ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Saturday, March 10, 2012

උද්ධච්ජ ගෑණිගෙ ස්ටූඩියෝ එක..

ඒ කාලෙ වගේ නෙවෙයි දැන් ඩිජිටල් ෆොටෝ තියෙන නිසා..ෆිල්ම් රෝල් ගන්ඩයි, ඒවා ශුද්ධ කරන්නයි ෆොටෝ ටික ගත්තට පස්සෙ සවුත්තු නොවී තියා ගන්නයි හැම එකකටම මාර කට්ටයක් කන්ඩ ඕනි නෑ. ඇල්ලුවා ෆොටෝ ටික ඕනිම නම් විතරක් ප්‍රින්ට් කරවාගෙන ඇල්බම් එකක් තියා ගත්තා..නැත්නම් සීඩී, ඩීවීඩී පුරෝලා තියන් ඉන්නෙ ගන්න ෆොටෝ. 






පහු ගිය දවස් ටිකේම ඉඳලා කිරුලපන මන් ඉන්න පාරෙ කාලයක් හිස් වෙලා තිබ්බ බිල්ඩින් එකක් රෙපෙයාර් කරනවා දැක දැක තිබුණා..ලංක පිඟන් සංස්ථාව තියෙන බිල්ඩිමේ පහළ තට්ටුව. ඉස්සෙල්ලා එතන තිබ්බෙ ප්‍රසිද්ධ TVS බයිසිකල් ප්‍රදර්ශනාගාරයක්. එතන අලුතින් පටන් ගන්ඩ යන්නෙ නයින්හාර්ට්ස් එකක් කියලත් කාලයක් තිස්සෙ ඉඳන් බෝඩ් ගහලත් තිබුණා. අද මාර්තු 09 එනකොට ඒකෙ විවෘත කිරීමේ උත්සවය..ඒකත් එක්කම මගේ මතකය හාරපු සිද්ධියක් විමසලා බලන්ඩ ඕනි කියලත් හිතුණා..මුලින් මේක බ්ලොග් එකේ ලියන්ඩ හිතුවෙ නෑ..ඒත් හිතට ආපු එක්තරා විදියක තාවකාලික සතුටක් නිසා ලියනව කියලා හිතුණා.


ඇත්තටම කිරුලපන ටවුන් එකේම ස්ටූඩියෝ ගණනාවක්ම තියෙනවා..තිමති එක, මන් ගොඩක් ෆොටෝ ප්‍රින්ට් කර ගත්ත ටැලන්ට් එක..සහ ඉඳුර ස්ටූඩියො එක. තව කීපයක් තියෙනවා අහු මුළු වල. මන් කීවෙ මේ ටික තියෙන්නෙ ටවුන් එකේ ටිකක් ළඟ ළඟ නිසා. 






ගිය අවුරුද්දෙ මැද භාගයෙ තමයි මන් පාස්පෝට් එක හදා ගත්තෙ..ඒකට ෆොටෝ ගන්ඩ ඕනි උණහම මන් ගියේ පොලීසිය පහු කරලා ගියහම ඒ පැත්තෙම තියෙන ස්ටූඩියෝ එකකටයි..දැන් සැලෝන් ලැවිශ් එක තියෙන තැන උඩ තට්ටුවෙ තැනක්. කිසි අවුලක් නෑ ෆොටෝ එක ගත්ත මැදිවියේ කෙනා බොහෝම හොඳයි..මන් ටයි එක විතරක් දමලා ෆොටෝ එක ගන්න යද්දි මිනිහා සජෙස්ට් කළේ පාස්පෝට් එකට නිසා කෝට් එකත් දමලම ගන්න කියලා. ගානත් සාධාරණයි. ෆොටෝ එක එක්කම නෙගටිව් එකත් දෙනවා. පස්සෙ ෆොටෝ එකේ කොපි ගහ ගන්න පුළුවන් නිසා ඒකත් වාසියි. 


ඉතින් ආපහු පහු ගිය ජනවාරි වල මට කෝස් එකකට අයිඩෙන්ටි හදන්න ෆොටෝ ඕනි නිසා අර පරණ නෙගටිව් එකත් අරන් මන් ගිහින් ෆොටෝ ගන්න ඕඩර් එක දීලා ආවා. රිසෙප්සන් එකේ හිටියා ගෑනු ලමෙක් සහ හිටපු අනිත් වැඩ කරන අය නම් සේරම වගේ පිරිමි ළමයි වගයක්. අර ගෑනු ළමයා නම් රිසෙප්සන් එකකට කොහොමවත්ම ගැලපෙන්නෙ නැතිවා වගෙයි පෙනුණෙ.සාමාන්‍යයෙන් ඕනිම ආයතනයක විශේෂයෙන්ම පුද්ගලික ආයතනවල පිළිගැනීමේ නිලධාරිනිය කියන්නෙ බොහෝම ප්‍රිය මනාප තැනැත්තියන් නෙ. ඒ අතින් මේ ළමයා අහලකින්වත් තියන්න බෑ..සෙල් ෆෝන් එකකින් කවුරු හරි එක්ක චැටක් දමා ගෙන මගේ ඕඩරෙ භාර ගත්තා..ගන්න පුළුවන් කවද්ද කියලා ඇහුවහම හෙට කියලා කීවෙ හරියට දමලා ගහන්න වගේ. සාමාන්‍යයෙන් පුද්ගලික සමාගමක මෙහෙම කස්ටම කෙයාර් දන්නේ නැති උන්ව මොකට තියා ඉන්නවද කියලයි මන් හිත හිතා ආවෙ..


ඉතින් දැන් මන් පහු වෙනිදා ගියා ෆොටෝ ටික ගන්න.. සල්ලි ගෙවලා ෆොටෝ ටික කලෙක්ට් කර ගත්තා..ඒ උණාට අර මන් දීපු නෙගටිව් එක නෑ..


"ඒක තියෙන්න ඕනි ඔය කවරෙ"


අර ළමයා මට කියනවා. 


"කවරෙ ඇතුළෙ තියෙන්නෙ ෆොටෝ ටික විතරයි"


මමත් ඒ ටෝන් එකෙන්ම කිව්වා. පොඩ්ඩක් එහෙ මෙහෙ කවර ටික අවුස්සලා බැලුවා..මේකි ඊළඟට ආයිමත් මාව ගාණක් වත් නෑ..ෆෝන් එකේ චැට් එකක්..එතන හිටි අනිත් උන් උන්ගෙ වැඩ. මමත් විනාඩි 5ක් විතර බැලුවා. සල්ලිත් ගෙවලනෙ ඉන්නෙ..


"එක්ස්කියුස් මී කෝ මගෙ නෙගටීව් එක මේ ෆොටෝ ටිකේ?"


ෆෝන් එක කනේ ගහ ගත්ත ගමන්ම මේකි ආයි ආවා රිසෙප්සන් ඩෙස්ක් එකට


"දැන් එක සැරයක් බැලුවා ඒක නෑ"


"එහෙම කියන්නෙ කොහොමද ? ඔය ගොල්ලෙ ෆොටෝ ගන්න අර ගත්ත නෙගටිව් එක ආපහු භාර දෙන එක ඔය ගොල්ලන්ගෙ වගකීම නෙවෙයිද?"


"මෙතන නැත්නම් කොහෙන් දෙන්නද?" 


මේකි මගෙන් අහනවා.මොන පට්ට කතාවක්ද මේ ?. මට නේද ගිය කේන්තියක්..


"I just want to talk to the Manager here"


මන් දෙදරලා යන්ඩ කිව්වා..එතකොටයි එතන වැඩ කර කර හිටපු කොල්ලෙ ටික ඔළුව උස්සලා බැලුවෙ. අරකි මගේ කට දිහා බලන් ඉන්නව. 


"I gave you the negatives and you made the photos with that. It is your duty to give me back the negatives or I want to talk to the Manger here"


මන් ඇද්දා කඩ්ඩෙන්ම.. දැන් අර කොල්ලොත් හොයනවා නෙගටිව් ටික. අරකි එහා පැත්තට ගිහින් කතාව ෆෝන් එකෙන්..නෙගටිව් ටික නෑ. අරකි ෆෝන් එක මට දුන්නා මැනේජර්ගෙ ලයින් එක අරන්. මන් ඌට කිව්වා කියන්න ඕනි ටික සේරම ඌට වචනයක් කතා කරන්ඩ ඉඩ නොදී.පස්සෙත් විනාඩි 10ක් විතර අර කොල්ලෙ ටික නෙගටිව් ටික හෙව්වත් හම්බ උණේ නෑ. උන් කීවෙත් අර කෙල්ල සිහිය නැතුව කොහෙ හරි දමන්න ඇති කියලා ඒකිට නෑහෙන්ඩ. එතකොටත් මේකි සෙල්ෆෝන් එක කනෙ ගහන් චැට...ඊට පස්සෙ මන් අරකිගෙ මූණටම කිව්ව,


"Keep your f**** negatives with you and learn something about custmaer care!"


කියලා මන් ආවා එළියට..දන්න එකෙකුටවත් යන්න එපා කියනවා මේ ස්ටූඩියෝ එකට කියාල හිත ගෙන. ඇත්තටම නෙගටිව් එක නැති වෙච්ච එකටත් වඩා මට කේන්තිය තිබ්බෙ මාව රස්තියාදු කරපු එකට සහ එතන පොඩ්ඩක් මනුස්සකමට වගේ කතා කළා නම් මන් එච්චර සීරියස් ගන්නෙ නෑ ඔය සීන් එක. මන් කාටවත් කියන්ඩ ගියේ නෑ ඔය සීන් එක හරි ඔතනට යන්ඩ එපා කියලා හරි පස්සෙ..ඒක අමතක වෙලා ගියා...


ඊට පස්සෙ මන් මගේ සහ ඔෆිස් එකේ ෆොටෝ ගොඩක් ප්‍රින්ට් කරවා ගත්තෙ ඔය ටැලන්ට් ස්ටූඩියො එකෙන්. එතන සෑහෙන්ඩ හොඳයි. වෙලාවක තිමති එකට ගිහිල්ලත් බලන්න ඕනි කියලා හිත හිතා ඉන්න කොට තමයි අද ඔය නයින්හාර්ට්ස් එක ඕපන් කරන සීන් එක දැක්කෙ. ඒකත් එක්කම මගේ මතකයට ආව ඔය අමිහිරි අත්දැකීම..ඒ එක්කම හිතුණෙ හොඳ වැඩේ අර ස්ටූඩියෝ එකට මිනිස්සුන්ට හරියට කතා කරන්නවත් දන්නෙ නැති ඔය වගේ ස්ටූඩියෝ වලට බිස්නස් නැති වෙලාම යන්ඩ ඕනි කියලා සතුටු වෙවී මන් නිකමට වගේ මන් බස් එකට නගින නැවතුම පහු කරලා ගිහින් පොඩ්ඩක් බැලුවා අර කුප්‍රකට ගෑනු ළමයගෙ ස්ටූඩියෝ එක.. හනේ සන්තෝසෙ බැරුවා..ඒක වැහිලම ගිහින්..ඒ බිල්ඩිමේ ඒ කොටස කුලියට දෙන්න ඇඩ් එකකුත් දමලා පුදුම වෙන්ඩ දෙයක් නෑ..මට වඩා වැඩියෙන් තද වෙන කස්ටමර්මලාට දාන්න ඇති ගෑනි සත්තම.. ඉතින් බිස්නස් නැති වෙන එක අහන්න දෙයක්ද?
මේක ඒ මොහොතෙ ආපු සතුටක් විතරයි..කාටවත් අයහපතක් වෙනවනම් ඒකෙන් සතුටු වෙන්ඩ හිත කොහොමත් ඉඩ දෙන්නෙ නෑ..


"තමන් වෙන ආයතනයකට ගියහම එතන ඉන්න අය තමන්ට කොහොම සලකනවටද තමන් කැමති ? අනිත් අයත් ඒ වගේමයි..ඒ නිසා ඒක හොඳට ඔළුවෙ තියාගෙන තමන්ගෙන් සේවය ගන්ඩ එන අයට සලකන්න"


එහෙම කීවෙ අපේ පාරිභෝගික සත්කාරය ගැන දේශන කරපු උපදේශක මහත්තෙක්.. 

78 comments:

  1. මමත් කොච්චර නං මේ වගේ අප්‍රසන්න අත්දැකීම් වලට මූණදීල ඇතිද.. හයියෝ කියල වැඩක් නෑ. මට් අනම් හිතෙන්නෙ ඒ කෙල්ලගෙ වැ‍රැද්ද නෙමෙයි, ඒ ආයතනෙයේ කළමනාකරුගේ වැරෑද්ද කියලයි. ඒ මනුස්සය හ්ඩැනගන්න ඒපැයි ආයතනයට සුදුසු සේවකයො ගන්නත්. ඊට පස්සෙ ඒ අය සුදුසු විදියට රාජකාරිය කරනවද කියල හොයල බලන්නත්.

    ප.ලි : අඩේ මට හරි ආසයි වෙනිඅයිය මල පැනල කෑගහන වෙලාවක පැත්තක ඉඳල බලාගෙන ඉන්න. මරුවට තියෙයි. හෙහ් හෙහ්....

    ReplyDelete
    Replies
    1. ඔව් නවම් ඒකට මැනේජ්මන්ට් එකත් වග කියන්න ඕනි..හොයලා නොබලනවට..ඔය ස්ටූඩියෝ එක වැහෙන්න ඔය කියන හේතුවම නෙවෙයි තව ඒවත් තියෙන්න ඇති..ඒත් ඔය වගේ දෙයක් උන හම ආයි එතනට යන්නෙ නෑ ඒ කෙනා ආයිමත්..
      මට කේන්ති අරන් වැඩි වෙලා ඉන්න බෑ නවම්..හෆොයි ඔළුව බර වෙලා රිදෙන්න ගන්නවා..මන් කරන්නෙ ඉක්මනට මූඩ් එක වෙනස් කර ගන්නවා..

      Delete
    2. නවම් සහතික ඇත්ත මචං... සල්ලි හම්බ කරල දෙන කස්ට ගැන හැඟීමක් මැනේජරයට නැත්නම් අනෙක් උන්ට කොහෙද...

      Delete
  2. අද මටත් එහෙම වැඩක් උණා.. ගාල්ලේ ලංකා බැංකුවට ගිහින්. මම ගියේ account එකක් open කරන්න.. එතන ඒ වෙලාවේ account එකක් open කරන්න හිටියේ මම විතරයි. තව පොඩි පොඩි වැඩ වලට තව ටික දෙනෙක් හිටියා. ඒත් මගේ වැඩ ටික ඉවර කරගෙන එන්න මට විනාඩි 45ක් විතර ගියා.. ඇත්තට ම එතන නම් බොහොම අකාර්යක්ෂමයි..හැබැයි ඉතින් ඒ රාජ්‍ය අංශය නේ..

    ReplyDelete
    Replies
    1. අක්‍රම් රාජ්‍ය අංශයෙ නෙවෙයි මොකේ උනත් ඒ අය ඉන්නෙ අපේ උවමනාකම් ඉශ්ඨ කරලා දෙන්න නෙවෙයි නම් මොන කෙංගෙඩියකටද ?මටත් හරියට ඔය බැංකුවල අමිහිරි අත්දැකීම් තියෙනවා.. රාජ්‍ය අංශය බහුතරය නම් ගන්න දෙයක් නෑ වගෙයි..

      Delete
  3. වෙනී අයිය ස්ටුඩියෝ එක වහලම දාලනෙ.
    ඔයිට වැඩිය ලොකු ආයතන වලත් ඔය වගේ කස්ටමර් කෙයා අය ඉන්නව. විශේෂයෙන්ම දුරකථන සමාගම්වල.

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි ඒත් ගොඩක් පුද්ගලික දුරකථන සේවා සමාගම් වල බහුතරයක් ඉන්න අය හොඳට ඒ අයගෙ රාජකාරිය ප්‍රසන්නව කරනවා මන් දැකලා තියෙනවා..විශේශයෙන්ම ඩයලොග් එකේ..

      Delete
    2. ඇත්ත. ඩයලොග් එකේ නං ගෑනු ළමයි කොහොම වෙතත් පිරිමි කට්ටියනං හොඳට රාජකාරිය කරනව තමයි.

      Delete
  4. ඔය කතාවනං සහතික ඇත්ත වෙනි අයියා.. සමහර තැන්වල ඉන්න ඔය උද්දච්ච ගෑනු හිතන් ඉන්නෙ උන් තමයි ඕවයෙ අයිතිකාරයො කියලා. පිස්සු යක්කු

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි, බහුතරයක් ආයතන වල රිසෙප්ශන් ඉන්න කාන්තාවො රූමත් අයනෙ..ඒ ගන්නෙ එන පාරිබෝගිකයන්ට අනිත් අයට වඩා ප්‍රසන්නව කතා කරලා ඒ අයගේ ආපු අවශ්‍යතාවය ඉටු කරලා දෙයි කියලා තමයි. ඒත් ඒ අය කරන්නෙ ඒකමද කියලා සැක හිතෙන වාර ගනන අනන්තයි. රිසෙප්ශන් ඉන්නවා කියලා උඩඟු කමින් ඉන්ඬ හදනවා වැඩීදෝ මන්දා බහුතරයක්ම..

      Delete
    2. කතාවකුත් තියෙනවනෙ මස් කන උන්ට වඩා මස් කටු කන බල්ලො සැරයි කියලා . :D
      ඔය ගොඩක් සැන්ටි පවුඩර් නෝනලා ඔපිස් ඇවිල්ලත් කරන්නෙ පෝන් වලින් මල් කඩන එක තමයි.

      Delete
  5. ඔහොම වැඩ නම් මට අනන්ත වෙලා තියනවා. එක්කෝ නිවාඩුවේ බ්ලොග් එකේම ලියන්නම්කො මගේ කස්ටමර් සර්විස් අත්දැකීම් ටික

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි ලියන්න..මේ අත්දැකීම් කොහෙන් හරි යන්න ඕනි ඒ ආයතනවල ඉන්න ලොක්කන්ට හරි නැත්නම් එහෙම උඩඟු කමින් දඟලන අයටම හරි..මොහොතක් ඇස් ඇරෙන්න..ඇයි ඒ අය එතන ඉන්නෙ කියලා මතක් වෙන්ඩ..

      Delete
  6. ඩර්ස්ට් ඉලෙක්ට්‍රොනික්ස් කොල්ලුපිටිය.
    මාත් වලියක් දාගත්ත...රුපියල් නවදාහට හදාගන්න පුලුවං කියල කියපු ප්‍රොජෙක්ටර් එක එතනට අරගෙන අාව අඩුද කියල බලන්න මූ ඉල්ලුව විසිහතර දාහක්..පස්සෙ ඒක රුපියල් හයදාහට හැදුව..වෙන තැනකින්
    ඒක රිටන් කරගන්න යනකොට කලිං තියපු ඩිපොසිට් රුපියල් දෙදාහනේ දාහයි දුන්නෙ..
    ඒක වෙන්න පුලුහං වැඩක්...ඒත් මුං ගන්න බුදු ගන්න වලට මට තද උනා..
    බැන්න බැනිල්ලක්..
    ඒකෙ ඉන්නව ලොකු පස්සක් තියෙන ගෑනු කෙනෙක්..මේ ගෑනු එක ඒක පේනනද කොහෙද කැරකි කැරකි අරෆයිල් මේ ෆයිල් හොයනව මං බනිනකොට..
    මං බයවෙයි ඒවට..
    මේක ප්‍රොෆෙෂනල් තැනක්..එයා කියනව..
    ඉතින් මං කිව්ව..හරි මට පේනව මොකෙන්ද ඔයාල ප්‍රොෆෙෂනල් වෙල තියන්නෙ කියල බැන්න පතුරු යන්න...

    ReplyDelete
    Replies
    1. අම්මෝ මාත් ගියා ඔතනට අමිල. කැමරා දෙකක් හදන්න. එකක් (HANDYCAM)හදන්න 15000. අනිකට කැමරාවෙ ගානම යනවා. මම ආපහු අරන් ආවා. අර අනිත් තැන මටත් කියන්නකො අමිල.
      henryblogwalker the Dude

      Delete
    2. ඔය අමිල මල්ලි, ප්‍රොෆෙසනල් කියන්නෙ එන කස්ටමර්ස්ලව මරන් කන්ඩ හදන එක කියල ඒ ගොල්ලන්ට ඉගැන්නුවෙ කවුද දන්නෙ නෑ හැබෑටම ? අපි යන්නෙ අපේ වැඩේ කර ගන්ඩ සල්ලිත් දීලා..තව මුන්ගෙ ගෙම්බරුත් බලපල්ලකො..කාගෙන් හරි ඉගෙන ගන්න ඕනි ඒ වගේ අය නම්..

      Delete
    3. ගණිකාවන්ටත් ' ප්රොෆෙෂල්ස් ' කියල කියනව නේද ?

      Delete
    4. කිසිම හේතුවක් නිසා ඉහත නම සඳහන් ආයතනයට කැමරා සම්බන්ධ කිසිම වැඩකට යන්න එපා.
      ඒ සම්බන්ධ වැදගත් පෝස්ටුවක් මේ ලින්ක් එකේ තියෙනවා.
      එතනම තියෙනවා කැමරා හදා ගන්න ඕනෙනම් යන්න සුදුසු තැන් කිහිපයකුත්...

      http://www.lakdasun.org/forum/index.php?topic=1386.0

      මේ කොල්ලුපිටියේ තියෙන ලොකු නමක් තියෙන තවත් තැනක්
      ෆොටෝ එකක් ප්‍රින්ට් කරලා දෙන්න කියලා දවසක් මාව පැය 2 ක් වාත කෙරෙව්වා.(විනාඩි 5 න් දෙන්නම් කියන ජාතියේ ෆොටෝ එකක්)
      එතන තව හොර වැඩ එහෙමත් වෙනවලු...
      මෙන්න ඒ ගැන විස්තර....

      http://www.lakdasun.org/forum/index.php?topic=3469.0

      Delete
  7. ඉංග්‍රිසියෙන් නෙමෙයි හොඳ සුද්ද සිංහලෙන් කතා කරන්න ඕන. කෙල්ලෝ නෙමෙයි කොල්ලොත් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. හරියටම හරි මාතලන්, ඇත්තටම අපි කස්ටමස්ලා විදියට හොඳ වැඩී. ඔව් කෙල්ලො විතරක් නෙවෙයි කොල්ලොත් ඉන්නවා ඒ වගේම..හැබැයි බලන්න බහුතරයක් කොල්ලො ඉන්න තැන් වල ඔය මහ ගෙම්බර් නම් නෑ..එහෙහ්ම බලද්දි පිරිමි මන්දා කස්ටමර් කෙයාර් වලට වැඩිය ගැලපෙන්නෙ ?

      Delete
  8. හම්මෝ ඔය වගෙ එකියො හරියට ඉන්නවා මේ සුප්‍රසිද්ධ පෞද්ගලික ආයතනවල. සමහර ඒවට එක පාරක් ගිය කස්ටමර් කෙනෙක් ආයෙත් යන්නෙ නෑ. මරාගෙන මැරෙන්න හිතෙනවා වෙනී.

    අර කා‍ටුන් එක ඇන්දෙ අපේ වෙනියද?

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඔව් හෙන් රි සහතික ඇත්ත..උන් එතන ඉන්නෙ ඇයි කියලා කවුරුවත් කියලා දෙන්නෙ නැත්තෙ ඇයිද මන්දා ?
      නෑ මන් කොහෙ අඳින්නද කාටුන් මෙච්චර හොඳට උස්සපු එකක්...

      Delete
  9. චෙක් එකක් නැති කරපු බැංකුවක් ගැන අහලා තියෙනවද? මේවානම් මොනාද?

    ReplyDelete
    Replies
    1. චෙක් එකක් නැති කරපු බැංකුවක් ???? හෆ්ෆට සිරි.. එහෙනම් තවත් කවර කතාද ?අභියො..

      Delete
    2. රෙජිස්ටර් ලියුමක් නැති කරපු තැපෑල් කන්තෝරුවක් ..

      Delete
    3. බංඩෙක් නැති පොලිසියක්

      Delete
  10. අන්න ඒකට කළුතර ෆොටෝ ෆයින්... "පැය දෙකකින් එන්න මහත්තයා" කිව්වට අපිත් තියෙන තදියමට පැය භාගෙන් ගියත් ෆොටෝ ටික රෙඩි....

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි, කිරුලපන ටැලන්ට් එකෙත් තාම නම් දෙන්න පුළුවන් උපරිම අඩුම කාලෙකින් හොඳට වැඩේ කරලා දෙන්න එතන ඉන්න සෙට් එක ට්‍රයි කරනවා.. තිමති සහ නයින්හාට්ස් ගිහින් බලන්න ඕනි..

      Delete
    2. තිමතිනං දන්නෙ නෑ . . නයින් හාට්ස් හොදටම හොදයි

      Delete
  11. මම ඕලෙවල් වලට කොමස් කරන්න ගිය අතිරේක පන්තියේ ටියුට් එකක දාරේ ගහලා තිබ්බ අපූරු වාක්‍ය මට කවදාවත් අමතක වෙන්නේ නෑ.....
    "අනගිතම ප්‍රචාරනය තෘප්තිමත් වූ පාරිභෝගිකයායි"

    ReplyDelete
    Replies
    1. ඔව් පූසා මල්ලි ඔන්න ඔය පොඩි දේ කරන්නෙ නැතුව මේ ගොල්ලො කරන විගඩං දැක්කහම කේන්ති යනවා අෆ්ෆා..

      Delete
  12. රිසෙප්ෂන් නෝන ස්ටූඩියෝව වස්සල වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ඔව් රාජ් ඒක බොහෝම ලොකු සාධකයක් වෙන්න ඇති..කස්ටමර්ස්ලා එන්න එපාය බිස්නස් වැඩි වෙන්න..

      Delete
  13. ඇත්ත.. මේක ඒ තරම් කලබල වෙන්න ඕන කාරනාවක් නෙමෙයි.. ඒත් හොදින් කතාබහ කලානම් මේක මේ තරම් දුර යන ප්‍රශ්ණයක් නෙමෙයි.. ඔහොම දේවල් වලින් හොද නැත්තේ ආයතනයට..

    ReplyDelete
    Replies
    1. අන්න ඒ පොඩි දේ නොහිතන එකනෙ දීනේශ් වෙලා තියෙන්නෙ..සාමාන්‍යයෙන් තමන් ළඟට එන කස්ටමර්ගේ අවශ්‍යතා ඉටු කරන්න බැරි වෙන්න පුළුවන්..ඒත් හොඳ Impression එකක් තිබ්බොත් ඒක ආයතනයට කවදාවත් නරකක් වෙන්නෙ නෑ

      Delete
  14. අම්මෝ ඉතිං රිසෙප්ෂන් කෙල්ලෝ හිතන ඉන්නේ කොම්පැනිය වුන්ගේ කියලා බලන්න එපැයි ඒ කෙල්ලොන්ගේ ගනන්.සමහර කෙල්ලෝ හොඳයි වහිනකොට එලියට දාන්න.

    ReplyDelete
    Replies
    1. ඔව් රිසෙප්ශන් කෙනෙක්ගෙන් වෙන්න ඕනි ඩියුටිය ඇර.. අනිත් දේවල් සේරම කරනවා ඒ ගොල්ලො බහුතරයක්ම...

      Delete
  15. සිරා වෙනියා..

    කඩුවෙල ඩයලොග් එකේ ඔය ‍වගේ එකෙක් හිටියා. පොර ෆෝන් විකුණන තැන හිටියේ. අපේ එකෙක්ට ෆෝන් එකක් ගන්න ගියාම පොර ඔලුව ඉස්සුවෙ වත් නැහැ. අපි බැනල ආව.. මේවගේ පෝස්ට් දාන්න ඕනේ බං..

    ReplyDelete
    Replies
    1. ඔව් සෑම් ඩයලොග් හොඳයි කියලා මන් උඩ තැනක කීවට ඒ අවුරුදු කීපයකට පෙර නුගේගොඩ එක ගැන තිබ්බ අත්දැකීම් කීවෙ..දැන් තත්වය දන්නෙ නෑ.. යන්නෙ නැති නිසා.

      Delete
  16. අප්පෝ ඔය වගේ අම්මන්ඩිලා ඕන තරම් ඉන්නවා. උන් කස්ටමර්ලව බල්ලට දාල කතාකරන්නෙ. ඒවගෙ උන්ට හොඳ පාඩම්.

    ReplyDelete
    Replies
    1. මටත් හිතා ගන්න බැරි කිරි පුතා.. සේරම පැත්තකට දැම්මත් ඇයි මනුස්සකමට හිනා වෙලා කතා කරන්න බැරි කියලයි...

      Delete
  17. අපෝ කියල වැඩක් නැහැ. සමහරු නිකන් අපිට පිනට දෙනවා වගේ කතාව.

    කොහොමද අර සමහර ඇඳුම් කඩවල වැඩට ඉන්න ගෑනුන්ගේ පාට්. එයාල සමහරු අපි ඇඳුම් තෝරනකම් රවාගෙන ලඟින් හිටගෙන ඉන්නේ නිකම් අපි ඇඳුම් හොරකම් කරාවි වගේ. සමහරු මොකක් හරි ඇහුවම සිංහල බැහැ වගේ බොරු ඇක්සන්ට් එකකුත් දාගෙන කැඩිච්ච සිංහලෙන් ගහන්න වගේ කතාව. ටවුන් හෝල් ඔඩෙල් එකෙයි කොල්ලුපිටියේ ෆැෂන් බග් එකෙයි මට ගත්ත ඇඳුමුත් දාල එන්න හිතිච්ච වෙලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. අෆ්ෆා ඔව් නිරෝශිනී ඒක නම් ඇත්ත..එක ශොප් එකක මන් මූණටම කීවා..මන් නිදහසේ මට ඕනි දේ තෝරා ගන්නම්..හොරෙන් ගනී කියලා හිතෙනවනම් අර කැමරා සිස්ටම් එකක් තියෙනවනෙ..ඒකෙන් බලා ඉන්න කියලා..මනා හරි ගන්න ගියහම නිකන් අපි දිහා බලන්නෙ හොරු දිහා බලන විදියට කියලා මටත් හිතිලා තියෙනවා සමහර ශොප් වල..ආයිනම් ඒවට යන්නෙ නෑ..

      Delete
  18. මටත් ඔය පුස් මූණ දාගෙන කස්ටමර් කෙයා වල ඉන්න උන් නම් පේන්න බැහැ.හරියට අර ගමේ සිල්ලර කඩේ බඩ මහත මුදලාලි වගේ..බිස්නස් එකට ආයුෂ තියෙන්නෙ තරගකාරයෙක් එනකං විතරයි.

    ප.ලි.
    සුට්ටං අංගනාවො සෙට් එකක් හිටිය නිසා මෙයත් එතන හතර අතේ කඩුව වනල ඇවිත්..හයේ හතරෙ පොරක් ඔතන වැඩට හිටියනං බලන්න තිබ්බ මෙයා අකුලං එන අපූරුව..

    ReplyDelete
  19. ඔව් ලකී ඒක නම් ඇත්ත..තරඟකාරයෙක් ආපු ගමන්..ඉවරයි..මෙතනට වෙන්න ඇත්තෙත් ඒකමයි..
    ප.ලි. මන් කඩ්ඩ වැනුවේ උන්ට සිංහල තේරෙන්නෙ නෑ වගේ ඇට් කරපු නිසා..හිටිය අනිත් සෙට් එකම කොල්ලො ටිකක්..හයේ හතරෙ නම් නෙවෙයි..මන් වගේ 2X2..

    ReplyDelete
  20. කියෙව්වේ නෑ වෙනියො, හෙට හවස තමා ඇවිල්ල කියවන්න වෙන්නෙ..soridotkom

    ReplyDelete
    Replies
    1. හා අයියෙ, නිවී හැනහිල්ලෙ ඇවිත් කියවන්නකො එහෙනම්

      Delete
  21. හෆෝයි මටත් ඔය වගේ ඒවා අනන්තවත් වෙනවා ඒත් මං නම් කවදාවත් කෑගහලා නැහැ.

    ReplyDelete
    Replies
    1. ඔව් නිශාන් මමත් සම්මත්ජාතියකට එහෙම කෑගහන්නෙ නෑ..ඒත් මෙතන නම් මගේ සීමාව පැන්නා..අපි කට වහන් ඉන්නකොට ඒ ගොල්ලො හිතනවද දන්නෙ නෑ ඒ අය හරි කියලා..

      Delete
  22. වෙනි කියන ස්ටුඩියෝ එක මමත් දැකලා තියනවා..ඒත් ගිහිල්ල නම් නෑ..
    තිමති එක ගැන නම් කියන්න තියෙන්නෙ ගිහිල්ලම බලන්න කියලා..මගේ අත්දැකීම නම් එච්චර ලස්සන නෑ..ඒකට ඉතින් සාධාරණ හේතුත් තියනවා..ඉඳුර ස්ටුඩියෝ එකත් ඇරල තියෙන්නෙ යලට මහට නිසා නයින් හාට්ස් එක ඇරපු එක හොඳයි..

    අපි ගොඩක් වෙලාවට නරක අත්දැකීම් ලියනවා මිසක් හොඳ අත්දැකීම් ලියන්නෑ නේද?
    දවසක ලියමුකො නම් ගම් එක්කම එතකොට අපිත් පොඩි තල්ලුවක් දුන්න වෙනවා..

    පෝන් එක කනේ ගහන වැඩ කරන හැටි බලන්න නම් සීබල් පැත්තට වෙන්න තියන බෙස්ට් ලින්ක් කොමියුනිකේශන් එකට යන්නෝනැ...ඒ ගෑනු (ළමයා) පොන් එක බිම තියන්නෑ..ඒත් තිතට වැඩ..අපි හිමින් මොනවා හරි කිව්වත් ඇහෙනවා..අපිත් එක්ක කතා බහක් නෑ ඒත් වැඩේ ඉක්මනට කෙරෙනවා..

    ReplyDelete
    Replies
    1. ඔව් රූගෙ නිරීක්ශන නම් හරියටම හරි ඉඳුර ගැන..මන් ටැලන්ට් ලැබ් එක ගැන තවමත් හොඳ කියනවා..අර ස්ටූඩියෝ එක දැන් නෑ..එතන ඒ මහලම කුලියට දෙන්න ඇඩ් කරලා.. අනිවාර්යෙන්ම හොඳ පාරිභෝගික සේවයක් දෙන තැන් ගැන කියන්නම ඕනි..ඒක ඒ අයට තල්ලුවක් වෙනවා..ඉස්සරහ පෝස්ට් එකකින් එහෙම කරන්නම්..ස්තූතියි ඔබේ යෝජනාවට..බෙස්ට් ලින්ක් එකට මන් ගිහින්ම නෑ..ඇත්තටම ෆෝන් එකෙන් කතා කර කර ඉන්න එක ගැන කිසිම තරහවක් නෑ..ඒ වගේ අපේ වැඩේ කරල දෙනවනම්..

      Delete
  23. සාමන්යෙන් කෙනෙක්ව වැඩට ගද්දි උගත්කම විතරක් නෙමෙයි හැදියාවත් බලන්න ඕනි.
    එහෙම නොකරපු නිසා ඒ කඩේ ට වුනු දේ.
    හොඳ වැඩේ උන්ට

    ReplyDelete
    Replies
    1. ඔව් වර්ණා ඒක ඇත්තයි..කස්ටර්මස්ලා නිසානෙ ඒ අය බිස්නස් එක කරන්නෙ..නැත්නම් ඒ අයට පැවැත්මක් නෑ කියලා නොතේරෙන්න තරම්ම උඩඟු ඇයිද කියලයි මටත් තේරුම් ගන්න බැරි..

      Delete
  24. එක දවසක් මටත් විදුලි බිලක් ගෙවලා තියෙද්දී ඒක අඩුවෙලා නැතුං ලයිට් කපලා ගිය නිසා විදුලිබල මන්ඩලේට යන්ඩ වුණා . ඊට පස්සෙ මටත් වුණේ නැතෑ ඔහොම්ම සීන් එකක් ..

    අනේ බං වෙනි අයියා උඹගේ කතාව කියෙවුවාම මගේ ඇඟේ මාලු නටන්න ගත්තා යකෝ එහෙමත් ලොකු ටෝක් දෙන කෙල්ලක්ව එතන තියාගෙන ඉන්නවා කියන්නේ මැනේජර කාරයා සහ ඒ කෙල්ල අතර මොකක් හරි අනියම් සම්බන්ධයක් තියනවා .

    ReplyDelete
  25. විදුලි බල මණඩලේ එහෙම නම් කියලාම වැඩක් නෑ සඳරූ මල්ලී.. ඔව් මටත් ආපු කේන්ත්ය එමමයි..එහෙම වෙන්නත් පුළුවන් ඒත් එච්චර පෙනුමක් තියෙන කෙල්ලෙකුත් නෙවී..සමහර විට ඒ නිසාම හීනමානෙන් ඉන්න කෙනෙක් වෙන්න ඇති..කොහොම හරි වෙන ඕනිදේ උනා අන්තිමේදි..

    ReplyDelete
  26. කතා කරලා වැඩක් නෑ අප්පා කස්ටමර් කෙයාර් කියලා කෝල් ගත්තාම උන් අපිට කතා කරන්නේ බල්ලොන්ට වගේ.මගේ NOKIA ෆෝන් එකේ ස්පීකරේ වැඩ නැති නිසා චයිනීස් එකකට මොබිටෙල් සිම් එකක් දාගෙන කතා කරලා GPRS සෙටිංග්ස් ඉල්ලුවා මගේ NOKIA එකට අදාලව.... එතන හිටිය කොල්ලා මට සද්දයක් දැම්මා චයිනීස් වලට සෙටිංග්ස් එවන්නේ නෑ ඇවිත් හදාගන්න සිංහල තේරෙන්නේ නැද්ද කියලා අමුතු වචන වලින් මම ඊට පස්සේ ඒ බූරුවට හොඳින් සේරම පැහැදිලි කරලා පතුරු යන්න බැනලා "ආයේ මොබිටෙල් සිම් එකකින් පුටුවකට අඩයක් තියන්නෙවත් නෑ" කියලා කට් කලා... මම දැන් ඩයලොග් ඒක මිනිස්සුන්ට සලකනවා හොඳට....

    මම ඕක යාළුවෙක්ට කිව්වාම යාළුවා කිව්වා උඹට කෙල්ලෙක් ඔහොම කිව්වනම් උඹ ඔහොම කරන්නේ නෑනේ කියලා...

    හැබැයි කෙල්ලෙක් කලානම් ඔයිට හපන් එව්වා තමයි කියන්නේ හි හි වෙනී අයියනම් එලටම කියන්න ඕනේ දේ කියලා තියෙනවා...

    ReplyDelete
    Replies
    1. ඔව් ගැමියා ඇත්තටම මටත් ඩයලොග් එක ගැන තවමත් තියෙන්නෙ හොඳ කමෙන්ට් විතරයි. ඒ ගොල්ලො ඇත්තටම එන පාරිභෝගිකයාගෙ අවශ්‍යතාවය ඉටු කරලා දෙන්න බලනවා..

      Delete
  27. කොහොමත් ඇහැට කනට පේන පොශ් පහේ කෙල්ලෙක් රිසෙප්ශනිස්ට් හිටියොත් උංගෙ කස්ටමර් සර්විස් එක හොදයි . . . ගස් කබ්බො ඔය ජොබ් එකට ආවම තමා ලොකු එක දෙන්නෙ . . . ඕනෙ නං නෝට් කරල බලන්න මම කියන්නෙ බොරුද කියල

    ReplyDelete
    Replies
    1. කතාව නම් සම්පූර්ණ ඇත්ත ඕනයා..ගස් කබ්බො තමයි වෙන්ඩ පොශ් දඟල දඟලා ඉන්නවා මිසක් එතන තියෙන ඩියුටිය කරන්නෙ නෑ..

      Delete
  28. වෙනී අයියේ ඔය හේතුවත් එකක් අපේ රටවල් පස්සට ගිහින් තියෙන්නේ,, උදේට කෝපි එකක් බොන්න ඇතුල් වෙද්දිම සුභ උදෑසනක් කියලා ගරුත්වයක් ඇතිව උවමනා දේ අහන ලස්සනම ඇති දවසම සුභ දායක වෙන්න මේ රටවලදී, මම තවමත් මේ වගේ ජරා අත්දැකීමක් ලබලා නේ මේ රටේදී..

    ReplyDelete
    Replies
    1. ඔව් ඩිලා මල්ලි, සමහර තැන් වලට ගියහම කොයි වෙලාවෙ ඇඟට කඩන් පනීද කියලා සැකෙන් තමයි ඉන්නෙ මෙහෙ ගොඩක් තැන්වල...ඉතින් පස්සට යන එක මහන්න දෙයක්ද?

      Delete
  29. අර නිරෝශිනී කියල තියෙනව වගේ මාත් ඔය වගේ අත්දැකීම් ලබල තියෙන්නෙ ඇඳුම් ගන්න ගියාම.... මට තරහ ගියාට කිහිප තැනකදි අපේ මහත්තයා ඒ වගේ කට්ටියට විහිළුවෙන් විහිළුවෙන් ඔළුව අත ගාල හොඳ ටොකු පාරවල් ඇනලා තියෙනවා.... ඒක බනිනවට වඩා සැප බව පෙනුනා..... මම තනියෙන් හිටියොත් නම් එළියට බැහැල යනව යන්න....

    ReplyDelete
    Replies
    1. ඔව් මියුරු ගොඩක් තැන් වල රෙදි ගන්න ගියහම නම් එක්කො අපිට ඕනි නැති රෙද්දක් ඇඟේ ගහන්න දඟලනවා..නැත්නම් පස්සෙන් කැරකි කැරකි ඉන්නවා..මෙ ළඟදි එක ශොප් එකක මන් ෆෝන් එක සාක්කුවෙ දමන් හිටියෙ..ඒක ටිකක් ලොකු නිසා සාක්කුවෙන් ඉලිපිලා පේනවා..එකෙක් දෙසැරයක්ම මගෙ ඇඟේ හැප්පුනා හැප්පෙන ගමන් ෆෝන් එකට ටච් එකක් දමනවා..උගේ හිතේ උන්ගෙ බම්බුවක් මන් සාක්කුවෙ දමන් කියලා..මන් ඌට පැත්තකට කතා කරලා ෆෝන් එක පෙන්නලා කියලම ඒ වෙනකොටත් ගන්ඩ එකතු කරන් තිබ්බ රෙදි ටික ඌටම දුන්නා ආපහු ඒ සෙක්ශන් වලට දමන්න කියලා.. මන් එන්ඩ ආවා

      Delete
  30. "මෙතන නැත්නම් කොහෙන් දෙන්නද?"

    හික් ඇත්තනේ ඉතින් කතාව... කොච්චර ආදරෙන් කිව්වත් ඉතින් අන්තිමට කතාව ඕකනේ :D

    මට මතක් වුනා දැනට අවුරුදු පහකට විතර කලින් සිද්දියක්... මගේ යාලුවෙක් තව එකෙකුට බිස්නස් එකකට ලක්ශ 2ක් දීලා...මූ ආපහු දෙන්න පොරොන්දු වුන දවස් පැනලා හින්දා මමයි යාලුවයි ගියා ඒක ඉල්ලන්න... දෙබස ගියේ මේ වගේ

    "අනේ මල්ලි මේ දවස් වල සල්ලි හිරවෙලා තව ටික දවසක් යනවා..."

    "එහෙම කියලා බෑනේ මට කොහොම හරි සල්ලි ඕනේ..."

    "තියනවනම් දෙනවනේ ඕයි... මඟුල... දෙන්ඩ නැති හින්දනේ නෑ කියන්නේ..."

    ආපහු එන ගමන් මම යාලුවට කිව්වේ, කල්පනා කරලා බැලුවම උගේ කතාවත් ඇත්ත... :D :D

    අපිට නම් මැනේජ්මන්ට් එකෙන් පැහැදිලිවම උගන්නලා තියෙන්නේ කස්ටන්ට *කත් දීලා *ලත් දෙන්න කියලා...

    ReplyDelete
    Replies
    1. කතාව ඇත්ත උනාට බීටල් ඒක කොච්චර සාධාරනද ? එතනයි වැරැද්ද..

      Delete
  31. ඒ කියන්නෙ මෙයාව තරහ කරවගන්නෙ පරිස්සමින්! ඇත්ත, ඔය වගෙ තැන් හරියට.

    ReplyDelete
    Replies
    1. අෆොයි නෑ නලිනි මට එච්චර කේන්ති යන්නෙ නෑ ලේසියකට..කේන්ති ගියත් ඊළඟ මොහොතේ මතක් වෙනවා අපරාදෙ මොකටද මන් ලේ පුච්චා ගන්නෙ කේන්ති ගිහින් කියලා..

      Delete
  32. තරහා ගියොත් අපටත් කඩුවෙන් කොටයිද දන්නේ නැනේ...:D

    ඒ උනාට කතාව ඇත්ත. ලංකාවේ සමහර ෂොප්ස්වලට ගියාම වැඩ කරන අය ඉන්නේ හරිම අලස විදියට. හරියට අපි නිකං බඩු ගන්ට ඇවිල්ලා වගේ. ඒකට සමහර රටවල ඒවාට ගියාම එක කරදරයයි කොහොම හරි ඇඳුමක් ඇඟේ ගහන්ට එනවා වගේ පස්සෙන් එන්නේ.:))

    ඔය වගේ දේවලට ගන්න අයව ටිකක් පුරුදු කරලා ගත්තා නම් හරි නේද?

    ReplyDelete
    Replies
    1. පොකු එතන නම් මන් කඩුවෙන් කෙටුවෙ ඒ ළමයා නිකන් සින්හල තේරෙන්නෙ නෑ වගේ පාට් එකකින් හිටපු නිසාත් එක්ක..

      Delete
  33. මට මේ වගේ සිදුවීම් බොහෝ විට ලංකාවෙදි වෙන්නේ ලංකාවේ කෝපි කඩවලදි. කොටින්ම මගේ යාළුවෝ මම ලංකාවට ආවම මට වඩා ස්ට්‍රෙස් කඩේකට ගියාම මා එක්ක. මොකද එතන ඉන්න අය මොන විදියට ට්‍රීට් කරයිද හිනාවක් තියෙයිද කියලා භයේ. මොකද මම නම් මූනටම බැනලා හොඳ ලෙක්චර් එකකුත් දීලා එන හින්දා.
    කස්ටමර් කෙයා කියන වචනේ තේරුම ලංකාවේ බොහෝ ආයතන වල වැඩ කරන මිනිස්සු දන්නේ නෑ. ඒක හරිම කනගාටුදායක දෙයක්.
    සමහර වෙලාවට මම නම් කොයි තරම් ආස දෙයක් තිබුනත් ගන්නේ නෑ ඔය වගේ සිදුවීමක් වුනොත්. සමහර වෙලාවට පැනි හිනාවක් අස්සේ ඕනේ දෙයක් ගන්න තරම් අපි පෙළඹෙනවා. මට මතකයි එක්තරා අවන්හලක ඕඩර් කරන හැමදේටම ගිහින් එවෙලේ බිල ගෙවන්න ඕනේ. කොටින්ම පැය ගානක් එතන ඉඳගෙන රෑ කෑමකට ගියත් මේක එහෙම වුනා. ඒක මට කොයි තරම් කරදරයක් වුනාද කියනවා නම් මගේ යාළුවෝ එපා කියද්දි මම ගිහින් මැනේජ්මන්ට් එකට කීවා ඕනේ නම් මම වැඩි පුර ගෙවන්නම් ඒත් ඒ විදියට මට සැරින් සැරේට චෙක් දෙන්න එපා මොකද මම මෙතන විනාඩියෙන් විනාඩියට එන එක මහ කරදරයක් කියලා. කොටින්ම මගේ යාළුවා මාත් එක්ක අමනාප වුනත් එක්ක. ඒත් මට නම් ඔය පොඩි දෙයක් අස්සේ වුනත් එහෙම කරන්න වෙනවා.
    මෙහේ නම් මට හිනාවක් දීගෙන දවස කොහොමද අහගෙන අඩුම තරමේ වචන දහයක පහලොවක චැට් එකක් නැතිව සර්ව් කරන අය අඩුයි. අර ඩිලාන් කීව වගේ ඒක කල්චර් වෙනසක්ද මන්දා...

    ReplyDelete
    Replies
    1. ඕ රංගි ඒත් දුක කියන්නෙ ලංකාව ආගන්තුක සත්කාර අතින් හරි ඉහලයි කියලා වර්නනා කර කර ඉන්න කොට මෙහෙම දේවල් වෙන කොටයි. මගේ යාලුවො හරි නෑදෑයො හරි ලංකාවට ආවහම මන් ශොපින් එක්කන් යනවා..හැමවෙලාවෙම ඉන්නෙ චකිතයකින් සමහර උන්ගෙ හැසිරීම කතාව එක්ක නෝන්ඩි වෙන්නෙ මාවනෙ පස්සෙ..

      Delete
  34. ලොකු පාඩමක් උඹ කියලා දුන්නේ බන් . . . ඇත්ත කස්ටමර්ට පොඩි හිනාවක් දුන්නාම අති පයින් යනවද බන් . . . තැන්කූ ඈ

    ReplyDelete
    Replies
    1. ඔව් දුකා සමහර තැන් තියෙනවා ඇත්තටම අපි ගන්න යන දේ එතන නෑ..ඒත් එතන ඉන්න උන් හොඳට හිනා වෙලා කතා කරලා සමහර වෙලාවට අපි හොයන දේ තියෙන ශොප් තීයෙන තැන් පවා කියනවා..ඒ වෙලාවට ඒ වගෙ ශොප් වලින් එච්චරම අවශ්‍ය නොවන දෙයක් හරි අරගෙන තමයි එන්නෙ..ඊටත් වඩා එහෙම ෆ්‍රෙන්ඩ්ලි ශොප් වල තියෙන දේවල් මතක තියන් ඉඳලා අනිත් අයටත් කියනවා..කොහොමද ලෙංගතු හිනාවක සහ පොඩි කතාවක බලය ?

      Delete
  35. "Keep your f**** negatives with you and learn something about customer care!"

    මෙහෙට ලඟදි ආපු කපල් එකක නෝන 'මැක්ඩොනල්ඩ් ' එකක සුළු රැකියාවකට ගියා. දවස් දෙක තුනයි ගියේ නැවතුනා. අපේ ගෙදර ආව වෙලාවක ආගිය තොරතුරු කතා කරද්දී රස්සාවට නොගිහින් නැවතුන හේතුව කිව්ව. එයාට හැමදාම තක්කාලි පෙති ගහන්නලු දුන්නෙ. ඒක ගැන මැනේජර් එක්ක ආගියුමන්ට් එකක් ගිහිං අස්වෙලා ආව කියල කිව්වෙ. මනේජර්ට එයා හොඳට කිව්ව හැටිත් කිව්ව. මැනේජර්ට බැනපු විධිය අහගෙන හිටපු මං හෙණ ගොං ප්‍රශ්නයක් ඇහුවනෙ අර නෝනගෙන් ' ඔයා සිංහලෙන්ද බැන්නෙ ' කියල. එහෙම අහන්න හේතුවකුත් තිබුන. මොකද ඒ නෝනට එච්චර ඉංග්‍රීසි බෑ.

    පස්සේ ඔබීගෙන් මට නැවකට බැණුන්

    වෙනියට කිංඩියක් දාන්න නෙමේ මේක කිව්වෙ, ඉංග්‍රීසියෙන් බැන්න කිව්වම එක පාරටම මේ සීන් කෝන් ඒක මතක් වුනා.

    ReplyDelete
    Replies
    1. හෆොයි ඔබා අයියත් ඉඳලා ඉඳලා ඒ නෝනගෙන් අහලා තියෙන ප්‍රශ්නෙ..හිකිස්...

      Delete
  36. ඇවිත් ගියා, පසුව කියවමි

    ReplyDelete
  37. ලංකාවෙ හුඟක් ආයතනව වල කස්ටමර් සර්විස් නම් අන්තිමයි...
    ඇඳුමට... ලුක් එකට... කඩ්ඩට සලකල තමයි වැඩ කරන්නේ උන්...

    ReplyDelete