http://www.wholesaletip.com/image/43/detachable-3-parts-plastic-horn-43462_1.jpg
"අම්මේ නලාවක්.."
"කෑ නුගහ ඉඳින් තව කොයි තරම් දේවල් තියෙනවද ගන්න උඹට ඔය නලාව ලොකු උනාට"
නලා කාරයා ළඟ ඇති විවිධාකාරයේ නලා ගොඩ දෙසට නෙත යොමා සිටින කුඩා පිරිමි ලමයෙකි. අම්මා යැයි සිතිය හැකි කාන්තාව තමා අසල වූ කීර ගොඩ මතට බූලියෙන් වතුර ගෙන ඉසින්නට වූවාය.
"ආ එන්ඩ එන්ඩ එන්ඩ..ලාබයි ලාබයි හොඳම එකෙන්..ගන්න නෝනා තෝරන්න දෙයක් නෑ සේරම හොඳම ඒවා"
"කොල්ලො අර එහාට පලයන් ඔතන පලා ගන්න එන මිනිස්සුන්ට හරස් කරන්නෙ නැතුව.."
පීප්..පීප්..ප්‍රෝක්.
හඬින් නලා කරුවා තම අතවූ එක එක නලාව මුව මත රඳවා මවන නාද රටා වලට වසඟ වූ කොලු ගැටයා නොදැනුවත්වම තම මහපටැඟිල්ල මුව තුලට රුවා ගෙන උරන්නට වීය. පෙර දින රැයේ තම පියා විසින් ඇඟිල්ලේ තවරන ලද කොහොඹ යුෂ වල නියපොතු තුලට උරා ගත් කොටස කටට දැනුනද කිසිම හැඟීමකින් තොරව නලා ගොඩ දෙස බලා සිටින්නට වීය.
මව අසල එක් රොක් වූ සෙනඟ කන්දරාව කීර ගොඩ එහාට මෙහාට පෙරලමින් කීර මිලදී ගනී. කොතරම් හොඳට බිස්නැස් තිබ්බත් තමන්ට නලාවක් ගැනීම නම් සිහිනයක් බව හොඳින්ම දන්නේ කොලු ගැටයා පෙනහැල්ල පතුලේ සිටම උඩට නැගගත් සුසුමක් හෙළුවේය.
මම ලොකු උනහම නලා වෙළෙන්දෙක් වෙනවා කොහොම හරි..යන දැඩි අදිටනින් යුතුව ඔහු එතනින් මෑත් වන්නට තැත් කලේ පලතුරු කඩ පේළිය දෙසට යන්නටයි..මන්ද බොහෝ සෙනඟ රැඳෙන මේ වෙලාව පලතුරු කඩයේ තේරී බේරී අයින් කරන පලතුරු වලින් හොඳ ඒවා තෝරා ගෙන බඩ කට පුරවා ගැනීමට හොඳම වේලාව මෙය බව ඔහු දන්නා බැවිනි.
අනිත් පසට යන්නට හැරෙනවාත් සමඟම ඔහු තමා පසු පස හුන් කෙනෙකුගේ ඇඟේ හැපෙනවා දැනුනු. වැටෙන්නට ගොස් එයින් ගැලවුනේ ඇඟේ හැපුනු මැදිවියේ හුන් තැනැත්තා ඔහුගේ බාහුවෙන් අල්ලා ගත් බැවිනි.
"බලා ගෙන යන්න පුතා"
උඩ බැලූ ඔහුට පෙනුනේ දින ගනනාවකින් නොකැපූ රැවුලකින් යුත් මැදිවියේ හුන් තැනත්තා තමන්ගේ බාහුවෙන් තවමත් මෘදුව අල්ලා සිටින බවයි..දෑස් මදක් රත් පැහැගෙන තිබුනේ තම පියා සෑම දිනකම වාගේ බීගෙන එන විට තමා දකින ඔහුගේ දෑස් නිසා මෙම තැනත්තාද අරක්කු බී ඇති බව ඔහුට නිසැක වීය.
ගොරෝසු අතින් තම බාහුව මුදවා ගෙන ඔහු පලතුරු කඩ පේළිය දෙසට යන්නට වීය. පොළේ අවසාන කෙළවරේ වූ පළතුරු කඩ පේළිය ට එහා වූයේ එළවළු පලතුරු ආදිය ගෙනවිත් ගිමන් නිවන ලොරි පේළියයි. මහේශාක්‍ය ලීලාවක් ගෙන තිබූ විවිධාකාරයේ චිත්‍ර හා තමන්ට පාසලේදී උගන්වා තිබුනු සමහරක් හඳුනා ගත හැකි අකුරුවලින් මොන මොනවාදේ ලියා ඇති එම ලොරි ඔහුට ගෙනාවේ ගෞරව සම්ප්‍රයුක්ත හැඟීමකි. සමහර ලොරි වල ඩැයිබර් මාමලා ඉදිරි අසුනේම නිදා සිටි අතර..සමහර ඒවා ඔහේ හිස්ව තිබුනි.. මමත් කවදා හරි ලොරියක් අරගෙන ඒකෙ ඩැයිබර් මාමා කෙනෙක් වෙනවා..
සිතූ ඔහු වැට අයිනට වී එක පෙළට නවතා තිබූ ලොරි සමූහය නරඹන්නට වූයේ තමා අනාගතයේදී මිලදී ගන්නේ කුමන වර්ගයේ ලොරියක්ද යන්න තීරනය කිරීමේ භාරදූර වගකීම අතදැරූවෙක් මෙනි.
බලමු ගන්න හොඳම ලොරිය මොකද්ද කියලා සිතමින් ඔහු පලතුරු අයින් කරන කූඩය වෙත ගොස් එහි වූ මල් කෙසෙල් මල් ඇවරි දෙක තුනක් ගෙන එකක් කිහිල්ලේ රුවා ගනිමින් අනිකෙහි වූ හොඳ කෙසෙල් ගෙඩි එකින් එක කඩා ගෙන ලෙලි ගසා කන්නට වීය..ඔහු වඩාත් කමති පාට වූයේ රතුය. ඒ නිසාම රතු පැහැය වැඩියෙන් තිබූ ලොරි කීපය දෙස බලමින් ඔහු වැට අයින දිගේ එහාටත් මෙහාටත් ගමන් කරන්නට වූයේ ලොරි තුනක් අතරින් කුමන එක තෝරා ගන්නේද යන්න පිළිබඳ අවසාන නිගමනයක එළඹී ගත නොහීය.
තමා අත වූ අවසන් කෙසෙල් ගෙඩිය කම්දෝ නොකම්දෝ සිතමින් ලොරි අතර අතරමංවූ සිතින් යුක්තව ඔහු පියවි ලොවට පිවිසියේ තමන් අසල කවුරුන්දෝ ගැවසෙනවා යන්න හඟිමිනි. පසුපස බැලූ ඔහුට පෙනුනේ නලා වෙළෙන්දා අසලදී තමන් ඇඟේ හැපුනු පුද්ගලයා තමන් දෙස බලා නගන සිනහවයි. බුලත් විට වලින් රත්වු දෙතොල මතින් පිපියේ අමුතුම සිනහවකි. තමන්ගේ පියාගේ තරම් වයස වන්නට ඇතැයි ඔහුට සිතුනේ ඔහුගේ බොත්තම් නොපියවූ කමිසය තුලින් පෙනුනු පපුවේ මවිල් ගස් භාගෙට භාගයක් සුදු පාට වී තුබූ නිසාවෙනි.පසුම්බියකින් බරවූ කමිස සාක්කුවේ උඩ කොටසින් එළිය ඇදී තිබුනේ නලාවක වන් බටයකි..නලාවක්ම තමයි..ගෙදර ඉන්න පුතාට වෙන්න ඇති..
"පුතාට නලාවක් දෙන්නද ?"
ඔහු කඩිනමින් තමා ළඟට විත් නැවතත් තම බාහුව අල්ලා ගත්තේ අර ගොරෝසු හැඩි දැඩි අතෙනි..
අනිත් අතින් සාක්කුවේ වූ නලව තම අතට ගෙන ඔහු වෙත දික් කලේ සෙනහසකිනි. මුවින් නික්මෙන මත්පැන් ගඳ සහ බුලත් විට සුවඳ අතර කොලු ගැටයා තෝන්තු වී ගියාක් මෙනි.
ගන්නවද නැද්ද ...ගන්නවද නැද්ද ? ගන්නවද නැද්ද ?...තමන්ගේ හදවත දෙමෝලකින් කොටන වංගෙඩියක් මෙන් ගැහෙන්නට වීය..
"ගන්න පුතා මාමනේ දෙන්නෙ..ආ"
ඔහු නලාව තමන්ගේ අතේ රැඳවීය..සති ගානක් තිස්සේ සිහින මව මවා සිටි නලාවේ මිටේ පහස තම මහපටැඟිල්ල සහ දබර ඇඟිල්ල අතරට දැනෙන විට කිව නොහකි තරමේ හැඟීම් සමුදායකින් ඔහු සිත පිරී ගියේය... ඒ සමඟම තම අතවූ කෙසෙල් ගෙඩිය අතින් මිදුනේ අසල වූ කුණු කානුවට පෙරලී ගියේය..
.
"ආ..කෙසෙල් ගෙඩිය වැටුනා නේද කානුවට? ඉන්න පුතා මම ඔයිට වඩා හොඳ කෙසෙල් ඇවරියක්ම පුතාට දෙන්නම්කො..එන්න යන්"
ඔහු තමන්ගේ බාහුව තරයේම අල්ලා ගෙන නැගී සිටියේය..
"කොහෙටද ?"
"අර ලොරියෙ පිටි පස්සෙ තියෙනවා ඉදිච්ච කෙසෙල් ඇවරි ගොඩාක්"
"අර රතු ලොරියද ?"
"ඔව් ඔව්"
ඒ තමන්ගේ ප්‍රියතම ලොරි තුනෙන් එකකි..
බාහුවෙන් අත හැරියද යෑමට කැමැත්තෙන් ඔහු තමන්ගේ නව මිතුරා පසු පස වැටුනි..ලොරියේ පසු පස ලෑල්ල පහතට දමා ඔහුගේ කිහිලි වලට අත දමා ඔසවා නොතැබුවානම් තමන්ට කිසි දිනක මෙම උස තනිවම නැගිය නොහැකි බව ඔහු දනී..
"එන්න පුතේ"
සැබවින්ම ගෝනි ගොඩක් එක තැනක ගොඩ ගසා තිබුනි..අනෙත් පස වූ කෙසෙල් ඇවරියක් ගෙන ඔහු වෙතට දික් කලේය.. එයින් එකක් කඩා ගෙන කන්නට වූ කොලු ගැටයා ලොරිය තුල වූ අනිත් දෑ නරඹන්නට වූයේ..මඳ අඳුරේය..
"එන්න පුතා මෙතනට ඇවිත් ඉඳගෙන කන්න"
ඒ වනවිටත් මාමා ගෝනි ගොඩ මත ඉඳගෙන කෙසෙල් ලෙලි ගසන්නට වීය
කොලු ගැටයාද ඔහු අසලට වූයේ..
"නලාව හොඳද ?"
ඔහු සෙමෙන් කියමින්..කොලු ගැටයාව තමන් දෙසට ඇද ගත්තේය..එක අතක භාගයට කා තිබූ කෙසෙල් ගෙඩියද අතේ මිරිකෙමින් තිබුනේ..ඔහුට මහත් බියක් දැනෙන්නට වීය...
"මම පුතාට තව සෙල්ලම් බඩු අරන් දෙන්නම්"
"කාටවත් කියන්න එපා"
බොහෝ අවස්ථාවලදී තම පියා බීමත්ව පැමින අතොරක් නැතුව තමා සිප ගන්නවාටත් වඩා දැඩිව ඔහු තමන්ව සිප ගන්නේ..මන්දැයි ඔහුට නොතේරේ..තමන්ගේ මුළු ශරීරයම අතගාමින් ඔහු කරන දේ හරියටම තේරුම් ගැනීමට නොහැකිවූවද තමා අසරණ බව ඔහුට දැනුනි..මෙසේ තමා පැමිණීමෙන් කලේ මහත් වැරැද්දක් බව හඟින්නට වූවත්..එයට විරුද්ධ වීමේ පලක් නැති බව ඔහුට තේරුනෙන් ඔහු නිහඬව කිසිම හැඟීමකින් තොරව අඳුරු වූ ලොරියේ වහලයේ වු යකඩ රාමු වල ගැට ගසා ඇති වෛවර්ණ ලණු කැබලි දෙස බලා සිටියේය.. මෙයට විරුද්ධ වූවොත් තමාට දුන් නලාව ආපසු ගනු ඇතැයි ඔහු බිය වීය...
රත්වූ යවටක් වැනි යමක් තමන්ගේ දෙකකුල් අතරේ චලනය වෙද්දී දහඩිය ගඳ, මත් පැන් බුලත් විට හා සිගරැට් ගඳ එකතු වූ අප්‍රියජනක ගඳකින් තම නහය වසා ගෙන ගියේය..බිම තිබෙන ගෝනි වලට හිර වූ තමන්ගේ කොන්ද රිදුම් දේ..මෙය කොතනින් කෙලවර වේද යන්න නොදැන ඔහු ඔහේ බලා සිටියේය..මොහතකින් නිසොල්මන් වූ මාමා නැගිට පසෙක වැටී තිබූ තම සරම ගෙන ඔහුගේ කලවා හොඳින් පිස දැමූවේය..කොලු ගැටයාට වමනය කිරීමේ තදබල අවශ්‍යතාවයක් තිබුනත්..ඔහු උගුර තද කරගෙන අකම්පිතව සිටියේ ඊළඟට සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳ විමසිල්ලෙනි..
"කාටවත් කියන්ඩෙපා හොඳේ..මම නලාවකුත් අරගෙන දුන්නනෙ"
හිඳ ගෙන සිටින කොලු ගැටයාගේ දෙවුරින් සොලවා ඔහුගේ මූණට එබෙමින් ඔහු කියයි. කොලුවා මාමගේ උක්කුටිය දෙස බැලූයේ..රත් වූ යවට හුලං ගිය බැලුමක් මෙන් එල්ලෙමින් තිබුනේය..
"දැන් යන්න පුතා..මම ලොරියෙන් බස්සන්නම්"
"ඊළඟ සැරේ පොළටත් එනව නේද පුතා ?"
ලොරියෙන් බිමට බැස්සවීමට පෙර තමන්ගේ මූහුනේ රැවුල් කොට වලින් අනිමින් සිප ගනිමින් ඔහු කොලු ගැටයාගෙන ඇසීය..
"මම බලා ගෙන ඉන්නම් එනකම්"
සිහිනයකින් මෙන් එම ඉසව්වෙන් ඉවත් වූ කොලු ගැටයා සෙමින් තමන් සිටි පියවි සිහිය ලද්දේ...තමන් වෙතින් තවමත් දහඩිය ඔහුගේ දහඩිය මත් සහ බුලත් විට ගඳ වහනය වන බැව් දැනෙන්නට වීය...
ලොකු සුසුමකින් ලය පුරවා ගෙන හිත හිස් කල ඔහු තවමත් තම අත වූ නලාව දෙස බැලුවේය..
අනේ ඒක පුපුරලා..මට තිබ්බේ ලොරියෙදි කලිසම් සාක්කුවෙන් අරගෙන පැත්තකින් තියන්න...
නලාව පිපුරූ තැන ඇඟිලි දෙකින් තද කරගෙන ඔහු එය මුව තුල රඳවා පුරවා ගත් සුලන් පොද වේගයෙන් පිට කලේය..
පෲඌඌඌප් හ්...
හඬක් එයින් ඔහුගේ සවන් මත වැටුනි...
පී...පී...
ප්‍රෝක්..
යන සුපුරුදු නලා හඬ මැද්දේ මෙයත් නලා හඬක් යන්න ඔහුට වැටහුනේ..තම දෙතොල් මත සිනා මලක් පිපුනේය..
ඔහු නැවත වරක් හැරී රතු පාට ලොරිය දෙස බැලුවේය...
-----------------------------------------------------------------------------------------
නිමි කියා අවසන් කල නොහැකි තවත් එක කතාවක් බව පමණක් පැවසීමට මට අවසර දෙන්න...
ඉස්සර මම සිස්සත්තෙ ලියන දවස් වල ටවුමෙ තිබ්බ පන්තිය ඉවර වෙලා හැමදාම ආවෙ ගිය ලංගම බස් එක එළෙව්වෙ එකම ඩැයිවර් මාමා කෙනෙක්...එයාගෙ සීට් එකට පිටිපස්සෙ තිබ්බ බැටරි පෙට්ටියට තමයි පුංචි අපි ඉස්සර පොර කෑවෙ...ඒ විදියට ටික කාලයක් යද්දි ඩැයිවර් මාමා අපිත් එක්ක හොදට හිතවත් උනා...හෝන් එක ගහන්න උවමනා උනාම බස් එකේ අයිනකට වෙන්න ලිවරයක් ආකාරයෙන් හදලා තිබුන හෝන් එක නාද කරන්න පැවරුවෙත් අපිට...ඒ ලස්සන අතිතය තමයි අද මට මතක් වුනේ..මේ නලා කථාවෙන්....
ReplyDeleteලෝකයේ හොඳක් නරකක් නොතේරෙන කාලෙ අපි දුටු ඒ අතීතය මගේ හිතෙත් හරියට හොල්මන් කරනවා සිරා මල්ලි..
Deletekorale dala ballekuyi kellekuyi gana meya dala kollekuyi kollekuyi gana..... bola apita sanasille nidagannawathdenne nadda bola........
ReplyDeleteකෝරලේ මලයා මමයි මේ දාපු ලිපි දෙක එක ළඟට වැටුනෙ නම් අහම්බයකින්ම තමයි මැලේ...
Deleteමට හිතුන මිනිහ එන්නෙ ඔතෙන්ට බව.ඔය සිදුවිම සමාජෙ සැහෙන්න තියෙනව.එලියට එන්නෙ නැ.විශෙශයෙන් නුගත් දෙන්නම වැඩට යනදෙමවුපියන්ගෙ දරුවන්ට.ෂික්
ReplyDeleteහය හතර
ඔව් මල්ලි, ගොඩක් තියෙනවා පොඩි උන් නිහඬව දරා ගෙන ඉන්නවා...ඒ ශෝකාන්තයක් තමයි මට එළියට ගන්න ඕනි උනෙත්...
Deleteලමයී පරිස්සම් කරන්න ඔන අපේ ජීවිතේ මොන දේ කැප කරල හරි.මේ වගේ කතා අහන හැම වෙලාවකම මතක්වෙන්නෙ ඒක. . .
ReplyDeleteඔව් මඟියා ඒක තමයි වැදගත්ම දේ...පොඩ්ඩක් එහෙ මෙහෙ උනොත් හොඳක් නරකක් නොතේරෙන පොඩි උන්ට කොහොම කියලා තේරුන් කරලා දෙන්නද ?
Deleteලමයින්ව ගොඩක් හොදට පරිස්සම් කරන්න ඕන කියන්නේ ඔය හින්දම තමයි.. හැමදාම වගේ කතාව සාර්ථකයි ලස්සනයි වෙනී අයියේ..
ReplyDeleteළමයින්ව හොඳින්ම තේරුම් ගන්නවා වගේම වෙන තියෙන අවදානම් ගැන දැනුවත් වෙලා ඒවට මූන දෙන්න සන්නද්ධ වෙල ඉන්නවා නම් ගොඩක් ප්‍රශ්න අඩුයි මල්ලි..
Delete//නිමි කියා අවසන් කල නොහැකි තවත් එක කතාවක් බව පමණක් පැවසීමට මට අවසර දෙන්න...//:((
ReplyDeleteදුක උනත්...ඇත්ත ඒකයි..මේක කිසිදා ඉවර නොවන කතාවක්...
Deleteඑක විනාඩියකට, එක පැයකට, එක දවසකට, මේ අපගේ උතුම් සිරිලංකාවේ මෙවැනි සිදුවීම් කොච්චර වෙනවා ඇද්ද? නමුත් එලියට එන්නේ කීයෙන් කීයද? මට පෙන්නන්න බැරි රටටම ඇහෙන්න දවස පුරා රේඩියෝ එකේ බණ දාගෙන ඉන්න එවුනුත් මේ වගේ වැඩ කරන එකයි.
ReplyDeleteඔව් විචාරක දවස තිස්සෙම අනුන්ට ඇහෙන්න බණ දාගෙන නම් ඉන්නවා..ඒ අනිත් අයට පෙන්නන්න මිසක් ඒකෙ හරයක් තමන්ට ගන්න නෙවෙයිනෙ...
Deleteඅති සාර්ථකයි වෙනි අයියේ, සමාජයේ අද මේ කතා සුලබයි, නොදැන අමාරුවේ වැටෙන ළමයි ගැන මීට වඩා සෙවිල්ලෙන් ඉන්න පුළුවන් නම් හොඳයි.
ReplyDeleteළමයි ගන ළමයින්ගෙ පොඩි පොඩි හීන ගැන පොඩ්ඩක් දැනුමින් ඉඳලා අවධානය යොමු කරනවා නම් මේ බොහොමයක් නොවෙන්න තිබුනා..
Deleteමේ කෞමාරකාමය (Paedophilia), එහෙමත් නැතිනම් ළමයින් වෙත ඇති ලිංගික විකෘති ආශාව සමාජ පිළිලයක්.
ReplyDeleteමෙයට පිරිමි ළමයි, ගැහැණු ළමයි වෙනසක් නැතිබව පේනවා රටේ ලෝකේ වාර්තාවෙන දේ බලන කොට.
සමලිංගිකත්වය තමා මෙව්වට මුල.... කකා ඉතින් හොදට මේවා ගැන දන්නවනෙ...
Deleteසමලිංගිකත්වය සහ ළමා අපයෝජන ගැන කතන්දර විතරක් නෙවෙයි අද මුළු මහත් සමාජයම දැන ගන්න ඕනි. කුඩා දරුවො පවා දැන්වත් කරලා තියන්න ඕනි මේක වලක්වන්න නම්..
DeleteThis comment has been removed by a blog administrator.
Delete@ Anonymous October 29, 2013 at 9:39 AM
Deleteඅනේ මෙහෙමත් මෝඩකමක්. මං මේ ගැන ලිපියක්ම ලිව්වා, ඒත් ගණදුරු දුරු වෙන්නේ නෑ.
http://kathandara.blogspot.com/2013/08/my-two-cents-worth-about-rights-of.html
මනුස්සයෝ, සමරිසි කියන්නේ සමානඅයට ඇති රුචිකත්වය ගැනයි. වැඩිහිටියෙක් ළමයෙක්ව (ගෑණු හෝ පිරිමි) අපයෝජනය කිරීම කෞමාරකාමයයි.
@ Weni
Delete/* කඩ දරව පව දනවත කරල තයනන ඕන ක වලකවනන න.. */
පොඩි කාලේ අම්මලා කිව්වේ නැද්ද අතර මගදී කවුරු හරි සීනි බෝල දුන්නට ගන්ණ එපාය කියලා? අපිට කීවේ ඒ ගෝනි බිල්ලෝ ළමයින්ව කරෝල වාඩි වලට අල්ලාගෙන යන්න කරන වැඩක්ය කියලායි, නමුත් ඇත්තම අදහස මේ ගැණ බය කරන්න විය යුතුයි.
කශූ ඇනොලගේ ගනඳුරු දුරු උන දවසට අනිත් පැත්තෙන් ඉර පායයි !
Deleteඔව් ඒ කාලෙ අපේ අම්මලා තාත්තලා එහෙම නාඳුනන අයට අපිව බය කලේ ඔය අරමුණත් එක්කම වෙන්න ඕනි..අනික ඇත්තටම කරවල වාඩි වල වැඩට අල්ලන් යන සීන් එකකුත් තිබුනනෙ..අද ළමයින්ව එහෙම බය කරන්න බෑ..ඒ අය ගොඩක් දැනුවත් ඒත් දෙමවිපියන්ගෙ ලිංගිකත්වය ගැන තියෙන ආකල්ප මත ඒ ගැන කතා කරන්නෙවත් නෑ..ඒකයි නියම දැනුවත් කිරීමක් වෙන්න ඕනි !
\\සමලිංගිකත්වය සහ ළමා අපයෝජන ගැන කතන්දර විතරක් නෙවෙයි අද මුළු මහත් සමාජයම දැන ගන්න ඕනි. කුඩා දරුවො පවා දැන්වත් කරලා තියන්න ඕනි මේක වලක්වන්න නම්..\\
Deleteමට මේකෙන් කියන්න ඕනි උනේ කතන්දර දැනුවත් මේ ගැන සහ කතන්දර අන් අයවත් දැනුවත් කරන්න කල යුතු දේ කර හමාරයි..ඒ වගේ අනිත් අයත් දැනුවත් විය යුතුයි කියන එක..
ඇත්තටම වෙනී අපි අහල තියෙන විදියට හැම මිනිසුන් හා ගැහැනූන් සීයක් අතරින් දහ හතරකට අධීක පුමාණයක් කුඩා කල ලිංගික අපයෝජනයකට ලක් වේලා තියෙනවා. සමහර විට අපි දන්නවා වගේ කොහොමත් සංඛ්‍යාෙල්ඛණ වලට වඩා ඇත්ත තත්වය හාත්පසින්ම වෙනස්. කකා කිව්ව වගේ මේක සමාජ පිළිලයක්. මේ ගැන කතා කරන්න හොදම කෙනාට එන්න කියන්න වෙනවා..
ReplyDeleteඔව් සමාජ පිළිලයක්..ඒක පැතිරීම අවම කරන්න කලයුතුදේ දෙමව්පියන්ගෙන් ගෙදරින් පටන් ගත යුතුයි කියන එකයි මට කියන්න ඕනි උනේ දේශකයා...
Deleteළමා ලිංගික අපයෝජනය අද අපේ රටේ දැවෙන ප්‍රශ්නයක් බවට පත්වෙලා. දේශකයා කිව්වා වගේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන කියනවා ශ්‍රී ලංකාවේ පුරුෂයින්ගෙන් 14% ක් ළමා කාලයේදී ලිංගික අතවරයට ලක්වෙනවා කියලා. මේ තියෙන්නේ හෙළිදරව් වුන තොරතුරු විතරයි. තව හෙළි නොවුන සිද්ධීන් මේ සංඛ්‍යාවට අයිති නෑ.
ReplyDeleteමේ ලිංගික අක්‍රමතාවයට කියන්නේ කුමරකාමය (pedophilia) කියලා. නමුත් මෙවැනි රෝග වලින් පෙළෙන්නන් ප්‍රතිකාර වලට යොමු වෙන්නෙ නැති තරම්. ඒ නිසා මෙවැනි තත්ත්වයන් වලක්වාගන්න කරන්න පුළුවන් දේ තමයි දරුවන්ට තමන්ගේ ආරක්ෂාව පිළිබදව කියා දීමත්, දෙමාපියන් දරුවන් ගැන අවධානයෙන් සිටීමත්.
විශේෂයෙන්ම දරුවන්ට පවුල තුල අවශ්‍ය රැකවරණය සහ ආදරය ලැබෙනවා නම් දරුවන් මෙවැනි තත්ත්වයන්ගෙන් බොහෝ දුරට වලක්වා ගන්න පුළුවන්.
ලිංගික හිංසනය ගැන මම පෝස්ට් එකක් ලිව්වා. ඒකෙ තවත් තොරතුරු ඇති.
වෙනදා වගේම ගොඩක් හිතට දැනෙන නිර්මාණයක් වෙනි අයියේ.
ප්‍රදීප් මල්ලිලා කරන ඔය සේවය සාර්ථක වෙන්න දෙමව්පියො දක්වන උනන්දුව අඩුයි කියන එකයි මට නම් හිතෙන්නෙ..ඒත් මල්ලිලා අද කරන දේ ප්‍රතිපල අපිට හෙට සහ නුදුරු අනාගතයෙදි සුභවාදීව යහපල ගෙනේවි අනිවාර්යෙන්ම..
Deleteවිකෘති ආශාවන්ට පොඩි එවුන් ගොදුරු වෙන්නේ වැඩිහිටියන්ගේ නොසැලකිල්ල සහ නදනුවත් කම නිසයි
ReplyDeleteමේකත් බලන්න ඔවැනිම ලිපියක් http://chithula.blogspot.ae/2013/10/18_28.html
Deleteඋඹලා දෙන්නා කතාවෙලා ලිව්වා වද්ද මේ පෝස්ට් දෙක එකටම?
Deleteඔව් මම මැලේ කීව ගමන්ම ගිහින් කියෙව්වා..මේක අහම්බයක් හෙන්රි..
Deleteනලාව අරගෙන එනකොටම මට හිතුන ඔතෙන්ට තමයි එන්න හදන්නෙ කියල. නිර්මාණය සාර්ථකව තියෙනව වෙනී අයියෙ. ඒත් සැබෑ සමාජයෙ ඕක නිර්මාණයක් නෙමෙයි කියන්න වෙන එකනං බොහොම කණගාටුදායකයි.
ReplyDeleteඔව් ප්‍රසා මල්ලි තේරෙනවනෙ තාත්තෙක් හැටියට දෙමව්පියො ඔය ගොල්ලන්ට තියෙන වගකීම මේ වගේ සිද්ධීන් ගැන..හොඳ නරක තේරෙන වයස එනකම් බොහොම පරිස්සමින් බලා ගනින් මල්ලියෙ..
Deleteඅපේ රට ගැන කතා කරල වැඩක් නෑ මචන්.... පිරිහෙනව.....
ReplyDeleteඅදහන්න බැරි තරමටම පිරිහෙනවා..නීතිය අතින් උනත් ලැබෙන බුරුල තමයි මේකට වග කියන්න ඕනි..
Deleteඋඹේ ලිවිල්ල නම් පට්ට..... මේවා මේ ධර්මද්වීපයේ සාමාන්‍ය දේවල බවට පත්වෙලා.. උතුම් බුද්ධ ධර්මය දේශණා කොරන තැන්වල තමයි වැඩේ වැඩියෙන්ම නැගලා යන්නේ.. මම රටේ පාලකයනම් ඉස්සෙල්ලාම කොරන දෙයක් තමයි.. අවුරුදු 18 පහළ දරුවො මහණ කරන එක නවත්තන එක..
ReplyDeleteඒක තව පැත්තක් මාතලන්..ඛේදනීයයි ඒකත්..හැම ආගමකටම ඇතුළු වෙන පොඩි ළමයින්ට මුහුණ පාන්ඩ වෙන ඔය පැත්ත ගැන හරි හමන් අධ්‍යයනයක් කෙරිලම නෑ මයෙ හිතේ...
Deleteදැන් කාලෙ මේ වගේ දේවල් කොච්චරනම් අහන්න දකින්න තියෙනවද?හැංගිලා තියෙන එහෙම්ම යට යන දේවල් කොච්චරනම් තියෙනවද?ඇත්තටම හරිම සෝචනීයයි.මිනිස්සුන්ට මොනවා වෙලාද කියල හිතෙනවා.
ReplyDeleteඔව් රජ වීදිය..මිනිස්සු සංවේදීකමින් ඈත් වෙලා...තමන් කරන දේ අනිකාට දැනෙන්නෙ කොහොමද කියලා හිතන්න බැරි තරමටම..සංවේදීතවයෙන් ඈත් වෙලා..ඈත් කරවලා මේකට වග කියන්න ඕනි සාහිත්‍යය වගේ විෂයන් අයින් කරපු අයත්..මිනිස්සුන්ට මල මිනී පෙන්නපු හැමෝමත්..
Deleteඅවාසනාවකට වගේ මේවා ඇත්තටම වෙනවා මේ විෂම ලෝකේ.. පවු අසරණ ළමයි..
ReplyDeleteඔව් සෙන්නා..පොඩ්ඩක් හිතුවොත් මේ වගේ දෙයකට මැදි වෙන පොඩි එකකුගේ මානසිකත්වය..මගේ නිර්මානයට වඩා බොහොම දුක්ඛිතයි වෙන්න පුළුවන්..
Deleteතිත්ත ඇත්ත ගැන කතා කරන නිර්මාණයක්. ඒක නෙවෙයි අර පොත්පත් බ්ලොග් එකට මොකුත් ලියලා නැහැ නොව කාලෙකින්
ReplyDeleteඅපෝයි දෙයියනේ..... ඒ ළමයට තේරිලාවත් නැතිව ඇති එයාට උන අපරාදය. මේවට කාටද දොස් කියන්නේ. දෙයක් උනාට පස්සේ එහෙම කියල ඇති වැඩකුත් නැහැ. :(
ReplyDelete