ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Friday, March 2, 2012

සොඳුරු වන අරන හා තිරිසන්නු - අවසාන කොටස

මෙහි පළමු වන කොටසට යන්න


...... අද මා මෙයට විරුද්ධ නොවූවොත් මොහොතකට පෙර මේ තිරිසනුන්ගේ පිහියට ගෙල තබා මිය ගිය හාවුන්ගේ, මුවන්ගේ හා ගෝනුන්ගේ ආදරණීය ආත්මය පවා මට ශාප කරනු ඇත. ඔවුන්ගේ ඊළඟ පරම්පරාව ඔවුන්ගේ පැටවුන් ළඟටවත් මා හට ලං වන්නට ඉඩ නොදෙනු ඇත. මාගේ අත් සහ දෙපා වෙව්ලූවද..හිතට මහත් ශක්තියක් දැනෙන්නට විය. මෙවන් සාදයන් හෙට දින එළි වෙනතෙක්ම යන බව මා දනිමි.තවත් සතුන් රාශියක් සමහර විට ඝාතනය වන්නට පෙරම මා මෙය ගාමිණීගේ මූණටම කියා මෙතනින් පිටත් විය යුතුයි. මා නැගී සිටියෙමි. ගාමිණී මස් බඳින උදුනෙන් මෑත් වෙමින් සිටී. එක් අතක රන් පැහැ මත් වතුර වීදුරුවත් අනිත් අතේ තරමක් විශාල මස් කුට්ටියත් රස බලමින් ඉදිරියට එන යක්ෂයා..ඊට පෙර දින සුරතල් හා පැටවකු අතින් ගත් ඒ දෙවියාමද යන්න මට මොහොතකට අමතක විය..මා වෙව්ලන ශරීරයෙන් යුතුව සුවිසල් කොස් ගසේ ජායාවෙන් එළියට ඇදුනෙමි. මිනිස් තිරිසනුන්ගේ රස වෙනුවෙන් මේ වනතෙක් දිවි පිදූ සත්වයින්ගේ සුදුම සුදු ආත්මයන් මාගේ ශක්තිය වෙනුවෙන් මා වටා සැරිසරනු මට පෙනේ..








වියැළී ගිය කොස් කොළ මතින් නැගෙන මගේ පා හඬ හා හදවතේ හඬ නිවස තුළින් එන සංගීතය පරයා යයි. එක් වරක් මා දැක ඉවතට හැරුණු ගාමිණී නැවතත් මා වෙතට හැරුණේ මාද ඔහු ඉදිරියට ගියෙමි.


"ඇයි සර් මෙහෙම..."


ඔහුගේ තියුණු දෑස සහිත බැල්ම සහ මුව පුරා නැගුණු සිනහව හමුවේ මා ගොළු විය..


"ආ ලියන්නා පුතා ඇයි පරක්කු මේ..එන්ඩ එන්ඩ..මන් තාත්තගෙනුත් ඇහුවා කෝ කියලා"


"මේකද සර් මේ දෙනවයි කීව අමතක නොවෙන පාටිය..පහු ගිය සැරවලත් මෙහෙමම තමයි..සර් වෙනසක් තිබ්බෙ නෑ.."


මම වියලුණු මුවින් වූවද මහ හඬින් පැවසීමි.


"වෙනසක් තිබ්බෙ නෑ ??? හොඳටම විශ්වාසද පුතාට?"


ඔහුගේ සුපුරුදු ගැඹුරු කටහඬ මත්පැන් වලින් තවම වෙනස් කර නැති සේය.


"එන්න පුතා"


මගේ අතින් අල්ලා ගත් ඔහු මා රැගෙන ගියේ බීම සහිත මේසය මතටයි. අනිත් පිරිස කමින් බොමින් සිනා සෙමින් කතා කරමින් සිටිනු මගේ නෙත් ජායාවට හසු වූවත් මා එතරම් උවමනාවෙන් බැලුවේ නැත. කෑම මේසය මතද විවිධාකාරයේ කෑම වර්ග අසුරා තිබුණි. බොහෝ ඒවා මස් වර්ග වීය. මොකද්ද මේ ගාමිණී කරන්නෙ ? රන් පැහැ මත්ද්‍රව්‍යක් වීදුරුවට වත් කර මා දෙසට දික් කළේ සිනහ මුසු මුහුණිනි. 


"පිස්සුද සර් මන් ඔය ජරාව බොන්නෙ නෑ..සර් දන්නවනෙ මන් ඔය සර් කනවා වගේ ජරා මස් කන්නෙත් නෑ"


මගේ හිත යට වූ කේන්තිය නැවත දළු ලමින් පැමිණියේය. 
ඔහු අසල වූ පුටුව ගෙන ඉඳ ගත්තේ මගේ අතින් අල්ලා ගෙන


"මස් ? ජරාව ? හහ් හහ්..හා මට තේරුණා මොකද මේ බුම්මන්ඉන්ඩ හේතුව කියලා.මේක බීලා බලනවා හාදයා..මේ ඇපල් ජූස් එකක්..ඉස්සෙල්ලා අය කළා වගේ අරක්කු නෙවෙයි.. මෙතන එක අරක්කු බෝතලයක් වත් නෑ"


ඈ..ඒකෙ තේරුම මොකද්ද?..මා නැවත වීදුරුව දෙස බැලීමි. වෙනසක් නැත අරක්කු බොන අයගේ වීදුරු මා දැක ඇත..කිසිම වෙනසක් නැත. මුහුණ ඉදිරියේ සලිත වන වීදුරුව ගෙන එක හුස්මට බීගත් මා හට දැනුණේ ඉමහත් සිසිලසකි. සැබවින්ම එය සිසිල් කල ඇපල් බීමක් විය.එතකොට මේ මස් ??..කන් වල හෝ හඬ මදක් නැවතී මුළු ඇඟම යම් උණුසුම් තත්වයකට පත් වූයේ..මා නැවතත් ගාමිණී මහතාගේ සිනහා මුහුණ ඔබ්බේ වූ කෑම දෙස බැලීමි.. බඳින ලද කුකුළන් මෙන් සකසා තිබූයේ ගෝවා ගෙඩි නොවේද? හොඳින් බැලූ කල පෙනුණේ සියලුම කෑම වර්ග එක්කෝ අල, එළවළු හා පලතුරු විය..


"එතකොට කෝ මස් මාළු නැද්ද සර්?" 


සියල්ලෙන්ම පරාජය වන මගේ සිතට එසැනින්ම යමක් සිහි විය. 


"සර් අර එළියේ හා මස් නේද අමුවෙන්ම බදින්නෙ ?"


"හා මස් එළියෙ බදිනවා? කෝ බලන්ඩ යන් "


මා අතින් ඇද ගෙන ගිනි උදුන ළඟට ගොස්,


"සිල්වා මේ ළමයට ඔය හා මස් කෑල්ලක් බැදලා ඕනි කියන්නෙ"


සියල්ලෝම එක හඬින් සිනහා වන්නට වූයේ...


"දෙමු නේද සර්"


අසල වූ බදුනෙන් විශාල හා කනක් එළියට ඇද ගත්තේ සිල්වා එය මා වෙත පෑවේය. එය විශාල හා කනක් නොව කැලෑවේ ඇති හතු වර්ගයකි. මා අන්ද මන්ද වූයේ..එහෙනම් මෙච්චර වෙලා මන් දැක්කෙ මොනවද?


"පුතා ඔයා ඉස්සර තිබ්බ පාර්ටි වල ඒවා ඔළුවෙ තියාගෙන ඇවිත් ඒවගේ දැකලා උණාට..අද අපි කිසිම මස්, මාළු වර්ගයක් මේකට අරගෙන නෑ.. අපි ඉන්නෙ මේවා ආරක්ෂා කරන්න නම්..ඔයා කියනවා වගේම අපි ඒවට ආදරය කරන්න ඕනි. මීට පස්සෙ මන් මෙහෙ ඉන්නකන් හැමදාම මෙහෙම තමයි. මුලින් අමාරු වෙයි වැඩේ. ඒත් අපි කරමු.."


මගේ ගත මෙන්ම සිතද ගොලුවී ඇත්තේ මන්දැයි මම නොදනිමි. මට සමාවෙන්ඩ බුදු සර් මන් දැන් චුට්ටකට ඉස්සෙල්ලා සර් ගැන හිතපුව දන්නවනම් සර් මාව ගහලා එළවයි මෙතනින්..සර් දෙවියකුටත් එහා ගිය මනුස්සයෙක්ම තමයි..මගේ හිත කෑ ගසා කීවේ අසල අක්කර සිය දහස් ගණනක් විහිදී ගිය වනාන්තරයටම ඇසෙන්නටය..මගේ ඇසේ කඳුළක් නැගේ.. මා දෙස විමසිල්ලෙන් බැලූ ගාමිණී මහතා,


"මොකද්ද පුතා ඔය අතේ ?"


මා ස්වයංක්‍රීයව එය ඔහු දෙසට දිගු කළේ


"අනේ සර් අර අතන මාව ලිස්සල වැටුණා එතකොට මේක කැඩුණා"


"ආ ඒකට අඩන්න ඕනිද? ෂාහ් ලස්සනට හදලා..ආන්න ඔයාගෙ යාළුවො තුන් දෙනා ගෙයි ඇති එයාලා එක්ක සෙල්ලම් කරන්න ගිහින්.. අපි ඕක පස්සෙ හදමු" 


අන් කවරදාටත් වඩා සතුටක් ප්‍රීතියක් හදේ පුරවා ගත් සාදයක් එසේ ගෙවී ගියේ..මගේ පියාද ඇතුළු සුළු පිරිසේ ප්‍රීතියට තව බොහෝ දෙනා ඉන් පසු එක් වූයේ.. ඔවුන්ද වනයට හා පරිසරයට වඩ වඩාත් ලෙංගතු පිරිසක් බවට පත් කරවමිනි.


ඊ ළඟ වසරේ සාමාන්‍ය පෙළ විභාගයෙන් මා සමත් වූවත් හාම ගාමිණී මහතාගේ සහ සියල්ලන්ගේම අදහස වූයේ මා නගරයට ගොස් තව දුරටත් අධ්‍යාපනය හැදෑරිය යුතු බවයි. නමුත් මාගේ සිහිනය වූයේ වනාන්තරය බලන්ට එන අයට මඟ පෙන්වන්නකු වීමය. එනිසාම තව අවුරුද්දක් ඉංග්‍රීසි සහ වන ජීවී පිළිබඳ පාඨමාලාවක් කර ඊළඟ වසරේම මා පියාගේ කාර්යාලයේම අනියම් සේවයට ගැනීමට කටයුතු කළේ ගාමිණී මහතාය. මට වඩා අධ්‍යාපනය නොලැබූවත් අත්දැකීම් අතින් පිරිපුන් මාගේ ඉහළ නිලධාරීන් සමහරෙක් මා සමඟ එතරම් හිත හොඳක් නොදැක්වූයේ මුත් මා එය එතරම් ගණන් නොගෙන මා හට පැවරූ කාර්යයන් සතුටින් තව තවත් ඉගෙන ගනිමින් කර ගෙන ගියෙමි.


පියා විශ්‍රාම ගැනීමට වසරක් තිබියදීම එක් දිනයක අලියකු පහර දීම නිසා මසක් පමණ රෝහලේ ගත කර මා අතහැර දමා ගියේ වනාන්තරය හා සබැඳි අපේ ජීවිතයේ ස්වභාවය මේ යැයි කියා පාන්නාක් මෙනි. මෙයින් මා ඉතා අසරණ වූවත් පියාගේ වන්දි මුදල් හා අනිකුත් සියලුම මුදල් වලින් ඔහුගේ එකම සිහිනය වූ අපගේ පුංචි මාළිගාව තරමක් සුව පහසු එකක් බවට පරිවර්තනය කරගන්නට හැකි විණි. 


වනාන්තරය හා වන ජීවීන් සම්බන්ධව නව පෙරළියක් අපගේ ජීවිතය හා සම්බන්ධ වනාන්තරය සමඟ නව පරිපාලනය රැගෙන ගියද මෙය නොඉවසනා පිරිසක් සිටියේ නැතුවා නොවේ. එහි ප්‍රතිඵලය වූයේ වසර පහක සේවයෙන් පසු ගාමිණී මහතා වෙනත් ස්ථානයකට මාරු කර හැරීමය. 


"අපි ජීවත් වෙන්ඩ ගන්ඩ හැම හුළං පොදක්ම අපිට ලබලා දෙන්න මේ ගහ කොළ තමයි උදව් කරන්නෙ. ඒ නිසාමයි ඒකට කෙළෙහි ගුණ දක්වන්ඩවත් අපි මේවා රැක ගන්ඩ ඕනි. ගස් කොළ එක්කම බැඳිලා ඉන්න වන සත්තු නිසා තමයි ගස් කොළං රැකිලා තියෙන්නෙත් මේක තමයි ස්වභාව ධර්මය අපි මේක රැක්කොත් අපිත් රැකෙයි ඉස්සරහට"


ගාමිණී මහතාගේ සමු ගැනීමේ කථාවේ හරය මගේ හද තුළ මරණය දක්වාම රැඳී තිබෙනු ඇතැයි මට ඒ වෙලාවෙ සිතුණි. නමුත්..


අලුතින් පැමිණි පාලකයා රළු අයකු වූයේ ඔහුගේ ප්‍රමුඛතාවය කුමක්දැයි යන්න කිසිවෙකුටත් පැහැදිලි නොවීය. ඔහුගේ පැමිණීමට වඩාත් සතුටට පත් වූයේ පෙර පාලනයෙන් අසතුටට පත්ව සිටි අය බව නම් බොහෝ විට පෙනිණි. ඒ හාම මාගේ ජීවිතයේද යම් පෙරළියක් වන්නට විය..ඒ එක දිනක, පාලන කාර්යාලයෙන් මා හට වහාම එන්න යැයි එවා තිබූ පණිවිඩයකට මා කාර්යාලයට ගිය විට,


"ලියන්නා මල්ලි අපිටත් හිතට අමාරුයි ඒත් ඉතින් උඩින් එන තීරණ නෙ ක්‍රියාත්මක කරන්ඩ වෙලා තියෙන්නෙ" 


ඒ සෝමෙ මිස් දුක්මුසුව යම් ලිපියක් මා අත තැබුවාය. නව බඳවා ගැනීමේ පරිපාටි අනුව මා දැනට කරන රැකියාව සඳහා අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් සපුරා නැති නිසා වහාම ක්‍රියාත්මක වන පරිදි මා මෙම දැනට දරන සේවයෙන් අයින් කර ඇති බවද නමුත් දැනට හිස්ව ඇති කම්කරු තනතුර සඳහා අනුයුක්ත කර ඇති බවද එය වහාම භාර ගන්නා ලෙසද එහි දන්වා තිබුණි. 


මෙය කණින් කොනින් ආරංචි වී තිබූ නිසා මා මෙයින් එතරම් නොසැළිණි. වනාන්තරයේ අංකුර හට ගෙන දෙපෙති වී ඉහළට නැගෙන රුක් ලතා මෙන්ම වන සීපාවුන්ද දහස් ගණනාවක් ඇතිවී ටික කලක් දිවි ගෙවා මිය යන අයුරු දැක තිබෙන මා හට ඕනෑම දෙයක ඇති අස්ථීරත්වය වටහා ගැනීමේ හා දරා ගැනීමේ හැකියාව මේ වන විට ලැබී තිබුණි.


"හිටපු ලොක්කට දීලා උඩ ගියා වගේ තමයි දැන් ඔය හම්බ වෙලා තියෙන්නෙ මහ එකාගෙ රස්සාවම..තමන් දැන ගන්න ඕනි උඩ යන්ඩ ඉස්සෙල්ලා තමන් කවුද කියලා"


වනාන්තරය ගැන මගෙන්ම දැන අසා කියා ගත් අයවලුන්ගේ බස් මගේ සවනත වැටෙද්දී මා මදක් සසල වූවත් තරමක් කල් යනවිට,


"නිකා හිටපන් බන් ඕකා කබරයෙක් වගේ එකෙක් කොච්චර ගැහුවත් ඌට රිදෙන්නෙ නෑ.. නිකන් අපේ අත රිදෙනවා විතරයි ඌට තඩි බාලා"


පවසමින් මා මූණට ලියන්නා කියමින් සිනා සුනද මා නැති තැන කබරයා කියමින් සිනා සෙණ බව මා දැන ගතිමි. සැබවින්ම සොබා දම් මාතාව කබරයන් වැනි ඕනෑම දේකට ඔරොත්තු දෙන සතුන් වර්ග නිර්මාණය කරන්නට ඇත්තේ මෙවන් හදවත් නැති අයවලුන් සිටින නිසා වන්නට පුළුවන. මෙය සිහි වනවිට මා තනියම සිනහා වෙමින් මා ලද වැඩිපුර විවේක කාලයේදී මා වඩ වඩාත් වනාන්තරය වෙතට ආසක්ත වන්නට විය. පෙර පරිපාලනය විසින් පවතින නීතිරීති තදින්ම ක්‍රියාත්මක කළේ මුත් නව පාලනය එහි රිංගා යා හැකි සියුම් සිදුරු වඩ වඩාත් පිරිපහදු කළේ වනය හා වන සතුන් ඉමහත් ආගාධයකට හෙළමිනි.එසේම පෙර පරිපාලනය හා බැඳුණු සේවකයන් දඩයම් කිරීමේ යුගයේ ආරම්භයද එසේම සනිටුහන් වූයේ හඬක් නැති අප වැනි අසරණයින් තවත් අසරණ කරමිනි. මා එවකට කාර්යාලය අවට පරිසරය ශුද්ධ පවිත්‍ර කිරීමේ යෙදී සිටිනු දකින මීට පෙර මෙම වනයට ලැදි නිතරම පාහේ පැමිණෙන සංචාරකයන් විමතියට පත් වූයේ මා වෙත පැමිණ තොරතුරු විමසීම සාමාන්‍ය කරුණක් විය. මා තරමක් සත්‍ය සඟවා ඔවුනට යමක් කීවද ඔවුන්ට යම් යම් දේ බොහෝ ලෙස තේරුම් යමින් සිටි අවදියක් වීය. මෙම සිද්ධිය මටම පාරාවළල්ලක් වූයේ..එවකට කාර්යාලයේ වැසිකිළි හා කැසිකිළි පිරිසිදු කරන්නා හට මාගේ රාජකාරී සියල්ල පවරා ඔහුගේ රාජකාරී මා හට පැවරීමය..


එදින හවස ගෙදර පැමිණි මා සෙමින් සෙමින් මාගේ සුන්දර ගං කොමලිය වෙත පැමිණියෙමි. සියලු ඇඳුම් උණා තබා හැකි පමණ ඉහළට හුස්මක් ගෙන දෑත ඔසවා ඇයගේ තුරුලට පැන්නෙමි. සෙමින් සෙමින් මා පාවෙමින් විත් ගං පතුලේ දැවටිණි. ලොවම අන්ධකාරය. හිසට ඉහළින් පහළට ගලා යන වතුරේ සර සර ශබ්දය යාන්තමට මෙන් ඇසේ. හැකි තාක් සිරුර නිසලව තබා ගෙන උඩට ඇද ගත් හුස්ම පිටට යවමින් මා ගං දිය උඩට පැමිණියේ අසල ගල් තලාව මත වැතිර මදක් ගත්තෙමි.. 


ප්‍රශ්නයක් පැමිණි විට මෙසේ කිරීමෙන් හිතට දැනෙන සැහැල්ලුව කියා නිම කල නොහැක. ගතට මෙන්ම සිතටද සොබා දම් මෑනියක් දී ඇති සොඳුරු සුව ඔසු කොපමණද..කවුරුත් නොදන්නා මෙවන් ඔසු තවත් කොපමණ නම් සැඟවී ඇත්ද ? සසලව බුර බුරා නැගෙන සිතුවිලි කන්දරාව සුවපත් කිරීමට මා දෑස වසා සවන් පිය අවට පරිසරයට යොමා එකිනෙකා පරයා නැගෙන කුරුලු නාද වෙන් වෙන්ව හඳුනා ගැනීමට මනස යෙදවූයෙමි.


යම් පිරිසක් කාර්යාලයේ අකටයුතුකම් පිළිබඳව පුවත්පතකට ලිපි කීපයක් ලියා ඇති බවද එයට කාර්යාලයේ කිහිප දෙනෙක්ම සම්බන්ධ බවද සැක පහළ වී ඇති බව එහෙන් මෙහෙන් ආරංචි වී තිබූ මා හට මගේ මෙම නව සේවා වෙනස පිළිබඳව කිසිවිටෙක මවිත වන්නට නුපුළුවන. ඉදිරියේ මීටත් වඩා මෙවන් දේ බලාපොරොත්තු වන්නට පුළුවන.. පිරිසක් එක්වී පහර දෙන කබරයකුගේ දර්ශනයක් මා මනසේ ඇඳී ගියේ මා හට එකවරම සිනහා පහළ වීය.


"පුතේ දුක, නින්දාව, අපකීර්තිය වගේ දේවල් හැමදාම පවතින්නෙ නෑ..ඒවා තාවකාලිකයි..බලන්ඩ අර බිම් මල් වගේ ඒවා හැදිලා පරවෙලා යනවා..අපි ඒවා අපේ ඔලුවල ඕනිවට වඩා පුරවගෙන දුක් විඳින්න ඕනි නෑ"
පියා ආදර්ශයෙන්ද මගේ දෙව්යෙක් වූ සර් අවවාදයෙන්ද කියූවේ මෙය නොවේද? ඔවුන් එතරම් මෝරන්නට ඇත්තේ ඔවුන්ගේ ජීවිතවල මෙවන් සිද්ධීන්ට හොඳින් මුහුණ දුන් නිසාම නොවේද ?මගේ සිත ටිකින් ටික අවදි වන්නට විය.


"පුතා මොන ප්‍රශ්නයක් දිහාවත් ඒක ප්‍රශ්නයක් කියලා බලන්ඩ පුරුදු වෙන්ඩ එපා. එතකොට පෙනෙන්නෙ ප්‍රශ්නෙ විතරයි. ඒ වෙනුවට වෙන විදියකට බලන්න පුරුදු වෙන්න. එතකොට ඔයාට පෙනෙයි ඒක ප්‍රශ්නයක් නෙවෙයි හොඳ චාන්ස් එකක් කියලා ඔයාට ආපු..ඊට පස්සෙ ඒකට මොකද ඔයා කරන්නෙ"


ගාමිණී සර්ගේ වදන් මගේ හිතේ මෙතෙක් කල් සැඟවී සිටියේ කොතැනද ? සැමවිටම මට අවශ්‍ය තැනදීම එය මා හට මතක් කර දීමට මගේ සිත සමත්ය. ඉතා සැහැල්ලු සිතින් මා ගල් තලාවෙන් නැගී සිටියේ..මට ලද නව වැඩ කොටස පෙර සිටි පාල අයියාටත් වඩා හොඳට කරනු ලැබූයේ බොහෝ අය විමතියට පත් කරමිනි. 


"උඹට කබරයා කියන්නෙ නිකන්යැ පුතේ..උඹේ හිත හොඳයි තාත්තා වගේම.. උඹ ඉවසන් ඉඳින් කාලයක් එයි ආයිමත්.."


හැමදා ලෙංගතු සෝමෙ මාමා දිනක් හවසක් පැවසූයේ අප දෙදෙනාම අසරණ බව පසක් කර ගනිමිනි.


නමුත් මෙයින් මට අත් වූ වාසිය නම් වඩ වඩාත් වනාන්තරයේ මාගේ පහස නොලද ඉසවු කරා ඇදෙන්නට තරම් විවේක කාලයක් ලැබීමය. ඒ අද උදෑසන පෝය නිසාම මා හට මුළු දිනයම නිවාඩුය..උදෑසනින්ම මඤ්ඤොක්කා සහ මාගේ ප්‍රියතම කොච්චි මිරිස් සම්බෝලයක් සාදා ගෙන  ගෙදරින් පිට වූයේ වනයේ ඈතම කොනක වූ කුඩා දිය කඩිති සමූහය දැක ගැනීමේ අදිටනිනි. නමුත් අතර මගදී එක් නන්නාඳුන අයකු හාවකු දඩයම් කිරීමට තැත් කරනවා දුටු මා මදක් නැවතීමි. අනිවාර්යෙන්ම ටවුමෙන් ආපු කට්ටියකගෙන් කෙනෙක් වෙන්ඩ ඇති. නීතිවිරෝධී මදිවට අද පෝය කියලවත් නොසලකන්නෙ ඒකනෙ. ඔහුට නොදැනෙන්නට සෙමෙන් ඔහු ළඟට ගොස්,


"මේ මහත්තයා කරන්න හදන වැඩේ සවුත්තුයි නේද ? අද පෝය දවස වෙලත් "


"මොකාද යකෝ මූ?"


ඒ හාම මරු මුවට ළංවෙමින් සිටි හාවා පැන ගියේය.


"මොකද්ද බන් ඒ කළේ ? අපරාදෙ ඌ පැන ගත්තා" 


තවත් කට හඬවල් කිහිපයක් අසල පඳුරු වලින් එළියට විත් අසල වූ එළිමහනට එක්වන්නට වූයේ..එහෙනම් මෙතන කාණ්ඩයක්ම ඉඳලා තියෙනවා. 


"මන් නෙවෙයි මෙන්න මේ කාලකණ්ණියා තමයි වැඩේ කෑවෙ"


"මොනවා උඹ ? මූ තමයි අර කේස් එක පත්තරේට දීලා තියෙන්නෙ මන් කීවෙ" 


ඈහ් ඒ අපගේ ආයතනයේ ප්‍රධානියාගෙ කටහඬ නොවේද?


ඔළුව හරවන්නට හදනවාත් සමඟම බෙල්ල ප්‍රදේශයෙන් නැගී ආ තද වේදනාව මගේ සිහිය වීකල් කළේය..


කාලය කොපමණ ගෙවී ගොස්ද යන්න නොදනී. 


\\ කෙමියෙන් නික් මී යන්නට තතනන වරා මල් පිහාට්ටක් තවමත් තමාව ඇද බැඳ තබා ගන්නා හුය නිසා වේදනාවෙන් මිරිකෙමින් උන්නාය. තව එකම එක සුස්මක ප්‍රාශ්වාසය පමණක්ම අවැසි පිහාට්ට මෙන් වේදනාවෙන් මිරිකෙමින් හුන් මා ඒ සමඟම හෙලුණු සුසුමත් සමඟ කෙමියෙන් වෙන්වූයේ..මහත් වූ සැනසිල්ලකිණි. කෑරලකුගේ ඉමිහිරි හඬ මා රැගෙන යන්නට පැමිණ ඇති සෙයක් දැනුනත්.. \\


තලා පොඩි කර දමන ලද ලියන්නා යැයි හැඳින්වූ පංචස්කන්ධයක් ගසක් යට අතු කොළ වලින් වසා දමා තිබුණි..කියාගත නොහැකි තරමේ සැහැල්ලු වරා මල් පිහාට්ටක් මෙන් මා වන හිස මතින් ඇදී යන්නට වූයේ කොයිබටදැයි මා නොදනිමි...


---------------------------------------------------------------------
ප.ලි. මෙම කෙටි කතාව නිර්මාණයේදී එළවළු පමණක් නොකන සියළුම අය සඳහා ලියන්නාගේ සිතේ ඇතිවන පිළිකුල වචනයට නැගීමේදී මා මෙම කතාව සඳහා එකම කමෙන්ටුවක් වත් බලාපොරොත්තු නොවූයේ අද සමාජයේ වෙජිටේරියන් ලා ඉතා සුළුතරයක් බැවිනි. නමුත් මෙම  නිර්මාණය තේරුම් ගෙන ම හට දිරියක් වන්නට මට වචනයක් හෝ කීමට  උත්සුක වූ සහෘදයන්ට මා හිස නමා ආචාර කරමි. වෙනී වෙජිටේරියන් කෙනකු නොවේ..

53 comments:

  1. මුල් ටිකේ නම් කලින් එකේ තිබුන කොලිටිය මම දැක්කෙ නෑ... මැද හරියෙ ඉඳන් නම් ආපහු ට්‍රැක් එකට වැටිල :) නියමයි වෙනී අයිය

    ReplyDelete
    Replies
    1. ඔව් මන් තව සති 2-3ක් අරන් ලිව්ව නම් මීට වඩා හොඳ වෙන්නත් තිබුනා..පිළුනු වෙන්නත් තිබුනා..මුල ටික නම් මටත් එච්චර රහ නෑ..කතාව කඩන්න ඕනි නිසා කුතුහලය අවුස්සවන්න පාවිච්චි කරපු උපක්‍රමය ලිහපු විදිය පන මදි තමයි...

      Delete
  2. +++ , කතාව ටිකක් වෙනස් වුනත් ටිකක් කිට්ටුවෙන් යන නිසා මගේ අතීතය මතක් වුනා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉඳුනිල්..

      Delete
  3. මට මේ කතාවේ සමීපම හරිය තමයි මේ.... `` සෙමින් සෙමින් මා පාවෙමින් විත් ගං පතුලේ දැවටිණි. ලොවම අන්ධකාරය. හිසට ඉහළින් පහළට ගලා යන වතුරේ සර සර ශබ්දය යාන්තමට මෙන් ඇසේ.`` ...චික් විතරක් .... මේ නාන කාමර කියල එකක් මොකට හොයාගත්තද මන්ද..මේ නිවාඩුවට නම් මා ඔයෙන් නානවමයි.ලියන්නවත් මතක් වෙන්නැතෑ..එතකොට.

    කුරුම්නියා.

    ReplyDelete
    Replies
    1. හා ඔව් ගඟක මුහුදක පැනලා නාලා ඇවිත් කොහොමද ආයිමත් ශවර් එකෙන් නාන්ඩ වෙනකොට දැනෙන හැඟීම...මට නම් එපා වෙනවා..

      Delete
  4. මට නම් කොහොමත් වෙනී අයියගේ කතා හිතට වදිනවා,,ඒ වගේම ලස්සනයි,,අදත් හොද කතාවක්,මමත් නම් වෙජිටේරියන් නෙමේ,,,

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලි, සමහරෙක් කතා රස විඳිනවට වඩා ඒක තමාට පුද්ගලිකව අර ගෙන ඒක පස්සෙ යනවා..කියෙව්වා, රස වින්දා පැත්තකින් තිබ්බා.. හරිම සරලයි..

      Delete
  5. මම නම් අවුරුදු එක හමාරකට සැරයක් ඉතුරු මාස හය වෙජිටේරියන් වෙනවා.. ඒ නම් ඇගේ තියෙන තෙල බහින්න.. නැතුව සත්තුන්ට ආදරේ නිසා නෙමේ.. :)සියළු සත්වයා මනුස්සත්වයා වෙනුවෙන් කියන එක මමත් හිතනවා.. සමහරු කියනවා වගේ සත්තුන්ට ආදරේ හන්දා මස් කන්නෙ නෑ කියන එක නම් විහිළුවක් ..

    මම හිතුවෙ ලියන්නා ගාමිණි මහත්තයාව මරයි කියලා වැරදි වැටහීමෙන්.. කතාව නම් සාර්ථකයිම කියලා මට හිතෙන් නෑ..

    වෙනීගේ හැටියට මේ සැරේ ලියන්නා මදි...

    ReplyDelete
  6. Replies
    1. ඒ ටිකත් තියා ගත්තද කාපු බීපු දවසකම කතා කරන්ඩ ?

      Delete
  7. අදයි කොටස් දෙකම කියෙව්වෙ. දැං දැං ලියන විදිහ සිත් අලවන සුලුයි :D

    ReplyDelete
  8. චරිතය අයියට ආදේශ කරගෙන මේ ලියන විදිය මරු...!!! මුල්ම දවසෙනම් මං රැවටුනා.

    වෙජිටේරියන් ගැන නම් කියන්න මුකුත් නෑ... මාත් මස් කනවා. ඒත් හිටි ගමන් මාස ගනන් එළවලු විතරක් කන වෙලාවලුත් තියෙනවා.

    කතාව සුපිරි...!!!

    ReplyDelete
    Replies
    1. මට එහෙම ලියන එක හරි පහසුයි..

      Delete
  9. මුලින්ම කියන්න ඕන විලිලැජ්ජාවේ සංතෝසේ බැහැ කියලා තමයි...මස් කකා මෙව්වා කියවද්දි නිකං පොලොව පලාගෙන යන තරමේ ආතල් එකක් එනවා..මොනවා කොරන්නද..

    හරි ඊ ලගට කියන්න තියෙන දේ තමා මම නෙවෙයි මේ බ්ලොග් බලන හුග දෙනෙක් කැමති නැහැ කතා කෑලිවලට කඩනවට..ඒත් මේ කතාවෙදි මං දැක්ක දෙයක් තමා උඹ මේක කැඩුවා මදි කියන එක..මේක කෑලි තුනකින් ආවනං හොදයි කියලා හිතෙනවා..එහෙම නැත්තං නොකඩා දිග මාගලක් විදියට එක පාරම දාන්නත් තිබුනා..ඒත් ලිපියේ පලමු කැඩීම තිබුන තැන තිබුන කුතුහලය එහෙම උනානං දෙන්න වෙන්නේ නැහැ..ඒ හින්දා කඩන්න එපා කියන්නත් බැහැ..ඒත් මේ දෙවැනි කොටස දීර්ඝ වීම හරහාම දරාගන්න බැරි තරං කරුණු ගොඩක් ආව හින්දා හුග දෙනෙකුට සෑහෙන දේවල් අතෑරෙන්න පුළුවන්...පලවෙනි කතාවේ කුතුහලය ඇති තැනින් නවත්තලා දෙවැනි කොටසේදී ඒ කුතුහලය නිවලා දරුවාගේ අනාගතයට මග පෙන්වන හරියෙන් සුදුසුයි කියලා හිතෙන තැනකින් කඩලා ඔය අවසාන ටික වෙනම ආවනං කතා මෙයිට වඩා පොඩි පහසුවක් අපි දෙගොල්ලන්ටම ගන්න තිබුනා කියලයි මට හිතෙන්නේ...

    කතාව පැත්තට හැරිලා ඒක ඇතුලේ දේවල් ගැන කතා කරනවනං අර එළවළු ජාති හතු ජාති මස් වගේ සකස් කරන්න හදන උදවිය ගැන මටත් අත්දැකීම් තියෙනවා.ඒත් පෞද්ගලිකව මංනං හිතන්නේ එහෙම කරන එකත් නිකං බොරු කතන්දරයක් කියන එකයි... ඔය දේම මං අතදැකලා තියෙනවා දාන ගෙවල් වලදිත්..මස් මාළු රහිත එහෙත් ඒවාට ආදේසක හොයන්න ගිහිං එළවළු ජාතිවලට වද දීපු..එක්තරා පෙලැන්තියක් ඉන්නවා ඔය අවුලේ ඉන්න..මගේ කල්පනාවේ හැටියටනං එහෙම වීම තේරුමක්ම නැති දෙයක් කියන එකයි..මස් කනවනං කන එක වෙනම දෙයක්..ඒත් මස් නොකන ගමන් මස්වලට ආදේශක හොය හොය හිත රවට්ට ගන්න හදන එක තනිකරම විකාරයක්... එහෙම කරන මිනිස්සු දැක්කම මට බොහෝ වෙලාවට හිනා ගිහින් තියෙනවා.බොරුවට හිත රවටන්න දගලන එහෙම අයට වඩා මස් කන එක හංගන්න නොහදන මිනිස්සු එක අතකින් අවංකයි.ඇපල් ජූස් ගැන කතාවත් ඒකෙම අනිත් ටිකනේ..ඒකත් අතාරිමු...

    මං දකින්නේ ගාමිණී කියන්නේ මස් නොකෑවත් ඒවට එයට සමාන ලෙසින් දේවල් පෙන්නලා මිනිස්සු රවට්ටන්න මෝඩ උත්සහයක් ගන්න අයකු බවයි.

    අනිත් එක තමා ඔය කියන දේ සැබෑ සමාජයේ උනානම් එතනදී දකින්න ලැබෙන පැහැදිලි දර්ශනයක් මෙතනදී කියැවිලා නැහැ කියන එක...ඒ තමා සාදයට සහභාගී වූවන් ඇපල් ජූස් බිබී..ගෝවයි හතුයි කකා සතුටින් සිනහ වෙවී සිටියාය කියන කාරණාව..කන බොන මිනිස්සු අතරේ සෑහෙන කලක් ජීවත් උන වෙනීට මං කියන්න ඒන නැහැනේ ඔහොම උනානං සාදයේ තියෙන තත්වය..එහෙම නැත්තං අර ළමයට දකින්න වෙන්නේ "සාදයේ සිටි සියළු දෙනාම අතරින් පතර නැගිට අදුරු පැත්තකට ගොස් නැවත තොල කට පිස දමමින් හොර බළලුන් මෙන් නැවත සාදයට එක් වූ ආකාරයත් එයින් පසුව ඒ ඒ අයගේ හැසිරීමේ යම් කිසි වෙනසක් දක්නට ලැබුණු බවත්" වගේ ජවනිකාවක් නේද..?
    හරියටම කල්පනා කරලා කියහං බලන්න හරිද වැරදිද..?

    ReplyDelete
    Replies
    1. මොනවා කල්පන කරන්නද.. පහු ගිය සුමානෙම මාව මරන් කන්නමයි ලේස්ති වුනේ ගැන්සියම.. ඉතින් කොහෙද එච්චර තාත්විකව කතාව ගොඩ නගා ගන්නෙ ඈ ?!
      (හිමින් මටම - හ්ම්ම්ම්ම්ම්ම්ම්ම් මගෙ දෙයියනේ එහෙමවත් නොවුනානම් දෙකොන ගැට ගහන් හොයපන්කො මේවට උත්තර ? යන්තම් ගැට ගහ ගත්තා කතාව නම්..හිකිස්)

      Delete
    2. ගැට ගහගත්තටම මදි පුතා... කබරයින්ට තලන්ට කට්ටිය බලං ඉන්නවා කියලත් මතක තියා ගත්තොතිං හොඳා..:D

      Delete
    3. මරේ,
      උඹ කිවුවෙ අර අඳුරු පැත්තකට ගිහිං කට පිහද පිහද එන සෙට් එක, ඔය පාටියෙ මම හිටියනං අනිවා මම එයිං එකෙක්. නිකං බොරුවට පච කෙලින්න ඕනෙ නෑනෙ

      Delete
    4. හොඳ වෙලාවට උඹලා දෙන්නටම මේ කතාවෙ කැරැක්ටස් නෑ..හැබැයි ඊළඟ කතාවෙදි හරි ගස්ස ගන්ඩ හොඳ පොයින්ට් එකක් තමයි මාරයා මට ඇදලා දුන්නෙ..මගෙ නිර්මානයෙ තියෙන් දුර්වලතා වලින් ලොකුම එකක් ඒක.. ස්තූතියි බන්z..මාරයා මගේ කතා කියවන එක ලොකු හයියක්...

      Delete
    5. මුල් ටිකේ දැකපු අඩුව මාරෙ අයිය ලස්සනට විස්තර කරල තියෙනව :)

      Delete
  10. ජූංඩක් විතර හරි ගියා කරපු අනුමානේ........මේ වචන කොහෙන් එනවද මංදා...කතාව ගොඩනැගුනු විදිය උපරිමයි වෙනදා වගේම නොසිතූ අවසානයක් මම හිතුවේ නෑ මේ තරම් හොඳට ඉඳපු ලියන්නට මෙහෙම දෙයක් වෙයි කියලා...මම හිතුවෙම සර් හිටිය තැනට මෙයා එයිම කියලා....උසස් අධ්‍යාපනය වැදගත් බවටත් චූට්ටක් මතක් කරලා තියෙන එකත් හොඳා...වෙජී වීම නොවීම ප්‍රස්නයක් නෑ හැමෝටම රසවිඳින්න පුළුවන් කතාවක් මේක....ජය වේවා...තවත් කතාවක් එනකන් බලාගෙන ඉඳිමි....

    ReplyDelete
  11. ඔව් ගැමියා... කතාවෙ අවසානය ඔළුවට ආවෙ පහු ගිය කාලයෙ මරලා දමල තිබුනු ඒ වගේ වනයට ආදරය කරපු ඒක ආරක්ශා කරපු අයගැන තිබ්බ නිවුස් එකක් ඔළුවට වැටිච්ච වෙලාවෙමයි..

    ReplyDelete
  12. ඒ මහත්තයා එහෙම නරක කෙනෙක් නොවෙන බව මම නම් දැනගෙන හිටියා.
    ලස්සන කතාව.

    ඔයාට ඇත්තටම ඔය අත්දැකීම් තියනවද?

    ReplyDelete
    Replies
    1. ප්‍රවීනා - පොකූ අහන්නෙ අන්තිමට කීව මැරිච්ච අත්දැකීම තියෙනවද කියලද ?

      Delete
    2. එහම අත්දැකීමුත් සමහරුන්ට තියනවනේ...???

      Delete
  13. හිතුවේ නැති අවසානයක් දීලා කතාව ඉවර කරලා තියෙන්නෙ.... මුල් ටිකට වැඩිය මමත් කැමති දෙවෙනි කොටසට...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මියුරු

      Delete
  14. ඔන්න ඒක ශෝකාන්තයකින් කෙලවර වුනා. ඒත් අපරාදෙ බං ලියන්නව මරලා දැම්මෙ!

    මට එක දැනකදි මාරයත් එක්ක එකඟ වෙන්න වෙනවා. ඒ කොමෙන්ට් එක කියවන්න කලිනුත් මගෙ ඔලුවට ආවෙ මස් කෑම පළිකුල් කරන මිනිස්සු මස් වලට ආදේශක හොයන්නෙ මොන මගුලකටද කියලා. දැන් බලපං නූඩ්ල්ස් තියෙනවා චිකන් ෆ්ලේවර්, බීෆ් ෆ්ලේවර් යනාදී වශයෙන්, එතකොට සෝයා තියෙනවා දැල්ලො රසැති සහ තව එකී නොකී රසයෙන්. එතකොට මොකක්ද මේකෙන් කියවෙන යථාර්තය? Even though we are vegetarians we still miss meat....?"

    මමත් මස් රසිකයෙක් නොවෙයි. තිබුනොත් මිනිස්සු කන හුඟක් කෑම කනවා.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඔව් හෙන් රි මිනිස්සුන්ගෙ හැසිරීම් බලද්දි නම් ඒ තර්කය හරි වගෙයි.. පරිනාමයේ හැටි..මිනිසා සර්වභක්ශක නේද.. අතලොස්සක් අන්තයට ගිහින් එලවලු විතරක් කන්ඩ දඟලනවා..ඒක ඒ අයගෙ නිදහස..

      Delete
  15. පව් බං අහිංසක සත්තු

    ස්තුති මෙහෙම පෝස්ටු දානවට.. ජය !

    ReplyDelete
    Replies
    1. ඔව් සෑම්, ඒක නම් ඇත්ත..

      Delete
  16. අපි මචං වල් ඌරුමස් බයිට් එකක් එක්ක ඩ්‍රිංක් එකක් දාලම කතා කරමු ඔය මස් වගේ හදාගෙන එලවලු කන වෙජිටේරියනිසම් එක ගැන

    ReplyDelete
    Replies
    1. ඕනයා මන් වෙජිටේරියන් කියලා කියන්න අකමැති මන් බිත්තර, කරවල සහ හාල්මැස්සන් කන නිසා මිසක් ඔය කියන විදියට මස් මාළු කන නිසා නෙවෙයි. මම මස් නම් කන්නෙම නෑ. නමුත් කාලා තියෙනවා. ජීවිතේටම අපි දෙන්නා සෙට් වෙච්ච එකම දවසෙත් මන් කෑවෙ කඩල සහ ඔම්ලට් කියලා උඹට අමතක වෙලා හැඩයි..කොහෙද ඊට පස්සෙ උඹ රට දමලා ගියානෙ..

      Delete
    2. වල් ඌරො නම් මතක් කරන්න එපා ‍ඕනෙ අයිය... ඒකත් ඩ්‍රින්ක් එකක් දාන ගමන් ;)

      Delete
  17. පුතා මොන ප්‍රශ්නයක් දිහාවත් ඒක ප්‍රශ්නයක්ය කියලා බලන්ඩ පුරුදු වෙන්ඩ එපා. එතකොට පෙනෙන්නෙ ප්‍රශ්නෙ විතරයි. ඒ වෙනුවට වෙන විදියකට බලන්න පුරුදු වෙන්න. එතකොට ඔයාට පෙනෙයි ඒක ප්‍රශ්නයක් නෙවෙයි හොඳ චාන්ස් එකක් කියලා ඔයාට ආපු..ඊට පස්සෙ ඒකට මොකද ඔයා කරන්නෙ"...

    මම නම් කැමතිම කතාවේ මේ කොටසට.....ලස්සන කතාවක්.මේ ලෝකේ වැඩිපුරම ඉන්නේ මස් මාලුවලට ආස කරන මිනිස්සු නේද...පරිනාමය වෙලා නෑ තාම හරියට ඒකයි වැරැද්ද...

    ReplyDelete
    Replies
    1. පුංචි කුමාරිහාමි - ඔව් පරිනාමය වෙන්ඩ පුළුවන් ඔතනදි එහෙහ්ම වෙන්ඩ හේතුව

      Delete
  18. මස් මාලු කතාවට වඩා මගේ හිත ඇදිලා ගියේ පරිසරයට මනුස්සයෙන්ගේ හිතේ හැංගිලා තියන අසීමිත ආදරයට...ඒ ආදරයට සිහිල් වතුර පොදක් එක් කලාට ගොඩක් පින්...

    ReplyDelete
    Replies
    1. ඔව් රූ මට කියන්ඩ ඕනි උන කතාවත් ඒකමයි

      Delete
  19. ලියන්න එහෙනං මස් කෑමයි මත්පැන් බීමයි අත ඇරිය...අනේ සාධු....!!!

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා ඔබා අයියා ඒක කීව තාලෙ ගැන නම් මට පොඩ්ඩක් බයයි වගේ..

      Delete
  20. අපුරු කතාවක්... ජීවිතයක් දිගේ දිග ගමනක් ගියා වගේ දැනෙනවා... මස් කෑම ගැනයි බීම ගැනයි කියන්න දෙයක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව් ක්සැන්ඩර් කියලා වැඩක් නෑ..මමත් උත්සාහ කරන්නෙම අඩුම කරලා දමන්නයි

      Delete
  21. ලස්සනයි කතාව.... මම ඇත්තටම වෙජිටේරියන් කෙනෙක්.ඒ වගේම මස් වලට ඇති ආදේශක පවා භාවිත නොකරණ කෙනෙක්.(නූඩ්ල්ස් තියෙනවා චිකන් ෆ්ලේවර්, බීෆ් ෆ්ලේවර් යනාදී වශයෙන්, එතකොට සෝයා තියෙනවා දැල්ලො රසැති සහ තව එකී නොකී ). ඒ නිසා මට මේ කතාව තදට දැනුනා....
    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. ඔව් තරූ වෙජිටේරියන්ම වෙන කෙනෙකුට මේ කතාව දැනෙනවා වැඩි වෙයි කියලයි මමත් හිතුවෙ.. ස්තූතියි..

      Delete
  22. ලියන්නා අයියගේ ලිවීම එන්න එන්න ම දියුණු වෙනවා මසුරන් හොඳේ. කොටස් දෙකම කියෙව්වෙ අද...

    කට්ටිය එහෙනම් මේ ගැන කතා කරන්න ලෑස්තිය... අප්‍රේල් සෙට් වෙලාම කතා කරමු.

    මාත් වෙගිටේරියන් වෙන්න ෆුල් ට්‍රයි... සෑහෙන දුරට සාර්ථකයි.
    බිත්තරයි.. කරවලයි.. හාල්මැස්සොයි තමා... ඒත් බොන්න ගියාම තමා අවුල

    ReplyDelete
    Replies
    1. මගෙත් තියෙන එකම ගටලුව එතන තමයි..ඒ නිසාම මන් කියන්නෙ නෑ මන් වෙජිටේරියන් කියලා.. හමු වෙමු අප්‍රේල් වල..

      Delete
  23. මම නම් වෙගිටේරියන් නෙවෙ.කාලයක් නොකා ඉන්න බැලුවා.බැරි වුනා.ආයෙත් කන්න ගත්තා. :(((

    මටනම් හිතුනා මහත්තයා හොදයි කියලා.

    ReplyDelete
    Replies
    1. ඔව් නිසූපා. මගේ කතා ලියන රටාව අල්ලගෙන නේද ?

      Delete
  24. මුලින්ම අද තමා මේ පැත්තට ගොඩ උනේ....කතාව නම් පංකාදුයි....සත්තුන්ට හිංසා කරන ,මරාගෙන කන එවුන්ට මගේ නම් තුන් හිතකවත් කිසිම කැමැත්තක් නෑ.මමත් පුළුවන් පුළුවන් හැටියට වෙගිටේරියන් තමා.එත් ඉතින් පිට තැනකට ,නෑදෑ ගෙදරක,යාලුවෙක්ගෙ ගෙදරක එහෙම ගියාම ඕක රැක ගන්න ගියාම ඒ මිනිස්සුන්ට වෙලාවකට අපිව කරදරයක් වෙනවා... නොකා බැරිම තැන කන්ඩත් වෙනවා...

    ReplyDelete
    Replies
    1. ඔව් දමිත් ඇත්තටම අපිට වෙජිටේරියන්ම වෙලා ඉන්න බෑ.. අනිත් අය ගොඩක් කරද වෙයි එහෙම උනොත්..මටත් ඒ අත්දැකීම තියෙනවා. ස්තූතියි ඇගයීමට..

      Delete
  25. තවත් සතෙකු මරා ගෙන කෑම වරදක් කියල මම තදින් විස්වාස කරනවා. තිරිසනාගෙන මනුස්සය වෙනස් වෙන්න නම් මනුස්සයා මේ මරාගෙන කෑම නතර කරන්න ඕනෑමයි.. මම ක්‍රමානුකුලව එළවලු පමණක් කන්නෙක් බවට පත්වෙන්න උත්සාහ කරනවා. ඒ නිසා මට දැන් මස් මාළු ගැන ආසාවක් නැහැ.. කන්න වෙන දෙයක් නැත්නම් විතරක් මාළු කනවා. ඒ ගැනත් මම ඇත්තටම ලජ්ජා වෙනවා.

    ReplyDelete