ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Monday, July 9, 2012

අතින්ම අරන් තියා ගැනීම



අද මම උදේ හදිසියෙම ගත්ත තීරණයකට ගියා මගේ ගම්බිම් බලා..කිලෝමීටර් 125 යන්ඩයි එන්ඩයි එතකොට 250 ක් ගෙඩි පිටින්ම. 
දවසම ඉවරයි වැඩේට..යන එන මඟ දිගට වැස්සා, ඒත් ගිය බස් එකේ වහලක් තිබ්බ නිසා නොතෙමී ගිහින් ආවා.. 


ඒ එන බස් එකේ වෙච්ච සිදුවීමක් තමයි මන් පොඩ්ඩක් බෙදා හදා ගන්ඩ හදන්නෙ. මගේ බ්ලොග් එක කියවන පාඨකාවියො..පාඨිකාවියො..මන්දා අපේ ගෑල්ලමයි ටික ඕන් මේ කතාව පර්සනලි අරගන්නෙ එහෙම නෑ..මොකද හැමෝම මෙහෙම නෑ..නමුත් මෙහෙම අයත් ඉන්නවා.


මන් ගෙදර ගිහින් රත්නපුරේට එනකොට හවස 4ත් හතරහමාරත් අතර ඇති. එනකොටම ඒසී බස් ගහන තැන ලොකු බස් එකක් නවත්තලා තිබුනා..ඔය වෙලාව ටිකක් බස් අඩු වෙලාව නිසා මමත් දුවලා ගිහින් බස් එකට නැග්ගා. ඒක ඒසී බස් එකක් නම් නෙවෙයි. සාමාන්‍ය බස් එකක්.හැම සීට් එකේම වගේ එක්කෙනෙක් දෙන්නෙක් ඉඳ ගෙන හිටියා. ඒත් ඒ වෙනකොටත් තව හිස් සීට් 10ක්වත් තිබුනා අඩුම තමරමෙ. මමත් බස් එකේ මැද හරියට වෙන්න තිබ්බ සීට් එකක ජනේලෙ අයිනෙ එතකොටත් පිරිමි කෙනෙක් ඉඳ ගෙන හිටියා මන් ඉඳ ගත්තා මෙහා කෙරවලෙන්ම.මේක ලොකු බස් එකක් එක පේලියක සීට් පහක් තිබ්බා..ඒ නිසාම සීට් තුනේ පේලිය සහ අනිත් පැත්තෙ සීට් දෙකේ පේලිය අතරෙ බොහොම පොඩි ඉඩක් තිබුනෙ..යන්තම් එක්කෙනෙක්ට හිර වෙලා වගේ ඉන්න පුළුවන් විදියට.


මට දැන් පේනවා බස් එකේ එලියෙ හෑන්ඩ් බෑග්ම තුනක් නැත්නම් හතරක් එල්ලා ගත්ත මහත ලේඩී කෙනෙක් බස් එකට නගිනවා.. බොහොම අමාරුවෙන් උනත් අර කෙටි ඉඩ අතරින් මෙයා ගියා බස් එකේ අනිත් දොරටුවෙන් බැහැලා ගියා අර හිස් සීට් දිහා බලලම..ඉඳ ගන්න ඉඩ තිබ්බත් බැහැලා ගියේ ඊළඟ බස් එකේ නගින්න වෙන්න ඇති..
ඊළඟ විනාඩි පහේදි බස් එකේ සේරම සීට් ටික පිරුන.. ඩ්‍රයිවර්, කන්ඩක්ටර් ආවා..ටිකට් කඩන අතරෙ තව අර බස් වලට සෙනඟ පටවන්න උදව් කරන කෙනෙකුත් ඇවිල්ලා අහල පහල ඉන්න තව අයවත් නැග්ගුවා..දැන් අර ලේඩිගෙනුත් ගිහින් මොනවද ඇහුවා..අහලා මහ හයියෙන් කියෝනවා මේ මනුස්සයා..


"ආ කොළඹ යන අන්තිම බස් එක මේක..ආයි එකක් නම් නෑයන අය නගින්න යන අය නගින්න "


කියලා මේක ඇහුනා විතරයි අර ලේඩිත් දඩ බඩ ගාලා අර හෑන්ඩ් බෑග් ටිකත් එල්ලා ගෙන නැග්ගා බස් එකට.. දැන් ආයිමත් අර මැද ඉන්න සෙනඟත් තෙරපා ගෙන යනවා බස් එක මැද්දෑවට හිස් සීට් බල බලා..මොන එතකොට සීට් නෑ..කීප දෙනෙක්ම මේ සීන් එක නෝට් කරගෙන හිනා වෙනවත් දැක්කා..


මමත් පව් තමයි ඒත් ස්ථානෝචිත ප්‍රඥාව නැති කෙනෙක්නෙ මේ වෙලාව හිතලා පොඩ්ඩක් තව බස් නෙවෙයි තියෙන බස් එකේ යන්න ඉස්සරවෙලා සීට් තියෙද්දි ඉඳ ගන්ඩයි තිබ්බෙ කියලා හිතලා මන් මගේ කල්පනා සාගරයට වැටුනා..ටිකක් වෙලා යනකොට සෙනඟ පිරුනා බස් එකේ .. ඉඳගෙන හිටියත් තෙරපිලා තමයි අපිත් හිටියෙ..


මේ සිත්තරේ මන් කලේ පොඩ්ඩක් පාට කරපු එක විතරයි..


ඔය අතරෙ මට මතක් උනා එක දවසක ඔයවගේම මම දුර ගමනක් යනවා.. මන් හිටියෙ හිට ගෙන මන් ළඟම සීට් එකේ හිටිය දෙන්නගෙන එක්කෙනෙක්  නැගිටින්න හරි බරි ගැහෙනවා ..මමත් පොඩ්ඩක් හිතට සැනසුම් සුසුමක් හෙළුවා..ගමනේ ඉතුරු ටික ඉඳ ගෙන යන්ඩ පුළුවන් වෙනවනෙ කියලා. මොන.. 
මට ටිකක් එහායින් හිටගෙන හිටි ලේඩි කෙනෙක් මේ මන් ළඟ සීට් එකේ එක්කෙනා නැගිටින්න හදනවා දුටුවාවිතරයි..මන් ළඟට ඇවිත්  මාවත් පොඩ්ඩක් තල්ලු කරලා අර සීට් එක හිස් උනහම මට ඉඳ ගන්න බැරි වෙන විදියට අතින් බැරියර් එකක් හැදෙන විදියට සීට් එකේ ඇන්ද අල්ලා ගත්තා..මට පුදුම නොරිස්සුමක් එකපාරටම ආවත්..ඒ එක්කම හිතුනා මට වැඩිය අමාරු ඇතිනෙ මෙයාට නැගිටලා යන්ඩ කියලා..හිත හදා ගත්තා..එහෙම  වයසක නෝනා කෙනෙක්නම් නෙවෙයි ඒත්..මොකද උනේ ඒ සීට් එකේ ඉන්න දෙන්නම බහින්න නැගිට්ටා මෙන්න..හැබැයි ඒ සීට් එකේ ජනේලේ ළඟට හොඳටම ඉර අව්ව වැටෙනවා..දැන් මට බැරැක්ක දාපු ලේඩි මෙන්න මට යන්ඩ ඉඩ දෙනවා සීට් එකේ ඉඳ ගන්ඩ ලින්ම..මොකද දැන් මෙයාට අව්වෙ යන්ඩ වෙනවා දඟලපු විදියට මුලින්ම සීට් එකේ ඉඳ ගන්න ගියොත්
මට එතකොටත් පහවෙලා නොගිය නොරිස්සුම නිසා හිටපියකො කියලා මන් කලේ ඉඳ ගත්තා සීට් එකේ හැබැයි ජනේලෙ තියෙන කොනට ගියේ නෑ..
අව්ව නොවැටෙන මෙහා කෙලවරේ ඉඳ ගත්තා.. ඉඳගෙන මේ ලේඩිට යන්න පුළුවන් වෙන විදියට කකුල් දෙක පොඩ්ඩක් සීට් එකෙන් එලියට දමා ගෙන මගේ පාඩුවෙ ඉන්නවා...


"එක්ස්කියුස් මී"


මන් ඔළුව උස්සලා බැලුවා..


"එහාට යන්ඩ"


ගෑණි මට ඕඩර්ස් දෙනවා


මන් මුකුත් කීවෙ නෑ.. තවත් කකුල් දෙක සීට් එකෙන් එළියට අරන් අතින් කීවා අයිනෙ සීට් එකට යන්න..කියලා..


"මන් ඉස්සරහ බහිනවා"


ගෑනි තවත් නොරිස්සුමෙන් කියනවා.


"මමත් ඉස්සරහ බහිනවා"


ඉඳ ගන්නෙ නැත්නම් හිටගෙන පල කියලා මම එළියට ගත්ත කකුල් දෙක ආයිමත් තුලට අරන්..බෑග් එකේ තිබ්බ රීඩර්ස් ඩයිජස්ට් සඟරාව අතට ගත්තා..
මෙන්න ඒපාර නම් පුපුර පුපුරා මෙයා ඉඳ ගත්තෙ නැද්ද අර අව්ව වැටෙන සීට් එකේ.සීන් එක බල බලා හිටපු පිටි පස්සෙ සීට් එකේ උන බක ගාලා හිනා වෙනවා.අන්තිමේ දෙන්නම බැස්සෙ බස් එක නවත්තන අන්තිම හෝල්ට් එකේ...යනකොටත් මට රවා ගෙන ගියේ.. මට ඔය සීන් එක මතක් වෙලා ඔය සෙනඟ අස්සෙ තනියම හිනා ගියා..


ඉතින් මේ කෑම එක්ක තරහින් වගේ කාලා මහත් වෙච්ච නෝනා අර සීට් අතරෙ හිර වෙලා එහාට ඇඹරෙනවා මෙහාට ඇඹරෙනවා.. එයාගේ පශ්චාත් භාගය අනිත් පැත්තෙ සීට් එකේ හිටිය කෙනාගෙ කර උඩ..පව් මිනිහා අනුන්ගෙ බර කර ගහනවා.. 
සාමාන්‍යෙන් රත්නපුර කොළඹ යන බස් වල අවිස්සාවේල්ල හරියෙදි වෙන දෙයක් තමයි..ඔය ඉඳගෙන ඉන්න උදවිය අර හිට ගෙන ඉන්න උදවිය එක්ක තමන් ඉඳ ගෙන ඉන්න සීට් හුවමාරු කරන එක..ආයිමත් හෝමාගම හරිය වෙනකොට ඒ සීට් අයිතිකාරයින්ටම හම්බ වෙනවා.ඒක සාමාන්‍ය සිරිතක්..ගොඩක් අය නොවුනත් කීප දෙනෙක් හරි මේ හුවමාරුව කරනවා. මමත් ගොඩක් මහන්සියෙන් නොයන වෙලාවලට මේක කරනවාම තමයි. 
ඒත් එක වාරයක මොකද උනේ..
මන් ළඟ ටිකක් අමාරුවෙන් හිට ගෙන හිටපු ලේඩි කෙනෙක් හිටියා.. මන් ඇහැලියගොඩ හරියෙදිම හිතුවා අවිස්සාවේල්ලෙදි මෙයා බැස්සෙ නැතොත් සීට් එක දෙනවා කියලා..මොකද ගොඩක් අය අවිස්සාවේල්ල බහිනවා..


එහෙම හිතලා මන් මේ ලේඩිගෙ මූණ බලලා මනුස්සකමට හිනා උනා.. අප්පට සිරි මෙන්න හරියට මන් අර මහ වැඩේට කතා කරපු ගානට මේ ලේඩි රවලා ගස්සලා අහක බලා ගත්තෙ නැද්ද..කවුරුවත් ඔය වෙනකන් මගේ පෙනුම එච්චර කුපාඩියි කියල නොතිබිච්ච නිසා..මන් කලේ අවිස්සාවේල්ලට ආපු ගමන් මට තවත් ඉස්සරහින් හිටපු පිරිමි කෙනෙකුට ඔළුවෙන් කතා කරලා..සීට් එක දුන්නා..හෝමාගමදි සීට් එක ආපහු ලැබෙන කොටත් අර ලේඩි හිටගෙන..


දැන් මගේ බස් එක අවිස්සාවේල්ලට එනකොට ටිකක් සෙනඟ අඩු උනා..මන් ළඟ ඉස්සරහ හිටි කෙනා අර මහත ලේඩිට කතා කරලා එයා ඉඳගෙන හිටි සීට් එක දීලා මෙයා හිට ගත්තා මගේ සීට් එක ළඟ.. එතකොට අහල පහල හිටි අය සේරම වගේ අවිස්සාවේල්ලෙන් නැගපු අය නිසා මන් මගේ පාඩුවෙ සීට් එකේ හිටියා..අර ඉඳ ගත්ත ලේඩි සැරින් සැරේ ෆෝන් එක අරන් එක එක්කෙනා කතා කර කර ගියා මිසක් ආපහු සීට් එක දුන්නෙ නෑ..අර සීට් එක දුන්න කෙනාට.. හෝමාගම හරියෙදි ආයිමත් බස් එක ෆුල්..පව් අර මනුස්සයා පට්ට කට්ටක් කෑවෙ සීට් එක දීලා කොට්ටාව හරියට එනකොට මන් ළඟ හිටි කෙනා බැස්ස නිසා මේ කෙනා මන් ළඟ ඉඳ ගත්තා.. නැගිටලා ඇවිත් හරි අමාරුවෙන්..ඔය සීන් එක හොඳට නෝට් කරනවා මන් දැක්ක නිසා මිනිහා අර ලේඩිට ඇහෙන්ඩත් එක්කම කීවා..


"මන් අතින්ම අරන්තියා ගත්තා..හොඳ වැඩේ මටත්"


කියලා..


මන් හිනා වෙලා නිකන් හිටියා..
ආයි නම් ජීවිතේට මේ මනුස්සයා තමන්ගෙ සීට් එක මනුස්සකමටවත් තව කෙනෙකුට නොදේවී කියලයි මට නම් හිතුනෙ.. එහෙම හිතුවට වැරැද්දකුත් නෑ..
---------------------------------------------------------------



අපේම සහෘද කැලකගේ හෘදයාංගම ප්‍රයත්නයක් වෙන බ්ලොග් සම්මාන උළෙලට යන්න ..ගිහින් ඔබේ බ්ලොගයක් ඇතුලත් කරන්න..


අහන්න නවතම තොරතුරු - www.buzzradio.lk.


බ්ලොග් සම්මාන මිතුරු පිටුව http://www.facebook.com/syndi.buzzradio.


බ්ලොග් සම්මාන සින්ඩිකේටරය http://syndi.buzzradio.lk/.

65 comments:

  1. වෙනී නම් කපටියා. කොහොම හරි සීට් එක දීලා නෑ නේ.
    මෙහේ නම් ඉතින් ගෑණු කෙනෙක් නැග්ග ගමන්ම සීට් එක දෙන පුරුද්දක් තියෙනවා බොහෙඔ දුරට. එහෙම නොදෙන අයත් ඉන්නවා. මධ්‍යස්තව බැලුවොත් එහෙම වෙනවා වැඩියි. ඒත් හිටි ගමන් සමහර එවුන් අයි පොඩ් කනේ ගහගෙන පොත් කියව කියවා යනවා ගැබ්බර අම්මලා වයසක මිනිස්සු නැග්ගම බස් එකට. ඒ වෙලාවට නම් ඉතින් මමත් බලෙන් වගේ ඇඟිල්ලෙන් ඇනලාම කියනවා.
    ඒ උනාට මට මෙහෙදි කවදාවත් බස් එකේ ඉඳගෙන යන පුරුද්දක් නෑ. මට ලේසිම බස් එකේ ඕපන් ස්පේස් එකේ බාර් එකක් අල්ලගෙන මනෝ පාරක් ගහගෙන හිටගෙන යන්න.
    අනික ඔය ඉන්ටසිටි යන අය නැගිටලා සීට් දෙන්න ඕනේ නෑ නේද ඇයි හිටගෙන යන මගීන් ගන්නේ නෑ නේද? මම නම් ඉස්සර ලංකාවට ආවම කලේ මට අල්ලපු සීට් එක හෝ දෙකත් සල්ලි දීලම ගන්නවා. ඩ්‍රයිවර්ට කියනවා මේ සීට් කවුරු ආවත් දෙන්න එපා කියලා. හැබැයි අපරාදේ කියන්න බෑ මම ඉස්සර කාලේ බස් එකේ යද්දි මට පුදුම සහයෝගයක් බස් රියදුරෝ කොන්දොස්තරලා දැක්වුවේ. ඒ මිනිස්සු කන්න නතරකරන කොටත් මට කතා කරලා මොනවද ගෙනත් දෙන්නේ අහනවා. එක දවසක් මාදම්පේද කොහෙද බස් එකක් නතර කරගෙන බේකරි ප්‍රොඩක්ට්ස් ගන්න පවා ඉඩ දුන්නා. සුන්දර මතක...

    ReplyDelete
    Replies
    1. ඔව් බූරු බබා දැන් කොලු කාලෙ වගේ මට නම් දැන් හිටගෙන යන්න අමාරුයි බස් වල..මේක ඒසී බස් ස්ටෑන්ඩ් එකේ නවත්තලා තිබ්බ නෝමල් බස් එකක්...

      Delete
  2. අපේ බස් සංස්කෘතිය...

    ReplyDelete
    Replies
    1. සාමාන්‍ය එක වගේම ඒකත් වල පල්ලටමයි යන්නෙ සෙන්නා..

      Delete
  3. ඔය තේරුමම වෙන්න ඇති ඕනයා කියනවා මට ඇහිලා තියෙනවා "හිත හොඳ ගෑණි හැමදාම බඩිං" කියලා... :)

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක තමයි ගැලපෙනම උපමාව..

      Delete
  4. අතින් අරන් -කෙන් තියාගන තමා

    ReplyDelete
    Replies
    1. කට! කට!!
      මේ අටම්පහුරයගෙ කටට ප්ලාස්ටරයක් ගහන්න වෙනවා.
      henryblogwalker the Dude

      Delete
    2. අටම් සහ හෙන්රි... හිකිස්

      Delete
  5. Replies
    1. අපිට කොහෙද යන්න කෝච්චි අපි යන්නෙ ඉතින් බස් වලම තමයි...

      Delete
  6. අනුකම්පාව භූමි කම්පාව වුණු හැටි

    ReplyDelete
    Replies
    1. එතකොට ආයි නම් අනුකම්පා කරන එකක් නෑ..

      Delete
  7. ඕක සාමාන්‍ය දෙයක් අයියේ.... මං නම් බඩ දරු අම්ම කෙනෙකුට ඇරෙන්න සීට් එක දෙන්නේ නෑ...

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි මේවා විඳින දකින කොට ඇත්තටම අවශ්‍ය කෙනෙකුටවත් සීට් එක දෙන්න නොහිතේවි..

      Delete
  8. දැන්නම් 122 AC නැද්ද කොහෙද... මම ලඟදි ගැබිණි අම්ම කෙනෙකුට සීට් එක දුන්නම එයා නැගිටලා ගියේ එයාගේ පිරිමි යාලුවෙකුට සීට් එක දීලා.

    ReplyDelete
    Replies
    1. තාම තියෙනවා මන් හිතන්නෙ..මේක නම් නෝමල් බස් එකක්...

      Delete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. තව එකක් රත්නපුර-කොළඹ 122 CTB බස් කවමදාවත් දැකල නැහැනේ... පරණ පාරේ නම් ඔය 1 ක් 2 ක් තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. සීටීබී බස් නම් මාත් දැකලම නෑ..ඒත් කොටුවෙන් 1-2ක් යනවා..පරණ පාර තමයි..

      Delete
  11. අප්පේ වෙනී අයියටත් බස් වලදි වෙන දේවල්.

    ReplyDelete
    Replies
    1. ඔව් මූනු පොතේ වහිනෝ වහිනෝ කියලා ස්ටේටස් දම දමා ගියාට ආපහු එනකොට වුනු දේවල්...

      Delete
  12. මම නම් සීට් දී කෑ කටු නිසා මොකාටවත් සීට් නොදෙමි. සීට් දෙන්න වෙන තැන්වල වාඩි නොවෙමි.

    ReplyDelete
    Replies
    1. ඒ සිතුවිල්ල ඔබ විඳපු දේවල් නිසා හරිම සාධාරනයි හරී..

      Delete
  13. අම්මෝ ඔය වගේ සීන් නම් බස් වල වෙනවා. මම අහමදාම නගිනකොට බස් එකේ සාමන්යෙන් ෆුල්. තුනයි දෙකයි බස් එකේ මැද පේලි දෙකක්. එඋනට් කොන්දොස්තර අන්කල් කොච්චිකඩේ ඉඳං මට සීට් එකක් අරන් තියාගෙන එනවා, එටන ඉඳගෙන එන්නේ ඉස්කෝලේ යන මල්ලි කෙනෙක්. මම නැග්ගට පස්සේ හෝල්ට් එකේ බහිනවා එයා. විශේෂ සැලකිල්ලක් නෙමෙයි, හැමදාම යන අය නිසා සහ දුර යන නිසා කොන්දොස්තර හැමෝටම එහෙමයි. අනික සාරිත් පටලවාගෙන ඔකේ හිටගෙන යන එක පුදුම අමාරුවක්

    ReplyDelete
    Replies
    1. // අනික සාරිත් පටලවාගෙන ඔකේ හිටගෙන යන එක පුදුම අමාරුවක්//

      ඔව් ඉතින් කොනක් පැටලුනොත් කිලෝමීටරයක් විතර දිගහැරෙනවනෙ.....හයියෝ මෙහෙමත් කාලකණ්නි ඇඳුමක්.... :(

      Delete
    2. සාරි ඇඳ ගත් කෙනෙකුට සාමාන්‍යයෙන් මන් සීට් එක දෙනවා මනුස්සකමට හිනා උනොත්..සහ අවශ්‍යයි කියලා හිතුනොත්..
      සුමිත්..සමහර ජොබ් වල ඉන්න අයට සාරියම අඳින්න වෙනවා නේද ? එතකොට නම් ඒ අය පව් !

      Delete
    3. අපොයි ඔව්ව් :( :(

      Delete
  14. අපෝ කියලා වැඩක් නැහැ. ඔන්න මම ඒ කාලේ 1988 - 1995 වගේ කාලේ හිටු කියලා මාතර පාගනවා. හාමිනේව ගෙදර එක්ක යනවා. නැවත එක්ක එනවා. එක වැඩයි. ඇයි වෙන්න බාරිනේ. ඉතිං මේ වගේ බස් කතා නම් එමටයි. දිනක් පව් කියලා ලේඩි කෙනෙක්ට සීට් එක දුන්නා. මේ ගෑණි බහිනකොට පිටිපස්සෙ කාටද කතා කරලම මගේ සීට් එක දුන්නා. මම පලයන්කො හිටගෙන මාතරටම. කියලා වැඩක් නැහැ ඒවා ගැන නම්.

    ReplyDelete
    Replies
    1. ඔව් වෙද මහත්තයා හැමෝටම තියෙන ඔය වගේ අමිහිරි අත්දැකීම් නිසාම අත්‍යවශ්‍යමා කෙනෙකුට ඇර වෙනකෙකුට සීට් එකක් නොදෙන කෙනෙක් ගැන මට නම් මොනම විදියකවත් කේන්තියක් එන්නෙ නෑ..

      Delete
  15. අර ගෑණිව අව්ව පැත්තට යවපු එක හරියටම හරි. ඔය ටයිප් එකේ උන් මටනම් පේන්න බෑ.
    ගැබිණි මවකටයි වියපත් අම්ම කෙනෙකුටයි හැර වෙනත් කිසිම ගැහැණියකට කොන්දේසි විරහිතව උදව් කළයුතු නැහැ.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත...ඔබේ කතාව..ඒ තත්වයට පත් කර ගෙන තියෙන්නෙ ඒ අයමයි..

      Delete
  16. ගෑනු අය ඉතින් ඔහොම්මනේ

    ReplyDelete
    Replies
    1. සේරම නෙවෙයි සමහර අය කියමු නිශාන්..

      Delete
  17. මටත් වෙලා තියෙනවා ඔය වගේ වැඩ.
    දවසක් ආච්චි කෙනෙක්ට සීට් එක දුන්න. ඒ සීට් එකේ අනිත් කෙනා ටික වෙලාවකින් බහින්න යද්දී ආච්චි ඒ ලගම හිටන් හිටපු මට එතන වාඩි වෙන්න බැරි වෙන්න බ්ලොක් කරන, ඈත හිටපු එයාගේ මිනිපිරීට කතා කරලා වාඩි කර ගත්තා. ඕකම ප්‍රෙග්නන්ට් ලේඩි කෙනෙකුත් කරා. එයා දඩි බිඩි ගාල එයාගේ හබී ව වාඩි කර ගත්ත :D

    ReplyDelete
    Replies
    1. ඒ අය පොඩ්ඩක්වත් කෘතඥ නැත්තෙ ඇයි කියන එක ලොකු ප්‍රශ්නයක් තමා..

      Delete
  18. කොහොමින් කොහොම හරි අර ගෑනු එක්කෙනාට සීට් එක ලැබුන්නැතිවුනාට අපිට හිනා යන කතා ටිකක් කියවන්න හම්බ වුනානේ..:)
    ඔය වගේ බස් කතා නම් එමටයි...
    මට මතක් වුනේ කොළඹ ඉඳන් නුවර ඉන්ටසිටියෙ කෝච්චියෙ යද්දි අපි හැමෝම මාරු වෙවී ඉඳන් ආපු හැටි..

    මේක කියවද්දි පොඩි කාලේ වෙච්ච සිද්දියක් මතක් වුනා ඒකත් දවසක ලියන්න ඕනෑ..බස්වල සාමාන්‍ය මිනිස්සු වගේම මානසික රෝගීනුත් යනවානේ..

    ReplyDelete
    Replies
    1. කෙමෙන්ට් වල අකුරු ටිකක් ලොකු කරන්නකෝ..

      Delete
    2. ඔව් රූ ඒ වගෙ මානසික ලෙඩ්ඩු ඉන්න සීන් නම් බොහෝයි..ඒවා ගැනත් දවසක කතා කරමු.. තාම කමෙන්ට් වල අකුරු ලොකු කරන්නෙ කෝහොමද කියලා හොයා ගන්න නම් බැරි උනා..

      Delete
  19. මමත් කොලඹ එනකොට ඔයවැඩේ කලා කාලයක්..දවසක් මගදි සීට් එක දුන්නා ලේඩි කෙනෙකුට .එයා මහත්තයත් එක්ක හිටියෙ. කලුතරත් පහු උනාම එයාලඟ හිටිය කෙනා බැස්ස..එයා කලේ එයාගෙ මහත්තය එතනට අරගෙන වාඩිකර ගත්ත එක. මට ආයිත් කොලඹට එනකම් සීට් එක ලැබුනෙ නැහැ.ඊටපස්සෙ මම සීට් දෙන්නගියේ නැහැ කාටවත්, කාන්තාවන්ට සීට් දෙන්න මූනබැලුවොත් ඔබ කියපු දේම තමා වෙන්නෙ ඇත්ත.

    ReplyDelete
    Replies
    1. ඔව් වී මේක හරිම පොදු දෙයක්.. හැමෝටමට අත්දැකීම් තියෙනවා..

      Delete
  20. Replies
    1. බස් ජීවිතේ හරිම මිහිරියි..

      Delete
  21. ඔහොම අය ඉන්නකොට ඉතින් අර සීට් දෙන අය අනිත් අයටත් සීට් න්නොදී යනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඕනිම කෙනාටත් දෙන්න මැලි වෙනවා මේ වගේ දේවල් නිසා...

      Delete
  22. බස්වල යනකොටනම් අහන දකින කතා නම් කතා කරලා වැඩක් නෑ වෙනි අයියේ. අර සීට් එකක් හිස් වෙනවා දැක්කම ළඟ ඉන්න කෙනාට යන්න දෙන්නේ නැතුව බැරියර් දාන කේස් එකටනම් මට අසූ හාරදාහට මල පනිනවා අප්පා. අපි මේ නැහිලා නැහිලා හිටගෙන යනවා පැය ගානක්. විනාඩියකට විතර කලින් නැගපු හෝතම්බුවෙක් පාර හරස් කරනවා.

    ReplyDelete
    Replies
    1. ඔය කේන්තිය සාධාරනයි අප්පා..මමත් අනත්තවත් විඳලා තියෙනවා..ඕක..

      Delete
  23. සීට් වල සීන් අනන්තයි බං.. වෙලාවකට සමහරු තනියම ඉදගෙන ඉන්නවා. පැත්තෙන් එකෙක්ට ඉදගන්න බැරි විදිහට.

    ReplyDelete
    Replies
    1. බූරු ඇඳ දිගඇරගත්තා වගේ..එක දවසක් නම් එක සීට් එකක හිටි එකෙකෙනෙක් එහෙම හිටි තව කෙනෙක්ගෙන් ඇහුවා ඔයාට හර්නියාද ඔහොම කකුල් දෙක ඈත් කරන් ඉන්නෙ කියලා..අර මනුස්සයා ටක් ගාලා අකුලා ගත්තා..

      Delete
  24. \\කවුරුවත් ඔය වෙනකන් මගේ පෙනුම එච්චර කුපාඩියි කියල නොතිබිච්ච නිසා\\

    උඹ ගැන දන්න කවුරුත් එහෙම කියන්නෙ නෑ. බය වෙන්න එපා.

    ReplyDelete
    Replies
    1. අන්න බලන්න ස්කයි මල්ලි දන්නවා මන් එච්චරම බෝ පැලයක් වගෙයි කියලා...

      Delete
  25. බස් වල ඔය වගේ අය කොච්චර නම් මුණ ගැහෙනවද?

    ReplyDelete
    Replies
    1. ඔව් දිනේශ් ඒත් ඒ ගොල්ලො හැදෙන්නෙ නම් නෑකවදාවත්..ඒකෙන් වෙන්නෙ හැමෝටම හොඳ දෙයක් නම් නෙවෙයි

      Delete
  26. Aiyo Weni aiye, api denna maru wela thiyenne peya bagenne. man off wela 5.00-5.15 wenakota stand eke.Anika, oyai mamai r'pura indala ekama dura. wenasa thiyenne oyage anthima 5km oya herila yanakota man badulla pare yana eka witharai. --This is my first comment in your blog. Bt I'm enjoy the every post in your blog.--
    --AKM--

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ නූලෙන් මග හැරිලා තියෙන්නෙ.. සතුටුයි ඔබ ගේ කමෙන්ට් එකට ! මමත් බදුල්ල පාරෙ කිමී 3ක් විතර තමයි යන්න ඕනි ගෙදරට..ඒත් ඉන්නෙ නම් කොළඹ..මට හරියටම හිතා ගන්න බෑ ඔබ ඉන්නවා කියන තැන..

      Delete
  27. ලොකු කතාවක් තියේ වෙනි අයියේ.. අනිද්දා කියන්නම්.

    ReplyDelete
    Replies
    1. හා මල්ලි කියන්න එහෙනම්.. අපි බලන් ඉන්නවා..

      Delete
  28. මිනිස්සුන්ගෙන් මනුස්සකම් ගිලිහිලා යනවා ටික ටික ...

    ReplyDelete
    Replies
    1. ඔව් මිනිස්සුන්ගෙ මනුස්සකම් අපේ දෑස් ඉස්සරහම ටික ටික වෙනස් වෙලා වල පල්ලට යනවා රොබින්.. දුකයි ඒත් මොකද්ද කරන්නෙ...

      Delete
  29. උදවු කරනං ගිහිනනන්ත හිටගෙන ගිහින් තියෙනවා.ඒත් මනුස්ස කමට මුණ බැලුවන් රවන ගෑණු පෙන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. ඔව් සහතික ඇත්ත...

      Delete
  30. ගෑණුඅයටඋදවුකරන්නගිහින්තමයි,ජැක්සන්ලවෙන්නෙ,නැද්දහා...

    ReplyDelete
  31. බස් රස බස්!!!

    ඔයාගේ සිත්තර නම් එන්ට එන්ටම ලස්සන වෙනවා වෙනී.:)

    ReplyDelete
  32. මාසෙකට සැරයක් හෝ දෙකක් අනිවාර්යෙන් මමත් කොළඹ නුවර බස් වල යනවා.... ආයේ ඉතින් නුවරින් තමා බහින්නේ.උදේ 5 ඉඳන් 10.30 වෙනකන් හිටගෙන නුවර ගිහින් ආපහු හිටගෙනම කොළඹ එන වෙලාවන් සෑහෙන්න තිබුණා... ඔය අතරේ ඔහොම මහ වෙදනාට වුනා වගේ ලස්සන වැඩක් වුනා මටත්...

    කළුතර මහනුවර බස් එකකට දවසක් නගින්න වුනා උදේ නැගිටින්න පරක්කු වුනු නිසා.ඒක යන්නේ කොට්ටාව පැත්තෙන්.මම ඉතින් හොඳ සීට් එකක ෆුල් ජොලියේ හීතල හුලං වැදි වැදි යද්දි බබ්බු හම්බුවෙන්න ඉද්දි අඳින ජාතියේ ඇඳුමක් ඇඳන් ඇන්ටි කෙනෙක් ආවා මාත් පැනලා සීට් එක දුන්නා එයා ටිකට් ගත්තේ කෑගල්ලට නිසා.බාගයක් හිටගෙන බාගයක් ඉඳගෙන යන්න පුළුවන්නේ කියලා හිතුවා.මෙයා බහිනකොට එයත් එක්ක ආපු අක්කට සීට් එක දුන්නේ නැතැයි.මට යමර කේන්තියි.ඒ අක්කා බහින්නේ නුවරින්.... මම අක්කට කතා කරලා කිව්වා "මනුස්සකමට සීට් එක දුන්නේ මම කියලා ඔයා දැක්කනේ ඇයි එහෙව් එකේ බහිද්දි සීට් එක මට නුදුන්නේ" කියලා අර ඇන්ටිටත් ඇහෙන්නම.... ඒක අහලා එයා මාව පුච්චන්න තරම් රවාගෙන ආවේ....

    අඩු ගානේ තැන්කූ කියලවත් කියහං ඒත් නෑ... එදායින් පස්සේ නුවර යද්දි බස් එකක නැග්ගත් ජනේලේ අයිනෙම වාඩි වෙනවා.එතකොට සීට් දෙන්න වෙන්නේ නෑනේ...

    වෙනි අයියේ මේ කාන්තා පාර්සවේ කරන සමහර වැඩ ගැන කතා කරලා වැඩක් නෑ අප්පා....

    හික් කොමේන්ට් එක ගහලා ඉවර වුනාමයි දැක්කේ තව පෝස්ට් එකක් දාලනේ කියලා.... අවුරුද්දේ උපන්දිනේට මගෙ හද පිරි සුබ පැතුම් වෙනි අයියේ... තව අවුරුදු ගානක් ලියන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

    ReplyDelete
  33. ලියන්නා අංකල් රත්නපුරේද? මමත් රත්නපුරේ. අංකල්ගෙ ගම මොකක්ද?

    ReplyDelete