න ඉස්පාසුවක් තියෙනවා..

      Delete
  17. මම දන්නවා උඹ ඔය දේ කලා කියලා හිතෙන් දුක් විඳ විඳ ඉන්න බව. තව කෙනෙකුගේ දෙයක් කඩා වඩාගෙන කන්න තරම් උඹ අපතයෙක් නොවන බවත් දන්නවා.

    හැමෝම තමන්ගේ සුදු පැත්ත විතරක් පුම්බලා එලියට දාන බ්ලොග් අවකාශේ උඹ ඒ දේ කලා කියලා පිලි ගත්ත එක බුදුම සිරා වැඩක්.

    හැබැයි මට මෙහෙමත් හිතෙනවා.... බලහන් දැන් මේ සිද්ධිය නිසා උඹ බ්ලොග් පෝස්ට් දෙකක්ම දාගත්තා. හික් හික් හික්... උඹ පෝස්ට් එකක් දාන්න බලාගෙන නේද මේක ඕන කමින්ම කලේ..? මොකද උඹ හොඳටම දන්නවා ආයෙමත් ඒ කොන්දව මුණ ගැහෙන බව සහ ඔය රුපියල් 300 උඹ ඌට අනිවා ආපහු දෙනවා කියලා.....! ඔන්න බලහන් දැන් ඔය රුපියල් 300 ආපහු රිටර්න් කරලා තව පෝස්ට් එකක් දානවා. බලහන් ඉතින් රුපියල් 30හේ ඉතුරු සල්ලි නිසා පෝස්ට් තුනක්ම ලිව්ව කියන්නෙ ඉතින්.....!

    ReplyDelete
    Replies
    1. හිකිස්.. පෝස්ට් තුනක් නම් මදියි මදියි කියලයි මට නම් හිතෙන්නෙ දුමී..

      Delete
  18. Replies
    1. :-( නමුත් දැන් :-)

      Delete
  19. වෙනී අයියේ ඔයා වගේම මමත් ඔය පර්ස් එකක් ඇහිදලා දෙන්න ගිහින් ඒ කෙනා මේකේ තිබුනු සල්ලි අඩුවක් තියනවා කියලා මාව චාටර් වෙන්න ගියා,, කොහොමද එහෙම දෙයක් උනා නම්, අපේ හිත දන්නවා වෙනී අයියේ අපි වංචා කාරයෝ නෙමේ කියලා, අපිට මේ ලෝකේ සුදුම චරිත වෙන්නත් බෑ,

    ReplyDelete
    Replies
    1. ඔව් ඩිලා හිත හොඳ වැඩි කමට එහෙම වෙන්නත් පුළුවන් අද කාලෙ නම්..

      Delete
  20. මගේත් මේ වගේ කතා ගොඩාක් තියෙනවා වෙලාවක ලියන්න ඕනේ.


    දැන් අර බස් කොල්ලාට පොලියත් එක්ක දීපන්. කොත්තු වෙනුවට තොත්තුවක් එක්කම.

    ReplyDelete
    Replies
    1. මේ වගේ සුළු සුළු දේවල් ගොඩක් අය බෙදා හදා ගන්නෙ නැත්තෙ ඇයි කියලා මටත් හිතා ගන්න බෑ..
      ඔව් මන් ඒක දෙනවා ලබන සතියෙ ආයි ගෙදර යන්න වෙලා..

      Delete
  21. චැඃ...මේ වගේ අවංකයෙකුට නෙවෙයි මගේ පර්ස්එක හම්බවෙලා තියෙන්නෙ, සල්ලිනම් 2000 කට වඩා අඩුවෙනුයි තිබුනෙ.ඒත් ID එකවත් එව්වෙ නෑනෙ. දැන් මාසෙකටත් වැඩියි.

    ReplyDelete
    Replies
    1. තව කෙනෙක් අමාරුවෙන් හම්බ කර ගත් සල්ලි කොහොමද මන්දා ඒ අය එහෙම ගන්න හිත හදා ගන්නෙ.. අයිඩී එක ගන්න දැන් නම් ටිකක් ලේසියි නේද සුමිත් ?

      Delete
  22. සමහරක්විට අර පර්ස් එක මට අදවගේ දවසක ලැබුනානං මම දෙන් නැ

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක තමන්ගෙ අතේ තියෙන සල්ලි ප්‍රමාණය අනුව වෙනස් වෙන්නත් පුලුවන්..ඒත් හැම වෙලාවෙම අපිට එකම දේ කරන්න පුළුවන් නම්..

      Delete
  23. කලින් කතාවත් බලන්න ඕන.. ඒක මිස් උනයින් මේක තේරෙන්නෑ වගේ...

    ReplyDelete
    Replies
    1. හා මල්ලි ඒකත් කියවලා එන්න.. :-D

      Delete
  24. කලාට පස්සේ මොන දේ ගැනවත් පසුතැවිලි වෙලා වැඩක් නෑ.
    හැබැයි අනුන් මොනදේ කලත්, අපේ හිතට හරි කියලා හිතන දේ කලා නම් හරි.

    හිතට අමාරු නම් දුප්පත් කෙනෙක් වෙනුවෙන් කෑම පැකට් එකක් අරං දෙන්ට.

    ReplyDelete
    Replies
    1. ආයි හරි ගස්ස ගන්න පුළුවන් කාල සීමාවෙම හිතනව නම් හරිනෙ පොඩ්ඩි...

      Delete
  25. ඔන්න ඕව අමතක කරල දාල කොලම්බු සෙවන් එකෙන් පෘට් ජූස් වීදුරුවක් බීල ඉමු වෙනී අයියෙ.

    ReplyDelete
    Replies
    1. හා.. තව වෙලා තියෙනවා ඔෆිස් යන්ඩ..

      Delete
  26. මං කලින් පෝස්ටුවේ දාපෙ කොමෙන්ටුවේ වගේම මේකෙත් කියන්නේ, ඒ කොන්දොස්තර මල්ලිට ඕකෙන් පාඩුවක් වෙන්නේ.. නෑ.. ඒත් ඉතිං වෙනි අයිය‍‍ ඔය සල්ලි ගැන ඔච්චරටම පසුතැවෙනවානං දීලා දාන්න.

    ReplyDelete
    Replies
    1. ඔව්..ඒක ඇත්ත..එහෙම කරමු..

      Delete
  27. කියන්ඩ දෙයක් නෑ... කලිං පෝස්ට් එකේ කිව්වනෙ...

    බලපං.. උඹෙයි මගෙයි දෙන්නගෙම පළවෙනි දුප්පත් ටී 100 ෆෝන් බස් එකේදි හොරු අරන් නෙව නැති වෙලා තියෙන්නෙ??

    ඒක මතක් වෙලා නං ටිකක් දුක හිතුණ..

    (අයියෙ ඇහිල්ලක් බැලිල්ලක් නැතුවම මං උඹට උඹ බං බොලං කියල කතා කරනවට උඹ කැමතිද නැද්ද දන්නෙත් නෑ බං??)

    ReplyDelete
    Replies
    1. උඹ බං බොලං කියලා අපි ගමේදි කියන්නෙ සෑහෙන හිතවත් අයට විතරයි..මේ සයිබර් අවකාශයෙ අපිත් සෑහෙන්න හිතවත් කමක් නෑ බං කොහොම කීවත් උඹයි මමයි නෙ..ඉස්සෙල්ලා පෝස්ට් එකේ උඹේ අත්දැකීම් බෙදා ගත්ත එකට මට හරි සතුටුයි...

      Delete
  28. ඇත හැරලා දාපන් මල්ලි.. උඹ හොඳ එකෙක් හින්දා ඕකෙන් මානසික වද විඳින්නේ. හොරා නම් ඕක අමතක කරලා මලදාටත් දිවිය ලෝකේ යනවා .. හිත හොඳ එකා හිතෙන විඳවලා අන්තිමට මැරෙන වෙලාවෙත් ඕක ගැන හිතලා යාම ලෝකෙට යන්නේ. ඔහොම දේවල් වෙන්න පුළුවන්.. මම නම් එහෙම වැඩිය ලැබුණු හැම වතාවෙම ආපහු දුන්න. ඒක වතාවක් මගෙන් ගිනි කාපු නීතිඥයෙක් සීයේ කොළ කියල ගැනල දීල තිබුනේ පන්සීයේ කොළ වලින්.. මමත් ගණන් නොබලා සාක්කුවේ දාගෙන ගදර ආවා. ඇවිත් බැලුවාම මට අප්සෙට්.. ඔක්කොම කිවුවා ඔන්න ඕක අතාරලා දාපන්. ඔවුන් ගිනි කන හැටියට ඕක උඹට අයිති එකක් කියල. එත් මම ආපහු පහුවදා ගිහින් ඒක දුන්න. ඒ මනුස්සයාගේ ඇස් උඩ ගියා. අපි වගේ සත්තු අතරේ මේ වගේ මනුස්සයොත් ඉන්නවනේ කියල හිතුනයි කියල මන් හිතන්නේ නැහැ. ඒ ගොල්ල ඔය වැඩේට කන්ඩිෂන් වෙලයි ඉන්නේ. මං අතින් එකම එක පාරක් අහිංසකයෙකුට පාඩුවක් උනා. අපි කැම්පස් ඉන්න කාලේ නුවර එලි ගියා. එහෙදි කඩල ගොට්ටක් ගත්ත මල්ලි කෙනෙකුගෙන්.. ලොකුවට ගොට්ට තිබුනට ඇරලා බැලින්නම් ඇතුලේ අඩියේ ඇට පාලොහක් විතර තමයි තිබ්බේ. මම බස් එකේ කවුළුවෙන් බලනකොට අර අහිංසකයා ඔලුවේ කඩල ගොටු පුරෝපු බාජනේ තියන් එතනින් යනවා. මගේ හිතේ ඒ වෙලාවේ යකා ඇතිකරලා තිබුන තරහ නිසා මම අතදාල අර ගොඩෙන් ගොට්ටක් ගත්තා. හැබැයි ඒක කෑවාට වඩා හොඳයි වහ කෑවා නම්.. අවුරුදු විස්සකට විතර ඉස්සර උන මේ සිදුවීමට මම තාමත් මට සමාව දීල නැහැ.. ඒ වගේ කඩල ගොටු අරන් යන දුප්පත් මනුස්සයෙක් දකින හැම වතාවේම මගේ හදවත කඩා හැලෙනවා. චික් මන් වගේ තිරිසන් සතෙක් කියලා මට හිතෙනවා.

    ReplyDelete
  29. ඔබා හිටියානම් කියයි අවන්කයා හැමදාම පුකේ කියලා.

    ReplyDelete
    Replies
    1. කොයි තරම් වදයක් උනත් මගේ ඇතුලේ ඉන්න මට සංවේදී වෙයන් කියලා බල කරන එකාට මන් කැමතී අයියෙ..එහෙම නොවිච්ච පහු ගිය කාලෙ මන් හිටියෙ ගල් ගැහිලා..ඔහේ පාවෙවී..කිසිම හරයක් බරයක් නැතුව ගත කරනවාට වඩා මේ බර හොඳයි..
      ඔබා අයියා වෙනුවට ඒ දේ කරන්න කවුරු හරි ඉන්න ඕනි අයියෙ..ඒ පාඩුව..!

      Delete
  30. වෙනී වගේම අපි හැමෝමත් අළු චරිත..ඒ ගැන කිසි විවාදයක් නෑ..අපි ඒ ඒ වෙලාවට ගන්න තීරණ ගොඩක් දේවල් මත වෙනස් වෙන්න පුළුවන්..දැන් ලැප්ටොප් එක ඉස්සරහට වෙලා වෙනී කරපු දේ දැන් හරිද වැරදිද කියලා තීරණ කලාට ඒ වෙලාවෙ බස් එකේදි වෙනීට එහාපැත්තෙ සීට් එකේ වාඩි වෙලා හිටියා නම් වෙනස් විදිහට හිතෙන්නත් පුළුවන්..

    ඒක නිසා මේ පෝස්ටුව ගැන මට මොකුත් තීරණයක් ගන්න හිතෙන්නෑ..ඒත් තමන්ට හිතෙන විදිහට වැරදි කලාම බනින්නත් හොඳ වැඩක් කලාම ප්‍රශංසා කරන්නත් වෙනී මේ විදිහට පෝස්ටු දාන එක හොඳයි..

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ වගේම අපි හැම වෙලාවෙම හිතන දේවල් වල බලපෑම තමයි අපි ක්‍රියාත්මක වෙනකොට එලියට එන්නෙ..

      Delete
  31. ඔහොම දෙයක් ඇහින්දම ආයේ දෙන්න හැදුවත් ගන්නේ නැති අය ඉන්නවා කියලත් පිළිගන්න වෙනවා....

    අපේ තාත්තා මේ ළඟදි පට්ටම පට්ට පෝං එකක් අහුලලා තිබුනා.ගෙදර ගෙනැල්ලා ඒකේ කතා කරන්න අංකයක් හොයන්න ගත්තාම එක පුද්ගලයෙක්ගේ නමට එකිනෙකට වෙනස් අංක 33ක් තිබුණා.("මොහොමඩ්" කියලා පුද්ගලයෙක්)

    තව අංක ගොඩක් තිබුනා හැබැයි හැම නමකටම එකිනෙකට වෙනස් අංක 10ක් විතරවත් තිබුනා.කොහොමහරි අන්තිමට එයා අරගෙන තිබුනු නම්බර් එකට කෝල් එකක් අරගෙන පෝං එක ගන්න එන්න කිව්වා.සති දෙක තුනක් බැලුවා ම්හු ආවේ නෑ....

    බැරිම තැන ආයේ කෝල් කරලා ඇහුවා ගන්න එන්නේ නැත්තම් පොලිසියට දෙන්නද කියලා.එතකොට මිනිහා කියාපි "අනේ මාත්තයෝ පොලිසියට නම් දෙන්න එපා මම හිමින් සැරේ එන්නම්" කියලා.දැන් මාසෙකට කිට්ටුයි මිනිහා තාම නෑ.. තාත්තගේ ඔපීසියට එන්න කීවත් මිනිහා එන්නේ නෑ....

    අයියා ඔව්වා අමතක කරලා දාලා ඉන්න.හැබැයි හිතට වද දෙනවනම් දෙන්න කවුරුවත් හොයාගන්නත් නැත්තම් අහිංසක මනුස්සයෙක්ට පිනට දෙන්න නැත්තම් දානයක්වත් දීලා දාන්න.... එතකොට හිත නිදහස්.

    මේකට අදාල නැතත් මට කියමනක් මතක් වුනා "හිත හොඳ ගෑණි හැමදාම බඩින්" ඇයිද මන්දා මතක් වුනේ...

    ReplyDelete
    Replies
    1. ඒක නම් ටිකක් අමුතුයි ගැමියා..ෆෝන් එකේ මොනා හරි හොරයක් ඇතිද මන්දා.. ඔව් හිත හොඳ ගෑනිට නම් වෙන්නෙම ඔහොම දේවල් තමා..

      Delete
  32. ane manda ayye.mata hitena widiyatanam,ayyata hitena de karanam hodai wage..... :)

    ReplyDelete
    Replies
    1. ඔව් මම ම තමා විඳවන්නෙ මන් කරන දේවල් වලින්..හැබැයි ඔයගොල්ලන්ගෙ අදහස් දැක්වීමත් වටිනවා..

      Delete
  33. හයියෝ...මොනවා කියන්නද මන්දා.ඔයිට වඩා කොන්දා ගසා කනවා ඇති කියලා හිතලාවත් හිත හදා ගන්න අනේ.

    ආයෙ ඔහොම වැඩ නොකරාම හරිනෙ.

    ReplyDelete
    Replies
    1. ආයි ඉබේවත් කෙරෙන් එකක් නෑ මොකද මේ සංවාදය හිත ඇතුලෙන් ගිහින් දැන් ඇඟේම පත්තියම් වෙලා නිසා නංගි..

      Delete
  34. ඕනෙවට වඩා අවංක වෙන්න ගියාමත් සමහර මිනිස්සු අපේ ඔලුවට අත හෝදන්න එනවා හැබැයි. මමත් ඔය ව්දිහට දෙපාරක්ම බස් එකේ පෙනී පෙනී වැටිච්ච පර්ස් එකකුයි ෆෝන් එකකුයි කතා කරලා දීල තියනවා. එවලේ හිතට දැනෙන සතුට, මම එවලේ ඒක නොදී හිටියම දැනෙන මානසික පීඩාවට වඩා සිය දහස් ගුණයක් සොඳුරුයි කියලා දැනෙනවා. අර සල්ලි ආපහු දෙන්න ගියොත් බස් කොන්දොස්තර වෙනි අයිය ගැන කොහොම හිතයිද දන්නේ නෑ. මොකද එවලේ කරබාගෙන ඉඳලා පස්සේ ගිහින් දෙනකොට. එත් ඕවගේ වෙලාවට අපේ සිතුවිලි අපි ගැන ඇති කරන පිළිකුලට වඩා ආපහු දීල හිත නිදහස් කරන ඒක වටියි කියල මම හිතනවා,.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ සතුටම තමයි අපිව ආයි ආයි ඒ දේ කරන්න පොළඹවන්නෙ..

      Delete
  35. ඔබේ රුව දැකල දෙන්න බය උනාද දන්නෙත් නැහැ නේද? :P මට නම් හිතෙන්නෙ එහෙම තමා. ඒත් කොච්චර බය උනත් උදව්වක් කලාම ඒකට වචනෙකින් හරි උදව් කරන්නේ නැත්නම් ඒක මහා සවුත්තු වැඩක්.

    ReplyDelete
  36. ඒ සල්ලි ඒ මනුස්සයට ගිහින් දෙන්න එහෙනම් - නිවාඩුවක් ලැබු විගස. අර කන්න නැති කෙනෙකුට රස කොත්තුවකුත් අරන් දෙන්න. ඉඳලා හිටලා පුලුවන් වෙලාවකට කන්න නැති කෙනෙකුට කන්න යමක් දෙන එක හොඳයි නේ. කොහොමත්. ;)

    අර ගැහැණු දරුවො දෙන්නා නම් ගල් ගැහිලා වගේ හා හූම් නොකියා ඉන්න ඇත්තෙ බයට. "දැන් මෙයා පර්ස් එක දීලා ඊලඟට මොකාට එයිද" කියන පුරස්නෙ හිතේ බුර බුරා නැගෙන්න ඇති. ඒ නිසා ඒකට ස්තූති කියන එකත් ඒ ළමයින්ට අමතක උනා. සමාජයේ තියෙන කරුණු කාරණා එක්ක බලනකොට ඒකට මොකුත් කියන්න බෑ. ඒ දරුවො දෙන්නා එහෙම කල එකත් හොඳයි වැඩි කතා බහක් නැතුව. නැත්නම් ඒ පර්ස් එක අරන් ගියේ කෙල්ලන් රවට්ටලා අයුතු ප්‍රොයෝජනයක් ගන්න වංචා කාරයෙක්නම්..?!? ඒ ළමයි අමාරුවෙනෙ.
    කමක් නෑ...ඔයා හරි දේ කලානේ. වෙල් ඩන් මෙයා!

    ඩී.

    ReplyDelete