බස් රථයේ ඇන්ජිමෙන් නැගෙන හඬ පරයා මඟීන් ඇතුල් කරවා ගැනීමට කොන්දොස්තර සොයුරා තම හඬ අවදි කරයි..
"එපා එපා නගින්න..අපිටත් කරදරේ..ඉන්න අයටත් කරදරේ"
ඔහු විසින් යම් අයකු වලක්වන හඬක්ද ඇසේ. මා සිටින අසුනට බස් රථයේ දොර අසල සිදු වන දේ නොපෙනෙනමුත්..බස් රථයට නැගීමට තැත් කල යාචකයකු හෝ වෙළෙන්ඳකු වන්නට ඇතැයි සිතමින්..
මා නැවතත් අත වූ දුරකතනයේ තිරය වෙත දෑස යොමු කළෙමි. පෙර මෙන් නොව හෝරාවක් හෝ හෝරා එකහමාරක් පමණ බසයේ ගත කිරීමට සිදුවීම නිසා එම කාලය යම් ඵලදායී යමක සිත යොදා ගැනීමට මා හුරු වී ඇත. මුල් දින කීපයම බසයෙන් එහා නෙත ගැටෙන ස්වභාව ධර්මය මූලික කොට ගෙන නවමු දියුණුවත් සමඟ වෙනස් වන පරිසරය දෙස නෙත් යොමා සිත් අලවා සිටීම මාගේ නෙතට මහත් වූ ආශ්වාදයක් ගෙන දෙන්නක් වීය. නමුත් එයින් සංතෘප්ත නොවන සිත දැන් අයදින්නේ..එම පරිසරය හා මුසුව ඒ සමඟ ඒකාත්මික වන කාමයක් මිස දැකීමෙන් පිරී යන සංවේදී හැඟීමක් නොවේ. ඉඩ හසර ලද මොහොතක දියෙන් ඉල්පෙන රබර් බෝලයක් මෙන් මා මෙම පෙදෙසේ රස විඳීමට පැමිණෙනු නොඅනුමානය. ඒ මගේ තෙවැනි ඇසත් සමඟ වනු නොඅනුමානය..
මේ දියවන්නාව අසබඩින් දුව යන පරණ කොට්ටාව පාරයි..සුක්කානමක නොරැඳුනු දෑතකින් ඔබත් මෙහි යන විටක මේම අසිරිය විඳ ගනු නියතය. වසර 20ක් තරම් කාල පරතරයක සිදි වූ රමණීය වෙනස ඇස ගැටී ඇති මා දෙනෙත තුලින් හදවත විස්මයෙන් ගොළු වන්නේ නිතැතිනි...
ඉදින් සංතෘප්ත නොවූ ආශාවන් හදවත තුල ගුලි කරවා ගෙන මා අත වූ දුරකතන තිරයේ මැවෙන මාගේ සහෘදයකුගේ තවත් බ්ලොග් වියමනක් වෙත සිත දැහැන් ගත වෙද්දී..මා දෙසවන සිප ගත්තේ..
ඉමිහිරි බට නලා වාදනයකි..
මුලින් සිතුවේ එය නඟින්නේ මේ වෙනතෙක් තොරතෝංචියක් නැතුව හඬ දුන් අසල වූ දැවැන්ත ශබ්ද වාහිනියෙන් යැයි සිතූවත්..එහි සජීවී බව ක්ෂණයකින් දැනුනේ..මුත් අසල සිටි සෙනඟ කන්දරාව නිසා එහි හඬ අයිතිකරු දෑස මානයෙන් එපිටෙහි සිටියේය.
පැරණි විරහ ගීතයක තනුවක් දෙසවන කරා ගලා එයි..
සැබවින්ම එම වාදනය ඉමිහිරිය.. අන් වාදන භාණ්ඩ පරයා බට නලා වාදනය අපගේ සිත් ගන්නේ මන්දැයි මා නොදනිමි.
තම සහෘදයකු හැර ගිය විට තම හද පතුලේ නැගෙන වේදනාව මොනවට ඔහුගේ බට නළාව මතින් පැනවුත් මා දෙසවන් වෙලා ගනී. මා හදවතද එම වේදනාවෙන් සැලෙන්නට වූයේ...
නොදැනුවත්ම මා ඇදී ගියේ...
ඒ කුඹුක් ගස් සෙවනේ ළිඳෙන් උතුරා යන වතුර පාරට අප දෙපා හොවා ගෙන අසල වූ තුරු ලතා පිස යන සුළං හඬට සවන් යොමු කර සිටිමු..චූටි අයියාගේ බට නළාවෙන් එන හඬ ඉතාම ඉමිහිරිය...එයට වශීකෘතව සිටින අප හට කාලය ගත වෙනවා නොදැනේ..මාගේ මවුගේ පාර්ශ්වයේ ඥාති සෝවුරකු වූ ඔහු අපට වඩා වසර කීපයකින් වැඩිමල්ය.
ඔහු තුල වූ නිසඟ හැකියාවන් රාශියෙන් එකක් වූ බටනල වැයීම..ඔහු ඉගෙන ගත්තේ කෙසේදැයි අප කිසිවකුත් නොදනීමු..එම කාලයේ ග්‍රැමෆෝන් වලින්ද ගමේ කීප පලකම තිබූ ගුවන් විදුලි යන්ත්‍ර වලින්ද අප අසා සිටි සින්දු ඔහු එක් වරක් පමණක් අසා මෙසේ කුඹුරු යාය මැදවූ කුඹුක් සෙවනේ සිටනින්නාද කරවයි. තම කටහඬ ගැන ලැජ්ජාවෙන් බරිතවදෝ සියොතුන් පවා තම හඬ මදකට නවතා තම කිචි බිචිය නවතා මේ වස්දඬු රාවයට සවන් යොමු කරන්නාක් මෙනි.. ඔහු වයන්නේ අපට නොවේ.. නමුත් අප හදවතද එයින් සැලේ..
කුඩා අපහට සරුංගල් සාදා දීම.. ගොක් කොළ වලින් කැටයම් කපා දීම , විවිධ සතුන් හා සැරසිලි කිරීමට කියා දීම , පැපොල් බට හෝ කුමන හෝ බටයකින් කුඩා නලා සාදා දීම ආදී සියළු කරුණු වලින් චූටි අයියා අපේ වීරයා වීය..
විටෙක ප්‍රදේශයටම වාසනාව කැන්දවමින්ද විටෙක එයම විනාශයට මූලික වෙමින්ද පවතින මැණික් කර්මාන්තය හමුවේ අන් බොහෝ තරුණයන් මෙන් චූටි අය්යාද පාසලේ 10 ශ්‍රේණියෙන් පසු මැණික් කර්මාන්තයට යොමු වීය..
විටෙක ඔවුන් ලද මහා මහඟු මිණි කැටයම ඔහුට ගෙන ආවේ කුමන අබග්ගයක්ද ?
මිතුරන් හා එය සැමරීමට ඔවුන් රට වටා ගොස් එක් නිමේශයකදී ඔහු ජල රකුසා හට බිලිවීය.. ඔහු අහම්බෙන් බිලි උනාද නැතහොත් තමන්ගේ අතිජාත මිතුරන් නිසාම ජල රකුසාට බිලි කලාද යන්න තවමත් අභිරහසකි..ගිලෙන්නට තරම් නොවූ ජලයේ රොන් මඩ අතර ප්‍රාණය සැඟවී ගිය ඔහු නැවත අප වෙත ආවේ නිහඬවය..
නිසංසලවය..
අවට ගිගුම් දුන්නේ දුන්නේ අපගේ වේදනාබර විලාපය පමණි..
මාගේ උපැස් යුවලේ දාරය තුලින් උණුසුම්ව ගලා යන්නේ කුමක්දැයි මා දනිමි..ලේන්සුව ගෙන දෑස පිස දැම්මත්..
"ඇයි මල්ලි ප්‍රශ්ණයක්ද ?"
අසල හිඳ ගෙන උන් මැදිවියේ අග උන් මිනිසා මා විචාලයි..
"නෑ මට මේ බට නලාව එක්ක මගේ අතීතේ මතක් උනා"
මා ෆෝන් එකද වසා දමා දෑස වසා ගත්තේ මෙවන් හැඟීම් බර අවස්ථාවක මා කිසිවකු සමඟ දොඩමළු වීමට තිබූ අකමැත්ත නිසාය..
වාදකයා දිගින් දිගටම වයයි..සිංහල හා හින්දි වාදන කීපයක් අවසානයේ අපද අපගේ ගමනාන්තයට පැමිණේ..එවිටයි මා ඔහු දුටුවේ.. ඉතා අහිංසක මුහුණකින් යුත් මැදි වියේ වූවෙකි..
මා යම් වාණිජ වටිනාකමකින් යුත් නෝට්ටුවක් ඔහු අත ගුලි කල විට ඔහු විස්මයට පත් වන්නට ඇත..ඔහු යමක් මුමුණයි..මා හට එය අසා සිටීම අවශ්‍ය නොවූ නිසා මද සිනහාවකින් යුතුව මා බසයෙන් සමු ගතිමි...
කෙතරම් සංගීතය භාණ්ඩ තිබුනත් බට නලාවක හඬ තරම් අපගේ හදවත කම්පනය කරන නාදයක් නින්නාද කරන්නට සමත් නොවන්නේ මන්දැයි මා තවමත් නොදනිමි..
වෙනි අයියේ ඉස්සර අපේ කැම්ප් එකේදී මලියදේව පිරිමි විදුහලේ පෙරදිග බෑන්ඩ් එක තමා මගේ ආසම බෑන්ඩ් එක ... ඒගොල්ලෝ බටනලා ගහන විදිහ අහගෙන ඉන්න ආසයි.
ReplyDeleteමම කැමතිම වලාතීරයෙන් එහා සින්දුව ප්ලේ කරනකොට.
එක නෙමේ පරණ කොට්ටාව පාරෙන් යනවනම් අපේ ගෙවල් ගාවින් යනවා ඇත්තේ.
ඔව් මල්ලි, එහෙනම් ඔයාලගෙ ගෙවල් ළඟින් වෙන්න ඕනි යන්නෙ... අරලිය උයන බොරැල්ල අතර නම් ගේ තියෙන්නෙ..
Deleteබටනලාව කියන්නේ අමුතුම වින්දනයක් දෙන සංගීත භාණ්ඩයක් වෙනී....
ReplyDeleteමම නං දන්න මඟුලක් නෑ සංගීතෙ ගැන.. හැබැයි බටනලා වාදනයන් අහන්න හරිම කැමතියි.
බට නලාව යි බොක්ස් ගිටාර් එකයි තමයි මගේ ප්‍රියතම සංගීත භාණ්ඩ...
සංගීතය ගැන දැන ගන්නවට වඩා යමක් විඳින්න දන්න කම හොඳටම ඇති හිරු..ඒක හරහා සංවේදීවෙන හිතක් හැමෝටම නෑ..ඒකනෙ අපිට අහන්න කියන්න වෙන යම් යම් සිද්ධීන් සමහරක් හිත කීරී ගැහිලා යන තරම් අමිහිරි..
Deleteඈත එපිට ගම්මානෙන් නැග එන
ReplyDeleteබට ලී හඬ අතරේ....
මාත් ආසම සංගීත භාණ්ඩයක් තමයි බට නලාව. එක දවසක් මන් ගිය බස් එකට නැග්ගා අවු.55-60 විතර කෙනෙක්. ඇත්තටම එයාට අයැදීම එච්චර පුරුදු කෙනෙක් නෙවෙයි. රජයේ රැකියාවක් කරලා රැකියාව අහිමි උන කෙනෙක්. ලැජ්ජාව නිසා හරියට මුණ නොදුන්නත් බස් රථයේ බටනලා වාදනය ඉදිරිපත් කලේ ඒ අහිංසක මනුස්සයගේ දුප්පත් කමත් කරකියා ගන්න දෙයක් නැති කමත්, දරු පවුලට ඇති ආදරයත් මොනවට පැහැදිලි කරමින්.
ඔව් මෙයත් එහෙමයි.. අසරණකම නිසා උනත් අකමැත්තෙන් ඒ දේ කරනවා කියලා පෙනුනා..හැබැයි බට නලා වාදනයෙදි නම් එහෙම අඩුවක් දැනුනෙ නෑ..
Deleteආසම වාදන භාන්ඩයක්...දවසක් අහන් ඉතෑකි.
ReplyDeleteඔව් වී..ඒක ඇත්ත..මන් හිතන්නෙ නවීන සංගීත භාණ්ඩ තරම් සංකීර්ණ නොවීම එක හේතුවක් වෙන්න ඇති..
Deleteමමත් හරිම ආසයි බටනලාව වාදනය කරනවා අහන් ඉන්න. සමහර යාචයින්ට ලස්සනට ඒක පිඹීන්න පුළුවන්. අහගෙන ඉන්න කොට අමුතුම හැගීමක් එනවා, අනික මට කොහේ බටනලා හඬක් ඇහුනත් සනත් නන්දසිරි මහත්මයාගේ "ඈත එපිට" ගීතය මතක් වෙනවා
ReplyDeleteඔව් බලන්න බට නලා වාදනය ඔබ්බපු සින්දු අමතක වෙන්නෙම නෑ..
Deleteඇත්ත. බට නළා වාදනයේ අමුතුම මිහිරක් තියෙන්නෙ. විශේෂයෙන් වියෝ ගී වැයෙද්දි.
ReplyDeleteචූටි අය්යා ගැනනම් කණගාටුයි.
ඔව් නලිනි..අවුරුදු 32කට උදදි සිද්ධ උනු දෙයක් උනත් හිත අස්සෙ තිබිලා එළියට ආපු හැටි කියලා මට තරමක් පුදුමත් හිතුනා..
Deleteඅයියා දැනෙන්න ලියලා තියෙනවා.
ReplyDeleteමට බෑනේ ඔය බටනලා ගහන්න
මටත් පුළුවන් විඳින්න විතරයි මල්ලි..
Deleteකෙතරම් සංගීතය භාණ්ඩ තිබුනත් බට නලාවක හඬ තරම් අපගේ හදවත කම්පනය කරන නාදයක් නින්නාද කරන්නට සමත් නොවන්නේ මන්දැයි මාත් තවමත් නොදනිමි..
ReplyDeleteඔව් සෙන්නා.. සමහර විට ඒ එතරම් සංකීර්ණ නොඋනත්..අපි පොඩි කාලෙ ඉඳලම අහලා විඳලා හිත ඇතුලෙ තැන්පත් වෙච්ච රසය නිසා වෙන්නත් පුළුවන් කියලා වෙලාවකට හිතෙනවා..
Deleteහ්ම්ම්ම්....
ReplyDeleteසංගීතේ හරි පුදුමයි අප්පා..
පුදුමයි...ඒක තමයි වචනෙ..හිත පතුලෙ තියෙන දේවල් අපිටත් හොරා එළියට ඇදලා දෙනවා..
Deleteමමත් කැමතිම වාදන භාන්ඩයක් තමයි. අහන් ඉන්න කැමති උනාට වයන්න බැනේ ඉතින්.
ReplyDeleteඔව් මටත් වයන්න නම් බෑ..
Deleteමම බට නලා ගහන්න ආස වුනත් ගහන්නේ නෑ.. මට ගුටි කන්න වෙන හින්දා..
ReplyDeleteඔව් සූස් සූස් ගාලා හුලන් යනවා විතරයි..ඒක වෙනස්ම දක්ශතාවයක්
Deleteබට නලාවේ හඬේ රස වගේම , ඔය ඒ ගැන ලියා ඇති අයුරුත් සිතට රසයක් ගෙනවා ...
ReplyDeleteස්තුතියි
ඔබටත් ස්තූතියි මහේශ්..හැඟුම් කැළඹුනහම ටිකක් වෙනස්ව ලියවෙනවා..
Deleteනියම සංගීත භාණ්ඩයක් තමයි බටනලාව කියන්නෙ.
ReplyDeleteඕක හැමෝටම පිඹින්න පුලුවං උනාට ලස්සනට වාදනය කරන්න පුලුවං දක්ෂ කෙනෙකුට විතරයි.
ඔව් ප්‍රසා මල්ලි, මටත් පිඹින්න නම් පුළුවන්..
Deleteඉස්සර අපේ ආච්චි අම්මා කියන කතාවක් තමා හැන්දෑ හය වෙනකොට බටනලා පිඹින්න හොඳ නෑ මෝහිනීගේ බැල්ම වැටෙනවයි කියලා.
ReplyDeleteඔව් අපේ ගෙවල් වලත් ඔහොමත් කියනවා..නයි එනවා කියලත් අපිව බය කරනවා..
Deleteසමහරුන්ට සංගීත භාණ්ඩ වාදනය කරන්න අමුතුවෙන් ඉගෙන ගන්න ඕන නෑ, ඒක එයාලට උපතින්ම ලැබෙන හුරුවක්. හිරු බැස ගිය ගොම්මනක නිසල වෙල් යායක සනීපෙට හුලන්පාරක් වැදෙද්දි බටනලාවක ශෝකී ස්වරයෙන් වැයෙන ගීතයක් අසාසිටින්න ආස හිතුන. (ඒත් ඒ වගේ තැන්වලට මෝහිනී එනවය කියල කතාවක් ගම්වල තියෙනව නේද?)
ReplyDeleteඔව් ඒ වගේ චාන්ස් දැන් නම් ලැබෙන්නෙ නෑ..මේ ටවුන් එකටම කොටු වෙලා.. මෝහිණීත් වසඟ වෙනවා ඇති ඒ වාදනේට..
Deleteහේම්....
ReplyDeleteපට්ට බිසි වගේ මල්ලි...
Delete//කෙතරම් සංගීතය භාණ්ඩ තිබුනත් බට නලාවක හඬ තරම් අපගේ හදවත කම්පනය කරන නාදයක් නින්නාද කරන්නට සමත් නොවන්නේ මන්දැයි මා තවමත් නොදනිමි//
ReplyDeleteඇත්ත. බටනලාවෙ කියන්නෙ ඒ වගේ වාද්‍ය භාණ්ඩයක් තමයි. කන්බීරිවෙන සද්දෙට කැමති උදවියට ඒකෙ අගේ තේරෙන්නෙ නැතිඑක කණගාටුයි.
ඔව් රාජ් කන් බීරි වෙන සද්දෙට හුරු උනහම මේ වගේ සරල, සුගම රසයකට කන හුරු වෙන්නෙ නැතුව ඇති තමා..
Deleteබටනලාවක මිහිර උපරිමව දැනේනේ පාලුව තනිකම ඇති නිහඩ රාත්‍රියකයි. මාද එය අතිශය සංවේදි ලෙස විද ඇත. මිහිරියි ඔබේ පෝස්ට් කටුව
ReplyDeleteස්තූතියි දේශකයා..එවන් වෙලාවක හදවත කම්පනය වෙන්නෙ ඇහැට කඳුලක් පුරවමින්ම තමා..
Deleteකොටුවෙන් බස් එකට නඟින කොට ඔය වගේම වයසක කෙනෙක් ඉන්නවා
ReplyDeleteහැබැයි බලනලා සද්දේ අපිටනම් ඇහෙන්නේ නෑ
කොහොම වෙතත් බටනලාව වැඩ්ඩෙක් අතට ගියොත් කියලා වැඩක් නෑ
ඔව් ඒක උපතින්ම ගේනවද මන්දා..
Deleteවෙනීට මේ වස්දඬු රාවය මෙච්චර දැනෙන්නෙ ඒ හා බැඳි අතීතයක් තියන නිසා වෙන්නැති..
ReplyDeleteකොහොම වුනත් බටනලාවෙ හඬ මට හැමදාම අරන්න එන්නෙ සැනසිලිදායක හැඟීමක්..
ලස්සනයි වියමන
ඔව් රූ.. බට නලාවෙන් නැගෙන රාවය ශෝකී නම්..අනිවා අතීතයේ එවන් ශෝකී සිද්ධියක් මතකෙට නැගෙන එක වලක්වන්න බෑ..
Deleteඇත්ත. මට බටනලාව තවම හරියට ගහන්න බැහැනේ. තබ්ලාව නම් පුළුවන්. බටනලා හඬින් මරුන දේවල් වලට පන දෙන්න පුළුවන් . සිතිවිලි වලට පන දෙන්න පුළුවන්.
ReplyDeleteමිය ගිය සිතුවිලි වලට පන දෙන්න පුළුවන්..ඒක තමයි අදහස..මේ වචන ටික පෝස්ට් එකට ඔබන්න සිහියට ආවෙ නෑ..ඔබ ඒ අඩුව පුරවලා කමෙන්ට් එකෙන්..
Deleteඑන්න බැරි වුනා බං. වෙරි බිසි වෙලා හිටියා. ඒ අස්සෙ උඹ සංවේදී පෝස්ට් එකකුත් දාලා.
ReplyDeleteබටනලාව මගෙ නම් ප්‍රියතම සංගීත බාණ්ඩය නොවුනට ඒකෙ තියෙන්නෙ හරි පාලුවක් දැනෙන හඬක්. මම ආසා බොක්ස් ගිටාර් එකට.
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
ඔව් හෙන් රි මාත් පහු ගිය දින කීපයේම හිටියෙ අනුරාධපුරේ.. අද තමා කමෙන්ට් වලට උත්තර බඳින්නත් වෙලාව ලැබුනෙ..
Deleteනයෙක් නෙවෙයි වෙනි අයියෙ... ඇත්තමයි :P
ReplyDeleteහ්ම්!!
ReplyDeleteමට තාත්තව මතක් වුණා!!
මම ඉල්ලං කන මිනිස්සුන්ට සල්ලි දෙන්නෙ එහෙමත් වෙලාවක තමයි... ඒත් මට හිත වාවගන්ඩම බැරි වෙලාවල් එනව ඔය ඩෝල්කී එකක්, හාමෝනියම් එකක් එහෙම එල්ලගෙන ආවාම තාත්තව මතක් වෙලා
Matath bata nalawak thiyenawa, eth play karanna ba. swara 7 nam yamtham gahanna puluwan. mama me langadi dawasak mage yeheliyakata wasdanduwak thilina dunna.
ReplyDelete