ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Wednesday, January 30, 2013

බඩේ ලෙඩක්..බඩේ ලෙබෙක් !

කාපු බීපු එව්වා මොනවා මොනවා හරි වෙලා වෙන්ඩ ඕනි..පහුගිය දොහක මට හැදුනා හොඳවයින් බඩේ අමාරුවක්.. බඩේ අමාරු විවිධාකාරෙන් තියෙන නිසා මට තිබ්බ රෝග ලක්ෂණ තමයි..බඩ පුරවලා දැමීම..ඒ කියන්නෙ කෑවත් නැතත් බඩ පිරිලා වගේ දැනෙන එක , බඩ රිදෙන එක සහ උදේට බඩ දැවිල්ලක් එක්ක වමනෙ යන එක..

මල පාන්දර මූණ කට හෝද ගන්න ගිහින් ළිඳ ළඟට වෙලා ඔවෑක් ඔවෑක් ගාලා වමනෙ පාරක් නොදැම්මොත් ඉතින් දවසම ඉවරයි..ඔහොම දවස් කීපයක් නිදහසේ වමනෙ දැම්මත් පස්සෙන් පහු වෙනකොට අල්ලපු වැටේ ඇන්ටි තමන්ගෙ කුස්සියෙ ඉඳන් මේක දිහා බලලා බොහොම විස්සෝපෙන් කම්මුලේ අත තියන් ඉන්නවා දුටුවම නම් මට වමනේ කරන්න තිබ්බ නිදහසත් නැතුව ගියා. 


මොනා කරන්නද ඩොක්ස් ලා කීප දෙනෙක් ළඟින්ම බෙහෙත් ගත්තත් බෙහෙත් නොබොන්න කලින් තිබ්බ බඩේ අමාරුවට අමතරව බීපු බෙහෙත් නිසා ආපු අතුරු ආබාධ එක්ක බලන කොට උන්නු විදිය හොඳා කියලා නොහිතුනාමත් නෙවෙය්. අර ඩොක්ස් ලා රෙකමදාරු කරපු සේරම ටෙස්ටින් කරලා රිපෝට් අරගෙන බෙහෙත් අරන් උනත් බෙහෙත් ඉවර උනහම ආයි ලෙඩේ මතු වෙන නිසා අන්තිමට අන්තිමේ තීරණය කරා ඉස්පිරිතාලෙක ලැගලම බෙහෙත් ගන්ඩෝනි කියලා..ළඟ තියෙන ප්‍රසිද්ධ ඉස්පිරිතාලෙට ගියේ නම් ඇත්තටම බෙහෙත් අරන් ආපහු එනවයි කියලා හිතලයි. ඒත් එතන හිටි ඩොක්ටර් 

"මෙහෙමයි මේක දැන් පේන විදියට ටික කාලයක් තිබ්බ නිසා අපි නැවතිලා තව ටෙස්ට් ටිකක් කරලා බලමු"




කිව්ව නිසයි හැබෑවටම ඉස්පිරිතාලෙ ලැගලා බෙහෙත් ගන්න උනේ ..
හැබැයි දන්න කියන ළඟම ඥාති සහ යාළුවො කීප දෙනෙක් ඇරෙන්න අනිත් අයට කියන්න නොගියේ මේක ආරංචි උනු ගමන්ම ඉතින් වැල නොකැඩී එන කට්ටිය නිකන් අත පය විසි කර කර එන්නෙ නෑ...ගේන කෑම ජාති බීම ජාති මේ තනි මන්ම කන්න එපාය..ගිය සැරේ ඔහොම ලෙඩ වෙලා හැදුනෙ පොඩි උණක්..අන්තිමේ ලෙඩා බලන්න ආපු අය ගෙනා ජාති කාලා කාලා තව පොඩ්ඩෙන් නවතින්නෙ ඩයබිටික් ක්ලිනික් එකේ තමයි..ඔය හේතුව නිසා මන් මේක පබ්ලිස් නොකර හිටියා..
දවසින් දවස එක එක ජාතියේ ටෙස්ට් කරා..


පහු ගිය කාලෙ අර ඩෙංගූ උණ හැදිලා බෙඩ් රෙස්ට් කරන කාලෙ ගත්ත රිපෝට් වල තියෙන අරවා මෙව්වා ගූගල් දෙයියන්ගෙන් අහලා හරි තේරුම් කර ගත්ත මමත් ඉතින් ලොකු කෙනා සේ අර මට එන රිපෝට් කියවා කියවා නොතේරුනත් තේරුනා සේ හිටියා. නර්ස් නෝනලා සහ ඩොක්ටර්ස් ලා නම් හරිම හොඳයි අපරාධෙ කියන්න බෑ. ළඟ හිටි ලෙඩ්ඩු දෙන්නත් ලෙඩේ අමතක වෙන්න මොනවා හරි බයිලා කියන දෙන්නෙක් වීම මගේ වාසනාවක්..


මේ හොස්පිටල් එක ළඟදි පරිගණක ගත කරලා තියෙන්නෙ..සේරම රිපෝට් පරිගණකය හරහා තමයි හුවමාරු වෙන්නෙ..ඒ වාට්ටුවට අදාල ලෙඩ්ඩුන්ගෙ නියමිත රිපෝට් විතරක් ප්‍රින්ට් කරලා ඩොක්ට විසිට් කරන වෙලාවට මල් වට්ටිය සේ පිලිගන්වනවා නර්ස් නෝනලා..
ඕන් මගේ මුත්‍රා පරීක්ශනයක් තිබ්බා පහුවෙන්දා ඩොක්ට මාව බලන්න ආවා..


"ගුඩ් මෝනිං ඩොක්ට මන් දැන් දවක් 3ක් ම හිටි නිසා අද යන්න පුළුවන් වෙයි නේද ඩොක්ට?"


හොස්පිටල් සික් ෆීලිං එක හැදී ගෙන එන මන් එහෙම ඇහුවෙ බලාපොරොත්තු ගොඩක් තියං..


"බලමු බලමු ලියන්නා. මිසී කෝ මේ ලියන්නගෙ යූරින් ටෙස්ට් එකේ රිපෝට් එක ? ඒක මේ ෆයිල් එකට අමුණලා නෑනෙ"


අද උදේ ඉඳලම වාට්ටුවෙ කොනක හිටි එක ලෙඩෙක් අමාරු උන ඒ මත්තෙම නැහුනු මිසීලා  අපි දිහා බැලුවෙවත් නෑ..සේරම වැඩ අවුල් කර ගෙන..


මිසී දුවන් ගියා පරිගණකය ළඟට..


රිපෝට් එක එනකම් ඩොක්ට මගේ අසල්වාසී ලෙඩා ළඟ..මන් ඉතින් අර කවුද වගේ ශර්ට් එකත් ගලවගෙන බඩ පපුව එලිය දාගෙන ඉන්නවා රිපෝට් එක එන කම්.. ජරාස් බරාස් ගාපු ප්‍රින්ටරේ නැවතිච්ච සැනින් මෙන්න මිසී මගේ රිපෝට් එකත් අරන් ඩොක්ටර් ළඟ..


අසල්වාසී ලෙඩා බලලා එයාව ගෙදර යවන්න නියෝග දීපු ඩොක්ටර් මගේ රිපෝට් එක ගත්තා. 


එක සැරයක් බැලුවා.. 


මිසීගෙ මූණ බැලුවා. 


ඩොක්ට ගෙ මූණ සීරියස් උනා. 


මගේ බඩ පපුව පත්තු වෙලා ගියා. 


ඇයි හත් දෙයිට්යනේ කුරා කූඹියෙකුටවත් වරදක් වංචාවක් නොකරන මන්..මට මොනවා හරි වෙලාද දන්නෙ නෑ. මේ රිපෝට් එකට අනුව..
පපුඩ ඩොග් ඩොග් ගානවා..


ඩොක්ටස මගේ බඩ ටිකක් මිරිකලා එහෙම.. අර වෙද නලාව බඩට තියලා හොඳට අහන් ඉන්නවා.. ඩොක්ටට අමතක වෙලා වෙන්න ඇති..
සාමාන්‍යෙන් ඒක තියන්නෙ පපුවට වෙනදට නම්..


"මිසී ලියන්නව වෙන වාට්ටුවකට මාරු කරන්න වෙනවා..වෝඩ් නම්බර් 23"


"ඩොක්ට ඒක.."


"ප්‍රශ්ණ අහන්න එපා මිසී මේ රිපෝට් එකට අනුව.."


"ඒත් ඩොක්ට ඒ වෝඩ් එක.."


අනිවා ඩෙෆා ඒ වෝඩ් එක අමාරුම ලෙඩ්ඩු දාන එකක් වෙන්ඩැති..
දෙයියනේ මන් ඉවරයි කියලා හිතන් ඉන්න කොට..


"කවුද මිසීද මේ රිපෝට් එක ගත්තෙ ?"


"ඔව් ඩොක්ටර්"


"මේ රිපෝට් එකට අනුව ලියන්නා ගැබිණියක්..වෝඩ් නම්බර් 23 හැර වෙන කොයිකටද මන් ලියන්නවා යවන්නෙ?"


ඈහ්....මට කලන්තෙ දාන්න වගේ ආවා..මේ මොකද්ද මේ කතාවෙ තේරුම..
මිසීත් අන්දුන් කුන්දුන් වෙලා.

.
"මිසී කම්පියුටර් අළුත් උනාට මිසීලා පරණයිනෙ..මීට වඩා කල්පනාවෙන් වැඩ කරන්න..මන් නිසා හොඳයි..ලොකු ඩොක්ට උනා නම් එහෙම මිසීට උත්තර බඳින්නත් වෙනවා මේකට"


"මේ බලන්න ලියන්න බයත් වෙලා..දාඩියත් දාලා..ලියන්නා බය වෙන්න එපා..ඔයාට බබෙක් හමබ වෙන්න නෑ..රිපෝට් එක හරියට බලලා ගේන්න මිසී.


වෙලා තියෙන්නෙ මිසී කලබලේට වෙන ගැබිණියක්ගෙ මුත්‍රා පරීක්ශනා වාර්තාවක් උස්සන් ඇවිත් තියෙන්නෙ..


කොහොම හරි එන එන එක්කෙනා ඇටන්ඩන් පවා මන් දිහා බැලුවෙ හිනා වෙවී.. අසල්වාසී ලෙඩ්ඩු දෙන්නගෙ හිනාව නවත්තා ගත්තෙ.. 


"ඔහොම හිනා වෙන්ඩ එපා බන් උඹලගෙ ඔය ලෙඩේ වැඩිවෙලා මැරෙයි "
කියලා බය කරාට පස්සෙ තමයි...
පහුවෙන්දාට පහුවෙන්දා මගේ ටිකට් කැපුවත් යන්ඩ ඉස්සරවෙලාත් මිසීලා ඩොක්ටර්ස්ලා කිව්වෙ,


"ආයි බඩේ අමාරුවක් හැදුනොත් ළඟ තියෙන මව්වරුන්ගෙ ක්ලිනික් එකකින් බලවා ගන්ඩ"


කියලයි..

ඕයි සිද්ධිය වෙලා දැන් මේ සති 2-3ක් ගියාට පස්සෙ තමා මට තේරුනෙ මට මිස් උනේ මොන තරම් ලොකු වාසනාවක්ද කියලයි..


අරක අරෙහෙමම උනා නම් මේ වෙනකොට මන් 


පත්තර වල හෙඩිමේ , මුල් පිටුවෙ පොල් ගෙඩි අකුරු වලින් ෆොටෝ වලින් සැරසිලා.. 


ටීවී නාලිකා හැම එකකම වගේ සම්මුඛ සාකච්ඡා තියලා..


එෆ් එම් නාලිකා වල ප්‍රචාරය වෙලා.. 


අන්තර්ජාලෙ පවා කොයි තරම් නම් ප්‍රසිද්ධ වෙලාද ,


කියලා හිතෙන කොට නම් පපුව වාවන්නෙ නෑ අප්පා !

72 comments:

  1. මම හිතුවා උඹට ඔහොම දෙයක් වෙයි කියලා එක එක අහුමුළුවල රිංගන්න ගන්නකොටම....!

    ReplyDelete
    Replies
    1. කොහෙද බොලාලා ඒ දවස් වල කිසිම උපදෙසක් දුන්නෙ නෑ නොවැ..

      Delete
  2. යකෝ .... උදේට උදේට වමනෙ යන හැටි කිව්වම ඩොකාට කලින් මට හිතුන ඕක රිපෝට් නැතුවම. අල්ලපු ගෙදර ඇන්ටිත් බබා හුරතල් කරන්න බලන් ඉන්න ඇති, අපරාධෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් බන් පස්සෙ දැන් දැන් නම් මන් උදේට මූන හෝදන කොට හොරෙන් බලන් ඉන්නවා ඇන්ටි..

      Delete
  3. වෙනි අන්කල් ජූනියර් එකේ වගේ අලි බඩක් උස්සන් ගෑණු දෙන්නෙක්ගේ මැද්දෙන් වාඩි වෙලා ඉන්නවා මට මැවිලා පෙනුනා... හි හි.....

    ඇත්තටම ඔය කම්පියුටර් එක්ක වැඩ කරද්දි ඔය වගේ වැඩ හරියට වෙනවා.. හැම දේම කම්පියුටරෙන් එනකම් උඩ බලං ඉඳලා සිහියක් පතක් නැතුව වැඩ කරන අය හැම ඔෆිස් එකකම ඉන්නවා... වැරදිම් වෙනවා තමයි.. ඒත් සිහිය නැතුව ලේසියට කරන වැඩ නිසා සමහර වෙලාවට ඇති වෙන අවුල් ලෙහන්න මාස ගනන් යනවා.. මං ඒ වගේ ලස්සන කට්ටක් කෑවා ඉස්සර ඔෆිස් එකේදි.... එක පොඩි චෙක් එකක ප්‍රශ්නයක්, කම්පැනි 3ක් එක්ක මීටින් තියලා, මාස 6ක් දඟලලා තමයි සෙට්ල් කරගත්තේ..

    ReplyDelete
    Replies
    1. ඔව් හිරු කම්පියුටර් තියෙන්නෙ වැඩ ලේසි කර ගන්ඩ උනාට වැඩ අනා ගන්න කට්ටිය ඕනි තරම් ඉන්නවා !

      Delete
  4. හොඳටම විශ්වාසද අනුන්ගෙ රිපෝට් එකෙක් කියලා ?
    ඔය වගෙ හාමිනෙ කෙනෙක් ගියාලු මහත්තයත් එක්ක පරීක්ශනේට . කුප්පි මාරු වෙලා වෙන ගැබිනියකගෙ රිපොර්ට් එක ඩොකා කියවලා "මහත්තයා බඩින්" කිවුවාම නෝනා ගත් කටටම කිවුවාලු "මං හිතුවා ඕක වෙයි කියලා මට පැති (උඩ යට)මාරු කරන්න කීවාම".

    ReplyDelete
    Replies
    1. හික්ස් ඒක තමයි අළුත් අළුත් වෙනස් දේවල් කරන කොට මීට පස්සෙවත් පරිස්සමින් කරන්ඩෝනි ...

      Delete
  5. he.. He..
    Ane ehema una nam kochchara deyakda...

    Ara auntyta kalinma wade therila..

    ReplyDelete
    Replies
    1. කොහෙද මල්ලි අපිට එහෙම ප්‍රසිද්ධ වෙන්න වාසනාවක්...

      Delete
  6. කොම්පියුටරේටද ඩොකාටද දන්නෑ වැරදුනේ. කෝකටත් ආයෙ පාරක් යුරීන් ටෙස්ට් එකක් කරගත්තොත් නරකද? :D

    මිසිස් වෙනිවැල් @ කොලම්බු සෙවන් වෙන්න තිබ්බ චාන්ස් එක.

    ReplyDelete
    Replies
    1. ඔව් ප්‍රසා කොහොමටත් තව සතියකින් දෙකකින් චෙක් කර ගන්ඩෝනි කොයිකටත් කියලා ..

      Delete
  7. චෙහ්.. අපරාදෙ අතටම ආපු චෑන්ස් එක...

    ReplyDelete
    Replies
    1. නූලෙන් මිස් උනේ සෙන්නා නූලෙන්..

      Delete
  8. අනේ පවු. මම ඉස්සෙල්ලම වෙනිව දැක්කේ ඊයේ. මට වෙනිගේ මුණ මැවිලා පේනවා...

    ReplyDelete
    Replies
    1. හොඳ වෙලාවට මගෙ බඩ දිහා බැලුවෙ නෑ නොවැ අයිලාස්..

      Delete
  9. දැන් හොස්පිටල් වල බෙහෙත් මාරු කරල දීල ලෙඩ්ඩු මරල දාන එකේ
    ලියන්නාගේ වාසනාව ඔහොම වෙලා බේරුනා මදෑ ඉතිං...හැක්.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්...එහෙමත් වෙන එකේ..මාව සීසර් කරාවත් නම් එහෙම ඉවරයි...

      Delete
  10. ඔන්න ඔහොම ළඟදී මත්පැන් බොන්නෙම නැතිව ඉන්න මගේ රිපෝට් එකක් බලල දොස්තර නෝනා කිව්වේ රිපෝට් එකේ හැටියට මම අමුම අමු බෙබෙක් කියලයි. එහෙම නෙවෙයි කියල කීප පාරක්ම කියන කොට එයාගේ මතය උනේ ලැබ් එකේ වැරද්දක් වෙන්න ඇති කියල.

    මටත් මතක් වුනා, ලැබ් එකේ හිටපු කෙල්ලෝ මගුල් විසේ ගහල හිටපු හැටි. :) ස්කයිප් එකේ මොකාදෝ එක්ක හාට් emoticon දාගෙන ඉන්න ගමන් මගේ ලේ ගත්තේ. අර ගත්ත ගමන් තව එක්කෙනෙකුට සාම්පලේ දීලා ආයේ ගියා චැට් කරන්න..

    අන්තිමේදී ඉතින් උන්ට හිතින් බැන බැන ආයේ පාරක් ටෙස්ට් එක වෙන තැනකින් කලේ රිපෝට් එක වරද්දලා තිබ්බනම් උන්ගේ ලොක්කවම හම්බ වෙලා රපොර්තු කරන්න... වැඩක් වුනේ නැහැ රිසල්ට්ස් එමමයි.

    උන්ට වැරදිලා නැහැ. දවසම එක තැන ඉඳල වැඩ කරන මටයි වැරදිලා තිබුනේ.. :)

    ReplyDelete
    Replies
    1. හුටා ඒ කොහොමද බන් එහෙම වෙන්නේ?

      Delete
    2. මොඩර්න් පේට්‍රියට් ට ආපු ප්‍රශ්නෙම තමයි මටත් ආවෙම..ඉඳ ගෙන දවසම ඉන්න කොට බෙබෙක් කියලා ටෙස්ට් රිසල්ට්ස් එන්නෙ කොහොමෙයි අප්පේ ?

      Delete
    3. ෆැටි ලීවර් කියන තත්වය, එහෙම නැතිනම් අක්මාවේ වැඩි පුර මේදය තැන්පත් වීම දැන් ඒ තරම් විරල නැහැ. එහෙම වුනාම ලේ වලට SGPT වගේ අක්මා එන්සයිම වැඩියෙන් එකතු වෙනවා. බෙබාලගේත් එහෙමයි. අමධ්‍යප ෆැටි ලිවර් කට්ටියට වඩා බෙබා ප්‍රතිශතය වැඩි නිසා නිකම්ම බෙබෙක් කියල තමයි සෞඛ්‍ය කස්ටිය හිතන්නේ..

      Delete
  11. කතාවේ අන්තිම ටික නම් ප්‍රභන්දයක් බව තේරුනා. අපේ සුභ පැතුම් අයියේ. දොල දුකට මොනවද ඕන. (දෙයියන්ට ගහන එව්වද, බල්ලන්ට ගහන එව්වද )

    ReplyDelete
    Replies
    1. තාම දොලදුකක් කියලා නම් එහෙමට දැනුනෙ නෑ..දැනිච්ච ගමන්ම පෝස්ට් එකක්ම දාන්නම්කො..

      Delete
  12. කවුද වෙනි අයියේ තාත්තා?????

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්න නො අහා හිටු...කාව හරි මාට්ටු කර ගන්ඩෝනි..

      Delete
  13. අපරාදේ අපිට ලියන බබෙක් බලන්ට තිබුනු චාන්ස් එක නැති උනා.
    අපරාදේ:(

    බබාගේ ෆොටෝ එහෙම මූනු පොතේ බලන්ටත් තිබුනා. ඔන්ලයින් හුරතල් කරන්ටත් තිබුනා. මට වාවන්නේ නෑ අප්පා.:D:D:D

    ReplyDelete
    Replies
    1. වෙනියගෙ ‍රැවුලමයි අනේ බබාට තියෙන්නේ කියලා පොඩ්ඩී කියයි..

      Delete
    2. හරියටම දන්නෙ නෑ තාම පොඩ්ඩි..ඔච්චර ඉක්මනට බලාපොරොත්තු නැති කරගන්ඩෙපා..සරත් අයියා කියනවා වගේ :-D

      Delete
  14. ඔය රිපෝට් එක ඇත්තක් වෙන්න බැරිද වෙනියෝ? :)

    ReplyDelete
    Replies
    1. තාම සති 2-3යි ගියේ...බලමු මල්ලි තව කාලයක් ඉවසලා...

      Delete
  15. මට මතක් උනේ පරන ෆිල්ම් එකක සීන් එකක්. ඒකෙ ජෝ තමා ඩොකා. මිනිහ ගාවට එන ලෙඩෙක්ගෙ බඩේ අමාරුව මොකද හොයන්න මුත්‍රා චෙක් කරන්න කියල මිසීට මුත්‍රා බෝතලේ දුන්නම ඒ ගෑණි එක වට්ටගෙන කරන්න දෙයක් නැතුව එයාගෙ එව්ව දාල ගිහින් දෙන්ව ටෙස්ට් කරන්න. රිපෝර්ට් එක ආවම ජෝ බොහොම බැරෑරුම් විදියට කියනව "මහත්තයට බබෙක් හම්බු වෙන්න ඉන්නව" කියල. අර මනුස්සයගෙ හාමිනෙත් එතන.උන්දැ දෙනව කුඩ පාර මිනිහ දෙපළු වෙන්න...

    හොඳ වෙලාවට ලියන්න තනිය..

    ReplyDelete
    Replies
    1. මටත් එක පාර මතක් උනේ ජෝගේ ඒ කෑල්ල 'මහත්තයට බබෙක් හම්බවෙන්න ඉන්නවා....' කියන කෑල්ල....!

      ෆිල්ම් එකේ නම 'චෙරියෝ ඩොක්ටර්'... හිනා කාලා පන යන ෆිල්ම් එකක්.....

      Delete
    2. ඉන්දික දුමී මතක් කලහමයි මටත් මතක් උනේ...ඒක නම් හිනා කාලා මැරෙනවා.. ඒ ෆිල්ම් එක මයෙ හිතේ ඉන්ටනෙට් එකේ තියෙනවා ඩවුන්ලෝඩ් කරන් ආයි බලන්ඩෝනි..

      Delete
  16. වෙනි අය්යේ මේක නං මාරම රහ කතාවක්. ඇත්තටම දාන්නද පත්තරේක. ඒ ඔයාගේ අවසරය ලැබෙනව නං විතරයි.

    ReplyDelete
    Replies
    1. ඕන් බලන් නලින් ඉතින් ඔය බොලා මට ලමෙක් හම්බ වෙන්න ඉන්නවා කියලා පත්තරෙත් දාන්නද යන්නෙ ? ඕක ප්‍රබන්ධයක් නිසා ඕනි නෑ..නේද ? නැත්නම් කවුරුහරි අහයි හොස්පිටල් එක මොකද්ද කියලත්...

      Delete
  17. ලියන්නට බබෙක් ද එහෙමත් නැත්නම් ලියන්නා බෙබෙක් කියලද රිපෝට් එකේ තිබුනෙ...

    ReplyDelete
    Replies
    1. බෙබෙක් කියල නම් රිපෝට් එයි සිරා මල්ලි ඕනි තරම්...

      Delete
  18. ඒක මරු වෑඩේ හෑබෑයි ඕක බෑන්දපු නෑති කෙල්ලෙකුට එහෙම උනානම්???? මෙලහකට මල ගෙයක්... මගේ අම්මටත් එක පාරක් රිපෝට් එකක තිබුන ලේ පිලිකාවක් කියල... හොද වෙලාවට මම මගේ යාලුවෙකුට පෙන්නුවා.. එයත් හරි අප්සෙට් කොහොමහරි යෑව්ව හොද ඩොක්ටර් කෙනෙක් ලගට අනේ අම්මට ටිකක් ප්‍රේශර් වෑඩි වෙලා අස්ති දුර්වල වෙලා.. තව පොඩ්ඩෙන් බොනව පිලිකාවට බෙහෙත්...

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක නම් ඇත්ත..ඒ අය අපිට වඩා සැලකිලිමත් වෙන්න ඕනි ටෙස්ටිං කරන්නෙ මිනිස් ජීවිත එක්ක නිසා..

      Delete
  19. bota hodanan apata moko. hsbai onna wena rataka ekekta nam baba hambuwela thibuna issara. Lede hindada awe neththe. Katta liyanna

    ReplyDelete
    Replies
    1. මේ දවස් වල බිසි දේශකයා ඒකයි..

      Delete
  20. පරිස්සමෙන් පුතා

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම්..ඉස්සරහදි පරිස්සම් වෙන්නම්කො එහෙනම්...

      Delete
  21. අටමා වත් ඔය පැත්තේ ඇවිල්ලා ගියාවත් ද

    ReplyDelete
    Replies
    1. නෑ තාම නම් අටමාව හමබ උනේම නෑ..එදා ගෙට්ටුවට යන්ඩත් බැරි උනා නොවැ...

      Delete
  22. අනේ අපොයි.... අපේ කට්ටිය පුදුම කරදර වලනෙ පැටලෙන්නෙ... කොහේ ගියත් රෙදි ගැලවෙනවම තමයි... මට නිකන් මැවිල පේනව 'ලියන්න' 23 වාට්ටුවෙ ඇඩ්මිට් වෙලා ඉන්නව... බ්ලොග් ලියන සෙට් එක වට වෙලා ඉන්නව.... පට්ට ආතල්....

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව් ඔහොම ඇබැද්දියක් උනොත් නම් අපේ කට්ටියම එයි වට කර ගෙන...

      Delete
  23. අපෝ ඕක මොකක්ද දකුණු අත කපන්න කිව්වම වම් අත කපන කස්ටියනේ...

    ඊට පස්සේ අත් දෙකම නෑ... අවුලක් නෑ.. ඔය වගේ වැරදීම් වෙනවලුනේ එයාලගේ අතින්...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් හ්ම්ම්ම්.. ඒක නම් සහතික ඇත්ත මාතලන්..

      Delete
  24. ඕකනේ කියන්නෙ වෙනී අතට ගත්ත එක කටට දාගන්න වාසනාව නෑ කියලා..!
    සිරා චාන්ස් එකක්නේ මිස් වෙලා තියෙන්නේ..!!

    ReplyDelete
    Replies
    1. ඒකනෙ රූ කියන්නෙ ලක් එක නැති කම..

      Delete
  25. මදැයි ලියන්නා අයියට වෙලා තියෙන වැඩේ :D අර අක්ක කෙනෙක්ගෙ අතකුත් කපල තියෙන්නෙ ඔහොම වැඩක් නිසා වෙන්න ඇති :(

    ReplyDelete
    Replies
    1. ඒක නම් වෙලුම වැරදියට දාලලු නේද ? හරිම දුක හිතෙන කතාවක් ඒක නම්...

      Delete
  26. හොද වෙලාවට ඔහොම ගියේ. නැත්තම් පොඩි එකා බුරුසු රැවුල දැකල බයවෙලා අඩද්දී වෙනි අක්කට (අය්යට ) වෙන්නෙ බබා නලවන්න වෙස් මුනක් දාන්න D

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් එහෙම වෙන්නත් තිබුනා ඔය කිව්වට...

      Delete
  27. අපොයි, ඕක කලින් වෙලා තියෙනවානේ, ඉතිං ලියන්නාට වුණා කියලා වැඩිය විශේෂයක් වෙන එකක් නෑ.

    http://kathandara.blogspot.com.au/2010/08/blog-post_29.html

    !!!

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ ඔහොම දෙයක් වෙලාම නැහැල්ලුනෙ කතන්දර ඒ නිසා විශේශයක් වෙන්නත් තිබුනා..

      Delete
  28. අනිවා ඕක බැක්ෆයර් එකක්. ඈ බං දැන් වැරදිලාවත් එහෙම උනානම් උඹ කොහෙන්ද වදන්නෙ?

    ReplyDelete
    Replies
    1. හැක් .. හැක්

      අප්පේ ඩුඩ්ටත් හිතෙන දේවල්!!

      Delete
    2. ඔව් ඉතින් ඕම කට කැඩිච්ච කතාවක් කීවොත් අපේ ඩූඩ් මිසක් !

      Delete
  29. අනේ මන්දා මේ රටේ ලෝකේ වෙන දේවල් වල හැටියට ඕකත් මට විස්වාස කරන්න බරිවෙඉද කියල හිතාගෙන ඉන්නේ?

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව්..අබුද්දස්ස් කාලෙ නොවැ...

      Delete
  30. හදිස්සියෙවත් එහෙම උනානම් අපිටත් ආඩම්බරයක්. අපි දන්නා බ්ලොග් කරුවෙක් පියෙක් වෙලා කියල.

    ReplyDelete
    Replies
    1. ආන්න බලන්ඩ අසර්ට විතරයි ඒකෙ වටිනාකම තේරිලා තියෙන්නෙ..

      Delete
  31. ඇඹුල් ජාති එහෙම කන්න ආසාවක් ආවද?

    ReplyDelete
    Replies
    1. ඇඹුල් ජාති නම් කන්ඩ ආසයි තමයි...තව එක එක දේවල් කන්ඩ හිතෙනවා..දොල දුකද මන්දා ?

      Delete
  32. ලියන්නටත් වෙන වැඩ.... ඔහොම පරීක්ෂණ මාරුවෙලා ඇටෑච් කරනවා අපේ කට්ටියත් හොඳ වෙලාවට අපි ඒ ගැන සැලකිලිමත්. නම නොම්මරේ සේරම අපිත් ටිකට් බලද්දි චෙක් කරනවා. නැත්නම් මෙලහකට මොනවයින් මොනවා වෙලාද දන්නේ නෑ.... ගොඩ කාලෙකින් කියවන්න වෙලාවක් ලැබුනේ මල්ලී... සමාවෙන්න නිතර නොලීවාට.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි ඔබේ බ්ලොග් එක ලියවෙන්නෙත් බොහොම අඩුවෙන් තමයි..ඒක හරි අපරාදයක්..ඒත් නිවාඩු තියෙන වෙලාවට ඒක ලියන්න මොකද වටින බ්ලොග් එකක් නොලියවෙනවා කියන්නෙ කියවන අයට හරි අඩුවක් !

      Delete
  33. මං දැනගත්තා ලියන්නා මේ දවස්වල කරපුවෑ හැටියට ඔහොම දෙයක් කර ගනී කියලා. තෝ අපේ බ්ලොග් ලෝකෙ නමත් කෑවා. දැන් කොහොමද අපි කටක් ඇරලා කියන්නේ අපිත් බ්ලොග් ලියනවා කියලා. අර නලියා එහෙම බලන් ඉන්නේ පොඩ්ඩ වැරදෙනකොට "බ්ලොග් ලෝකයේ ලියන්නා වල්කමේ ගොස් හදාගත් බඩ" කියලා පත්තරේ දාන්න.

    ......

    ඔහොම සිද්ධියක් ඇත්තටම වෙලා තියෙනවා.
    ඒ වගේම ඔකේ අනිත් පැත්තත් වෙලා තියෙනවා. පියෙක් නැති දරුවෙක්. (අපි අහලා තියෙන පියවරු නැති දරුවෙක් ගැන නෙවෙයි) මෙයාගේ තාත්තත් කෙල්ලෙක්. ඒ දවස්වල අපේ එෆ්.එම්.වල ප්‍රධාන ප්‍රවෘත්තියක් වෙලාත් තිබුණා ඕක. පස්සේ හොයලා බලනකොට මේ වෙන්න ළමයාගේ අම්මත් එක්ක හිටපු කෙල්ල බීජ වාහකයෙක් වෙලා. අන්තිමේදී අහක හිටපු අසරණ කොල්ලෙක් තාත්තා වෙලා.

    ReplyDelete
    Replies
    1. ඔය කීවට අකමා උනත් මන් ප්‍රසිද්ධ උනානම් අරෙහෙම..කියයි ඔය මගේ යාළුවෙක් තමයි කියලා !

      Delete
  34. " නර්ස් නෝනලා සහ ඩොක්ටර්ස් ලා නම් හරිම හොඳයි අපරාධෙ කියන්න බෑ...."
    http://pisachaadawiya.blogspot.com/2012/04/blog-post_27.html

    මගේ කතාව යලිත් ඔප්පු වුණා එහෙනම්.....

    ReplyDelete