ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Wednesday, March 14, 2012

රස්සාවක් කරන්ඩ අත පය වාරු නෑ..ඒත් ළමයි හතරක් හදන්ඩ ?!





අද බස් එකේ මට ඉස්සරහ හිටිය සම වයසෙ යාළුවො දෙන්නෙක්. අද සමාජෙ වෙන දූෂණ , නාස්ති, අපරාධ ගැන ඒ ගොල්ලො හර බර සාකච්ජාවක්..මටත් එහෙන් මෙහෙන් කෑලි එකක් දෙක ඇහෙනවා..හරි හමන් අදහසක් ගන්ඩ බැරි උණත් දෙන්නම සමාජයෙ සිද්ධ වෙන දේවල් ගැන බොහෝම විමසිල්ලෙන් ඉන්න දෙන්නෙක් බව නම් මට හැඟුණා..
බස් රථ වල හිඟා කෑම සහ විවිධ දේවල් විකිණීම නීතියෙන් තහනම් කරලා කියලා පහු ගිය කාලෙ ලොකු හාහූවක් ගියා..ඒ දවස් වල බස් කොන්දොස්තරලම හිඟා කන්ඩ එන අයටයි එක එක බඩු විකුණන්න එන අයටයි බස් එකේ දොරෙන් ඇතුළට එන්න දෙන්නෙ නෑ..


"පොලීසියෙන් අල්ලනවා එන්ඩ නම් එපා..අපිටත් ලෙඩේ"


ඒත් ඒක ඒ කාලෙ විතරයි..දැන් ආයිමත් හිඟා කන අය, එක එක බඩු විකුණන අය බස් වලට එන්න පටන් අරන්. ඒක හරිද වැරදිද කියල නම් මන් හිතන්නෙ නෑ එච්චරටම. හිඟා කන අය ඇත්තටම අසරණ අය කියලා මට හිතුණොත් මන් අතේ තියෙන කීයක් හරි දෙනවා. පින් ගැන හිතන්නෙ නම් නෑ..ඒකෙන් ඒ අයගේ බඩගින්න නැතිවෙනවා ඇති කියලා සතුටක් හිතේ දරාගෙන..ඔව් ඒක බිස්නස් එකක්ලු..සල්ලි යන්නෙ මුදලාලිටලු..කතන්දර ඔළුවෙ තිබුණට ඒවා ඒ වෙලාවට නම් මතක් වෙන්නෙ නෑ. ඔතා ගෙන ඉන්න තුවාල, කැඩිච්ච අත පය, වැරහැලි කඩමාලු දිහා නෙවෙයි මන් නම් බලන්නෙ ඒ මනුස්සයගෙ ඇස් දෙක දිහා..එහෙම බලලා මට හිතෙනවා නම් මේ මනුස්සයා ඇත්තටම අසරණ කෙනෙක් කියලා එහෙම උණොත් විතරක් උදව් කරනවා.


අදත් බස් එකේ ඉස්සරහින් නැග්ග මනුස්සයා ඔය මොනවාද හෑල්ලක් කියවනවා..තමන්ගෙ, සහ පවුලෙ දුක තමයි ඉතින් කියවන්නෙ..මට ඇහෙන නෑහෙන හරියට ආවහම මන් දැක්කෙ ඒ එක්කෙනාගෙ ඇස් වලින් බේරෙන අසරණ කම..බෑග් එකේ ඉස්සරහ පොකට් එකේ තියෙන රුපියල් විස්ස අතට අරන් මන් ළඟට එනකන් හිටියා. අහන් හිටියට වඩා මට ඇහෙනවා මනුස්සයගෙ අදෝනාව..


"අනේ නෝනා මහත්තයා අසරණ මමයි, මගේ දරු පැටව් හතර දෙනායි අම්මයි කාල ඇඳලා ජීවත් වෙන්නෙ බුදු නෝනලා මහත්තයලා දෙන කීයෙන් හරි තමයි. මේ ඉන්නෙ ළමයි හතර දෙනා පොඩිම කෙනා අත දරුවා තාම මාස හයයි අනේ"


මොකද්ද ෆොටෝ එකකුත් පෙන්න පෙන්නා දුක කියවනවා. හර බර සාක්ච්ජාව නවත්තපු මගේ සීට් එකට ඉස්සරහා සීට් එකේ හිටපු ඩබල මහ හයියෙන් හිනා වෙලා ළඟ තියෙන සීට් දෙක තුනකටම ඇහෙන්ඩ කියනවා.


"රස්සාවක් කරන්න අතේ පයේ හයිය නෑලු..ඒ උණාට ළමයි හතර දෙනෙක් හදන්න නම් හයිය තිබිලා තියෙනවා. බලහන්කො මේ කථාවලට රැවටිලා කී දෙනෙක් නම් සල්ලි දෙනවද කියලා"


එහෙම කියලා ඩබලම වීරයො වගේ වටේ ඉන්න අය සල්ලි දෙනවද කියලත් චෙක් කරනවා. මන් ළඟම හිටිය ගෑනු කෙනත් දෙන්න ගිය රුපියල් දහය ආයිමත් අතේම ගුලි කර ගත්තා. 


සම්පූර්ණ ඇත්ත නේද කතාව කියලා එක පාරටම හිතට ආපු අදහස එක්කම උණත් මන් ගත්ත රුපියල්  20 ඒ මනුස්සයට දුන්නා. අර ඩබල මන් දිහා බැලුවෙ ගොනෙක් දිහා බලනවා වගේ..කට කොනකින් හිනා වෙවී. ඊළඟට දෙන්නම ආයිමත් හිඟන්නො ගැන ඒගොල්ලන්ගෙ හරබර සාකච්ජාව අරන් ගියා කියලා මට ඇහුණෙ එහෙන් මෙහෙන් ඇහෙන වචන කෑලි වලින්ම තමයි. 


මේ දෙන්නා කීව කතාව සම්පූර්ණ ඇත්ත තමයි කියලා එකපාරට හිතට ආවත්...ඒ එක්කම මගේ ඔළුවට ආවෙ මන් කියවලා තිබුණු පොතක තිබුණු මෙන්න මේ අදහස..


"හැම මනූස්සයම හොයන්නෙ තෘප්තිය. තෘප්තිය දෙයාකාරයි. කායික හා මානසික කියලා. පොහොසත් මනුස්සයට මේ දෙයාකාර තෘප්තියම ලබා ගන්ඩ තරම් පහසුකම් තියෙනව. ඔහුට සපත්තු දෙකක්, කමිසයක් කලිසමක් කාර් එකක් ගන්ඩ වගේම ෆිල්ම් එකක් බලන්ඩ වෙන රටකට යන්ඩ ඕනි වෙච්ච ගමන්ම ඒක කරන්ඩ ඕනි තරම් සල්ලි තියෙනවා. නමුත් අනිත් අතට දුප්පත් මනුස්සයට මේවා කර ගන්ඩ සල්ලි නෑ. දවසම කට්ට කාලා කාලා මහන්සි වෙලා ගෙදර එනකොට එයාට ගන්ඩ තියෙන මානසික හා කායික තෘප්තිය ගන්ඩ වෙන්නෙ ගෙදර ඉන්න දුප්පත් බිරිඳගෙන් තමයි..එච්චරයි එයාට තියෙන එකම ක්‍රමය. ඒකයි දුප්පත් ගෙවල් වල ළමයි වැඩි"


සුදත් ගුණසේකර කියන විශ්‍රාම ගිය පරිපාලන සේවයේ විශිෂ්ට නිලධාරියාගේ "විය සිදුරින් අහස දුටිමි " කියන පොතේ ඔහු පරිපාලන සේවයට ඇතුළත් වෙන්නට තිබුණු සම්මුඛ පරීක්ෂණයේදී ඔහු දුප්පත් රටවල්වල උපත් අනුපාතිකය වැඩි වන්නට හේතු මොනවාද යන ප්‍රශ්නයට දුන් පිළිතුරක් ලෙස ඔය කියන අදහස තමයි දීලා තියෙන්නෙ. 


ඇත්තටම අර තරුණයන් දෙන්නගෙ නොගැඹුරු ක්ෂණික අදහස එක්ක මට මතක් වෙච්ච මේ කතාවත් එක්කම කැළඹිච්ච මගේ හිත නිවුනෙ මම වැඩිදුර නොහිතා එකපාරටම දීපු රුපියල් 20 නිසා ඇති වෙච්ච සතුටත් එක්කමයි.

61 comments:

  1. මාතෘකාව දැක්ක ගමන් මට නම් හිනාගියා... බොරු කියන්න ඕන නෑනෙ...

    වෙනී අයිය කියන කතාවෙත් ඇත්තක් තියෙනව... ඒත් ඉතිං ඒක කබලෙන් ලිපට වැටිල්ලක් නේද කියලත් හිතෙනව...

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි, අපි අනියම් විදියට හිඟා කෑමට අනුබල දීමක් කරනවා තමයි, ඒත් මන් මෙතනින් කියන්නෙ ගියේ අපි තීරණ ගනිද්දි කොයිතරම් හැඟුම් බර වෙනවද ඇත්තම ඇත්ත වැහෙන්ඩ තරම් කියලයි..

      Delete
  2. කතාව ඇත්ත. ඒ උනාට අද උපත් පාලනය කරන්න ඕන තරම් ක්‍රම තියෙනවනෙ.

    ReplyDelete
    Replies
    1. ඒ ගොල්ලො නූගත්ද දන්නෙ නෑ ඒවා පාවිච්චි නොකරන්න තරම්..

      Delete
  3. මමත් ඔය තරුණයන්ට යම් තරමකට එකඟයි. ඔය කොර බව පෙන්නල බස් එකේ හිඟා කන මිනිස්සු සමහර දවස් වලට හොඳට ඇවිදිනව. තවත් සමහරුන්ට හැමදාම ඔපරේෂන්. කවදාවත් ඒව ඉවර වෙන්නෙ නෑ. හැබැයි ඉතිං ඕන මගුලක් කියල ඒ ගොඩක් දෙනෙක්ට ගාණක් දෙන එක සාමාන්‍යයෙන් වෙන දෙයක්. ඒ එක්කම ඔය සින්දුවක් දෙකක් කියල ඉල්ලන අයටනං ලෝබ නැතිව දෙන්න පුළුවන්. සින්දුව කෑවොත්නම් ඒත් සොරි තමයි!

    ReplyDelete
    Replies
    1. ඔව් හරේ..මමත් එච්චර දුරට හිතන්නෙ නැතුවම දීලා දමනවා අතේ තියෙන වෙලාවට කීයක් හරි..

      Delete
  4. "දවසම කට්ට කාලා කාලා මහන්සි වෙලා ගෙදර එනකොට එයාට ගන්ඩ තියෙන මානසික හා කායික තෘප්තිය ගන්ඩ වෙන්නෙ ගෙදර ඉන්න දුප්පත් බිරිඳගෙන් තමයි.එච්චරයි එයාට තියෙන එකම ක්‍රමය. ඒකයි දුප්පත් ගෙවල් වල ළමයි වැඩි"

    මම නම් කියන්නේ නිසි ලිංගික අධ්‍යාපනයක් නොමැති කම!

    ReplyDelete
    Replies
    1. ඔව් උගන්වන්න ගියොත් කියයි මාළුන්ට පීනන්න උගන්වන්නද හදන්නෙ කියලා?

      Delete
  5. ලියන්නා අයියාගේ අදහස සමග මාද එකඟය

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ජිංජි අපේ මේ සානුකම්පිතබව තමයි මන් හිතන්නෙ අපේ එක අනන්‍යතාවයක් වගේම දුර්වලතාවයක් !

      Delete
  6. උන් දෙන්නගේ කතාවත් ඇත්ත මොකද අත පය හයිය නැති නම් ළමයි හදද්දී කොහෙන්ද හයියක්?>

    ReplyDelete
    Replies
    1. ක්ශනිකවම මගේ ඔළුවට ආවෙත් ඒ අදහසමයි..පස්සෙ තමයි කියවලා වෙනස් වෙච්ච හිත මට බලපෑම් කලේ...

      Delete
  7. ලාම්පු තෙල් ගනන් යෑමත් උපත් අනුපාතයට බලපානවා.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ලාම්පු තෙල් ? හ්ම්ම්ම් දැන් මිලත් වැඩීයිනෙ..

      Delete
  8. දුප්පත් මිනිහට උපත් පාලනේ ගැනවත් ඔව්ව කරන්න සල්ලි වත් නෑ. අතේ තියන පිච්චිය කන්නම වියදම් උනාම ඉතින් ඔය කතාව සාධාරණයි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ තෘප්තිය ගැන කියන කතව ගැන නම් මටත් තියෙන්නෙ තවමත් පහන් හැඟීමක්ම තමයි..

      Delete
  9. මම නම් ඔය මොනවත්ම හොයන්නේ නෑ, කීයක් හරි දෙනවා අපි දෙන 5න්,20න් ඒ මිනිස්සුන්ට කවදාවත් අක්කර 10ක්වත්,ප්‍රාඩෝ එකක් වත් ගන්න බෑ නේ වෙනී අයියා,ඒ ගැන හිතලයි මම දෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඔව් ඩිලා අපි දෙන රුපියල් 10 , 20 නිසා අපි හිඟමනට වැටෙන්නෙත් නෑනෙ..

      Delete
  10. අනේ මංද ඉතිං හිඟන්නොන්න හිඟන්නො නොකියත් බෑ.ඒක උන්ගෙ රස්සාවනං ටිකක් නම්බු නාමයක් දීල කතා කරන එක වටිනව.ජස්ට් ලැයික් Coin Collecting Officer(CCO) පොඩි උන් JCCO.දැන් මාරු සල්ලි දෙන්නත් බෑනෙ. හිකි හිකි. හිඟන්නො ගැන සම්පූර්ණ අධ්‍යනයක් කරල පෝස්ට් එකක් ලියන්න අපිට බැරි වෙයිද? මට නිකමට හිතට ආව. අම්බෝ ගුටි කන වැඩ !!

    ReplyDelete
    Replies
    1. සිහින මල්ලි කියවන්න අර මහාචාර්ය නන්දසේන රත්නපාල මහත්තයාගෙ ලංකාවෙ හිඟන්නො කියන සමාජ පර්යේශනාත්මක පොත....නියම නම් දෙක.. CCO and JCCO !

      Delete
  11. සාතන් කීව වගේ සිරා මාතෘකාව...

    සල්ලි නැත්තම් පොකැට්ටුවේ හැටියට වැඩ කරන්න‍ ඕනේ නේද බං... ලමයි අන්තිමට හොරු, කුඩුකාරයො වෙනවා.. (එසේ නොවේවා)

    වෙනීට පිං !

    ReplyDelete
    Replies
    1. ඔව් සෑම් ඔය ගැන තර්ක කරන කොට මම කියන්නෙත් ඔය කතාවමයි..ඒත් කවුරු හරි අත පාන කොට නොදැනීම අත යන්නෙ පොකට් එකට..

      Delete
  12. හිඟන්න්ට ඉල්ලන අයට මොනවත් දෙද්දි ඒ ගැන දෙපාරක් හිතන්නැති එක ගැන ලියන්නාට සුභ පතනවා..
    ළමයි හදන එක ගැන නම් කියන්න තියෙන්නෙ හිඟා කන එකයි ළමයි හදන එකයි එකට පටලවන එක මනුස්සකමට නිගා දෙනවා කියලයි..

    ReplyDelete
    Replies
    1. ඔව් රූ ඒක ඇත්ත..මොන තර්කය ගෙනාවත් ..අන්තිමේ අපි නතර වෙන්නෙ මනුස්සකම ඉස්සරහ..

      Delete
  13. වෙනියො, උඹයි මමයි දෙන්නත් දුප්පත්නේ බන්... :O

    ReplyDelete
    Replies
    1. අභීයො දුප්පත් උන් තමයි දුප්පතාගෙ දුක දන්නෙ...

      Delete
  14. ඕක බොහොම ලේසියට කියන්න හදා ගත්තු හේතුවක්....

    මට මතකයි ඔය වගේ හිඟා කන අය ඔය කියපු මානසික සතුට හොයා ගන්න තම්න්ගේ බිරිඳට ලමයින්ට කරන හිරිහැර කරපු කතාවක් කියෙව්වා. අපි බොහෝ වෙලාවට නොහිතලා කරන්නේ ඒ දේවල් වලට උදව් කරන එක. මිනිස්සු හිඟා කෑමට පොළඹවන එක. ඒ අයට යහතින් අත් පා තියේ නම් රැකියාවක් හොයා ගන්න අමාරු වෙන්නේ නෑ. ඒත් ඒකට උවමනාව තියෙන්න ඕනේ. කොටින්ම බොහෝ කම්මැලිකමට හොයා ගන්න විකල්පයක් තමයි හිඟාකන එක.

    මේ දවස් වල යුරෝපය පුරාමත් පුදුම හිඟන්නෝ තොගයක් බිහි වෙලා. ලක්ශ ගනන් දීලා මේ රට වලට එන්න මුන්ට සල්ලි තියෙනවා ඒත් රස්සාවක් හොයා ගන්න බෑ. අපි කියමුකෝ යුරෝපයෙ රස්සා ඇත්තෙම නෑ කියලා. ඒත් මේ එන එකෙක්වත් නොඇවිත් ඉන්නේ නෑ. මගේ ගෙදර ඉඳන් මීටර් සීයක් යනකොට බාර් දහයක් හම්බ වෙනවා. ඒ දහය ළඟම කැප් එකක් දික් කරගෙන සල්ලි ඉල්ලමින් කන්න නෑ කියමින් හොඳට අත පය තියෙන කොල්ලො කෙල්ලො හිඟා කනකොට මට උන්ව මරන්න තරම් තරහයි. මොකද අපිත් සැප විඳලා රස්සාවල් කරන්නෙ නෑ. කෙලින් හිට ගෙන ඉන්න බැරි වුනත් අපි වැඩට යන්නේ. ඇයි එයාලටත් බැරි මොනා හරි කරන්න?
    මේක අස්සේ ලොකු බොරුවක් වෙනවා කියලායි මා නම් හිතන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔව් රංගි ගෙ කතාව ඇතුලෙන් ගන්ඩ ලොකු හරයක් තියෙනවා..මගේ තර්කය අපි කොච්චර තර්කානුකූල බුද්ධිමත්ව හිතුවත්...අපේ හැඟීම් නිසා අපි කරන්නෙ ඒ දෙයට වඩා වෙනස්ම දෙයක්..අනුකම්පාවටම බර වෙලා ගන්නෙ හොඳම තීරණ නෙවෙයි කියන එක තමයි මට නම් වෙන්නෙම...

      Delete
    2. යුරෝපේ හිගන්නෝ නම් ශරීර හොරකමට හිගා කන්නේ වෙන ප්‍රශ්නෙකට නෙමේ

      Delete
    3. රංගි අක්කා,
      මම දන්න මාලු මුදලාලි කෙනෙක් මිනිහගෙ වයිෆ්ගෙ මල්ලිය ඉතාලි යැවුව ලක්ෂ 30කට කිට්ටු මුදලක් වියදම් කරල. දැං මිනිහ ඉතාලියෙ හිගාකනව. ඇයි කියල ඇහුවම කියන්නෙ මහන්සියක් නැතුව ඩ්‍රිංක් එකක් දාල ආතල් එකේ ඉන්න තියන හොදම විදිය මේක කියල.

      Delete
    4. ඒ කියන්නෙ ඉතාලියෙ හිඟා කෑවත් හොඳට පෝසත් වෙන්ඩ පුළුවන්ද ලංකාවෙ වගේ ?

      Delete
  15. ඉස්සරහා හිටිය තරුණයෝ කිවුව කතාවේ වැරද්දකුත් නැත්තෙමත් නෑ..

    ReplyDelete
    Replies
    1. ඒ දෙන්නා කීව කතාව ලොකු ඇත්තක් තියෙනවා ඒ ගැන තර්කයක් නෑ..ඒක මගේ පුද්ගලික මතය එක්ක ගැටුනට ඒ ඇත්ත පිලි නොගන්න තරම් මම සීමා දමන් නෑ..

      Delete
  16. මම නං ඔයවගේ එවුන්ට සල්ලි දෙන්නෙ නෑ. හොදට අතපය තියනවනං හිගාකන්නෙ මොකද කුලී වැඩක් කරන්න බැරිද. අනිත් කාරණාව ඔයවගේ ඩයල් කොච්චර හිගාකෑවත් වෙලාවට කසියටික සිගරට්එක බොනව. (කුඩු ගහන එවුනුත් ඉන්නව).

    අනිත් කාරණාව ගැන කියන්න තියෙන්නෙ පූසා කියපුඑකම තමයි. ගන්න ආතල්එකක් ගන්න පුළුවන් ළමයි හදාගන්නෙ නැතුව(අනවශ්‍ය විදියට). ඒකට ලොකු වියදමක් යන්නෙ නෑ මං හිතන්නෙ. පෙත්තක් සතගානද කොහේද.

    ReplyDelete
    Replies
    1. ඔව් රාජ් මමත් අනන්තවත් තර්ක කරලා ඔය රාජ් කියන මතයේම ඉඳලා තියෙනවා..ඒත් කවුරු හරි අසරණයි කියලා මම හිතන් ඉන්න විදියේ කෙනෙක් ඇවිත් අත පෑවහම වෙන්නෙ ඔන්න ඔය දේම තමයි..

      Delete
  17. මම අර පොතේ තියෙන අදහසට එකඟ නෑ. ඒක නිකන් රජයේ නිළධාරියෙක්ක්ගේ බුද්ධිමත් බාවය ප්‍රදර්ශනය කිරීමක්. මම දෙන්නේ සින්දුවක් කියන උන්ට විතරයි. තව එක සෙට් එකකට දෙනවා. ඒ තමයි කුඩු ගහන උන්. හැබයි උන් හිඟාකන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව් මාතලන් කියන එකත් ඇත්ත..මගේ මතය එක්ක ගැටුනට ඒකෙ තියෙන ඇත්ත මට පේනවා..කුඩු ගහන අයට දෙන්නෙ ඇයි කියන හේතුව විස්තර කලා නම් හොඳයි නේද ?

      Delete
    2. කුඩුගහන නිසා!

      Delete
    3. මාතලං,
      මම සල්ලි දෙන්නෙත් කැතට හෝ සින්දුවක් කියන කෙනෙකුට විතරයි. මොකද උං ඒකට හරි මහන්සි වෙනව

      වෙනී,
      කුඩ්ඩො සල්ලි ඉල්ලන්නෙ තග දාලනෙ

      Delete
    4. ආ දැන්නෙ තේරුනෙ ? හරි මාතලන් ආයිමත් හම්බ වෙයිනෙ... :DD

      Delete
  18. මාතෘකාව දැක්කාම මාත් අර කවුද වගේ උඩ ගියා. :D
    පව් අප්පා... ලියන්නා සමග එකඟ වෙමි.

    ReplyDelete
    Replies
    1. අනුන්ගේ දුක දැනෙන්නෙ තමන්ගෙ වගෙයි නේද පොකු ? චෙහ් ප්‍රවීනා කියන නම දුර වැඩී පොඩ්ඩි... :DD

      Delete
  19. දෙවෙනි ලෝක යුද්ධෙන් පස්සෙත් දරු උපත් සංක්‍යාව අසාමාන්‍ය ලෙස වැඩිවෙලා [baby boomers ] ආයෙත් යථා තත්වෙට ආවලු. ඒවගේම 71 කැරැල්ල, 80 ගණන් අග හරියේ භීෂණ කාලෙන් පස්සෙත් ලංකාවෙ දරු උපත් වැඩි වුනාලු.

    දෙවැනි ලෝක යුද්දෙන් පස්සෙ කාලයක් ගෙදර නොහිටපු සොල්දාදුවො සහ යුද්දෙට සම්භන්ද අය ආපසු ගෙදර ඒම වගේම ලංකාවෙ සීන් එකට ඇඳිරි නීතිය දවල්ටත් තිබීම බලපාන්න ඇති :-))

    හිඟනන්ගේ කථාවේදී නං කියන්න තියෙන්නෙ අත පය හතර හයිය නැත්තං, හයිය තියෙන එකවත් පාවිච්චි කොරනව ඇරෙන්න ඒ මිනිස්සුන්ට වෙන විකල්ප තියෙනවද ?

    ReplyDelete
    Replies
    1. ඔබා අයියා මතු කරපු කාරනෙත් හරියට වටිනවා..මමත් ඔය කතාව අහලා තියෙනවා..ඒක තමයි තියෙන හයිය එක නැතුව වෙන මක්ක කියලා පාවිච්චි කරන්නද ?

      Delete
  20. අහස පෙනෙන වහලෙ දැකල හිතුන මට බයක්,
    වලාකුලක් එක්ක එනව තඩි වැහි කළුවක් ...
    දිරාපු පොල් අතු වහලෙන් ගලා හැලෙන ජල දහරට ...
    හෙවිල්ලන්න උළු ගන්නනට , නෑනේ වත්කමක් ..
    මමත් හිගන්නෙක් ..//
    ( පරණ අහපු එකක් )
    දෙයක් පිනට දීල, එකෙන් මොනාද කරන්නෙ කියල හිතන්න ගියොත් සැනසීමක් නැතිවෙයි.
    දුන්නොත් දානේ ලැබෙයි නිධානෙ කියල තියනවනේ ....

    ReplyDelete
    Replies
    1. ඒ සින්දුව මන් අහලම තිබුනෙ නෑ..ඔව් මම නම් දීලා හිතන්නෙ ඒ අය බඩගින්න නිවා ගනී කියලම තමයි..මොනවා කර ගත්තත් කමක් නෑ..

      Delete
  21. හිඟා කෑම වෘතියක්, පඩි දෙන්නේ අපි. ඇයි අපි අපිට කිසිම සේවයක් කරන්නේ නැති මිනිස්සුට ගෙවන්නේ.
    මන් නම් කවදාවත් හිඟන්නනට සල්ලි දෙන්නේ නැහැ. නගර අලංකාරයට නෙමෙයි අනික් අයට කරදරයක් වෙන නිසා හිඟන්නෝ අයින් කරලා දාන්න ඕනේ කියලා මන් හිතනවා

    ReplyDelete
    Replies
    1. ඒකෙන් අදහස් වෙනවද මරනෙ කියන්නෙ හිතේ කිසිම තෙතමනයක් නැති කෙනෙක් කියලා ? නෑ අසරණම කෙනෙක් මුන ගැහුනහම අනන්තවත් සල්ලි දීලා ඇති ඔබ..මට කියන්න එපා ඔබෙන්ම අහලා බලන්න..

      Delete
  22. අතපය හතර හොඳින් නැති සමහර අය උනත් තමන්ට පුලුවං විදියට කාටවත් කරදරයක් නොවී ජීවත්වෙනවනං අතපය හොඳින් තියෙන අය හිඟාකන එක අනුමත කරන්න බෑ.

    ReplyDelete
    Replies
    1. හොඳ තර්කයක් ප්‍රසන්න , එතකොට හිඟා කෑමට ප්‍රධාන හේතුව හිත නේද ?

      Delete
  23. අපෝ මාත් සමහර කට්ටියට විතරයි දෙන්නේ සමහර එවුන් එනවා බලෙන් සල්ලි ගන්නත් එවුන්ටනම් මලත් දෙන්න හොද නෑ.

    ReplyDelete
    Replies
    1. කනියා ඇයි සල්ලි නොදුන්නහම බැන බැනා යන හිඟන්නොත් ඉන්නවා...

      Delete
  24. මට මේක කියවද්දි මතක් වුනේ නුවර ඉඳන් කොළඹ එන බස් එකක හවස් වෙලාවක බස් එකට නැග්ග තරුණයෙක්ව...ඔහු කිව්වේ මේ වගේ දෙයක්

    " මට හිඟා කන්න බෑ මම මේ වගේ අධ්‍යාපන මට්ටමක් පහුකරපු තරුණයෙක් රැකියාවක් නැතිකමට මැරෙන්න හිතාගෙන මම බල්බ් එකක් කෑවා ඒත් මට මුකුත් වුනේ නැති නිසා මම ඒ හැකියාවෙන් තමා දැන් ජීවත් වෙන්නේ...."

    ඒ කියලා කාලා ඉවර වුනු මීකිරි හට්ටියක් අරගෙන සාමාන්‍ය බල්බ් එකකුත් අතට ගත්තා මට තේරුණා මේ කරන්න යන වැඩේ මම කැමරාවත් ඔන් කරලා ඒක රෙකෝඩ් කරන්න ගත්තා බල්බ් එක හටිටියට ගහලා කුඩු කරලා අහුර අහුර අරන් ඒ තරුණයා කටේ දාගන්නවත් එක්කම බස් එකේ බවලත් උදවිය කෑමොර දෙන්න ගත්තා....මට ඉස්සරහා හිටිය ආච්චිඅම්මා රුපියල් සීයක්ම දික්කරේ අනේ නවත්තන්න කියන ගමන්....බල්බ් හයක් කන්නම් කියලා ආවත් මිනිස්සුන්ගේ දැඩි විරෝධය නිසා බල්බ් තුනයි කන්න හම්බුනේ...ඒ මී කිරි හට්ටිය අරන් මගේ ළඟට එන්න සීට් පේලි දෙකයි පහු කලේ කිසිම කාසියක් වැටුනේ නෑ සේරම තිබුනේ කොල විතරයි...මගේ අත යහමින් නොතිබුනත් අතට අහුවුනු 50 දැම්මේ සිත පිනවිච්ච හන්දා නෙමෙයි මුදල් හම්බුකරන්න විඳින දුක හින්දා

    ගොඩක් වෙලාවට බස් වලට නගින්නේ කරන්නම දෙයක් නැතිවුනාම කියලයි මම නම් හිතන්නේ කා යටතේ හිඟා කෑවත් හිඟා කන මුදලෙන් කොටසක් මැරයෝ ගත්තත් ඒ මිනිස්සු එහෙම කරන්නේ ජිවත් වෙන්න තියෙන ආසාවට නේද??මට නම් හිතෙන්නේ අතේ තියෙන රුපියලෙන් හරි ඒ මිනිස්සු සතුටු කලොත් අපේ ජීවත්වීමේ අයිතිය තවත් අරුත් ගැනෙනවා කියලා

    තව මම දැකලා තියෙනවා කොළඹ බස් නැවතුම අසලදි අන්ධ අම්මා කෙනෙක් එක්ක ආපු දුවක්ව දෙතුන් දෙනා වටකරගන්නවත්...මහ රෑක නෙමෙයි දහයට විතර...රෑ මනමාලියොත් නැතිව නොවෙයි...

    අත පය හොඳට තිබුනත් වැඩක් පලක් කරන්න බැරි තැනට වැටෙන්න මිනිස්සුන්ට සිද්ධවෙනවා...බොහෝ දුප්පත් මිනිස්සු කරන්නේ අත්වැඩ දෙන එක නැත්තම් බඩු කරගහන එක ඒත් හිතන්න කොඳු ඇට පෙලේ අබාධයක් නැත්තම් වෙන ලෙඩක් නිසා ඒ අයට ඒ දේවල් කරන්න බැරිවෙන්න පුළුවන්...

    වෙනී අයියා හිතන විදිය ගැන නම් සෑහෙන්න සතුටුයි

    මට තව දෙයක් මතක් වුනා...මම කොහේදි හරි කියවලා තියෙනවා බඩගින්නේ ඉන්න මනුස්සයෙක්ට කෑම ටිකක් දීමට වඩා බිලීපිත්තක් දීම වටිනවා කියලා...

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත මන් හිතන්නෙ අපේ හිතේ පැලපදියම් වෙච්ච අනුකම්පාව එන්නෙ මල්ලි කියන ඔන්න ඔය කාරනය නිසා වෙන්න ඕනි..දුක් විඳපු ඕනිම කෙනෙක් දන්නවා ඒ දුකේ තරම..වේලක් විතරක් කාලා පිරිමහගත්ත අතීතයක් ගැන අද ආඩම්බරයෙන් හිතන්න කියන්න පුළුවන් මට නම් බඩගින්නෙ අමාරුව දැනෙනවා කවුරු හරි අත පාන කොට..

      Delete
  25. මමත් දීල දුක් වෙලා තියෙනවා.මොකද ගොඩක් දෙනෙක් බස් එකේ නොන්ඩි ගහල සල්ලි ටික එකතු කරගෙන බැහැල යනවා හොඳට.ඒවා දකිද්දී ඉතිං අපිට ආයේ ඇත්තම අසරණයෙක්ට වත් දෙන්න වෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි මටත් ඔහොමම හිතුන කාලයක්..පස්සෙ එහෙම හිතෙනවටම මන් නම් ආයිමත් බලන්නෙ නෑ ආපහු...

      Delete
  26. හිතට දුකක් එන්නෙ අනුකන්පාවක් එන්නෙ හැනතිස්සෙම නිවැරදිම කාරණාවකකටද කියන එක නම් මගෙ හිතේ සෑහෙන කාලයක් ඉඳං තියන ගැටළුවක්. මාත් කොච්චරනම් මහප්‍රාණ විදියට හිතනවද හිඳන්නන්ට සල්ලි දෙන්නෙ නෑ. උන්ට අතපය තියනවනං ඇයි රස්සාවක් කරන්න බැරි කියල. ඒත් සමහර අය කියන්නෙම තඩි බොරු කියල හිතුනත් සල්ලි දෙන්න හිතෙන වෙලාවල් තියනව. ආයෙම හිතල බැලුවම, ඒ සල්ලි දෙන්න හිතිච්ච් හැම වෙලාවකම වගේ මගේ හිත සන්තෝසෙන් තිබිල තියෙන්නෙ. කේන්තියෙන්, දුකකින් ඉන්න කිසිම වෙලාවක මට කාටවත් සල්ලි දෙන්න හිතිල නෑ. මොකද මංදා ඒ..

    ReplyDelete
    Replies
    1. ඔය අත්දැකීම මටත් තිබුනා නවම් මල්ලි.. දැන් වයස නිසාද මන්දා ගෙදරින් එලියට බැස්සහම දුක කේන්තිය වගේ සිතුවිලි වලට ඉඩක් දෙන්නෙම නෑ.අස්ථීර ජීවිතේ ඔය දුකකින් පිරිලා තියෙද්දි මලොත් කියන විචිකිච්ජාව තියෙනවා..

      Delete
  27. මම නම් දෙන්නෙ නෑ... සින්දුවක් කිව්වොත් නම් හිතුනොත් දෙනවා... මට නම් හිතෙන්නෙම ඕක මහ ජාවරමක් කියල

    ReplyDelete
  28. "නමුත් අනිත් අතට දුප්පත් මනුස්සයට මේවා කර ගන්ඩ සල්ලි නෑ. දවසම කට්ට කාලා කාලා මහන්සි වෙලා ගෙදර එනකොට එයාට ගන්ඩ තියෙන මානසික හා කායික තෘප්තිය ගන්ඩ වෙන්නෙ ගෙදර ඉන්න දුප්පත් බිරිඳගෙන් තමයි..එච්චරයි එයාට තියෙන එකම ක්‍රමය. ඒකයි දුප්පත් ගෙවල් වල ළමයි වැඩි"

    අනේ මචන් එයාගේ තෘප්තිය ගන්න එක ගැන අවුලක් නෑ . . ඒත් තෘප්තිය වෙනුවෙන් තව ජීවියෙක් මේ ලෝකට එවලා ඌත් කාලකන්නියෙක් කරන එක වැරදියි කියලා හිතෙන්නේ නැද්ද?

    ReplyDelete