ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Wednesday, July 18, 2012

ඉපදෙනකොටම ආපු එව්වා සහ ඉටිපන්දමේ පුරස්නෙ..

මගේ මීට ඉස්සර තිබ්බ පෝස්ට් වලට මන් ඇන්ද සිත්තර දැකලා ප්‍රීතියෙන් උද්දාම වෙච්ච අපේ බීටල් පඬිතුමා මගෙ ඉටිපන්දම් පෝස්ට් එකේදි මගෙන් අහලා තිබ්බා ඇයි මන් සින්දු කියන්න පටන් ගන්නෙ නැත්තෙ චිත්‍ර අඳින එක පැත්තකින් තියලා. නමුත් සිත්තර අදින්න එපාය කියන්නෙත් නෑ කියලා..
ඒ කතාව ඇහුවහමයි මට මතක් උනේ මගේ උපතින්ම ගෙනාපු හැකියාවක් තමයි මේ සින්දු කියන එක..ඒකත් එක්ක මතකය ඇදිලා ගියේ අපේ ඉස්කෝල වල හැම මාසයකම අන්තිම සතියෙ සිකුරාදා තිබ්බ සාහිත්‍ය සමිතිය ගැන..ඒකෙදි මන් අනිවාර්‍යෙන්ම සින්දුවක් කියන්න පුරුදු වෙල හිටියා.
මුලින් මුලින් සමිතියේ න්‍යාය පත්‍රයේ මැදට වෙන්න තිබ්බ මගේ සුමුහිරි ගායනය පහු කාලෙදි අන්තිමට ආවෙ මන් හිතන්නෙ අර ඊට ඉස්සර තිබ්බ නීරස වැඩසටහන් වලට අකමැත්තෙන් උනත් අහන් බලන් ඉන්න සිසු සිසුවියො අන්තිම අයිටම් එක වෙන මගේ සින්දුව අහන්න රඳවා ගන්නයි කියලයි මන් හිතුවෙ. ඒත් මට තාම තේරෙන්නෙ නැත්තෙ ඒකෙ වැඩසටහන් න්‍යාය පත්‍රයෙ ලේකම් තුමාගෙ / තුමියගේ ස්තූති කතාවෙනුත් පස්සෙ තමයි මට සින්දු කියන්න දීල තිබ්බෙ..අමාරුවෙන් උනත් ඉස්කෝලෙ මුර මාමා මගේ සින්දුව අහන් හිටියා හෝල් එක වහන රාජකාරිය එයාට පැවරිලා තිබ්බ නිසා.


ඔහොම වැඩි දියුණු කර ගත්ත මගේ සුභාවිත ගායනය අපි යන ට්‍රිප් වලදි පවා මන් ප්‍රයෝජනයට ගත්තා.. මගේ කන්කලු මිහිරි ගායනය කරන්න අපරාදෙ කියන්න බෑ ගිය කට්ටිය ළඟ සීට් දෙක තුනක්ම මට දීලා ඒ අය හිටියෙ ටිකක් ඈතින්ම තමයි.


මේ බ්ලොග් ලියන එක අස්සෙ මන් හිතුවා මගේම කියලා සින්දු සංගත තැටියක් එලියට දමන්න. පහු ගිය දවස් ටිකේම මන් මගේම පද රචනයන් කරපු සින්දු ටිකක් තාලෙට කියන්න ගත්තා..ඒත් අවුල තියෙන්නෙ මේ  ගෙදර ඇති කරන අපේ බල්ලො සෙට් එක ලැසී, කුකී, බ්‍රවුනි සහ අනික් අහල පහල ඉන්න බල්ලො ටික උඩු බුරන්ඩ පටන් ගන්නවා මන් සින්දු කියන කොටම...
මොකද මන්දා මස් කට්ටක්වත් රිදෙයි කියලා හයියෙන් නොකන ලැසී මේ ළඟඳි මාව කන්ඩ පැන්නෙ මන් බාත් රූම් එකේ ඉඳන් සින්දුවක් කිය කියා ඉඳලා එළියට එනකොටමයි.මන් හිතා ඉන්නෙ ඔය අහල පහල යාළුවෙක්ගෙවත් ගෙදරට ගිහිල්ලා සින්දු ටික ප්‍රැක්ටිස් කරලාඉක්මනටම සංගත තැටියක් එළියට දමන්න. මන් හිතන්නෙ ඔය බීටල් පඬිතුමා කියන්නැහෙ අමුතුවෙන් මට සින්දු කියන්ඩ පුරුදු වෙන්න ඕනි නෑ..ඉපදිච්ච ගමන්මත් මන් හිතන්නෙ ඔහෑ ඔහෑ කියලා අඬනවා වෙනුවට මන් සින්දුම තමා කියලා තියෙන්නෙ..


"ඔව් උඹ පොඩි කාලෙ රැහැයියා වගේ කෑ ගහ ගහා තමයි හිටියෙ"


කියලයි අපේ ලොකු අක්කා ඒ අතීතය තාමත් ඇඬූ කඳුලින් මතක් කරන්නෙ..පව් ලොකු අක්කගෙ දකුණු කන ඇහෙන්නෙ නැතුව ගියේ ඒ කාලෙමයි.


ඕන් ඉතින් අර ඉටිපන්දම ගහන් හැටි අහලා තිබ්බ ප්‍රශ්නෙට කට්ටිය නානා ප්‍රකාර උත්තර දීලා තිබුනා නොව.. ඒ අතරින් නිර්මාණශීලී උත්තර කීපයක්ම තිබුනත් එක්ක.. මන් කීවෙ එතන පිළිතුරක් නොලීවත් පොඩ්ඩක් හිතන්නකො ඒක කරන්න පුළුවන් කොහොමද කියලා.. කියලයි. මට පුද්ගලිකව ඔය ප්‍රශ්නෙ විසඳන්න ලැබිච්ච වෙලාවෙ මට හිතුන එකම උත්තරේ තමයි ඉටිපන්දම පත්තු කරලා ඉටි ටිකක් උණු කරලා ඒකෙන් ඉටිපන්දම හයි කරනවා බිත්තියෙ කියලා..අර ඩ්‍රෝවින් පින් වලින් කරන්න දෙයක් තිබ්බෙම නෑ.
මොකද මට එහෙම හිතුනේ අපි ඉටිපන්දම් පත්තු කරලා බිමහරි මොකක් උඩ හරි හයි කරන්නෙ එහෙම නිසයි ඒ වගේ හිතුනෙ මට නම්. එහෙම උත්තරයක් එන්නෙ අපේ අතීත අත්දැකීම් වලින් තමයි.
ඒත් බලන්නකො මේක බිත්තියක හයි කරන්න තියෙන ක්‍රම රාශිය මේ පහල තියෙන පින්තූරෙන්..





මෙච්චර පොඩි ප්‍රශ්නෙකටත් මට නම් හරි හමන් උත්තරයක් ගොඩ නගා ගන්න බැරි උන එකේ මට හිතෙන්නෙ ජීවිතෙන් තුනෙන් දෙකක් ගෙවිලා ගියත් ජීවිත ප්‍රශ්නවලටත් හොයන් තියෙන උත්තර වලට වඩා නිර්මාණශීලි තව උත්තර කොයිතරම් ඇත්ද කියලයි.


අපි අතීත අත්දැකීම් වලින් ගත්ත දේවල් වලින් විතරක් ගැටළුවකට උත්තර හෙව්වොත් මෙහෙම තමයි වෙන්නෙ. එහෙනම් කොහොමද මේ විදියෙ නිර්මාණශීලි උත්තර වලට යන්න පුළුවන් වෙන්නෙ ?
අපිට ගැටළුවක් ආවහම අපි ඒකට විසඳුම් විදියට මෙන්න මේක  හරි යයි කියලා අනුමානයක් අරන් ඒක තර්කානුකූලව අපිට අවශ්‍ය විසඳුමට හරියනවද කියලා තර්කානුකූලව හිතලා හිතලා එක්කො ඒක විසඳුම විදියට ගන්නවා. නැත්නම් ඒක ඉවත දමලා තව  අනුමානයක් ගන්නවා.. අපි වහ්cඅනවලට පෙරලලා නොකීවට මෙහෙම තමයි මේක අපේ ඔළු ගෙඩි ඇතුලෙ වෙන්නෙ..
ඒක ක්‍රියාවලියක්.. ඒ ක්‍රියාවලිය හැම කෙනාගෙම ඔළුවෙ තිබුනත් වැඩ
 කරන්නෙ විවිධාකාර විදියට තමයි. ඉතින් ඒක ටිකක් මලකඩ කඩලා දමලා තෙල් ටිකක් දමලා.. පොලිශ් කරලා ගත්තොත් ඉටි පන්දම ගහන්න ක්‍රම රාශියක් ගොඩ නගා ගත්තා වගේ හැම ප්‍රශ්නෙකටම උත්තර ගොඩාක් හොයා ගන්න පුළුවන් වෙයි නේද කියලයි මට හිතුනේ..අපිට නොදැනෙන නමුත් ඉබේම ඇතුලේ වෙන ක්‍රියාවලිය තමයි අදහසක් ඇති කරගැනීම ( Inspiration  ) එය ක්‍රියාවට නැංවීම (Perspiration), ඊළඟට එය ඇගයීමට ලක්කිරීම (evaluation) සහ අවසානයේ එය එය ප්‍රතිපලයක් වෙන කන් රක්කවාගෙන ඉඳීම.(Incubation).තව පෝස්ට් දෙක තුනකින් පස්සෙ බලමුකො එහෙනම් ඔය ක්‍රියාවලිය කොහොමද පොලිශ් කරලා ගන්නෙ කියලා..


මගේ සුභාවිත ගායන සංගත තැටියට එළිදැක්වුවහම කට්ටිය සප් එකක් දෙන්ඩෝනි..දැනටමත් ඈත ගොවි ගම්මානවලින් ඉල්ලුමක් තියෙනවා..කුරුල්ලො එළවන්න ගොවි පලේ තැන් තැන් වල එල්ලලා තිබ්බහම අස්වැන්න රැකබලා ගන්ඩ පුළුවන් කියලා ඒ ඉල්ලපු එක ගෙදරක හිටි පොඩි එකෙක් කීවෙ මගේ යාළුවා වෙච්ච ඒකාගෙ තාත්තගෙ ටොක්කකුත් කාගෙනමයි..

71 comments:

  1. අන්න වෙනී අයියා වැරදුන පොටක්...

    මේක තමා අද ලංකාවේ හුගක් දෙනෙකුට වෙලා තියෙන්නෙත්...


    කෙනෙකුට දැක්ක ගමන් කියවෙන්න පුළුවන් ඇත්ත නේන්නම් කොච්චර දේවල් කලෑකිද අපිට හිතුනේ නැහැනේ කියලා...

    හොඳට බලන්න ඔය තියෙන රූප දිහා..ඕවා ප්‍රායෝගිකව කල හැකිද කියලා... රූප සටහන්නං අඳින්න බැරියෑ මෙහෙම කලෑකි මෙහෙම කලෑකි කියලා...ඒත් කරන්න ගියොත් තමා කේස් එක...

    පලවෙනි එක ගන්න.. දැන් ඕකේ විදියට ඇර ඩ්‍රෝවින් පින් දෙක බිත්තියට ගමන්නේ කොහොමද... මිටියකින්..?ම්හූ මං හිතන්නේ නැහැ..මොකද ටිංකර් මිටියක් අයියා අර බඩු ලයිස්තුවේ දීලා තිබුනේ නැහැ..අනික තමා කතුරක් තිබුනෙත් නැහැ..ඒ තිබ්බත් ඔච්චර කුඩා පෙට්ටියක් තැලෙන්නේ නැතිව කුඩාම මිටියක් උනත් හැසිරවීම පහසු නැහැ... අනිත් කාරනේ තමා ඩ්‍රෝවින් පින් එකක් රත් කරලා ඉටිපන්දමට ගැහුවත් ඔය විදියට බිත්තියකට ගහන එක ලේසි නැහැ.. බිත්තිය අර පරණ තාලයේ හුණු කපරාරු (සිමෙන්ති රහිත) එකක්නං ටිකක් හරි පුළුවන්..වැලි හුණු සිමෙන්ති බිත්තියකට ඕක ගහලා බලන්න ඕන සිද්ධ වෙන කෙලිය බලන්න...බිත්තියේ වෙඩි සලකුණු වගේ කඩතොළු ටිකක් තමා දකින්න වෙන්නේ...

    සැලසුම් වල ඇති නිර්මාණාත්මකතාවය සහ ඒවායේ ප්‍රායෝගිකත්වය කියන දේත් දෙකම සලකා බලා සැලසුම් නොකිරීම තමා වරද... ඔතනදී සැලසුම් ශිල්පියා මෑන්ගේ හිතේ හැටියට අර අතට මේ අතට සටහන් ඇන්දට වැඩක් නැහැ ඒවා ප්‍රායෝගිකව කරන්න අපහසු හෝ බැරිම දේවල් නම්... මේක නිකං හුදු සටහනක් විදියට හොඳ උනත් ප්‍රායෝගිකව අසාර්ථක වැඩ ගොඩක්...

    ReplyDelete
    Replies
    1. ඔබ හරියට කියවලා නැද්ද මන්දා මල්ලි..
      මේක ප්‍රශ්ණයකට තියෙන විසඳුම් මොනාද කියලා අයිඩියා ගොඩ නගන පියවර..මේ සේරම ප්‍රායෝගිකව කරන්න පුළුවන්..ඩ්‍රෝවින් පින් එකෙක තියෙන විශේශත්වය තියුණු තුඩ සහ විශාල හිස මිටියක් නැතුව ඇඟිල්ලෙන් තරම ප්‍රබල පීඩනයක් දමපු ගමන් ඒක සාමාන්‍ය මතුපිටක ටක් ගාලා බහිනවා..ඔය පෙට්ටි කපන්න ඕනි නෑඒවා හදලා තියෙන විදියෙන් ඔය තීරු වෙන් කර ගන්න පුළුවන් ..
      සමහර විට මන් මෙතන කොහොම කීවත් කෙනෙක් නොපිලිගන්න පුළුවන් ..ඒ ඔබ වෙන්නත් පුළුවන්..ඒකට ඔබට ඉතා විශාල අයිතියක් තියෙනවා. මේ ලිපියේ මුඛ්‍ය අරමුණ ඔය තුන අරන් ඉටිපන්දම බිත්තියේ ගහන එකම නෙවෙයි. ඕක ගහන්න නම් එක ක්‍රමයක් ඇති..ජීවිතෙත් එහෙමයි අපිට තියෙන ගැටළු වලට විසඳුම් රාශියක් තියෙනවා..ඒත් කවුද ඒ සේරම හොයලා බලන්නෙ ? එහෙම නැත්නම් ඔළුවට එන මුල්ම විසඳුම හරියටම හරි කියලා කරන්න යන එක තමයි වැඩියෙන්ම කරන්නෙ. ඒත් අපේ පරම්පරාවට වැඩිහිටියො වෙච්ච අය කරපු දේවල් තාමත් අපිට පුදුමයක් වෙලා තියෙන්නෙ ඇයි ? මගේ පුදගලික අදහස නම් ඒ පුදුමයට හේතු වෙච්ච නැතිවෙලා ගිය ලින්ක් එක සම්බන්ධතාවය හැන්ගිලා තියෙන්නෙ අපේ ඇතුලෙමයි..ඒක ගන්න ක්‍රමවේදයන් තිබිය යුතුයි ඒකත් හැන්ගිලා.. ආන්න ඒකට ඔබගේ ඉදිරිපත් කරපු විවේචනය වැදගත්..එය ඉදිරියට තවත් පුප්පලා ගන්ඩ පුළුවන්..

      Delete
    2. මාත් එකඟයි අයියා. අර කාඩ්බෝඩ් තීරු දෙකක් අරගෙන "gutter" කියලා එකක් පෙන්නලා තියෙන්නෙ. ඒකෙ හැටියට ඉටිපන්දම පත්තු වෙවී යනකොට ඒක කාඩ්බෝඩ් තීරුව ගිනි ගනියිනෙ.

      Delete
    3. මට හිතුනෙත් මෙහෙමයි..

      Delete
    4. මුලින්ම කියන්න ඕන අයියා ඔය එක එක ඒවා පුප්පන්න යන්න එපා..පුපුරලා යන්න ඉඩ තියේ..(මොකද කාලෙත් ඒ හැටි හොඳ මදිනේ..:D)

      බොල අයියේ... මාව උඹේ ඔය මනෝ විද්‍යා පාඩමට අල්ලන්න මං දෙන්නේ නැහැ උඹ කොහොම දැඟළුවත්.. උඹයි උඹේ ධනාත්මකෙයි තියාගං වෙන එ‍වුවන්ට හරිය...

      ලිපියේ මුඛ්‍ය අරමුණ ඕක නොවුනට ඒ වගේ එව්වා අරං දෙන්න යන පාඩනුත් ඒ වගේම අබිලික් වෙන්න ඇහැකි..ඇව්ව ඒකත් කල්පනාවට ගන්නවා හොඳයි...

      ඇඟිල්ලෙන් තද කොරලා ඩ්‍රෝවින් පින් ගහන්න බිත්තියට..ඒකත් නරක නැහැ තමා...බිත්තිය අඩුම ගානේ ලී වත් උනානං... (තෝ හදන්නේ බිත්ති කන්න.. ගෙවල් ගිනි තියන්න... හුහ්)

      Delete
    5. නිසුපා නන්ගිගෙ රිප්ලයි එක එන්න ඕනි මාරයා "අයියගෙ" රිප්ලයි එකට පහලින්.. මගේ රිප්ලයි එක ටයිමින්ග් වල අවුලක් නිසා ඒක මැද්දෑවට වැටිලා..

      Delete
    6. නිසූපා, හරී ඔය කියන විදියට කාඩ්බෝඩ් කෑලි ගිණි ගන්නවනම් ඒක සාර්ථක විසඳුමක් නෙවෙයි..ඒක දුර්වලකම් තියෙන විසඳුමක විදියට අපිට අයින් කරන්න පුළුවන්..
      මාරයා මල්ලි මෙතන ඇති මගුල් ධනාත්මකයක් නෑ බන්...මේක නිර්මාණශීලීත්වය ගැන කතන්දරයක් බන් තියෙන්නෙ..නිර්මාණශීලීත්වය කොහොමද ගොඩ නැගෙන්නෙ..එහෙම නැත්නම් ගොඩ නගා ගන්නෙ කොහොමද කියලයි..

      Delete
  2. //(Perspiration), ඊළඟට එය ඇගයීමට ලක්කිරීම //
    අලුත් ඉංග්‍රීසි වචනයක් ඉගෙන ගත්තා.:)

    දැන් ඊලඟට අපට සිංදු අහන්ටත් වෙනවද?:D

    ReplyDelete
    Replies
    1. වැරදුනා... වැරදුනා... තේරුම හැටියට දීල්ල තියෙන්නේ ක්‍රියාවට නැංවීම. ඒකත් අලුතෙන් ඉගෙන ගත්තු වචනයක් තමයි...:D

      Delete
    2. තමන් හදා ගත්ත සංකල්පය වෙනුවෙ දහඩිය හෙලීම වගේ අදහසක් !

      Delete
    3. පොඩ්ඩිට කවි ලිව්ව හැකි නං වෙනී සිංදු කිව්වම මොකද.. හෙහ් හේ...

      Delete
    4. මටත් පොඩි ගැටලුවක් තියේ මේ වචනෙ ගැන... මම දවසකට කීප සැරයක් පාව්ච්චි කරන වචනයක්.. සපත්තු වල හොඳ ගුණයක් තමා කකුලට දහඩිය දැම්මොත් ඒව වාශ්ප වෙන්න පුලුවන් විදිහෙ අමුද්‍රව්‍ය වලින් හදල තියෙන එක... ඉතින් මම කියන වචනෙ අපේ ලමයින්ට මේක පැහැදිලි කරද්දි වගේම පාරිභෝගිකයො එක්ක කතාකරද්දිත් භාවිතා කරනව...
      ඒත් ලියන්නා කියන මේ අර්ථය මේකෙ තියෙන බවක් මම දැනන් හිටියෙ නෑ...මේ නිසාම මම ඩික්ෂනරි ඇප් එක ක්ලික් කරල බැලුව.. ම්හු.. මේ ගැන තව පොඩි අදහසක් දෙන්න පුළුවන් නම් හොඳයි...

      Delete
    5. ආන්න හරි බුද්ධි..මොකෝ මට සින්දු කියන්න බැරි එහෙනම්..
      සපා මේක සාමාන්‍ය ඩික්ශනරියෙ තේරුම නෙවෙයි මේක Management term එකක්..මේ පියවරේදි තමයි අපි ඔය ඩ්‍රාෆ්ට් අඳින්නෙ..එක එක ඩ්‍රාෆ්ට් ඇඳලා ඒවා ඇගයීමට ලක් කරලා බලනවා..ඒක එන්නෙ අර මුලින් ආපු අදහසම යම්කිසි විදියකට චිත්‍රනය කිරීමක්..ඒතුලින් අපේ මනසෙ ඇඳිච්ච සංකල්පය තවදුරටත් පිරිපහදු කර ගන්න පුළුවන්..

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. වෙනී අයියා දැන් කමෙන්ට් කරන්නෙ ඉංග්‍රීසියෙන් වගේ

      Delete
  4. අප්ලෝඩ් කරමුකො බලන්න සින්දුවක්. :))

    ReplyDelete
    Replies
    1. මේ නිසූපා... එකෙක් හිටියම මදිද ඔයාලගේ කන් වනසන්න...

      Delete
    2. ලෝකයා මොනා කීවත් ඉන්නකෝ මගේම සින්දු ටිකක් මන් කියලා අප්ලෝඩ් කරන කම්...

      Delete
    3. බුදු අය්යේ ගහපන්කෝ තැටියක් රජරට ගොවියට අලි එලවන්න හරි දාන්න බැරුවයි

      Delete
    4. ආ ඔය තියෙන්නෙ තව පොරෝජනයක් එහෙනම් !

      Delete
  5. වෙනී අයියා එහෙනං සිංදුවක් දාන්ඩ බලන්ඩ අපිත් රසවිදින්නං මක් කරලා හරි!

    ReplyDelete
    Replies
    1. බුද්ධි මලයා ඔය සප් එකම මදෑ ඉතින් ..

      Delete
  6. මට මේ ගැන කියන්න එක වාක්‍ය කිහිපයයි තියෙන්නේ....

    අයියේ උඹ කියන සිංදු අපි අහලා තියෙනවා... සයිබර් ලෝකයට ඒ කරදරේ මුදා හරින්න එපා රත්තරන්....

    ReplyDelete
    Replies
    1. අහන බහුතරයක්ම ඔහොම්මමයි කියන්නෙ බන් ඇයි ඒ ?

      Delete
  7. අයියගෙන් මම ඉල්ලපු විදිහේ වැඩසටහනක් ක්‍රියාත්මක වෙලා තියෙනව නියමයි සහ ස්තුතී

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් ඒ පැත්තට හැරුනා..හැබැයි ඊළඟ පෝස්ට් එක ආයි 2-3කින් පස්සෙ..

      Delete
  8. වෙනී අයිය ප්‍රැක්ටිස් කරන සින්දු අහන්න තරං වාසනාවන්ත වෙන යාලුව කවුද දන්නෑ.

    කොහොම උනත් ඔය මැදිං පටි අලෝල හයිකරල තියෙන එක ඉටි පංදමක්වත් ඉවර වෙනකල් පත්තු කරන්න වෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ඇයි මල්ලි අර හාවො..එක්කො ඕනි නෑ..ඒ ගොල්ලො ආරක්ශක පියවර ගනීද මන්දා ඔව්වා කලින්ම ආරංචි වෙලා...

      Delete
  9. හ්ම්හ්. මේක හරියන වැඩක් නෙමෙයි. මූ අපිව හැමදාම මීයො කරනවා. අපිටත් තියෙන ලැජ්ජා නැතිකමට මේකටම එනවා. විසෙන් විස නැසේ කියනවනෙ. මීට පස්සෙ උඹ අහන ප්‍රශ්න වලට මමත් ප්‍රශ්නෙකින් පිළිතුරු දෙනවා. උඹ හරි උත්තරේ දුන්නයින් පස්සෙ තමයි මම උඹේ ප්‍රශ්නෙ සලකා බලන්නෙ.
    මෙන්න මගේ ප්‍රශ්ණෙ.
    ප්‍ර: පිරිමින්ගෙ කලිසම් පහත් කිරීමටත්, ගැහැනුන්ගේ සායවල් එසවීමටත් සමත් සුදුපාට උකු දියරය කුමක්ද?
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. මම උත්තර දෙන්නද??? :D

      Delete
    2. අහවල් තැන කිට්ටුවෙන් ප්‍රීති කසානා හැදුනාම දොස්තරයා ගාන්න දෙන ක්‍රීම් නෙව හෙන්රියෝ !!

      Delete
    3. අන්න හෙන්රි අයියා..අතාරින්න එපා..මීට පස්සේ අපි එන්නේ වෙනියගේ මීයෝ වෙන්න නෙවෙයි..උඹේ හාවෝ වෙන්න..උඹ අහපං අයියා..අපි නොදැක්කා වගේ මාතෘකාවට පිටින් කතා කරන්නං...

      Delete
    4. හෙන්රි මන් හිතුවෙම අරවා තමයි කියලා ..
      කියන්න අංජන මල්ලි කියන්න මාව බේර ගන්ඩ !
      අනේ අම්මේ සරත් ලංකා අයියා මගේ බුදු දෙයියා මාව බේර ගත්තා..අහලක පහලක හිටියා නම් Hugs and kisses එකක් දෙනවා..ඒ කිව්වෙ සුද්දො ඔහොම කියලා කරන්නෙ බිම පෙරලගෙන කිස් එකක් දෙන එකලු නේද ? :-D
      හෙන්රි අයියගේ ප්‍රශ්නෙට මාත් උත්තර හොයනවා මාරයා මල්ලි වගේ..

      Delete
    5. @ අංජන: කෝ දෙන්නකො අංජන.
      @සරත්: හැක් හැක් හැක්. හොඳ ට්‍රයි එක, ඒ වුනාට වැරදියි සරතා.
      @මාරයා: ටැංකිව් මාරයා. අපි දෙමු මූට වැඩක්.
      @වෙනි: මොනවද බොල අරවා කියන්නෙ? චික්, මුගෙ කැත හිත. ඕකමනෙ ඔලුවෙ තියෙන්නෙ. උඹ සරතට Hugs and kisses දෙන්න යන්න එපා. සරතගෙ උත්තරේ වැරදියි.
      මෙන්න මූ ප්‍රශ්නෙන් පිට පනින්න හදනවෝ!!! බණ්ඩක්කයා! :D
      henryblogwalker the Dude

      Delete
    6. චෙක් සරත් අයියෙ කියන්ඩකො වෙන උත්තරයක්වත් එහෙනම්..ඔය ප්‍රශ්නෙ හැටියට නම් මගේ උත්තරේ සහ සරත් අයියගෙ උත්තරේ ගැලපෙනවා.. ඉන්ඩලකො අද රෑට මන් තව විකල්ප පිළිතුරු ටිකක් ගොඩනගන්ඩ...

      Delete
  10. ම්ම්ම්ම්... දැන් වෙනී අයියත් ජීවිත කතා ලියන්න අරගෙනද.. අපරාදෙ ඉස්සර හිටපු ලියන්නා.. සැහ් කොච්චර ආසාවෙන් ඉස්සර කතා ටික කියෙව්වද..

    අඩෙ වෙනී අයියේ.. දැන් ජීවිත කතා තිත්ත වෙලා.. ඉස්කොලෙ යන කාලෙවත් මෙච්චර ජීවිත කතා කියවලා නෑ.. බලපං අයියේ උදේ ටොයිලට් යන සීන් එකේ ඉදං රෑට නිදා ගන්න කලින් චූ කරන කං ගොඩක් අය බ්ලොග් වල ලියනවා.. අනේ සත්තරනේ.. ඉස්සර ආ‍සාවෙන් කියවපු කතා වගේ ආයෙත් ලියපංකෝ.. උඹ සෝයි නේ.... නැත්තං අපිටයි කියවන්න මුකුත් නැත්තේ..

    අපි පවු.. අපි අසරණයි........

    ReplyDelete
    Replies
    1. කතන්දර දෙක තුනක්ම තියෙනවා ඊළඟට ලියලා දාන්නම් පසන් මල්ලි,

      Delete
  11. ඉපදෙනකොට ආපු එවුවා ඉටිපන්දම් කියලද අපිට කියන්නේ මල්ලියේ ? (ඔය බිත්තියේ එල්ලලා තියෙන්නේ එවුවද ?) හනේ අපි වැඳලා කියන්නම් සින්දු නම් කියන්න එපෝ !! චිත්‍ර ඇන්දට නම් කමක් නෑ

    ReplyDelete
    Replies
    1. සරත් අයියා කියන දේවල් නො අහත් බෑ ඕන්..

      Delete
  12. වෙනදට හොරෙන් කියවල යනව විතරයි නෙ.. අද නං හිනාව නවත්තගන්ඩ බැරිතැන කමෙන්ට් කරන්නෙ...:-D

    /දැනටමත් ඈත ගොවි ගම්මානවලින් ඉල්ලුමක් තියෙනවා..කුරුල්ලො එළවන්න ගොවි පලේ තැන් තැන් වල එල්ලලා තිබ්බහම අස්වැන්න රැකබලා ගන්ඩ පුළුවන් කියලා ඒ ඉල්ලපු එක ගෙදරක හිටි පොඩි එකෙක් කීවෙ මගේ යාළුවා වෙච්ච ඒකාගෙ තාත්තගෙ ටොක්කකුත් කාගෙනමයි../
    නියම කතාව!!

    ඒ වුණාට මේ කමෙන්ට් කරන අය නං හරිම වැරදියි....බලන්ඩකො මෙතන ඉන්න කාටවත්ම ඇයි වෙනී අයියට අත දෙන්ඩ හිත හදාගන්ඩ බැරි මං අහන්නෙ....??

    ReplyDelete
    Replies
    1. ඔයාගෙ අතවත් දෙන්න හංස කිංකිණි ළමයි මට ගොඩ යන්න.. අද කමෙන්ට් එකක් දමන්න සිත් පහල වීම ගැන මට හරි සතුටුයි..

      Delete
  13. ම්..මම නම් කවදත් වෙනීගෙ හැකියාවන් අගය කලානෙ නැද්ද මං අහන්නෙ..
    ඉතිං සින්දු කීවත් ඒකත් අහනවා අනිවාර්යෙන්ම කන්දෙකේ ඇබ ගහගෙන හරි ඕං..:)

    මේ වගේ විශය ක්ෂේත්‍ර කීපයක (නො)හැකියාව ඇති මිනිස්සු හරි අඩුයි වෙනී..ඒකයි අපිට ඔයාව වටින්නෙ..හැමෝම මොන මොනවාහරි කියලා යන්නෙ ඒ වටිනාකම අඳුනන නිසා..මේ කමෙන්ට් දැකලා ඔයා අධෛර්ය වෙයි කියලා හිතලයි කිව්වෙ..

    ReplyDelete
    Replies
    1. කලිනුත් කිව්වද මන්දා..කොමෙන්ට් වල අකුරු ටිකක් ලොකු කරන්න බැරිද?

      Delete
    2. මගේ හැකියාව ඇගයීම ගැන සතුටුයි..කමෙන්ට් වල අකුරු සයිස් එක වැඩි කරන්න තාම දන්නෙ නෑ.. ආයි හොයලා බලන්නම්.. දන්නවනම් කියන්නකො රූ..

      Delete
  14. ඔන්න ඔය සීඩී එකක් ගහන්න වෙනි අයියෙ.. බස් එකක් ගානෙ ගිහින් හරි විකුණැමු..

    ReplyDelete
    Replies
    1. ආයි අහලා ඉන්ඩකො තාම පදවැල් හොයනවා.. හොයලා තාල හොයලා ඔව්වට තනු දමලා කියනකොට සෑහෙන කාලයක් යයි හරී...

      Delete
  15. වෙනි අයියේ, අපිත් මේ ඩුබායි පුරේ සංගීත සැන්දෑවක් කරන්න කියලා ලයාන්විත කටහඬක් තියෙන, සුභාවිත සංගීතයේ නිපුණ නව පරපුරේ ප්‍රවීණ ගායකයෙක් හොය හොය ඉන්නෙ.....! මම හෙට අනිද්දාම අපේ මනේජර්ව එවන්නම් මේ ෂෝ එක ගැන කතා කරගන්න කියලා....!

    මෙන්න මේ පහලින් තියෙන දේවල් තමයි අපි දෙන්න බලාපොරොත්තු වෙන්නෙ....!

    යාමට සහ ඒමට ව්‍යාපාර පන්තියේ ගුවන් ටිකට් පත් මුළු වවුලට සහ ලේන් එකේ ඉන්න අනිත් කට්ටියට.....!
    නැවතීම සඳහා ලොව තරු හතේ හෝටලයක කාමර පහසුකම් පැමිණෙන සියළුම දෙනාට....!
    කෑම බීම තමන් කැමති අවන්හලකින්.....!
    සහ ෂෝ එකෙන් පසුව තමන් කැමති ගාණක් ලියා ගන්න පුළුවන් විදිහට බ්ලෑන්ක් චෙක් එකක්.

    ඔබ තුමා ගොඩක් කාර්ය්‍යය බහුලයි කියලා දන්න නිසාම අපගේ මේ කුඩා සමාජ සත්කාරයට හැකි පමණින් දායක වෙන ලෙස ඉල්ලා සිටිනවා....!

    ReplyDelete
    Replies
    1. අනේ අයියා..මට ඔය චෑන්ස් එක දීහංකෝ..වෙනියාගේ වගේයෑ..උඹලා අහලත් තියේනේ මගේ අර කිරි කිරි වොයිස් එක...

      Delete
    2. හම්මේ දුමී මහත්තයා ! මන් කැමතී උඩින්ම ඕන්.. හැබැයි මන් එක සින්දුවක් කීව ගමන්ම මගේ ආදරණීය ශ්‍රාවකයො ටික ඔය දෙනවයි කියලා තියෙන දේවල් ඩබල් ට්‍රිබල් කරනවා සුවර්.. මොකද ඉස්සෙල්ලා ප්‍රසංග කීපයකම මට ඕක උනා. එගොල්ලො මට හරියට සැලකුවා ඊළඟ සින්දුව නොකිය ඉන්න මන් පොරොන්දුවෙච්ච ගමන්ම..මන් කියෝනවා වැඩිද මන්දා ? :-D
      මාරයා කෙනෙක්ගෙ වෘත්තීය ජීවිතයක් ගොඩ නැගෙන්න යනකොට බාධක දමන්න එපා ඕන්..

      Delete
    3. උඹට දැනුත් බෝඩිං ගාස්තු 50% අඩු කරලා කියලා ආරංචි වුනා, සින්දු නොකියන පොරොන්දුව පිට. එක්කො උඹ ඔය ආණ්ඩුවේ ටීවී එකේ සින්දු කියපං බං. එතකොට කාටවත් කරදරයක් නෑනෙ.
      henryblogwalker the Dude

      Delete
    4. අහල පහල ඉන්න අය තමා 50% එකතු කරලා දෙන්නෙ.. අපොයි ඒකෙ කියන අය මට වඩා හොඳයි ඉතින්...

      Delete
  16. අයියේ මටත් සීඩි එකක් ඕන හරිද.
    ඔයා පින් කියලා අපිට පෙන්නුවේ වෙන ජාතියක්නේ නැත්තම් මාත් හරි උත්තරේ දෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ මල්ලි මන් කීවෙ උත්තරෙ නොලියා හිතන්න කියලා..

      Delete
  17. කිරුළපොන පොලීසියෙ මේ අපේ අසහාය ගායකයාට විරුද්ධව පැමිණිළි අම්බානකට. කොච්චරද කියනවනං ඒකට වෙනම රාළහාමියෙකුයි පැමිණිළි පොත් දුසිමකුයි වෙන් කරල තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. කාටවත් කියන්ඩ එපාය කියල මොනා හරි කීවහම ඔන්න නවම් මල්ලි ඔහොම ප්‍රසිද්ධියේ කියන වයැ ?

      Delete
  18. සින්දු කියන එක නම් කොච්චරවත් එපා වෙන්නේ නැහැ..කෝ ඔයා කියපු ඒවා අප්ලෝඩ් කරලා එහෙම නැද්ද හ්ම්ම්?

    ReplyDelete
    Replies
    1. එකක් අප්ලෝඩ් කලා..අහපු දෙතුන් දෙනෙක්ම ඒක රිපෝට් කරලා .. ආයි අප්ලෝඩ් කරලා අහු උනොත් අඬු හතරම කඩනවා කිව්වා..

      Delete
  19. අයියෝ අක්කගෙ කන...!!! :D :D

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙමයි ඒ කන ඇහෙන එක අඩු උනේ...

      Delete
  20. උඹ CD එක රිලීස් කරපු ගමන් කියපන් මම 10ක් ගන්නවා... :D

    මේ වැඩේට

    ReplyDelete
    Replies
    1. තො‍ගෙ නන් පෝස්ට් එකක් බැලුවත් සිරා.. ‍කමෙන්ට් එකක් බැලුවත් සිරා.. හික්ස්...

      Delete
    2. බීටල් ඔය වැඩ සටහනම මන් බැලුවා.. හිනා කාලා මැරෙනවා ටෙනී ගේ කතා වලට..ඒත් මේක යූටියුබ් තියෙනවා කියලා දැන ගත්තෙ මෙතනින්ම තමයි..ඕන් එහෙන 10ක්ම වෙන් කලා..

      Delete
  21. බල්ලො උඩුබුරලනවා නෙවෙයි, ඒකට කියන්නෙ රසික ප්‍රතිචාර කියලා

    ReplyDelete
    Replies
    1. අප්පේ එහෙනම් මන් ඒ රසික ප්‍රතිචාර මැදම අද ඉඳන්ම සින්දු ප්‍රැක්ටිස් කරනවා..

      Delete
  22. සිංදු සංගත තැටියක් "එළියට දමන්න" ක්‍රම කීපයක් තියෙනව් නේද ?

    ReplyDelete
    Replies
    1. ආන්න රාමා අල්ලා ගත්තා නෙ මගේ වැඩ පිළිවෙල යන්නෙ කෝමද කියලා ...

      Delete
  23. වෙනියා කියන්නේ මඩක් උනත් මොකක් උනත් සංවරව ලස්සනට ලියන්න පුළුවන් මනුස්සයෙක් වෙච්චි හින්දා තමයි මොන වැඩේ අස්සේ හරි ඇවිත් මේක කියවන්නේ.

    ඉටිපන්දම ගැන මගේ වර්ෂන් ඒක වෙනස්. ඔය කොලේ ඒක නෑ නේ.. :(

    ReplyDelete
    Replies
    1. ඉතින් ක්සැන්ඩර් ඒකත් කීවනම් අපිට .. තව විකල්ප ක්‍රම රාශියක් ගොඩ නගන්න පුළුවන් ඇති..

      Delete
  24. පිස්සු හැදෙනවා එක ක්‍රමයක් නැතිව ක්‍රම හැට හුටාමාරක් තියෙනවනේ...

    ReplyDelete
    Replies
    1. මතත් හරි හමන් එකක් වත් හිතා ඉන්න බැරුව ඉද්දි.. මේ ටික දැක්කහම පුදුම හිතුනා..

      Delete