ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Tuesday, January 22, 2013

එන්ඩ වෙන්නෙ නැති ගෙට්ටුව...



http://cyberfestival.blogspot.com/
අද වගේ මතකයි, එදා ගාල්ලේ ගෙට්ටුව.. ඊට පස්සෙ සිහින අවුරුදු උළෙල..

මොනවා අමතක උනත් සදහටම මතක මානයෙන් අයින් වෙන්නෙම නැති අවස්ථාවන් දෙකක්..

මේ වෙනකම්ම උපරිම උත්සාහ කලේ 27 වෙනිදට එන්නම තමයි.. මොකද අපි ආයි ආයි එක්කහු වෙන්න දඟලන්නෙ අපි සතුටින්ම ගත කරපු හෝරා කීපයන් නැවතත් එළඹෙන නිසානෙ..

ඒත් කරපු උපරිම උත්සාහයත් මේ විදියට වතුර වීදුරුවකට දාපු ඩිස්ප්‍රීන් පෙත්තක් වගේ දිය වෙලා යද්දි,


අන්තිම තීරනේ දුකින් උනත් ගැනෙනවා.. අනේ මට 27 ගම්පහ ගෙට්ටුවට යන්න වෙන්නෙ නෑනෙ..කියලා හිතලා දුක් වෙනවා ඇරෙන්න වෙන මොනා කරන්නද? 

ඒත් ගෙට්ටුවට සෙට් වෙන අයගේ සියළු රසමුසු තැන් ෆොටෝ එක්කම කියවද්දි යන්ඩ බැරි වෙන අපිත් එතන හිටියා වගේ දැනේවි අනිවාර්‍යෙන්ම..

එහෙනම් පතන්නම් සතුටුම සතුටු ෆන් පිරිච්ච හෝරා කීපයකට ගම්පහදි..
හැබැයි කවුරු කීවත්,  මොන රාජකාරිය යෙදිලා තිබ්බත් අප්‍රේල් සිහින අවුරුදු උළෙල නම් මග හැර ගන්නෙ නෑ...

48 comments:

  1. ඩිස්ප්‍රින් පෙත්ත දියවුනාට ඒ වතුර බීවාම හිසරදේ දැනෙන්නේ නෑ නේද? දැං මොන අමාරුවටද ඔය ඩිස්ප්‍රින් බොන්නේ?

    ReplyDelete
    Replies
    1. රාජකාරි අමාරුවක් තියෙන්නෙ කතන්දර..එහෙ මෙහෙ කර ගන්න දැඟලුවා උපරිමයෙන්..අන්තිමේ ඩිස්ප්‍රීන් පෙත්ත නොදැකම වතුර එක බොන්න වෙනවා..

      Delete
  2. ඔන්න ඔහේ ලෙඩ නිවාඩුවක් හරි දාලා පලයන් අයියේ . .එහෙම කලා කියලා මොකෝ උඹව ඔතනින් අයින් කරයි කියල බයවෙන්ට කියලෑ . .

    ReplyDelete
    Replies
    1. මල්ලිලාත් එන අවුරුදු උත්සවේටම එනවා බන්.. නෑ අයින් කරන එකක් නම් නෑ..ඒකම තමයි තියෙන බැඳීම..අයින් කරනවා වගේ ගේමට හිටිය නම්..දමලා ගහලා එන්නත් තිබ්බා..

      Delete
  3. මටත් වෙලා තියෙන්නේ ඔය සෙතේම තමයි.

    ReplyDelete
  4. මමත් මේ වෙනකම්ම ගේට්ටුවට එනවාමයිම කියලා තමයි හිටියේ.. ඒත් එන නොඑන එක දැන්මම කියන්න බැරි තත්වයක් තමයි දැන් තියෙන්නේ.. :(

    ReplyDelete
  5. පිස්සුනම් කෙලින්න එපා වෙනි අයියේ...

    කවුද එතකොට අපේ පොටෝ කැලි ගහන්නෙ?

    ReplyDelete
    Replies
    1. ඔව් සෑමා එන්ඩ වෙන්නෙ නෑ බන් දුකයි..හැමෝම ගාව වගේ කැමරා තියෙන නිසා..ෆොටෝ නම් එයි ඕසෙට මන් නැතුවට

      Delete
  6. ඇත්තටම වෙනී අයියේ එදාට ඔයාව අදුනගන්න හරිම ආසාවෙන් හිටියේ..

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි මල්ලිට මිස් වෙන්නෙ මාව විතරයි...මට සිය ගානක් බලන්න, කතා කරන්න බැරි වෙනවා.. අවුරුදු උත්සවේ තියෙන නිසා...

      Delete
  7. ඔය කීවාට වෙනි මාමා... නැ නැ අය්යා උදේ පාන්දරම කැමරාවත් අරගෙන මල් වත්තේ ඉදිවී.... අනික ඉතින් ෆොට නම් ෆොටෝ වෙනි අයියාගේ ෆොටෝ නේ..

    ReplyDelete
    Replies
    1. අනේ නෑ මලේ එන්ඩ වෙන්නෙ නෑ..එදා අපේ ඔෆිස් එකේ හම්බ වුනාට පස්සෙ දැක්කෙවත් නෑ ඔය ගොල්ලන්ව !

      Delete
  8. මොනාද බං වෙනී. කැචයි හොඤේ? වෙන කවුරු නොගියත් උඹ නොගියාම කොහොමද?
    මේ ක්‍රියාව තරයේ හෙලා දකිමි.

    ReplyDelete
    Replies
    1. මටත් අන්ත විදියට හෙලා දකින්න ඕනි ඒත්..හොබ්සන් චොයිස් තමා හෙන්රි

      Delete
    2. Hobson Had a choice.
      Hobson's choice was Mrs Hobson.
      Didn't you know that? :D

      Delete
    3. අපිට කොයින්ද පූසො මාළු
      අපි යනවද මූදු ? :-D

      Delete
  9. එතකොට මෙදා පාර හොම්බ දිග කැමරාව නැද්ද ගේට්ටුවට වෙනි අන්කල්.. හරි අපරාදයක්නේ...
    මං මේ බලං හිටියේ අර ගිය පාර වගේ බඩ පෝස්ට් එකක් බලා ගන්න...

    ReplyDelete
    Replies
    1. මායි මගේ හොම්බ දිග කැමරාවයි ඇරුනහම මඩ පෝස්ට් නම් තියෙයි හිරූ ඕනි තරම්..

      Delete
  10. රාජකාරීනං කවදා කරන්න බැරිද?
    ඔන්න ඔහෙ එන්න අප්පා..

    ReplyDelete
    Replies
    1. නෑ තරියා රාජකාරියට වඩා මේ පිට්පස්සෙ තියෙන වගකීම බරපතලයි..

      Delete
  11. අයියෝ මාත් මේ තකහනියක්ම යන්නේ අයියලව දැකගන්න.කට්ටිය අඩු වුනාම ගතියක් නැහැනේ.

    ReplyDelete
    Replies
    1. මන් හිතන්නෙ මන් ඇර...අනිත් හැමෝම එනවනෙ නිශාන් මලයා..අපි අවුරුදු උත්සවේදි හමු වෙමුකො !

      Delete
  12. Replies
    1. ඒත් සිරා මල්ලි මන් එන්ඩ පුළුවන් උපරිම උත්සාහය දැරුවා !

      Delete
  13. එහෙම කියන්න එපා වෙනී අයියේ.. ඔන්න ඔහේ ගිහින් එන්න.. අපි මේ රට ඉදාලා එන්න බැරි අවුලෙන් ඉන්නවා..

    ReplyDelete
    Replies
    1. එහෙම යන්ඩ තිබ්බා නම් හොඳා දිනේශ් මල්ලි ඒත්...

      Delete
  14. අපරාදේ අර ලස්සන ගෑනු ලමයි ටික...:(
    ඔයාට එයාලගේ ෆොටෝ ගන්ට වෙන්නේ නෑ...:D

    ReplyDelete
    Replies
    1. ඔව් පොඩ්ඩියෙ ඒකත් දුකට කාරනයක් තමයි..ඒත් ඒ ගෑණු ලමෝ අවුරුදු උත්සවේට ඔයිට වඩා ලස්සනට එයිනේ... එහෙම හිතලා සතුටු වෙමු !

      Delete
  15. ඔන්න වෙනියෝ ජොබ අතෑරලවත් පලකෝ...කනගාටුයි තමා. ඒත් අටම නං සතුටු වේවි ඇයි උගේ වීදුරුවට වැඩියෙන් වැටෙන හින්දා.. හැක්..

    ReplyDelete
    Replies
    1. ජොබ් එක අතාරින්නෙ කොහොමද මල්ලි...මන් හිතන්නෙ නම් අටමා දුක් වෙයි අපි එක් කෙනෙක් හරි නො එනවා නම්...

      Delete
  16. මේ ළඟදි අර අලුත් ලෙන්ස් එකක් එහෙම ගත්තෙ මල්වත්තෙ සමනලයො ෆොටෝ අල්ලන්න නෙමෙයිද එතකොට?

    ReplyDelete
    Replies
    1. ඒක නම් ගන්න හිතන් හිටි එකක් කාලයක් තිස්සෙ ප්‍රසා..

      Delete
  17. මෙන්න මෙහෙ එන්න අය්යේ නිවාඩුවක් දාලා ...

    ReplyDelete
    Replies
    1. නිවාඩුවක් දැම්මත් මේ වගකීම මටම දරන්නෙ වෙන්නෙ මල්ලි ඒකයි...මන් ඉන්නම ඕනි මේ වැඩේට !

      Delete
  18. ඔන්න ඔහෙ එන්න වෙනි අය්යෙ ජොබ් එක දාල. ගම්පහ මල් වත්තෙ වවුල් ජෝඩුයි,කොවුල් ජෝඩුයි එකපාර පොටෝ ගහගන්න තියන චෑන්ස් එක මිස් කරගන්න එපා.

    ReplyDelete
    Replies
    1. මටත් දුක ඒ චෑන්ස් එක මිස් වෙන හින්දමත් එක්ක දැකපු, නොදැකපු ගොඩක් අය එක්ක හිනා වෙලා වචනයක් කතා කරන්න නොලැබෙන එක හිතෙන කොටයි..

      Delete
  19. මටත් ඔය හෙනේම තමා. එන්න වෙන්නේ නෑ නෙව.

    ReplyDelete
    Replies
    1. දුක තමයි මධුරංග මල්ලි !

      Delete
    2. නෙදකින්...නිසූගෙ නංගියව බලන්නවත් වර...

      Delete
  20. වෘත්තීය ජායාරූප ශිල්පියා නැතුව කොහොමද ගෙට්ටු තියන්නේ..!!

    ReplyDelete
    Replies
    1. නැහැ රූ..හැමෝම ළඟ වගේ හොඳ කැමරා තියෙන නිසා ඒ අඩුව නම් වෙන්නෙ නෑ..

      Delete
  21. මට ඉතින් මේකත් නෑ.. අප්‍රේල් එකත් නෑ... දුක තමයි...

    ReplyDelete
    Replies
    1. මන් නම් අවුරුදු උත්සවේට එනවා අනිවා

      Delete
  22. ඔන්න මේ වෙනි අයියගේ දුක තුනී වෙන්නත් එක්ක ගෙට්ටුව දවසෙ හවසට කට්ටියම වෙනිය් අයියගේ ප්ලේස් එකට සැට් වෙන්න

    ReplyDelete
  23. හොරෙන් බ්ලොග් ලියන මට මොන ගෙට්ටුද .. අනේ ඒත් ආසයි මට කොමෙන්ට් කරන මම කොමෙන්ට් කරන අයියලා, අක්කලා, නංගිලා, මල්ලිලා, ආන්ටිලා, අන්කල්ලා, සීයලා, ආච්චිලව බලා ගන්න :(

    ReplyDelete
  24. මාත් උඹේ බෝට්‍ටුවෙ වෙනියෝ..

    ReplyDelete