ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Wednesday, July 11, 2012

එක ඉවරයි !


අච්චාරුවක් එහෙම නැත්නම් ලුණුදෙහි එකක් කාලය යන්ඩ යන්ඩ තමයි රස වැඩි වෙන්නෙ. ඒ වගේමයි අච්චාරු කියන්නෙ විශේෂයෙනම අවුරුදු කාලෙ කෑම මේසෙදි දකින්න පුළුවන් වගේම අවුරුද්දෙ ඕනිම කාලෙක පාවිච්චි කරන්න පුළුවන් දෙයක්. අච්චාරු ප්‍රධාන ආහාරයක් නොවෙන නිසා ඒක තිබුනත් නැතත් කාලා බඩ පුරවගන්න පුළුවන්..අච්චාරුව රස වැඩි වෙන්නෙ ඒකට දමන විවිධ දේවල් නිසාමයි.


හරියටම අදට මගේ අච්චාරු බ්ලොග් එකටත් අවුරුද්දක් වෙනවා.
විවිධාකාරයෙ ලිපි තියෙන නිසාම මන් කැමතී මෙක අච්චාරුවක් විදියට දකින්න.





ඉතින් මන් ඔන්න ඔහොම කියලා හරියටම අවුරුද්දකට කලින් මේ බ්ලොග් එක ලියන්න පටන් ගන්න කොටනම් මෙච්චර දුරක් එන්න හිතුවෙ නෑ..ඒ වෙනකොටත් පටන් අරන් තිබ්බ බ්ලොග් හත වගේම මේකත් ඔය පෝස්ට් 2-3ක් ලියලා අමතක කරලා දමයි කියන අදහස තමයි තිබුනෙ..


අවුරුද්දක් ඇවිත් ආපහු බලද්දි මට පේන්නෙ මොනාද ?
හිට් කවුන්ටරේ ?
නෑ...
ෆලොවර්ස්ලා ?
පෝස්ට් සහ කමෙන්ට්ස් ද ?
නෑ..එහෙනම් ?


බ්ලොග් එකේ පළමුවෙනි පෝස්ට් එකේ ඉඳන්ම මට ධෛර්‍යයක් වෙච්ච මගේ ඔබ සියළු දෙනාම තමයි මට පේන්නෙ..එකම එක අකුරක උනත් කමෙන්ට් එකක් දමපු ඔබ නිසයි බ්ලොග් හතක්ම ලියන්ඩ ගිහින් මග දමලා ගිය මන් මේ ලියන්නා බ්ලොගය මේ අද දක්වා ඇද ගෙන ආවෙ..
කමෙන්ට් නොදමන නමුත් බ්ලොගය කියවන මගේ සහෘද පිරිස මට ඔබලා දෙන සහය පේනවා හිට් කවුන්ටරයෙන් සහ ෆලෝවර්ස්ලා ලොට් එකෙන්.. ඔබලා නොවෙන්න මන් බ්ලොග් ලෝකෙ කවුරුවත් නෙවෙයි..මහා යෝධ පතාක බ්ලොග් අතරේ බොහොම පුන්චි බ්ලොග් එකක් මට තියෙනවා කියලා නිහතමානි ආඩම්බරයකින් කියන්න පුළුවන් ඔබලා නිසයි.


මීට ඉස්සෙල්ලත් මන් කියලා ඇති මන් අවුරුදු ගනනාවකට උඩදි ඉංග්‍රීසි බ්ලොග් කියව කියවා ඉන්න කොට මොන දේකින් හරි අහු උනා අපේ සීටී මලයගෙ මාරයගෙ හෝරාව කියවන්න.. එතනින් තමයි මන් සිංහල බ්ලොග් කියවන්න සබැඳියන් අර ගත්තෙ..ඒ දවස් වල මන් කියවන්නෙක් විතරයි. කමෙන්ට් එකක් දැම්මෙවත් නෑ.. ඔහොම අවුරුදු එකහමාරක් විතර ඒ වෙනකොට පල වෙමින් තිබ්බ සියළුම බ්ලොග් පාහෙ කියවන්න ඇබ්බැහි වෙච්ච මන්.. දවසක හිතුනා..ම්ම්ම් මොනා හරි පොඩ්ඩක් ලියන්න ඕනි කියලා..


ජූලි 10 වෙනිදා ඉඳන් ඔහෙ මොනා හරි අත් අකුරින් ලියලා ඒක ස්කෑන් කරලා දම දමා හිටි මන් සිංහල යුනිකෝඩ් වලින් කොටන්න ගත්තා..ජූලි 16 මෙන්න උදේ නවයකුත් ගානට මගේ පළමුවෙනි කමෙන්ට් එක තියෙනවා




..කාගෙන්ද අපේ කතන්දර සූරින්ගෙන්..ඒ වෙනකොටත් මන් මාරයාගේ හෝරාව කියවලා ඊළඟට කියවන්න ගත්ත කතන්දරමද මේ කියලා බලන්න ලින්ක් එක දිගෙත් ගියා එක්ක..ආයි මොනාද එයාම තමයි..එච්චර ලොකු බ්ලොග් කාරයෙක් කවදාවත් මගේ මේ සිඟිති බ්ලොග් එක කියවයි කියලා නොහිතපු මම..ඒ කමෙන්ට් එකෙන් ගත්ත අප් එක නම් කියලා වැඩක් නෑ..

හැබැයි  ඉතින් කතන්දර සූරින් අදට නම් මගේ බ්ලොග් පෝස්ට් කියවන්නෙ නෑ මන් හිතන්නෙ..ඒත් එදා කියෙව්වනෙ කියලා හිතෙන කොට මට හරි සතුටුයි..


ඊළඟට අපෙන් සමු ගත්ත ඔබා අයියා මගේ බ්ලොග් එක එහෙම් පිටින්ම අන්තිම පේළියෙ පබ්ලිස් කලා..එතනින් සෙට් වෙච්ච යාළුවො කට්ටිය..දැන් නම් මූණුපොතෙන් , ඒ දවස් වල බස් එකේ.. දැන් පස් වල.. බස් රේඩියෝව..කිහිපයක් ම තිබිච්ච සුහද හමු, සයිබර් සැනකෙලිය...ඔය සේරගෙන්ම මාත් එක්ක හිතවත් වූ සහ ලං වූ මිතුරු මිතුරියන් කැල.


අවුරුදු 1ක්
හිට්ස් 85300 ක් මේකෙන් 5000ක් විතරම මගේ මුල කාලෙ සෙටින් හදන්න ඉස්සර කවුන්ට් වෙච්ච

පෝස්ට් 123 ක් 
කමෙන්ට් 5300 ක් භාගයක්ම මන් රිප්ලයි කරපු..
ෆලෝවර්ස් 231 ක්
ලොකු නමුත් අහිංසක සතුටක් !


මන් හිතන්නෙ මන් තමයි බ්ලොග් එකක් ලියලා ඒකෙන් ලබන්න පුළුවන් උපරිම සතුටක් ලබන කෙනා.. 
දන්නවද ඔබලා තමයි ඒ සතුටට වග කියන්න ඕනි..
ඒකට ස්තූතියි කියන අකුරු හතර මදි..
ඒ වෙනුවට මන් පොරොන්දු වෙන්නම්..


මන් මේ බ්ලොග් එක ලියනවා මැරෙන කම්ම ..


ඒ ඔබලා වෙනුවෙන්,
ඔබලාට කෘතුතගුණ සැලකීමක් වශයෙන්...


ප.ලි. මෙතන ඔබලා කියන වචනය ඇතුලෙ ඉන්න අපේ ආදරණීය සින්ඩිකේටර සමඟ අපේ සහෘද බ්ලොග් කරුවන් සහ කාරිනියන් ගේ තමන් කියවන ලිස්ට් එකත් වෙන එකතු විය යුතුයි ..


ඊට අමතරව මන් ඕන් අරකෙන් හැමෝටම තුති මලක් ඇන්දා...ඒකට කියන්නෙ Flower of Thanks  කියලයි

මේ වගේ මලක් කොහෙ හරි දැක්කොත් කඩා ගන්ඩ..ඒ මගේ ගානෙ..

131 comments:

  1. අවුරුදු තුනක් ඉවර උනාම දාන පෝස්ට් එකේ මාතෘකාව මොකක් වෙයිද මන්දා :-D

    සුභ වේවා වෙනී !!!!

    ReplyDelete
    Replies
    1. ඇයි අයියේ අර බුද්දි දාලා තිබුනේ :)

      Delete
  2. වෙනි අයියේ අර කොළ ස්කෑන් කරලා දාන කලේ ඉදන්ම කියවනවා.
    කමෙන්ට් නොකලට.අවුරුද්දට සුබ පැතුම් :)

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි මට මතකයි මුල් කාලෙ දමපු කමෙන්ට්..

      Delete
  3. ඔන්න මල කඩා ගත්තා.. සුභ පැතුම්.. මැරෙනකම් බ්ලොග් ලියන්න ලැබේවා. (තව ටික කාලයයිනෙ)

    ReplyDelete
  4. අවුරුද්දයිද බන් තාම . . ඊට වඩා සෑහෙන කල් වගේනේ දැනෙන්නේ .. . . ජය වේවා

    ReplyDelete
    Replies
    1. කියවන්න අරන් නම් 2008 ඉඳන්..ලියන්න අරන් අවුරුද්දයි

      Delete
  5. සුබ පැතුම්.

    කූඹි දාපු ෆැෂන් පෘට් බීල මැරෙනකල්ම බ්ලොග් ලියන්න හැකියාව ලැබේවා !

    ReplyDelete
    Replies
    1. පැශන් ෆෘට් ඇට ! :-D

      Delete
  6. බොහොම සතුටුයි. සුභ පැතුම්!!!
    ඔක්කොටම වඩා සතුටු අර අන්තිම කතාවට, "මැරෙනකම්ම මේක ලියනවා" ඒ කියන්නේ දැන් මට තව කෙනෙක් ඉන්නවා තනියට. හෙක්... හෙක්.. ඒත් අවාසනාව කියන්නේ අපි මැරෙන්නේ නෑ.. අපි මැරෙන්නෙ නෑ... වැරදීමෙන් හුස්ම ගියත් අපි මැරෙන්නෙ නෑ...

    ReplyDelete
    Replies
    1. යකෝ වයසක උන්දලා ටික මේකේ තපින්නද හිතං ඉන්නේ..එව්වා හ‍ඳේ... මං වෙලාවට ආරාධනාව එවඤ්ඤං...

      Delete
    2. මාත් හිතන්නෙ වෙද මහත්තයා අපි මොකටද මැරෙන්නෙ..ඔය ඉන්නෙ ඕනි තරම් අය ඔය වැඩේට..අපි ලියමු..
      මාරයා මල්ලි වැඩිහිට්ටන්ට ගරු කරන්ඩලකො...

      Delete
    3. එක දවසක් මම බස් හෝල්ට් එකේ ඉන්නවා... බීපු පොරක් එහා පැතේතේ කෑ ගහ ගහ හිටියා... වංගුවෙන් එක පාරම වාහනයක් මතුවුනා... පොර සද්දේ වහගත්තා... වාහනේ ගියාට පස්සේ පොර හිමීට තමන්ටම කියාගන්නවා... "නෑ පොලිසියෙන්නම් මේ වෙලාවට කොහොමවත් එන්න විදියක් නෑ..." කියලා

      අන්න ඒ වගේ තමයි වෙද මහත්තයගෙයි වෙනියාගෙයි කතාවත්... ගොක් කොල හීනෙන් පේන නිසාදෝ කොහෙද බයටම තමන්ට කියාගන්නවා "අපි මැරෙන්නේ නෑ... අපි මැරෙන්නේ නෑ..." කියලා :D

      සුභ පැතුම් මචෝ එකක් නෑර කමෙන්ට් නොකලත් එකක් නෑර කියවනවා... :)

      Delete
    4. ඔව් බීටල් එහෙම වෙන්නත් පුළුවන්..අපි තාම තරුණයි හැබැයි..හතලිහ කියන්නෙ වයසක්ද ?

      Delete
    5. හතලිහ කියන්නෙ මීට අවුරුදු හතලිහකට විතර කලිං නං වයසක් නෙමේ

      Delete
    6. එහෙම කියන්නෙ 35 කෙනෙක් !

      Delete
  7. මගේ හද පත්ලෙන් නැගෙන අවංක සුබ පැතුම්....:)

    ReplyDelete
    Replies
    1. සතුටුයි පොඩ්ඩි..

      Delete
  8. සුභ පැතුම් අයියේ... දිගටම ලියන්න...

    ReplyDelete
    Replies
    1. මොනා අහනවද මලයා ලියමු ලියමු !

      Delete
  9. අවුරුද්දෙ උපන්දිනේ වෙනුවෙන් මාත් වෙනී අය්යට සුභපතනව. මුල්කාලයේ ලිව්ව කතා සහ කෙටිකතා වලට තමයි මගේ වැඩි මනාපය. පිංතූර වලට නං.......එච්චරම මනාප නෑ. කෙටිකතාවක් ලඟදි ලිව්වෙත් නැද්ද කොහෙද!

    ReplyDelete
    Replies
    1. මගේ කෙටිකතාවලට ගොඩක් බිම උනේ ගම..ගම ගැන මතකය අවදි කරන කොට තාමත් මතක් වෙන්නෙ අම්මව..තාම මාස තුනයි..හිත ගොළුවෙනවා..කතාවක් ගොඩ නගන්න බෑ හරියට..!

      Delete
  10. වෙනි අයියා සුබ පැතුම් මම යොජනාවක් ගෙනව ඔබ සමාජයේ බොහෝ තැන්වලට ඔයාගේ වෘතීය ඔස්සේ වැදගත් මෙහෙයක් ඉටුකරනව මේ බ්ලොග් සමාජයටත් එයින් බිඳක් එක්කරන්න කියලා යොජන කරනවා ජයෙන් ජයම වේවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මලයා යෝජනාවට..අනිවා ඒව කෙරෙන්න ඕනි වැඩ තමයි...

      Delete
  11. සුබ පැතුම් වෙනී භයියා!

    මම දන්නැ අදයි භයියගේ බ්ලොග් එකටත් වසරක් සම්පූර්ණ වෙන්නෙ කියලා. මැරෙනකම්ම බ්ලොග් ලියන්න තීරණය කල එක ගැන සතුටුයි. ඒ කියන්නෙ අපි කොහෙ හිටියත් හදිස්සියකට මේ පැත්තෙ ඇවිල්ලා යමක් කියවන්න පුලුවන්.

    //මන් හිතන්නෙ මන් තමයි බ්ලොග් එකක් ලියලා ඒකෙන් ලබන්න පුළුවන් උපරිම සතුටක් ලබන කෙනා.. // මේක නං බොරු! මම දන්නවා මමයි කියලා.

    පසුව හමුවෙමු! කලින් දැනගත්තා‍ නම් විදෙස් සිත්තරා මක්ක හරි කරන්නත් තිබුනා. කමන්නැ. එක රැයින් එලිවෙන්නෙ නෑනේ.

    නැවතත් සුබ පැතුම්!!!!!

    ReplyDelete
    Replies
    1. "//මන් හිතන්නෙ මන් තමයි බ්ලොග් එකක් ලියලා ඒකෙන් ලබන්න පුළුවන් උපරිම සතුටක් ලබන කෙනා.. // මේක නං බොරු! මම දන්නවා මමයි කියලා."

      පලයං කෙහෙල් කොට්ටෝරුවා යන්ඩ... මං ඉන්නකල් එව්වා තනියෙං අයිති කරගන්ඩ හිතුවා මදි..හුහ්...

      Delete
    2. :O අපොයි තව කී දෙනෙක් එවිද දන්නැ.... මේ ගොඩට

      Delete
    3. හොඳ වෙලාවට් උඹ දැන නොගත්තෙ.. නැත්තම් අද වෙනියගෙ එක ඉවරයි නේද ?

      Delete
    4. බුද්ධි මලයා මන් දෙන්න ඕනි උත්තරේ ඕන් සෙන්නා දීලා තියේ..
      මාරයා මලයා ඔන්න ඕක බෙදා ගමු..
      හිනා බෝ වේවා රන්දිල්
      සෙන්නා මන් නූලෙන් බේරුනෙ..බුද්ධිමලයගේන් සහ විදෙස් සිත්තරාගෙන්

      Delete
    5. ඒකනෙ කියන්නෙ.. කොහොමද අර සිත්තරේ ඕනයට යටින් වෙනි අයියව එල්ලලා හොඳ ඒවා හදද්දි.. චාටර් ඒවත් හදනවා කියල දැම්මනම්.. :-)

      මොනවා උනත් වෙලාව හොඳයි.. :-)

      Delete
    6. වෙනි, සෙන්නා, 10 වෙනිදා රෑ මුණුපොතේ මොකද්දෝ හරුපයක් කියලා තිබුනා. ඒත් එක මට තේරුම් ගන්න බැරිඋනානේ. හෙහ් හේ.....

      Delete
    7. //මැරෙනකම්ම බ්ලොග් ලියන්න තීරණය කල එක//

      වැඩි දවසක් නෑ

      Delete
    8. තව 30ක් 40 ක් බලන් ඉන්න වෙයි ...අවුරුදු.. අවුරුදු...

      Delete
  12. එලකිරි වෙනී අයියා..
    දිගටම එලකිරි වගේ ලියන්න..
    සුබපැතුම්..!!!!!

    ReplyDelete
    Replies
    1. ඔව් කසුන් මල්ලි අනිවා..

      Delete
  13. සුභ පැතුම් වෙනී අය්යේ.....තවත් දිගටම ලියන්න සහ අඳින්න( මේකට නම් පට්ට ලයික් ) ශක්තිය ලැබේවා.....

    ReplyDelete
    Replies
    1. අඳින එකෙන් මමත් ගන්නවා හොඳ ෆන් එකක්..

      Delete
  14. සුභ පැතුම් වෙනී අයියේ.....
    තුති මල්නං වැඩක් නෑ... මේ ප්‍රීතිමත් අවස්ථාව කොළඹ 07 ඉඳං සමරන්නැද්ද? :D

    ReplyDelete
    Replies
    1. මොකද කියන්නේ පූසා හවහට රොටී කන්නවත් යංද..?

      Delete
    2. එක්කෙනෙක් මේගොල්ලොත් එක්ක රජ බොජුං කාල දැන් කන්නෙ හුළං විස්කෝතු ලු. ඔන්න පූසො පරිස්සමෙන්.

      Delete
    3. මං නං අකමැත්තක් නෑ මාරයියේ. ඒත් මේ ඉංගිරිස් ප්‍ර සිංහල සන් දෙමළ ණ අයියා කියන එව්වා අහනකොටනං බයත් හිතෙනවා! :D

      Delete
    4. අඩේ පූසා..ඔය නං හත අට තියෙන උන්ට වඩා දරුණුයි එක නමට බාසාවල් හැට හුට හමාරක් තියෙන උන්..උන් වගේ උන් කියන වචන විස්සාස කරන්න එපා බලු මයිලක් තරමට.. ඔව්වා අර පැහැදිලි මෙව්වා එකට කියන කතා...:D

      Delete
    5. පූසා මලයා සමරන්න ඕනි දවසක..එන්නකො ඉතින් රොටියක් දෙන්නම් බඩ කට පුරා කන්න
      ප්‍රසා - මාරයා - අනේ මන්දා බොලාට මේ හොඳ දවසෙත් කා ගන්නෙ නැතුව ඉන්ඩ බැරි හැටියක් ! :-D

      Delete
  15. කොමෙන්ට් කොටන්න බැරි උනත් හැමදාම කියවනව හරිය. අවුරුදේ මෙහෙයුමට සුබ පැතුම් !!!
    මේ ...මම අර මල, කොළ දෙකක් එක්කම කඩා ගන්නද ?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මට දැනිල තියෙනවා හිට් කවුන්ටරෙන්.. ගන්න මලම !

      Delete
  16. අප්පට සිරි කකාගෙ 3 ඉවර වෙනකොට, උඹේ 1ඉවර වුනාද?
    එල එල.....චිරාත් කාලයක් (ඒ කොච්චර කල්ද මන්දා?) බ්ලොග් ලිවීමට ශක්තිය , දහිරිය ලැබේවා...

    ReplyDelete
    Replies
    1. ප.ලි :- ආහ් තව දෙයක් අර දුමියා කීවා වගේ තැන් වල Zoom. කරලා ෆොටෝ ගන්න ගියොත් නම් , වැඩි කල් ලිවීම කෙසේ වෙතත්, ජීවත් වීමත් අමාරු වෙය්. හෙහ් හෙහ් හෙහ්

      Delete
    2. තරු ඒක පුදුම අහඹුවක් තමයි..කතන්දර ශූරින්ගෙ බ්ලොග් එක පටන් අරන් තියෙන්නෙත් ජූලි 11 වෙනිදාක වීම..දුමී වගේ කෙනෙක්ගෙ අවවාද අහක දමන්නෙ ඇයි කියලා මන් දැන් සූම් නොකර ෆොටෝ අරන් කම්පීතරෙන්ම සූම් කර ගන්නවා..

      Delete
    3. මම හැමදාම නියනව වගේ ජූලි මාසෙ තමයි ලෝකෙට හොද දේ බිහිවෙන මාසෙ . . . එයිනුත් ජූලි 11 වෙනිදා

      Delete
    4. නැතුව නැතුව.. :-D

      Delete
  17. මට මතකයි මුලින්ම හෙන වැදගත් පාට පින්තූරයක් තියෙන එකෙක් කොමෙන්ට් කරන්න ගත්තා මගේ බ්ලොග් එකේ... මට හතක හැටියට ඌ හිටියේ ටයි පොල්ලක් දාලා..කණ්ණාඩි දෙකක් එහෙමත් පටලෝගෙන... හෙන හයි ෆයි තාලෙට... පස්සේ මට මේල් වගයකුත් ඇවිත් තිබුනා වගේ මතකයි... මං එව්වට උත්තර බැන්දෙත් සීරු මාරුවට..මොකද එව්වා ඉංගිරිසියෙන්ද කොහේද තිබුනේ... මං ඔය ඉංගිරිසියෙන් නෙලන්න එන උන් එක්ක පරිස්සමට නෙව ගනුදෙනුව...

    කොහොම හරි කාලෙකට පස්සේ මෙන්න එකෙක් බ්ලොග් එකක් ලියාගෙන යනවා... පස්සෙන් පහු ඌව හැබෑවටම හම්බත් උනා... මං ඒත් තාමත් කල්පනා කරනවා අර හෙන පොෂ් පාට පොටෝවක් දාගෙන කඩ්ඩෙන් කොටන්න වගේ ආව පොර කෝ දැන් කියලා... මොකද ඒකා වගේ නෙවෙයි අර දැන් දන්න බ්ලොග් ලියන එකා..අමු ගොඩයෙක්.. ගං කබරයෙක්..කබ්බෙක්... කොටින්ම අපි වගේ...

    ReplyDelete
    Replies
    1. උඹල තමයි වෙනී අයියව ඔය තත්වෙට පත්කරපු එකට වග කියන්න ඕන. :D

      Delete
    2. මට නං මුලින් ම හමුඋනේ වෙනී අයියව ‍නෙමේ වෙනී අක්කව. මම හිතුවෙ මුලින්ම අක්කා කෙනෙක් කියලා. මං ඉතරක් යැයි අර සඳරුවා වෙනී සහොදරි කියලා බොහොම ගරු ගාම්බීර ඇතුවනේ ඒකාලේ කතා කලේ....

      Delete
    3. ඇයි මාරය මල්ලි ඔයගොල්ලන්ගෙ බ්ලොග් වල සිංගිරිස් වලින් කමෙන්ට් කොටන කොට තමයි කවුරු හරි මාව මේ යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට යොමු කලෙත්..ඒ ෆොටෝ එක මන් ළඟවත් නෑ දැන් නම්..
      අනිවා ප්‍රසා අනිවා..ඇයි හැමදාම ඇවිත් කමෙන්ට් දාන අය ?!
      හිකිස් ඔව් නේන්නම් සඳරූ මලයයි බුද්ධි මලයයි දෙන්නම ඒ දවස් වල අක්කෙක් කියලා මට මාර සැලකිලි තිබ්බා..චිහ් මම මයි කා ගත්තෙ ඒ ක නම්..

      Delete
  18. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    දිගටම ලියමූ......... අපි එනවා පුළුපුළුවන් වෙලාවට... :-)

    ReplyDelete
    Replies
    1. ඒ ඇවිත් දෙන දිරියම තමයි ඊළඟ පෝස්ට් එකකට පෝර සපයන්නෙ අඩවි රජා...

      Delete
  19. උණුසුම් සුභ පැතුම් සමගින් දිගාසිරි රස්තියාදුකාරයාගෙනුත් !!
    ජය වේවා වෙනී අයිය.. :)

    ReplyDelete
    Replies
    1. තව 20ක් වත් ඉන්න ඕනි..

      Delete
  20. සුභ පැතුම් වෙන් අයියේ!!

    ඒත් මැරෙනකම් මේක ලියන්න එපා අයියෝ...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හා තනෝජා නන්ගි මන් ලියන අතරේ පොඩි පොඩි විවේකයන් ගන්නම්.. එතකොට හරිනෙ..

      Delete
  21. අඩේ... වෙනී අයියා.. මගෙන් උණුසුම් සුභ පැතුම්..

    ReplyDelete
    Replies
    1. රයිටෝ පසන් මලයා..

      Delete
  22. පුදුම තරම් රස අච්චාරුවක්....!

    මම මේකෙ ලින්ක් එක හොයාගත්තෙ බොහොම අමාරුවෙන්. ගාලු ගෙට් එකෙනුත් පස්සෙ තමා මෙතනට ආවෙ, දැන් ඉතින් යාවජීව සාමාජිකයෙක්...

    සුබ පැතුම් සහෝ....!

    මැරෙනකල්ම ලියනවනම් - මැරෙනකල්ම කියවනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් සුමිත් අපි හම්බ උනෙත් මුලින්ම ගාලු ගෙට්ටුවෙන් නෙ..සුන්දර කාලයක්..තවත් ඉස්සරහට...

      Delete
  23. සුබ පැතුම් වෙනී........!

    අනේ මන්දා බන් ඉතුරු ටික වත් පරෙස්සම් කර ගනින්....:D

    ReplyDelete
    Replies
    1. ඉතුරු දෙක නේ නිශ් ?.. හා...

      Delete
  24. සුබපැතුම්,
    වෙනීඅයියෙ,ඔයඋඩඅවවාදේමොකෝ..

    ReplyDelete
    Replies
    1. ආ අපේ තනෝජා නන්ගිගෙ උපදේසෙ.. එයා කැමති නෑ අපි ලියලම මැරෙනවට විමුක්ති..

      Delete
  25. /* හැබැයි ඉතින් කතන්දර සූරින් අදට නම් මගේ බ්ලොග් පෝස්ට් කියවන්නෙ නෑ මන් හිතන්නෙ..ඒත් එදා කියෙව්වනෙ කියලා හිතෙන කොට මට හරි සතුටුයි..
    */

    එදත් අදත් මං මේ බ්ලොග් එක කියවනවා.

    කමෙන්ට් කරන්නේ වැලියු ඇඩ් කරන්න පුළුවන් නං විතරයි. ඒ නිසා වෙන්න ඇති වැරදි වැටහීමක් ඇති වුනේ.

    අපි දෙන්නා ගේ ම උපන් දින එක දවසේ නොවැ?

    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. මා‍ය්, බුද්ධියය් දෙන්නත් එදාට ඉන්නවෝ.....අපේත්"හැපි බොර්දේ" එදාට

      Delete
    2. ඔව් ඔව්.

      කකා
      වෙනී
      තරු
      යුරෝ

      එදාටත් මක්කාවත් කරමු!

      Delete
    3. ඔව් කසූ..පොඩි වැරදි වැටහීමක් එහෙනම්.. තවත් සතුටුයි..
      තරූ, බුද්ධි ඔව්වා විදෙස් සිත්තරාට දැන ගන්ඩ තියන්න එපා..

      Delete
  26. සුබ පැතුම් ! මැරෙනකම් බ්ලොග් ලිවීමට හැකිවේවා !!

    ReplyDelete
  27. සුභ පැතුම් සහෝ! :)

    ReplyDelete
  28. හැම පෝස්ට් එකක්ම කියවා රස වින්දත් ආත්මාර්තකාමී කම්මැලි කම නිසා කමෙන්ට් එකක් දාන්නෙ නැතුවම ආපහු යනවා. ඒත් අද එහෙම යන්න හිත දෙන්නෙ නැහැ.
    (X... කම්මැලි ඇඟිලි අකුරු හොය හොයා කීබෝඩ් එකේ ඇවිදින්නේ ලෙඩ කපුටෙක් වැල කනවා වගේ. )

    මගේ සුභ පැතුම්.

    ReplyDelete
    Replies
    1. අකුරු කරන්න වෙච්ච මහන්සියට තුති..මට හරි සතුටුයි...

      Delete
  29. සුබ පැතුම් වසන්තයක්ම උද වේවා !!!!!!!!

    ReplyDelete
  30. හිතවත් වෙනී මචංට,

    සුභ පැතුම මචං. අනිත් දෙකවත් පරිස්සං කරගනින්,
    මම උඹේ පෝස්ට් එකක් හැටියට ඉස්සෙල්ලම කියෙව්වෙ අල්ලපු ගෙදර නංගිලගෙ පෑන්ටීස්.
    ඉතිං බලාපංකො ඒකෙත් හැටි! කාටවත් කියන්නත් ලැජ්ජයි!
    මමත් නිතර කල්පනා කලේ අර සඳා නංගිට මොකද වුනේ කියලා.
    අර උඹේ ඩික් එක ඉල්ල ඉල්ල පස්සෙං ආවේ.
    මම හිතුවෙ එක ඉවර වුනේ ඒ දවස් වලම කියලා.
    හැබැයි එක ඉවර වෙච්ච එකත් හොඳයි මචං, මොකද ඔය "වෙනියා කියන්නෙ *** හංගගෙන ** දෙකෙන් කෙලින එකෙක්" කියන කුප්ප කතාව කාටවත් මීට පස්සෙ උඹට කියන්න ලැබෙන්නෙත් නෑ, කා‍ටුන් අඳින්න ලැන්බෙන්නෙත් නැති නිසා.

    උඹට ලඟදිම කෙහෙල් කොරොට්ටාට උන ගැනෙනෙ ආකාරයේ ස්ව නිර්මාන චිත්‍ර ප්‍රදර්ශනයකුත් තියන්නට හේතු වාසනා වේවා.

    උඹට ගූගල් දෙයියංගෙම පිහිට ආරස්සාවයි,

    ලඟදීම එක නැති කරගන්නට බලාපොරොත්තුවන,

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. එහෙ බලලා මෙහෙ බලද්දි අනිත් දෙකත් නැති වෙයි හෙන්රි.. :-D

      Delete
    2. අහපු ප්‍රශ්න හුඟකින් ලිස්සලා ගිහින්. කමක් නෑ.
      henryblogwalker the Dude

      Delete
  31. කකා තුන ගහද්දි වෙනියා එක ගැහුවා :)
    හැපී බ්ලොගිවසරි අයියා තව අවුරුදු බර ගානක් ඔයාටත් ලියන්න ලබේවා කියලා මම ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා.

    වෙනි අයියට ජය වේවා!

    ReplyDelete
    Replies
    1. ඔව් ලියන්ඩ හිතන් ඉන්නෙ අනන්තය වෙන කම්ම !

      Delete
  32. අදමයි කියවන්න ආවේ...
    හි හි..
    අපිනං අළුත්
    මොනා උනත් ජයවේවා කිව්වා..

    ReplyDelete
    Replies
    1. සතුටුයි ආපු එකට !

      Delete
  33. සුභ පැතුම් වෙනී අයියේ.. තව දිගු ගමනක් යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනව...

    ReplyDelete
    Replies
    1. ඔව මල්ලි ඔයාල ඉන්නකම් ඉතින්..

      Delete
  34. සුභ පැතුම් වෙනී..
    වෙනස් වෙනස් තාලයේ පොස්ටු ගොඩක් අපිට කියවන්න දෙන්න මැරෙන තුරු හැකියාව ලැබේවා..

    (ඒක නෙවි මේ විදිහට මැරෙන කම් බ්ලොග් ලියනවා නම් අපිටත් ඔයා මැරෙන කම් අර පර්යේෂනාගාරයේ මී කූඩුවෙන් එළියට එන්න ලැබෙන්නැතිවෙයි නේද?!!)

    ReplyDelete
    Replies
    1. අනේ ඔය ගොල්ලො ලැබ් මීයො නෙවෙයි අනේ...හැබැයි ගොඩක් කතා වල අවසානය වැඩි දෙනෙක් නොහිතන විදියටම වෙයි ඉස්සරහටත්...

      Delete
  35. ටික දවසක ඉදන් මමත් කියවනවා
    දිගටම එන්නං

    ReplyDelete
    Replies
    1. ඔව් ඔය ගොල්ලන්ගෙ ඒවා කියවලා මන් ගන්නව ගොඩක් දේවල් !

      Delete
  36. සුභ පැතුම්.! මේ වාගෙ පෝස්ට් එකක් දැක්කම අපිවාගෙ අලුත් ඈයොන්ට හරිම ගටක් එන්නෙ, බ්ලොග් ලෝකෙ ලොකු ඇත්තො පොඩි ඒවාට එනව අඩුයිනෙ . ඒඋනාට වෙනී හරි වාසනාවන්තයි..!

    ReplyDelete
    Replies
    1. ඔව් වී මන් හරිම වාසනාවන්තයි..

      Delete
  37. ඔන්න වෙනී අය්යේ ඊයේ මගේ පලවෙනි කමෙන්ට් එකෙන්ම ඔය ලොකු ළමයෙක් වෙලා වගෙයිනේ. (හි.. හි...). ජය වේවා කිව්වා එහෙනම්. මන් ඔයාගේ මොකක් හරි පොස්ට් එකක දෙකල තියෙනවා කහවත්ත ගෙන. එක හින්ද වැරදි වැටහීමක හිටියේ. ඔයාගේ අම්ම නැති උන කියල දැනගත්තමත් මන් කහවත්ත පැත්තේ හෙව්වේ. මන් හුනුවල. ඔයා මීගහගොඩ, බොරාල හරියේ නේද? මොන උනත් ලියන්නට කරපු වැඩේනම් අසාධාරණයි.
    Good luck weni aiye. Puluwan welawaka hamba wemu.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ ළඟමයි ඉන්නෙ.. දවසක හමු වෙමු..කාලෙකට සැරයක් උනත් මන් ගමේ ඇවිත් යනවා...සතුටුයි මගේ ගමට අල්ලපු ගමෙත් පාඨකයෙක් සිටීම ගැන..මූනු පොතේ ඔබ ඉන්නවනම් එන්න එතනින් ..

      Delete
  38. සුභ පැතුම් වෙනි අයියා..බ්ලොග් අවකාශෙ ඉන්න මම කැමතිම ලියන්නන්ගෙන් එකෙක් තමයි උඹ...කොමෙන්ට් නොදැම්මත් හැම පොස්ට් එකක්ම කියවනවා..පරිස්සමින්....

    ReplyDelete
    Replies
    1. ඔව් ලකී ඔය ගොල්ලො බිසි උනත් කියවනව බව දන්නවා..

      Delete
    2. මුං එද්දි කොහොමත් පරිස්සං වෙන එක නුවනට හුරුයි වෙනියෝ

      Delete
    3. Anna hari. Ubata Vitharayi therune...

      Delete
  39. මගෙනුත් සුභ පැතුම් අයියා !

    වෙනී අයිය නිවී හැනහිල්ලෙ ලියාගෙන යන වචනවල අමුතුම සුන්දරත්වයක් තියනව. මම නම් ඒකට හරි කැමතියි. තවත් බොහෝ කාලයක් බ්ලොග් ලියන්න ශක්තිය, ධෛර්ය, වාසනාව ලැබෙන්න කියල නැවතත් ප්‍රාර්ථනා කරනව.

    ReplyDelete
    Replies
    1. පහු ගිය දින කීපය ඒ නිවී සැනසිල්ල අඩු උනා..ආයිමත් ඉක්මනින් ..

      Delete
  40. මරුනේ..අද මගේත් පලවෙනි උපන්දිනේ...මම මෙහෙට ආවෙත් අද පලවෙනි සැරේ...
    සුභ පැතුම් ..

    ReplyDelete
    Replies
    1. මගෙනුත් සුබ පැතුම් ! ඇවිත් යන්න එන්නම් හැකි ඉක්මනින් ඒ පැත්තෙ..

      Delete
  41. අනෝ සමාජය වෙනුවෙන් මගේ උණුසුම් සුබ පැතුම් ....කෙටි කතාවක් ලියහන් මචන් කාලෙකින් එකක් ආවෙ නෑ....

    ReplyDelete
    Replies
    1. ඔව් කෙටි කතා කීපයකටම බඩු තියෙනවා මචන් ..හැකි ඉක්මනින්.. අඩු විවේකය තමයි..

      Delete
  42. සිංහල බ්ලොග් පරිශ්‍රය දැනුමින් රසින් පුරවන්නට වෙහෙසෙන ඔබට මගේ සුබ පැතුම් ..

    ReplyDelete
    Replies
    1. ඔව් අපේ සැප සනීපය වෙනුවෙන් වෙහෙසන ඔබටත් තුති

      Delete
  43. සුභ පැතු ඔබට. අපිත් මැරෙනකම් මේක කියවන්න එන්නම් :)

    ReplyDelete
    Replies
    1. ඔව් හසිත අනිවා...

      Delete
  44. කකාගේ තුන ඉවරයි මෙයාගේ එක ඉවරයි.. කොයි එකද ? සුබ පැතුම් එක්කයි මේ අහන්නේ !!

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් සරත් අයියලත් වග කියන්ඩෝනි මේවට..

      Delete
  45. මගෙනුත් උණුසුම් සුභ පැතුම් පිළිගන්න වෙනි අයියේ අවුරුද්දේ උපන්දිනේ වෙනුවෙන්....

    මම මුලින්ම වෙනි අයියගේ බ්ලොග් එක බලන්න එන්න ඇත්තේ ගිය දෙසැම්බරේ... සමනලයගේ ලිනක්ස් පිටුවට ෆලෝ එකක් ඇවිත් තිබුන නිසා එතනින් හොයාගෙන ආවේ.... මුලින්ම කියෙව්වේ ලොකු චූවෙක් ඕනේ කියන කතාව....

    අයියගේ නිර්මාණ ශක්තිය කොතරම්ද කියනවනම් මට ඒක තේරුම්ගියේ ඇත්තම අත්දැකීමක් කියලා.... ඒ මදිවට මම ඒකට හෙන විවේචනාත්මක කොමෙන්ටුවකුත් දැම්මා....

    පස්සේ කාලෙක එක එක විදියේ කතා කියෙව්වා ඒත් මට තේරුණේ නෑ මේ ගොතපු කතා කියලා.ඒ තරමට විශිෂ්ටයි.... මම අදටත් බලාගෙන ඉන්නේ වෙනි අයියගේ අමුතු කෙටි කතාවක් කියවන්න.මොකද ඒ තරම් ඒවා රසවත්...

    මම බ්ලොග් එක පටන් ගත්තේ අත්දැකීම් ලියන්න වුනත් ජීවිතේට නොහිතපු විදියට කෙටි කතාවක් ලියන්න උත්සහ කරන්න හිතුනේ වෙනි අයියගේ කතා නිසා... මම සෑහෙන්න ස්තූතිවන්ත වෙනවා ඒකට....

    ඒ වගේම සයිබර් සැණකෙලියෙදි අයියව මුලින්ම හම්බුනාම තමයි මම දැනගත්තේ මේ කොයිතරම් නිහතමානී කෙනෙක්ද කියලා....

    දිගටම ලියන්න වාසනාව ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අයියට.ජය වේවා වෙනි අයියේ.... ඉක්මනට දෙක ඉවර වුනාම ඇවිත් ආයෙම සුභ පතන්නම්....

    ReplyDelete
    Replies
    1. ඉතින් මල්ලි ලියන කතා නියමයි..මම හැමදාම ඇවිත් කියවලා රස විඳිනවා..

      Delete
  46. පළවෙනි අවුරුද්දට සුභ පැතුම් වෙනී. දිගටම ලිවීමට ලැබේවා!

    ReplyDelete
  47. සුබ පැතුම් අයියා !

    ReplyDelete
  48. අච්චාරුවක් කරන්ගේ අවුරුද්දේ උපන්දිනේ වෙනුවෙන් මගේ උණුසුම් සුභ පැතුම් අයියා.

    ReplyDelete
  49. පාටි..පාටී.....
    සුභම සුභ පැතුම් වෙනී අයියෙ

    ReplyDelete
    Replies
    1. දාමු දාමු පාටියක්.. ළඟදීම...

      Delete
  50. උඹට ගූගල් දෙයියංගෙම පිහිටයි . . ආරක්ශාවයි !!!

    ReplyDelete
    Replies
    1. ආ ඔව් ඔව්.. ගූගල් දෙයියො නොහිටින්න අපි කොහෙ කොරන්නද මේ කෙලි ?

      Delete
  51. සුභ පැතුම් වෙනි අයියේ.. ලියන්නා කියලයි වෙනි කියලයි ලියන්නේ එකම කෙනා කියලා දැනගන්නත් ටිකක් කල් ගියා ඒ දවස් වල.

    පලවෙනි පින්තුරෙන් මට තේරුනු කතාව ගොඩක් වටිනවා, ස්තුතියි!!!

    ReplyDelete
    Replies
    1. ඔව් ක්සැන්ඩර්.. මම මුල් කාලෙ ටිකක් හැන්ගිලානෙ හිටියෙ..ඇයි ද මන්දා ?

      Delete
  52. ඩිංගක් පරක්කු වුණා... ජයවේවා...ඉදිරියටත් දිගටම ලියන්න...නිතර කොමෙන්ට් නොකලත් හැම පෝස්ට් එකක්ම කියවනවා...

    ReplyDelete
  53. මාත් මොකක්දෝ වචනයක් අල්ලගෙන තමයි ඉස්සරම වෙනීගේ බ්ලොග් එකට ආවේ. ඒ වචනේ හරහා අපි එක ගමක කියලාත් දැනගත්තා වෙන්න ඕනේ.
    මුල ඉඳන්ම මාත් වෙනීව කිව්වා. ටික දවසක් යද්දි වැරදි වැටහීමක් ඇති කරගත්තත් එක්ක. ඒත් කණට ගහනවා වගේ වෙනිවෙල්පිටිය කියන්නේ ඔයාද කියලා අහලා වෙනී උඩ යැව්වේ නෑ වෙන්න ඕනේ වෙන කවුරුත්... මට තාමත් හිනා හලෝ...
    නිටර කොමන්ට් නොලීවට මාත් නිතරම රීඩරෙ හරහා කියවනවා. හිටි ගමන් එබිලත් යනවා. කොහෙද ඉතින් අපිට උදේ දහයටත් ආ මම මේ තවම වැඩට යන්න ලෑස්ති වෙනවා කියන්න තරම් ෆ්‍රී ටයිම් තියෙන අය නෙමෙයිනේ... හික්ස්..

    මම සාමාන්‍යයෙන් ඔය අවුරුදු ගණන්, අර පෝස්ට් එක සීය දෙසීය ලීව කීවට කොමන්ට් දාන්නෙත් නෑ මචන්. ඊට වඩා ලියන එකේ සතුට දැනෙන එකයි වෙන්න ඕනේ කියලා මම තාමත් හිතන හින්දා. ඒක උඹගේ මේ ලිපියෙ උඩින්ම තියෙනවත් දැක්කා.

    ReplyDelete
  54. congratulations.....Maruwa

    ReplyDelete