ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Friday, July 6, 2012

නිශාචර ඡායාරූප සහ යථාර්තය ..ආච්චිගෙ රෙද්ද..

මේකෙ පළමු වෙනි කොටස මෙතනින්...

තුන් රෝද රියේ අඳුරු පසු  පස අසුනෙන් හනි හනික බැස ගත් දෙදෙනා සමඟම තුන් රෝද රිය පසු කරමින් අප ඉදිරියේම බ්‍රාස් යන හඬින් නැවැත්වූ රිය දුටු විගස මා වික්ශිප්ත වනවාත් සමඟම මාගේ අත අල්ලා  ගෙන සිටි නන්නාඳුනන තරුණිය තවත් මා තුරුලට ආවේ මන්දැයි ඒ වෙලාවෙ නොදත්තෙමි..ත්‍රී වීල් රථයෙන් බැස ගත්තේ පොලිස් නිළධාරීන් දෙදෙනෙකි. මා අසල නැවැත්වූයේ පොලිස් ජිප් රථයකි.


 මා කිසිම වරදක් නොකලා වූවත්.මහ රෑ දහය හමාරට පමණ අඳුරු මාර ගසක අඳුරේ සිට ත්‍රීවීල් රථයකට අත පාන තරුණ ළඳක් හා මැදිවියේ අයකු පිළිබඳව පොලීසිය කුමක් අදහා ගන්නවාදැයි තේරුම් යනවාත් සමඟයි මා ගත සීතල වූයේ...


නැවැත්වූ ජිප් රථයෙන්ද පොලිස් නිළධාරීන් කිහිප දෙනෙක් හනිකට බැස ගත්තේය.


"හහ් උඹට කී සැරයක් කිව්වද ඔය බිස්නස් කිරිල්ල නවත්තන්න කියලා"


එසේ ගුගුලේ එක පොලිස් නිළධාරියෙකි. මා තුශ්නිම්භූතව ඈ දෙස බැලුවෙමි. ඈගෙන් කිසිම හැඟීමක් පල නොවිනි.


"අනේ සර් මේ අයියා තමයි"


"වහපන් කට..මේ සැරේ නම් උසාවි දමලා යනවා අවුරුදු හතරකට පහකට.."


"අනේ සර් මන් මේ ගෙදර යනකොට මේ අයියා කතා කලේ.."


එක් පොලිස් නිළධාරියකු මා දෙස පිළිකුලෙන් බලන්නට වූයේ...


"පොඩ්ඩක් ඉන්ඩ රාළහාමි මන් මෙතනට එනකොට මේ ළමයා පිළියන්දලට යන්ඩ හිටියා අර ගාමන්ට් එක ඇරිලා එනවා කීවා..මට කීවා රෑ නිසා බයයි..ත්‍රීවීල් එකක් නවත්තලා දෙන්නයි කියලා..මන් මේ පාරෙ යන කෙනෙක් විතරයි ..මාව මේකට ගාව ගන්න එපා.."


මා එතනින් යන්නට උත්සාහ දැරීය..


"කොහෙද කොහෙද යන්නෙ?.. කොහෙ යන්නද ? මේක උසාවියෙන් කෙළවර වෙන කේස් එකක්"


අනිත් නිළධාරීන් දෙදෙනා මාගේ මඟ හරස්කර ගත්තේය..


"අපි දැක්කා දෙන්නා හිටි හැටි මාර ගහ අස්සෙ ගැරඬි වගේ වෙලිලා"


එක නිලධාරියෙක් සිනහ වෙමින් කීවෙ අන් අයත් එයට එක් වීය..


වසලා හමාරයි..මෙගා ටෙලි නාට්‍යයක මෙන් නුදුරු වර්තමානයේ සිට අනාගතය දක්වා මට සිදු වන දේ සියල්ලම මා ඉදිරියේ දිස් වන්නට වූයේ..


"ඇත්තමයි මන් කියන්නෙ මන් අහිංසකයි මෙතන..මට යන්ඩ දෙන්න"


"කොහෙ යන්ඩද ? කොහෙද තමුසෙ වැඩ කරන්නෙ?"


"මන් වැඩ කරන්නෙ ක්ලීනින් සර්විස් එකක..එතන වැඩ සුපර්වයිසර් ජොබ් එක කරන්නෙ"


මා ඇත්තම කීවේ කුමන හෝ බොරුවක් කීවොත් එය වැසීමට තවත් බොරු රාශියක් කීමට සිදු වන නිසාය.


"මේ මනුස්සයා අහිංසකයෙක් අපි මිනිහව යවමුද අයිපී?"


තරුණ නිළධාරියා තම වැඩිමහල්ලාගෙන ඇසීය..
මටත් යම් තරමක සැනසුම් සුසුමක් හෙලිනි.


"යවමු මේ තමුසෙ මොකද්ද ඉස්සෙල්ලා කීවෙ..මේ මිනිහා තමුසෙව අල්ලා ගන්න හැදුවා කියලා නේද ?"


ඔහු අර තරුණියගෙන් ඇසීය..


"අනේ ඔව් සර් මන් මෙතන ගෙදර යන්නයි හිටියෙ.. ඉස්සෙල්ල සැරේ අහු උනාට පස්සෙ ආයි මේ ජොබ් එක කරන්නෙ නෑ සර්..අද කඩේ සෙනඟ නිසා රෑ උනා.. මේ සර් තමයි කීවෙ එයා ඉන්නෙ පාමංකඩ ඇනෙක්ස් එකක තනියම..එන්ඩ කියලා"


මේ ප** වේ*..ඉතුරු කරන්න වටින්නෙ නෑනෙ මේ කියන් කතාවට..මන් මනුස්සකමට උදව් කරන්න ගියාම මේකි දැන් මාව උගුලට ..අහු කරලා දීලා බේරෙන්නයි යන්නෙ..


නැවතත් මා දෙස හැරුනු පොලිස් නිලදරුවා..


"ඔය පේන්නෙ අහින්සකයගෙ තරම "


"තමුසෙ කොහෙද ඉන්නෙ?"


"පාමංකඩ"


"ඇනෙක්ස් එකක තනියම?"


"ඔ ඔ ඔ ව් සර්"


"තමුසෙ බැඳලද? "


"නෑ සර් ඔව් සර්"


"ඔව් සර් නෑ සර්...සාජන් දානවා දෙන්නම ජිප් එකට පොලීසියට ගෙනිහින් දෙක දෙනකොට ඇත්තම කියවෙයි"


හැඩි දැඩි අතකින් මාගේ අත තරයේම අල්ලා ගත් විගසම මාගේ පෙර වාසනාවකට මෙන් පහුගිය දවස් කීපයේම මෙන් හාත්පස අඳුරේ ගිල්වමින් එක්වරම විදුලි බලය ඇන හිටියේය..


මේ අවස්ථාව දැක්වෙන සිත්තරයක් පාඨක සමූහයාගේ සිත සුව පිණිස ඇඳීමට මා සිතා ගත්තෙමි. එය පහත අයුරින් වේ.. වැඩි විස්තර සඳහා ප.ලි. බලන්න..






පොලිස් නිලදරුවන් සියල්ලම කුටු කුටු ගාන්නට වූයේත් මා දෙනෙත පාරෙන් එහා පැත්තේ වූ වෑන් රථය වෙත යොමු වූයේත් එක් විටමය. වෑන් රථය තුල යමක් ආලෝකයෙන් බබලමින් තිබූ අතර ඒ තුල කීප දෙනෙක්ම වීය.. 


"කවුරුවත් ළඟ සර්ච් ලයිට් එකක් නැද්ද?"


සර්ච් ලයිට් එකක් වත් නැති පොලීසියක්...???
ඒ හාම නැවත විදුලිය පැමිනියේ..


"හා දමා ගමු දෙන්නවම ජීප් එකට සාජන්"


"පොඩ්ඩක් ඉන්න රාළහාමිලාගේ අයිඩෙන්ටී කාර්ඩ් පෙන්නන්ඩ මට පොඩ්ඩක්"


"මාව ඇරෙස්ට් කරන්න ඉස්සෙල්ලා ඇයි මාව ඇරෙස්ට් කරන්නෙ කියලා අහන්න මට අයිතියක් තියෙනවා..මන් මෙතනින් අඩියක් හෙල්ලෙන්නෙ නෑ අයිඩෙන්ටි කාඩ් පෙන්නනකන්"


මා ඔවුන්ගේ අතින් මිදී අඩියක් පමණ පාර දෙසට පැමිණෙනවාත් සමඟයි මා ඔවුන්ගේ නිල ඇඳුම දෙස නෙත් යොමු කලේ. .මන්ද යත් මොනා නැතත් මේ නිළධාරීන්ගේ අංක ටික මතකයේ තබා ගත යුතු බව මගේ සිත මට මතක් කර දෙන්නට වීය..


නැවතත් මා ඇඟ සීතල වූයේ එම දර්ශණයක් සමඟයි..එක් අයකුගේවත් නිලඇඳුමේ තිබිය යුතු අංකය නැත.. මා මෙතරම් මෝඩ වූයේ කෙසේද ? මෙය මා කලයුතුව තිබූයේ මීට පෙරය. තවත් අඩියක් පසු පසට තැබූ මා ක්ශණිකව මාගේ දුරකතනය අතට ගෙන එහි වූ හදිසි ඇමතුම් අංකය ක්‍රියාත්මක කරන්නට දී තිබූ තනි අංකය මත ඇඟිල්ල තබා හතිමි.


"තමුසෙලා කවුද ? තමුසෙලා පොලීසිය නෙවෙයි..මන් 119 එකෙන් ගෙන්නවනවා එකෙක් වත් ඉන්න තැන් වලින් හෙල්ලෙන්න එපා.."


මාගේ උපාය වූයේ එක් අයකු හෝ මා අල්ලා ගැනීමට ඉදිරියට ආවොත් අඩු තරමේ පාර දිගේ දුවන ගමන්ම හදිසි ඇමතුමට කතා කිරීමටය. එක් අයකුවත් සෙලවුනේවත් නැත. 


නමුත් අර තරුණිය තම හඬ අවදි කලාය. 


"හරි හරි අයියෙ අපි මේ ප්‍රෝග්‍රෑම් එකක් කරන්නෙ.. අයියා කලබල වෙන්න එපා 119 කතා කරන්නත් එපා" 


ඈ තම ආයතනික හැඳුනුම්පතක් මා වෙත දික් කලාය.මා තවත් අඩියක් පසු පසට ගොස් එය පිරික්සීයේ අනිත් සියළු දෙනා වෙත පිරික්සුම් බැල්මක් හෙළුවේය.


"ඔව් අපි මේ මීඩියා ආයතනයේ අර රියැලිටි ටීවී ප්‍රෝග්‍රෑම් එකකට තමා මේක කලේ..වෑන් එකේ කට්ටිය සේරම රෙකෝඩ් කලා"


එකවරම මගේ ඔළුවට යක්ශයා ආරූඨ වීය..


'මඟුලක් කරනවා මන් මෙතන ප්‍රෙශර් හැදිලා මැරෙන්නයි ගියේ"


ඒ හාම මට මතක් වූයේ පිටරට ටීවී ප්‍රෝග්‍රෑම් වල ඇති සමහර ප්‍රෝග්‍රෑම් පාරෙ යන අයව අපහසුවට පත්කරමින් කරන ඒවා රෙකෝඩ් කර විකාශය කරන අන්දමයි..


මගේ ඒ ගැන එතරම් අකමැත්තක් නැතත්..එවන් වැඩ සටහන් පිළිබඳව එතරම් ප්‍රසාදයක්ද නැත.


"හරි හරි සර් අකමැති නම් මේක අපි ටෙලිකාස්ට් කරන්නෙ නෑ"


"ටෙලිකාස්ට් නෙවෙයි මොන මඟුල කලත් කමක් නෑ..හැබැයි ඔය මාව අපහසුතාවයට ලක් කරලා ගත්ත ටික එහෙම මගේ අවසරය නැතුව දමලා තිබ්බොත් මන් නඩු යනවා"


තදින් නොවූවත් තරමක තිර හඬින් කිවූ මා ඔවුන්ගෙන් සමු ගත්තේ..එදිනට මාගේ රාත්‍රී ඡායාරූප ගැනීම නවතමිනි.


රියැලිටි ටීවී ප්‍රෝග්‍රෑම හරි මොන මඟුල හරි කමක් නෑ කලාට ඒවා ඔය බටහිර නාලිකා වල පෙන්නන ඒවා ගෙඩිය පිටින්ම මෙහෙ ගෙනත් ඒකම කරන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් අපේ සමාජයට හරියන විදියට වෙන්ස් කම් කරලා..


මේ සිද්ධියත් එක්කම මගේ හිත පතුලට කිඳා බැස්සෙ ඔය වගේ අදහසක් තමයි..හැබැයි මට හිතෙන ඒවා නිවැරදියි කියලම නම් මන් හිතන්නෙත්.. නෑ..


 ප.ලි.
ඉහත සිත්තරයේ ඇති ඇති එකම ආලෝකය එක් පොලිස් නිළධරයෙකුගේ අතේ වූ ජංගම දුරකතනයේ වූ එලියයි..මෙය මහපාරක් අසල වූ දෙයක් නිසා ඔය කහ පාටට තිබෙන්නේ ඈතින් එන වාහනයක එලියයි.
සයිබර් අවකාශයේ කොතරම් සිත්තරුන් සිටියත් මා තරම් පාඨකයන්ට හිත පිණිස මෙසේ අඳින ලද සිත්තරය පිළිබඳව වැඩි විස්තර නොදමන බව ඔබ දැක ඇතැයි සිතමි..හ්ම්ම් අපි එහෙමයි පාඨකයන්ට සලකන්නෙ..

80 comments:

  1. පාඨ්කයන්ට වගේම රචකයන්ටත්, ඔබෙන් වෙන්නේ ලොකු සේවයක්. ඔය උඩින් අරං තියන පින්තූරේ ප්‍රදර්ශනයකට උනත් තියන්ට වටිනවා.:)

    ReplyDelete
    Replies
    1. තැන්කූ පොඩ්ඩි යෝජනාවට මන් ඒක වෙනම ප්‍රින්ට් කරලා අරන් තියා ගන්නව..

      Delete
  2. වෙනියා අලවමේ ගිහින් මාට්ටු උනාම ඒකත් ටීවී චැනල් එකකට දාලා ෂේප් වෙලා :-D

    ReplyDelete
    Replies
    1. අපි ඒ තරම් නරක ළමයි නෙවෙයි මයන්න...

      Delete
  3. pogo වල තියෙන ඒවා එහෙමම කොපි කරලා මෙහේ කරන ඔය "රියැලිටි" හොද හෝටලේකින් කාපු දවසට ඉවරවෙයි.....

    පාඨකයන්ට දක්වන සැලකිල්ලක් විදියට චිත්තරේ ගැන විස්තරේ නොදැම්මානම්.....ඒ ගැන හිතලම පාඨකයො මඥ්ඤං වෙනවා සිකුරුයි...

    ReplyDelete
    Replies
    1. ඔව් සුමිත් ඔය නුවරදි උනාලු එහෙම එකක් නේද ? මටත් එහෙම විස්තර කරලා තියා ගත්තම ලේසියි පස්සෙ ඇන්දෙ මොකද්ද කියලා දහ අතේ කල්පනා කරනවට වඩා..

      Delete
  4. ඔය 119 කතාවෙන් පස්සෙ ටික සත්‍යය විකෘති කිරීමක් විදියටයි මං නං දකින්නෙ.

    කොහොම උනත් අපිව මඤ්ඤං කරන්නෙ නැතිව සිත්තරේ විස්තර කරපු එකනං හොඳයි.

    ReplyDelete
    Replies
    1. සේරම අමූලික ඇත්ත ප්‍රසා..බොලා පල්ලා ..ඕනි තැනක මන් දිවුරන්නම් !

      Delete
  5. හැක්.. හැක්.. කරන්ට් ගියා කියපු ගමන් මට හිතුනා ඒ සිත්තරයක් දාලා ඇති කියලා.. කරන්ට් ගිය වෙලාවක් චිත්‍රයට නගන්න හරිම ලේසියි නේද?

    ReplyDelete
    Replies
    1. ලේසිම පොයින්ට් එක හරී..

      Delete
  6. මෙවැනි වැඩ සටහන් ගැන මගේද ඇත්තේ බලවත් පිළිකුලකි. යම් නිරූපනයක් අදාල පුද්ගලයන් දැනුවත් කර සිදු කරාට වරදක් නැතත් මේ මොන විකාරද? මහජනයා අපහසුවට පත්කර විනෝද වන්නේ මිනිස්සුද.

    ඒක කොහොම වුනත් ලියන්නා .......
    මම කිසිත් නොකියමි. අනේ මන්ද රට්ටු කියන්නේ නම් පෙරලුනු පිට හොදයි කියලා. මම නෙමේ රට්ටු... රට්ටු.....
    මම දන්නවනේ වෙනී කියන්නේ එහෙම කෙනෙක් නෙමේ කියලා. කොහොම කෙනෙක්ද?????

    ReplyDelete
    Replies
    1. 'මෙවැනි වැඩ සටහන් ගැන මගේද ඇත්තේ බලවත් පිළිකුලකි. යම් නිරූපනයක් අදාල පුද්ගලයන් දැනුවත් කර සිදු කරාට වරදක් නැතත් මේ මොන විකාරද? මහජනයා අපහසුවට පත්කර විනෝද වන්නේ මිනිස්සුද'

      එකගයි!

      Delete
    2. හිරුහිමාවි වගේම මමත් ඔබගේ කතාවට එකඟයි..
      අනේ ඔය රට්ටු කියන කතා නම් කන අහලකටවත් ගන්ඩෙපා වෙද මහත්තයා..මන් මේ බෝ පැලේ වගේ මනුස්සයා...

      Delete
    3. කතාවට එකඟ වෙන්න පුළුවන්. එත් පෙර දැනුම් දීමක් කරාම ඒක" රියලිටි" වෙන්නේ නෑ නේද. එතකොට රඟපෑමක්නේ වෙන්නේ. එහෙමයි කියල ඕවට අහුවෙන ප්‍රෙෂර් තියන මිනිස්සු මහපාරේ මැරිලා වැටෙන තැනට වැඩේ වෙනවනම් රියලිටි නාලිකා වලට මේවා කරන ඒක ගැන හිතන්නම වෙනවා

      Delete
  7. oya proggram eken kellek widihata dapu hinda hondai ethanata holmanaka charithe dammanam.ra 10 ta thaniyama mahapare weniyata monawa weida?
    Pinthure wisthare dakinna kalin deparakma udata gihin baluwa mokakda e thiyenne kiyala.

    ReplyDelete
    Replies
    1. හොල්මනක් උනා නම් මන් ඔතන කලන්තෙ දමලා වැටිලා තමයි ඉවර වෙන්නෙ...

      Delete
  8. අම්මෝ...ඔය රියලිටි වැඩ සටහන් වල අය කවදා හරි හොදට ගුටි කාලා තමා ඕක නවත්තන්නෙ.

    සිත්තරෙත් මරු...

    ReplyDelete
    Replies
    1. ඔව් නිසූපා ඔය නුවර උනේ මොකද්ද කියලා අපි අහමු දන්න කෙනෙක්ගෙන්..ඒ කියන්නෙ කාලා තියෙනවා දැනටමත් සමහර අයෙක්

      Delete
  9. කට්ටිය කැමරා උස්සන් ඇනෙක්ස් එකටත් එන්න හදලාද කොහෙදෝ.. හික්....

    ReplyDelete
    Replies
    1. හොඳ වෙලාවට එහෙම නූනෙ මහේශ්..

      Delete
  10. කතාව කියවපු මට හිතුනෙ අපි ආයෙත් සුපුරුදු විදිහට පර්යේශනාගාර මීයන් බවට පත්වී ඇති බවයි..

    කොහොම වුනත් වෙනී ඔයාට ඔය රෑට පේන්නැති ලෙඩේට නම් බෙහෙතක් අරගන්න වෙයි..
    රාත්‍රි අන්ධතාවය හොඳ කරන්න පුළුවන් නේද?

    ReplyDelete
    Replies
    1. අනේ ඔය මාරයා කීව කතාවක්නෙ මේ අය විශ්වාස කරන්නෙ..හැම වෙලාවෙම දමාගන්ඩයි කියලා කණ්නාඩි කූට්ටමක් නම් තියේ..එක දමන්න කම්මැලියි අප්පා..

      Delete
    2. ඒකනෙ කියන්නෙ ඒක දාගෙන ගියා නම් මේ චිත්තරේ මීට වැඩිය හොඳට එන්න තිබුනා..:D

      Delete
  11. අයියා මේ කතාව කියන්න තතනපු හැටියට මම හිතුවෙ හොඳ අඩව්වක් අල්ලන්න ඇති කියල. ඒත් කතාව ඉවරවුනේ, වැහි අඳුරින් අහස බර වෙල සද්දෙට ගොරවල විදුලි කොටල වහින්නෙත් නැතිව අහස පැහැදිලි වුනා වගේ.

    ReplyDelete
    Replies
    1. ඔව් අනේ එහෙම වහින්ඩම ඇවිත් නවතින වෙලාවලුත් තියෙනවා ඉතින් නේ...

      Delete
  12. මටත් පේන්න බැරි වැඩසටහන්....

    අර ත්‍රිකෝන නාලිකාවෙ උන් නම් ගුටි කෑව....
    අළුත් කට්ටියත් ගුටි කනකම් කොරයි.

    සිත්තරේ විස්තරේ සිත්තරේ යටින්ම දැම්ම නම් තමා හොඳ
    මොකො බන් වෙනී ඔය කියපු රියැලටි ඒවගෙයි උඹේ සිත්තර වලයි වෙනසක් නෑ...............:P

    ReplyDelete
    Replies
    1. නිශ් මොකද්ද ඒ නාලිකාව ගුටි කෑ සීන් එක..
      හික්ස් අනේ මන් අදින සිත්තර...!

      Delete
  13. අනේ මන්දා වෙනී අයියා... මට නන් දැන් රට්ටු කියන කතා බොරුයි කියලා කියන්න හිතෙන්නෑ අප්පා.......

    ReplyDelete
    Replies
    1. රට්ටු කියන කතා බොරු මල්ලි ඇත්තමයි මන් කියන්නෙ..

      Delete
  14. මෙතන රියැලිටි කතාව බොරුවක්. මේ වෙනි අයිය එදා රෑ පෙරහැර බලන්න ගිහිල්ල වෙච්ච ඇත්තම සිද්ධියක්. අපි අහුවෙයි ඕවට. :)

    ReplyDelete
    Replies
    1. ලෝකයා මාව විශ්වාස් කරන්නෙ නැති හැටි බලමුකො ඕන්... :-D

      Delete
  15. මේක නිර්මාන්ණයක් කිව්වට පට්ට ඇත්තක් වගේ මට හිතෙන්න්නෙ.. නිර්මාණයක්නම් සුපිරි පරිකල්පනයක්..

    ReplyDelete
    Replies
    1. අර වරක් මාරයා කී ලෙස, අපි පර්යේෂණයක සිටින බ්ලොග් මීයෝ වෙමු. මෙහෙමහරි ඇවිත් ඒකට පුළු පුළුවන් විදියට දායක වෙනවා.

      Delete
    2. මීයෝනං තව කමක් නැහැ හිටි ගමන් මූ රට හාවොත් කරනවා සමහරුන්ව...:D

      Delete
    3. සෙන්නා ඒ දෙකේම සම්මිශ්‍රණයක්..
      ක්සැන්ඩර්..අනේ මන් එහෙම කරනවද අප්පා ?
      මාරයා.. මී කතාවක් බෝ කරලා දැන් එව්වට අලගු තියන්නත් එනවා..අර චිත්‍රයෙ හොඳ ටිකක් ලියලා දාන්ඩකො අප්පා..කූර වෙන්නෙ නැතුව :-D

      Delete
  16. හෑ... මේක නිර්මානයක්ද..?

    ReplyDelete
    Replies
    1. වී මගේ සාමාන්‍ය කතාවක් මේක...

      Delete
  17. අයෙ රියලිටි කරන්න සිරස තියන උන් නුවර නම් එන්නේ නෑ, 2009 කාපු කෑම මතක එකෙක්හරි ඉන්නකං. දුන්නා හෝල්ට්වල හිටගෙන බලන්න රියලිටි. දැන් හරි නේ.

    ReplyDelete
    Replies
    1. මොකක්ද බන් ඒ සීන් එක ? පොඩ්ඩක් කියපන්කො.. මම දන්නෑ ඒ ගැන..

      Delete
    2. ක්සැන්ඩර්ට තමයි ඒ කතාව කියන්න වෙන්නෙ.. මොකද මමත් ඒ සිද්ධිය දන්නෙ නෑ..තාම..

      Delete
    3. ඔය ඔලුව තියන නාලිකාවේ උන් නුවර ඇවිත් එකගමනක් රියලිටි එකක් කළා නේ වැව රවුමේ එතකොට ටොරින්ටන් එකේ එහෙම. එදා මුන් ඉස්කෝලේ යන කෙල්ලෝ කොල්ලෝ හිට බයිට් එකට ගත්තා. අන්තිමේ ටොරින්ටන් එක ලඟදි පාරේ හිටි කෙල්ලෙක්ට මොකක්දෝ කොලොප්පමක් කර දුවන සීන් එකක් ගන්න තැනකට ඇවිත්. අනේ කවුදෝ කෙල්ලෙක්ට එසේ කර පළමු වතාවේ ම උන් දුවන්න යද්දී වටේ පිටේ සිටි සැවොම තවදුරටත් මේ නාඩගම බලා ඉනු නොහැකිව දිව්ව එකා හඹා ගොස් සලකන්න ගත්තා. ඌ බේරාගන්න ආව උන්ගේ සෙට් එක කැමරා පෙන්නද්දී උන්ටත් නෙලන්න ගත්තේ බූරු වැඩ කරන්න නුවර එන්න එපා කියන ගමන්. අන්තිමේ රියලිටි එක සිරාවටම හැපනින් වෙන්න ගිය පසු පොලිසිය මැදිහත් වී ගුටි කෙලිය සංසිඳවා දැම්මා. පැය භාගයක් විතර ටොරින්ටන් එකේ හා අලුත් කාර් පාක් එකේ වූ අබග්ගය ඉවර වෙද්දී රියලිටි කාරයන් බස් හෝල්ට් වලින් එකතු කරන්න උන්ගේ වෑන් එකට සිද්ධ උනා. අන්තිමේ උන් ඒක පෙන්නුවා ඒත් උන් කන කොටස නැතිව. මම හිතන්නේ ඒ කොටසට පස්සේ ඔය ප්‍රෝග්‍රෑම් එක ඉවර උනත් එක්ක ද කොහෙද.

      Delete
    4. හික්ස්..පට්ට සීන් එකනෙ..වෙන්න පුළුවන් ප්‍රථිපල ගැන හිතන්නෙ නැතුව කලාම ඔහොම තමයි..ස්තූතියි ක්සැන්ඩර් කතාව හැමෝටම දැන ගන්න බෙදා හදා ගත්තට..

      Delete
  18. රියැලිටි එක මොකක්දැයි රට්ටු දනිති..

    ReplyDelete
    Replies
    1. රට්ටු කවුද යන්න ලෝකයාද දනී ලකී මල්ලී.. :-D

      Delete
  19. මේකෙ සත්‍ය කොයි හරියද නිර්මාණය කොයි හරියද කියලා හිතාගන්න එච්චර අමාරු උනේ නෑ මට.

    අර චිත්‍රෙ නම් මාර අර්ථයක් තියෙන එකක්. සමහරවිට වෙනියගෙ හොඳම නිර්මාණය වෙන්න පුලුවන්. අනිත් එක අර වාහනේ හරියටම අංශක 45කින් ඇලවෙලා වංගුව ගන්න ලස්සන! ඒ වේගයට පාරත් ඇලවෙලා අංශක 45 කින්ම! නියමයි ඈ!

    මේචිත්‍රය දැකපු සිංහල නොදන්න එකෙක් මගෙන් ඇහුවා මේ..... එක්කො ඒක ඕනෙ නෑ. සංගීතය වගෙම චිත්‍රයත් විශ්ව භාෂාවක්නෙ!

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඒකනෙ හෙන්රි හොඳ යාළුවෙකුට බොරු කියන්න බෑ කියන්නෙ..
      අඩේ සිත්තරේ ඔය කියන ටික මාත් දැන්නෙ දැක්කෙ..දැනුවත් කලාට ස්තූතියි හොඳෙ..
      සිංහල නොදන්න අරයා මොකද්ද ඇහුවෙ අප්පා ?

      Delete
    2. අහන නිසා කියන්නම්කො. ඌ අහනවා අර ඇතුලෙ ලයිට් පත්තුවෙන කූඩාරම් දෙකේ ඉන්න එකෙකුට බොගක් දාන්න ඕනෙ වෙලා, තනියෙම යන්න බය හන්දා අනිත් කූඩාරමේ එකෙකුට කතාකරලා ඇවිත් දාපු බොගලු ඔය වම් පැත්තෙ තියෙන පොඩි කහපාට පැල්ලම. අර දෙන්න ආපහු ගිය හැටියෙම හන්ද තවම කූඩාරම ඇතුලෙ ලයිට් නිවලා නැහැල්ලු. උඹ ඕවට සැලෙන්න එපා බං.
      henryblogwalker the Dude

      Delete
    3. හැක හැක... ඌට මාර දෙයක්නෙ හිතිලා තියෙන්නෙ..

      වෙනි අයියේ උඹ සැලෙන්ඩ එපා බන්.. ඊලඟ පාර ඉන්ගිරිසියෙනුත් දාපන්..

      Delete
    4. පිස්සු නේ උට. මටනම් දැක්ක ගමන් හිතුනේ පොලිසියේ ජීප් එකේ ලයිට් එකයි සෙල්පෝන් කට්ටකුයි කියලා. වෙනි අයියාත් ලාවට කොනක ඇති. ඔය ලයිට් තිබ්බ කියලා එයා පෙනෙයි යෑ..

      Delete
    5. හෙන් රි එක පැත්තකින් එයාට මාර හිතීමේ හැකියාවක් තියේ.
      සෙන්නා ආන්න නියම අයිඩියා එක..මට ඒක මීටර් උනේ නැති හැටි..
      ක්සැන්ඩර් - :-D

      Delete
  20. නිර්මාණයක්කිව්වට කොහොමද අනේමන්ද,
    මටමතක්උනේwww.nakedfunny.comප්‍රෝග්‍රෑම්එක.එහෙමඋනානම් අය්යඑපාකියයි...

    ReplyDelete
    Replies
    1. ඒක මොකද්ද කියලා හෙමිහිට බලන්න ඕනි විමුක්ති..

      Delete
    2. මට හිනා කාලා මැරෙන්න යනවා අයියෝ හිනාව හෙන අමාරුවෙන් තද කොරගෙන ඉන්නේ.. විමුක්ති අයියේ කොහෙන්ද බොලේ අර ලින්කුව...

      වෙනි අයියට හාට් ඇටෑක්ද දන්නෑ මේකට කොමෙන්ට් එක දාලා එයා මිසිං...

      Delete
    3. අපොයි තහනම් අඩවියක් !

      Delete
    4. තාම මේ ලින්ක් එක බලන්න බැරි උනා නොව...

      Delete
  21. හෙ හෙ මම හිතුවෙ මගෙ යාළුවෙකුට වුන දේම කියලා.බලනකොට වෙනස්නෙ.ඒ පොරට හම්බෙලා ඔහොම ගෑණු කෙනෙක් අයියෙ 150 දෙන්න බස් එකේ යන්න කියලා රත්නපුරේ.පස්සෙ මූ බයික් එකේ දාගෙන ගිහින් ගෙදරට.කරන්න ඕනි ඒවාත් කරගෙන ඒකිව යවලා තියෙන්නෙ.පස්සෙ බලනකොට ෆෝන් එකත් උස්සගෙනම තමා ගිහින් තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. අපිට කොහෙද එච්චර වාසනාවක්...

      Delete
  22. මං ඕක දැක්කනේ ටීවී එකේ.

    ReplyDelete
    Replies
    1. බොරු නොකියා හිටු..

      Delete
    2. ආයි දැක්කොත් රෙකෝඩ් කරගන්න නිශාන්

      Delete
  23. බොලේ හිතාගෙන හිටි දෙයක් නෙමෙයි නේමෙයිනේ සිද්ද උනේ.. කොම උනත් මරු කතාව අයියේ..

    ReplyDelete
    Replies
    1. ඔව් දිනේශ්..අපිට උනොත් ඉතින් ඔන්න ඔහොමයි..

      Delete
  24. හිනා ඉනා ප්‍රෝග්‍රෑම් එක නැවැත්තුවාට පස්සෙත් අලුත් එකක් පටන් ගත්තද ?

    ReplyDelete
    Replies
    1. එහෙම එකකට වගෙයි එන්න හදන්නෙ..

      Delete
  25. මටත් පෙන්නන්න බැරි ජාතියක් රියැලිටි ෂෝස්.

    අර චිත්‍රෙනම් මාර කලාත්මකයි. මං හිතුවෙ වවුලෙක් කියල

    ReplyDelete
    Replies
    1. ඒවා හරවත් විදියට කරනවා නම් හොඳයි..
      වවුලෙක් ?! :-D

      Delete
  26. රෑ ජාමේ මොන රියැලිටිද? උන්ට පිස්සු.... හොඳ පොරවල් ටිකකට සෙට් උනානං කෙල්ල හොයන්ට පොලිසියටම කියන්ට වෙනවා....

    ReplyDelete
    Replies
    1. ඒ කෙල්ලත් ටීම් එකේමනෙ..ඔව් එහෙම වෙන්නත් තිබ්බා..

      Delete
  27. මුලින්ම කියන්න ඕනේ අයියේ මම සිත්තරෙන් දැක්කේ හඳ එලියට උඩින් අයියගේ අතින් අල්ලන් ඉන්න පොලිස් කාරයව.අයියා සිත්තරේ මොකක්ද කීවට පස්සේ බැලුවම තමා ඒ පාරෙ එන වාහනයක් කියලා තේරුණේ... මට නිකන්ම පැබ්ලෝ පිකාසෝව මතක්වුනා අප්පා...

    කතාව නම් උපරිමයි අයියේ... එක තැනකදි මම බොක්ක කූල් කරන් කියෙව්වේ... මම හිතුවේ දෙන්නවම උස්සයි කියලා.කොහොමද අයියව උස්සලා උපන් ඇඳුමෙන් එලියට දැම්මනං තියෙන ආතල් එක...

    ගොඩ කාලයක් තිස්සේ වෙනි අයියගෙන් බලාපොරොත්තුව සිටි ආකාරයේ කතාවක් මේක... මෙන්න මෙව්වා මාර ගති ඈ.

    තවත් දෙයක් අයියේ අර මහ රෑ ජාමේ වෙනි අයියගෙ අතින් අල්ලං හිටිය ලලනා රූපෙයි මේකෙයි සම්බන්ධයක් තියෙනවා කියලයි මට හිතුනේ... අර අර මාරයියා බුකියේ දාලා තිබුන එක...

    එහෙම බැලුවෝතින් මේක නිකන් ඇත්ත ඇත්ත වගේ අප්පා...

    කමක් නෑ වෙනි අයියා ඇත්ත බොරු වගේ ලියනවනේ හොඳටම.ජය වේවා අයියේ... සුපිරි අදහසක් ඈ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලි, ආයි වෙලාව අරන් ලියන්න ඕනි කතා කීපයක්ම..එහෙන් මෙහෙන් බිසි වෙනවා මේ දවස් වල..

      Delete
  28. ඇත්තටම එහෙම දෙයක් වුනාද? මට ඒ දේ උනානම් මම මොනවගේ දෙයක් කරාවිද?

    සිත්තරේ පංකාදුයි..

    ReplyDelete
    Replies
    1. මහේ කතන්දරයක්නෙ අසර්..උනාමත් කියන්ඩ බෑ..නිකම්ම ෆොටෝ ටික දමන එකේ ඉතින් කතාවක් එල්ලන්ඩ හිතුවා..එතකොට බෝරිං නෑනෙ...

      Delete
  29. රට්ටු එක එක කතා කියන්න ගත්තා ඒදා පෝස්ට් එකෙන්,,අද මෙහෙම එකක්,,මේ හැබෑට ඔය රෑ පොටෝ ගන්න එක නවත්තලා යන්නකෝ විහාර මහා දේවි එකේ ලව් බෝට් ලව වත් පොටෝ ගන්න

    ReplyDelete
    Replies
    1. හෆොයි ඩිලා ආයි ගුටි කන්ඩ වේද මන්දා..ඒකත් කරලා බලමුකො එහෙනම් !

      Delete
  30. දැන් අපේ රටටත් ඔව්ව බෝ වෙලා එහෙනම් . අය්යෝ වෙනිවගේ අහිංසකයෙක් හන්ද හොඳයි නැත්නම් බලාගන්න තිබ්බ . සිත්තරේ නම් සම්භාව්‍ය ගනයේ ..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මෙහෙත් ඔය රියැලිටි විගඩං පටන් අරගෙන ටිකක් කල්...

      Delete
  31. "තමුසෙ බැඳලද? "

    "ඔවු සර් නෑ සර්"

    "ඔවු සර් නෑ සර් !!!! අල්ලනවා අත !"

    පසුව...

    "මලිත්ට ගහද්දි ඇයි චංචලා අඬන්නේ ? "

    ReplyDelete
    Replies
    1. ඔය දෙබස ලියන කොට මට මතක් උනෙත් ඔය සීන් එකම තමයි...

      Delete
  32. හනේ මේක බොරුවක්ද?

    ReplyDelete
    Replies
    1. බොරුවක් නෙවෙයි..ඇත්තකුත් නෙවෙයි..ප්‍රබන්ධයක් නමුත් යම් යම් කරුණු සත්‍යයයි..

      Delete