මන් ඔය ජොබ් හොය හොයා ඉන්න කාලෙක එක එක තැන් වල වැඩ කලා. ටික කාලයක් වැඩ කලේ රත්තරන් බඩු සාප්පුවක. මට තිබුනේ එන කස්ටමර්ස්ලට අවශ්‍ය ආභරණ පෙන්නලා ඒ අයගේ ඕඩර් එක අරන් බඩු හදන සෙක්ශන් එකට ඒ ඕඩර් එක දෙන්න. ඔන්න එක සිකුරාදා දවසක හවස ආවා වයසක මනුස්සයෙක් එක්ක ලස්සන ගෑණු ළමෙක්. මන් හිතුවෙ එයාගෙ දුවෙක් හරි මිනිබිරියෙක් හරි වෙන්ඩ ඇති කියලයි.. ඒත් මේ මනුස්යයා,
"මට පෙන්නන්ඩ මාලයක් මගේ මේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ට අරන් දෙන්න"
කියලා කියනකොටයි මන් දැන ගත්තෙ මේ ජෝඩුවක් කියලා..පප්පා මහත්තයට එච්චර සල්ලි නැතුව ඇති කියලා හිතලා මන්
"බලන්න සර් මේ මාලය නම් සාමාන්‍යෙන් රු. 20,000ක් විතර තමයි යන්නෙ හැදුම් කුලී නැතුව"
"නෑ නෑ අළුත් ඩිසයින් එකක් දෙන්න ගාණ කීය උනත් කමක් නෑ"
මමත් පෙන්නුවා අළුත්ම ඩිසයින් එක
"සර් මේකට නම් 55ක් විතර යනවා"
"මේක හොඳයිද ?"
අර ගෑනු ළමයාගෙ ඇස් දෙක දිලිසෙනවා..
"එහෙනම් මේක හදන්න"
"සර් පේ කරන්නෙ කෑශ්ද ?"
"මන් චෙක් එකක් දෙන්නම්"
මිනිහා චෙක් පොතක් අරන් චෙක් එක ලියනවා.
"එක්ස්කියුස් මී සර් අපි චෙක් නම් බාර ගන්නෙ නෑ"
"චෙක් බාර ගන්නෙ නෑ? හරි චෙක් බාර ගන්නෙ නැත්තෙ එකවුන්ට් එකේ සල්ලි නැතුව ඇති කියලා බයටනෙ. හරි එහෙනම් මේ චෙක් එක අරන් තියා ගන්නවා. දැන් බැංකු වහලනෙ සඳුදා උදේට බැංකුවට කතා කරලා බලලා මට කෝල් එකක් දෙනවා මේ නම්බරේට, එතකොට මන් එන්නම් මාලෙ ගෙනියන්න"
චෙක් එකයි ටෙලිෆෝන් නම්බරෙයි මට දීපු ජෝඩුව යන්න ගියා. ලොකු බිස්නස් එකක් නිසාත් මට තරමක කොමිස් මුදලක් ලැබෙන නිසාත් මමත් බැංකුවට කතා කලා උදෙන්ම.. කතා කරලා අර පප්පා මහත්තයගෙ ටෙලිෆෝන් එකට කතා කලා.
"සර් මන් මේ කතා කලේ අර ජුවලරි සාප්පුවෙන් අර රුපියල් 50,000 ක මාලයක් ඕඩර් කලේ.සර්ගෙ බැංකුවෙ එකවුන්ට් එකේ සල්ලි නැහැලුනෙ"
පප්පා මහත්තයා නිදිගැට කඩ කඩා මට උත්තර දෙනවා
"මන් දන්නවා මල්ලි, ඒ බව, තමුසෙ දන්නෙ නෑ සති අන්තෙ මන් හිටිය හැටි..හක් හක් හක්.."
---------------------------------------------------------------------------------
මන් අර මනෝ විද්‍යා ඩිප්ලෝමාවක් කරලා සහතිකයත් අතේ තියන් තැන් තැන් වල වැඩ කරපු කාලයක් තිබුනා.. මේ එක උපදේශන ස්ථානයක වැඩ කරන කාලයක්..
මෙතනට වැඩියෙන්ම එන්නෙ විවාහ වෙලා ටික දවසකින් හෙම්බත් වුනු පවුල් ම තමයි. අපිව දමලා තිබුනෙ එතන ඉන්න ලොකු ඩොක්ටර්ස්ලා කොහොමද මේ ප්‍රශ්ණ විසඳන්නෙ කියලා බලා ඉන්න එක. හැබැයි ඒ බාරියාවො සහ ස්වාමි පුරුසයො දන්නෙ නෑ තමන්ගෙ ප්‍රශ්නෙ මෙතන ඉන්න අපි වගේ ට්‍රේනිං අයත් අහන් ඉන්නවා කියලා. අපිත් මේ ප්‍රශ්න කවදාවත් පිට ගිහින් කතා කලේ නෑ. අපෙ විශය දැනුම වැඩි කරගන්න තමයි ඒ ප්‍රශ්න වලට ඒ අයට අපිට දෙන්න පුළුවන් විසඳුම් සාකච්ජා කරන්න තමයි පාවිච්චි කලේ. මේ කියන දවසෙත් ආවා තිස් ගනන් වල විතර ජෝඩුවක් මූණ බැලුවහම කීවහැකි විවාහය හොඳට තිත්ත වෙච්ච දෙන්නෙක් බව. එදා හිටියෙ අපේ සීනියර්ම ඩොක්ටර් කෙනෙක්. එයා දෙන විසඳුම් හරි අපූරුයි..
"මොකද්ද දෙන්නගෙ ප්‍රශ්නෙ දැන්?"
ඩොක්ටර් අහනවත් එක්කම අර ගෑණු කෙනා පැයට කිමී 200ක විතර වේගයෙන් කියා ගෙන කියා ගෙන ගියේ නැද්ද ඒ ගොල්ලන්ගෙ ලව් එකේ ඉඳන්ම විවාහය දක්වාම ඇති වෙච්ච ප්‍රශ්න..ඊට පස්සෙ ළමයි හම්බ උනාට පස්සෙ තියෙන් ප්‍රශ්න...කියව ගෙන කියවා ගෙන යනවා.. ඩොක්ටර් එකපාරටම නැගිටලා..අර ගෑණු කෙනාව තදින් බදාගෙන කිස් එකක් දුන්නා. ගෑනු කෙනා තුශ්නිම්භූත වෙලා කටත් ඇරගෙන බලා ඉන්නවා.. වැස්සක් පායලා වගේ අර කතාවත් නැවතිලා..අපේ ඩොක්ටර්,
"බලන්න මිස්ට ඔයාගෙ නෝනට මෙන්න මේ වගේ ඕනි අඩුම වශයෙන් සතියකට තුන් සැරයක්වත්, තේරුනාද?"
අර මනුස්සයා බොහොම හෙමීට කියනවා
"හොඳයි ඩොක්ටර් එහෙනම් මන් මෙයාව සඳුදටයි, බදාදටයි, සිකුරාදටයි මේ වෙලාවටම මෙතනට එක්කන් එන්නම්කො"
----------------------------------------------------------------------------------
මම මනෝ විද්‍යා කෝස් එක කරන කාලෙ නැවතිලා හිටියේ වයසක කපල් එකකගේ ගෙදර..ඒ දෙන්නාට වයසත් එක්කම ඔය පොඩි පොඩි දේවල් අමතක වෙන ලෙඩක් තිබ්බා..දෙන්නම පට්ට බයේ හිටියෙ ඔය ගෑස් කුකර් එක වගේ එකක් නිවන්න අමතක වෙලා කුස්සියම ගිණි ගනී වගේ කියන එකකට
"අනේ ලියන්නා පුතා ඔයා ඔය උගන්වන ඩොක්ටර් කෙනෙක්ගෙන් අහන් එන්ඩකො අපේ මේ පුංචි පුංචි දේවල් අමතක වෙන ලෙඩේට මොනවහරි බෙහෙතක්"
මටත් ඕක අමතක වෙලා තිබිලම එක දවසක් අහන් ආපු මෙතඩ් එක තමයි, තමන්ට අමතක වෙනවනම් කොල කෑල්ලක් අරන් ලියා ගන්න එක තමයි හොඳම කියලා..මමත් ඒක කීවහම එයාලා පිලි ගත්තා..
එක දවසක රෑ වෙලා මන් කාමරේ නිදි, ජෝඩුව ටීවී එක බලනවා එක එක දේවල් කතා කර කර..
ඇන්ටි කියනවා
"ඒයි මට කුස්සියෙ ෆ්‍රිජ් එකෙන් අයිස් ක්‍රීම් එකක් ගේන්නකො..මේ කොලේ ලියා ගෙන යන්න , නැත්නම් අමතක වෙයි..
"පිස්සුද මට ඕක අමතක වෙයිද?"
"ඒ උනාට වැනිලා අයිස්ක්‍රීම් එකට චොක්ලට් අයිස්ක්‍රීම් ටිකක් දමලා අර ස්ට්‍රෝබෙරි ගෙඩි 2-3කුත් කපලා ගේන්ඩ අනේ.. ඔය ටික නම් අමතක වෙයි මේ කොලේ ලියා ගන්නකො"
"එච්චරටම මගේ මතකෙ අප්සට් නෑ ඒයි, ඉන්ඩකො මන් අරන් එන්න"
කුස්සිය පැත්තෙන් සාස් පාන් හැප්පෙන සද්දෙ ගෑස් කුකර් පත්තුවෙන සද්දෙ නිසාම මමත් පොඩ්ඩක් කාමරෙන් ඔළුව එලියට දමලා බැලුවා මොකද වෙන්නෙ කියලා. මෙන්න එනවා අංකල් සෝසේජස් 3-4ක් බැදලා සෝස් එකකුත් එක්ක අරගෙන..මේක දැකපු ඇන්ටි හිනා කනවා..
"මන් කිව්වා ඔයාට කොලේ ලියා ගෙන යන්න නැත්නම් අමතක වෙයි කියලා..කෝ පාන් ටෝස්ට් අමතක වෙලානෙ"
සිරාම සිද්දිය වුනේ අර රත්‍රන් බඩු සාප්පුවේ සිද්දිය.රැවටිල්ලේ උපරිමයටම රවට්ටලා තියෙනවා.කෙස්ස පැහිල තියෙන්නේ නිකං නෙවෙයි නේ..
ReplyDeleteහ්ම්ම් හ්ම්ම්.. ඔන්න බලන්න ඉතින් මොලේ !!!
Deleteපලවෙනි කතාව මන් දන්නේ නෑ. අනෙක් දෙක නම් ඊමේල් වලින් ආවා වගේ මතකයි. කොහොම උනත් කතා ටික ලස්සනයි. මම කැමති පලවෙනි එකට. :D
ReplyDeleteඔව් පොකු කාලෙකට ඉස්සෙල්ල මන් කියවපු කතා වගයක් තමඉ පොඩ්ඩක් වර්ශන් එක වෙනස් කරලා දැම්මෙ..
Deleteටැපළුනා.....
ReplyDeleteවෙනියට වෙච්ච දේවල්ද??????????????????
ලියන්නට වෙච්ච දේවල්ද?????????????????
මොනවා වුනත් අන්තිම කතාව ඇර අනික් දෙක නම් පට්ටම ගති..අන්තිම කතාවනම් අහලා තියෙනවා කළින්. ඒකම වෙනියට වුනා කියන එක පිළිගන්න බෑ ඉතින්..
ප.ලි. මේ උදේ පාන්දර මේවා කියවලා හිනාවෙලා නිදිමත තව ටිකක් ඈතට ගියා.. :)
ඔව් නාකියාට නම් ගැලපෙන කතා දෙකක්ම තියේ නේද ?
Deleteමටත් වෙලාවකට හිතා ගන්න බැරි දේවල් තමා මේ කතාවල ලියන්නට උනේ මොනාද වෙනියට උනේ මොනාද කියන දේ,,අර දෙවෙනි කතාව නම් මරු සතියකට තුන් වරක් කිස්
ReplyDeleteහ්ම්ම් ඩිලා මෙව්වා කාට උනත් වෙන්ඩ පුළුවන් අෆ්ෆා... පරිස්සමෙන් හොඳේ...
Deleteකතා ටික රස වින්දා . මේ වගේ විහිලු කතාත් ඉඳ හිට දාන එක හොඳයි .
ReplyDeleteඔව් ගිම්හානි වෙනසකටත් එක්ක..
Deleteමම නම් මේ කතා එකක්වත් කලින් අහල තිබ්බෙ නෑ... ඒ නිසා හොඳට රස වින්දා...
ReplyDeleteඅනේ මන්ද... අර තුන්වෙනි කතාව කියවනකොට මට මතක් උනේ ඔබා මාමව.... ;D
අපො අර පලවෙනි කතාවෙ මිනිහා තමා මිනිහා.සික්
Deleteමට පළවෙනි කතාව කියවන්කොට මැවිලා පෙනුනෙ ඔබාව.
DeleteI'm anonymous, not henryblogwalker the Dude
මෙන්න ඔබා මාමේ මේ මියුරු... ඔන්න මන් නම් නෙවී...අප්‍රේල් එනවලු ලන්කාවට මන් නම් මේ දවස්වල කට වරද්දා ගන්නෙ නෑ මියුරු..
Deleteනදී සහ හෙන්රි.. අප්‍රේල් ළඟයි මන් නම් සුදු ඔබා අයියට මුකුත් කියන්නෙ නෑ ඕන්..
Deleteඅම්මපා වෙනි අයියේ..වෙලාවට උබ ඔය දොස්තරයා ගාවින් තොලොංචි උනේ..
ReplyDeleteහිකිස්.. නැත්නම් මට වෙන්නෙ තව කොහෙ හරි කන්සල්ටන්ට් පාරක් ගන්න තමයි රාජ්
Deleteපලවෙනි එක වෙනිය කරපු වැඩක්ද කොහෙද :-D
ReplyDeleteහනේ මන් එච්චර නාකිද මරනෙ ?
Deleteඕන්නම් මරණේටත් ප්‍රයෝජනේට ගන්න බැරියැ ඒ ක්‍රමේ! :D
Deleteඑක. පට්ට. නියම පොරක්. මේ වගේ මෙතඩ් කියලා දෙනවට. බොහොම පින්
ReplyDeleteමාතලන් තව 20ක් 25 ඉන්ඩ වෙයි නේද ඔය මෙතඩ් පාවිච්චි කරන්ඩ ඈ ??
Deleteපලවෙනි කතාවෙ වයසක මනුස්සය තමයි වෙනිය. එල කතාටික.
ReplyDeleteරාජ් වැරදියි. එදා තමයි වෙනියා ඔබා අයියව මුල් වරට දැක්කෙ. ඔය කේස් එක මාට්‍ටු වෙලා තමයි පර්ත් වලට ගොඩ බැස්සෙ.
Deletehenryblogwalker the Dude
අනේ මට කොයින්ද ඔච්චර වාසනාවක් ?
Deleteහෙන්රි නම් අපිට ඔබා අයියගෙන් කෑම ඉල්ලලා දෙන්න වගෙයි හදන්නෙ ??
Deleteවෙනී,උඹ නම් ඔබා අයියව බුදු ෂේප් එකේ තියාගන්නයි හදන්නෙ නේද?
Deletehenryblogwalker the Dude
ඔට්ටෙලියාවෙ ඇපල් ගෙඩියක් හරි අරන් එයිනෙ බන්z..ඒක නැති කරන්ඩ එපා...
Deleteමේ ටික අමතක වෙයිද දන්නෑ කොළේක ලියාගෙනම ඉන්න ඕන.
ReplyDeleteමෙන්න නාකියෙක්..70 පැන්නට පස්සෙ මලයා නාකියි කියන්නෙ.. :DD
ReplyDeleteයකෝ මේ කතා ටික ඔක්කොම මම මීට අවුර්දු 10කට 15කට විතර ඉඳන්ම සැරින් සැරේ මේල් වලින් කියවලා තියෙනවනේ....! බලාගෙන යනකොට මේ වෙනියට වෙලා තියෙන දේවල්නේ මේ ඇමරිකන් කාරයෝ හරියට උන්ට උනා වගේ මේල් වලින් එවන්නෙ....!
ReplyDeleteස්ස්ස්ස්ස්ස් දුමී මලේ පොඩ්ඩක් හිටුකො ඕක තමා අමූලික ඇත්ත..ඒ උනාට ඔහොමත් ප්‍රසිද්ධියෙ කියන සිරිතක් තියේයැ ? :DD
Deleteතුනම මේල් වලින් ඇවිත් තිබ්බට උඹ ඉදිරිපත් කරලා තියෙන හැටි හරිම අපූරුයි.....
ReplyDeleteආන්න අභීත කල්‍යාන මිත්‍රයො කියන්නෙ උඹටනෙ..බලහන් අපේ දුමී මලයා කියලා දැම්මනෙ ඇත්තම කතාව ...
Deleteහපොයි මේ මටත් සාටර් විදියට අමතක වෙනවනේ... ඒ කියන්නේ මම නාකියි.. :P
ReplyDeleteආන්න ඒ වගෙ අයට නේන්නම් මේ කතා ටික ලීවෙ..මෙව්වයෙ ඔරිමජිනල් කතා ටික අමතක වෙලානම් එච්චරයි...
Deleteඅර රත්‍රන් බඩු කඩේ සීන් එක තමයි නියම.. ඒ මනුස්සයා වදෙන් බේරෙන්න බැරුව වෙන්න ඇති එන්න ඇත්තේ..
ReplyDeleteඔව් දිනේශ්..එහෙම වෙන්ඩ ඇති..
Deleteකොමෙන්ට් වලින් මගෙ ශ්‍රී නාමෙට අගහුරව කොරාපු එවුන් ටික මතක නෑනෙ, එකියෙකුත් හිටියද මන්ද ? පොඩ්ඩක් හිටහන් වෙනියො උඹත් ඒ සෙට් එකේ හිටියද බලන්න ඕනෙ. කොළ කෑල්ලක් හොයල ආයෙ උඩට ගිහිල්ල ලියාගෙන එනකං හිටහන්කො කට්ටියට කෙළවන්න.
ReplyDeleteශ්‍රී මත් ඔබා..
Deleteමන් නෑනෙ ඔබා අයියට මුකුත් කීවෙ..ඇවිත් ගියාට පස්සෙම කියන්නම් කියලා එකතු කරන් ඉන්නවා මිසක් ඕන්...
Deleteඅම්මෝ හිනා කාලා මැරුනා
ReplyDeleteඅපොයි ඉන්ඩ අප්‍රේල් 22 වෙන කන්..ඊට පස්සෙ නම් ඕනි එකක් කනියා...
Deleteමේ කතා එකක්වත් අහලා තිබුනේ නෑ....පලවෙනි කතාවෙන් නම් මරු පාරක් වදිනවා කෙල්ලන්ගේ මොලේ ගැන හි හි
ReplyDeleteදෙවෙනි තුන්වෙනි කතා වලට නම් හිනාගිහින් ඇඬෙනවා...තුන්වෙනි කතාව නම් ඔබා මාමගෙම තමා ආයේ දෙකක් නෑ...ඔබා මාමේ මගෙ නමත් ලියාගන්ඩෝ
ඇයි වයසක උන්දැලගේ කපටි කයිරාටික කම් ගැන..
Deleteපළවෙනි දෙක නම් පට්ටයි. අනිත් එක මම අහලා තියනවා.:)
ReplyDeleteඔය කතා තුනම අනුවාදන තමයි කසුන් මගේ වගේ ලිව්වට...
Deleteතුන් වෙනි කතාව නම් ඔබ තුමාට සිදු වූ දෙයක් වෙන්න බැහැ.මං ඒක කලින් අහලා තියෙනවා.දෙවෙනි එක නම් අහලා නැහැ ඒක නම් ගති.ඩොක්ටර් උම්මා එකක් දීපු වෙලේ ඒ ගෑනු කෙනා මොනවා හිතුවද දන්නේ නැහැ.ලොල්.
ReplyDeleteනිශාන් එයා හිතන්න ඇති හැමදාම ඩොක් ලඟටම ආවනම් හොඳයි කියලා..
Deleteහික් හික් හික්
ReplyDeleteහසී සිනා සී තරවෙන්නකෝ...
Deleteපලවෙනි එකනං අහල තියෙනවා. ඒ උනාට පට්ට ලියවිල්ල.
ReplyDeleteඔව් කිරිපුතා අළුත්ම ඒවා ටිකක් ලියන්න ඕනි..
Deleteකතා ටික නම් සුපිරි !
ReplyDeleteඅඩේ මෙහෙම කතා කියවන්න තියෙනවනම් මරු නේ !
ඔළුව හෑල්ලු කරගෙන ලියන්න ඕනි සරල කතා සෙට් එකක් ඉස්සරහට...
Deleteනියමෙට ලියලා තියෙනවා. කලින් අහලා තිබුනා උණත් හොඳටම රස වින්දා.
ReplyDeleteජය!!
ස්තූතියි තරු ඇගයීමට..
Deleteපට්ට කතා එකතුවක් නොවැ..
ReplyDeleteලියන්නා මනෝ විද්‍යාඥ්ඥයෙක්ද බොල !!
ම්හ්හ්හ් කෝස් එකක් කලා ආසාවට.. පස්සෙ අතෑරලා දැම්මා...
Deleteපළවෙනි බුවා නම් නියම බුවෙක්.
ReplyDelete