ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Wednesday, January 16, 2013

එසේනම් දුක් වන්නෙ කුමකටද ?


සමුගනිමි...
සයිබර් අවකාශයෙන්
සදහටම නොවෙන මුත්..
යම් නිශ්චිත කාලයකට..

මා වෙනුවෙන්..
මගේ නිර්මාණයන් වෙනුවෙන්..
ඔබ තැබූ එකම එක් සටහනක් වූවත්
එයම ඊළඟ නිමැවුමට ශක්තියක් වූ බව
කෘතඥපූර්වකව හදවත පතුලේ තබා ගනිමින්..

ආයිමත් එන්නම් දවසක..
මීටත් වඩා සිතුවිලි ගොන්නක් 
හදවත පතුලේ කැකෑරෙන
කෙටි කතාවක් ලෙසින්
සයිබර් අවකාශයට මුදා හරින්නට




ඇහැ නොගැටෙන විට කමෙන්ටුවක් 
හෝ එයට පිළිතුරක්
සත්තයි ඔබට මා අමතක වන බව..

ඊටත් වඩා සත්තයි
මා නැවත පැමිණෙන විට
ආදරයෙන් වැළඳ ගන්නා බව..

එසේනම් දුක් වන්නේ කුමකටද ?

39 comments:

  1. ඇයි දන්නෙ නැහැ යන්නෙ....නේ බදිනවා වත්ද?

    ReplyDelete

  2. ආයේ එන්නෙම නැතුව යනවා නම්
    කමෙන්ටුවක් හෝ දමනවාද සමු දී මට ?

    ReplyDelete
  3. ඒ පාර මෙයත් බිසී වෙලා වගේ.... හයියෝ.........

    ReplyDelete
  4. මම නම් කවදාවත් බලාපොරොත්තු උනේ නැහැ සිංහල බ්ලොග් අවකාසෙට මෙච්චර ලොකු සේවයක් වෙනී කරයි කියලා.
    සුභ ගමන්!!!!!

    ReplyDelete
  5. වෙනී මගේ බ්ලොග් රෝලේ ඉන්නවා....ඒ කියන්නේ දැන් ඒක අයින් කරන්න වෙනවද?

    ReplyDelete
  6. වෙනි අයියා මොකද කාර්ය බහුලවත් ද විදෙස් ගත වීමක්ද ස්ථාන මාරුවක් ද

    ReplyDelete
  7. සයිබර් අවුරුදු උළෙල 2013 වෙනකොට මෙන්න කොල්ලා ආයිත් ඇවිත් ඇති...ඒ හින්දා ඔය ගියාට සතුටු වෙන අයගේ සතුට තාවකාලිකයි හොඳද ?
    වෙනී

    ReplyDelete
    Replies
    1. කොල්ලා ???? :O

      මේක නම් පරණ කමෙන්ට් එකක් දිනේ මාරු වෙලා පබ්ලිශ් වෙලාද කොහෙද

      Delete
  8. බ්ලොග් ලියන හොබී එකත් ඒකට ම ඇලිලා කරන එක ඇති පොඩි නිවාඩුවක් අරගෙන ඉඳලා බලන්න ඕන කියලා හිතෙන දවස් එනවා. . .

    මේ වෙනීට එහෙම හිතුනු අවස්ථාවක් . .

    එහෙනම් එතකම් ආයුබෝවන් . . .

    ReplyDelete
  9. ඔබට සුබ ගමන් මිත්‍රයා..

    ගියොත් ආ හැකිය. නොගියොත් එන්නට වෙන්නේ නැත. ඉක්මනින් ගියොත් ඉක්මනින් ආ හැකිය. ඒ නිසා යන එක හොදය. ජය...!

    ReplyDelete
  10. ඇයි හදිස්සියේම???

    ReplyDelete
  11. ටටා වෙනී අයියා... එන දවසට කලින් කියහං තොරණ ගහන්න... :D

    ReplyDelete
  12. සියලු දේම අනියත වන ලෝකයක
    දුක් වන්නේ කුමට යලි හමුවෙයි දිනෙක

    ReplyDelete
  13. වෙනි අයියා මක්කෙයි කාරණය...

    සුභ ගමන්....

    ReplyDelete
  14. ඕන මංගල්ලයක් වේවා, සුභ මංගලම් කියන්නම්.

    ReplyDelete
  15. මාරයත් කොහෙද යනවලු, මෙන්න මෙයත් කොහෙද යනවලු... මුන් දෙන්නා කොහෙද මේ යනවා ඇත්තේතේතේඒඒඒ......!!!??????

    ගිහිල්ල වරෙල්ලකො එහෙනම්... සුබ ගමන් !!!

    ReplyDelete
  16. ඉක්මනට ආපහු එන්න සුභ පැතුම්..

    ReplyDelete
  17. මාරයියත් එක්ක කොහෙ හරි යනවද? කොහොම වුනත් බුකියෙන් නම් යන්න එපා රත්තරං අයියේ....උඹ නැතුව බුකිය බිකිනියක් වගේ...

    ReplyDelete
    Replies
    1. මූ නැත්නම් බුකිය බිකිනියක් වගේ නම් මූ නැති එකමනේ බන් එහෙනම් හොඳ . . හික්z

      Delete
  18. මේ මොකද මේ?

    වැඩ කටයුතු සාර්ථක කරගෙන ඉක්මනින්ම නැවත එන්නකෝ.

    ReplyDelete
  19. අර කෙහෙල් කොටුවේ ගොයියත් ගියා. කියවන්ඩ කියලා තිබ්ච්ච එව්වා එක එක අඩු වෙනවා.

    අන්තිමට අපිට ඉතුරු වෙන්නේ අර යකාගේ මැරබැහපු ලබ්බ විතරද

    ReplyDelete
  20. ගිහින් එන්ට. ඉක්මනට ගියොත් ඉක්මනින් ආපහු එන්ට හැකිලුනේ.
    සුබ ගමන්!!!

    ReplyDelete
  21. යෑම් ඊම් තමයි ඉතින් මේ ලොකේ තියෙන්නේ.... උබ කොලඹ 7 ඉදන් 6 ටවත් යනවද ??

    ගොහින් වරෙන්කො එහෙනම්....

    ReplyDelete
  22. බොරු කියන්න එප වෙනියෝ... කල්පෙකින්වත් මගෙ වැරහැල්ලේ උඹ සටහනක් නොකලාට මං නොවරදවා මේකට ආවේ කොහොමද ? හොල්මන් නැතුව මොකක් හරි ලියාපන් මල්ලී.

    ReplyDelete
  23. ගිහින් එන්ටකෝ... එහෙනං

    ReplyDelete
  24. හැබැයි පුතෝ මූනුපොත පැත්තේ ඇවිල්ල සද්ද දාල යනවා හෙම නෙමෙයි අරිද??? ජය වේවා.. අළුත් වෙලා එනකොට තව දේවල් හුගක් තියේවී. බ්ලොගේ ට නාවත් ඒවා අනිවා ලියා තබන්න.. පසුව අපිට දෙන්න බලන්න

    ReplyDelete
  25. ඉක්මනට ම ආපසු වරෙන් අය්යා..!

    ReplyDelete
  26. මෙහෙම සිතුවිල්ලක් පහළවෙන්නෙ අනිවාර්යෙං අද සෙවන් වලිං කන්න හම්බවෙලා නෑ.

    අමතක කරන්න එපා වෙනී අයිය මග නවත්තපු කතා තුන හතරක් තියෙන වග.

    ReplyDelete
  27. maraya ha weni yanawa aththe ara rahas pareekshaka kathawe teliya hadanata wenta athi..eth kawda kella?????????

    ReplyDelete
  28. මාත් ඔහොම හිතාගෙන ඉන්නවා.. ඒ උනාට මේකට ඇඩික්ට් වෙලා ඉන්නේ දැන්...

    ReplyDelete
  29. එහෙනම් ගිහින් එන්න !

    ReplyDelete
  30. මොනවා බං? උඹ කොහේ යන්නද? මෙන්නෙ මෙහෙට වෙලා හිටිං පිස්සු නටන්නෙ නැතුව.
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  31. වෙනී අයියා බෝඩිම මාරු කලාම ටිකක් බිසී උණා. දැන් තවත් දුරකට ගියාවත්ද? ඉඳලා ඉඳලා සතියකට, දෙකකටවත් සැරයක් පොස්ට් වැටිච්ච බ්ලොග් එක පාලුවට යවන්න දුක නැද්ද? අඩුම ගානේ අපි ගැනවත්?

    හරි හරි.... බොරුවට ගණන් උස්සන්න එපා හලෝ. අපි හැමදාම ඔයා ළඟ ඉන්නවා. පිස්සු නැතුව ආයිත් පුරුදු විදියටම ලියන්න.

    මේක ලිව්වේ සීරියස්ම නම්....
    ඔයාගේ මේ දවස්වල බ්ලොග් එකත් අත ඇරලා දාලා කරන්න යන සියලු වැඩ කටයුතු සාර්ථක වේවා! කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නැවත හමු වීමත් ඉතා ඉක්මනින්ම වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.

    (ඔය කිව්වට අපිව දාලා යන්න ගටක් වෙනී අයියට නෑ කියලා මන් දන්නවා..)

    ReplyDelete
  32. යන ගමන යහතින් ගිහින් තවත් ජිවිත අත්දැකීම් ගොඩකුත් එක්ක ආයෙමත් එන්න.

    ReplyDelete
  33. ලියන්නට ලියන එක නවත්තන්න පුලුවන්ද

    ReplyDelete
  34. එහෙනම් ගිහින් එන්නකෝ....

    ReplyDelete
  35. අහෝ ඛේදයක් නොවැ.. මාත් මේ අදමයි මේ පැත්තේ ආවෙ.. මම එනකොටම වෙනී අයියත් යනව.... ඉක්මනට ගොහිං එන්නෝ...

    ReplyDelete