ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Thursday, July 26, 2012

ඉවරයි මීයා !


ලෝකය ගෝලාකරයි... මිනිස්සු විවිධාකරයි.. කියලා හැමෝම කියනවා. පූසා නම් කියන්නෙ ලෝකය බෝලාකරයි කියල උනත් මට ඒකෙ යම් ඇත්තක් තියෙනවා කියලා තේරුනෙ අද තමයි.. අද කියලා කිව්වත් මේ දැන් මොහොතකට කලිනුයි. 


මගේ මීයා ඉවරම උනා.. මගේ නොසැලකිල්ලෙන්ම තමයි ඒක උනේ.. ආයි කාටවත් ඒකට වරද්දක් පටවන්න ඕනි නෑ මට.. මට හරි අප්සට් මොකද ජීවිතේටවත් හිතුවෙ නෑ මේ වගේ දෙයක් වෙයි කියලා මේ වගේ මොහොතක.. ඒත්.. මගේ හිතට ආපු දුක කවුරු හරි එක්ක බෙදා හදා ගත්තොත් දුක අඩු වෙයි කියලා මන් හිතුවා යාළුවො කීප දෙනෙකුට මේක කියලා මොනා හරි සැනසුම් වදන් ටික අහ ගත්ත නම් මට අද රෑ නිවී හැනහිල්ලේ නිදා ගන්න තිබ්බා නේද කියලා..



ඉතින් ඕනිම වෙලාවක මුලින්ම අපි කතා කරන්නෙ අපේ හොඳම බොක්කකටනෙ..


"හෙලෝ මචන්?"


"හෙලෝ මොකද බන් මේ යක්කු ගස් නගින වෙලාවෙ?"


"ඈ යක්කු ගස් නගිනවද ? උඹ ඉතින් ඔය බලන් ඉන්නවද ගහ යටට වෙලා?"


"කියහන් බන් අපි මේ නිදා ගන්න හදන්නෙ "


"මචන් මගේ මීයා ඉවරයි"


"මොනවා මොනවා පොඩ්ඩක් හිටහන් මන් රූම් එකෙන් එලියට එනකන්..ඉතින් ඉතින් මොකද්ද උනේ.. උඹ අදත් අර ගුබ්බෑයමේ රිංගුවද ? අර මාතර වගේ හපලා කඩා ගත්තද ? බලහන් අපි කොයි තරම් නම් කිව්වද උඹට  ඔයවා නවත්තන්න කියලා.. කෝ ඇහුවයැ? දැන් මොකද කරන්නෙ ? හොස්පිටල් යනවද ? ඩොකාලට ඇත්තම කියනවද ? යකෝ පත්තර වල , ටීවී එකේ පවා නිව්ස් එක යයි. උඹ පට්ට විදියට ෆේමස් වෙයි"



යාළුවා කියවා ගෙන කියවා ගෙන යනවා..


"මචන් මන් තියන්නම්..ඕවා එළියට එනකොට මමත් උඹේ යාළුවෙක් විදියට ඉන්න එක මටත් හොඳ නෑ..මචන් අපි මීට පස්සෙ අපේ යාළුකම් ඉවරයි. උඹ ආයි කොහෙවත් මගේ යාළුකම ගැන කියන්න එපා"


බීප් බීප් බීප්.. සද්දෙන් කියන්නෙ යාළුවා කෝල් එක කට් කලා කියලා.. ආයිමත් ඇත්ත කතාව කියන්න කෝල් කලත් ඔයිට ඉස්සෙල්ලා දවසක මගෙන්ම අහ ගත්ත විදියට මිනිහා මගේ නම්බර් එක බ්ලැක් ලිස්ට් කරලා.. කෝල් ගන්න බෑ ආයිමත්.



හ්ම්ම්ම්ම්ම්...


ලොකු සුසුමක් හෙලපු මන් ඊළඟ කෝල් එක ගත්තා..


"මීයා ඉවරයි මචන්"


මගේ කටනඬ හැඬුම් බර වෙලාද මන්දා ..


"මේ උඹ මාව නම් පරීස්සනාගාර මීයෙක් කරන්න හිතුවා මදි..කවුරු රට හාවො කලත් අපි නම් අහු වෙයි ඕවට.. ඌ මැරුන නම් මගේ නම ළඟින් පට්ට හැපී කියලා ලියා ගනින්"


ඒ කෝල් එකත් කට්!



"නංගි මගේ මීයා ඉවරයි"


"අනේ අයියෙ ඇත්තද නියමයි ශෝක්.. අයියා ඕකා නිසා කොයිතරම් නම් වද වින්දද ? දවස් ගානක්ම නින්ද නෑ කියලා මාත් එක්ක රෑ කීයක් නම් පැය ගානක් ෆෝන් එකෙන් කතා කර කර හිටියද ? දැන් නම් අයියට සැපට නිදා ගත්තහැකි. නේද ? මොකද උනේ මී කතුර අහු උනාද ? නැත්නම් මී පාසනම් කෑවද ? පූසා ඇල්ලුවද ? මීයො කීයක් විතර ඉවරද ? අයියෙ අද අරයා ගෙදර ඉන්නවා.. බාත් රූම් එකේ.. අපි වෙන දවසක කතා කර කර ඉමුකො එහෙනම්.. බායි.. ප්ලීස් ටේක් කෙයාර් !"



අන්තිමේටම කියලා මාත් එක්ක එච්චරටම යාළුත් නැති තරහත් නැති මෙලෝ රහක් නැති යාළු කමක් තිබ්බ එකෙක්ට කතා කලා..


"මෙහෙමයි ලියන්නො.. දැන් මොනා කරන්නද ? ඔයා කොහොමත් පහු ගිය දවස් ටිකේම ඕක ඔනිවට වඩා අත පත ගාලා පරිහරණය කරාත් එක්ක නේද ? ඔහොම මීයො නැති වෙච්ච එකම එක්කෙනා ඔයා නෙවෙයිනෙ. පෙරලිච්ච පිට හොඳා කියලා ඕන ඔහෙ පැදන් යන්න. ඕනිම නම් සති දෙකක් යයි ඔය අළුත් සිටුවේශන් එකට හුරු වෙන්න. ඊට පස්සෙ ඔයා ඒකෙ හොඳ කියන්න පටන් ගනී"








හ්ම්ම්ම්ම්ම් පූසා හරි ලෝකය බෝලාකාරයි.. මිනිස්සු විවිධාකාරයි..
ඇත්තටම මන් මීයට නිවන් සැප ප්‍රාර්ථනා කරන්න මොහොතකට පෙර  කර කර හිටියේ මගේ බ්ලොගෙ එකේ  ඉස්සෙල්ලා ලියපු පෝස්ට් එකට දමලා තිබූ කමෙන්ට් වලට පිළිතුරු ලිය ලියා..


මන් නොසැලකිල්ලෙන් මේසෙ උඩ තිබ්බ වතුර මග් එක ගන්න ගිහින් වයර් එකේ අත පැටලුනා.. පටෝල් ගාලා වැටුනෙ නැද්ද බිමටම.. ඕන් බලන්න කෑලි කැඩිච්ච හැටි..




හැබැයි තාමත් අස්සෙ තිබිච්ච ලයිට් එක නම් ශෝයි එකට පත්තු වෙනවා..


 දැන් ඉතින් ආයි අළුත් එකක් ගන්න වෙනවා..
මට මීයා වෙනුවට මේ ටච් පෑඩ් එක පාවිච්චි කරලා එච්චර පුරුදු නෑ.






ඒ නිසා.. හෙටම ඕන් අර පහුගිය පෝස්ට් එකේ කමෙන්ට් වලට උත්තර බඳිනවා..ඒ ගැන මගේ සහෘද ආදරණීය පාඨකයො බැන බැන හරි සමාව දෙයි අප්පා... මීයත් නැති අසරණයනෙ කියලා..








92 comments:

  1. ඉවරයි මීයා !

    හික් හික් ... මම බයවුණු තරමක්.

    ReplyDelete
    Replies
    1. මට තාමත් පාඩුයි වැඩෙන්.. තාම එකෙක් ගන්න බැරි උනා..

      Delete
  2. නොදන්න කමට අහන්නේ
    වැඩිපුරම ඉන්නේ කළු මීයොද???

    ReplyDelete
    Replies
    1. කාලෙකට පස්සෙ නාකියා ? ඔව් මන් කළු මීයන්ට තමා කැමතී.. සුදු උන් කිළුටු වෙනවා මල්ලි ඉක්මනටම...

      Delete
  3. මටනම් ඔය මීයො දිරවන්නෑ.. ටච් පෑඩ් එක එලස්..

    උඹට අයියේ කමෙන්ට් වලට උත්තර දෙන්ඩ බෑ.. ඒ වුනාට පෝස්ට් එකක් දාන්ඩ පුලුවන්.. අනේ මගෙ කට.

    ReplyDelete
    Replies
    1. සෙන්නා අන්තිමට මන් උත්තර දුන්නෙ බොලාගෙ කමෙන්ට් එකටද කොහෙද ? ඒ ගමන්මයි මීයා කැඩුනෙ.. සත්තයි..

      Delete
  4. මම හිතුව මියා එක්ස්පයර් වෙලා කියලා..

    ටච් එක පුරුදු නැහැ වගේ :ඩී

    ReplyDelete
    Replies
    1. අරන් වැඩි කාලයක් නෑ මල්ලි, ටච් පෑඩ් එක පාවිච්චි කලේම නැති නිසා හුරු නෑ..හැමවෙලාවෙම ඇඟිල්ල පෑඩ් එකෙන් එලියට යනවා අප්පා...

      Delete
  5. හපොයි ඕවා විසික් කොරන්න හොඳ දේවල් නෙමෙයි.... කැඩුණු දේ හදන්න පුළුවන්නේ... ඔය ඕනතරම් දේවල් හදන එකේ මීයව විතරක් හදන්න බැරිවෙන එකක් නෑනේ... :P

    ඕකේ සර්කිට් එක තියෙන්නේ ගින්දර වගේ ශෙලෝටේප් පාරක් ගහලා ගන්නකෝ වැඩේ ගොඩනේ... අළුත් මීයා මක්කටෙයි පුරුදු මීයනේ අතට සැප....

    ReplyDelete
    Replies
    1. එහෙම හරි ගස්සගන්න බෑ වගෙයි. මොකද ඒකෙ ප්ලාස්ටික්කෑලි වලින්ම කැඩිලා ගිහින්.. අර ඔබන ස්විච් ටික මැදින්ම කැඩිලා..

      Delete
  6. මීයත් ගියා එහෙනම් ;d

    ReplyDelete
    Replies
    1. ඔව් අනේ.. මන් පව් නැද්ද හා ?

      Delete
  7. එකපාර ගනින් වෙනී අයියෙ වෑර්ලස් එකක්... ;) ටච් පෑඩ් නම් කතා කරන්න එපා... මටත් දිරවන්නෙම නෑ...

    පේන විදිහට නම් ඔය මීයා වුනත් සෙට් කරගන්න බැරි වෙන එකක් නම් නෑ...

    ReplyDelete
    Replies
    1. මේකා හදන්න බෑ.. වෑරලස් උන් හරි ගනන් නෙ ! නැට්ට තියෙන මීයො තමයි සෝයි..

      Delete
    2. වෑර්ලස් අරන් බැට්‍රි දදා ඉන්නවට වඩා හොඳයි ඔය මීයා. මටත් ලැප් වල tuch pad & key board තිත්තයි.

      Delete
  8. හපොයි එහෙම උනාම නම් එපාම වෙනවා.touch pad පාවිච්චි කරන එක මහ වදයක් තමා. ඒත් ඉතින් මොකක් වත් නැතිකොට එකත් සැපයි. :P

    ReplyDelete
    Replies
    1. ඔව් දැන් මේ පෝස්ට් එකම ලීවෙ ටච් පෑඩ් එකෙන් තමයි..

      Delete
  9. අයියගේ මීයාගේ කළු,
    දාර දෙක අතටම හමගිහිල්ලද කොහෙද සුදුමැලිවෙලා,
    තැලිච්චපාරට ලේත් ඇවිල්ලා
    ඔක පතන කොලයක් ඇලෙව්වනං හරි

    ReplyDelete
    Replies
    1. ඔය මීය ගන්න කොටම තිබ්බෙ ඔහොමමයි අටම් මල්ලි, මොන කොලේකින් වත් ගොඩ දාගන්න බැරි වෙයි.. අළුත්ම එකක් ගන්නයි ඉන්නෙ.. මල්ලි ඒ කීව කොල ගන්නෙ කොයි කඩෙන්ද ?

      Delete
  10. ඔය මීයගේ ලයිට් එකට මොකෝ කරන්නේ,,ඕකෙන් වැඩක් ගන්න බැරි කමක් නෑ, ඕක බ්‍රේක් ලයිට් එකක් කරන්න තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඔව් පීසී එකේ වැඩිපුර තියෙන යූඑස්බී එකකට ගහලා තියෙනවා.. ළමයි බය කරන්නත් හොඳයි වගේ..

      Delete
  11. තව පොඩ්ඩෙන් අනාගතේම ඉවරයි!!!!හික්ස් හික්ස්....

    ReplyDelete
    Replies
    1. තව එකක් ගන්න කන් අනා ගන්න එකක් වත් නෑ

      Delete
  12. මේක සරල කේස් එකක් නේ.. :) මම නම් කියවද්දිම දැනගත්ත මේ නම් මවුස් එකට සොරි කරගෙන ලියන පෝස්ට් එකක් කියලා.. :)

    ReplyDelete
    Replies
    1. මොන සරලද ? ලෝකයගෙන් අහ ගත්ත කතා ටිකම මදිද ක්සැන්ඩර් ?

      Delete
  13. ටච් පෑඩ් එක පහසුයි මං හිතන්නේ හුරු උනොත්..

    ReplyDelete
    Replies
    1. ඒක පුන්චි වැඩී හිරු...

      Delete
  14. ටච් එක වෙනි අයියට පුරුදු නෑ වගේ.. :)

    ReplyDelete
    Replies
    1. නෑ මල්ලි පාවිච්චි කලේම නෑ.. ලැපා එක්කම මවුසක් ගත්තා...

      Delete
  15. දුවලා ගිහින් අලුත් එක්කෙනෙක් ගන්ට. :)

    ReplyDelete
    Replies
    1. තාම බැරි උනා පොඩී.. අදත් ඉතින් ටච් පෑඩ් එකම තමා ඉතින් !

      Delete
  16. වෙනී අයියටත් වෙන දේවල්. අලේ මල්දල්ලෑ අෆ්ෆා... මටත්නං ටච් පෑඩ් හරියන්නෙ නෑ. දැන් පාවිච්චි කොරන්නේ දෙවෙනි මීයා...

    ReplyDelete
    Replies
    1. මන් මේ පාවිච්චි කරන්නෙ හතර නැත්නම් පහ ! උන් බිම වැටිලාමයි කැඩෙන්නෙ මල්ලි !

      Delete
  17. පවු දෙයියනේ...
    දැන් ඉතින් වෙක මීයෙක්වත් අරගෙන හයි කරගන්ඩ... ආයේ ඉතින් වෙන මක්ක කරන්ඩ ද !!

    ReplyDelete
    Replies
    1. ඔව් හෙටවත් අලුත් එකෙක් ගන්නවා..

      Delete
  18. ඔය මට්ටමින් තියෙන මීයන්ව රිපෙයාර් කරන්න පුළුවන් සමහර වෙලාවට. අපේ පොඩි එකීට මීයන්ව අහු වුනාම බිමට අත අරින එක පුරුද්දක්. කෑලි කැඩෙන ඒවා හදා ගන්න එක මගේ පුරුද්දක්..

    ReplyDelete
    Replies
    1. ඒත් මේකෙ ප්ලාස්ටික් වලින්ම කැඩිලා තියෙන නිසා.. බැරි වෙයි මයෙ හිතේ..

      Delete
    2. අලවගන්න පුළුවන් මට්ටමේ තියෙනවනම් බොහෝ දුරට පුළුවන්. ඇතුලේ සර්කිට් එක වැඩ නේද ?

      Delete
  19. ආවා... කියෙව්වා ගියා.... වැඩි වෙලා ඉන්න එක එච්චර ඇඟට ගුණ නෑ... මොකද මගෙ බ්‍රේක් නැති කටෙං ඔය මීය ගැන වෙනී අයියට තවත් දුක හිතෙන මොනව හරි කියවුණොත් එහෙම... පවුනෙ...

    ReplyDelete
    Replies
    1. අනේ මීයත් නැති අසරණ මන් ගන එක්කෙනෙක් හරි අනුකම්පා කල එක හොඳා ..

      Delete
  20. ඔය දෙපැත්තෙ කෑලි දෙක ලස්සනටනෙ තියෙන්නෙ වෙනී අයියෙ. ඒ කෑලි දෙක නැති උනාට ඕක පාවිච්චි කරන්න පුලුවං. ඕනනං පොඩ්ඩක් අත හිරිවැටෙයි කරන්ට් එක වැදුනම.

    ReplyDelete
    Replies
    1. ප්‍රසා මල්ලිට කියන්න ගොන් කමට මන් එහෙම කරන්න ගිහින් 3-4 සැරයක්ම එහෙම කොර ගත්තා නොවෙන්නම්..

      Delete
  21. ඕක කියෙවුවම මතක් උනේ.. මන් දවසක් ගත්තා වෑරලැස් මීයෙක්.. ඔන්න ඔකාගේ බැටරි මාරු කරන්න අරින තැන හොයාගන්න මට අමාරු හින්දා අපේ ඉලෙක්ට්‍රොනික් එන්ජිනියර් සගයට දුන්න.. ඌයි උගේ දෙවෙනියි දෙන්නම ඉස්කුරුප්පු නියන් අරන් ගලවලා අරක විනාස කළා. බොහොම වද විඳලා ඔන්න කෑලි ටික එකතු කරා කියමුකෝ.. ඕක බලන් හිටි අපේ අලුත් කොල්ලෙක්.. කෝ දෙන්න කියල අරන් සුරුස් ගාල බැටරි කෑල්ල ඇරලා දුන්න. අයියෝ.. අපේ ඉන්ජෝ දෙන්න නිකම් සවුත්තු උනානේ..

    ReplyDelete
    Replies
    1. ඔව් අයියෙ මාත් ඉතින් ඉඳලා හිටලා ඔය ගැජමැටික් ගලවනවා කොයි තරම් හොඳට හයි කලත් කෑලි කීපයක්ම ඉතිඋරු වෙනවනෙ.. අපි නම් ඉතින් සයන්ස් කාරයො නැසෙන සුළු නිසා කොමස් කල අය කියමුකො..ඒත් ඉන්ජො ??

      Delete
  22. පුහ්! බලහල්ලකෝ වෙනී අයියාගේ මීයාව ලයිට් හිට දාලා සරසලා තියෙන්නේ! මගේ මීයාගෙනං බෝල තියෙන්නේ!

    ReplyDelete
    Replies
    1. ඒ බෝල තියෙන මීයො දන් මාකට් එකේ නෑ නොව මල්ලියෙ..ඒකද අර බෝලාකාරයි කියලා තියෙන්නෙ ?

      Delete
  23. ඉන්ජන්ට කොහොමත් ඔහොම වෙනවා

    දවසක් එක ඉන්ජෙක් ගියර් වීල් එකක් මාරැ කරන්ඩ

    මෙෂින් එකක් ඩ්‍රීල් කරලා හවුසින්එක හිලකූත් හදලා

    ගලවාගන්ඩ බැරැව තලලා දාලා කෑලිත් කඩලා ගෙනාව

    මොකූත් නොකර ගෙනාවානං

    ගියර් වීල් එකට 135යි ඉදිකට්ට 15යි සේවාගාස්තූව 650යි

    මට වැඩේට යන්නේ විනාඩි 15යි

    මට මතක විදිහට මෑන් රැපියල් 2500ක විතර කෑලි ඩැමේජ් කරලා තිබුනා අන්තිමට මම ගලවන විදිහ පෙන්නුවහම ඔලුවේ අතගහගත්තා

    ReplyDelete
    Replies
    1. සේවා ගාස්තුව නැතිව ඔය වැඩේ කරගන්න බැරිද? :D

      Delete
    2. විනාඩි 15 ට රුපියල් 650 ක් !

      මගේ හිතේ බ්ලොග් ලියන අයගෙන් වැඩිම පොහොසතා අටම්පහුර අයියා වෙන්ටෑ. :)

      Delete
    3. ඔව් අටම් එහෙම වෙනවා තමා..කාර්මික ඥානය පිහිටන්නෙ කීප දෙනෙකුට විතරයිනෙ..
      ප්‍රසා යාළුවන්ට සර්විස් චාජ් දමන්නෙ නැති වෙයි.. ඕඩර්ස් තියේනම් නම් අටම් ට දෙන්න !
      DDT - ස්ස්ස්ස්ස්ස්ස්ස් කට කට කට !!!!!

      Delete
    4. විනාඩි 15කින් 650ක වැඩ කලාට ,මම දුප්පත් මට දවසටම ලැබෙන්නේ 800යි

      මම කොහොමත් මිතුරන්ට නොමිලේ සේවය සපයනවා

      ඒක තමයි මගේ විනේදාංශය

      Delete
  24. //මට මීයා වෙනුවට මේ ටච් පෑඩ් එක පාවිච්චි කරලා එච්චර පුරුදු නෑ.//
    ඕකයි හේතුව!:D
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඔව් අයියෙ ඒ හේතුව නිසයි පහු ගිය පෝස්ට් එකේ උත්තර් ලීවෙ නැත්තෙ.. උඹ පල්ලා ! ඉක්මනටම ලියන්නම් !

      Delete
  25. ඒ මීයා වගේ නෙමෙයි මේ මීයා..හරි සෝක්...

    ReplyDelete
    Replies
    1. කොයි මීයද අමිල ඔය කියන්නෙ.. මේ මීයා කැඩුනා නොවැ...

      Delete
  26. අනාගතයම අදුරේ වෙනියගේ ...

    ReplyDelete
    Replies
    1. නෑ රොබින් මේ රතු පාට ලයිට් එකේ එලියෙන් කාමරේ පැත්තක්ම එලිය වෙනවා.. අඳුර නෑ..

      Delete
  27. හයියෝ මීයා.
    අලුත් මීයෙක් ගත්තනං ඉවරයිනේ..
    ටච් පෑඩ් එක හුරු උනහම මාර ලේසියි..!

    ReplyDelete
    Replies
    1. ඔව් හෙටම ගන්නවා අළුත් එකෙක්..

      Delete
  28. අපොයි අයියේ වුන දෙයක්. හැබැයි ඇත්තටම ඕක අලවලා කරලා ගන්න බැරිද? වැඩි අවුලක් නැති වෙයි වගේ. අපෝ ටච් පෑඩ් මල කරුමෙ.වෙලාවට අපිට එහෙම ඒවා නෑ. :))

    ReplyDelete
    Replies
    1. අලවලා හදන්න බෑ නන්ගි ප්ලාස්ටික් කෑලිත් කැඩිලා..

      Delete
  29. හරියටම හරියන මීයෙක් ගන්න. නැත්තං පූසට අවුල්!

    ReplyDelete
    Replies
    1. පූසට අවුල් නැති මීයෙක් ගන්ඩෝනි තමා..

      Delete
  30. ෂුවර් එකටම ඕක අර පොතේ බලපෑමක් ද කොහොද.............. කට්ටිය අවවාද කළා නේද ඔය පොත දිගටම කියවන්න එපා කියලා... කෝ ඇහුවද.......? දැං ඉතිං ඉන්නකො මීයා නැතුව........

    ReplyDelete
    Replies
    1. ඒ පොතේ මීයෙක් නැති වෙන කතාවක් නම් තාම අහු උනේ ම නෑ. ඉස්සරහ ඇති මගෙ හිතේ..

      Delete
  31. වෙනි අයියේ ගන්න වැර්ලස් මීයෙක් ... ටච් පෑඩ් එක අව්ලක් නැහැ ඒත් ලොකු පේජ් එකක වැඩ කරන කොට ස්ක්‍රෝල් කරන්න ගියාම මල පනිනවා ...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් බලන්න ඕනි වාරලස් ගනන් වැඩී.. මන් නැට්ටටත් ආසයි ! ඒකයි..

      Delete
  32. ඔන්න මමත් අද බ්ලොග් ලියන යාලුවෙක්ට කතා කොරා.....

    උඹ දන්නවද අර වෙනී.........

    මොන වෙනීද බන්......

    අර මීයා නැති කොරගත්ත එකා බන්.....:):):)

    ReplyDelete
    Replies
    1. ඈ නිශ් කාටද බන් එහෙම කීවෙ ? හිටුකො හෙට අනිද්දාම කියන්න වෙන්නෙ අර ඇලුතින් මීයෙක් ගත්ත වෙනී කියලා තමයි..

      Delete
  33. මම හිතුවේ වෙන මීයෙක් ගැන..ඕකට මොකටද බං මියෝ..ටච් කරපංකෝ.

    ReplyDelete
    Replies
    1. ටච් කරනවාට වඩා මීයො තමා හොඳ බං !

      Delete
  34. මේ මීයා හැර තවත් මීයෙක් ගේ හරියක සිටියෙ නැතෙයි..!

    ReplyDelete
    Replies
    1. නෑ මූ විතරමයි හිටියෙ.. ඩෙස්ක්ටොප් එකේ හිටිය මීයා මේකට වැඩ කරන්නෙ නෑ.. මොකද මන්දා ?

      Delete
  35. ඔය මීය හුඟක් වැඩ ගත්ත එකෙක් වෙන්න ඇති නේද.. නරකද ඔය කෑලි ටික එකතු කරලා රබර් ආවරණයක් වගේ දාල ඔබල බැලුවොත්.

    ReplyDelete
    Replies
    1. නෑ මේක උනත් වැඩි කාලයක් නෑ අරන්.. ඒත් වැඩ ගත්තා ඩේලි.. හරි යන්නෙ නෑ.. අළුත් එකක් ගන්න වෙයිම වගේ...

      Delete
  36. හෆොයි වෙච්චි දේ.තනි ඇහැට ඇඩෙනවා ඈ.ළඟ පාතක හිටියා නම් එහෙම මගේ එකා හරි දෙනවා

    ReplyDelete
    Replies
    1. ඒ මහ රෑ ජාමෙ මීයෙක් ඉල්ල ගන්න පුළුවන් හරි හමන් යාළුවෙක් හිටියෙ නෑ නොවැ...

      Delete
  37. මම හිතුවෙ සිප් එකට අහුවෙලා කියල...:D

    ReplyDelete
    Replies
    1. ඒ අර අපේ බුද්ධි මලයටනෙ එහෙම උනේ !
      http://cyberyaya.blogspot.com/2010/11/blog-post.html

      Delete
  38. ඇයි බන් මීයා ඔහොම වැටුනට ඉවර වෙන්නේ නෑනේ මගේ අනන්තවත් වැටිලා තියනවා
    බොලාගේ මීයා බාලයි

    ReplyDelete
    Replies
    1. මේක ලාබ මීයෙක් ... ඒක නිසා බාලයි මයෙ හිතේ...

      Delete
  39. මම හිතුවේ මියා ගුලකට රිංගලා කියල.

    ReplyDelete
  40. මීයෙක් ඔහොම වැටිලා විනාස වුනා මම ඇහුවමයි. කලින් හොඳට පට්ට ගහපු එකක් වෙන්න ඇති මයේ හිතේ.

    ReplyDelete
    Replies
    1. මුලින්ම උනේ පිපුරුවා.. මන් හදන්න ගිහින් කැඩුනා.. ඊට පස්සෙ මමයි ඔහොම ලෙලි ගැහුවෙ !

      Delete
  41. මමත් සතියක් විතර යාළුවෙකූගේ ලැපක් පාවිච්චි කොලා.මටත් අර කොටුව පහුරැ ගාන එක හරියට අල්ලගන්ඩ බැරි උනා . මගේ පෝරිසාද දෝණියැන්දැනං විනාඩියෙන් අල්ල ගත්තා.

    අයියේ ලස්සන චූටි නැට්ට නැති මූසිකයෙක් ඉන්නවා දැක්කා මම 850කට.

    එව්වා එකක් ගමු, ටොයියා ලැපකට නැට්ට දිග නාකි මූසිකයෝ කැපෙන් නෑ

    ReplyDelete
    Replies
    1. ඕ ඕ.. 850 නම් අවුලක් නෑ.. බලන්න ඕනි ඒකවත් එහෙනම්...

      Delete
  42. ඔය මී පාසානම් කාපු මීයෝ පූසන්ට අහුවෙන්න එහෙම දෙන්න එපා...මොනව වුණත් පූස පව්නේ....hkzzzz!!!!

    ReplyDelete
    Replies
    1. නෑ ඉවර වෙච්ච මීයා මන් දැන් ඩෙකරේසන් එකකට එල්ලලා තිබ්බා...ඒකෙ ලයිට් එක මගේ නයිට් ලෑම්ප් එක විදියට පාව්ච්චි කරනවා.. වැඩිය කරන්ට් යන්නෙත් නෑ..

      Delete
  43. ඇහුවමයි ඩෙකරේසන් එකට මීය බිත්තියෙ එල්ලපු එකෙක් ගැන...

    ReplyDelete
    Replies
    1. මීයම නෙවෙයි සපා.. ඔය ලෙලි ගහපු මීයගෙ ඇතුලෙ රතුපාට කෑල්ලක් තියෙන්නෙ අන්තිම ෆොටෝ එකට උඩින්.. ආන්න ඒ කෑල්ල බිත්තියේ එල්ලුවා.. පීසී එකේ නිකන් තියෙන යූඑස්බී පෝට් එකකට ප්ලග් කලා.. ඒක පත්තු වෙවී තියෙනවා. පස්සෙ කල්පනා කලහම ඒ ලයිට් එක නයිට් ලයිට් එකට සෝක් කියලා හිතුනා...

      Delete
  44. මම එන්නට පරක්කු වෙලා නොවැ..
    දැන් නම් වෑර්ලස් මීයෙක්ම අරන් ඇති මයෙ හිතේ..
    මම නං හිතං හිටියෙ නොමිලේම මරණ දැන්වීමක් හදලා දෙන්න..

    ReplyDelete