ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Friday, March 16, 2012

අරයයි, මෙයයි දෙන්නෙක්ද ? එකෙක්ද ?

"සුනිල් අද නම් මන් කීය වෙන කන් ඉඳලා හරි මේ ෆයිල් ටිකේ වැඩ ටික ඉවර කරලම තමයි යන්නෙ"


"ආ සර් මන් ඉන්නම් ..වෙනී සර්ට තේ එකක් හදලා ගෙනත් දෙන්නද?"


"එපා සුනිල් මට කූල් වතුර එකක් ගෙනත් දෙන්න"


කාර්යාලයේ ගොඩ ගැසී තිබුණු වැඩ සියල්ලම ඊළඟ සතිය වන විට අවසන් කල යුතුව ඇත. සියල්ලම පාහේ එක් එක් අංශ වලට අදාළ ගොනු වල රාජකාරී කටයුතු රාශියකි. මේ සියල්ලම මෙතරම් පරක්කු වන්නට හේතු වූයේ මාගේ වරදක් නොව එක් එක් අංශ වලින් එවිය යුතු ගොනු සියල්ලම අවසන් කර මා වෙතට නිසි ලෙස එවන්නට අපොහොසත් වීමය. බොහෝ ගොනු වල ඇති අවසානාත්මක නිර්දේශය හෝ ඉහළ අනුමැතිය සඳහා අවශ්‍ය රෙකමදාරු කිරීම් සියල්ල මා කල යුතුව ඇත. එය ඉතා පහසු කාර්යයක් ලෙස පෙනුණත් එක එක කාරණයට අදාළව එක් එක් අංශයන් ගොනු කර ඇති කරුණු සියල්ලම සංසන්දනයකර බලා අවසන් තීරණය ගැනීම කල යුතුව ඇත. ඒ සඳහා නිරවුල් මනසක් මෙන්ම පහු ගිය කාලවල ක්‍රියාවලින් කල ආකාරය මෙන්ම සපුරා ලිය යුතුව ඇති නීතිමය කොන්දේසි එකින් එක ගෙන අනුකූලතාවය පිරික්සීම ඉතා සීරුවෙන් කල යුතුව ඇත.


"මෙන්න සර් කූල් වතුර එක, වෙනී සර් මන් ටීවී රූම් එකේ නිව්ස් බලන්න යන්නද? සර්ට මොනා හරි ඕනි උණොත් මිස් කෝල් එකක් ගහන්න , මන් ටුක් ගාලා එන්නම්"


"හා යන්ඩ සුනිල්, මන් ඕනි උණොත් කෝල් එකක් දෙන්නම්"


කාර්යාල වෙලාවලින් පසුව හෝ සති අන්ත දින වලදී මගේ සහයට සිටින හොඳම විශ්වාසවන්ත සේවකයා වන සුනිල් ටීවී කාමරය් වෙත ගිය පසු මා නැවතත් මා ආරම්භ කල ගොනු කිහිපය දෙස නෙත සිත යොමු කළෙමි. හ්ම්ම් මේ ෆයිල් එකට තමයි ගිය සැරේ වැඩිම ඔඩිට් ක්වෙරීස් ඇවිත් තිබ්බෙ..මේ සැරේ මේක හරියටම කරන්ඩ ඕනි. නැත්නම් මාර හිසරදයක් තමයි වෙන්නෙ..දවස තිස්සේම වැඩ කල නිසාදෝ දෙඇස යටින් සිහින් වේදනාවක් පටන් ගෙන දෙකන් දක්වා පැතිර යයි. වැඩක් පලක් නැතුව කම්මැලි කමේ ඉන්න කොට නම් කිසිම ලෙඩක් හැදෙන්නෙ නෑ. ඒත් වැඩ වැඩිම වෙලාවලදි තමයි ලෙඩ හැදෙන්නෙත්. යන්තම් මේ ෆයිල් එකේ වැඩේ ඉවරයි..තත්පරයක් ඔළුව ගහන් ඉන්න ඕනි..දැසට ගත යුතු විවේකය පිළිබඳ සිතා ඊළඟට කල යුතු ගොනුව ගෙන එය උඩම මදක් ඔළුව තබා ගත්තෙමි...


එක්කො බෑ මෙහෙම නිදා ගෙන ඉඳලා හරි යයිද..මේ වැඩේ කරලා දමලා යනවා ගෙදර , ගිහින්ම නිදා ගන්නව. සුනිල් කෝ.. ආ සුනිලුත් අතට ගත්ත පත්තරය අතේ තියා ගෙනම නිදි කිරා වැටෙනවා. පව් මිනිහටත් හොඳටම මහන්සි ඇති. වෙලාවත් දහය හමාර උනානෙ දන්නෙම නැතුව.


"සුනිල්..... සුනිල් එහෙනම් සෙක්ෂන් එක වහලා යතුරු ටික සිකුරිටි එකට භාර දෙන්න"


"සර් වාහනයක් ලේස්ති කරලා දෙන්නද සර්ට යන්න"


"අපොයි එපා සුනිල් තව ඔඩිට් ක්වෙරි එකකට උත්තර ලියන්න වෙයි එහෙම උණොත්" 


මම සිනා මුසු මුහුණින් කීවෙ ඊට පෙර අවස්ථාවක මෙලෙස වාහනයක් රැගෙන යාම නිසා ඇතිවූ ප්‍රශ්නය හිතට නගා ගනිමිනි. 


"සුනිල් මේ ඉවර කරපු ෆයිල් ටික යවන්න ෆිනෑන්ස් සෙක්ෂන් එකට හෙට උදෙන්ම. මේ අනිත් ටික මෙහෙමම තියන්න, මන් හෙට ඇවිත් වැඩ පටන් ගන්නවා"


"හා සර් ගුට් නයිට්"


"ගුඩ් නයිට් සුනිල්"


මගේ නවාතැන පිහිටියේ කාර්යාලයේ සිට කිලෝමීටර් 4-5 ක්තරම් දුරින් නිසා සම්හර දිනවල මා පයින්ම කාර්යාලයේ සිට නවාතැන කරා සෙමින් සෙමින් පිය නගමි. 


"ඔෆීස් එකේම හිර වෙලා ඉන්න අපිට කොහෙද එක්සයිස් කරන්න වෙලාවක් මෙහෙම ඇවිදන් යන එක හොඳයි ඇඟට ව්‍යායමයක් ලැබෙනවනෙ"


නමුත් අද දින නම් ඇඟට දැනෙන කෙඩෙත්තු ගතිය නිසාම බස් රථයක යා යුතු බව මා ගමන ආරම්භයේදීම තීරණය කර තිබුණි.අහෝ ඛේදයකි ඉරකි තිතකි..අවසාන බසයද නැවතුම නික්ම ගොසිනි. වෙනදා අඩුම තරමේ 2-3ක් වත් ඇති තුන් රෝද රිය පොළද පාළුය. 


"I am at Hobson's choice"


මා මටම හඬ නගා කිව ගත්තද ඒ හාම ලැජ්ජාවෙන් වට පිට බැලුණේ අවට කිසිවකුට එය ඇසුණේද යන්න සැක හැර ගැනීමටය. අහල පහළක බලු බල්ලෙක් නැත. ප්‍රධාන පාරේ කිලෝමීටරයක් පමණද අතුරු පාරවල් කිහිපයක ඉතුරු කිලෝමීටර් කීපය පිය නැගීමෙන් මා නිවෙස වෙත පැමිණිය හැක. කීප වතාවක්ම මනසින් ඇවිද ගිය මා සුසුමක් හෙලූයේ ගමන් ආරම්භ කළෙමි.අද එතරම්ම වාහනද නොමැත. ඉඳ හිට මා පසු කරමින් වාහන් එකක් දෙක ඇදේ. ඉස්සරහ වංගුවෙන් හැරුනහම කනත්ත පාර කනත්ත පාර පහු කළහම ආයිමත් පංසල පාර ඊළඟට මගේ ගෙදරට යන අතුරු පාර..
සුටු සුටු සුටු.. හඬ නගමින් මා අසලින් ඇදී ගිය යතුරු පැදිය මා පසු කර ගොස් මීටර් 50ක් පමණ ඉදිරියෙන් නැවත්වීය. මේ වෙලාවෙ මෝටර් සයිකලයක් වත් තිබ්බ නම් කොච්චර හොඳද සිතමින්ද සමහර දිනවල මෙසේ පයින් යනවිට නන්නාඳුනන මෝටර් සයිකල් කරුවන් මා රැගෙන ගොස් මාගේ නිවස අසලින් බස්සන අයුරු මනසේ සිත්තම් කර ගනිමින් මා ඉදිරියට ඇඳුණේ..නවතා තිබු මෝටර් සයිකලයේ හුන් තැනැත්තා නැවී බයිසිකලයේ යම් ස්විචයක් අත ගාමීන් සිටියේය. මා ඔහු පසු කර ගියේත් ඔහු නැවී තිබූ දුන්නක් කෙළින්වන්නාක් මෙන් මා දෙස හොඳින් බලමින් කෙළින් වූයේත් එක්වරමය. කළු පැහැති හෙල්මටය තුළින් වූවද පැහැදිලිව දැක ගත හැකි වූ ඒ දිලිසෙන ඇස් දෙක...


මේ යකා ..
මූ මොකද මෙතන කරන්නෙ ? 
අදත් මන් ගැන ඔත්තු බලනවද ?
මූ කවුද ? 
ඇයි මෙහෙම මන් පස්සෙම කැරකෙන්නෙ ?
නැත්නම් මේක අහම්බයක්ද ? 


ප්‍රශ්න රාශියක් මගේ ඔළුව තුළ භ්‍රමණය වන්නට වුයේ එක් වරමය. 
මා පසු පස හැරී බැලූයේ බයිසිකලයේ නොම්මර තහඩුව දෙසටය. එය වැසෙන සේ යම් බෑගයක් රඳවා ඇත. මා හැරෙන ආකාරය නිරීක්ෂණය කළේ ඔහු නැවතත් නැවී බයිසිකලයේ යම් ස්විචයක් අතගාන්නට වූයේය.


"මෙන්න සර් තේ එක"


කල්පනා සාගරයෙ කිමිද උන් මා එයින් මිදුණේ මා සැමදා තේ එකක් බොන්න එන කඩේ වේටර් මල්ලිගේ කට හඬිනි. සිනා මුසු මුහුණින් මා ඔහු දෙස බැලූවද මගේ දෙනෙත ගැටුණේ මගේ මේසයට මේස දෙකක් පමණ එහා මේසයක සිට මා දෙස තියුණු බැල්මක් හෙළන මේ දැන් මොහොතකට පෙර මා දෙස බැලූ දෙනෙතයි.


මේ දෙනෙත ආත්ම ගණනාවක්ම දැක හඳුනා ඇති සෙයක් එක්වරම මගේ සිතට නැගුණේ ඇයි? බොර පැහැ සාමාන්‍ය දෙනෙතක්..මට වඩා අවුරුදු 2-3ක් වත් ළාබාල යැයි සිතිය හැකි මට වඩා ක්‍රීඩකයකුගේ මෙන් නම්‍යශීලි සිරුරක් ඇති ඔහු..මා නෙත ගැටෙනවාත් සමඟම අසල වූ වීදුරු කවුළුවෙන් පිටතට නෙත් යොමු කළේ යම්කිසිවකු බලාපොරොත්තුවෙන් සිටිනවා යැයි පෙන්වීමට සේය. ඒ ඇසිල්ලේ මා ඔහු දෙස බැලූයේ එතරම් සැලකිල්ලක් නොමැතිව කොණ්ඩය පීරා මනා සේ උඩුරැවුල වවා තිබූවද මහත් නොසැලකිල්ලෙන් මුත් යම්කිසිවකුගෙන් තම නියම ස්වරූපය සඟවා ගන්නට මෙන් මුහුණ පුරා රැවුල වවා තිබුණි. බාල වර්ගයේ ටී ෂර්ටයක් හා ඩෙනිම් කලිසමක්ද බාල සෙරෙප්පු කූට්ටමක්ද පැළැඳි ඔහුගේ උරහිසේ යම් සංකීර්ණ පච්චයක් කොටා තිබුණි. ඒ කාලෙ මමත් ඔහොමම තමයි හිටියෙ..පච්චයකට ආශාව තිබුණට කලු කෙට්ටු උරහිසේ මොන පච්චයක් කොටා ගත්තත් පේන්නෙ මොකාටද කියලා ඒ අදහස අත්හැරලා දැම්මා.. මේ මිනිහට මාර නිදහසක් තියෙනවා වගේ පෙනෙන්නෙ..මා ඔහු දෙස බලා සිටිනවා දුටු නිසාම ඔහු නැගිට ඔහුගේ බිල ගෙවා යන්නට ගියේය. ඉන් පසු අවස්ථාවන් සිය ගණනකටත් වඩා වාර ගණනකදී මෙම විමසුම් දෙනෙත මා පසු පස ලුහුබඳිතැයි මට ඒත්තු යනාකාරයේ සිදුවීම් පෙළක් මගේ සිත තුළ පෙළ ගැසේ. ඊළඟ සැරේ නම් කතා කරනවා අනිවාර්යෙන්ම..සෑම විටකම එසේ සිතුවත් එය ඉටු කර ගැනීමට මට කිසිදා හැකි නොවීය. විටෙක එම දෑස මා බියපත් කරවයි. මහා ගුප්ත යම්කිසි මා හොඳින්ම දන්නා යම් දෙයක් ඔහු විශාල ගුප්ත බැල්මකින් සඟවා සිටින්නේයැයි මට හැඟෙන්නේ මන්දැයි මටම නොතේරේ. පසු ගිය මාස නවය තිස්සේම ඔහු මාගේ නවතැන සහ කාර්යාලය පිහිටි මහා මාර්ගයේදී මගේ නෙත ගැටී තිබුණි. මේ පිළිබඳව මිතුරකුට හෝ පැවසිය නොහැක..


"ආ ඔහොම මැදිවියේ ඉන්න අයට කැමති අයත් ඉන්නවලු..උඹ කොයිකටත් පරිස්සම් වෙයන්"


මිතුරන්ගේ මෙවන් විහිළු බසක් අසාගැනීමට මට කිසිදු කැමැත්තක් නොවීය.


මේක ඉවරයක් කරලා දමන්න ඕනි, ආයි සැරයක් ඇහැ ගැටිච්ච ගමන්ම මන් අහනවා කවුද කින්ද මන්ද කියලා එතකොට ඉවරයිනෙ. මා එලෙස සිතුවේ ඊළඟ අතුරු පාරට යාම සඳහා මාර්ගය මරු වෙමිනි. ඉදිරියේ වූ රාත්‍රී සමාජශාලාව සහ මත්පැන් හලින් විටින්විට එකා දෙන්නා එළියට විසි වෙයි. අසල වූ අඳුරු කොනේ පොලීස් නිලධාරීන් දෙදෙනකු විමසිලිමත්ව මත්පැන් හලේ වූ වාහන දෙස බලා සිටී. වාහන නැවතුමෙන් එළියට පැමිණෙන කාර් එක වහා අත දමා නැවැත්වූ එක් අයකු සහ අනිකා තම අත ඇති යමක් හනික වාහන රියදුරු වෙත ගෙන යයි. හහ් පුම්බන්න වෙයි බැලුමක්...


සිතනවාත් සමඟම මනස හරහා විදුලියක් කෙටුවේය. ෂාහ් ඔය තියෙන්නෙ ඊළඟ කතාවට හොඳ අයිඩියාස් එකක්..සෑහෙන කාලෙකට ඉස්සර රීඩර්ස් ඩයිජස්ට් එකේද මන්දා මන් කියෙව්වෙ මේ කතාව..මතකයේ අහුමුලු මන් පෙත් පීරමින් එම කථාවේ අග මුල ගැට ගසා ගත්තෙමි.. 


රාත්‍රීයේ මෙවන් වූ මත්පැන් හල්කින් එළියට පැමිණෙන වාහන පිරික්සීමේ නියුක්ත ආරක්ෂක නිලධාරීන් සමූහයකි..වාහන රාශියකි..හිට ගැනීමටත් නොහැකිව වීසි වෙමින් මත්පැන් හලින් එළියට පැමිණෙන තරුණයෙකි. තම අත වූ වාහනයේ යතුර ගෙන වාහන කිහිපයක්ම විවෘත කිරීමට උත්සාහ දරයි. ඔහු කොතරම් බීමත්ව සිටින්නේද යත් ඔහුට ඔහුගේම වාහනය අඳුරා ගැනීමටද නොහැකිය..කිහිප වාරයක්ම ඔහු බිම ඇද වැටේ..අසල සිටින ආරක්ෂක නිලධාරීන්ගේ කට කනේය. ඔවුන් දැඩි විමසිලිමත්ව ඔහු දෙසම බලා සිටී. ඔය අතරේ අනිත් වාහන එකින් එක පිටත්ව යයි.නිලධාරීන් සියල්ලම ඔහුගේ වාහනය එනතෙක් පුල පුලා බලා සිටී..අවසානයේ ඉතුරු වූ වාහනය ඔහුගේය. ඔහු එය පදවා ගෙන එළියට එයි.. ජයග්‍රාහී විලසින් නවත්වන නිලධරීන් ඔහුට පුම්බන්නට බැලුම් බෝලයක් දෙයි. පුදුමයකි එහි ඇල්කොහොල් බිඳක්වත් නැති බව පෙන්වයි. තවත් බැලුමක තත්වයද එසේමය. රියදුරුද නිහඬව සිටී. 


"තමුසෙ කොහොමද මෙහෙම බොරු කරන්නෙ ? අපි දැක්කනෙ තමුසෙ අර බාර් එකෙන් විසි වෙවී එළිය ඇව්ත් කාර් එක හොයාගන්නවත් බැරුව දඟලපු දැඟලිල්ල"


"ආ එහෙම කරන්න කියලා ඒ වෙලාවෙ බාර් එකේ හිටි සර්ලා මට එකතු කරලා හොඳ ගාණක් දුන්නා ..ඒ ගානෙ හැටියට මන් පොඩ්ඩක් ඕවර් ඇක්ටින් කලාත් එක්ක"


චිහ් මේ කතාව මට ඉස්සෙල්ලා මතක් උණේ නැති හැටි..අද හෙටම ලියනවා කතාවක්. හැබැයි මේ ඔරිජිනල් කතාව කොහොමත් හංගලා මේ සැරෙත් අරයට උණා වගේම ලියනවා..ම්ම්ම් මේක කොහොමද දේශීයකරණය කරන්නෙ ? කාටවත් මතක් වෙයිද මන්දා ඔරිජිනල් කතාව. අර ඉස්සෙල්ලා ඔහොම ලියපු කතා සෙට් එකම අතේම මාට්ටුනෙ.. ඒත් අර කලු මල්ලිටනෙ..මේ යකා මේ කථාවත් කොහෙන් හරි කියවලා තියෙයිද මන්දා ? ඉඳලා ඉඳලා කමෙන්ට් එකක් දමන්නෙත් ඒකත් ..චී චී පාඨකයින් ගැන එහෙම හිතන එක අන්තිම වැරදී..ඒ කමෙන්ට් එකේ අන්තිමට ඩී අකුරක් තිබ්බ. අනික ඒ කමෙන්ට් එක නිසා මටම කොච්චර හිනා ගියාද ? ඒ වෙලාවෙ තිබ්බ සිටුවේෂන් අමතක කරලා දැන් මෙහෙම අමුතුවෙන් හිතන එක වැරදී..මගේ මේ අඩුපාඩුව නම් කොහොම හරි හදා ගන්න ඕනි..


ආ ඉස්සරහ කනත්ත නේද ? ජීවත්ව සිටින කාලයේ මෙන්ම තමන්ගේ ප්‍රදේශය අයත් කර ගෙන සිටින මළවුන්ගේ සොහොන් කොත්ද එකිනෙකා පරයමින් අඳුරේම නැගී සිටී. 


"බලන්න මගේ එක තමයි ලොකුම ලස්සනම එක " 


යනුවෙන් පාරේ යන අයට කියන්නාක් මෙන් එම ස්මාරක සියල්ල නිහඬව මද අඳුරේ මා දෙස බලා සිටී. 






"මේක අස්සෙ හොල්මනුත් ඇද්ද මන්දා ?" 


හොල්මන් කියන්නෙ සෙලවුණු මනස කියනවනෙ. මා මදක් නැවතී සොහොන් කොත් අතර මගේ මනස සෙලවෙන්නේ කොතනද සෙව්වෙමි.මද සුළඟක් සමඟම අසල වූ ගස් කොළන් මෙන්ම සැරසිලි වල ඇති ඉටි කොළද සර සර හඬින් සෙලවෙයි.


"අම්මෝ ඔය ඉන්නෙ හොල්මන් සිය ගාණක්"


සිනහා සිතින් මා ඉදිරියේ වුයේ කනත්තට ඇතුළුවන විශාල ගේට්ටුවයි. එය සැමදාම දැඩි අඳුරේය. 


"ඔය හරියේ බල්බ් ටික කවදාවත්ම හයි කරලා තියෙන්න දෙන්නෙ නෑ..දන්නෙ නැද්ද මහත්තයා රෑ තිස්සෙ එන උන් මේකට..උන්ට කරදරයිනෙ ලයිට් තිබ්බහම"


මීට පෙර මෙහි මුරකරු වූ ඩේවිඩ් අයියා දිනක මා හට පැවසීය.මා දන්නා පරිදි ඩේවිඩ් අයියාට පසුව මෙහි රාත්‍රී මුරකරුවකු නොමැත. ගේට්ටුව හා අසල ප්‍රදේශයම වසා ගන්නා විශාල මාර ගසකි. 


"වවුලො කපුටො රෙයිද මන්දා ඔළුවටම?" 


එක් අතක වූ බෑගය අනිත් අතට මාරු කර ගත් සැණින් මා අවට වූ වාතයේ යම් කැළඹීමක් ඇතිවනවා මට දැනිණි..


සෙලවුණු මනස..බය වෙන්ඩ ඕනි මැරිච්ච මිනිස්සුන්ට නෙවෙයි ජීවත් වෙලා ඉන්න උන්ට...


පාරෙ එහා පැත්තට පනින්න ඕනි.වාහන කිසිවක් නැතත් සහ එය එක පැත්තකට වාහන ධාවනය වන පාරක් වූවත් පුරුද්දට මෙන් පාර දෙපැත්තම බැලුවෙමි. වාහනයක් තියා බලු බල්ලෙක් නැත. චිහ් මට එන්න තිබ්බෙ අනිත් පාරෙන් පොඩ්ඩක් දුර උණාට..එක්වරම බෙල්ල අවට රෝම උද්දීපනය වූයේ මගේ මුළු ඇඟම හිරී වැටී ගියේය. යම් දිලිසෙන යමක් දෙඇස් මානයේ වැනෙන්නට වූයේත් දඩු අඬුවකට මගේ බෙල්ල හිර වූවාක් මෙන් දැනුණේත් මා ගැලවෙන්නට දඟලද්දීම මා මාර ගස යට දැඩි අඳුරට ඇද ගෙන ගියේද සිතා ගන්නටත් බැරි තරමේ ක්ෂණයකිනි.


"කෑ ගහන්ඩ එපා ****පු** පේනවනේ අතේ තියෙන්නෙ මොකද්ද කියලා ? ඇදලා දානවා බෙල්ල හරහා එක සැරෙන්ම චක බ්ලාස් වෙන්ඩ තෝ නේද වෙනියා කියන්නෙ ?"


"ඔව්, අතාරිනවා මාව අනේ මන් මාස් පඩි කරයෙක් ඕයි ආණ්ඩුවෙ වැඩ කරන..පර්ස් එකේම තියෙන්නෙ රු තුන්සීයයි..බාල චයිනීස් ෆෝන් එකයි..ඕන්නම් ඒක අරන් මට යන්ඩ දෙනවා"


"දඟලන්නෙ නැතුව හිටපන්..මන් අහන එකට විතරක් උත්තර දීපන් ..මට ඕනි නෑ තොගෙ චයිනීස් ෆෝන් එක උඹ නේද වෙනියා කියන්නෙ? කියපිය !"


"ඔව් ඔව්.. ඔය පිහියට මගේ බෙල්ල කැපෙනවා යකෝ..දැනටමත් කැපිලා..."


පිහිය මදක් බුරුල් කළද දැඩි දඩු අඬුවකට නැවතත් මගේ බෙල්ල හිර විය. අපහසුවෙන් හුස්ම පොදක් ඉහළට ගත් මා මද අඳුරේ වූවද දුටු ඒ දිලිසෙන ඇස් දෙක ..


මොනවා මේකා??!!!


"ඇයි මට මෙහෙම කරන්නෙ ? මන් මොකද්ද තමුසෙට කරපු වැරැද්ද ? මාස ගාණක් තිස්සෙ මාව පස්සෙ පන්නනවා ඇයි ?"


"වහපන් කට ! මමයි මෙතන කතා කරන්නෙ තෝ නෙවෙයි පරයො"


මැරුණු බලු කුණක් ඇද ගෙන යනවාක් මෙන් මා ඇද ගෙන යන්නෙ කනත්තේ පාළු ම පෙදෙසට නොවේද ?


මතු සම්බන්ධයි.. 




ප.ළි.
මෙය කොටස් දෙකකින් යුත් නිර්මාණයක් බවත් නිර්මාණ ශිල්පියා ඒ පිළිබඳව පාඨකයාගෙන් සමාව අයදී..("වැඩ වැඩී බන් මේ දවස් වල !

55 comments:

  1. මේ පාර ඇඩ් නැතුවම දීලා... වැඩ පොඩ්ඩක් එහෙ මෙහෙ කරලා දෙවැනි කොටසත් දාමුකෝ....

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ගොඩයා ඉක්මනට ලියලා දමන්න ඕනි..

      Delete
  2. හාසය භීතිය පිරි ඊළඟ කොටස බලාපොරොත්තු වන්න.
    අර බාර්එක ගාව ඕවර් ඇක්ටිං කලේ වෙනී අයිය නේද? :D

    ReplyDelete
    Replies
    1. හොඳට හම්බ කරන්ඩ පුළුවන් ජොබ් එකක් වගෙයි ඒක නම්.. දැන් වාහන අළුත් නීති සෑහෙන්ඩ දරුනුයි මන් හිතන්නෙ..

      Delete
  3. අම්මෝ මාර බය හිතෙන, ලස්සන කතාවක්නේ.

    ReplyDelete
    Replies
    1. පාළු කනත්තවල් වල හොල්මන් පිරිලා බය හිතෙන්නෙ නැද්ද අෆ්ෆා ?

      Delete
  4. මම හිතුවා ඕක කරයි කියලා...බෙල්ලම තමයි කපන්න ඕන..

    ReplyDelete
    Replies
    1. අර බෝලවල කලු මල්ලි තව හොඳයි වගේ... :D

      Delete
  5. වෙනී අයියට සෙත්ත පෝච්චි වෙන්න වෙයිද?

    ReplyDelete
    Replies
    1. මෙදා පාර නම් දෙකෙන් එකක් වෙයි වගෙ ...

      Delete
  6. ඔය බාර් එක ළඟ කතාව මං රංගගේ බ්ලොගේ කියෙව්වා වගේ මතකයි.. හ්ම්ම්.. ඔහොම යං . දෙවනි එකටම කොමෙන්ට් කරන්නම්,

    ReplyDelete
    Replies
    1. රංග ගෙ බ්ලොග් එකේ ඒ කාලෙ තියෙන්න පුළුවන්..ඒත් දැන් රංග මලයා බොන එක නවත්තලලු...මන් ඔය කතාව ටච් කලේ රීඩර්ස් ඩයිජස්ට් එකෙන් වගෙයි මතක

      Delete
  7. මේකනම් රියල්ම කතාවක් වගේ.ඔය කනත්ත මොකක්ද වන් වේ එකක් ගාව තියෙන??

    ReplyDelete
  8. කිරුලපන හරියෙද මන්දා නිසූපා ?!! :DD

    ReplyDelete
  9. ඒ පාර වෙනිය මොකාටද එන්නෙ ?

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා ඔබා අයියෙ !

      Delete
  10. දෙක දෙක! පරක්කු උනොත් උඹට වෙන්නෙත් ඔය සීන්එකම තමයි. ආයෙ නොකිව්වයි කියන්න එපා!

    ReplyDelete
    Replies
    1. හරි හරි පොඩ්ඩක් හිටින් මල්ලියෙ ඉවසලා..

      Delete
  11. මං හිතුවෙ රෑ වෙලා වැඩ අහවර කරල පාරට බහිද්දිම අන්තිම බස් එකත් මිස් උන හන්ද ඊලඟ හන්දියෙ ඉන්න අර කෙලීගෙ රෙදි අන්දවන්න වෙයි කියල වෙනියට. ඒත් බලං ගියාම මේක ඊට වඩා දරුණු බෙල්ල ගහල යන සීන් එකක් නෙව. ඔන්න ඔහේ වට පිටේ කවුරුවත් නැති වෙලවත් වෙච්චි එකේ ඉල්ලන එකක් දීල පරිස්සමෙන් වරෙන් අයියෙ.

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා නවම් මොනවා ඉල්ලයිද කියලා..සලකා බලන්නම් කියලා ශේප් වෙනවා..

      Delete
    2. වෙනියට මාට්ටු උනා නං ඒ කෙලීට රෙදි නැතුව තමයි යන්න වෙන්නෙ

      Delete
  12. මගෙත් අත පයේ තියෙන කෙස් කිලින වුනා කියවලා.

    ReplyDelete
    Replies
    1. මල්ලියෙ මන්වත් එච්චර බය උනේ නෑ... :DD

      Delete
  13. කනත්ත අසලදී වෙනියාට හමු වූ අද්භූත අමුත්තා කවුද? :D ඔය කන්තෝරු වැඩ මගෑරලා හරි ඉක්මණට ඉතිරි ටිකත් ලියල දාන්න.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. (බොරු ) ලෙඩක් අරන් මැඩිකල් සේටිපිකෙට් එකක් දෙනවා ඔෆිස් එකට..හෆොයි දැන් ඩොක්ටර්ස්ලා දෙන්නෙ නෑ සර්ටිෆිකේට්..ලේසියකට..

      Delete
  14. අන්තිම ඇක්ශන් ටික එද්දිම කතාව නවත්තලනේ...

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි තව කොටසකට කඩන්න උනා..දිග වැඩී කතාව..

      Delete
  15. තවත් එක් ත්‍රාසය භීතිය එක්වූ වෙනීගේ කතාවක්

    ReplyDelete
    Replies
    1. ඩිලා හිනා ගියේ නැතෙයි ???

      Delete
  16. අප්පද බොල හැමෝම තරහයි නොවැ කෙටස් වශයෙන් දානකොට..

    සිරා.. !

    ReplyDelete
    Replies
    1. සමහර අය අකමැතී සෑම්..මට නම් වෙන්නෙ ලියන්න වෙලාව හොයා ගන්ඩ එකේ අමාරුව තමයි..

      Delete
  17. 100% ඉතා හොඳයි. :D

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බුද්ධි ඇගයීමට..

      Delete
  18. සල්ලිත් එපා ෆෝන් එකත් එපා ! ඒ කියන්නේ මිනිහා ඇවිදිල්ලා තියෙන්නේ හොරකම් කරන්න නෙවෙයි ..!

    සන්තානම් මෑණියනේ !! අපේ වෙනියට අතවරයක් සිදු වුණා කියන කඳුලු කතාව අපිට ඊලඟ කොටසින් කියවන්න වේවිද ?

    ReplyDelete
    Replies
    1. කොහොම වෙයිද මන්දා සඳරූ මල්ලියෙ :DD

      Delete
  19. කව්ද යකෝ වෙනියව ඇදන් ගියේ?(හිතමින්)
    ඇදන් ගිහින් මුකුත් කරේ නැහැ නේද ලොක්කා? :D

    ReplyDelete
  20. අනේ මන්දා නිශාන් වෙන්ඩ තියෙන ඉඩ නම් වැඩී වගෙයි...

    ReplyDelete
    Replies
    1. අනේ බුදු අයියේ ඉතුරු ටිකත් ඉක්මනට ලියපන්කො.

      Delete
    2. බදාදා වෙනකන් ඉවසහන්කො මල්ලියෙ..

      Delete
  21. වැදගත් කතාවකි...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අමිල මල්ලි,

      Delete
  22. කියවන්න පටන් ගත්තේ කෙටි කතාවක් වෙයි කියලා හිතලා බැලින්නම් කොටස් දෙකක් තියෙනවා ඒ මදිවට මේක වෙලා තියෙන්නේ වෙනී අයියටනේ.....වෙනී අයියගේ ඉස්ටයිල් එක "විය නොහැක්කක්ම සිදුවිය හැක" කියන එකනේ මේකත් කොහෙන් කෙලවර වෙයිද මන්දා....

    ම්ම්ම්ම් මට හිතෙන්නේ ඔපීසියේම ගොරෝ ගොරෝ බුදි ඇති එතකොට දකින හීනයක් වෙන්නත් බැරි නෑ අන්තිමට....හලේ මන්දා ඉක්මන්ට දාන්නකෝ මේ කතා කුතුහලේ අවුස්සනවා

    ReplyDelete
  23. ගැමියාගේ පත් ඉරුව - මන් ඔබගේ කමෙන්ට් එක පල කරන්නෙ නෑ.. ඇයි කියලා දන්නවනෙ.. බෑ බන් උඹලා එක්ක නම්... :DD

    ReplyDelete
    Replies
    1. හලේ..........kawuda appa itin danne eka yantam hari attak wei kiyala :D

      Delete
  24. අනේ ඇයි බං මේ කොටස් වලට කඩලා අපිට වද දෙන්නෙ? එක පාර කියලා දැම්මොත් අගේ අඩු වෙනවද?
    අර කඩුව ගිලින හැටි කියලා දෙන මැජික් ප්‍රොග්‍රැම් එක බලපු එකාට වෙච්ච දේ මට මතක් වුනේ.
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. අනේ හෙන්රි අර ප.ලි. එකෙන් සමාව ඉල්ලලා තියෙන්නෙ... ඕන්න ඕක මේ සැරේටත් බාජනෙකට දාලා දියන් සුදු අයියෙ.. :DD

      Delete
  25. මොනවා? වෙනියත් කොමෙන්ට් මොඩරේට් කරලනෙ? මොකෝ අවුල?

    ReplyDelete
    Replies
    1. මේ කතාව විතරයි කමෙන්ට් මොඩරේට් කරන්නෙ..මේ ගැමියා කරන වැඩ තමයි..හිටින්කො ඊළඟ කතාවෙදි මන් දාන්නම් ...

      Delete
    2. නෑ නෑ ගැමියා බැන්නෙ නෑ.. සාර්ථක අනුමාන කිරීමක් ඊළඟ කොටස ගැන..ඒකයි...

      Delete
  26. වෙනිය කොහොමත් රෑ තිස්සෙ පාලු පාරවල්වල ඉදං බයික් වලිං ලිෆ්ට් ඉල්ලන විත්තිය අපි නොදන්නවැයි

    ReplyDelete
    Replies
    1. ඇයි මල්ලියෙ ඔය මහන්සි වෙලා යනවෙලාවක බරකරත්තයකින් හරි ගේ ළඟට ගිහින් බස්සනවනම් මොන තරම් සැපද ? අපිට කොහෙද බයික් ?

      Delete
  27. මම දැන් දාපු කමෙන්ට් එක බහිරවය ගිල්ලද?

    කතාව climax එකේම නවත්තලා නේ.:( ඉක්මනට ඉතුරු ටිකත් දාන්නෝ.....

    ReplyDelete
    Replies
    1. කසුන් මල්ලිගෙ ඉස්සෙල්ලා කමෙන්ට් එක ස්පෑම් වෙලත් නෑ මල්ලි, බදාදා වෙනක ඉවසන්නකො !

      Delete