ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Thursday, October 31, 2013

අනේ අනිච්චං...

http://www.dailymail.co.uk/news/article-2343198/Is-mean-higher-plane-Buddhist-monks-caught-film-travelling-private-jet-wearing-stylish-aviator-shades-listening-iPods.html
ගිහි ජීවිතය කියන්නේ දුක්ඛ දෝමනස්සයන් ගොඩක්..
ඔව් අටලෝ දහමටම මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන අපේ බහුතරයකගේ ජීවිත අනියත බව ඉදිරියේ අන්තිම තෙල් බිංදුවෙන් දැවෙන පහන් සිලක් වගේ...


අට ලෝ දහම ඉස්සරහදි කැඩිලා බිඳිලා යන සිත වාරු කර ගන්න ඉස්සර කාලෙ අපි දුවල ගියේ පන්සලට..ගිහින් හමු උනේ පන්සලේ හාමුදුරුවො..හාමුදුරුවොත් අපි එනකම් සැදී පැහැදී හිටියා  අපේ දුක් කම්කටොළු බොහොම සාවධානයෙන් අහලා ඒවට බෞද්ධ දර්ශනයේ තිබ්බ මඟ ඔස්සේ යම් යම් කරුණු වලින් අපිව දැනුම්වත් කරලා වාරු නැතුව එහෙට මෙහෙට වැනෙන හිත ආයි එක තැනකක නොසෙල්වෙන විදියට තනන්න උදව් වෙන්න...ඔහොම විඩින් විඩේ තනපු හිතත් එක්ක අපි ඉස්සරහට යන හැටි දැකලා හාමුදුරුවොත් නොහොම නිරාමිස සතුටක් අත්විඳින්න ඇතියි කියලා හිතෙනවා..


ඉගෙන ගෙන හැඩගැහෙන්න ඉගෙන ගෙන හැඩ ගැහෙන්න..මූලාශ්‍රයක් වෙච්ච පහන් ටැඹක් වගේ අපේ හිත ඇතුලේ පන්සලේ හාමුදුරුවො වැඩ උන්නත් එක්කම අපේ හිතේ ඇඳුනු චිත්ත රූපය හරිම ශාන්ත, නිවුනු, සිත පහන් කරවන රූපයක් හිමිව තිබුනා..
ඒත් අද...


බොහොම සංකීර්ණ සමාජ ගැටුම් රාශියකට මූණ දෙන්න වෙලා වගේම අටලෝ දහම බොහොම ප්‍රචණ්ඩ විදියට අපේ ජීවිත වලට බැට දෙන කොට...කැඩෙන , බිඳෙන හිතේ වාර ගණන සිය දහස් ගුණයකින් වැඩි වෙලා... 


අදටත් අපිට හිත හදා ගන්න යන්න තියෙන්නෙ පන්සලට..පන්සලේ හාමුදුරුවන් ළඟට..


"මෙදා පාර කඨිනෙ අපි ඉස්සෙල්ලා සැරේටත් වඩා හොඳට... (තරමක් පහත් කටහඬින් ) අල්ලපු පංසලේ කරාට වඩා හොඳට කරන්න ඕනි.. මහත්තයා ආපු එක හොඳයි පංසල පැත්තෙ. වැඩ රාශියක් කර ගන්ඩ තියෙනවා"


පොඩි උන්නාන්සෙලා කීප නමක් බණ මඩුවේ එකතු වෙලා මොකද්ද පොතක් බල බලා හිනා වෙනවා..තරමක් වැඩිහිටි නමවල් කීපදෙනා තමන් අතේ තිබ්බ ෆෝන් වලට එබී ගෙන මොනවද ලොකු සාකච්ඡාවක්..


පන්සල පුරාම වල්බිහි වෙලා..කාලෙකින් තණකොලයක් ගලවලා නෑ..
"මහත්තයගේ ගෙදර තණකොළ කපන මැසිමක් තිබ්බා නේද මහත්තයා...එහෙනම් මේ සෙනසුරාදා දිහාවට පන්සල පැත්තෙ එමුකො ඒකත් අරගෙනම පන්සල වල්බිහි වෙලා හොඳටෝම"


මම පන්සල් භූමිය දිහා බලා හිටි හැටි දුටු ලොකු හාමුදුරුවො එහෙම වැදෑරුවා...


"මහත්තයෝ කඨින පිංකම ගිය සැරේ වගේම මේ සැරේත් ෆොටෝ ටික ගහලා දෙන්ඩෝනි"


"මහත්තයා අපි මේ දවස් වල අපි අර සමජ සත්කාර වැඩ කීපයකට අත ගහලා තියෙනවා..මේ පොඩි නම කීර්තිරතන..මේ මහත්තයාට පෙන්නන්න අර අපි කොපියුටරෙන් හදපු බෝඩ් ටික හරිද කියලා බලන්න මහත්තයො..තව අඩුපාඩු තියේ නම් ඔයිට වඩා මිනිස්සුන්ට දැනෙන විදියට හරි ගස්සලා ලියලා දෙන්නකො"


පොඩි නම මා දෙස තරමක නොපහන් හැඟීමකින් බලා, සිටි තැනින් නැඟිට පරිගනක අංශයේ වූ පරිගනකයක් ක්‍රියාත්මක කර එහි වූ ගොනු කීපයක් මා හට දක්වා යුහුසුළුව නැවතත් තම සග සඟුන් හා එක් වීය...ජාතීන් අතර සහජීවනය සමීප කරවන්නට අත්‍යාවශ්‍ය කාලයක, දීපයක එය තවදුරටත් දුරස් කරලන්නට තතනන පරිශ්‍රමයක ව්‍යාකරන සදොස් බව සෑදීමට මට සිදුවූයේ මගේම අවාසනාවකටය..
මා දවමින් තිබූ ප්‍රශ්නය උඩට තව තවත් ප්‍රශ්ණ දහසක් පමණ පුරවා ගෙන මා නැවත නිවෙසට පැමිණියෙමි...


පන්සල යනු තවදුරටත් ගිහියන්ගේ ගිහි ජීවිතයේ ගිණි නිවන අමා පැන් බිඳු ඉසින තැනක නම් නොවේ..මෙය බහුතරයක් පන්සල් වලට ආදේශ කල හැකි හැඟීමකි බව මගේ පුද්ගලික මතයයි.. එය නිවැරදිම නොවන්නටත් පුළුවන..හාමුදුරුවහන්සේ නමක් දුටු මනතින්ම අපගේ සිත් සතන් නිවී යන දසුනක් වූයේ එදවසයි..අද නම් බහුතරයක් ස්වාමින් වහන්සේලා දුටු විට සිතෙන්නේ සිවුරක් දරා සිටින අසහනකාරයෙකු වැනි හැඟීමකි..මුහුණේ තිබූ ශාන්ත සුවදායක පෙනුම  පවතින්නේ හදවත පතුලේ පවතින ගැඹුරු නිවීම් හැඟීම් සමුදාය මතයි..බහුතරයක් වහන්සේලා එම  පෙනුම ගැනීමට කෘතීම ආලේපන කරන බව මා මාධ්‍යයන් තුලින් දැක ඇත්තෙමි...එවන් කෘතීම ශාන්තදායක බවක් හැර අන් යමක් සිතට නොයේ..


අප දෙමව්පියන් අපව බෞද්ධාගමික පරිසරයක් වෙත හුරු කිරීමේ අදහසින් ඕනෑම වෙලාවක අන්සල වෙත යාමට ඉඩ ලබා දුනි..
නමුත් අප දරුවකුට එලෙස වැඩිහිටියකු නොමැතිව පන්සල වෙත යැවීමට ඉමහත් සැකයක් පවතී. මන්ද යත් සමහර විටෙක මාධ්‍යය හරහා අප දකින යම් යම් සිද්ධීන් දුටු විට අප සිතද කලබල වන බැවිනි....
කල හැකි දෙයක් නැත..සිත් ඇද ගන්නා සුළු විචිත්‍ර ධර්ම කතිකයානන් වහන්සේලා තරඟයට මාධ්‍යය හරහා දෙසන බණ වලින් සිත සනහා ගෙන සැනසීමට සිදු වී ඇත.. ඒවාට දරුවන්ද යොමු කර හොඳ නරක තේරුම් ගැනීමට අත්වැලක් සැපයීමට ගිහි අපටම සිදු වී ඇත..


උන් වහන්සේලා දෙසන ආකාරයටම ගිහි අප මේ සියල්ලටම වැරදි කාරයෝය..


සමා වන සේක්වා !

63 comments:

  1. ධර්මය දේශපාලනීකරණය වෙලා. එකම ගමේ පන්සල් පවා සහයෝගයක් නැති තැනක, තරගකාරීත්වයක් උදා වෙලා..

    හාමුදුරුවොත් මොනව කරනවද මන්දා.

    අපි අපිම බුද්ධධර්මය නිවැරදිව ඇදහීම තමා කරන්න තියෙන්නෙ. මොකද පන්සලේ දායක සභාවම හොරු.

    ජය වේවා.

    ReplyDelete
    Replies
    1. ඔව් බොහොමයක් පුද්ගලික න්‍යාය පත්‍රවලට අනුරූපව යන්නෙ..කෙරෙන්න ඕනි නම් අපි අපිම ස්ව අවබෝධයෙන් අදහන එක තමයි..ඒත් ඉතින් ඇයි කවුරුවත් විය යුත්ත නොකරන්නෙ ?

      Delete
  2. ".අද නම් බහුතරයක් ස්වාමින් වහන්සේලා දුටු විට සිතෙන්නේ සිවුරක් දරා සිටින අසහනකාරයෙකු වැනි හැඟීමකි" ඔය තියෙන්නේ ඔක්කොම කියලා

    ReplyDelete
    Replies
    1. ඔය අදහස මට කීපවාරයක්ම හිතට නැගිලා තියෙනවා..අනේ අනිච්චං කියලා හිත හ්ජදා ගන්නවා...

      Delete
  3. පන්සල පාසල, මේ දෙකම එකම මළ විකාරයක්..

    ReplyDelete
    Replies
    1. ඔව් මූළික පරමාර්ථයෙන් වියුක්ත වෙච්ච අනිත් ස්ථානය තමයි පාසල..

      Delete
  4. බුදු හාමුදුරුවො වදාළ ගුණ දැන් ඉන්න මහනුන්ගෙන් කීයෙන් කී දෙනා ලගද තියෙන්නෙ....මෙහෙ වැඩ ඉන්න අපේ සමහරුන්ට දාව චීන ගෑණු ජාතක කල දරුවන් පවා සිටී.

    ReplyDelete
    Replies
    1. මෙහෙ කියලත් වෙනසක් නෑ

      Delete
    2. හිත ඇතුලෙ තියෙන ඔය කුණු කන්දල් සේරම මූණෙන් පේන කොට කොයිබින්ද ඉතින් හිත සැනහෙන ශාන්ත රුවක් නේද ?

      Delete
  5. වැඩක් නැ කියල ඒ ගැන.බුද්දාගම නැති කරන්නෙ තම්බි නෙමෙයි මුන්.

    ReplyDelete
    Replies
    1. මාත් දරන්නෙ ඔය මතයමයි..මොකද මේ ගොල්ලො කා ගෙන කාගෙන යන විදියට ආයි වෙන කෙනෙකුට විනාශ කරන්න දෙයක් ඉතුරු වෙන එකක් නෑ..

      Delete
  6. බුද්ධාගම මේ අයගෙන් බේරගන්න දැන් සංගායනාවක් කලයුතු කාලයයි,නැතුව ඔය ඇයගේ වැඩ ගැන අකම්පාල වෙවී ඉඳල වැඩක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව් අයියෙ..ඒක කොරන්ඩ ඕනි අයත් ඊට හපන් නොවැ..ගිහි අපට තමයි කම්පා වෙලා හිත හදා ගන්න වෙන්නෙ ..

      Delete
  7. කුඩා දරුවන් සහ පාසල් දරුවන් මට සීයේ කියා කතාකරනවිට මට ඔවුන් කෙරෙහි ආදරයක් සහ මා ගැන අභිමානයක් ඇතිවෙනවා. එහෙත් අපේ පන්සලේ ඉන්න පොඩි හාමුදුරු දෙනම මට 'අන්කල්' කියා කතා කලාම මම කිව්වා, හාමුදුරුවනේ ඔය වචනය සුදුසු වන්නේ එක්කෝ ඔබවහන්සේලා සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරනවානම්. එහෙම නැත්නම් ඔබ වහන්සේලා ගිහියන් වුනානම්. ඒ නිසා භික්ෂූන් වහන්සේලාට නොගැලපෙන වචන භාවිත නොකරන්න කියලා. දැන් ඒ දෙනම මාව දැක්කම මග අරිනවා.

    ReplyDelete
    Replies
    1. විචාරක කිව්වහමයි මටත් සිහි උනේ ඔය ආමන්ත්‍රනයේ තියෙන නොගැලපීම..අපිටත් කතා කරන්නෙ අයියෙ කියලා..අපිත් මල්ලි කියන්න ඕනි..එක්කො මහත්තයො කියන්න ඕනි නැත්නම් නිකම්ම නම කිව්වා නම් හොඳටෝම ඇති...

      Delete
    2. කවුද මංදා කිව්වළු.. “පලයං මහත්තයෝ යන්න“ කියලා...

      Delete
  8. සැලෙන්ඩ එපා වෙනී අයියා.

    ඔයා වඳින්න හාමුදුරුවන්ට - මේ මම වඳින්නේ සැරියුත් මුගලන් මහා රහතන් වහන්සේලාගෙන් පැවතගෙන එන සංඝ පරපුරේ හාමුදුරු නමකට කියලා. අසහනකාරී පෙනුමකින් ඉන්න හාමුදුරු කෙනෙක් දකිද්දි ඒ චීවරට දිහා බලලා හිතන්න අපේ බුදු හාමුදුරුවොත් දැරුවේ මේ වගේ චීවරයක් නේද කියලා... මේ අසහනකාරී පංචස්කන්ධය වෙනුවට ඒ බුදු සිරුර හිතින් මවා ගන්න.

    පොඩි නමලා, ලොකු නමලා කොහොම අපිට කතා කලත්, ක්‍රියා කලත් ඒවා එක්ක ඇලෙන්න එපා. ගැටෙන්න එපා. තම තමන් කරන ඒවා තම තමන්ටයි. ඒගොල්ල වපුරන දේවල් වල අස්වැන්න ඒ ගොල්ල නෙලා ගනී. එයාලා කියන කරන දේවල් එක්ක ඇලුනොත් ගැටුනොත් අපි දන්නෙම නැතුව බුදු බණ අමතක කලා වෙනවා. චීවරය දැරුවාය, පිංකම් කලාය, බෞද්ධ සංගම් වල සාමාජිකයෝ වුනාය කියලා, අපේ බුදු හාමුදුරුවන්ගෙන් විශේෂ වරප්‍රසාද නෑ. කාටත් එකයි. ඒක නිසා අපි අපේ හිත පිරිසිදුව තියා ගන්න එකයි වැදගත්.

    මම දන්න බුද්ධාගම ඕකයි! මම “උත්සහ කරන්නේත්“ මගේ පැත්ත හදා ගන්නයි!! මමත් මේ කියන දෙයින් පරතෙරට ගිහිල්ලා නෑ. හැබැයි මම උත්සහ කරනවා. ඒකයි මේ කිව්වේ :D

    ReplyDelete
    Replies
    1. මේක තමා ඇත්ත. අපිට තියෙන්නේ ඔය හැමදේම දිහා බලලා අපි හැදෙන්ට.

      Delete
    2. බුද්ධි,
      ++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    3. බුද්ධි කියන මේ කතාවට මමත් එකඟයි ඒත්..ඕක බහුතරයකට කරන්න පුළුවන්ද ? බෑනෙ..ඒ නිසයි පන්සලකින් විය යුත්ත විය යුත්තේ..සිදු වන දේ ඉවසා වදාරන්න ගිහි අපිට බෑ ඒකයි වෙන්නෙ..

      Delete
  9. මේ ළඟදී දහම්පාසල් තරඟ තිබුනා . ළමයි ගන්න ප්ලේස් ගාන කීයද කියලා බලන් හාමුදුරුවරු කරපු හරියක් . හයියෝ සල්ලි .

    එක හාමුදුරු කෙනෙක් කියනවා අර දහම්පාසලට නම් මේ පාර දිනන්න දෙන්නේ නෑ කියලා . තව හාමුදුරු කෙනෙක් හරි උත්තර වලට වැරදි දාලා .
    මම කල්පනා කරේ මේ මොනවා බෙදා ගන්නද කියලා . :p

    ReplyDelete
    Replies
    1. වයලීනො..ඒ අනිත් සීන් එක..දහම් පාසල් වල ළමයින්ව පුදුම තරඟෙකට ඇදලා දාන්නෙ..ඔය පැත්ත කතා වෙන්නෙම නෑ..කවුරුවත්ම..

      Delete
  10. වෙනි මෙය නම් පන්සලේ තත්වය......පල්ලියේ,කොවිලේ ද මේ තත්වයමයි.කිසි වෙනසක් නෑ. හැම සිද්ධස්ථානයකම අරක් ගෙන ඉන්න මිනිස් බහිරවයෝ ඒ ස්ථාන ජරා ජිර්ණ කරලා.

    ReplyDelete
    Replies
    1. ඔව් ශානු බහුතරයක් තැන් වල ඔහොමයි..අද පත්තරේ දැක්කා හින්දු දහම් පාසලක ගුරුවරයෙක් ඒකෙ ළමයි 5 දෙනෙක්ව අපහරනය කරලා තියෙන එකක් ගැන..

      Delete
  11. මාත් කාලයක් ඔහොම දුක් උනා. කතාත් ලීවා. ඒ කාලෙ ඉවරයි.වෙනී මමත් කියන්නෙ බුද්ධි කී දේමයි.. මෙහෙ උනත් අපි අවුරුදු ගානකට ඉස්සර ලංකාවෙ හාමුදුරුවරු ඉන්න පන්සල අතෑරලා නියම විදිහට සිල් රකින දැක්කත් හිත පැහැදෙන භාවනානුයෝගී තායි බුරුම ජාතික හිමිවරුන්ගෙන් අද අළුතින් බුදු දහම දකිනවා. අතෙන්ට ගියොත් කලකිරෙනව. ඒත් බුදු හිමියන් අපේ හදවත නමැති අරමට වැඩම කලාම ඕවා ඔක්කොම හිතෙන් අයින් වෙනවා. සංඝං සරණං කියනකොට මට හිතට එන්නෙ ආනන්ද හාමුදුරුවො සැරියුත් මුගලන් හිමිවරු මහින්ද හිමියෝ වගේම මේ සිල්වත් යති වරුන්ගෙ රූප.. බුද්ධ දේශනාවෙම කියල තියෙනවා මේ විදිහට පරිහානියට යාම ගැන. ඒක සියළුම සංස්කාරයෝ වගෙම තමයි.. අපි හරි මග යමු.. බුදු දහම තුලින් බුදුන් දකින්න..

    ReplyDelete
    Replies
    1. ඔව් සරත් අයියෙ..අපේ මානසික මට්ටමේ ඉඳන් ඕක කරන්න පුළුවන් සහ ලේසියි..ඒත් බහුතරයකට එහෙම කරන්න බෑ නේද ? ඒ නිසා නේද අද පන්සලෙන් දායකයො ඉවත් වෙලා ඉන්නෙ..ඉස්සරහා තවත් පිරිහෙනවා මිසක්..සුගතියක් වෙයිද ?

      Delete
  12. ඒ ගැන නම් කතා කරලා වැඩක් නෑ. හාමුදුරුවන්ට උපදෙස් දෙන එක ගිහියන්ට අකැපයි නෙව. ඒ නිසා කියන දේ අහගෙන ඉඳලා තමන්ගෙ පාඩුවේ ඉන්නයි තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක ඇත්ත..අපිට බෑ..උපදෙස් දෙන්න..ඒත් තත්වය තත්වාකාරයෙන් වටහා ගන්න ඒ උන්නාන්සෙලාටම ඉඩ දෙමු..

      Delete
  13. වෙනි අයියේ උඹැ මාව මාර අමාරුවකනෙ දැම්මේ ! උඹේ මේ මාතෘකාව දැකලා කොල්ලා ඇහුවා " තාත්තෙ මොකක්ද අනේ අනිච්චන් කියන්නෙ?" කියලා. මාව බේර ගනින්කො දැන්. පස්සෙ එන්නම් ලිපියට අදාල කමෙන්ට් එක දාලා යන්න.

    ReplyDelete
  14. අපේ ආච්චි අම්මලා කම්මුලේ අත තියා ගෙන අනේ අනිච්චං කියලා විස්සෝප උනා..ඒකෙන් කියන්නෙ අපි දුක් වෙන කාරනේ අනිත්‍යය මෙනෙහි කරලම දුක් වෙච්ච එක කියලයි මම හිතන්නෙ..අනේ මේක නෙ අනිත්‍යය කියන එක නේද මේකෙන් අර්ථවත් වෙන්නෙ !

    ReplyDelete
  15. චීවරයකට මුවා වෙලා වැරදි කරන එවුන්ට නම් හරි යන්නෙම නෑ..

    ReplyDelete
    Replies
    1. එහෙව් ආගම වල සරන යන සමාජයම යන්නෙ පහලට..ඒකෙ ප්‍රථිපල නේද අපිට දකින්න වෙලා තියෙන්නෙ ?

      Delete
  16. ඕව ගැන කියනකොට මටත් කට්ටිය කියන්නෙ තම තමං කරන දේ තම තමං අරං යයි කියලයි. ඒත් එහෙම හිතල බලාගෙන ඉන්න එකනං ඒ හැටි හොඳවෙයි කියල මටනං හිතෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. අපේ මුනුබුරන්ගෙ කාලෙ එනකොට කොහොම වෙයිද කියලා හිතා ගන්න බෑ ප්‍රසා මල්ලි..

      Delete
  17. පිටරට පන්සල් වලත් ඔහොම්මම තමයි. දැන් අලුත් වැඩක් තියනවා. පන්සල් වත්ත වර්ගමීටර ගාණට මැනලා, වර්ග මීටර එක ගාණේ සංවර්ධනය කරන්න දායකයෙකුට බාරදෙනව. ගාස්තුව $1000.

    ReplyDelete
    Replies
    1. මෙහෙත් ඔය සෙල්ලම පන්සල් අතර බෝවීගෙන යනවා , මේ ලඟදි ආවා එහෙම එකකට ,වර්ග අඩියක් රුපියල් 3000 ලු.

      Delete
    2. එහෙම සීන් එකක් මම ඇහුවමයි..එහෙනම් මෙහෙ බහුතරයක් පන්සල් ව්ලට ළඟදීම ඔය ලෙඩේ බෝ වෙයි...

      Delete
  18. මට නම් ලංකාවෙ හාමුදුරු නමක් කිව්ව ගමන් චිත්‍රෙ මැවෙන්නෙ අර ගලගොඩ අත්තෙ රෙනසාර කියන,ගණින් නාන්සෙගෙ මුහුණ.
    රියල් බුද්ධ පුත්‍ර වහන්සේලා කමත්වා.....!

    ReplyDelete
    Replies
    1. ඇයි ඒ පිටි පස්සෙ ඉන්න උන්නාසෙලාගෙ මූනු ටිකත් මට මැවිලා පේනවා කෙන්ජි...

      Delete
  19. හාමුදුරුවහන්සේ නමක් දුටු මනතින්ම අපගේ සිත් සතන් නිවී යන දසුනක් වූයේ එදවසයි..අද නම් බහුතරයක් ස්වාමින් වහන්සේලා දුටු විට සිතෙන්නේ සිවුරක් දරා සිටින අසහනකාරයෙකු වැනි හැඟීමකි// දහසක් දේවල් මේ වාක්‍ය ඇතුළෙ තිබෙනවා.හොඳම ලිපියක්

    ReplyDelete
    Replies
    1. මම හිතුවා මට විතරයි එහෙම පේන්නෙ කියලා..මේක පොදු හැඟීමක් කියලා දැන් හිතෙනවා...

      Delete
  20. වෙනස් වෙන ලෝකේ වෙනස් නොවන එකම දේ වෙන වෙනස්වීමෙන් හාමුදුරුවන්ටත් ගැලවීමක් නෑ වෙනි අයියේ.. ඒ ඇත්තොත් අපි වගේ පෘතග්ජනයො නොවැ.. අන්න අර බුද්ධි කියලා තියන විදිහට කරන්න. එතකොට හරි කියලා මටත් හිතෙනවා.. අනුන් කරණ කියන දේවල් නෙමේ අපි කරණ කියන දේවල් ගැනම හිතමු..

    ReplyDelete
    Replies
    1. ඔව් සෙන්නා ඒක තමයි කෙරෙන්නම ඕනි..එතැනයි සැනසීම..ඒත් එක නිසා වැනසීමට ලක් වෙන තැන !

      Delete
  21. සහතික ඇත්ත වෙනි අයියේ. මටත් පොඩි පහේ සීන් අකක මතක් වුනා අපේ පැත්තේ වෙච්ච මේ ලිපිය හරහා.

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි බහුතරයක් තැන් වල වෙන සිද්ධියක් තමයි මේක..ඒක ලියන්න එහෙනම්..

      Delete
  22. පන්දාහක් දෙන්න කියහං පොටෝ ගහන්න

    ReplyDelete
    Replies
    1. හුහ්..මේ කියලා දෙයි...සීඩී ටිකත් මයෙන් තමයි..

      Delete
  23. ඕවා ගැන කියනවනම් කියන්න දේවල් ඕන තරම් තියෙනවා වෙනී අයියේ.. ඒත් ඉතින් ඒකෙන් වෙන්නේ අපි අදහන ආගම ගැන අපිම දොස් පවරන එක..

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි දොස් පවරන එක තමයි වෙන්නෙ..ඒ තත්වෙට තල්ලු කරපු අය ?!

      Delete
  24. මම හිතන්නෙ පන්සලට/පල්ලියට වඩා අපි වෙනස් වෙලා ඉස්සර පැය දෙකතුනක් හිත පහන් වෙනකම් හිටියට දැන් ඉන්න වෙලාවක් නෑ.

    ReplyDelete
    Replies
    1. බහුතරයක් පන්සල් පල්ලි වලට ගිහින් අද හිත පහන් කර ගන්න පුළුවන්ද ?

      Delete
  25. ඒකෙ රෙජිස්ටර් වෙන්න ඕනි ඇයි බ්ලොග් එක සින්ඩියට දා ගන්න..?

    ReplyDelete
  26. මටත් හිතෙන්නේ සිවුරෙ ඉඳගෙන වැරදි කරන හාමුදුරැවන්ට වඩා හැමදාම පන්සල් නොගියත් ගාථා හැමවෙලේම නොකිව්වත් අපි සිල්වත් කියලා. ඔය සුරා මේරය,පොඩි බොරැවක් කීම වැනි අකුසල ඉදල හිටලා සිද්ධ උනාට.

    ReplyDelete
    Replies
    1. බොහෝ විට..ගිහියො සිල්වත් වෙනවා අද කාලෙ උන්නාන්සෙලාට වඩා...

      Delete
  27. බුදුන් වදින්න යනකොට හාමුදුරුවන්ගෙන් පරිස්සම් වෙලා යන්න ඕන තැනට වැඩ සිද්ද වෙලා තියෙන්නේ දැන් ඇත්තටම

    ReplyDelete
    Replies
    1. බහුතරයක් තැන්වල..ඔහොමයි තත්වෙ කියලා මාධ්‍යය වලින් අහන දකින දේ වලින් හැඟෙන්නෙ...

      Delete
  28. ඈ වෙනියෝ උඹ අද ඇඳේ වැර‍දි පැත්තෙන්ද නැගිට්ටේ. මේ එක පාරට අපිටත් තේරුම් ගන්න පුළුවන් පෝස්ට් එකක් දාලා තියෙන්නේ?

    මේවා වෙනස් කරන්නත් පුළුවන් අපි අපිටමයි වෙනී. හැමදේම සාවධානව අවබෝධ කරගෙන හිටියා නම් මේ තරම් හාමුදුරුවරු උනත් දූශිත වෙන එකක් නෑ

    ReplyDelete
    Replies
    1. අපිටත් වඩා එහෙම ඉන්න ඕනි උන්නාන්සෙලා කොරන දේ දුටුවහම..ඇඳේ වැරදි පැත්තෙන්වත් බහින්න හිතෙන්නෙ නෑ රංගි..නිදාගෙනම ඉන්නත් හිතෙනවා...කියන්න යන අපිනෙ වැරදි වෙන්නෙ අන්තිමට...

      Delete
  29. මෙතන තියෙන්නේ චන්දෙට ඉදිරිපත් වෙන හොරාද, නැත්නම් ඌට චන්දේ දෙන උන්ද වැරදි වගේ කතාවක් යයි සිතේ

    ReplyDelete
    Replies
    1. හැම දේකටම දේශපාලනයේ සම්බන්ධකම් හියන කෙනෙකුට එහෙමත් හිතන්නත් පුළුවන්..

      Delete
  30. උබ හාමුදුරුවන්ගේ නිර්මානාත්මක හැඟීම් වලට බනිනවා බන්, බලහන් අපේ ගමේ පන්සලේ හාමුදුරුවෝ බලහන්.අපි ඉංගිරිස් ඉගෙනගත්තේ උන්නාන්සේගෙන්...ඔය උසස්පෙළ කරලා ගෙදර ඉන්න කාලේ.දැන් බලපන් පන්සලේ ඉඩම් බල බුදල් බල කරු හිටියේ අපේ තාත්තගේ මිත්‍රයෙක් වෙන නීති ව්ර්තුකයෙක්..මිනිහ කොටස් වෙළදපල ආයෝජනය ගැන ඉගෙනගන්නේ හමුරුවොගෙන්... හාමුදුරුවෝ සාර්ථක ඉන්වෙස්ටර් කෙනෙක් කියල මිනිහ කියනවා . . . . ඔන්න කනෝ පිනුම් . . .

    ReplyDelete
    Replies
    1. බනිනවා කියන එකට වඩා මෙතන මම පිටකලේ කලකිරීමක් මඟියො..මම පාවිච්චි කල බහුතරයක් කියන වචනෙ මඟ ඇර ගත්තට මම පලිද ඉතින් ? තවමත් සුළුතරයක් ඉන්නවා ඒ දේ කරන...

      Delete
  31. පන්සල්වල වෙන විකාර දැකලාම මේ පලාතේ පන්සල්වලට නම් යන්නෙම නැහැ. වයිෆ් ගිහින් දානයක් එහෙම දීලා එනවා.

    එක වෙලාවකට හිතෙනවා බන්.....හැම දෙයක්ම වෙනස්වෙන ලෝකේ පන්සල විතරක් නොවෙනස් වෙයිද කියලා.

    ReplyDelete