ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Thursday, July 19, 2012

ගහ මරා ගමු මෙහෙම..






මේ ෆොටො එක ගත්තෙ නම්,
http://www.toonpool.com


මුන්ගෙ අම්මලට !@#$$$$ #%%&%$%#@ !@!##  
කියලා පටන් ගන්න කුණු හබ්බ වැලත් එක්කම අසල්වැසි ගෙදරක පටන් ගන්න රණ්ඩුව පුන්චි කාලෙ ඉඳලම අපිට හැමදාම හවසට අහන්ඩ දකින්න වෙච්ච සුපුරුදු දසුනක් උනා. ගෙදර වැඩිහිටියො නැත්නම් හෙරෙන් හොරෙන් අහල පහල වැට ළඟට ගිහින් ඔය කියන කතා අහන්නත් සරම කරට අරන් කූට්ටම එළියෙ දමාගෙන පාර දිගේ බැන බැන යන ඩේවිඩ් මාම දිහා බලා ඉන්නත් පිඩි උන් විදියට අපි ආසයි..ඊට පස්සෙ ඕක ගැන යාළුවො එක්ක කතා කර කර ඉන්න එක සහ ඒ කිව්ව ඒවයේ අමුතු තේරුම් අපි අපේ හැටියට විග්‍රහ කරලා හිනා වෙනවා කියන්නෙ ඒ කාලෙ කරපු දෙයක්. ඔය කාලෙ මට මතක විදියට හතරෙ පහේ පන්ති වල අපි හිටියෙ. අපේ ගෙදර උනත් මොනා හරි රණ්ඩුවක් උනොත් අහල පහල ඉන්න අය පවා ඔය වැට අස්සෙන් එබිලා බලන් ඉන්නවාත් මතකයි...


රණ්ඩු, ගැටුම්, මතවාද, තර්ක , විතර්ක ඔය මොනවා උනත් අපේ වැඩීහිටියො ඒ අය කෙලින් කටින් ඉන්න වෙලාවලට කිව්වෙ නරක දෙයක්, හොඳ නැති දෙයක් , තේරුමක් නැතිම දෙයක් විදියටමයි. ඒත් ඒ අයම රණ්ඩු වෙනකොට නම් ලෝකෙ තිබ්බ ප්‍රධානම කාරණය ඒකම තමයි වගෙයි රණ්ඩු උනේ.. ඇත්තටම රණ්ඩු  වෙන එකෙන් මොනවද බලාපොරොත්තු වෙන්නෙ ? රණ්ඩු හොඳද ? හොඳ නැත්නම් ඇයි ආයි ආයි රණ්ඩු වෙන්නෙ ? එහෙම ආයි ආයි රණ්ඩු වෙනවනම් රණ්ඩු වලින් හොඳ දෙයක් කරගන්නෙ කොහොමද කියන ප්‍රශ්නය හැමදාම රණ්ඩු වලට මුල් වෙන අළු යට තියෙන ගිණි පුපුරක් වගේ මගේ හිත යට පත්තු වෙන්න ඔන මෙන්න වගේ තිබ්බා.. 


රණ්ඩු ගැන ආයි මට හරි හමන් කියවීමක් එන්නෙ ඉගෙන ගන්න කාලෙ..ඒ මන් ඉගෙන ගත් ක්ශේත්‍රයට සම්බන්ධව උනත් ඒක ඇතුලෙ තියෙන කරුණු තරමක් හොඳයි වගේම විශය ක්ශේත්‍රයෙ විතරක්ම නෙවෙයි ඊට පිටින් අපේ ජීවිතවලටත් එක්කහු කර ගන්න පුළුවන්ය කියලා හිතුන නිසා හිතුන හින්දා කියලා දාන්ඩ හිතුවා..


"අඩෝ එක !@@$% ක් හරි ආයි මේ ගැන වචනයක් හරි කතා කරලා තිබ්බොත් කැති ගාගෙන හාගෙන යන්නෙ කෙහෙල් කොටුවක් කපන්නැහේ අම්ම්පල්ලා ඕන් !@#$%$ "


කියලා ඩේවිඩ් අයියා මැරිච්ච මිනිහෙක්ගෙ නහයක් වත් කපන්න බැරි තරම් හම්පඩ කඩුවකුත් අරන් බීලා වැනි වැනී යනකොට එකදවසක් ගලක් පැටලිලා මිනිහා කඩුව උඩ වැටිලා කකුල කපා ගෙන තිබ්බා මට මතකයි.


ඔය තියෙන ප්‍රස්තාර වලින් කියන්නෙ රණ්ඩු ගැන කාලෙන් කාලෙට ආපු මති මතාන්තර තමයි. 








අපි පරණ මති මතාන්තර පැත්තකින් තියලා දැන් පිළි ගන්න මතය වෙච්ච ගැටුම් වර්ග දෙකක් තියෙනවාය.. ඒ දෙක එක ප්‍රයෝජනවත් ගැටුම් (Constructive Conflicts) සහ අනික සම්බන්ධතා ගැන ගැටුම්ය (Relationship conflicts)  කියන මතය ගමුකො.ඔය සම්බන්ධතා ගැටුම් වලදි ඉස්මතු වෙන්නෙ පුද්ගලික දේවල් මිසක් අර ගැටුමට මූලික වෙච්ච කරුණු නෙවෙයි. අන්තිමට රණ්ඩු වෙන්න පටන් ගත්තෙ මොකටද ? ඉවර වෙන්නෙ මොකකින්ද ? කියන කාරණා දෙක අහසට පොළව තරම් දුරස් වෙනවා..  විශේෂඥයො කියන්නෙ මේ ප්‍රයෝජනවත් ගැටුම් වැඩි කරලා අර අනිත් ගැටුම් නැති කරන්න එහෙම නැත්නම් අවම කරන්නයි කියලා.. ඔය පොත පතේ ඔහොම කීවට ප්‍රායෝගිකව ඕක කරන්න පුළුවන්ද ? 


බෑ...


බෑ... ප්‍රායෝගිකව ඕක කරන්න හරිම අමාරුයි..ඒත් බැරිම නෑ.. මොකද වෙන්නෙ ප්‍රයෝජනවත් විදියට රණ්ඩු වෙන්න පුළුවන් .. ඒත් ඒ රණ්ඩුව ගැඹුරට ගැබුරට යන්න මතු වෙන්නෙ අර අනිත් ගැටුම් තමයි. ඔන්න මීයා ඇදිලා එනවා ඔතනට..


ඉතින් එහෙනම් කොහොමද ගැටුම් ප්‍රයෝජනවත් විදියට පවත්වා ගෙන යන්නෙ..


එකක් තමයි ගැටුමට සහභාගි වෙන පිරිස තමන්ගේ චිත්තාවේග පාලනයට (Emotional Intellegence ) දක්ශ මනා හැකියාවක් ඇති අය වීම.. එතකොට ගැටුම නරක පැත්තක්ට යන්න ගියත් ආයි ගන්න පුළුවන් හරි පාරට..


අනික ගැටුම ඇති වෙන්ඩ දෙන්ඩ ඕනි සංසක්ත කණ්ඩායම් ඇතුලෙ.. (Cohesive Teams) ඒ මොන කණ්ඩායම්ද ? ඒ කියන්නෙ ඒ කණ්ඩායම් අතරෙ බැඳීම වැඩියි..ඒ වගේ කණ්ඩායමක් අතරේ ඇතිවෙන ගැටුමකින් පල නෙලා ගන්ඩ පුළුවන් හොඳට..


අනික තමයි ගැටුම ඇතිවෙන කණ්ඩායමේ සහයෝගී කණ්ඩායම් සාරධර්ම ඉහලින්ම තියෙන්න ඕනි..(Supportive team norms)
එතකොටත් ඒ වගේ රණ්ඩුවලින් ගන්න තියෙන ප්‍රයෝජන වැඩියි කියලයි කියන්නෙ..



මේක සයිබර් අවකාශෙත් කරන්න පුළුවන්ද ? 
ඔව් පුළුවන්.. හැබැයි ඇනෝලට කමෙන්ට් කරන්න ඉඩ දීලා හැම වෙලාවෙම අවධානයෙන් ඉන්න ඕනි රණ්ඩුව ප්‍රයෝජනවත්  පාරෙන් එළියට පැනලා සම්බන්ධතා ගැටුමක් පැත්තට යනකොට එතනින් ආපහු හරි පාරට ගන්න..



මේ කරුණු කාරනා ටික ආයි මතක් කර ගන්නත් යාවත්කාලීන කර ගන්නත් උදව් උනේ,
Organization Behavior 13th edition By Robbins, S.P. and Judge, T.A සහ Organizational Behavior : Emerging knowledge and practice for the real world 5th edition by McShane, S.L & et.all කියන පොත් තමයි ඉතින්




අන්තිමේ අපි දහයෙ පන්තියෙ ඉන්න කොට හැමදාම තමන්ගෙ පවුලෙ අය එක්ක රණ්ඩු වෙච්ච ඩේවිඩ් මාමාගෙ මූණට මිරිස් වතුර එකක් ගහලා ඇඟ පුරා කඩු පාරවල් 17ක් එක්ක මිය ඇදුනෙ අපේ නෙත් ඉදිරියෙමයි. මොනවද තමන්ගෙ ජීවිත කාලෙම රණ්ඩු වෙලා මිනිහා ඉතුරු කර ගත්තෙ කියලා අද හිතන කොට නම් හරිම දුකයි. නන්නත්තාර වෙලා ගිය පවුලක් තමයි එයා ඒ කාලෙම ලෝකයට ඉතුරු කරලා ගියේ..


ගේට්ටුවට කවුද එකෙක් තඩි බානවා...සුවර් එකටම ඔය ගෙදර ඉන්න බල්ලො ටික අවුස්සන්න තමයි මේක කරන්නෙ.. අර අහල පහල ඉන්න කොල්ලො සෙට් එක.. එහෙම අවුස්සලා බල්ලො රන්චුව බුරන කොට උන්ට ඊට වඩා ජොලියක් නැති පාටයි...


බල්ලො ටික මේ පැත්තෙ නෑ..ඒත් තවම මුන් ටික ගේට්ටුවට තඩි බානවා..


මොන !!@@#$% ද මන්දා... මමත් ගත්තා දොර මුල්ලෙ තිබ්බ යකඩ පොල්ල.. උස්සා ගත්තා සරම ටිකක් උඩට ...
බලමු !



ප.ලි. අනේ බුදු ඇනෝ මල්ලියෙ, නංගියේ, අයියෙ, අක්කෙ. මේන් වැන්දා ඕන්නම් කියහන් තව කියන තැනකටත් වඳින්නම්.. මෙතන නම් සණ්ඩු වෙන්න එපා..මන් අහිංසකයා ඕන්.. දැකපු අය දන්නවා හරි හමන් ගුටියක්වත් කා ගන්න බෑ තාම !

86 comments:

  1. // ගහ මරා ගමු //

    අපෝ ...... මට බෑ.

    ReplyDelete
    Replies
    1. පරිසරයට ආදරය කරන කෙනෙක් වගෙයි මට පේන්නෙ..

      Delete
  2. දැන් වෙනී අයියගෙත් කුට්ටම එලියෙද?

    ReplyDelete
    Replies
    1. තමන්ගේ ඒවා තමන්ට පේන්නෙ නෑ නොව ප්‍රසන්න මල්ලි...

      Delete
  3. අයියේ බලාගෙන කේන්ති ගිය බල්ලෝ කොහේ හරි ඉඳං දුවන් ඇවිත් කුට්ටමේ එල්ලෙයි ඈ සරමත් උස්සගේනලුනේ ඉන්නේ

    ReplyDelete
    Replies
    1. මන් අහලා තියෙන්නෙ බල්ලන්ට අපිටත් වඩා හොඳට ගඳ සුවඳ තේරෙනවා කියලයි..

      Delete
    2. බල්ලො කුණු කරෝල ගඳට කැමති නැද්ද ? :D

      Delete
    3. මෙහෙ වතුර හිඟයක් නෑ මල්ලි...

      Delete
  4. ලියන්නාත් මං වගේම වලියට බර නෑ වගේ!

    ReplyDelete
    Replies
    1. අපිත් වලියට බර නැහැ :D

      Delete
    2. නෑ කතා වලි දා ගෙන මොනවා බෙදා ගන්නද අප්පේ ? තව පොඩි කාලයයිනෙ තියෙන්නෙත්..
      හසිත බර මොනාටද එතකොට ?

      Delete
    3. @ Weni

      මම කතාවට බරයි :)

      Delete
    4. කතන්දර වලියට බර නැහැ හැබැයි වලි බලාගෙන විදිනවා නේද ?

      හිකිස්.. ;)

      Delete
    5. සෑමටත් හිතෙන දේවල්..

      Delete
  5. රණ්ඩුවෙන එක ගණිතයෙන් පෙන්නන්න පුළුවන් බව මම දැනං හිටියේ නෑනේ එල එල

    ReplyDelete
    Replies
    1. ඔහොම ඔහොම තියරි හැදිලා තියෙනවා ඉතින්..ඒ තියරි හදලා තියෙන්නෙත් රියල් වලි වලින් ගත්ත ඒවාම තමයි..

      Delete
  6. ගැටුම් කළමනාකරණය..
    හයියූ.. ඉස්සර දවස් දෙක තුනක් ඉගන ගත්තා.. දැන් මතක නෑ අප්පා..

    ReplyDelete
    Replies
    1. ඔව්වා අමතක කරන්න හොඳ දේවල් නම් නෙවෙයි මල්ලියෙ.. බේතටත් ඕනි වෙනවා..

      Delete
  7. අනේ වෙනියෝ පොඩිඋන්ට තලන්න යන්නෙ පොල්ලකින්ද පවු උන් කොලුකමට කරන දේවල්නේ.හා හා දැන් ඔය පොල්ල පැත්තකින් තියල හොද ළමය වගේ සරම පහලට දාන්න , ඔය කුට්ටමත් පේනවා..........ඔන්න ඔය ප්‍රස්තාර ටික බැලුවාම තමයි මට මේ ඔක්කොම මීටර් උනේ.හරිම පැහැදිල්යි.

    ReplyDelete
    Replies
    1. මොන තියරිය ඉගෙන ගත්තත් දෙසුවත් කෙරුවාව ඔහොමයි කියන්නයි මන් ඒ කෑල්ල ප්‍රබන්ධ කලේ...

      Delete
  8. ගැටුං වක්‍ර ටික නම් මරු !

    ReplyDelete
    Replies
    1. ඒ අර පොත් වලින් ගත්ත ඒවා.. අපි ඉගෙන ගන්න කාලෙ ත්බ්බෙත් ඔය ප්‍රශස්ත ගැටුම් තියරිය.. මෑත කාලෙදි තමයි අනික ආවෙ..

      Delete
  9. වලි කිවුවම මතක් වෙන්නෙම ඉස්කෝලෙ කාලෙ. වලිනං ඉතිං හොයාගෙන යන කාලෙනෙ. වලි වලදි පැති දෙකයි තිබුනෙ. බොහෝ වලි වලට හේතු උනේ ජංගියක් (ඔහොම තමයි වචනෙන්ම කිවුවෙ) ඒ වගේ ජංගි කේස් වලි චාටර්. අනිත් වලි තමා අඩේ ඒවත් කොහෙන් හරි කැරකිලා අන්තිමට ජංගියක්.. මම බය නැතුව කියනව මේ ලෝකෙ තියන වලි වලින් 90% කටත් වඩා වලි වලට මූලිකම හේතුව ජංගියක් !

    වෙනී මාම මේක මකයිද ?

    ReplyDelete
    Replies
    1. ඇයි සිහින පුතු මල්ලියෙ මාත් ඉස්කෝලෙ ගියා බොලේ.. ඒ කාලෙ එහෙමම තමයි වෙනසක් නෑ.. අර මක්කටැයි මකන්නෙ..?

      Delete
  10. ගැටුම් ඇතිකරගන්න දැනගෙන හිටියට මෙහෙම ඒවා තියනවා කියල දැනගත්තේ අදම තමා .

    ReplyDelete
    Replies
    1. ඔහොම තමයි තිබ්බ ගැටුම් වලින් හදා ගත්ත තියරිනෙ ඔව්වා..

      Delete
  11. සිහින අයියා කියන්නා වගේ පාසල් කාලේ ගොඩක් ගැටුම් වලට හේතු වුනේ ජංගියක් තමයි.අපි නම් ඉතින් කිව්වේ යට සායක් නිසා ඇදුණු වලියක් හෝ චීත්ත කේස් එකක් කියලා තමා... මෙච්චර කෙල්ලෝ ඉන්න රටේ කොහෙවත් ඉන්න කෙල්ලොන්ට මරාගත්තු කේස් මතක් වෙද්දි හිනාත් යනවා......

    ඒක නෙමේ දැන් වෙනී මාමත් ඩේවිඩ් මාමා වගේ සරම කරට අරන් කුට්ටම අතට අරන්ද දන්නෑ යන්නේ හි හි මම කිව්වේ සෙරප්පු කුට්ටම හොඳේ....

    ReplyDelete
    Replies
    1. අපේ කාලෙ අපේ පලාතෙ කීවෙ ගවුම් කෑල්ලකට වලි දා ගන්නවා කියලයි..
      නෑ නෑ සරම එච්චර ඉස්සුවෙ නෑ...

      Delete
  12. "චෙක් සරත් අයියෙ කියන්ඩකො වෙන උත්තරයක්වත් එහෙනම්..ඔය ප්‍රශ්නෙ හැටියට නම් මගේ උත්තරේ සහ සරත් අයියගෙ උත්තරේ ගැලපෙනවා.. ඉන්ඩලකො අද රෑට මන් තව විකල්ප පිළිතුරු ටිකක් ගොඩනගන්ඩ..."

    -Weni


    මේ ප්‍රශ්ණයට වෙනියා තවමත් පිළිතුරු සපයා නොමැත.
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. හෙන්රි අයියා තව ප්‍රශ්ණයක් අහන්ඩ ඕන් ඔහෙ...

      Delete
    2. මොකද බං ඔහේ කියන්නේ.

      Delete
    3. අනේ මන්දා හෙන් රි මගේ ඔළුවට අර මට මුලින්ම ආපු උත්තරේ ඇර වෙන මුකුත්ම එන්නෙ නෑ.. ඊළඟ ප්‍රශ්නෙට යන්කො..

      Delete
    4. අර උඩ ඉන්න ඩීසන්ට් ඇනෝගෙ කටහඬ මට හුරුපුරුදුයි වගේ. මට වෙනියවම මතක් වෙන්නෙ ඇයි?

      හරි උඹ පරාදයි ඕං.
      එහෙනම් මංම උත්තරේ කියන්න කලින්
      මෙන්න මගේ ප්‍රශ්ණෙ.
      ප්‍ර: පිරිමින්ගෙ කලිසම් පහත් කිරීමටත්, ගැහැනුන්ගේ සායවල් එසවීමටත් සමත් සුදුපාට උකු දියරය කුමක්ද?

      මෙන්න උත්තරය: MILK OF MAGNESIA

      ආපහුගිහින් බලපං උඹ කොච්චර වල් උත්තරයක්ද දීලා තියෙන්නෙ කියලා. "හෙන්රි මන් හිතුවෙම අරවා තමයි කියලා .."ඔය නිදි මරාගෙන වැලබලන එක නවත්තහං බං. අර හසිතයගෙ, හරීගෙ, විචාරකගෙ, ක්සැන්ඩරයගෙ, සෙන්නාගෙ වගෙ වැදගත් බ්ලොග් එකක් බලන්න පුරුදු වෙයංකො ඒ වෙනුවට.
      henryblogwalker the Dude

      Delete
    5. සිකේ හෙන්රි ඇහුව සත් ගුණවත් ප්‍රශ්නෙට මන් හිතපු වල් උත්තරේ...ඔව් බන් ඒ ඇනෝ මන් මයි.. ෆෝන් එකෙන් ලොග් වෙන්න කම්මැලි කමට ගැහුවෙ..
      කාටවත් කියන්නෙපා ඔය කීව බ්ලොග් ටික බලලා නේන්නම් මන් මේ වැල බලන්න පුරුදු උනේ ඕන් ඇත්තම කිව්වා..

      Delete
  13. constructive criticism කියන දේත් විස්තර උනානම් මරු~

    ReplyDelete
    Replies
    1. ඔව් සාබිත් ඕනිවට වඩා තියරි ඔබන්න බය උනා.. කතාව සාමාන්‍ය කියවන අයට නීරස වෙන්න පුළුවන් නිසා..

      Delete
  14. "උස්සා ගත්තා සරම ටිකක් උඩට" එහෙනං කමක් නෑ..

    ReplyDelete
    Replies
    1. ටිකයි... ගානට මිම්මට.. මුකුත් මුකුත් පේන නොපෙනන ගානට..

      Delete
  15. පොඩිකාලෙ ඉඳන්ම අනුන්ගෙ ඒවමනෙ හොයලා තියෙන්නෙ.. :)

    ඒ පාර ප්‍රස්තාර කෙළියකුත් පටන් අරන්.. වෙනි අයියේ චිත්‍රයකුත් අඳින්න තිබ්බෙ..

    ReplyDelete
    Replies
    1. චිත්තර අඳින්න බැරි උනා මේකට.. ඊළඟ එකට බලමු...

      Delete
  16. කෑගල්ලෙ ටවුන් එකේදී දවසක් මම දැක්කා විශේෂිත රණ්ඩුවක්. රඹුටන් විකුණපු ගෑනු කෙනෙක් එක්ක පොරක් පටන් ගත්ත රණ්ඩුව ටික වෙලාවකින් රඹුටන් වලින් ගහ ගැනීමක් වුනා. රඹුටන් හරි සුට්ටයි අන්තිමේදී ඉතිරි වුනේ.

    ReplyDelete
    Replies
    1. අහල පහල ඉන්න අය රඹුටන් කන්න ඇති නොමිලේම..

      Delete
  17. අම්මපා යකෝ.. මුන් මගේ එකේමනේ කක්කා දාන්නේ... මමවත් පටන් ගන්නද වෙනියෝ තව ටිකක් බලලා......

    ReplyDelete
    Replies
    1. \\ප.ලි. අනේ බුදු මල්ලියෙ, නංගියේ, අයියෙ, අක්කෙ. මේන් වැන්දා ඕන්නම් කියහන් තව කියන තැනකටත් වඳින්නම්.. මෙතන නම් සණ්ඩු වෙන්න එපා..මන් අහිංසකයා ඕන්.. දැකපු අය දන්නවා හරි හමන් ගුටියක්වත් කා ගන්න බෑ තාම !\\

      Delete
    2. wadagath unata kohe giyath place ban

      Delete
    3. ඔය උඩ කොපි පේස්ට් ඇනෝ කමෙන්ට් එක දැම්මෙ මම මයි අභියා.. ෆෝන් එකෙන් ලොග් වෙන්න රටවටේ යන්ඩ ඕනි..

      Delete
  18. "‍හොඳ ගැටුම්" කියන දේ සිදුවෙන්න නම් ඉතාමත් ඉවසීමෙන් කටයුතු කරන පුද්ගලයන් ඉන්න ඕන.(බ්ලොග් අවකාශයේ නම් මේ දේ සිදුවෙන්නෙ ඉතාමත් අල්ප වශයෙන්). ඒ වගේම කවුදෝ කියල තිබුන තර්කයෙන් කෙනෙකු මුළුමනින්ම පරාජය කලාට පස්සෙ උනත්, එයාගෙ හිතේ අනෙකා ගැන පැහැදීමක් ඇතිවෙන්නෙ නෑ කියලත්. ගැටුම් ගැන ටිකක් වෙනස් විදියකට-වැදගත් විදියකට-ලියපු ලිපියක් නිසයි ආවෙ.

    ReplyDelete
    Replies
    1. ඒක තර්ක කරන්නෙ මොකක් මතද කියන එක උඩ තමයි තීරණය වෙන්නෙ.. සහ පරදින්නාගේ තර්කය හරි මතය හරි කොයි තරම් බිඳ දමලා ඒ බිඳිච්ච අඩුව අනිකාගේ මතයෙන් පිරෙව්වාද කියන එක මත තමයි තීරනය වෙන්නෙ. නමුත් පිළි අරන් ඉන්න මතයක් වෙනුවට වෙනත් අළුත් මතයක් පැලපදියම් වෙන්න තරමක කාලයක් යනවා...

      Delete
  19. හි හි..මරු මරු..

    ReplyDelete
  20. ගහ මරා ගන්නන ක්‍රම

    ගහ පොඩි නම් මුලින් උදුරල දාහන්. ටිකක් ලොකුනම් මුලට ගිණි තියහන්. ගොඩක්ම ලොකුනම් වටේට පොතු ඇරල ඉන් පස්සෙ මුලට ගිණි තියහන්. එතකොට ගහ මැරෙනව.

    හැබැයි මැරුණ ගස් වල ලී වැඩක් නෑ. එ නිඅස නොමර කපහන්.

    ReplyDelete
    Replies
    1. තවත් පරිසර වේදියෙක් .. ඒත් යටින් යන කතාව හරියට හරි..

      Delete
  21. රණ්ඩු වෙන්න කම්මැලි.

    ReplyDelete
    Replies
    1. චෙහ් රණ්ඩුවක් අවුලුවලා ගන්න හැටි කියල දෙන්නත් වෙයි වගේ අසර්ට..

      Delete
  22. අපේ සමහර බුවාලා ඉන්නවා ඉස්සර අර තිබුනු කුකුල් පොර වලට පොර පිටිය හදන ජාතියේ වැඩ කරන අය . . .

    සයිබර් වලියක් නෙමේ එහෙම උන් තෝරලා පරන ගෝනියක් ඔලුවට දාලා කස්ටියම දෙමුද වටවෙලා . .. හික් හික් හික්

    දැන් ඔන්න මට එයි චැට් මැසේජ් හෝ ගාලා ඈ හික්ස්

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම් හ්ම්ම්ම් මන් ගානෙ ගෝනියක් දෙන්නම්..

      Delete
  23. ඔන්න දැං වෙනී ඊළඟට ලියන්නෙ conflict resolution ගැන නේද?
    අර කිව්ව පොත් දෙකේ නම් ඊළඟට තියෙන්නෙ ඕක...හික්ස්..

    ඇත්තටම කියනවා නම් වලි නැති ලෝකෙක කිසි ජොලියක් නෑ අනේ..!!

    ReplyDelete
    Replies
    1. අපොයි නෑ රූ ආයි ලියන්නෙ මට වෙච්ච ඇබැද්දිම තමයි...

      Delete
  24. මට මේක කියෙව්වම මතක්වුනේ ඉස්සර රේඩියෝ එකේ ගිය "විනෝද සමය" වැඩසටහනක්,(මතක විදියට)
    ඒ ඉවසීම සම්බන්දයෙන් අමාරිස් අයියයි හමු මහත්තයයි අතර ඇතිවන සංවාදයක්.

    අ.අ.- ඉවසීමෙත් සීමාවක් තියෙන්න එපායැ හාමු මහත්තයෝ....

    හා.ම.- එහෙම කියල හරියන්නෙ නෑ ඉවසන්න ඕන

    අ.අ.- හරි ඒ ඉවසලා ඉවසලා තවදුරටත් කරදර කරනවනම්

    හා.ම.- එතකොට තවදුරටත් ඉවසන්න ඕන

    අ.අ.- හරි ඒ..... ඉවසලා ඉවසලා ඉවසලා.... තවදුරටත් කරදර කරනවනම්

    හා.ම.- එතකොට තවදුරටත් ඉවසන්න ඕන.... දැන් ඔය ඉවසන දනා රුපු යුදයට ජයකොඩිය කියලත් කියල තියෙනවනෙ.....

    අ.අ.- හරි ඒ........ ඉවසලා ඉවසලා ඉවසලා ඉවසලා.... තවදුරටත් කරදර කරනවනම්

    හා.ම.-(සැරෙන්)දැන් මං කී සැරයක් කිව්වද ? තවදුරටත් ඉවසන්න ඕන

    අ.අ.- හරි ඒ........ ඉවසලා ඉවසලා ඉවසලා ඉවසලා ඉවසලා.... තවදුරටත් කරදර කරනවනම්....

    හා.ම.- යක්.. මං දැන් කී පාරක් කිව්වද ? මාව විහිළුවකට ගත්ත ද ... බැහුඃ එළියට.... බහින්න කිව්වෙ එළියට.....

    මර්සි:-ඔවා දෙනු පරහට - තමා සම්මතයෙහි පිහිටා සිට...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සුමිත් අයියා. අද කාලෙ විහිළු කියල නටන ජෝගිවල හැටියට මේ වගේ වැඩසටහන් දාහෙන් සම්පතයි. කණගාටුව ඒව අහන්න අපි ඒ කාලෙ හිටියෙ නැති එක. යන්තමට මතකයි පොඩි කාලෙ ජාතික රූපවාහිනියේ සෙනසුරාදා උදේට ගිහිපු වැඩසටහනක (මතක හැටියට ඒකෙ නම “ආයුබෝවන්“) ඔය කට්ටියගෙ විහිළු ජවනිකාවක් පෙන්වනව. මේව නෙට්එකේ තියනවද කියල මම දන්නෙ නෑ. කවුරුහරි දන්නවනම් ලින්ක් එකක් දාන්න.

      Delete
    2. රේඩියෝ විතරක් තිබ්බ අසූ ගණන්වල මුල මේ සීරීස් එකම අහලා තියෙනවා.. මට මේ තියරි අස්සෙ ලක් කරන්න ඕනි උන හාස්‍යය තමයි අරෙහෙම ප්‍රබන්ධ කලේ සුමිත්.. කොයිතරම් සාර්ථකද මන්දා ?
      DDT - අපි හොයලා බලමු සමහර විට YouTube වල ඇති..

      Delete
    3. ඔය විනෝද සමය MP3 නැද්ද බං? මට තාම මතකයි ඒ තේමා වාදනය සුමිත්.
      නන්න නනා
      නන නන
      නන්න නනා
      නන නන
      නන්න නනන නන්න නනන නන්න නනන
      නා නනා
      හාමු මහත්තයට කියන්ඩ, ඔය දොම්පෙ, දෙකටක, දෙල්ගොඩ, පූගොඩ ඔය හැම තැනම...
      යන්තම්පලාව තියෙන්නෙ හොඳටම පලාවට මෙහායිං ඕයි.
      henryblogwalker the Dude

      Delete
    4. vinodha samaya කියලා යූටියුබ් හෙව්වහම ඒ ටික එනවා..

      Delete
    5. තෑන්ක්ස් වෙනී අයියා. මට මුලින් එහෙම දෙයක් කම්පනා උනේ නෑ, ඔච්චර ඉස්සර ගිහිපු ඒව කවුරුවත් අප්ලෝඩ් කරනකන් නෑ කියල හිතපු නිසා. දැන් කාලෙ දෙයක් නම් ඉතිං පටගාල සර්ච්කරල බලනව.

      Delete
    6. @ හෙන්රි
      මට මතකයි මහත්තයෝ,පිස්සු හැදෙනවා...
      දැන් බැලුවම මං වගේම අනිත් අයත් හොද රසිකයෝනෙ....
      තව තිබුණා "කුසුමලතා" "ලතාගේ කතාව" "හංදියේ ගෙදර"..කට්ටියට ඒවත් මතක ඇති මම හිතන්නෙ....?

      DDT, ලින්ක් හම්බවුනානෙ; දැන් අහලා බලන්නකො කොහොමද කියලා ගතිය....

      වෙනි, වැඩේ සාර්ථකයි.

      Delete
  25. සික් වළියක් වගේ හින්දා මමත් ඇනෝ විදිහට ඇන්ටර් වෙන්න ආවේ,,, මම නම් සෑහෙන්න වලි වලට යන්නේ නෑ හැබැයි ගියොත් වැඩි වෙලාවක් ඉන්නෙත් නෑ අතට අහු උනු ගලකින් හරි පොල්ලකින් හරි එකෙක්ට වැනුවා මම දිවුවා ඒ වැඩේ පහසුයි,

    ReplyDelete
    Replies
    1. හොඳ ක්‍රම්වේදයක් නෙ ඩිලා මල්ලි...

      Delete
  26. අපිනං ඔය සන්ඩු වලට නැ
    බණ කතාවක් ලියාගන ඉන්නවා

    ReplyDelete
    Replies
    1. හෆොයි අටම් මේ දවස්වල බණ වලට නේන්නම් මරා ගන්නෙම...

      Delete
  27. අනේ අපි නෑ ඕවට , සින්දුවක් අහල සතුටෙන් ඉන්නව .

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ගිම්හානි අපිත් අහනවා..

      Delete
  28. ඉස්කෝලේ යන කාලේ හිට මම නම් වලිසිංහ කෙනෙක් තමා. තවම නළලේ පැලුම් සටහනක් තියනවා මතක සමරුවක් විදියට. ඒත් ඒ කොලු කාලේ. දැන් බණ දහම් දන්නා හින්දා මම තරහ ගන්නේ නෑ. ඒ හින්දා වලි අඩුයි.

    සයිබරේ නම් ඉතින් වලි දාගන්න දෙයක් නෑ නේ. මම මොකක් කියලා බෙදා ගන්නද? ඊටත් මම ඉතින් "පොරක්" නෙවෙයි නේ. පුංචිම පුංචි බ්ලොග් කාරයෙක්.

    ReplyDelete
    Replies
    1. අර කිව්ව වගේ මොකක් බෙදා ගන්නද ?

      Delete
  29. පෝස්ටුවෙ අග හරිය කියවන්න කම්ම්ම්ම්ම්මැලියි.....

    ReplyDelete
    Replies
    1. මාත් ඒ ටික ලීවෙ කම්මැලි කමෙන්ම තමයි නිසුපා

      Delete
  30. අනේ අපිත් වලියට නැහැ . දැන් ඔව්වට කම්මැලියි.

    ReplyDelete
    Replies
    1. කම්මැලි කම යන්න වලියක් දා ගෙන බලන්න බින්දි..

      Delete
  31. අපිනං වලියට බරයි. ගැහුවොත් ගහනවා! (තාම මට කවුරුත් ගහලා නෑ :D)

    ReplyDelete
    Replies
    1. බැලුවහම පේනවා..හිටුකො ඊළඟ සැරේ දුමීවවත් සෙට් කරන් ඇවිල්ලා නෙලන්න !

      Delete
    2. බෑ බෑ එව්වා ඔට්ටු නෑ. ඕවා යුද්ධයේ ආචාරධර්ම වල විරුද්ධයි. සටන් කරන දෙන්නා සමාන ශක්තියෙන් යුක්තවෙන්න ඕනේ! :D

      Delete
  32. මේ සූත්තර අනම් මනම් ප්‍රස්තාර හොයා ගත්තට නොබෙල් සාම තෑග්ග දෙන්න ඕන...

    ReplyDelete
    Replies
    1. ඒ හදපු තියරි වගයක් මල්ලි හැබැයි බටහිරින් එන එව්වා තමයි..

      Delete
  33. ඇත්තම කියන්ඩ ඊයෙ රෑ ඇවිල්ල නිදි කිරා වැටි වැටි මේක කියෙව්වට කිසි දෙයක් එලුවට ගියේ නෑ.. ඒ පාර දමල ගහල ගියා... දැන් මේ උදේ ඇවිල්ල කියෙව්වා...
    ම්හු... ඔලුවට උඩින්මයි යන්නෙ....
    මට මේක තේරෙන්නෙ නැත්තෙ ඇයි බොලේ??
    මගෙ හිතේ ප්‍රස්ථාර ටික දැකපු පාර මගෙ මොලේට මොකක් හරි වුණා....

    ReplyDelete
    Replies
    1. අත ඇරලා දමන්න අනේ.. නැත්නම් බ්ලොග් එකම එපා වෙයි..

      Delete
  34. //එළියෙ දමාගෙන පාර දිගේ බැන බැන යන ඩේවිඩ් මාම දිහා බලා ඉන්නත් පිඩි උන් විදියට අපි ආසයි//

    මේ මොකාටද එන්නෙ ?

    ReplyDelete
    Replies
    1. ඇයි බන් නවම් මල්ලි.. පොඩි උන් විදියට ඒ කාලෙ ලොකු උන්ගෙ එවා මොනවගේද බලන්න කුතුහලෙන් හිටපු වයසක් නෙ ඒක..

      Delete