කෙමියෙන් නික් මී යන්නට තතනන වරා මල් පිහාට්ටක් තවමත් තමාව ඇද බැඳ තබා ගන්නා හුය නිසා වේදනාවෙන් මිරිකෙමින් උන්නාය. තව එකම එක සුස්මක ප්‍රාශ්වාසය පමණක්ම අවැසි පිහාට්ට මෙන් වේදනාවෙන් මිරිකෙමින් හුන් මා ඒ සමඟම හෙලුණු සුසුමත් සමඟ කෙමියෙන් වෙන්වූයේ..මහත් වූ සැනසිල්ලකිණි. කෑරලකුගේ ඉමිහිරි හඬ මා රැගෙන යන්නට පැමිණ ඇති සෙයක් දැනුනත්..
---------------------------------------------------------------------------------
"ඔය කන අත්සන ගහන්න ඉගෙන ගත්තහම මදැයි මයෙ පුතේ, මම කියලා එච්චර ඉගෙන ගත්තද ? මේ කාලා ඇඳලා ඉන්නෙ යසට"
තාත්තා එසේ කීවද නැන්දා වියරු හඬින් පරාජය පිලි නොගත්තාය.
"ඔව් ඉතින් උඹේ ඔය රට පණ්ඩිත කන් හින්දම තමයි අරකිත් දමලා යන්න ගියේ, උඹ ලෑස්ති වෙයන් පුතේ අපේ අහ යන්න, මන් උගන්නන්නම් උඹට"
"මේ අක්කෙ ගිය ගෑනි ගියා උන් මත්තෙ නහින්නෙ නෑ මන්..උඹ යන මඟුලක පල මක බෑවිලා..මගේ දරුව තියලා"
තාත්තා වියරුවේ අන්තයටම ගොස් ඇත.
ඒ සෑහෙන කාලයකට නැන්දා දුටු අන්තිම අවස්ථාව වූයේ මෙන්ම මාද කිසිදා අප හැරදා ගිය අම්මා මෙන් තාත්තාව හැර දමා නොයන්නට තරයේම අදිටන් කර ගත්තේ..යන්තම් බහ තෝරන වියේ පටන්ම කන වැකුණු කුරුලු ගී හඬ, අසල වන පෙතෙන් රෑ පුරා ඇසෙන සතුන්ගේ හඬ හා ගස් වැල් වල සිලි සිලි හඬ නොඇසෙන මානයක සිතට දැනෙන වචනයට පෙරළා ගත නොහැකි පාළුව, තනිකම නිසාමය. මව හැර ගියත් අප හැර නොගිය මවගේ ඥාතීන් මෙන්ම පියාගේ ඥාතින්ගේ නිවෙස් වල එක රැයක් හෝ නොරැඳීමට එකම නොකියූ හේතුව වූයේත් මෙයමය. පාසලේ හතර වන පංතියට පාස් වීමත් සමඟම මගේ මව සංචාරක මඟ පෙන්වන්නකු හා හාද වී අප දමා ගියේ එදින සිට කිසිම දිනයක මා හා තාත්තා අතර මව පිළිබඳ කිසිදු වචන හුවමාරුවක් නොවූයේ..ඒ පිළිබඳ සිතන සිතුවිල්ලේ පවා මට දැනෙන වේදනාකාරී බවම පියාටද ඇතැයි මා කල්පනා කල බැවිනි. අභය භූමි රක්ෂිතයක සුළු කම්කරුවකු වූ පියා කුඩා කල සිටම හැදී වැඩී ඇත්තේ මෙම වනය හා ආශ්‍රිතවය. රැකියාව කම්කරු වුවද අක්කර දහස් ගණනක් වූ මෙම වනය පියාගේ ජීවිතය හා බැඳී තිබුණේ පුදුමාකාර ලෙසිනි.
"කපුටො වගේ නාලා එනවා මෙතන ගස් ගඳේ බෑ..තාත්තයි පුතයි දෙන්නම එකයි"
ගඟ මැදට දෙ අත් දික් කර ගත් තුරු අග වෙත බඩ ගා ගොස් එහි සිට පහළ ගලා යන ජලය වෙත පැනීම තරම් අප දෙදෙනා ප්‍රමෝදයට පත් වූ කිසිවක් නොවීය. දහඩිය සමඟ එකතුවූ ගස් වලින් නැගෙන සියුම් සුවඳ විඳ ගැනීමට මවට නොහැකි වීම නම් සැබවින්ම අරුමයකි.
මව අප හැර ගිය කාලයේ මා සිතුවේ පියාගේ ගස් ගඳ නිසා ඈ අප අතහැර ගිය බවයි. පසුව දැනුම් තේරුම් යන කාලයේ මතකයට නගා ගත හැකි සියලුම කරුණු වල වූයේ මවගේ සහ පියාගේ ජීවිතවල නොගැලපීමයි. කිසිදා මස් හෝ මාළු ආහාරයට නොගත් පියා සහ මස් මාළු ගිජු මව දිවියේ පණ නල ගැට ගසා ගන්නා ආහාරයේ සිටම නොගැලපෙන යුවලක් වීය. සිලි සිලි හඬ නගමින් ඇදී යන දිය කඳුරේ ප්‍රීතියෙන් පැන පැන යන , වරල් නඟමින් පොපියන මා සිත අමන්දානන්දයට පත් කරන මත්ස්‍යයන් ගේ දිවි හානි කර කෑමට ගැනීම තරම් බිහිසුණු බවක් තවක් කොහිද? එතරම් කලබලයක් නොකර හෙමිහිට තණ බිස්සේ දිගාවී බඩ ගා ගෙන ගිය විට කිසිදු බියක් නොමැතිව ඔවුන්ගේ පැටවුන් හා හුරතල් වීමට මා හට අවස්ථාව ලබාදුන් හාවුන්, මුවන්, ගෝනුන් හා තල ගොයින්..තලුමරමින් රහ කර කර කන මිනිසුන් හා පන්සලේ නිරූපිත අපායේ සීටින ගොර බිරම් යමපල්ලන් අතර කිසිම වෙනසක් මා නොදුටිමි.
"උඹලා දෙන්නම වස්සො.. මහ වස්සයි, වහු පැටියයි "
කියමින් සිනා සුණු මව අප හැරදා යාම පිළිබඳ මා කිසිම දිනක ශෝක නොවුණෙමි. අතරින් පතර , යලට මහට පාසල් ගොස් සිටි මා හට තව දුරටත් පොත් පත් වල රැඳී සිටීම මහත් වදයක් ම වූයේ සේම පියාගේද කිසිම විරුද්ධත්වයක් නොවූයේ බැවින් මා පාසලට ආයුබෝවන් කියමින් සිටි කාලයකදී..පියාගේ වන අඩවි කාර්යාලයට අලුතින් පැමිණි ..
"ඔව් සර් අම්මා දාලා ගිය දවසේ ඉඳන්ම මේකා තමයි මගේ දුක සැප බලා ගෙන ඉන්නෙ"
තාත්තා දිලිසෙන ඇසින් යුතුව ගාමිණී මහතාට මා දක්වමින් කීවේය. පන්සලේ බුදු ගෙට යන දොර අසල විශාල නෙළුම් මලක් අතකින් රැගෙන සිටින මහා විශාල දේවතා රූපයක් මෙන් උස මහත එවන්ම කාන්තිමත් මුහුණක් තිබු ගාමිණි මහතා දෙවියෙක්දෝ යි මට එක්වරම සිතුණේ..මා තවත් අඩි දෙක තුනක් පස්සට විය.
"මේකා අටේ පන්තියෙ ඒත් ඉස්කෝලෙ යන්න නම් කැමත්තක් ඇත්තේම නෑ ලොකු සර් ඔය වනාන්තරේම තමයි මේකගෙ ජීවිතේ.. දැන් මටත් වඩා ගස් වැල් , සත්තු ගැන දන්නවා..ඔය දැනටමත් වනන්තරේ බලන්න යන එන අයට සත්තු ගැවසෙන තැන් කියලා දීලා තෑගි බෝග එහෙමත් අරන් තියෙන්නෙ"
තාත්තටත් ඕනි නැති දෙයක් නෑ එව්වා මොකටද කියන්න යන්නෙ මේ මහත්තයට..පළපුරුදු එහෙත් වනාන්තරය ගැන එතරම් නොඳන්නා මෙම කාර්යාලයේම සිටින මඟ පෙන්වන්නන්ගෙන් මා ටොකු කා ගුටි කා ඇති බව පියා නොදනී.
"එනවා මෙතන අපිට උගන්නන්ඩ කැලේ ගැන..උඹ ගිහින් ඉගෙන ගන් තාත්තා එක්ක අර වත්තෙ පිටියෙ වැඩක් කරන හැටි..නැත්නම් අර අලුතින් හයි කරපු කක්කුස්සි ටික හෝදන හැටි"
ඒ මා ඔවුන්ගෙන් නිතරම ලද දිරි ගැන්වීම්ය..පියාගේ මේ වදන් නිසා මා වනාන්තරය බලන්නට එන සියලුම දෙනාගෙන් ඈත් කර තබන මෙන් මොහුද අන් අයට අණ දෙනූ ඇත.
"ආ ඇත්තද මේ පොඩි හාදයා ?"
ගැඹුරු හඬක් සමඟ විමසුම් බැල්මක් මා වෙත හෙළූ ඔහු,
"හොඳයි හොඳයි හැබැයි ඉස්කෝලේ සාමාන්‍ය පෙළ වත් පාස් උණොත් ඒ වගේ රස්සාවක් දෙන්න බැරියැ ඉතින් මෙහෙන්ම"
පැවසූයේ..මගේ දිවියේ හැරවුම් ලක්ෂ්‍යයක් එසේ සනිටුහන් කරමිනි.
ගාමිණී මහතාගේ පැමිණීමත් සමඟම අභය භූමිය සහිත රක්ෂිතය නව මුහුණක් ගත්තේ..ඔහු සැබැවින්ම වනයට සහ වන ජීවින්ට ආදරය කරන්නකු මෙන් ගත් යම් යම් නිර්භය තීරණ නිසාය. ඒ පිළිබඳව වඩාත් සතුටු වූයේ මගේ පියා වැනිම කැලෑව හා ළබැඳි සුළුතරයක් පමණි. බලයෙන් ආඨ්‍ය වූවන්ගේ අනේක විද අවශ්‍යතා සඳහා වන කොමලිය බලහත්කාරයෙන් ඇද ගෙන ගොස් දූෂණය කිරීමට එරෙහිව පැමිණි මුල් මාස කිහිපය තුළම නව පාලනය ගත් ක්‍රියාමාර්‍ග නිසාම..ගාමිණි සර් දෙවියෙක්ය යන්න සිතේ මුලින්ම ඇඳුණු ප්‍රථම ජායාව දීනෙන් දින තහවුරු වන්නට වූයේද පියා දීනෙන් දින කාර්යාලයේ වන නව පෙරළිය පිළිබඳ වඩ වඩාත් සතුටින් කතා කරන්නට වූයේත් මාද දෙවියා පෙන්වූ මාර්ගය දිගේ යාම සඳහා අකමැත්තෙන් වූවද පාසල වෙත යම් අවධානයක් යොමු කරන්න්ට වූයෙමි. ඒ හාම ගාමිණී මහතා සමඟ වනාන්තරයේ ඇවිදීම මා කුඩ කල පටන්ම තුරු ලතා හා සිව්පාවුන් ගැන දත් සියලු රහස් ඔහුට පැවසූයේ..මාද විස්මයට පත් කරමින් ඔහුද මා හට බොහෝ දෑ උගැන්වීය. නගරයේ මාගේම වයසේ පුතුන් දෙදෙනකු හා දුවකු සිටි ඔහු බලන්නට පැමිණෙන ඔවුන්ද මගේ හොඳම යහළු යෙහෙළියන් බවට පත් වීය. නමුත් ඔහු එතරම් ස්වභාවධර්මය හා බැඳී නැති තම දරුවන්ට නැති තරමේ පිය සෙනෙහසක් මා හට දක්වන්නේ යැයි සිතුණු වාර අනන්තය. පොත් පත් වලින් මා උගත් ජාතික වීරවරයන් ගොන්න තුල මා ගාමිණී මහතාට දී තිබුනේ ඉතා ඉහලම ස්ථානයකි. අජීවී වීරයන් ගොන්න හමුවේ සජීවීව මා හට ජීවිතය මේ යැයි කියා දෙමින් සිටින් වීරවරයකු හමු වන්නේ කලාතුරකින් බවද මා එවන් වාසනාවන්තයකු බවද මා දැන සිටියෙමි.
"මස් මාළු කියන්නෙ අපේ ශරීරයට අත්‍යාවශ්‍ය ප්‍රෝටීන් දෙන ආහරයක්..අපේ මුල්ම ඉතිහාසය බැලුවත් අපි හැදිලා තියෙන්නේම සර්වභක්ෂක අය විදියට..ඒත් ලියන්නා පුතා අකමැතිව කවදාවත් මස් , මාළු කන්න එපා..ඒකට තියෙන නිදහස ඔයාට සම්පූර්ණයෙන් තියෙනවා"
පවසමින් මංස ආහාර ගැනීම හැර ඔහුගේ කිසිම නරකක් මට කිව නොහැක. එසේ වූවද මා කිසිදා ඔහු මස් කනවා දැක තිබුණේ නැත්තේ..ඔහුගේ මෙම ආකල්පය නම් පුදුම එළවන සුළු විය.
'උඹයි මායි නොකනවා කියලා අනිත් මිනිස්සුත් නොකා ඉන්ඩ ඕනිද "
මේ පිළිබඳව විමසූ සෑම අවස්ථාවේම මපියා කී නිසා ඒ පිළිබඳ මමද එතරම් නොසොයා සිටියෙමි. මගේ මෙම ආකල්පය වෙනස් වන්නට වැඩි කාලයක් ගත නොවීය. ගාමිණී මහතා මෙම කාර්යාලයට පැමිණ වසරක් ගතවූ දින ඔහු විසින් කාර්යාලයේ සියල්ලන්ටම රාත්‍රී භෝජන සංග්‍රහයක් පිළියෙල කර එයට ආරාධනා කළේය. කාර්යාලයේ සේවයේ නොසිටියද මා හටද මෙම ආරාධනාව ලැබූයේ..මුත් මා ඊට් පෙර කිසි දිනක මෙලෙස පවත්වන වාර්ෂික භෝජන සංග්‍රහ සඳහා සහභාගී නොවූයේ එවන් දිනයන්හි මාහට දකින්නට ලැබෙන මස් වැද්දන්ගේ පිළිකුල් සහගත චර්යාව දැක සතුටු විය නොහැකියයි යන මතයේ පියා මෙන්ම මාද උන් බැවිනි.
"එව්වා එහෙම තමයි පුතේ ඒත් දෙයියෙක් වගේ ඉන්න ගාමිණී මහත්තයා කීවහන් කොහොමද මන් උණත් නොගිහින් ඉන්නෙ? මන් උඹටත් එක්ක රෑට උයාලා යන්නම්..ඒත් උඹ එනවනම් මම සතුටුයි. කන්ඩ බොන්ඩ නොඉඳ උඹ ඇවිත් මහත්තයා එක්ක කතා කරලා ආපහු වරෙන් ගෙදර. කියහන් ඉස්කෝලෙ හදිසි වැඩ වගයක් තියෙනවා කියලා"
ඔව් එහෙම කරනවා යැයි මමද අදිටන් කර ගත්තේ, එහෙනම් මට පේන විධිය වැරදි නෑ තාත්තටත් ගාමිණි සර්ව පේන්නෙ දෙවියෙක් වගේම තමයි..
"එන්න අපේ පුතාලා එහෙමත් එනවා ලියන්නා පුතාට අද එහෙ ඉඳලා හෙටම එන්න බැරියැ..බලන්නකෝ මන් අද දෙනවා හැමෝටම අමතක නොවන සංග්‍රහයක්"
යනුවෙන් ඔහුගේ ආරාධනාව ඉවත දැමීම කෙසේවත් කල නොහැකි නිසාය.මා පහු ගිය සතිය තිස්සේම මාගේ වන අරණේ මා හට හිතවත් සතුන් සියල්ලටම මේ කාලය තුළ වහන් වී සිටින මෙන් කනට කොඳුරා කියූවේ මගේ අතීත අත්දැකීම් නිසාමය. රාජකාරිය නිසාම හදවත රිදුම් දෙමින් වූවද පියා තමන්ට වළලන්නට වූ සතුන්ගේ හම් ගණන ඇඬූ කඳුළින් සිහිකළ වාර ගණන මට මතක ඇත. තම බිරිඳ දමා ගියදා නොඇඬු මිනිසෙක්...
රෑ පාටිය කොහොම වුණත් කමක් නෑ..කොළ පැහැය නොවෙනස් වන සේ සියුම්ව අවුවේ වේලා ගත් හබරල කොළයක් ගෙන ඒ මත මගේ අනර්ඝ කුරුලු පිහාටු සහ වියලූ මල් පෙති ගෙන මමද ගාමිණි මහතාට සුබ පැතුමක් සාදා ගතිමි. පියා ඉක්මනින්ම ඔහුගේ නිල නිවාසය වෙත ගියද මා තරමක් පසු වී ඒ දෙසට පිය නැගුවෙමි. තරමක් ඈතට වූවද සිහින් සංගීත රාවයක් ඇසේ. එය ඊට පෙර තිබූ සාදයන් වලද එසේම විය. විදුලි බුබුළු රාශියකින් සරසා තිබු ගෙමිදුල දැනටමත් පිරිස් සතුටු සාමීචියේ යෙදෙමින් සිටිනු පෙනිණි.අසල වූ සුවිශාල කොස් ගසට මුවා වී මා අනිත් දිනවල මෙන්ම සිදු වන්නේ කුමක්ද යන්න බලා සිටියෙමි. නිවසේ පසු පසෙක සකසා තිබූ තාවකාලික වහල යට මේස මත රන්වන් පැහැ වීදුරු රාශියක් තබා තිබුණි. දන්නා හඳුනන සියල්ලෝම අතරට නොහඳුනන මුහුණු කීපයක්ද වීය. ඔවුන් සතුටින් විටින් විට තම අතවූ වීදුරු මුව වෙත ගෙන ගියෝය. තැනින් තැන මේස මත විශාල කෑම තසිම් තබා තිබුණි. ඒ අතරින් මා ඉමහත් පිළිකුල් කල බඳින ලද මස් යැයි සිතිය හැකි පීරිසි දුටු විගසම මාගේ බඩ දඟලන්නට විය. ඒ සමඟම තවත් තැනෙක එලිමහනේම මස් අමු අමුවෙම පුළුස්සා ගත හැකි ගිනි පෑහෙන උඳුනක් වීය. එම උඳුන වටා සිටියෝ මඳ අඳුරේ වූවද උඳුනෙන් විටින් විට නැගෙන රත් පැහැ ආලෝකයෙන් රත් පැහැයෙන් ජ්වලිත වන්නට වූයේ නැවතත් මට මැවී ගියේ අපායෙ යමපල්ලන් රාශියක් ලෙසය. මා පියා හෝ ගාමිණි මහතා තවමත් ඇස නොගැටුණි.
ඒ හාම එක අතක වීදුරුවක් රැගෙන මස් පුළුස්සන උඳුන අසලට යන්නේ ඔහු නොවේද? මගේ ඇස් අදහා ගත නොහැක. විදුලි ආලෝකයෙන් රන්වන් පැහැ ගත් මෙම දෙවියාගේ මුහුණ එක් වරම උදුනේ ආලෝකයෙන් රත් පැහැ ගත්තේ..ඔහුද අසලක වූ මස් කුට්ටියක් ගෙන එය ඉව කරන්නට වූයේ..මගේ හිත තුළ වූ දෙවියා එක්වරම යම රජු බවට පත් කරවමිනි. රත් පැහැ මස් කුට්ටියක් ගෙන මුව තුළට ඔබා ගනු දැකීමට නොහැකි මා හනික කොස් ගස අසල වාඩි වුනිමි. අතවු සුබ පැතුම ටකස් යන හඬින් දෙකට කැඩී ගියේ සිතෙහි හට ගත් වචනයට පෙරළිය නොහැකි පෙරළිය නිසා වන්නට පුළුවන. මේ වනතෙක් මුව සම පොරවා ගෙන සිටි වෘකයා මා දෑස හමුවේම සිටී. සේරම වැදි බණ කාරයො තමයි. කොහොමද මටත් වඩා හොඳට මුවෝ , හාවො වගේ අහිංසක සත්තු ළඟට ගිහින් උන්ගේ ඔළුව ආදරෙන් - බොරු මවා පාපු ආදරයකින් - අත ගාපු කෙනා..දැන් ඒ සත්තුන්ගේම මස් අමු අමුවේම පුච්චලා කන්න තරම් හිත හදා ගත්තෙ..අනේ ඔතන ඉන්නවා ඇත්තෙ පහු ගිය සතිය පුරවටම මගේ අත ලෙවකාපු මුවෙක් වෙන්ඩ බැරිද.. හවෙක් වෙන්ඩ බැරිද ? පෙර දිනයක අප දෙදෙනාගේම අත් ලෙවකමින් අප හා සුරතල් වූ මුව පොව්වන් හා ඈතට වී බලා සිටි ඔවුන්ගේ මුව රැළ මේ මොහොතේ ගාමිණී මහත්තයාගේ සිහියට නො එන්නේ ඔහු හා මස් බුදින රුදුරු කොටියකු හෝ මෘගයකුට ඇති හිතක් ඔහුටත් ඇති නිසා වන්නට පුළුවන..මගේ කම්මුල හරහා උණුසුම්ව ගලා යන්නේ කඳුලුද මෙය දැක නිහඬව හඬන කොස් ගසේ කඳුලුද යන්න සිතා ගත නොහැක. . මස් බඳින උදුන ළඟ පැත්තක තබා තිබු විශාල භාජනයේ සුදුපාටට යමක් පුරවා තිබුණි. දෑස බොඳ වීමට පෙර මගේ හිත කීවේ ඒ සුදු පැහැ හාවුන් බවයි.
"මාළුවන්ට ස්නායු පද්ධතියක් නෑ..ඒ ඇරුණහම ලියන්නා පුතා අපි දකින මේ අහිංසක සත්තුන්ට සේරමල්ලාට වේදනාව් දැනෙනවා අපිට වගේම. පුතා එළවළු කන එකත් නවත්තයි පුතේ මන් හිතනවා ගස් වැල් වලටත් අපිට වගේම හැඟීම් දැනෙනවා කියලා..බලන්ඩ ඔයා ගස් වැල් වලට ආදරෙන් කතා කරලා අත ගාලා..ඒවයෙ මල් ගෙඩි හරි ලොකු වෙනවා පහු කාලෙක.."
පෙර දිනයක මා ඇහැ ගැටුණු උගුලක සිර වී පණ අදිමින් සිටි හා පොව්වා ඉන් ඉවතට ගෙන ඉතා සියුම්ව සාත්තු කරමින් ඔහු කී දෑ..සමඟ මා මෙම වන දෙවියා ගැන මගේ හදවත පතුලේම තබා ගත් ගෞරවණීය ආදරය..වැඩිදුර සාත්තුවට කියලා නිල නිවසයට අරන් ගිය ඒකාවත් රෑ කෑමට ගන්න ඇති එහෙනම්..පිළිකුල සමඟ දහවල ගත් ආහාරය මගේ මුවින් පිටවිය..වමනයත් සමඟම බඩ හිස් වූයේ නමුත් හිස හා හිත පෙළන මේ සිතුවිලි සමූහය ...ඊළඟට මොකද්ද කරන්නෙ ?
ඔව් මට මොනවා නැති වෙන්නද තවත් දෙවියො කියලා හිතා ගත්ත අදහා ගත්ත මිනිහත් මෙච්චර තිරිසනෙක් නම් තව මොනවද මට නැති වෙන්ඩ තියෙන්නෙ..දන්න හැම වචනයකින්ම මම මගේ හිතේ කැලෑවට වගේම සත්තුන්ට තියෙන ලෙංගතු කම කීවා වගේම ගාමිණී කියන මහත්තයාට මන් කියලා දෙනවා මෙතනම ඔය කරන වැඩේ තියෙන තිරිසන් කම..තාත්තා උණත් මගේ පැත්ත ගනී.
"මට පුළුවන් නම් මන් ගහනවා පුතේ පෙත්සමක් මේ ලොක්කායි උගේ සහචරයොයි මේ කැලෑවටයි සත්තුන්ටයි කරන විනාසෙට"
ගාමිණී කියන මහත්තයා එන්ඩ ඉස්සෙල්ලා හිටපු අය ගැන තාත්තා වේදනාවෙන් කී අයුරු මට මැවී පෙනිණි. අද මා මෙයට විරුද්ධ නොවූවොත් මොහොතකට පෙර මේ තිරිසනුන්ගේ පිහියට ගෙල තබා මිය ගිය හාවුන්ගේ, මුවන්ගේ හා ගෝනුන්ගේ ආදරණීය ආත්මය පවා මට ශාප කරනු ඇත. ඔවුන්ගේ ඊළඟ පරම්පරාව ඔවුන්ගේ පැටවුන් ළඟටවත් මා හට ලං වන්නට ඉඩ නොදෙනු ඇත. මාගේ අත් සහ දෙපා වෙව්ලූවද..හිතට මහත් ශක්තියක් දැනෙන්නට විය. මෙවන් සාදයන් හෙට දින එළි වෙනතෙක්ම යන බව මා දනිමි.තවත් සතුන් රාශියක් සමහර විට ඝාතනය වන්නට පෙරම මා මෙය ගාමිණීගේ මූණටම කියා මෙතනින් පිටත් විය යුතුයි. මා නැගී සිටියෙමි. ගාමිණී මස් බඳින උදුනෙන් මෑත් වෙමින් සිටී. එක් අතක රන් පැහැ මත් වතුර වීදුරුවත් අනිත් අතේ තරමක් විශාල මස් කුට්ටියත් රස බලමින් ඉදිරියට එන යක්ෂයා..ඊට පෙර දින සුරතල් හා පැටවකු අතින් ගත් ඒ දෙවියාමද යන්න මට මොහොතකට අමතක විය..මා වෙව්ලන ශරීරයෙන් යුතුව සුවිසල් කොස් ගසේ ජායාවෙන් එළියට ඇදුනෙමි. මිනිස් තිරිසනුන්ගේ රස වෙනුවෙන් මේ වනතෙක් දිවි පිදූ සත්වයින්ගේ සුදුම සුදු ආත්මයන් මාගේ ශක්තිය වෙනුවෙන් මා වටා සැරිසරනු මට පෙනේ..
මතු සම්බන්ධයි.
හරිම සංවේදීයි. ඊළඟ කොටසත් බලමු.
ReplyDeleteස්තූතියි ප්‍රසන්න මලේ.. වෙන ටොපික් එකකට මාරු වෙන්න හරි වගේ..
Deleteසුපිරි... ඒත් මේ මතුසම්බන්දයි කෑලි තමයි මට දිරවන්නෙ නැත්තෙ...
ReplyDeleteඅනික් එක වෙනී අයිය කෑරලෙකුගේ ඉමිහිරි හඬ?.. මම නම් කෑරලෙකුගෙ හඬ අහල නෑ... ඒත් හෙන අප්සට් වොයිස් එකක් කියල තමයි කියවල තියෙන්නෙ...
සුපිරි... ඒත් මේ මතුසම්බන්දයි කෑලි තමා මට දිරවන්නෙ නැත්තෙ...
ReplyDeleteකෑරලෙකුගේ ඉමිහිරි හඬ කියන එක ගැන පොඩ්ඩක් කියනවද?... මම කවදාවත් අහල නම් නෑ, ඒත් කියවල තියෙන තැන් වල නම් තිබුනෙ අප්සට් වොයිස් එකක් කියල...
ඔව් සාතන් මේ දවස් වල තියෙන ඔළුව ඉස්සගන්න බැරි තරමේ වැඩ කන්දරාව එක්ක සම්පූර්ණ කතාවම ලියා ගන්න බැරි උනා.. ඒකයි දෙකට කඩන්න උනේ..
Deleteකෑරලාගෙ හරි මොන සතෙක්ගෙ හරි අපේ කනට වැටෙන හඬ මොන වගෙද කියලා අපේ හිත නිර්වචනය කරන්නෙ ඒ වෙලාවෙ තියෙන සිතුවිලි එක්ක නේද ?
ගාමිණී මහතා
ReplyDeleteගාමිණී කියන මහත්තයා
ගාමිණී...
උඹ නම් ලියන්නෙක්ම තමා :)
ඔබත් අපූරු කියවන්නෙක් ! (Reader )
Deleteශික් මගේ කමෙන්ට් එක....
Deleteඋඹ කොහොමද වෙනි අයියෙ නගරයත් ගමත් යා කරන විශාල පරාසයක් ඇතුලෙ මේ තරම් ලස්සනට ලියන්නෙ....ඉතුරු ටිකත් ඉක්මනින්ම ඕනෙ...
ReplyDeleteගං කබරයි කොළඹ ආවාම ඔහොම තමා බං..:D:D:D
Deleteඋත්තර දෙන්න කලින් දෙපාරක් හිතහං ඈ...
ඩොටේ ගමක ඉඳන් නගරයට එන්ඩ තරම් මන් වාසනාවන්ත උනා..ඒක හේතුවක්ද මන්දා ? ලකී..
Deleteමාරයා -
Deleteකමෙන්ට් එක එක්වරක් කියවීමෙන් පසු - එහෙනම් උඹ මට ගම් කබරයා කිව්වා.. හොඳයි අපි බලා ගමුකො, තිත්තයටත් වාරයක් එයිනෙ..
දෙවරකින් පසු - කබරයින්ට කොච්චර ගැහුවත් රිදෙන්නෙ නෑ.අපි පොඩි කාලෙ කොච්චර කබරයින්ව එලවන්න ගහලා ඇද්ද ? ඒත් උන්ට දැනෙන්නෙවත් නෑ .කාටවත්ම කබරයෙකුට ගහලා දන්වන්නත් බෑ..ඔව් මන් ගම් කබරයෙක් තරමක් දුරට..අඩේ මාරයිනෙ..ඒ නිර්වචනය.මටම ගැලපෙනවා.කොහොමද සම්පූර්ණයෙන්ම ගම් කබරයෙක් වෙන්නෙ ?
බාව ගනකං වෙච්චි හැටියෙ උඹ සම්පූර්න කබරයෙක් . . . ඒක හිතේ තියාන වැඩ කලොත් උඹේ ඉලක්කෙට යන්න පුලුවං
Deleteහා ඕනයා කියනවනම් ඉතින් අත්දැකීමෙන්ම නොවැ...
Deleteඅප්පේ... ඊළගට මොනවා වෙයිද මන්දා.මොක වුනත් මට හිතෙනවා ගාමිනී මහත්තයා තාම හොදයි කියලා.බලමුකෝ ඊළඟ කොස්සින්
ReplyDeleteස්තූතියි නිසුපා ..මේක එක කොටසකට ලියන්න තිබ්බ කතාවක්.. වැඩ වැඩි උනා මේ දවස්වල..
Deleteඊ ළගට ගාමිණී ආයමත් දෙයියෙක් වෙයිද?
ReplyDeleteමස් කන යක්ශයෙක් ??!! දේවත්වය ලබන්න නම් ආත්ම ගනනාවක් ඉන්න ඕනිලු..
Delete@ හරි සෝක් කතාව ලියන්නෝ..
Delete@ මාරයා..
මාරේ උබගේ බොලොක්කේ මට කොමෙන්ට් කොරන්න බෑ..මොකද මම ඇනෝනේ..මේකයි කාරනාව.අර සෙනසුරු මාරුව ගැන ලියපු පෝස්ට් එකේ මම කිව්වනේ මට ලගදි නඩු හබයක් තියෙනවා කියල..ඕන් ඒකෙන් මම උපරිම වාසිත් ඇතිව ගොඩගියා..මොකද උනේ කියල උබව දැනුවත් කරන්න කියපු නිසයි මේක මම මේ ලියන්නගේ එකේම ලියන්නේ මෑන් තරහා වෙන එකක් නෑ මයෙ හිතේ.(මම මකර )
කුරුමිනියා.
මටත් පේන්නෙ ලියන්න දැලක් වියනව අපේ ඇස් වැහෙන්න.
ReplyDeleteඅනේ ඔබා අයියෙ මට ඇහැකිද එහෙම දෙයක් කරන්න ?
Deleteකතාව කොයි පැත්තට හැරෙයිද කියලා හිතන්න සෑහෙන්න අමාරුයි අන්තිම කොටස එනකන් කතාව ගැන අපිට කියන්න බෑ ඔයා ලියන විදියට මොනා වෙයිද මන්දා...වෙලාවක හොඳ මනුස්සයෙක් වෙලාවක නරක මනුස්සයෙක් සමහරවිට ලියන්නගේ පියාගේ ජීවිතයවත් බේරයිද දන්නේ නෑ බලමුකෝ
ReplyDeleteමගේ කතා රටාව අල්ල ගෙන ගැමියා ආයි නම් කොටස් පල කරන්න බැරි වෙයි වගේ..හොඳ අනුමානයක් !
Deleteමේ ඇත්තද? මේ කතාව නම් අදහාගන්ට බැරි තරම්...
ReplyDeleteඇත්තද පොඩ්ඩි ? ආ ප්‍රවීනා කියනවට වඩා පොඩ්ඩි හරි පොඩී හරි කියන එක වැඩිපුර හුරුපුරුදු බවක් නම් දැනෙනවා...
Deleteපට්ටයි අයියෙ කතාව. ඉතුරු කොටසත් ඉක්මනටම දාන්න.
ReplyDeleteකතාවේ මේ කොටසම හිතට ගොඩක් සමීප උනා.. අනිත් කොටසත් බලලම ඉමුකො..
ReplyDeleteස්තූතියි දිනේශ්, මගේත් හිතට ගොඩාක් සමීපම කතාවක් තමයි මේ..
Deleteඅද කථාවත් අපිව වෙනත් ඉසව්වකට ගෙන යනව වගේ . ලස්සනයි .
ReplyDeleteඔව් ගිම්හානි හිස හැරිච්ච හැරිච්ච අතේ යන්න මන් තවමත් කැමතී..
Deleteකතාවේ ඉතුරු හරියත් එනකම්ම ඉඳල කොමෙන්ට් කරනවා.. දැන්ම බෑ,.
ReplyDeleteහා ක්සැන්ඩර් එහෙම කරන්න එහෙනම්..ස්තූතියි !
Deleteලස්සනයි නියමයි,
ReplyDeleteඔබතුමාගෙ කතාවද මේ?
ස්තූතියි ගෝඩොනියා ඔබේ පැමිණීමට සහ කමෙන්ට් එකට..
Deleteනිර්මාණය සහ නිර්මාණකරුවා සැමවිටම එක් අයකු විය යුතුම නැහැ නේද ?
අද වෙනදාටත් වැඩිය සුපිරි කතාවක්....
ReplyDeleteමටත් තරමක සමීප බවක් දැනුන කතාවක්
ඉදිරි කොටසේදී ගාමිණී මහතා නිවැරදි කරුවෙක් වෙන්නත් ඉඩ තියෙනවා වගේ
මේ වගේම නැතත් ආසන්න මට්ටමේ අත්දැකීමක් මටත් තියෙනවා වනජීවී එකට සම්බන්ධ ඉහල නිලදරුවෙක් සම්බන්ධව.
මම දෙවියෙක් කියල හිතාගෙන හිටපු මනුස්සයෙක් ගැන මටත් මේ විදිහම හැඟීමක් ඇතිවුනා, යම්යම් සිද්ධි නිසා
නමුත් අද වෙද්දී මට ඔහු ගැන උපේක්ෂාවෙන් හිතන්න පුළුවන්
ඉතිරි කොටස එනතුරු ඇඟිලි ගනිමින් :(
ජයවේවා....!
ස්තූතියි ලොකුපුතා ඔව් අපි පොඩි කාලෙ කියිතරම් නම් පරමාදර්ශී චරිත දැක්කද ? ඒත් පස්සෙ ඒ අයව උපේක්ශාවෙන් බලන්න පුරුදු වුනේ කාලයත් එක්කමයි..
Deleteලස්සනයි කතාව, ඒත් අවසානයට කලින් කොමාවක් වැටිලානේ! ඉක්මනට ම ලියන්න, මොකක්දෝ හොරයක් තියෙනවා වගේ ගාමිණෛ මහත්තයාගේ!
ReplyDeleteස්තූතියි ලහිරු , ඔව් ඉඩ ලද සැනින් අවසන් කරලා දමන්නම් ඊළඟ කොටස..
Deleteඅනේ හරිම දුක හිතෙන කතාවක්
ReplyDeleteස්තූතියි වර්ණා.. දුක දනවන්න තමයි මටත් ඕනි උනේ ඇත්තටම..
Deleteසිරා කතාවක්... සංවේදි තමා....
ReplyDeleteඑහෙනම් මගේ උත්සාහය ටිකක් සාර්ථකයි !
Deleteගොඩාක් කාලෙකින් සර්ව සම්පූර්ණ කියන්න පුළුවන් පෝස්ට් එකක් කියෙව්වා. අපි මොනවද ලියන්නෙ කියලා හිතෙනවා මේක කියවනකොට
ReplyDeleteස්තූතියි සිඳු ඔබේ ඇගයීමට.. ඇයි ඔබේ කතා අතරට එකතු වු නිසදැස් නම් හරිම අපූරුයි..මන් ඒවා කියෙව්වා. ඒත් නැවත නිවී හැනහිල්ලෙ කියවලා කමෙන්ට් කරන්නම් !
Deleteහරිම ලස්සන කතාවක්. ගාමිණී මහත්තය හිතූ තරම් නරක නැතුව ඇති සමහරවිට.
ReplyDeleteස්තූතියි මියුසික් ගර්ල් ඔබගේ කමෙන්ට් එකට !
Deleteමට තේරෙන්නෑ බං මේවා.. ටික දවසකින් මොලේ පෑදුණාම ආපහු ඇවිල්ල කියවන්න ඕනෙ.
ReplyDeleteඔය කපුටු කූඩුව වගේ තියෙන කොණ්ඩෙ කපලා දාපන් මල්ලියෙ එතකොට ඔය මොලේ පෑදෙයි මන් හිතන්නෙ :DD
Deleteඇත්තටම වෙජිටේරියන් කෙනෙකුට මස් මාලු ඔයතරම් අප්පිරියද?
ReplyDelete"vegan" කියලා තව වර්ගයක් ඉන්නවා, වෙජිටේරියන් වෙන එක සනීපයි ඒ අයත් එක්ක බැලුවාම.
henryblogwalker the Dude
ඒක තීරණය වෙන්නේ ඒ ඒ කෙනා වෙජිටේරියන් වෙන්නෙ ඇයි කියන එක මත නේද හෙන්රි ?
ReplyDeleteබැටළු හම් පොරවා ගත් නරි?
ReplyDeleteබහුතරයක් එහෙමයි නේද රූ ?
Deleteඔන්න වෙනී අයියලා ලියන ඒවා එක හුස්මට කියවන්න පුලුවන් තත්වේ තියනවා මට නම්..හික්ස් ගං කබරයෝ එක්ක හැප්පෙන්න නේද යන්නේ නගර වැසියෝ සෙට් එකක්...
ReplyDeleteඔව් ඩිලා ඒ වගෙයි.. කබරයින්ට ගහලා දන්වන්ඩ බෑනෙ..
Deleteකමෙන්ට් කරන්න හදිස්සි නොවී ඉන්න ඕනේ... මුගේ කතා වල අන්තිමට රාමා සීතා මාරු වෙලා ඉවර වෙන්නේ...
ReplyDeleteමුකුත් නොකියා සිටිමි බීටල්...
Deleteමේ කථාවේ ඇතුලේ තියෙන කථාව ලොකු සමාජ කතිකාවතකට බඳුන් වියයුතු දෙයක් වෙනී.. අපිට මේක කථා කරන්න වෙන්නේ බීපු වෙලාවකම තමයි.. මොකද මේ ගැන මට කියන්න පෝස්ට් එකකට වඩා දේවල් තියෙනවා.. ඒත් නොකියාම බැරි එක දෙයක් කියන්න ඕන,,,
ReplyDeleteමේ විදිහට නැතිව කැලෑවට ආදරය කරලා කැලෑව රැක බලා ගන්න එකම එක කට්ටියක් ඉන්නවා ලංකාවේ.. කොහෙද දන්නවද? කන්නෙලියේ රක්ෂිතයේ... මම ලංකාව පුරා කැලෑවල ඇවිදින මිනිහෙක්නේ වෙනී.. ඒත් කන්නෙලියේ තරක් කැලෑවට සැප දෙන තැනක් මම දැක්කේ නෑ කවදාවත්, කොහෙදිවත්...
අභීත එහෙනම් මේ කන්නෙලිය කියලම හිතා ගන්නකෝ.. ඒත් ඒක තියෙන්නේ ඒක බලාගන්ඩ ඉන්න මිනිස්සුන්ගෙ අතේ තමයි.. හොඳ මිනිස්සුන්ට තැන අඩුයි
Deleteගාමිණී මක් කොරන්ට හදයිද ?
ReplyDeleteගාමිණි අත දිගෑරල කනට එකක් දෙයි වගේ සෑම්...
Deleteලියන්නා මොකේටද එන්න හදන්නේ?
ReplyDeleteඊළග කොටස වෙනකම් ඉන්න එපැයි ඉතින් දැන්. අපරාදේ බාග කතා කියෙව්වේ.. ෂික්..
ඉවසලා හිටින් නාකියා.. ඔය වයසට බොහෝම ඉවසුම් තියෙන්න ඕනි..
Deleteකෝ වෙනී අයියෙ ඉතුරු කොටහ...?
ReplyDeleteහිටින් මල්ලියෙ මේ උණ හින්දා මට පහුගිය දවස් ටිකේම ඔළුව උස්සලා ඉන්ඩ බැරි වුනානෙ
Deleteහරියටම කියන්නේ කොහොමද ඔය සතෙකුගේ මස් කියලා...
ReplyDeleteමඤ්ඤොක්කා කෑල්ලක් වෙන්න බැරිද... :D
අපුරුයි.. කියවමුකො අගටම.. මමත් සීමාන්තිකව සත්තුන්ට ආදරේ කරන මිනිහෙක්..
ReplyDelete