ඇවිද්ද පය දහස් වටී නම් ඉතින් මගේ කකුල් දෙක විකුණලා සෑහෙන ගානක් ගන්ඩ තිබ්බත්..ඒ කියමනේ හරය වෙන්නෙ අපි ඇවිදින තරමට තමයි අපේ සෞඛ්‍යය රැකිලා තියෙන්නෙ කියන එකයි කියලයි මට නම් හිතෙන්නෙ. එහෙම හිතෙන්න සාධාරන හේතුවක් වෙන්නෙ ඔෆිස් එකටම වෙලා ඉඳගෙන ඉඳලා ඉඳලා හොර වෙලා තියෙන ශරීරෙට වෙන කිසිම ව්‍යායාමයක් නොලැබෙන්න වග බලා ගන්න මට ලැබෙන එකම ව්‍යායාමය තමයි මේ ඇවිදීමෙන් ලැබෙන ටික. ඒ නිසාම කම්මැලි නැතුව ගම වටේ රවුමක් ඇවිදලා එන්න උදේ පාන්දරම මන් එළියට බහින්නෙ බොහෝමත්ම චිත්ත ප්‍රීතියෙන්ම තමයි.
පදිංචිය අළුත් නිසාමත් සහ තාම බිස්කට් එකක්වත් දීලා යාළු කරගන්ඩ බැරි වෙච්ච නිසාමත්ම පාරෙ ඉන්න ගෙවල් වල ඇති කරන බළු නඩේ නම් තාමත් මට බුරනවා..
"ගමේ මිනිස්සු නොදන්නවා උනාට සතා දන්නවා මිනිහා කවුද කියලා ඒකයි උන් බුරන් පනින්නෙ "
කියලා කට කැඩිච්ච කතාවක් කීවෙත් අපේ ඔෆිස් එකේ එකෙක්ම තමයි,
ඔන්න... අපි නම් ගනන් ගනී ඔය ලෝකයා කියන කතන්දර !
අපි පොඩි කාලෙ ඉඳන්ම ඇවිදින්න නම් කම්මැලි නෑ. ඒකට එක හේතුවක් වෙන්න ඇති. ඒ කාලෙ ඒ කීවෙ 1980 ගනන් වල මුල සහ 70 ගනන් වල අග භාගයේ අපේ ගමට යන්න එන්න බස් එකක් තිබ්බෙ නෑ. ළඟම තිබ්බ ටවුන් තමයි ඕපනායක , පැල්මඩුල්ල සහ කහවත්ත කියන්නෙ. ඒ ටවුන් වලින් දුරම ටවුන් එක වෙච්ච කහවත්තට ගමේ ඉඳන් හැතැප්ම තුනක් විතර තිබ්බත්..තේ වතු මැදින් තියෙන පාර වල් දිගේ අපි පයින්ම යනවා ටවුන් එකට. ඔය ත්‍රස්තවාදී කරදර නොතිබ්බකාලවල කහවත්තෙ තිබ්බ ගුරුගේ තොරණ හරි ප්‍රසිද්ධයි. දවස් හතක් සංගීත සංදර්ශන හතක් එක්ක වගේම එදිනෙදා එහෙන් මෙහෙන් පත්තු කරන මල්වෙඩි වගේම අන්තිම දවසේ මහා මල් වෙඩි සංදර්ශණ නිසාම ඔය දවස් හතෙන් දවස් 3-4ක් වත් ඔයවා බලන්න අපි පයින්ම යන්න පුරුදු වෙලා හිටියා.
රෑ හතට විතර යන්න පිටත් උනහම රෑ 8 අට හමාර වෙනකොට කහවත්තෙ. සංගීතෙ හරි මල් වෙඩි සංදර්ශනේ හරි ඉවර වෙන්නෙ පාන්දර ජාමෙ 2-3ට විතර.. නිදි මරගාතෙ වැනෙ වැනී ආයිමත් පයින්ම ගෙදර එනවා. පහු වෙනිදා ඉස්කෝලෙ ගිහින් තමයි භාගෙට නිදි කිර කිරා පංතියෙ ඉන්නෙ. ටීචර්ස්ලත් එමම නිසා එච්චර අවුලක් නෑ හැබයි ටිකක් කරදඬු උස් මහත් වෙලා.. තනියෙන්ම කොල්ලෙ සෙට් එක එක්ක යන වයස එනකොට ත්‍රස්තවාදී කලබල ඇති වෙලා මල් වෙඩි සංදර්ශන තහනම් කරලා තිබ්බා. ඒ කාලෙ ගම මැදින් යන්න බස් එකකුත් දැම්මා..ඒ එක්කම 88-89 කාලෙ කලබල ආපු නිසා..අර ඇවිදින කතන්දරේ ටික ටික අඩු උනා..
ඊළඟට ඇවිදින්න සෙට් වෙන්නෙ අපි ඒ ලෙවල් ක්ලාස් යන කාලෙ.. ක්ලාස් එකේ සර්ලා නැති උන ගමන්ම කරන්නෙ පැල්මඩුල්ල ටවුන් එකේ ඉඳන් යනවා කිරිඳි ඇල්ල බලන්න. ඔය තේ වතු මැදින් යන පාර අපේ ජිංජි මලයා රාමා මලයා එහෙම හොඳටම දන්නවා..දුම් දමා ගෙන බීපු සිගරැට් කොට පස්සෙන් හැලි හැලී කන්ද නැගලා ඇල්ල ළඟට ගියහම සේරම විඩාව අහවරයි. ඒ කාලෙ එච්චරම සෙනඟ නැති නිසා හෙලිකොට්ටෙන්ම නාලා අවුවෙන් ඇඟ වේලා ගෙන ඇඳුම් ඇඳ ගෙන ආපහු ගෙදර එන්නෙ ක්ලාස් එකේ හිට්ටා වගේ..
ඒ ලෙවල් කරලා උනත් තවත් අවුරුදු තුනක් ගෙදරට වෙලා කැම්පස් පට ගන්නකම් හිටි කාලෙ නම් ජීවිතේ ආයිමත් හම්බ නොවෙනම ජාතියේ දිගම දිග නිවාඩුව හම්බ වෙච්ච වෙලාවෙ නම් එච්චරම ඇවිද්දෙත් නැති තරම්. මොකද ඒ වෙනකොට ඔළුවෙ තිබ්බෙම අස්පට් වෙලා තිබ්බ කඩ්ඩ හදා ගන්න එක නිසා. කැම්පස් අවුරුදු හතරෙත් රට වටා ඇවිද්දා..ඔය ඇවිදිල්ල දැන් මතක් වෙනකොට හිතෙන්නෙම දෙයියනේ ආයි ඒ කාලෙ එනවනම් කියලයි..
"ඇත්තටම උඹට නම් ඔය පිට්ටනියෙ බෝල ගහද්දි අංඩක් කැඩෙන්නම ඕනි ගෙදර දවසක් රඳවා ගන්න නම් ..නැත්නම් කොයි වෙලාවෙ බැලුවත් ගෙදර රැඳෙන්නෙ නම් නෑ"
අම්මගෙ ආඩපාලිය හැමදාව ඔය වගෙයි.
"ඇයි අම්මෙ කන බොන වෙලාවට නම් ඉවෙන් වගේ ඔය ගෙදරට දුවන්නෙ"
චූටි අක්කා ගෙ පෝර දැමිල්ල.
ඉස්කෝලෙ ඇරිලා ආපු ගමන්ම කාලා ගම්මැද්දෑවෙ රෝන්දෙ ගහලා ගහලා ආයි ගෙදර එන්නෙ. රෑ කෑමට තමයි. අයියගේ සහ තාත්තගෙ ගෝරනාඩුව අඩු කාලවල අපි සෙට් එකම නිශාචරයො තමයි. රෑට නිදියන්නෙ කොයි ගෙදරද , කොයි පතල් වාඩියෙද , කොයි කුඹුරෙ පැලේද කියන්න හරියටම දන්නෙ නෑ නිදිමත වෙලාව එනකම්ම..
88-89 කාලෙදිත් අපේ ගේ ළඟම දමපු හමුදා කඳවුරත් එක්ක රෑ ගමන් බිමන් අඩු උනත්..රෑ කාලෙ ගෙදර නිදියැව්වෙ නම් නෑ..
හැබැයි කොයිතරම් ඇවිද්දත් විභාගයක් ළඟට එන කාලෙ නම් කකුල් වල ගෙදර බිමට හයි කරන් පාඩම් කරන්නත් අමතක කලේ නෑ..
"ආයි ආයි...පුතා හරි හරි..බබා එන්ඩ එන්ඩ මේ අම්මා ළඟට එන්න..මේ මේ.."
අල්ලපු ගෙදර ඉන්න පොඩ්ඩ දන ගගා ඉඳලා පළමු අඩිය තියන්න උනන්දු කරවන ඒ ජෝඩුව..පොඩ්ඩා ඇවිදිනවා ෆොටෝත් ගහලා..හරිම සන්තොසෙන් ඒ ගැන යන එන අයත් එක්කත් කතා කරන්නෙ.. "ඔයාගෙ මල්ලිගෙ වැඩේ රවුම් ගහන එකමයි..ඔයාවත් කියන්ඩකො ටිකක්...හොම ඇවිදලා ඇවිදලා නරක් උනොත් එහෙම අම්මලගෙන් තාත්තලගෙන් දොස් අහන්ඩ වෙන්නෙත් අපිටමයි" ඒ ගෙදර සහෝදරී තමන්ගෙ සැමියගෙ මල්ලිගෙ ඇවිදිල්ල ගැන දෝස්මුරයක් කනේ තියන්නෙත් ඔය එක්කමයි..මේ පරස්පර විරෝධී කතාවල් දෙකටම මට හිනා ගියත් නොකර සද්ද හිටියා...
"උඹලයෙ කන් කරච්චලේ ඉවසිල්ලක් නම් නෑ අම්මපා මන් යනවා ඔළු හැරිච්ච අතක.."
අපේ අඩෝවැඩියක් ඉවසගන්න බැරුව තාත්තා එහෙම කියලා ගෙදරින් එළිය බැහැලා ගියත් ආපහු ආවහම අම්මා ඔළොක්කුවට කියන්නෙ..
"ඔළුව හැරෙන්ඩ ඇත්තෙ කුඹුරටද නැත්නම් හේනටද දන්නෙ නෑ?"
කියලයි. අපේ කිචි කිචිය ඇහිලා තාත්තා ලැජ්ජාවෙන් වෙන්ඩැති සද්ද නැතුව ඉන්නවා.
මගෙත් තියෙන එක හීනයක් තමයි දවසක ගෙයින් එළියට බැහැලා ඔළුව හැරිච්ච හැරිච්ච අතක යන එක. ඕකට ටිකක් එක ළඟ වගේ වැටිලා තියෙන නිවාඩුවක් අල්ලලා කරන්ඩයි හිතා ඉන්නෙ. මොනා නැතුවත් කැමරාව නම් අරන් යන්ඩෝනි..
අර කකුල් දෙක හොයා ගත්තෙ කොහෙන්ද?
ReplyDeleteඇයි අයියා බල්ලො අයියටම බුරන්නෙ.
උන්ගේ හැටි එහෙමයි නෑ කෙනෙක් දැක්කම කතා කරනවා :)
Deleteගූගල් දෙයියො කකුල් දෙකක් ඕනියි කීවහම දුන්නෙ ඕන් ඔය දෙක තමයි..
Deleteඅපේ මාතලන් කියන්නැහේ නෑයො වෙන්ඩැති..
"ඇවිද්ද පය දහස් වටී නම් ඉතින් මගේ කකුල් දෙක විකුණලා සෑහෙන ගානක් ගන්ඩ තිබ්බත්." සෑහෙන ගානක් කොහෙද රුපියල් දෙදහනෙ..
ReplyDeleteඉතින් හරී දෙදාහ ගානෙ කීදෙනෙකුට කියලා විකුනන්නද ..මාසෙකට දහ දෙනෙකුට දුන්න නම් වැඩේ ගොඩ !
Deleteඇවිද්ද පය දහස් වටී කියලා කියන්නෙ ඇවිදින කොට බලන්න දකින්න අහන්න ලැබෙන ජාති නිසා ලිඳේ ඉන්න මැඩියො වගේ නැතිව දැනුම නුවණ වැඩෙන නිසා කියලයි මම හිතං හිටියෙ...
ReplyDeleteරූ හිතා හිටිය එක තමයි නියම තේරුම.. ඒකෙන් කියවෙන්නෙ එක තමා.. මන් මේ මෙතන කී අදහස තමයි අපි වයසට යන්ඩ යන්ඩ ඇවිදලා කියලා දැනුම් තේරුම් එනකොට..ඇවිදිල්ලෙ තියෙන ප්‍රයෝජනේ ඉතින් සෞඛ්‍යයට තමයි..
Deleteඇවිද්දම කකුල් ගෙවෙනවා.. :) එතකොට වටිනාකම බහිනවනේ.
ReplyDeleteඈහ් හැබෑටම එහෙමද ? හෆොයි එහෙනම් මගේ එවා හොඳටෝම ගෙවිලාඇති !
Deleteඅර කකුල් දෙක නම් පට්ට පට පට !
ReplyDeleteමටත් ආසාවෙ බැරුවා...අපිට කොයින්ද ඉතින් බූල් බල්ලො ?
Deleteම් ඉස්කොලේ ගියකාලේ සහ පස්චාත් ඉස්කොලේ සමය කොච්චර ජොලිද නේ වෙනි අයියා....ඇත්තටම ඔය දැන් වෙනි අයියා ඉන්න පැත්තේ සුන්දර දසුන් නැතුවාම නොවෙයි නේව ආ ජනකාලා එක පැත්තේ වැව් බන්ට් එක උඩටත් යන එකනේ තියෙන්නේ ඉර මුහුදට වැටෙන වෙලාවක් අල්ලලා
ReplyDeleteඔව් තාම මේ ඒරියා එකේ ඇවිදින්නම බැරි උනා..ඉස්සරහදි හිතන් ඉන්නෙ වෙල් එලි වල දුව පැන යන්ඩම තමයි...
Deleteකොහේ ගියත් කමක් නෑ.ගිහින් ඇවිත් පෝස්ට් එකක් දාමු වුන දේවල් ලියලා. :D
ReplyDeleteඔව් නංගි මට ඉතින් කොහේ ගියත් ඇබැද්දියක් නොවී තියෙන්නෙ නෑ.. අනිවා ලියන්නම් ! තාම ඔළුව හැරුනු හැරුනු අතේ යන්ඩ නිවාඩුවක් ආපු නැති එකයි ප්‍රශ්නෙ..
Deleteබල්ලට හැතැක්ම නෑ වගේ ඇවිදපු කාලේ අයේ එන්නනම් පිස්සු හැදෙන්න ඕනෙ. ඇවිදලා ඇවිත් අම්මව ඇහැරවන්න බැරි හින්ද ගහක් උඩ පැලක් හදාගෙන තිබුන නිදාගන්න. ඒ තිබුන නිදහස් කාලෙ ආයෙත් නෑ කියල මතක් වෙද්දීත් දුකයි!
ReplyDeleteඔව් අප්පා..මේ යන තාලෙට ඊළඟ ආත්මෙ වත් එහෙම තීයේදැයි සැකයි...
Deleteඇවිදින එක නම් කොහේ කරත් හොඳයි....
ReplyDeleteසහතික ඇත්ත..
Deleteඔළුව හැරිච්ච අතේ ලියපු පෝස්ට් එකක්..
ReplyDeleteඒ ක්‍රමේ ලස්සනයි හැබැයි...
පට්ට..
ඔව් මල්ලි, හිතෙන හිතෙන දේවල් ලිව්වා...
Deleteඅපි එකපාරක් කහවත්තේ තොරණ බලන්න ගිහින් සීතා ස්ටුඩියෝ එකේ උඩ තට්ටුවට නගින පඩිපෙළ දිගේ ගිහින්, උඩ තට්ටුවේ වටේට තියෙන ස්ලැබ් එකදිගේ ගිහින් පිටිපස්සේ තියෙන දියසෙවෙල් බැඳිච්ච ගඩොල් බැම්ම දිගේ කට්ට කරුවලේ ගිහින් පිට්ටනියට ගියා.පොඩ්ඩ මිස් උනානම් කොන්ද. ඒ ඔක්කොම කලේ අච්චර ලොකු පාරක් එතනම තියෙද්දී. හිකිස්. එක ගොන්කමද කොලුකමද මන්දා.
ReplyDeleteඅප්පේ කොළුකමට ඒ කාලෙ ගත්තෙ අවදානම් දැන් නම් මතක් වෙද්දිත් ඇඟ හිරි වැටෙනවා..
Deleteඇත්තම කිව්වොත් වෙනී උඹේ බුරුසු රැවුල දැක්කම උඹට මේවගෙ කකුල් දෙකක් ඇතියි කියලා හිතා ගන්නවත් බෑ.
ReplyDeleteඅද ඉඳලා උඹට යාලුවො ඉඳී ඕසෙට!
Publicity Stunt එකක්ද මන්දා!
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
බුදු අප්පොච්චියේ එවන් කකුල් කෙටි දෙකක් තිබ්බා නම් මට...මෙහෙ බ්ලොග් ලිය ලියා ඉඳී හේනම් !
Deleteම්මත් පටන් ගන්න ඕන ඇවිදින්න. අම්බානක බඩ ඇවිල්ලා...
ReplyDeleteඔව් මාතලන්ට නම් බඩ ටිකක් තිබ්බත් අවුලක් නෑ..ඒත් මගේ බඩ එනවා..අර ලබ්බට ගැහූ කෝටු කෑලි වගේ සමස්තයම ගත්තොත්...
Deleteපටන් ගත්තොත් දිගටම ඇවිදින්න වෙනවා.... මග නැවැත්තුවොත් කෙලවෙනවා... බඩ එන්නේ හිටු කියල.... :D
Deleteමටත් හිතෙනව වෙලාවක ඔන්න ඔය විදිහට ඔළුව හැරුන අතක යන්න. ඒත් ආපහු එන්නත් වෙනවනෙ කියල මතක් වෙනකොට යන එක එපා වෙනවා.. මේ පැත්තට ආපු පළවෙනි වතාව මම හිතන්නෙ...
ReplyDeleteඔව් තාරා ආවමයි නේද ? ස්තූතියි..
Deleteඅපේ බහුතරය්ක් ගත්තොත් ඒකට කැමතී..කරන්න අමාරුයි ඒත්..
කොහේ ගියත් කමක් නැහැ පාර මතක තියාගන්න අයියා නැත්තම් ආයේ එන්න බැරිවෙයි :)
ReplyDeleteනිකම් ඉබේම වගේ ආපහු ගෙදර එන්න ඔළුව හැරෙයි වගේ නිශාන් මල්ලි..
Deleteමාතෘකාවයි පොටෝ එකයි නං ගැලපෙනවා... පෝස්ට් එක තමයි...
ReplyDeleteමට නම් ෆොටෝ එක ඇරෙන්ඩ වෙන මුකුත් එච්චර ලකයක් නෑ වගෙයි බීටලෙ..
Delete"ඇයි අම්මෙ කන බොන වෙලාවට නම් ඉවෙන් වගේ ඔය ගෙදරට දුවන්නෙ"
ReplyDeleteනොදෝකිං අක්කලා ඔහොම්මමයි අක්කලා ඔහොම්මමයි.
නංගියෙක් නං කමිසයක්වත් හෝදලා දෙනවා
සහතිකම සහතික ඇත්ත..අවාසනාවට මටත් නංගියෙක් නම් නෑ..හිටිය දෙන්නම අක්කලා..ඒත් ලොකු අක්කා හොඳා..
Deleteඑහෙනම් දිගටම ඇවිදිමු..
ReplyDeleteඔව් දිනේශ් මල්ලි, ඇවිදින කොට වෙන ඒවා ලියන්නත් පුළුවන්...
Deleteවෙනී අයියට නියම කකුල් දෙකක්නෙ තියෙන්නෙ.
ReplyDeleteහා හා ප්‍රසා මල්ලි ඔය මගේ නෙවෙයි..
Deleteඅම්මපා මේ කතාව ඇත්ත... උදේ පාන්දර පහට, විනාඩි දහයට හැතැම්මක් දුවන්න පුළුවන් කාලයක් තිබුනා නෙව කියලා හිතෙනකොටත් දුකයි දැන් නම්.... එහෙම දිව්වේ කෝච්චිය අල්ලන්න.... ඇයි අප්පා ලවු කරන කාලේ කොච්චර ඇවිද්දත් දැනුනේ නෑ නේ ඒ කාලෙ....අපිට නැනෝ කැබ් තිබ්බයැ.. යන තැනක පයින් තමයි....
ReplyDeleteඔලුව හැරුන අතේ යන්න තියනවා නම් ඉතිං මාත් ආසයි.. ඒත් මේ ධර්මදීවීපේ කෙල්ලෙක්ට පාරේ බැහැලා අඩි දහයක් යන්න බෑනේ වාහනයක් ඇගට කැපෙන්නේ නැතුව.... ඉතිං කොහෙද....
අපොයි මේ ඇවිදිල්ලත් පිරිමි අපිටම තමයි කර ගන්න පුළුවන්..ඒත් මන් දුටුවා පවුල් පිටින්ම ඇවිදිනවා මේ දවස්වල..ඒ වගේ ඔප්ශන් එකකට යන්න පුළුවන්නෙ..
Deleteමගෙ රස්සාව ඉතින් ඇවිදින එක නෙව.....
ReplyDeleteඒක ඉතින් පෙර කල පින තමයි අභියො...
Deleteදාන්න වෙනියෝ පහක් මමත් එනවා යන්න ....
ReplyDeleteහා රොබින් දෙන්නෙක් එක්ක ඇවිදින කොට නම් ඉතින් කම්මැලිත් නෑ..මහන්සිත් නෑ.. අපි දෙන්න පාරෙ යනකොට අර ගලිවර් ඇන්ඩ් ලිලිපුට්ස් වගේ තියේද මන්දා ?
Deleteමේ ලඟදී දවසක් පැල්මඬුල්ලෙ ෆිල්ම් හෝල් එක පිටිපස්සෙ පතල් වාඩියකට වෙලා හොඳට බීලා බීලා කතා උනා කිරිඳි ඇල්ලෙ නාන්න යමු කියලා, [රෑ දෙකට විතර ඇති], තව බෝතල් දෙකකුත් අරගෙන බයිට් එකක් දාගන්න ගියා නයිට් කඩේට, ස්ටෑන්ඩ් එක ගාව තිබ්බ පොලිස් ජීප් එකකට නිකමට වගේ පොඩි හූවකුත් තියාගෙන ගියේ.. නයිට් කඩේ ගාව බහින්න විතරයි හම්බ උනේ අපේ යාලුවෙක්ව දාගෙන ජීප් එක ගියා පොලීසියට,
ReplyDeleteපහුවෙනිදා දවල් 2ට එලියට ගත්තෙ යාලුවව අපිත් 2 ක වෙනකල් ඇහරල ඌට නඩුවකුත් දාල කැමා කැප් එකක් දාගෙන හිටිය කියලා.
පොලෝසියේ අයියලට නම් හූ කී එක ඇද ගෙන නාලා හැඩයි..කිරිඳි ඇල්ලෙ වහින කාලෙට තමා වතුර වැඩී..වගේම භයානකයි..
Deleteuwiniran, තාම කැමෝ අඳින්න තහනම්ද සිවිලියන්ස්ලට? මම හිතුවෙ ඒ නීතිය තිබ්බෙ භීෂණය කාලෙ විතරයි කියලා.
Deletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
ඇඳන් හිටියොත්,
Deleteඋන්ට නඩුවක් දාන්න හිතුනොත්,
තහනම්.
අර දාලතින්නේ වෙනියගේ කකුල් දෙක නම් වෙන්ඩ බැහැ.. ඒකෙන් ඇවිද්ද පාටක් පෙන්නේ නැහැනේ..
ReplyDeleteඅනේ මගේ දෙක මෙතන දාලා කට්ටියට පිළිකුල් භාවනාවකට අරමුණක් හදලා දෙන්නෙ මක්කටැයි කියලා හිතුවා සරත් අයියෙ !
Deleteඔළුව හැරුනු අතේ යාමේ ආසාවක් මටත් තියෙනවා කෝ නිවාඩුවක් නැහැ නේ
ReplyDeleteජොබ් කරනකොට ඇවිදින්න සල්ලි තියෙනවා, වෙලාව නැහැ. ජොබ් නැති කාලේ ඇවිදින්න අතේ සල්ලි නැහැ වෙලාව තියෙනවා
ඇවිදිල්ලද. මතක් කරන්න එපා ඕක ගැනනම්. උසස් පෙල කාලෙම ගම්පහ ඇතුලෙ විතරක් ඇවිදල ඇති කිලෝමීටර 1000කට එහා. නුගේගොඩත් එහෙමමයි. ඇවිදගෙන ස්ටේසමට ඇවිත් ඉතුරු ටික කෝච්චියෙ තමා... :)) :))
ReplyDeleteඇවිද්දාම ගෙවෙනවනම් මේ වෙනකොට දනහිස් ගාවටම ගෙවෙන්න ඕන. මමනම් වැඩිපුරම ඇවිද්දේ කොළඹ ආවට පස්සේ.හෙට විභාගෙ කියලත් මට මතකයි ගුවන්විදුලියෙ මියුරු කල්පනා බලන්න ගියා. රෑට ගුවන්විදුලියෙ ඉදලා වෙනි අයියගෙ ඔෆිස් එක ළගින් ජාතික පොළ හරහා පොලිස් ගරාජ් එක ළගට පයින් තමයි එන්නේ. ඔය වගේ පයින් ගිය තැන්නම් ඕන තරම්. හැබැයි වැඩිපුරම පයින් ගියෙ රෑට. සමහර වෙලාවට බස් තියෙද්දිත් පයින් ගියා. ඒක කොළුකම වෙන්න ඇති. අන්තිමටම වැඩිම දුරක් පයින් ගියේ ගිය අවුරුද්දෙ වෙසක් බලන්න කනත්ත හන්දියෙ ඉදලා ටවුන්හෝල්, ගංගාරාම හරහා කොටුවට පයින් ගිය ගමන. වෙනී අයියගෙ කකුල් දෙකට තව තවත් ඇවිදින්නට ශක්තිය ලැබේවා. ජය...!
ReplyDelete