ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Monday, September 3, 2012

#### තියෙනවද ???


දඩි බිඩි දවස් ගනනාවකින් පස්සෙ වැස්සක් වැහැලා පෑව්වා වගේ ආයිමත් ජීවිතේ සාමාන්‍යකරනය උනා විතරයි...දින තුනකට විතර සැලසුම් කරපු නුවර එළිය සංචාරයත් දින දෙකකින් ආපහු කොළඹට පිටත් උනා..අපි ගිය ක්‍රිකට් තරඟාවලියෙ අපිට සෙල්ලම් කරන්න තිබුනු අනිත් ටීම් එකට අපි දුන්නා තරඟයක් දුම් විසිවෙන්න.. ප්‍රශ්නෙ ආවෙ ඒ අය අපිට වඩා දක්ශයන් වීම විතරයි. ඒ ඇරෙන්න අනිත් සියල්ලම සාර්ථක උනා. අපි සිකුරාදා හවස එහෙන් පිටත් වෙලා සෙනසුරාදා හිමිදිරි පාන්දර 2 වෙනකොට මෙන්න ගෙදර.. 

යන එනකොට සිද්ධ වෙච්ච දේවල් සේරම කියන්න ගියොත් මන්  වසලා හමාරයි මේකෙ..කීප සැරයක්ම,

"ශාහ් මේක නම් බ්ලොග් එකේ ලියන්නත් මරු"

 කියලා කියනකොට මට ආපු මරණීය තර්ජන වලින් මන් ඒ වෙලාවෙ සැලුනෙ නැතත් එව්වා ලියන්න හිතන වෙලාවලදි නම් හිත කීරි ගැහිලා යන එක වලක්වන්න නම් බෑ.

කොහොමින් කොහොමින් හරි අපි කතා උනා යන ගමන් රෑ නවාතැනට යන්ඩ ඉස්සෙල්ලා කොහෙ හරි ග්‍රවුන්ඩ් එකකට ගීහින් ටිකක් ප්‍රැක්ටිස් කරලම යමු කියලා. ඉතින් දවල්ට කෑම කාපු තැනින් අපිට සෙට් කරලා දුන්නා නවලපිටිය ග්‍රවුන්ඩ් එක. එතනින් අපිට කීවා එතන  බලා කියා ගන්නෙ හමුදාවෙන්ය..නමුත් ප්‍රශ්නයක් නෑ අපිට රැක්ටිස් කරන්න පුළුවන් කියලා. අපේ අයත් ඉතින් ඉක්මන්ට නවාතැනට ගියත් වෙන කරන දෙයකුත් නෑනෙ කියලා කැමති උනා එතනට යන්න. වැහි පොද දෙක තුනක් වැටුනත් .. අපි හරියටම ග්‍රවුන්ඩ් එකට යනවා එක්කම වැස්සෙ නැද්ද ධාරානිපාත වර්ෂාවක්..

"මොන ක්‍රිකට් ගැහිල්ලක්ද මේ  වර්ෂාවෙ.."

කියලා  දැන් අපි ඉන්නවා වෑන් එකට වෙලා. අපේ අනිත් කට්ටිය වෑන් එකෙන් බැහැලා ගිහින් කතා කරනවා හමුදාවෙ අය සහ එතන ඉන්න අයත් එක්ක.

"දැන් මචන් කොහොමත් මේ වැස්සෙ ක්‍රිකට් ගහන්නත් බෑ..දැන් මෙතනින් පිටත් උනාට..ඉක්මනට රෑ නවතින තැනට ගිහින් වෙන කරන්න දෙයකුත් නෑ..මේකෙ ඉන්ඩෝ ගේම් මොනාවත්ම නැද්ද දන්නෙ නෑ නේද ?"

අපේ එකෙක් යෝජනා කලා. 

"ඒක නම් ටොප් මොනා හරි ඉන්ඩෝ ගේම්ස් තියේ නම් ටොප් තමයි"

අපි දැන් වාහනෙ ඉඳන් ඈතින් පැවිලියන් එක යටට වෙලා එතන කතා කර කර ඉන්න අයට අපේ යෝජනාව කියන්නත් ඕනි. වාහනෙයි පැවිලියන් එකයි අතරෙ දුර මීටර් සීයක් විතර නිසා කතාකලාට ඇහෙන්නෙත් නෑ. වැස්සෙ එතෙන්ට තෙමී ගෙන යන්නත් බෑ. තියෙන එකම විසඳුම තමයි හස්ත සඥා භාශාව.

"මචන් කොහොමද බන් අහන්නෙ?"

"අහපන් මචන් බිලියඩ් තියෙනවද කියලා අතින්?"

"කොහොමද ඒක අහන්නෙ?"

"මෙහෙම මෙහෙම කරලා අහපන් බන්"

අපේ එකා හයියෙන් අප්පුඩියක් ගහලා පැවිලියන් එකේ ඉන්න අපේ සෙට් එකේ අවධානය ගත්තා. ඒ වෙලාවෙ පැවිලියන් එකේ හිටි හමුදාවෙ සේරමත් ඒ අප්පුඩියෙ සද්දෙට ඒ අපි දිහා බලන් ඉන්නවා..

අපේ එකා අතින් පෙන්නුවා බිලියඩ් කියලා. ඇතුලේ කියන්නත් දබර ඇඟිල්ල දික් කරලා බිල්ඩිම ඇතුලෙ පෙන්නුවා. ඊට පස්සෙ ඔළුවෙන් ඇහුවා තියෙනවද කියලා..

එතනින් එහාට වෙච්ච දේ සහ වෙන්න ගිය දේ නම් අතිශෝචනීයයි. අපිට සෑහෙන්න වෙලාවක් ගියා එතනට තුවක්කු පිස්තෝල ඇදගෙන ආපු හමුදාවෙ සහ අවට සිටි අයට අපි ඇහුවෙ බිලියඩ් ඉන්ඩෝ ගේම් එක තියෙනවද කියලා  ඒත්තු ගන්වන්න. 

කොහොමද අපේ එකා මේක ඇහුවෙ ?

දකුණු අතේ මාපට ඇඟිල්ලයි දබර ඇඟිල්ලයි එකතු කරලා හිලක් හැදුවා.. වම් අතේ දබර ඇඟිල්ලෙන් අර බිලියඩ් පිත්ත වගේ කරලා බිලියඩ් ගහන්නෙ අර කූර වගේ එක පොඩ්ඩක් ඉස්සරහට පස්සට කරලා ඒම් කරලනෙ.. ආන්න ඒ වගෙත් පෙන්නුවා ඊට පස්සෙ ඇතුලෙ තියෙනවද කියලා පෙන්නුවා..එච්චරයි...

http://tato86.deviantart.com/art/biliard-78178503



කට්ටියට මනස් සිත්තරය්ක් ඇඳ ගන්ඩ බැරිම නම් අර බස් එකේ කොන්දොස්තර ටික්කන්ට බස් එකේ ඇඟිල්ලක් ගහන්න ඉඩ නෑ කියලා කී විදිය පොඩ්ඩක් හිතලා බලන්න. ඊට පස්සෙ බිලියඩ් ගහන හැටි හිතලා බලන්න.

ඕන් ඔහොම හමුදාවෙන් වෙඩි නොකා එතනින් පිටත් උනේ අපේම පෙර කරපු වාසනාවකට වෙන්න ඇති. 

හැබැයි එතනට කාව හරි බස්සන්න ආපු ත්‍රීවීල් එකක කෙනෙක් මේක බලන් ඉඳලා...

"පොට් කීපයක්ම තියෙනවා හැබැයි ගනන් තමයි වැඩි"

කියලා මගේ කනටම කරලා කීවෙ ඇත්තටම බිලියඩ් ගහන්න තැනුත් ඒ හරියෙ තියෙනවා කියලා කියන්නම වෙන්න ඇති.

64 comments:

  1. හෙහ් හෙහ්‍‍‍‍‍‍........පට්ට! රැජිනට ආචාර කලා වගේ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් රාජ් එමමයි !

      Delete
  2. http://observer-nireekshaka-observer.blogspot.com/2011/08/blog-post.html

    ඔබාගේ පළවෙනි පෝස්ට් එක....

    මගේ අනාවැකිය හරි ගියාද වෙනියා.. උඹලා නගර සභා ග්‍රවුන්ඩ් එක බුක් කරලා තිබිලා වගේ කියලයි ෆොටෝස් වල දැක්කේ....

    ReplyDelete
    Replies
    1. ඔව් අභියා සෙනඟ නම් ඕසෙට හිටියා. අපිට අවුලක් උනේ නෑ.. කල් ඇතුව නවතින තැන් එහෙම බුක් කරලයි තිබ්බෙ ! ඔව් ඒ ග්‍රවුන්ඩ් එක තමයි..

      Delete
  3. මට තේරුනේ නැද්ද කොහෙද :))))

    ReplyDelete
  4. පොට් නං ඕන තරං තීනවා කිවුවේ...
    ගියේ නැද්ද ඉතිං ඉන්ඩෝ ගේම් එකකට??????

    ReplyDelete
    Replies
    1. නෑ මල්ලි අපි ගියේ ඉතින් කිරිකැට් ගහන්න නේ.. ඕන් ඒක ගහලා ආවා !

      Delete
  5. මලා ජෝන් කිව්වලු නැට්ටේ ඉඳන් ගොම නාලා නේ

    ReplyDelete
    Replies
    1. :-D හැබෑවම නේන්නම් !

      Delete
  6. Replies
    1. අපේ සෙට් එක නම් කීවෙ ඔයින් ගියා මදැයි කියලයි..

      Delete
  7. Replies
    1. අවුට් ඩෝ ක්‍රිකට් නම් ගැහුවා පූසා මලේ...

      Delete
  8. නුවර එලියේ බිලියඩ් පොට් ඕනේ තරම් තියෙනවා...

    ReplyDelete
    Replies
    1. ඔන්න මාළුව නම් නුවරඑළි ගිහින් බිලියඩ් ගහල තියෙනවළු.

      Delete
    2. ඔව් ඔව් ශෙහ්....යන්ඩ ඉස්සෙල්ලා මාළු වව කන්ටෑක්ට් කර ගන්න බැරි උනා නොවැ..

      Delete
  9. ආඃ ...... ඒකද අයියා කස්ටිය මඟඇරල ආපහු එහේ ගියේ, බිලියඩ් ගහන්න ද?

    ReplyDelete
    Replies
    1. නෑ අප්පා.. ක්‍රිකට් ගහලා ආපහු ආවා..ආයි ගියේ නෑ..ඕන් මෙහෙ කොළඹින්ම තැනක්...එක්කො ඕනි නෑ ඒවා මෙහෙම ප්‍රසිද්ධියෙ කියන්න !

      Delete
  10. පස්සේ කියපු තැනකට ගියා නම් හොදටම සෙල්ලම් කරන්න තිබුනනේ තෙමෙන්නේ නැතුව. අපරාදේ.... :D

    ReplyDelete
    Replies
    1. "තෙමෙන්නේ නැතුව" ???

      Delete
    2. හිකිස්...එච්චර වයසයැ මට ???..
      ආ මේ බිලියඩ් ගැනද කොහෙද කියලා තියෙන්නෙ..

      Delete
  11. දවසක් වාහනේ යන ගමන් කෑලි ගැලවෙන රෝදයක් එක්ක ගිය ත්‍රී වීල් එකක් දැකල මම ඒක පුළුවන් හැටියට හස්ත මුද්‍රාවෙන් කිව්වා.. මුන් ටික හරවාගෙන මගේ පස්සෙන් ආවනේ "ඇයි ##" කියාගෙන.

    ReplyDelete
    Replies
    1. බලන් යනකොට හස්ත මුද්‍රා අන්තිම භයානකයි අප්පා !

      Delete
  12. උඹලා නා ගන්නවනෙ බං. sms එකක් ගහලා අහන්න තිබ්බනෙ මගෙං කොහොමද ඇතුලෙ බිලියඩ් නැත්ද? කියලා අහන්නෙ කියලා. ආයෙ ඕනෙ උනොත් අහන්න, මෙහෙමයි අහන්නෙ.

    1 ඉස්සෙල්ලා ජනේලෙ ගාවට ගිහින් හිටගන්නවා.

    2. බිලියඩ් = කලිසමේ zip එක ඇඟිල්ලෙන් පෙන්නනවා.

    3. ඇතුලෙ = වම් අතේ මාපටැඟිල්ලයි දබ‍රැඟිල්ලයි එකට තියලා කවයක් හදලා දකුණු අතේ දබ‍රැඟිල්ල ඒ සිදුර තුලින් යවනවා දෙතුන් පාරක් අත් දෙකම ජනේලෙන් එලියට දාලා.

    3. නැත්ද? =තොල් දෙක එකට තද කරගෙන බෙල්ල උඩට ගස්සන ගමන් අත්ලවල් උඩට හරවලා පෙන්නනවා.

    ඔන්නං කරලා බලපං කණ්නාඩිය ඉස්සරය.
    අපි කවදාවත් මිනිස්සු අමාරුවෙ දාන උපදෙස් දීලත් නෑ: දෙන්නෙත් නෑ.


    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. ඔන්න සර්ලා... දැන් වෙනියට මේකටත් ගාස්තු ගෙවන්න වෙයිද දන්නෑ... හි හි...

      Delete
    2. ගාස්තු ගෙවන්න මේකා ඉන්න එපායැ, හිරු. මුගෙ අලුත්ම සීන් එක තමයි මුගෙම බ්ලොගේ අපේ කමෙන්ට් වලට මොකුත් නොකියා , අනිත් උන්ගෙ බ්ලොග් වල කමෙන්ට් දම දමා ඉඳලා, අපිට මේක අමතකවුනාට පස්සෙ මොකක හරි කියලා ෂේප් වෙන එක. මේකට මොකක් හරි ක්‍රියාමාර්ගයක් ගන්න ඕනෙ, නැතුවනම් හරියන්නෙ නෑ වාගෙ.

      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

      Delete
    3. සෑර්ගෙ ඔය ක්‍රමේ පාවිච්චි කලානම් එතනම සෙත්තපෝච්චි තමයි ඕන්...
      හිරු සෑර්ලගෙ ෆැමිලි එකටම මන් ගානෙ අපේ කැන්මෙන් වඩේ සහ ප්ලේන්ටි අරන් දෙනවා මේ උපදෙස් වලට...
      නෑ හෙන් රි තාමත් සිරාවටම බිසි බන්..මේ අළුත් තැන අස් පස් කරලත් ඉවර නෑ අප්පා..ඒත් කමෙන්ට් වලට රිප්ලයි කරනවා..ඉස්සෙල්ලා පෝස්ට් එකේ කමෙන්ට් එකකටවත් රිප්ලයි කලේ නෑ..

      Delete
  13. මට ඇම්ඩා මගුල් ගෙදර ගියපු කතාව මතක් උනා..

    ReplyDelete
    Replies
    1. ඒ කතා සෙට් එකේම මිශ්‍රණයක් තමයි මාතලන් මේකෙ තියෙන්නෙ !

      Delete
  14. පිඹ පිඹ එයිද අයියේ තව ටික දවසකින්....

    ReplyDelete
    Replies
    1. අපොයි බිලියඩ් ගැහුවෙ නෑ මලේ...

      Delete
  15. ඉතින් බිලියඩ් ගැහුවයි? ඔය වැස්සට තෙමෙන්න හොඳ නෑ. පරිස්සමින් රේන් කෝට් දාගෙන තමයි ගේමට බහින්න ඕනා.
    ගෙදරවත් බිලියඩ් ටේබල් එකක් නැති කොට ඔය වගේ වෙලාවකවත් ලැබෙන චෑන්ස් එක නැති කරගන්න එපා වෙනියෝ. (ඔය කිව්වට අපි නොදන්න වෙනියා...පුහ්හ්)

    ඔතන ගම් බට්ටෙක් හරි පොලිස් කාරයෙක් හරි ඉඳලා ගහන්න ආවනම් සාධාරණයි. ඒත් ආමි කාරයෙක්?

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් හ්ම්ම්ම්ම්.. අර කොටන කුකුලට කොයි කොටුවත් එකයි කියනවනෙ !...මේකත් සත්‍ය සිදුවීමක්මත් නෙවෙයි..ආසන්නයෙන් ගිය එකක් කතාවක් කරා..පරිකල්පනයෙන් !

      Delete
  16. බඩ රිදෙනාව අයියෙ හිනා වෙලාම....මරු මරු....!!!

    ReplyDelete
    Replies
    1. අපි කෑවනම් එහෙම තවත් හිනා වෙයිද මන්දා මලයා..ඕන් ඔහෙ කැම්පසුත් වහපු එකේ හිනා වෙවීම ඉන්ඩලා අනේ !

      Delete
  17. මරු බිලියඩ් ගැහිල්ල..

    ReplyDelete
    Replies
    1. නෑ වෙන ක්‍රමයක් නෑ ඕක හස්ත මුද්‍රාවෙන් කියන්න දීනේශ් මල්ලි

      Delete
  18. ඔය කියන හස්ථමුද්‍රවෙන් බොහෝම ප්‍රයෝජන අරගන තියනවා මම

    ReplyDelete
    Replies
    1. හෆොයි කෑවෙ නැද්ද එක තැනකින්වත් ?

      Delete
  19. පස්සෙ වෙනී අයිය අර ත්‍රීවීල් පොරව හොය හොයා ටවුන්එක හැමතැනම ඇවිද්දයි කියල කතාවකුත් තියෙනවලු.

    ReplyDelete
    Replies
    1. ලෝකයා එහෙව් කතන්දරේකුත් හදලද ප්‍රසන්න මල්ලියෙ ?

      Delete
  20. හපොයි හරිම කට්ටියක් තමයි ගිහින් තියෙන්නේ.‍....... එක්කෝ හෑන්ඩ් ෆෝන් නැහැ........ නැත්තං ස්ථානෝචිත ප්‍රඥාව නැහැ.......... නැත්තං දෙකම නැහැ.......... :)

    ReplyDelete
    Replies
    1. ඔය එකක්වත් තිබ්බනම් මෙතන කතාවකුත් නෑ නොවැ නංගියෙ !

      Delete
  21. හයියෝ.. හයියෝ... වෙඩි නොකා ආව එකම මදැයි, හස්ත මුද්‍රා පෙන්නන්න ගිහිල්ල.... හික්ස්...

    ReplyDelete
    Replies
    1. පූරුවෙ කල පින් අපිට තියෙන හැඩයි !

      Delete
  22. අහා බිලියඩ්....හේ හේ...

    ReplyDelete
    Replies
    1. :-D
      ඔහොම නක්කලේට හිනා වෙනවැයි මිනිස්සුන්ට ?

      Delete
  23. hebetamaekek gawawath phn ekak thibune nedda?

    ReplyDelete
    Replies
    1. තිබ්බ ෆෝන් පාවිච්චි කලා නම් මෙහෙම රසවත් දෙයක් වේයැ ?

      Delete
  24. මම දැක්ක කට්ටිය සෙනසුරාදා හවස වෙනකම් සෙල්ලම් කරනව.සෙනසුරාද හිටියනම් බිලියඩ් ගහලම යන්න තිබ්බ. ශික්........

    ReplyDelete
    Replies
    1. අපි සිකුරාද හවසම ආවා.. ෆයිනල්ස් තිබ්බෙ සෙනසුරාද හවස තමයි..අපරාදෙ ඔබ සිකුරාද ආවනම් හම්බ වෙන්නත් තිබ්බා.

      Delete
  25. මේක කියවන කොට මතක් වුනේ වෙනි අයියව...

    ReplyDelete
    Replies
    1. සිකේ අපි නම් තියලා යයි ආරක්ශාවට වෙන කොහෙවත් ඔයි තරම් වටින දේවල් !

      Delete
  26. වෙනියා හැමදාම හෑන්ඩ් පයිටි කර කර ඉන්න එකේ ඉන්ඩෝ මොනවා හරිත් කරන්න එපැයි....

    ReplyDelete
    Replies
    1. හැමදාම ???? හිකිස් ...

      Delete
  27. ඒ කාලේ මම මෝටර් සයිකල් පදිනවා. පස්ස සීට් එකේ හිටි මගේ ගජයා දැක්ක පස්සෙන් එන සයිකලේ දිගටම වැරදි පැත්තට සිග්නල් ලයිට් දාගෙන එනවා. මූ ඒක අතින් කිවුවා අර බෝලයක් මිරිකනවා අතාරිනවා වගේ පෙන්නලා. ඔය පස්සෙන් ආ එකා ඉස්සර කලෙත් වමට සිග්නල් දාගෙනයි.. පහුවෙලා යනකොට මගේ පිලියනයා.. අර සයිකලේ පස්සෙන් හිටි කෙල්ලට අර සිග්නල් එකම පෙන්නුවා. යාර සීයකට විතර ඉස්සරහදි අපිව හරස් කරලා නැවැත්තුවා අර මිනිහා. ඌට තරහ ගිහින් තිබුනේ වෙන දේකටයි.. තේරුම් කරලා දුන්නම හිනාවෙලා බේරුනා. එතකොටත් හොඳ වෙලාවට අර සිග්නල් ලයිට් එක තාමත් පත්තු වෙනවා.

    ReplyDelete
    Replies
    1. හික්ස්...අපොයි පිට රට වල අයට නම් හෑන්ඩ් සිග්නල් දෙන්ඩ හොඳ නෑ..ඒවායින් ඒ ගොල්ලන්ට මොනවා කියවෙනවද මන්දා ?

      Delete
  28. හපොයි!!! මදැයි බිලියඩ් ගහන්ඩ හෙව්ව...
    ඇත්ත කියාපං වෙනී අයියෙ... ඔහොම ඇහුවෙ උඹමයි නේද?? දැං වෙන අහිංසකයෙක්ව පට්ටල් කළාට වැඩේට??

    ReplyDelete
    Replies
    1. අනේ නෑ බන් මන් මේ බෝ පැලේ වගෙ ඉඳන් ඔහොම නොසන්ඩාල වැඩ කරයියැ ?

      Delete
  29. The touch screen automatically gets turned off if you do not use the device for
    a specified period. Irrespective of class and standard, this most significant communication tool
    is now important for all as we need food, water, shelter etc.

    For additional information you can get additional at
    website.

    Here is my weblog: samsung s3

    ReplyDelete
  30. The Samsung galaxy note is available in
    elegant white and black colour. 5 million plus Samsung Mobile USA Facebook fans and
    3 million Samsung Mobile US Twitter followers to participate in the celebration, including an exclusive performance by artist,
    Kanye West. This review is focused on the new concepts introduced
    in the Brink of War expansion.

    ReplyDelete
  31. These are regularly described as 2 din car DVD, or double din DVD players and this designation references
    the height of the component. With the Samsung Galaxy literally taking the mobile phone world by
    storm, there is increased anticipation of the arrival of the next generation Galaxy S smartphone handset.
    i - Phone application developers and Apple app store still holds unmatchable number
    of apps in terms of quality.

    My page: samsung galaxy s4

    ReplyDelete
  32. Yard - check for ant hills or evidence of moles
    and other insects that can damage your lawn. Fadell
    has worked with Steve Jobs for several years and architected Apple's i - Pod and the first few versions of the i - Phone, some of the most successful consumer electronics products in our time. The Sewing Kit found at RHL is a great buy found for under $5.

    My webpage: nest learning thermostat

    ReplyDelete