ඕන්න හා හා පුරා කියලා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශණය පටන් ගත්තා කියමුකො...
වචන දාහකින් කියන්න ඕනි දේ ඕන් එක චිත්‍රයකින්, ෆොටෝවකින් කියන්න පුළුවන් නම් ඕන් මෙතනම වචන කොච්චරද බලන්ඩකෝ...
පහු ගිය පෝස්ට් කීපයේම කමෙන්ට් වලට උත්තර ලියන්ඩ බැරි වෙච්ච එකට කට්ටියම මට සමාව දෙයි කියලා හිතනවා..ඕන් ඔහෙ ඕක දීලා දාන්ඩලකො..වයසක මනුස්සයා නොවැ..
අපේ දයා දිසානායක මහත්තයගෙ ගුරු ගෙදර නම් නියමයි..ලේඛකයන් සහ පාඨකයන් එකතු කරන ගුරු ගෙදර..හොඳ සංකල්පයක්..
දයා දිසානායක
කසුරි
ටෙනිසන් පෙරෙරා
අපේ අම්මා පොඩි කාලෙදි හැමදාම වගේ බනින්නෙ
"උඩු ගෝනා වගේ දුවනවා ගෙදර බඩුත් පෙරලා ගෙන..ඉන්නෙ කොහෙද දන්නෙ නෑ.. යන්නෙ කොහෙද දන්නෙ නෑ..."
කියලා මේ උඩු ගෝනා කියන්නෙ මොන වගේ සතෙක්ද කියලා නම් දන්නෙ නෑ.. හම්බ වෙච්ච වෙලාවක අපේ ගාමිණී අයියගෙන් තමයි අහන්න වෙන්නෙ.
හැබැයි තාමත් ඔය උඩු ගෝනා සේ අවට ඉන්න මිනිස්සු කවුද කියලා අවධානය නොකර ගන්න ෆොටෝ ගැන විතරක් හිත හිතා යන කොට
"වෙනී අයියෙ...වෙනී අයියෙ"
කියන හඬට බැලින්නම් මෙන්න බොලේ දන්න කියන මූණක්.. ඒ පැය භාගෙ හමාර තුල නම් දන්න ඒත් හම්බ වෙලා කතා කරපු නැති කීප දෙනෙක් එක්කත් කථා කරලා රාත්‍රී විදුලි එලියෙන් දිදුලන මෙන්න මේ ෆොටෝ ටික ගන්න කියලා ඒ අයට සමු දෙද්දි නම් ඒ අය විශ්වාස කොරේ නැති පාටයි මන් ගියේ එහෙම ෆොටෝ ගන්ඩයි කියලා...
ඒ උනාට මේන් ෆොටෝ..
මේ අපේ ස්කයි මෑන් - නුවන් මන් දන්න තරමින් පොත් ලියලා නම් නෑ..ආන් ඉගිලෙන්න පොතකින් ඉගෙන ගන්ඩ යන්නෙ...
පුළුවන් හැම දවසෙම යන්ඩයි හිතන් ඉන්නෙ නම්... රාජකාරියෙ හැටියටත් යන්ඩම වෙනවා ඉතින්..
එහෙනම් ඊළඟ දවසෙ හමු වෙනකන්...
හනේ .... අයියත් ගිහිල්ල, මට ඊරිසියාවෙ බෑ. තව හැමදාම යන්ට කතා කරනව, ඔහොම හොඳද මම අහන්නෙ.
ReplyDeleteමට ළඟ නිසා ගිය හැකි ඉතින්..මමත් ඈත පලාතක හිටියනම් ඉතින් සොරිම තමයි...
Deleteහැමදාම යන්නේ සති අන්තේ නිසා සෙනඟ ගොඩේ පොත් තෝරන මතකේ විතරයි නේ තිබුනෙ.. මේ පාර සෙනඟ අඩුයිද නැත්තම් සතියේ දවසක් හින්දද මේ....
ReplyDeleteඅර පොකුණේ ෆොටෝ එක නම් අන්තිම ලස්සනයි...
මන් හිතන්නෙ නම් තාම සතියෙ දවස් නිසාත් මම මේ ෆොටෝ ගත්තෙ උදේ 9-11 කාලය නිසාත් තමයි සෙනඟ අඩුයි වගේ පේන්නෙ..දැයට කිරුල ඇරුනහම වැඩිම සෙනඟක් එන ප්‍රදර්ශණය තමයි මේ..
Deleteඔව් ඒ ලයිට් වැල නිසා මාරම ගති..
හිටු හිටු.. මාත් එනව..
ReplyDeleteඇවිත් කෝල් එකක් වත් දෙන්න මල්ලි.. සමහර විට මමත් ඇතුලෙම ඉඳී...
Deleteචිත්‍ර ප්‍රදර්ශනයකුත් තිබ්බද?
ReplyDeleteඔය අර සල්ලි දුන්නම තමන්ගේ රූපය චිත්‍රයට අඳින සෙට් එක වෙන්ඩ ඕනා...
Deleteමධුරංග මල්ලි හරි ක්සැන්ඩර්.. රු. 350 කට තමන්ගෙ පින්තූරෙ අන්දවා ගන්න පුළුවන්...
Deleteමාත් යන්ඩ ඕන
ReplyDeleteඅනිවාර්‍යෙන්ම එන්න සහ පොත් කීපයක්වත් ගන්ඩ මල්ලි..
Deleteකට්ටියම ගිහින් ඇවිත් හොඳ පොත්වල නම් දාන්ටලා...:)
ReplyDeleteමේ දවස්වල කවුරුත් ක්‍රිකට් බලන්නේ නැද්ද?
හා පොඩ්ඩි.. ක්‍රිකටුත් බලනවා ඉතින්...
Deleteමන් හෙට යනවා... ජය වේවා... :D
ReplyDeleteනියමයි.. සති අන්තය වෙන කම් ඉන්න එපා මොකද ඒ දවස් දෙකට නම් හොඳටම සෙනඟ ඉඳී...
Deleteහ්ම.. නියම ෆොටෝ ටික ඈ
ReplyDeleteතෑන්ක්ස්.. හැමදාම ෆොටෝ අරන් දාන්ඩයි ඉන්නෙ බලමුකො..
Deleteනියමයි.
ReplyDeleteඑන්ඩලකෝ ප්‍රසන්න මල්ලි පොත් ගන්ඩ...
Deleteමාරයියා කියලා තිබ්බා කවුදෝ වලත්තයෙක් ප්‍රදර්ශනේ ඉන්න ගෑණු ළමයිගෙ පොටෝ ගන්නවලු.. වෙනී අයියට ඒ මිනිහව හම්බුනේ නැද්ද?
ReplyDeleteඅපොයි නෑ හරී..මට හම්බුනෙ නෑ.. අපිත් ෆොටෝ ගන්නවා අනේ අපේ නම් තුන් හිතකවත් එහෙම වල් හැඟීමක් නෑ අප්පා... වල් මදිදෝ මන්දා කියලත් හිතෙනවා වෙලාවකට...
Deleteමට නම් මේ අවුරුද්දේ යන්න වෙන්නෙත් නෑ.
ReplyDeleteලබන අවුරුද්දේ බොහෝ විට කොළඹ පැත්තේ වාසයට එන්න වෙන නිසා ඒ වෙද්දී නම් පොත් ගොඩක් ගන්න හිතන් ඉන්නවා.. :) බලමුකෝ බලමුකෝ
හැම අවුරුද්දෙම තියෙයි අනිවා..එහෙනම් ලබන අවුරුද්දෙ හම්බ වෙමු !
Deleteඅපේ ගෑනිටත් පත්තුවෙයි අද හෙටම. මට ඇදගෙන යන්න වෙයි..
ReplyDeleteඕන් ඔහෙ ඇද ගෙන වරෙන් බන්..මන් අපේ කැන්ටිමෙන් ප්ලේන්ටි දෙකයි වඩේකුයි අරන් දෙන්නම් ඕන්...
Deleteසල්ලි මදි පොත් ගන්න
ReplyDeleteගියොත් හෙම ඔය පැත්තේ
නොහැකිවෙයි බත් කන්න
මන් අර ඩිස්කවුන්ට් 50% 70% තියෙන එව්වයින් ගත්තා මාතලන්..
Deleteඔය ඉන්න අයගෙ නම් දාපංකො බං. සමහර නම් දිව අග තියෙනවා මතක් වෙන්නෙ නෑ. එහෙම වෙනවා බං රටෙන් ඈත් වෙලා ඉන්නකොට.
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
හා මන් මතක හැටියට දමන්නම් හෙන් රි.. මන් මෙහෙ ඉඳලත් ඔය එනවුන්ස් එකට කියලත් මේ දිව අග තියෙනවා මතක නෑ අප්පා..
Deleteමුල් අවුරුදු දෙකේ විතරයි මට මේක බලන්න පුළුවන් උනේ.. ඊට පස්සේ බැරි උනා.. අපරාදේ..
ReplyDeleteඔව් ඉතින් පිට රට ඉන්න හැමෝටම මේ දුක තියෙයි...මල්ලි ෆොටෝ ටික බලලවත් හිත හදා ගන්න..වෙන මොනා කරන්නද ?
Deleteඊරිසියයි ඊරිසියයි ඊරිසියයි.. ශික් මේ මගුල් තියන්නේ නැහැනේ දෙසැම්බර් මාසේවත්..
ReplyDeleteආ සරත් අයියා ලංකාවෙ ඉන්නෙ ඒ කාලෙ විතරද ? ඊළඟ අවුරුද්දෙ මේ කාලෙ එන්න ..
Deleteහෙට පඩි... අනිද්දට පොත්... ඊට පස්සෙ රිම්... ඒත් ඉතින් නොගිහින් පුලුවන්ද.
ReplyDeleteඅපොයි ඔව්..රිම් එකෙන් ගියත් දහ පහලොස් දාහක පොත් ගත්තෙ නැතොත්.. ඊළඟ අවුරුද්ද වෙනකම්ම පසුතැවිල්ල තමයි..
Deleteආ, පොකුණුවල, ලයිට්වල එහෙමත් ෆොටෝස් අරන්නෙ. ;-)
ReplyDeleteඔව් ඔව් කවුරුවත් විශ්වාස කලේ නැති උනාට.. ඕන් ගත්ත ෆොටෝ..
Deleteමලේ උඩු ගෝනා කියන්නෙ වඳුරන්ට වෙන්න ඕනෑ. ගස් ගෝනා කියලත් කියනවා. දාංගලේ තියෙන පොඩි එවුන්ට බනින්න අම්මලා පාවිච්චි කරන වචනයක්. වෙන අවස්ථාවකදි ඔය වචන පාවිච්චි වෙනවා මම අහලා නෑ.
ReplyDeleteආ ඒ පැහැදිලි කිරීම නම් ගැලපෙනවා ගාමිණි අයියෙ.. එහෙනම් මගේ දැඟලිල්ල කෙසේ වෙතත් චූටි අක්කා කියනවා වගේ මූණ බලලම තමයි අම්මා එහෙම කියන්ඩ ඇත්තෙ.. :-D
Deleteමාත් ඕක පටන් ගත්තු දවසෙම ගිහින් පොඩි එකාට පොත් ටිකක් ගත්තා. සෙනසුරාදත් වෙන ගමනක් ගිහින් එන ගමන් ගොඩවෙල යන්න හිතන් ආවා. ඇතුල් වෙන්න තිබුනු වාහන පෝලිම දැකල ආපහු ගියා. :)
ReplyDelete